tag:blogger.com,1999:blog-62375563335780734762024-03-13T04:20:00.373-07:00THE STORY BOOKSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.comBlogger282125tag:blogger.com,1999:blog-6237556333578073476.post-30625032515987203752020-03-02T23:29:00.003-08:002020-03-02T23:29:34.369-08:00මම ඇයට සමාව දෙනවා මට ලෝකය දකින්නට අවසර නොදුන්නාට

ලැට්වියාවේ රිගා අගනුවර මධ්‍යයෙහි තනා ඇති මෙවන් කලලයක වකගැසී සිටින ආකාරයේ කුඩා බිලිඳු හුණුගල් ස්මාරක ගනන 27 කි...

වර්ථමාන ලැට්වියාව නීත්‍යානුකූලව ගබ්සාව සමග ක්‍රියාකරනා අතර විශේෂිත හේතුමත පමණක් එය ක්‍රියාත්මක කරයි..

මෙමගින් එරට තුල 1992 වසරේ සිදුවූ දිනක ගබ්සාවන් 534 ක ප්‍රමාණය අදවන විට විසි හතක් දක්වා පහල බැස ඇත...

මෙම බිළිඳු ස්මාරක එකී බිලින්දන් වෙනුවෙන් වන අතර සෑම දිනකම රිගා නුවරට අරුණෝදය උදා වන විට කවුරුන් හෝ මෙම බිලින්දන් ඉදිරියේ පහණක් ඉටිපන්දමක් හෝ මල් කළඹක් තබා ඇත..

එය නොපෙනෙන කේදවාචකයේ හද ගැස්ම විය හැක...

2002 වසරේදි ගබ්සාව ගැන විකල්ප ඇසකින් ලියවුනු for man කෘතිය ගබ්සාව ගැන නවමු ආකල්පයක් ලැට්වියාව තුල ඇතිරූ අතර වර්ථමානයේ එහි නීත්‍යානුකූල ගබ්සාවක් සිදුවන්නේ මානුශික සමාජීය සහ නීතිමය වපසරියන් තුලය...

සංචාරකයන්ට පාරාදීසයක් වූ රිගා නුවර මැද සෑම උදෑසනකම සිහිලැල් පිනි දියර සමගින් තවමත් සුවනින්දක සිටින මේ කුඩා බිලින්දන් ඉදිරියේ ඇති පුවරුවක එකිනෙකට ඔවුන් හට ලෝකය දකින්නට වරම් නොමැතිවීමේ හේතුව බාශා තුනකින් දක්වා ඇති අතර ඇතැම් ඒවායේ අවසානයට
"මම ඇයට සමාව දෙනවා මට ලෝකය දකින්නට අවසර නොදුන්නාට " යැයි සටහන් කොට ඇත..

For man ග්‍රන්තය තුලද අවසන සටහන් වන්නේ ඔබේ වරද ඔහුගේ වරද නොවන බව දෙවතාවක් සිතා නොහැකිම නම් ඔහු මරාදමන්න " යනුවෙනි...

SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-38347026484901662212020-03-02T23:06:00.001-08:002020-03-02T23:06:48.153-08:00ඝානාවෙි කුණු කන්දකින් අවසන්වන බ්‍රිතාන්‍ය විලාසිතා වෙළදපොල

ඔබ පුදුමයට පත් කරන සත්‍යයක් නම් පාවිච්චිකල හෝ යල්පැනගිය ඇඳුම්වලට විශාල, ‘සැඟවුණු’ ජාත්‍යන්තර වෙළඳාමක් තිබෙන බවය. ඇඳුම් එකතු කරන පුණ්‍යායතන මෙන්ම වාණිජ ක්‍රියාකරුවන් ද ලෝක පරිත්‍යාග නොමිලේ ලබා දෙනවාට වඩා අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වෙළෙන්දන්ට ඒවා විකුණා දමන බව අවධාරණය කිරීම වැදගත් ය.

අප්‍රිකානු රටවල් කාර්මිකරණය වේගවත් කිරීම සඳහා යටත් විජිතවාදය අවසන් වීමෙන් පසු දේශීය වෙළඳපොලවලට සේවය කිරීම සඳහා ඇඳුම් කර්මාන්තශාලා පිහිටුවන ලදී. එහෙත් ඔවුන්ගේ ආසියානු සගයන් මෙන් නොව අප්‍රිකානු නායකයින්ට ඔවුන්ගේ ළදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. එහෙයින් ඔවුහු පාවිච්චිකල හො යල්පැනගිය ඇදුම් යුරෝපයෙන් ආනයනය කිරීමට පටන්ගත්හ. එහි ප්‍රතිවිපාක අද ඝානාව විදිමින් සිටි.

ඝානාවෙි ප්‍රධාන නගරය වන අක්රාවට නුදුරින් අඩි 30 ක් උසැති කුණුකන්දක් නිර්මානය වී තිබෙි. ඒ කුණු කන්ද සැදී ඇත්තේ බ්‍රිතානයෙන් පටවන ලද පාවිච්චිකල ඔවුනගේ ඇදුම්වලිනි. ඒ හැම ඇදුමකම බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විලාසිතා සමාගමක් වන H&M and M&S සන්නාමය තිබෙි. මෙයට ප්‍රධාන හේතුව බ්‍රිතාන්‍යයේ විලාසිතාවන්ගේ වෙිගවත් වෙනස් වීමයි. මාසයකින් දෙකකින් එක් විලාසිතාවක් වෙළදපොලෙන් ඉවත්වනවිට එකී විලාසිතාව නිෂ්පාදිත සමාගම හෝ ආයතනයට ඒවා මතින් තවදුරටත් වෙළදපොල ඡයගත නොහැකිවනවිට එකී අතිරික්තය අප්‍රිකා මහද්වීපයට පටවනු ලබයි. ඉනුත් ඝාණාව ප්‍රධානය.

ඒවා දෙවන පෙළ අලෙවිකරුවන් හරහා විදේශයන් වෙත යවනු ලබන අතර බොහෝ අවස්ථාවල විකුණාගත නොහැකිව කුණුගොඩවල් නිර්මාණය කරයි. සෑම සතියකම බ්‍රිතාන්‍යයෙන් මෙම ඇඳුම් මිලියන 15 ක් පමණ ඝානාවෙි අක්රා වෙත පැමිණේ. බොහෝ දුරට එක්සත් රාජධානිය මෙිවා කිලෝග්‍රෑම් 50-100 අතර බරකින් යුත් බේල් වල පුරවා ඝානාවට නැව් මගින් ප්‍රවාහනය කර කිලෝ 100 ක එක බෙිල්එකක් ඩොලර් 80 ත් 150 ත් අතර මිලකට විකුණනයි. සමහර පාවිච්චිකල රෙදි තොග අක්රා වෙත පැමිනෙන්නේ පුන්යාතන හරහාය. 2011 දී බ්‍රිතාන්‍ය හෘද පදනම විසින් සොයා ගනු ලැබුවේ පුණ්‍යාතනවලට පරිත්‍යාග කරන ලද ඇදුම්වලන් 30% ක් පමණ සාප්පු වලින් අවසන් වීමට අවස්ථාවක් ඇති බවයි. එක්සත් රාජධානියේ විකිණීමට නොහැකි ඇදුම් පරිත්‍යාග ලෙස අප්‍රිකාවේ හෝ ආසියාවේ රටවලට දුන්නද ඒවා බොහෝවිට අවසන් වෙළදපොලකිනි.

එක්සත් රාජධානිය තම යල් පැනගිය හෝ පාවිච්චිකල ඇදුම් සදහා මෙම බටහිර අප්‍රිකානු රට අඩ සියවසකට වැඩි කාලයක් සිය වෙළදපොල කරගෙන තිබූ අතර ඝානාව දැන් එය හමාරකරමින් සිටි. ලොව විශාලතම දෙවන ඇඟලුම් වෙළඳපොලක් වන ඝානාවෙි කන්තමන්තෝ වල ඒවා දැන් විකිනීම කළ නොහැකි ය. දිරාපත්වී ගදගහන මෙි රෙදි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවේදයක් නොමැතිව රට තුළට ආනයනය කරන ලද ඇඳුම් වලින් 40% ක් පමණ අවසන් වන්නේ ගොඩබෑමේ ස්ථානවල ය. මෙම ගොඩබෑමෙි ස්ථානවලදී දිනකට ටොන් 50 කට වඩා ඉවතලනු ලබන අතර, බොහෝ රෙදිතොග වෙරළ තීරය හරහා මුහුදට යන ආකාරය සොයා ගනී. ගොඩබෑමේ ස්ථානවල සහ මුහුදේ ගිලීයමින් නයිලෝන් කෙදි ඒවා දිරාපත් නොවීම ඉතිරි කරන තබන අතර, ඉන් පරිසරයට විෂ ද්‍රව්‍ය මුසුකරමින් තිබෙි.

ඝානාව බ්‍රිතාන්‍යන් පාවිච්චිකල ඇදුම් මිලට ගැනීමෙිදී මහඡනතාවට පිලිකුල දැනවීම සදහා කත්මන්තෝ ඇදුම් වෙළදපොලේ පිවිසුම් දෙරටුවෙි මෙවැනි පුවරු සවිකර ඇත.
‘‘මෙිවා මියගිය සුදු මිනිසාගේ ඇඳුම්ය"SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-10367663292447778022020-02-23T21:32:00.001-08:002020-02-23T21:32:55.434-08:00සුද්දගේ මොළයට ගිය කූඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝ

තමන් මේ සිද්ධිය සිදුවන්නට පෙර ගංගා ඇලදොළවල නාලා තියෙනවද?” යි සුද්දාගේ කතාවෙන් පසු පොතුවිල නාහිමියන් ඇසූ පළමුවැනි ප්රශ්නය ය.
“ඔව් නාලා තියෙනවා. ඊට පස්සේ තමා මට මෙහෙම දෙයක් ඇති වුණේ” යි ඔහු කියා සිටියේ ය. “විශේෂයෙන්ම මුහුණට හිරු රශ්මිය වැටුණවිටදි නේද හිසේ වේදනාව ඇතිවෙලා ලේ ගලන්නට වන්නේ? යි ඉන්පසුව නාහිමියෝ විමසූහ.
“ඔව්, එහෙම තමා වෙන්නේ·”
මේ අවස්ථාව උදේ වරුවය. එහෙයින් ඉන්පසුව නාහිමියන් කිහිපදෙනකුට කීවේ පන්සල මිදුලේ අඩි පහක හයක පමණ වූ කණුවක් සිටුවන ලෙසටය. කවුරුත් ඒ අසා විස්මයට පත් වූහ.
“දැන් ඉතින් ඔබ ඔය කමිසයත්, කලිසමත් ගලවන්න” යෑයි නාහිමියෝ සුද්දාට කීහ. තරමක් අදිමදි කරමින් ඔහු එයට අවනත විය. දැන් සුද්දාගේ ඇඟේ ඇඳුමකට ඇත්තේ යට ඇඳුම – ලන්කට් එක පමණය. අසල සිටි මිනිසුන් ද නායක හාමුදුරුවන් සුද්දාට ප්‍රතිකාර කරන්නට මෙසේ කමිස කලිසම් ගැලවූයේ මන්දැයි සිතා ගන්නටද බැරිව විමතියෙන් බලා සිටිති.
රටේ ලෝකේ එදිනෙදා සිදුවන සිදුවීම් පිළිබඳව කතාබහ වාචික වශයෙන්ද, මුද්‍රිතව පත්තර සහ පොත් මාර්ගයෙන් ද ජන සන්නිවේදනය වන වග වර්තමාන සමයෙහි වඩාත් ප්‍රචලිතව දකින්නට අසන්නට ලැබෙන බව කීම අතිශයෝක්තියක් නොවේ. ඈත යුගයේ සිට ධර්මයේ විශිෂ්ට අර්ථ, භාව, රසපූර්ණ කොටස් පවා පැවත ආවේ මුඛ පරම්පරාගතවය. පැපිරස් ලේඛනවල, ගස්වල පොතුවල, පුස්කොළ මත ද, ඒවා ලියෑවුණේ පසු කාලයේදීය. ශිලා ලේඛන වශයෙන්ද ලියෑවුණු එම වාර්තා සමගත් අපට දැනුදු කෞතුකාගාරවලින්, පිටපත් කළ ග්රන්ථ මාර්ගයෙන් දැක බලාගත හැකිය. ජාතක කතා මුඛ පරම්පරාගතව තුඩින් තුඩ කියෑවී එයින් ජන සාහිත්‍යයක් නිර්මාණය වූයේද එසේමය. නව ලෝකයට අලුත්ම නිර්මාණයක් වූ නව ප්රබන්ධකම් වූ නවකතාවලටද ප්‍රධාන වස්තු බීජය වූයේ එසේ අපේ පැරණියන්ගේ සාමුහික කතාබහේaදී නිතොරවම පාහේ කියෑවුණු ජාතක කතා, ප්‍රධාන මුලාශ්‍රය කරගෙනය. ඉන්පසු ජන කතා, සිද්ධීන් මූලාශ්‍ර කොටගෙන කියෑවුණු වාර්තා ද එක්වී ජන සාහිත්‍යයක් ගොඩනැඟෙනු බව එම තොරතුරු ගැන විමංසනශීලීව බලන විට දකිත හැකිය.
සිංහල ආයුර්වේද ශාස්ත්රයේ යම් ලෙඩෙකුගේ සිරුරේ පවතින විෂ ලේ, කුණු ලේ ඉවත් කරන්නට කූඩැල්ලන් යොදාගත් බව ප්‍රකට කාරණයකි. සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ කූඩැල්ලන්ට වඩා එවන් විෂ ලේ ඉවත් කිරීමට යොදා ගනු ලබන්නේ ප්‍රමාණයෙන් ලොකු මීහරක් කූඩැල්ලන් ය. ඒ සමගම කූඩැල්ලන් මාර්ගයෙන් තව තවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලට යොදා ගනු ලබන කටයුතු පිළිබඳ තොරතුරු කිහිපයක් පසුගියදා පත්තරයක තිබී කියෑවූවාට පසුව මෙයට දශක පහකට පමණ ඉහතදී අප නිවසේදී වැඩිහිටියන් කිහිපදෙනකු වෙතින් ආගිය තොරතුරු හා විස්මිත තොරතුරු කතාබහ කරනවිටද කියෑවුණු කූඩැල්ලන් පිළිබඳ කතා දෙකක් අපගේ මතයට ආවේ නිතැතින්මය.
එයින් ප්‍රධාන කොට එකල ද දැනුදු ප්‍රචලිත මහා වෛද්‍යවරයාණ හිමිනමක්ව විසූ පොතුවිල ඉන්දරතන නාහිමියන් පිළිබඳවය. සිරිලක දකුණුකරේ වන්නට පැරණි විහාරස්ථානයක අධිපතිව වැඩවාසය කළ පොතුවිල නායක හාමුදුරුවෝ තමන්ගේ පවුලේ ගිහි වෙද පරම්පරාවෙන් පැවැති ආ වෛද්‍යකර්මය පැවිද්දකු වශයෙන් දියුණු කර ගනිමින් එකල සමහරුන් විස්මිත කර වූ වෙදකම් ද කරවූ බවද ප්‍රචලිතය ය.
තම නාසයෙන් ගලා හැලෙන ලේ බිඳු සහිතව අවුරුදු ගණනාවක්ම පීඩා විඳි නැවියකු කොළඹ ජැටියේ නැව නැවැත්වූ විටකදී කුලී රථ රියෑදුරෙකුගෙන් පොතුවිල හාමුදුරුවන්ගේ වෛද්‍ය දස්කම් අසා විහාරස්ථානයට පැමිණියේය. වෙදකම් ලබා ගැනීම සඳහා පන්සලට සුද්දකු, පැමිණ ඇතැයි යන ආරංචිය නිසා මෙහිදී ළඟ අහළ පහළ මිනිසුන් පන්සලට ඒකරාශී විය.
එකල ඉංගී්රසි භාෂාව ද මැනවින් හදාරා සිටි පොතුවිල නායක හාමුදුරුවෝ ප්‍රථමයෙන් මේ සුදු නිලධාරියාගෙන් තමන්ට වන් ව්‍යාධිය පිළිබඳව මූලික තොරතුරු විමසා සිටියහ.
ඔහුට තිබුණේ දහවල කිහිප විටකම බලවත් සේ හිස රුජාවක් ඇතිවී ඉන්පසු නාසයෙන් ලේ බිඳු කීපයක් ගලා වැටීමයි. මෙය උදේ දහවල කිහිපවිටක්ම සිදුවන බවත් එම අවස්ථාවලදී තමන්ට දරාගත නොහැකි තරම්ම හිසේ බලවත් වේදනාවක් ඇති වන බවත් සුද්දා නොපැකිලිවම නායක හිමියන් සමග කියා සිටියේය.
“තමන් මේ සිද්ධිය සිදුවන්නට පෙර ගංගා ඇලදොළවල නාලා තියෙනවද?” යි සුද්දාගේ කතාවෙන් පසු පොතුවිල නාහිමියන් ඇසූ පළමුවැනි ප්රශ්නය ය.
“ඔව් නාලා තියෙනවා. ඊට පස්සේ තමා මට මෙහෙම දෙයක් ඇති වුණේ” යි ඔහු කියා සිටියේ ය. “විශේෂයෙන්ම මුහුණට හිරු රශ්මිය වැටුණවිටදි නේද හිසේ වේදනාව ඇතිවෙලා ලේ ගලන්නට වන්නේ? යි ඉන්පසුව නාහිමියෝ විමසූහ.
“ඔව්, එහෙම තමා වෙන්නේ·”
මේ අවස්ථාව උදේ වරුවය. එහෙයින් ඉන්පසුව නාහිමියන් කිහිපදෙනකුට කීවේ පන්සල මිදුලේ අඩි පහක හයක පමණ වූ කණුවක් සිටුවන ලෙසටය. කවුරුත් ඒ අසා විස්මයට පත් වූහ.
“දැන් ඉතින් ඔබ ඔය කමිසයත්, කලිසමත් ගලවන්න” යෑයි නාහිමියෝ සුද්දාට කීහ. තරමක් අදිමදි කරමින් ඔහු එයට අවනත විය. දැන් සුද්දාගේ ඇඟේ ඇඳුමකට ඇත්තේ යට ඇඳුම – පමණය. අසල සිටි මිනිසුන් ද නායක හාමුදුරුවන් සුද්දාට ප්‍රතිකාර කරන්නට මෙසේ කමිස කලිසම් ගැලවූයේ මන්දැයි සිතා ගන්නටද බැරිව විමතියෙන් බලා සිටිති.
“ඔය ලනු කැරලි දෙකක් මෙහාට ගෙනෙනවා. ගෙනැල්ලා මේ සුද්දා කණුවට තියලා අත්දෙක පිටුපසට තියලා බඳිනවා හොඳයි.” යනුවෙන් උන්වහන්සේ කීහ. සේවකයන් කී ලෙසම කටයුතු කළහ. මෙසේ සුද්දා කණුවට තබා කිටිකිටියේ බඳින ලද්දේ ඔහුගේ මුහුණ ඉරඑළිය වැටෙන සේ ඉරට මුහුණපා තිබියදීය.
කවුරු කවුරුත් නාහිමියන් කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බලා සිටියදී සුද්දාගේ මුහුණිනුත්, ඇඟෙනුත් දහඩිය ගලා හැලෙන්නට වන . ඉර එළිය මුහුණට ම වැටෙන නිසා එය ඉවසා දරාගත නොහැකිව සුද්දා කෑගහන්නට වූයේ මෙවිටය. නාසයෙන් ලේ බිඳු ගලා හැලෙන්නට ද විය.
මෙහිදී නායක හිමියන් පන්සල ඇතුළට වැඩම කර සුද්දා වෙත ගෙන ආයේ කිරි පීරිසියකි. එම කිරි පීරිසිය සුද්දාගේ ලේ ගලා එන නාසය අසළට ළං කළ අවස්ථාවේදී වේදනාව තරමකට හෝ ඉවසා ගෙන සුද්දා කෑගැසීම නතර කර වෙන්නට යන්නේ කුමක්දැයි තමන්ද දැනගත යුතුය යන විලාසයෙන් බලා සිටියේය.
ගතවූයේ තවත් සුළු වේලාවක් පමණකි. සුද්දාගේ ලේ බිඳු ගලා වැටෙන නාස් පුඩුවක් දිගේ ඇදී ආ කළු යමක් කිරි පීරිසියට වැටුණේය. නාහිමියෝ ජයග්‍රාහී සිනාවක් මුහුණට නඟාගත්හ.
ඉන්පසුව, “ආ දැන් ඉතින් සුද්දාව ලෙහෙලා දානවා”යෑයිද කීහ. තම හිසේ වූ වේදනාව සමනය වූ හෙයිනුත් සුද්දා ඇතුළු කවුරුත් විමසිලිමත් වූයේ එසේ නාසයේ සිට කිරි පීරිසියට වැටුණ කළු බඩුව කුමක්දැයි සොයා බලන්නටය.
නායක හාමුදුරුවෝ ප්‍රථමයෙන් ඒ ගැන සුද්දාට ඉංගී්රසියෙන් ද රැස්වී සිටි ජනයාට සිංහලෙනුත් කරුණු පැහැදිලි කර දුන්හ.
“සුද්දා ඇලකින් හෝ දොළකින් නාන්නට ගිය අවස්ථාවකදී කූඩළු පැටියෙක් නාසයෙන් මොළයට ගිහිල්ලා තියෙනවා. ඒකා විටින් විට හපනවා. එතකොට තමා මෙහෙම ලේ බින්දු හැලෙන්නේ. විශේෂයෙන්ම කූඩැල්ලා හපන්නේ ඉරු රශ්මිය වැටෙන කොටයි. මේ සුද්දාට සිදුවෙලා තියෙන විපත්තිය කිසි රටක කිසිම වෛද්‍යවරයකුට සොයා බලා අල්ලා ගන්න හම්බ වෙලා නැහැ. මම ඔහු සමග කතාවෙනුයි ඒක අල්ලා ගත්තේ. ඒ නිසාම තමා මෙහෙම ඇඳුම් ගලවලා ඇඟට, මුහුණට හිරු රස්මිය වැටෙන ලෙස බැඳලා තිබ්බෙ. එයින් දහඩියගලා කැළඹුණු සුද්දාගේ ඔළුවේ මොළයේ රැඳී සිටි කූඩැල්ලාත් වෙනදා වගේම කලබලවෙලා හපන්නට ගත්තා. එතකොට තමා ලේ බිඳු ගලන්නේ. මම කළේ ඒ කූඩැල්ලාට නහයෙන් පිටතට එන්නට කිරි සුවඳ යොමු කළ එක විතරයි. මේවා පොතේ ලියවිලා තියෙන වෙදකම් නොවෙයි. වේලාවේ හැටියට, ලෙඩාගේ තත්ත්වයේ හැටියට ලෙඩේ ඇතිවුණු හැටි හොයලා බලලා කරන හිතේ වෙදකම්- ” යනුවෙන් ගම්මුන්ගේ සැක දුරු කර ගැනීම සඳහා පොතුවිල නායක හාමුදුරුවෝ කූඩැල්ලා පිටතට ගත් හැටි කියා සිටියහ. නායක හිමියන්ගේ වෙදකම් හැටියට ඔවුන් තවත් වරක් විස්මයට පත් වීමේ අවස්ථාවක්ද ලැබිණ.
සුද්දාට ද සතුටේ නිමක් නැත. තමන්ට මහත් සේ දුක් දෙමින් අවුරුදු ගණනාවක්ම වින කළ කූඩැල්ලා සඳහටම සිරුරෙන් අරන්දමා දිවැසින් දුටුවා සේ පොතුවිල හාමුදුරුවන් කළ වෛද්‍යකර්මය නිසා සුවපත් වූ ඔහු කළේ තමන් වෙත වූ රත්තරන් පවුම් දහයක්ම උන්වහන්සේ වෙත පූජා කර සිටීමයි. එහෙත් නායක හාමුදුරුවන් එයින් ගත්තේ රන් පවුම් තුනක් පමණි. පසුව කිරි පරිසියේ සිටි කූඩැල්ලා ද ඔහුට පෙන්වූහ.
“මේ ඇත්තෙන්ම, සල්ලි බලාගෙනම කරන වෙදකම් නොවෙයි”. යනුවෙන් උන්වහන්සේ කීම ගැන සුද්දාට ද පුදුමය. එතැනට පැමිණි සිංහලයන් කිහිපදෙනකු නායක හාමුදුරුවන්ට දණ ගසා වඳිනු දුටු සුද්දා ද කළේ උන්වහන්සේ හමුවේ දණ ගසා වැඳ නමස්කාර කිරීමයි. “පස්සේ ඉස කැක්කුම එහෙම හැදුනොත් මේ බෙහෙත් තෙල හිසේ ගානවා හොඳයි” යනුවෙන් උන්වහන්සේ ඉන් අනතුරුව කුඩා තෙල් බෝතලයක් ද සුද්දාට දුන්හ.
තමන් මෙසේ පන්සලට එක්කගෙනැවිත් ලෙඩේ කඩා දමන්නට මුල් වූ කුලී රථ රියෑදුරාට ද, සුද්දා නියමිත ගාස්තුව ගෙවා අතිරේක වශයෙන් රන් පවුමක්ද දුන් බව පසුව හෙළි විය.
ඔය කියෑවුණේ අපේ සිංහල වෛද්‍යකර්මයේ එක් විස්මිත අවස්ථාවකි. ඊළඟට කියෑවෙන්නේ අප විසින් කුඩා කලදී අසන්නට ලැබුණු කූඩැල්ලකු තරුණ කාන්තාවකට කරන ලද මහාම විපත්තියක් පිළිබඳව ය. එයද දකුණු පළාත් ගම්මානයක සිදුවූ ප්‍රවෘත්තියකින් හෙළි වූ කතාවකි.
නාඹර තරුණ වියෙහි වූ එක්තරා ගමක රූමත් තරුණියක් ඇලක ස්නානය කරන ලද අවස්ථාවක ඇයටද නොදැනී කූඩළු පැටියකු ඇගේ යෝනිය හරහා ඇඟ ඇතුළට ගොස් තිබිණ. ඇයට එහි තරමක වේදනා ගතියක් දැනුණ ද එය එතරම් ගණනකට ගැනුණේ ද නැත. එහෙයින් එයින් මාස ගණනක් ඉකුත් වීමෙන් අනතුරුව ඇගේ කුස ඉදිමෙන්නට පටන් ගති. ඇයට සිටියේ එක් වැඩිමහල් අයියා කෙනකු පමණි. තම දියණියගේ කුස ඉදිමෙන බව දුටු මවද ඇයගෙන් විමසුවේ කිසියම් පුරුෂ සම්බන්ධයක් ඇති කර ගත්තාද කියාය. එහෙත් එවන් දෙයක් සිදු නොවූ බව පරසක්වල ගසමින් තරුණිය මව සමග කියා සිටියාය. ඇගේ මේ බඩ ඉදිමීම ගැන සොහොයුරාට ද කේන්තිය.
“මේකි මේ කවුරු හරි මිනිහෙක් එක්ක හාදවෙලයි බඩ වෙලා තියෙන්නේ. අපි කොහොමද ඉතින් අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්නැ” යි සහෝදරයා මව සමඟ ද කියා සිටියේ බලවත් හිත් අමාරුවෙන් යුතුවය. තරුණිය ද මේ වනවිට අහලපහළ හිතවත් අය සමග ඇඟෑලුම්කම් අතහැර නිවස ට වී සිටින්නට ගත්තාය. එම නිසාමද කාටත් ඇය ගැන සැකයක්ද ඇති විය. මෙවන් විපත තම දියණිය කිසියම් පුරුෂයකු සමඟ වූ සම්බන්ධයක් නිසා ඇති වූවක් යන නිගමනයට පත් මාතාව ද ඒ ගැන වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගන්නටද ගියේ නැත.
“මේකිට ළමයා හම්බවෙනකම් හරි පිට නෑදැ ගෙදරක නවත්වලා තියන්න ඕනෑ මට නම් ඒක මෙහෙදි වෙනවා දකින්න බැහැ. මම අද ගෙදර එනකොට මේකි එහෙම නැන්දලගෙ ගෙදරට හරි යවලා තියන්න ඕනෑ” යනුවෙන් එක් දිනෙක වැඩටයන්නට පෙර වැඩිමහල් සහෝදරයා කියා සිටි වදන්ය. ඒ අසා මව ද බියට පත් වූවාය. ඉන්පසුව අම්මා කළේ උදේට නිවසින් පිටත්ව අල්ලපු ගමේ සිටින තම බාල සොහොයුරියකගේ නිවෙසට ගොස් දුවණිය පිළිබඳව කාරණය කියා දුවණිය සවසට එහි ගෙනැවිත් ඇරලන්නට කතා බහ කර ගත්තාය. ඒ සමගම ආපසු එන ගමන් මග අසල තැනෙක වල්ඌරකු මරා මස් විකුණන තැනක් දකින්නට ලැබිණ. තමන්ද වල්ඌරු මස්වලට ප්‍රිය කරන හෙයින් කලකින් ඒවා කන්නට නොලැබුණු හෙයින් ඇය කළේ වල්ඌරු මස් ප්‍රමාණයක් මිලදී ගෙන නිවෙසට විත් ඒවාද සමග බත් පිස දුවණියට කන්නට දීමය. ඉන්පසුව සවසට ඇය නැන්දාගේ ගෙදරට එක්කරගෙන යැම ඇගේ අදහස විය.
මැද සාලයේ සිට වල්ඌරු මස් ද සමගම බඩ පිරෙන්නට බත් කෑ තරුණිය පිඟාන සෝදා අත සෝදා ගැනීමට ද කුස්සිය බලා ගියාය. ස්වල්ප වේලාවකට පසුව කෑම කමින් සිටි මවට කුස්සිය දෙසින් ඇසුණේ දුවණියගේ විලාප හඬකි.
“අනේ අම්මේ”.. යි ඇය විලාප නැඟුවාය.
බලවත් ලෙස විමතියට පත් අම්මා වහාම කුස්සිය කරා දුව ගියාය. එවිට ඇයට දක්නට ලැබුනේ චීත්තය ගලවා දමා කුස්සියේ බංකුවක් මත නිරුවතින් සිටින දුවණියයි. ඇගේ කකුල් දෙක හරහාත් බිමත් කළු ගුලි වශයෙන් ගලා හැලෙමින් තිබෙන බව දක්නට ලැබිණ. ඒ සමඟම මෙතෙක් කල් ඉදිමී තිබුණු ඇගේ බඩ ද අඩුවී තිබෙන බව ද දක්නට ලැබිණ. අම්මාට මුලින්ම වැටහුණේ දුවණියට ළමයා හම්බවෙලාය කියලාය. එහෙත් එසේ ගුලි ගුලි ගැසෙමින් බිමට වැටී තිබෙන මහා කළු ගුලි ගැන විමසිල්ලෙන් බැලූ ඇයට දක්නට ලැබුණේ මේ මහා කූඩැල්ලන් සමූහයක් බවය.
තම දුවණියට සිද්ධ වී තිබෙන මහා වින්නැහිය අම්මා ක්ෂණිකවම තේරුම් ගත්තාය. දුවණිය අසල ඇළේ නානවිට කූඩළු ජෝඩුවක් යෝනියෙන් ඇඟ ඇතුළට යන්නට ඇත. ඔවුන් ඉන්පසු එහි පැටව් ගහන්නට ඇත. ඇගේ බඩ ඉදිමුණේ ඒ නිසාය. මෙසේ බඩේ ලේ උරා බොමින්ම කූඩැල්ලන් දහස් ගණනක් ඇතිවෙද්දී දුවණියගේ බඩේ ඉදිමීම ඇති විය. කිසියම් ලෙසකින් හෝ පුරුෂ ආශ්‍රයක් ඇතිවූයේ දැයි අම්මා වරින්වර අසන ලද නමුත් දුවණිය කිසි විටෙකත් එසේ නුවූ බව පරසක්වල ගසමින් දිවුරමින් කියා සිටිය ද අම්මා නම් සැක පහළ කර සිටියාය.
දැන් අම්මාට කරුණු සියල්ලම හෙළි වී ඉවරය. තමාගේ සැකය දුරු වන්නටත් දුවණියට මේ විපතින් මිදෙන්නටත් මූලික හේතුව වූයේ තමන් එන ගමන් ගෙන ආ තමන්ට ද ප්‍රියමනාප ආහාරයක් වූ වල්ඌරුමස් බවද ඇයට සිතා ගැනීSමට ද හැකි විය. දැන් සවස ගෙදරට එන පුතාගේ කෝපයෙන් ද මිදෙන්නට පුළුවන. රහසින් රහසින් කියෑවුණු අහළ පහළ ඇත්තන්ගේ අපවාදවලින්ද මිදෙන්නට පුළුවන. කවරාකාරයෙන් වුවද තම දුවණියට පත් විපතින් ඇයට බේරුමක් ලැබී තිබෙන බවද සිතාගෙන අම්මා එක්තරා ක්රමයක මහත් වූ සතුටකින් යුතුව හිත හදා ගත්තාය.
මේ කූඩළු කතා දෙකම එක් ආකාරයකින් ද සමහරුන්ට ආදර්ශයකට ගන්නට වටිනා කතා ය.

උපුටාගැනිමකි❤

මුල් අයිතිකරු
සෝමසිරි කස්තුරිආරච්චි

SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com2tag:blogger.com,1999:blog-6237556333578073476.post-6270908093595283052020-02-13T03:17:00.001-08:002020-02-13T03:17:39.384-08:00- Sylvester Stallone -

ස්ටැලෝන්ගේ ජීවිතය ආරම්භ වුණේම ඛේදවාචකයක් සමඟ. මවගේ තිබුණු සමහර සංකීර්ණතා නිසා ඉපදෙද්දිම ස්ටැලෝන්ගේ මුහුණේ පහළ කොටස ( දිව , කම්මුල , තොල් ) අංශභාග තත්ත්වයට පත්වෙලා තිබුණා.

පුංචි කාලේදි ස්ටැලෝන්ට සාමාන්‍ය විදිහට කතා කිරීම ලොකු අභියෝගයක් වුණා. ඒ නිසාම ඔහු අනිත් ළමයින්ගේ විහිලුවට , කරදර වලට ලක්වුණා. පුංචි ස්ටැලෝන්ට ගෙදරත් නිදහසක් තිබුණේ නෑ. ස්ටැලෝන්ගේ අම්මා තාත්තා අතරත් ගොඩක් ප්‍රශ්න තිබුණු නිසා ඔවුන් ස්ටැලෝන්ව නොසලකා හැරියා. ඔහු පොඩි කාලේ හිටියේ කැපකරු සත්කාරක මධ්‍යස්ථාන වල. ස්ටැලෝන්ගේ දෙමව්පියන් ඉක්මනින්ම වෙන් වුණා. තරුණ වයසට එනකොට ස්ටැලෝන්ට ජීවිතය ගැන තිබුණේ කෝපයක් විතරයි.

ස්ටැලෝන්ගේ පාසල් අධ්‍යාපනයත් එතරම් සාර්ථක වුණේ නෑ. ඔහුව පාසල් 14 කින් නෙරපා දැමුවා. ඊට පස්සේ ඔහු කායවර්ධනය කරන්න පටන් ගත්තා. පසුව ඔහු රංගන ශිල්පියෙක් වෙන්න ඕනි කියලා හිතාගෙන නිව්යෝර්ක් වලට ගියා. අවුරුදු ගාණක් උත්සහ කරද්දි ස්ටැලෝන්ට සුළු සුළු චරිත රඟපාන්න අවස්තාව ලැබුණා. ඒත් ඔහුට ජීවිතය පවත්වගන්නවත් මුදල් තිබුණේ නෑ. ඔහු හැම වර්ගෙකම රැකියා කරන්න පටන්ගත්තා. සත්ව උද්‍යානයේ සිංහ කූඩු සුද්ද කරා , සිනමාශාලා වල මිනිසුන්ට ආසන පෙන්වන්න වගේ දේවල් කලා. ඔහුට ඉන්න තැනක් වත් තිබුණේ නෑ සමහර දවස් වල. නිදාගත්තේ බස් නැවතුම්පොළේ සති ගානක්. කරන්නම දෙයක් නැති තැන ස්ටැලෝන් තමන්ගේ බල්ලව විකුණුවා පවුලකට. මොකද බල්ලට කන්න දෙන්නවත් ඔහුට වත්කමක් තිබුණේ නෑ.

දවසක් ස්ටැලෝන් බොක්සින් තරඟයක් බලලා ඒ ගැන ගොඩක් උනන්දු වුණා. ඔහු මනක්කල්පිත බොක්සින් ක්‍රීඩකයෙක් ගැන කතාවක් ලියන්න පටන්ගත්තා. දවස් 3 කින් පිටපත ලියලා අවසන් කරා. 'රොකී' ( Rocky ) ඉපදුණා. ස්ටැලෝන් මේ පිටපත විකුණන්න හිතාගෙන නිශ්පාදකයින් ළඟට ගියා. හැබැයි ඔහු නිශ්පාදකයින්ට එක කොන්දේසියක් දැම්මා. ඒ තමයි මේ කතාවෙන් චිත්‍රපටයක් කරොත් ඒකේ ප්‍රධාන චරිතය තමන්ට රඟපාන්න ඕනි කියලා. නිශ්පාදකයින් ඩොලර් 360,000 කට පිටපත ගන්න කැමති වුණත් ස්ටැලෝන් මෙහි ප්‍රධාන චරිතය රඟපානවට කවුරුත් කැමති වුණේ නෑ. ස්ටැලෝන් ඒ වෙලාවේ ප්‍රශ්න ගොඩක හිරවෙලා හිටියේ. ඔහුගේ බිරිඳ ගර්භණී වෙලා, ඔවුන්ට ඉන්න තැනක් නෑ, වාහනයක් නෑ. නමුත් ඔහු ඒ සියල්ල අවදානමේ දාලා තව දුරටත් නිශ්පාදකයින්ගෙන් ඉල්ලීම් කරා තමන්ට මේ චරිතය රඟපාන්න අවස්තාවක් දෙන්න කියලා. පස්සේ නිශ්පාදකයින් මේ චරිතය ඔහුට දෙන්න එකඟ වුණා. එහෙත් පිටපතට කලින් දෙනවා කිව්ව මුදලෙන් බාගයක් පමණක් ස්ටැලෝන්ට දෙන්න නිශ්පාදකයින් තීරණය කරා.
මුදල් ගත්තට පස්සේ ස්ටැලෝන් මුලින්ම කරේ තමන්ගේ බල්ලව නැවත මිලදී ගත්ත එක.

Rocky චිත්‍රපටය අවසන් වුණේ Oscar සම්මාන 3 කුත් දිනලා. Rocky සහ Rambo චිත්‍රපට දැවැන්ත සාර්ථකත්වයකට පත් වුණා. Sylvester Stallone කියන අදටත් නොමැකෙන පුරාවෘත්තය බිහිවුණා.

කතාවේ අවසානය මේක නෙවෙයි. ඔහු සාර්ථක වුණාට පස්සේ ස්ටැලෝන්ගේ ජීවිතයේ වේදනාත්මක දේවල් ගොඩක් සිදුවුණා. ඔහු බිරිඳගෙන් වෙන් වුණා. ඔහුගේ පුතා ඔටිසම් රෝගයට ගොදුරු වුණා. ස්ටැලෝන්ගේ අනිත් පුතා හෘදයාබාධයකින් මියගියා.
ජීවිතය ඔහුට පහර පිට පහර දුන්නා. ඒත් ඔහු අතහැරියේ නෑ...

"ඔබට දෙයක් කියන්නම්. ලෝකය කියන්නේ හිරුගේ ආලෝකයෙන් බබලන, දේදුනු පායලා තියෙන ලස්සන තැනක් විතරක් නෙවෙයි. මේක මහා නපුරු තැනක්. ඔබ කොච්චර තද කෙනෙක් වුණත් ලෝකය ඔබට දනින් වැටෙන්න පහර දෙනවා. ඔබ එයට ඉඩ දුන්නොත් හැමදාම වැටිලා තමයි ඉන්න වෙන්නේ. වැදගත් වෙන්නේ පහර පිට පහර වැදුනත් ඒවා දරාගෙන ඔබ ඉදිරියට යන්නේ කොහොමද කියන එකයි"...
- Sylvester Stallone -SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-20162158436260346962020-02-04T23:04:00.002-08:002020-02-04T23:04:56.293-08:00හැමෝම දන්නෙ මෙයා bulb එකක් හොයාගත්ත කියලා විතරයි.

එත් දන්නවද මේ bulb එක පිටිපස්සෙ තියෙන කතාව.මේ bulb එක ලෝකෙට එන්න හේතුව තෝමස්ගෙ අම්ම කියන්න දන්නවද?
හරි මේ කතාව මෙහෙම කියන්නම්

දිනක් පුන්චි තොමස් පාසල් ඉවරවෙලා ඇවිත් පාසලෙන් දුන්නු ලියුමක් අම්මගෙ අතට දෙනව. ඒ ලියුම දැකල අම්ම පුන්චි තෝමස්ට මෙහෙම කියනව.

"පුතේ පුතාට උගන්නන්න තරම් පාසලේ ගුරුවරු දක්ෂ නැහ් මගෙ පුතෙ .පුතාට මන් ගෙදර ඉදන් උගන්නනම්."

මේ ගැන පුන්චි තෝමස්ට වැඩි දෙයක් තෙරුනේ නැ.

ඉතින් මේ තොමස්ගෙ අම්ම පුන්චි තෝමස්ට හැම දෙයක්ම ඉගැන්නුවා.මෙගෙම ටික කාලයක් යද්දි තෝමස් තමන් ගෙ ගෙදරම රසායනාගාරයක් පටන් ගත්තා..මහෙම තෝමස්ගෙ ජිවිතෙ ටිකෙන් ටික ගෙවුනා.

එවගේම තෝමස් තව දෙයක් කරා එතමයි මෙයා දුම්රියෙ එලවලු විකුනලා කුඩා මුදලක් සොයාගත්තා.

එක දවසක් කෝච්චියට අහුවෙන්න ගිය කුඩා දරුවෙකු තොමස් බේරග්ත්තා .ඒ නිසා ඒ ලමයගෙ තත්තා මේ තෝමස්ට telegram oparetor කෙනෙක් විදිහට රැකියාවක් දුන්නා.

මේ කාලයේදීම අම්ම ලෙඩ වීමට පටන් ගත්තෙ .doctors ලා කියපු විදිහට තෝමස්ගෙ අම්මට සැත්කමක් කරන්න ඔනි උනා එහෙත් රාත්‍රියේ මෙම සැත්කම කරන්න එලිය නොමැති නිසා පසුද උදැසන වන තුරු සිටිය යුතු බව කියා සිටියා.

මේ හේතුව තෝමස්ගෙ හිතේ තදින්ම කාවැදුනා. මේ හේතුව නිසා තෝමස් මුලු ලොකයේම අදුර දුර

කරන්න ඔයාලා හෙමෝම දන්න පුන්ච් bulb එක හොයාගත්තා..

දන්නවද මෙ කතාවෙ පිටිපස්සෙ තව දෙයක් තිබුනා එතමයි තෝමස් මේ වන විට බිහිරි වෙලා ඉදල තියෙන්නෙ.

පසු කලෙක තොමස් ගෙ අම්ම මෙලොවින් සමුගත්තා.

මත්කද මම කිවුවා තෝමස්ට පාසලෙන් ලියුමක් දුන්නා කියලා.

පසු කලෙක මේ ලියුම තෝමස්ට හම්බුනා.

මොනා වෙන්න ඇතිද ලියල තියෙන්න අත්තෙ.

එකෙ මෙහෙම ලියලා තිබුනා

"තෝමස්ගේ මනසිකත්වය බොහොම දුරවලයි.එවගේම මොහුව නැවත පාසල් එවන්න එපා"

මේක දැකලා තෝමස්ට ගොඩාක් දුක හිතුන...පාසලෙන් මනසික ලෙඩෙක් කිය ලෙබල් කර තෝමස් සියවසයේ මහා බුද්දිමතා ලෙස පසු කලෙක පත් විය.SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-22706699195093811112020-02-04T22:58:00.000-08:002020-02-04T22:58:48.948-08:00දැනට බිහිවු භයානකම වෛරසය කොරෝනද?

වසංගතයක් පිළිබද දන්නා නොදන්නා කාරණා, වසංගතයක් වී ඇත.

වසන් විය යුතු උන් වසන් නොවුණා දෝ, වසන් කලයුතු උන් මුදා හැරියා දෝ, කියා පසු කලෙක වසන් නොවෙන සත්‍යය පශ්චාත්-වසංගතයක් වී මිනිසුන් ඉදිරියේ දිග හැරෙනු ඇත.

ඒ කෙසේමුත්, විසිඑක්වන සියවසේ දැවැන්ත මිනිසා ශිෂ්ටාචාරයේ සිය ආදිකල්පික පුංචි පසමිතුරා ඉදිරිපිට තව නොදරුවෙකු බව ඔබට හැගී ගොස් ඇතුවා නිසැකය.

ඒ හැගුම ලෝකයට අළුත් නැත. මන්ද අද මෙන් එදා ද පාරම් බෑ උන් විය. ජගතාය, හපනාය, අපි එනම් මිනිසාය සිතූ පුංචි මානව ගැටව් විය. උන්ට ස්භාවධර්මයා පාඩම් උගන්වා මෙල්ල කර, උන් තවත් එක් විශේෂයක් බැව් ඉගැන්වූ යුග විය. ඒවා උන්ට ඉක්මණින් අමතක වූ බැවින් තව තවත් එවන් යුග උදා විය. යුග යුග ගෙවුණද මිනිසාට මතක අමතක පුරුදු මතක නැත. ඉතිං මේ ගෙවෙන්නේ එවන් මතක් කරදීමේ සංක්‍රාන්තියක් ද?

අපි එසේ නොවේවා යැයි සිතමු! (හිතවත එසේ සිතීමට පවා, අපි ඉතා කුඩා වැඩි වෙමු.)කෙස්මුත් ඒ සිතා ඉතිහාසයට හැරෙමු.

හොංකොං උණ

මරණ සංඛ්‍යාව - මිලියන 01 යි.
රෝගකාරකය - ඉන්ෆ්ලුවන්සා A වෛරසයෙහි H3N2 මාදිලිය
බලපෑමට ලක් වූ කලාපය - ආසියාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය
කාල ප්‍රාන්තරය - 1968-1969

විසිවැනි සියවසෙහි අතොරක් නොවූ ඉන්ෆ්ලුවන්සා වසංගත අතොරින් තුන්වන මහා වසංගතයයි. 1968 වසරෙහි ජූලි මස මුල දී චීනයෙන් පළමු රෝගියා වාර්තා විය. ඉන්පසු සති දෙකක් ඇතුළත හොංකොං ප්‍රධානකොට ගනිමින් රෝගීන් ලක්ෂ 5ක් වාර්තා වූ අතර ජූලි මස අවසාන වනවිට අග්නිදිග ආසියාවේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෛරසය පැතිර ගොස් තිබිණි. ඒ සමගම ඒ වන විට වියට්නාමයෙහි සිට මව් රට බලා පිටත් වෙමින් සිටි සොල්දාදුවා පිට නැග වෛරසය ඇමෙරිකාවට පැනගති. ඉන් ඇතැම් සංචාරකයින් හරහා එංගලන්තය ඇතුළු බටහිර යුරෝපය ආක්‍රමණය කළ තුන්වන ඉන්ෆ්ලුවන්සා අධිරාජ්‍ය ඒ සමගම ජපානයත්, ඔස්ට්‍රේලියාවත් යටත් කරගති.

1957 හි හටගත් ආසියාතික උණ ලෙස හැදින්වූ දෙවන මහා ඉන්ෆ්ලුවන්සාවෙහි හේතුකාරකයා වූ H2N2 වෛරස් මාදිලියෙහි H ප්රතිදේහික විකරණයකින් H3 මාදිලිය හටගෙන තිබූ අතර එහෙයින්ම 1957 හි දිවි රැකගත් බොහොමයක් මෙහිදී ද දිවි රැකගත් හ. වසරක් ඇතුළත, අවම වශයෙන් ලෝ පුරා ජීවිත මිලියනයකට වගකියූ මෙම වෛරසය තවමත් අප අතර සරමින් ඉදහිට සෘතු විපර්යාසික හෙම්බිරිස්සා උණක් ලෙස ඔබ ආතුර කොට ඇත. දැනට දළ වශයෙන් මේ හේතුකොටගෙන වසරකට රෝගීන් 12,000 ත් 60,000ත් අතර ප්‍රමාණයක් මිය යන අතර පසුගිය සති දෙක තුළ පමණක් H3N2 ආසාදිත රෝගීන් 11,005 දෙනෙකු රටවල් 104 කින් වාර්තා විය.(WHO)

තුන්වන කොළරා මහා වසංගතය

මරණ සංඛ්‍යාව - මිලියන 01යි.
රෝග කාරකය - විබ්රියෝ කොලෙරා බැක්ටීරියාව
බලපෑමට ලක් වූ කළාපය - ඉන්දියාව ප්රමුඛ ආසියාව, යුරෝපය, උතුරු ඇමෙරිකාව, අප්‍රිකාව
කාල ප්‍රාන්තරය - 1852 - 1860

ජල මාර්ග ඔස්සේ සීඝ්රයෙන් පැතිර යන කොළරා වසංගතය ලොවපුරා කිහිපවරක් අති මහා වසංගත ඇති කළ අතර ඉන් තුන්වන මහා වසංගතය 1852 වසරේදී ඉන්දියාවෙන් ඇරඹී ඒ ඔස්සේ අධිරාජ්‍යවාදී යටත්විජිත සියල්ලටම වාගේ පැතිර ගොස් වසර අටක් ඇතුළත මිලියනයකට මරු කැදවීමට සමත් විය. වසංග රෝග අධ්‍යනයෙහි පියා ලෙස සැළකෙන වෛද්‍ය ජෝන් ස්නෝ විසින් කොළරා බැක්ටීරියාව ජලය හරහා පැතිර යන බැව් සොයා ගැනීමත් සමග වසංගතය මැඩලීමට වහා පියවර ගැණිනි.

වර්තමානය වනවිට දළ වශයෙන් ලෝ පුරා කොළරා රෝගීන් මිලියන 4ක් පමණ වාර්තා වන අතර මනා ප්රතිවිජලනය හා ඉක්මන් ප්‍රතිකාර මගින් 80% කගේ පමන ජීවිත සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කරගත හැකිව ඇති අතර ඒ තිබියදී පවා වසරක්ට රෝගීන් 20,000 ත් 140,000ත් අතර ප්‍රමාණයක් ඉන් මරු වැළද ගනිති.

රුසියානු උණ
මරණ සංඛ්‍යාව - මිලියන 01යි.
රෝග කාරකය - ඉන්ෆ්ලුවන්සා A වෛරසයෙහි H3N8 මාදිලිය (හෝ H2N2 මාදිලිය)
බලපෑමට ලක් වූ කලාපය - උතුරු අර්ධ ගෝලය
කාල ප්‍රාන්තරය - 1889 -1990

රේල්ලුව යුරෝපය වසා පැතිර තිබිණි. සුවිසල් යුරෝපා රටවල් 19ක් පුරා ඉදිව තිබූ දුම්රිය මාර්ගයන් හී මුළු දිග කිලෝ මීටර් 202, 887 කි. දුම්රියකින් යුරෝපයෙහි ඕනෑම ඉසව්වකට දින හයක් ඇතුළත යා ගත හැකිවන ලෙස පොදු ප්‍රවාහනය දියුණුව තිබිණි. හිතවතුනි ඉතිං, ඒ ඔස්සේ පළමුවම පියනැගූ හිතවතෙකි, ඉන්ෆ්ලුවන්සාව.

පළමු රෝගියා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ගයෙන් වාර්තා විය. ඒ 1889 හි දෙසැම්බරයේ ය. ජනවාරී 12 වනවිට යුරෝපය අඩපණ කොට වෛරසය ඇමෙරිකාවට පය තබා තිබිණි. සති පහකින් සමස්ථ උතුරු අර්ධ ගෝලයම සිය අණසකට ගත් නවමු ඉන්ෆ්ලුවන්සා A H3N8 මාදිලිය වසරක් පුරා හිතුමනාපයෙන් පල්ලම් ගසා අවම වශයෙන් මිනිස් ජීවිත මිලියනයකට සමු දී, නිහඩ විය.

වර්තමානය වනවිට සුනඛයින් සහ අශ්වයින් අතර වසංගතයක් වී ඇති මෙම වෛරස් මාදිලිය මිනිසාට වැළදුනු මෑත කාලීන දත්ත නොමැති තරම් වන අතර මෙය බොහෝ විට පශු වෛද්‍යවරුන් අතර canine flu ලෙස හැදින්වෙයි.

හයවන කොළරා මහා වසංගතය

මරණ සංඛ්‍යාව - මිලියන 1.5 යි.
රෝග කාරකය - විබ්රියෝ කොලෙරා බැක්ටීරියාව
බලපෑමට ලක් වූ කළාපය - ඉන්දියාව,මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, රුසියාව ඇතළු නැගෙනහිර යුරෝපය
කාල ප්‍රාන්තරය - 1899 - 1923

දහනව වන ශතවර්ෂයෙහි අගභාගයේදී ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයෙන් ඇරඹ අට ලක්ෂයක් ඉන්දියානුවන් මරා දමා මැදපෙරදිගටත්, ඉන් උතුරු අප්‍රිකාවට හා නැගෙනහිර යුරෝපයටත් පැනගති. 1900 වනවිට පිලිපීනයෙහි දිනෙන් දින උග්‍ර වෙමින් පැතිර යමින් වසර දෙකක් ඇතුළත එහි අග්‍රාමාත්‍යවරයා ඇතුළු ලක්ෂ දෙකක් හා 1900 සහ 1923 අතරතුර රුසියාවේ තැනින් තැන පන්ලක්ශයකට මරු කැදවීමට සමත් වූ හයවන කොළරා මහා වසංගතය හත්වන සහ අවසාන මහා වසංගතය 1961 හි දී ඇති වීමට ඉඩ ඉතිරිකොට තබා 1923 හි දී නිහඩ විය.

ආසියාතික උණ

මරණ සංඛ්‍යාව - මිලියන 02 යි.
රෝග කාරකය - ඉන්ෆ්ලුවන්සා A වෛරසයෙහි H2N2 මාදිලිය
බලපෑමට ලක් වූ කළාපය - චීනය, සිංගප්පූරුව, හොංකොං ඇතුළු අග්න්දිග ආසියාව, ඇමෙරිකාව
කාල ප්‍රාන්තරය - 1957 - 1958

වල් තාරාවන්ගෙන් බොහෝවිට ආසාදනය වන්නට ඇතැයි සැළකෙන ආසියාතික උණ වසංගතය 1956 දී චීනයේ ගුයෑං ප්‍රදේශයෙන් පළමුව හටගති. ඉන්පසු සිංගප්පූරුවටත්, ඒ හරහා ඇමෙරිකාවටත් පසුව අග්නි දිග ආසියාවටත් පැතිර ගති. 1957 වසරෙහි අග භාගයෙහි නිපදවුනු ඉන්ෆ්ලුවන්සා එන්නතක් මගින් රෝගය පාලනය කරගන්නා විට ඉන් මිනිස් ජීවිත මිලියන දෙකක් තුරන් වී තිබිණි.

වසූරිය - ජපන් පර්ච්ජේදය

මරණ සංඛ්‍යාව - මිලියන 2 - 3.5 යි (ජපන් ජනගහනයෙන් 35%-60%)
රෝග කාරකය - වැරියෝලා මේජර්
බලපෑමට ලක් වූ කළාපය - ජපානය
කාල ප්‍රාන්තරය - 735-737

වසූරිය පිළිබද දීර්ඝ ලිපියක් ලිවිය යුතුය. මහාමාරියේ කළු මරණය මෙන් මෙහිද ඉතිහාසය පිටුවෙන් පිටුව පෙරළා, පූර්ණ විග්‍රහයක් සිදුකළ යුතුය. එතෙක්, මේ ලිපිය සම්පූර්ණ කරනු වස් වසූරියේ ඒ ඒ වසංගතමය පරිච්ඡේද පිළිබද පමණක් සැකවින් ලියා තබමි.

වර්ෂ 735 හි අගෝස්තුවෙහි කොරියානු අර්ධද්වීපයෙහි සිට ක්යූසූ දූපත් උතුරු කළාපය වෙත පැමිණි ධීවරයෙකු විසින් ජපානයට නුපුරුදු වසූරිය රැගෙනවිත් තිබිණි. වර්ෂ 736 වනවිට දූපත මිනිස් වාසයෙන් තොරව යන තරමට වසූරිය එක එකා බැගින් ගිලගෙන තිබිණි. එම වසරේම කොරියානු කළාපයෙහි දූත මෙහෙවරක් සදහා අගනුවරෙහි සිට පැමිණි ජපන් දූත පිරිසක් ක්යූසූ වෙත ළගා විය. උන් එකෙකු හෝ කොරියාවට යාම සදහා ජීවිතය රැකගන්නට සමත් වූයේ නැත. ආසාදනය වී සිටියදී අගනුවරට යළි පළා ආ නිළධාරීන් දෙදෙනෙක් මුළුමහත් නැගෙනහිර ජපානයටම හා කන්සායී හී නාරා වෙත වසූරිය කැන්දා ආහ. ඉන් උන් බොහොමයක් අප්‍රකට වේදනාබර මරණයකට ගොදුරු වී ජන්මාන්තර ගතවිය. 737 හි දි වසංගතය අවසන් වනවිට ජපානයේ උක්ත වටපිටාවල සැතපුම් සියක් සිය දුර අශාවකට කන වැකෙන්නට මිනිස් හඩක් ඉතිරිව තිබුනේ නැත.

මේ ලැයිස්තුව පුරා ඔබ වරින් වර වසූරිය දකිනු ඇත. එහි ප්රචන්ඩ අමානුෂිකත්වය දැක ඔබ බොහොමයක් භීතියෙන් ඇළලී යනු නියතය. නමුදු ඒ සියල්ලට පෙර ඔබ, වසූරිය වර්ෂ 1977 හි දී මෙලොවින් සම්පූර්ණයෙන්ම තුරන් කොට අතු ගා දැමූ බැව් දැනගත යුතුය. දැන් ඔබට බිය නැත. ඒ තරම් බිය නැත.

කොකොලිස්ට්ලි

මරණ සංඛ්‍යාව - 1545 සිට 1548 දක්වා මිලියන 15 යි,1576 හිදී මිලියන 2.5 යි.(ncbi)
රෝග කාරකය - නොදනී! (සැල්මොනෙල්ලා එන්ටෙරිකා විය හැක.)
බලපෑමට ලක් වූ කළාපය - ඇස්ටෙක්, මිස්ටෙක් අධිරාජ්‍ය ඇතුළු වත්මන් මෙක්සිකෝ භූමි භාගය.
කාල ප්‍රාන්තරය - 1545-1548/1576

පළමුව නගර වැසියා කහ ගැහිණි. ඒ සමගම හටගත් උග්‍ර උණකි. කහවන්ව තැඹිලි පැහැයට හැරුනු උන්ගේ නහයෙන් ඇසින් රුධිරය ගලා එන්නට විය. ඉන්පසු දිව තද පැහැව අදුරු කබොලක් බවට පත්වන විට දෙකණ පිටුපසින් කුඩා ගැටිත්තක් මතුවිය. ඇතැම් ගැටිත්තක් විශාලව මුහුණ හා ගෙල වසා පැතිරගති. තද කළුව මුත්‍රා පිටවූවෝ ඉක්මණින් මරු වැළද ගත් හ. ඇතැමෙක් මායාරූපී විකාර ඇස් විවර නින්දක දැකගත් හ. තවෙකෙකු වේදනාකාරී වලිප්පුවක ගෙවී ගිය හෝරා ගණනක් අහවර සදහටම නිශ්චල විය. සියල්ලටම ගතවූයේ දින පහක් පමණි. ඇස්ටෙක්වරු ඊට කොකෝලිට්ස්ලි කියා කීහ. ඒ උන් අදහසින් මහා වසංගතය යන්නයි.

වසූරියෙන් දුර්වලව අඩපණව(ලැයිස්තුවේ ඉදිරියේදී වෙනම විස්තර කෙරේ), අභ්‍යන්තර ගෝත්‍රික සටන් හා අසමගිය ඇතුළු බොහෝ දෑ හේතුකොට විභූතිමත් ඇස්ටෙක්වරු සිය ශිෂ්ටාචාරීය චාරිකාවේ අවසන් ඉසිඹුව ඉන් සනිටුහන් කරගෙන තිබිණි. දැන් උන් යුරෝපීය කුලවතා ගේ දාසයෙකි. අවියේ බලයෙන්, නාදුන්න ආගමක් හිස් මත පටවා, බිම කණින පැල වවන ඒ නෙළන වහල් ගොවිකම අත රන්දා උන් මුඩුක්කු බිම් තීරුවල සිර කෙරුණි. ඒ මතම යුරෝපයෙන් ආනයනය කෙරුණු කුකුළන්, ඌරන්, බැටළුවන් ගාල් කෙරුණි. උනුන් නොදන්නා, ඇසින් නොදකිනා ජීවී පරම්පරා සියක් දහසක් උනුන් හමු වී දොඩමළුව තම ශක්ති ප්‍රමාණ උරගා බැලීමට මග බලා ඉන්නට ඇත.

කොකෝලිට්ස්ලි යනු සැබවින් කුමක් විය හැකි ද?

පසුකාලිනව යුකන්දාවෙහි ටෙපොස්කොලූලා පෙදෙසින් සොයාගත් ඇස්ටෙක් ගෝත්‍රික අස්ථි සහ ඉතිරිව හමුවූ දන්ත සැකිලි ඇතුළු මානව අවශේෂ විසිහතරක් මත පැවත් වූ ජානමය පරීක්ෂණ රැසකින් පසු බොහෝ විට සැල්මොනෙල්ලා කුලයේ සැල්මොනෙල්ලා එන්ටෙරිකා වර්ගයේ බැක්ටිරියාවකින් ඇතිකල, ටයිෆොයිඩ් හා සම, ආන්ත්රික උණක් ඊට හෙතුවන්නට ඇති බව තීරණය කෙරිණි. ඒ අනුව ඉන් ආසාදනය වූ ඕනෑම අහරක්, ජල බිදිත්තක් නව්‍ය ලෝකයේ පුරාණ ඇස්ටෙක් වැසියාට ලියවුණු නිශ්චිත මරණ වරෙන්තුවක් විය.

වර්ෂ 1200 හි මිය යන්න ඇතැයි සැකකෙරුනි නෝර්වීජියානු ජාතික කාන්තාවකයේ සිරුරෙහි තිබී ශිෂ්ඨාචාරයක් වැනසූ සැල්මොනෙල්ලා එන්ටෙරිකා ට සර්වසම DNA අනුක්‍රමයක සාක්ෂ්‍ය පසුකලෙක සොයා ගැණිනි. එසේ නම් මෙක්සිකෝ බිම් මත මහා ජන සංහාරය සිදුවීමට සියවස් තුනකට ප්‍රථමව, අත්ලාන්තික සාගරයට මෙපිටින් වූ යුරෝපයට ආන්ත්රික උණ හුරුපුරුදු වී තිබෙන්නට ඇත. එවන් එකමෙක බැක්ටීරියා බිදිත්තක් එක් ආසාදිත සොල්දාදුවෙකු හරහා නවමු පාංශු සාගරයක් මත උන්ට රිසි මරණීය රමණයට ඉඩහැර දමන්නට පුංචි අවකාශයක් ප්‍රමාණවත් වන්නට ඇත!SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-66194246395299420482020-01-30T23:24:00.002-08:002020-01-30T23:24:19.579-08:00කුලය_බලය_සහ_එහි_ආරම්භය...

කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, ඒ මතය වෙනස් කිරීමකට නොව; අතීත ලංකාව තුල එවැනි පන්ති පරතරයක් තිබූ බව අප දැන සිටිය යුතුය.

පැරණි ශී‍්‍ර ලංකාවේ යක්ෂ, නාග, රක්ෂ සහ දේව ලෙස කණ්ඩායම් 4ක් සිට ඇත.

නමුත් කුලය වශයෙන් හඳුනාගන්නා කණ්ඩායම් පැවතියේද යන්නට මූලාශ්‍ර නැත.

ඉන්දියාවේ සිට විජය කුමරුන්ගේ ආගමනයත් සමග යක්ෂ, නාග, රක්ෂ හා දේවයන් ඉක්මවා විජයගේ සහපිරිවර මගින් නව ශිෂ්ටාචාරයක් ආරම්භ විය.

මෙය; මෙරට අද පවතින කුල ක්‍රමය ඇති වීමට යම් ආරම්භයක් වන්නට ඇත.

විජය රජුගේ ආගමනය සේම ලංකාවේ කුල ක්‍රමය සංස්ථාපනයවීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ප්‍රභල හේතුවක් විය.

තවද ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයට සමාන්තරව විවිධ ශීල්පයන්හි ප්‍රවීණත්වය දැරූ කුල_32 ක පිරිස් මෙරටට පැමිණිම සහ ඔවුන් අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පදිංචිවී මෙරට සමාජයට අනුගත වීමද හේතු විය.

මෙම කුලයන් අනුරාධපුර යුගය අවසාන භාගය වනවිට වෘත්තිය මත පදනම්ව ව්‍යාප්තවී; උසස් කුල හා නීච කුල වශයෙන් සමාජ ස්ථර දෙකක් මතු විය.

පසුව කි‍්‍ර.ව. 1017 සිට 1070 කාලයේ ඇතිවූ දකුණු ඉන්දීය ආක්‍රමණය නිසා ලංකාවට දකුණු_ඉන්දීය_කුල ක්රමයේ අභාසයක්ද ලැබිණි.

මේ යනාදී හෙතු සාධකයන් නිසා පැරණි ශී‍්‍ර ලංකාව තුළ ජනාවාසකරණය සිදුවූ ආකාරයට අනුව ප්‍රධාන කොටස් 03 කට; එනම්
01. පහතරට කුල ක්‍රමය
02. උඩරට කුල ක්‍රමය
03. ද්‍රවිඩ කුල ක්‍රමය
ලෙස මෙරට කුල ක්‍රමය සංස්ථාපනය විය.

මෙම කුල ක්රමයන් යටතේ ලංකාවේ පැවති කුල නාම සමහරක් සැලකූ විට...

ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්‍රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)

කරාව (මසුන් මැරීම )

සලාගම -(කුරුදු තැලීම )

දුරාව -(රා මැදීම )

හුනු -(අළු හුනු කර්මාන්තය )

ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )

හේන /රදා -(රෙදි ඇපිල්ලීම )

වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)

කුබල් /බඩහැල -(වළන් සෑදීම )

දුර -i.වෙල්ලදුර (ශ්‍රි මහා බෝධිය රැක ගැනීම )
ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )

නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්‍ර )

බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ )

ගහල -(මළ බෙර ගැසීම )

කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය )

රොඩී/ හුළවාලි -(හිගමන )

අහිගුණ්ඨක
බඩහැල
දෙමළ ගැත්තර
ගැත්තර
හන්නාලි
භින්න
පමුණ
පොරෝකාර

1. රදළ

ලංකාවේ ඉහලින්ම පැවති කුලයයි.

රජ කුල සාමාජිකයෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා රදළ කුලයට අයත් විය.

2. ගොවිගම

ගොවි කුලයේ දෙවැනි මට්ටම ගොවිගම කුලයයි.
ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා අතර වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලයයි.

හාන්දුරු යනු ගොවි කුල පැලැන්තියේ සාමාජිකයනුයි.

3. බත්ගම/පදු

නුවර කලාපීය කුලයකි.

ගොවිතැන මෙන්ම උමං කැණීමට සමත් කමක් දක්වපු ඔවුන් කෘෂිකර්ම ක්ෂේත්රයේ කම්කරුවන් විය.

විශේෂයෙන් අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කලේ මොවුන්ය.

4. කරාව

රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වල ජීවත් විය.

රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයූවේ මොවුන් විසිනි

5. රදා/රජක

ප්‍රධාන ජීවිකාව ලෙස රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතු කල අය වෙයි.

ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයටයි.

තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මෙය දැකිය හැකියි.

6. නැකති

නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධ කටයුතු කලේ මොවුන් විසිනි.

ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම්; එකල ඔවුන්ගේ ක්ෂේත්රයෙන් ඉහලට යන්නට හේතු විය.

7. සලාගම

කුරුඳු ආශ්රිත කර්මාන්ත කරන බහුතරය වෙයි.

8. රොඩී

අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින් ජීවත් වූ; සහ සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙස කොටස් කර තිබුනේ මොවුන්ය......

මේ එ ඒ කුලයන්ට අනුව එදා බස් වහරද වෙනස් විය. දැන් නම් එය නැති තරම් ය.

•වාසගම ද කුලය හදුනා ගැනීමේ සාධකයක් විය.
පහත් යයි සම්මත කුලවල මිනිස්සු අද උවද පුවත්පත් දැන්වීම් දමා නම් වෙනස් කරන්නේ ඒ නිසා ය.

අදවනවිට කුල ක්‍රමයෙන් තමන්ට හිමිවූ රැකියාව කරන්නේ බොහොම අතලොස්සකි.

මටනම් කොහොමටත් ගොවියාගේත්, රත්තරන් බඩු කාර්මිකයාගේත් රැකියාවේ උස් පහත් කමක් පේන්නේ නැත. අපද ඔවුන්ද රැකියාවක් කරනුයේ එදා වේල සරිකර ගැනීමට ය.

"න ජජ්ඣා වසලෝ හෝතී

න ජජ්ඣා හෝතී බ්‍රාහ්මණෝ

කම්මනා වසලෝ හෝතී

කම්මනා හෝතී බ්‍රාහ්මණෝ"

මෙලෙස බුදුන් දේශනා කළේ; "උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන අතර යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ තමන් කරන ක්‍රියා අනුව පමණක්" බවය.

බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ දඹදිව පැවති බව පැවසෙන කුල භේදය සුණු විසුණු කර දැමීමට මෙම ආකල්පය ඉවහල් වූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

සුනීත, සෝපාක වැනි පීඩිතයන්ට සිය සංඝ සමාජයේ සම තැන් දෙමින් ගෞතම බුදුන් වහන්සේ එය ප්‍රායෝගිකව සනාථ කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

බුදු දහම තුළ කිසි ම භේදයකට ඉඩක් නැත. ජාති, කුල ආදී විවිධ භේද උන් වහන්සේ දැඩිව ප්‍රතික්ෂේප කළා. බුද්ධ දර්ශනයට අනුව එක ම භේදයයි තියෙන්නේ. එය බෙදෙන්නේ ක්‍රියාව අනුවයි

බෞද්ධ දර්ශනය අනුව මිනිසා බෙදෙන කොටස් දෙකකි. ඒ,

කුසල කර්ම කරන්නන්
අකුසල කර්ම කරන්නන් යනුවෙනි.

මෙහිදී කුසල කර්ම කරන්නන් උසස් අය ලෙසත් අකුසල කර්ම කරන්නන් පහත් අය ලෙසත් බෙදෙනවා.
හැබැයි එය මනස මූලික කර ගන්නා දෙයක්.
යමෙක් අප්රසිද්ධියේ අකුසල කර්මවල යෙදෙමින් ප්‍රසිද්ධියේ කුසල කර්ම කරන බව පෙන්වීමෙන් උසස් කෙනෙක් වෙන්න බැහැ,

මේ අතර, ධනය මත පදනම්ව සිදු වන බෙදීම් උත්සහය මත වෙනස් කර ගත හැකි බව ද බුදුන් වහන්සේ දේශනා කර තිබේ.
දීඝ නිකායේ සඳහන් වෙනවා උත්සහය මත දාසයෙකුට රජ කෙනෙකු වීමටත් අවස්ථාව තියෙන බව. ඒ වගේ ම රජෙක් දාසයෙකු බවට පත් වෙන්නත් පුළුවන් බව.

"හැබැයි මානව සමාජයේ තියෙන කුල ආදී කිසිදු බෙදීමක් බෞද්ධ දර්ශනයෙන් අනුමත කරන්නේ නැහැ.
බෞද්ධ දර්ශනය එවැනි බෙදීම් සියල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඒ නිසා තමයි, බෞද්ධ දර්ශනයේ සබ්බේ සත්තා (සියලු සත්ත්වයෝ) කියන හැඳින්වීම භාවිත කරන්නේ.
ඒ අනුව, සියලු දෙනා ම එකයි."SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-83203733158903038102020-01-22T20:30:00.000-08:002020-01-22T20:30:10.877-08:00සුනඛ හිස් පැළැඳි මරණයේ දේවතාව "අනුබිස්" (Anubis)

පුරාණ ඊජිප්තු වැසියන් මරණයෙන් පසු ජීවිතය පිළිබඳ තදින්ම විශ්වාස කළේය. ඇතැම් ස්ථානවල කෙනෙකු මරණින් පසු නැවත වෙනත් ආත්මයක උපදින බවට වඩා ඔවුහු දෙවියන් අතරට හෝ මළවුන්ගේ ලොව වෙත යන බව සඳහන් කර තිබේ. අතීතයේ ඊජිප්තුව තුළ 'මස්ටබාව' ලෙස හැඳින්වූයේ භූගත මිහිදන් කුටි වලටය. එකල රාජකීය වංශවත් පවුල්වල පුද්ගලයන් මෙන්ම රාජකීය නොවන අය හටද, මෙම මිහිදන් කුටි වෙන්කිරීමත් සිදුකර තිබුණි. මස්ටබාව තුළ රාජකීය පුද්ගලයකු මිහිදන් කළවිට එය අසල බිත්ති මත සිතුවම් කළේ ඔවුන් ජීවත්ව සිටින විට තිබූ තත්ත්වය, සිදුකළ ක්‍රියාවන් ආදියයි. එපමණක් නොව, එම රාජකීයා භාවිත කළ උපකරණ, වටිනා දැ, සුරතල් සතුන් අශ්වයින්, සේවකයන්ද එම පුද්ගලයා අසලම මිහිදන් කෙරූබව දැක්වේ.

එලෙසින් සිදුකළේ ඔහුගේ මරණින් පසුව ලබන ජීවිතයේද, එම පුද්ගලයාට ඒවා ප්‍රයෝජනයට ගතහැකි බව ඔවුහු තදින්ම විශ්වාස කළ බැවිනි. ඇතැම් රාජකීයන්ගේ සේවකයන් පණ පිටින්ම එම ස්ථානවල වළ දැමූ බව ඉතිහාසය තුළ සඳහන් වුවත් එය අදටද ඉතිහාසඥයන් තර්කානුකූලව සිතාබලන කරුණකි. මේ මස්ටබා තුළ ආරක්ෂකයකු සිටියේය. මරණයේ සහ සොහොන් බිමට අධිපති දේවතාවා ලෙස ඊජිප්තු ඉතිහාසයේ, සඳහන් වන්නේ, "අනුබිස්" (Anubis) නමින් හඳුන්වන කෙනෙකුය. ඔහු සුනඛ හෝ හිවල් හිසක් පැළැඳ සිටින්නෙකු ලෙස සැලකේ. කෙසේවෙතත් හේ, මිථ්‍යාවක්ද, නැතහොත් සැබෑවක්ද යන්න එකිනෙකට දොaලනය වන කරුණකි. ඒ ඉතිහාසයේ ඇතැම් ස්ථානවල පවා ඔහු සත්‍යක්ම බව හුවා දක්වන කරුණු දැක්වීම හේතුවෙනි. කෙසේ වෙතත්, ඔහු ගුප්ත ලෙස ජීවත් වූ පුද්ගලයකු විය. 'අනුබිස්' ලෙස ග්‍රීක බසින් හඳුන්වනු ලබන්නේ, මමීකරණය සහ ඊජිප්තු ආගමික තත්ත්වයට අනුව මරණයෙන් පසු ජීවිතයේ, සම්බන්ධකරු ලෙසයි. මොහු සුනඛ හිස් පැළැඳි මිනිසා ලෙස හඳුන්වනු ලැබුවේ, නිතරම කළු වර්ණ සුනඛ හිසක් පැළඳ සිටි බැවිනි.

ඊජිප්තුව තුළ දේවත්වයෙන් ඇදහූ අනෙකුත් දෙවියන් මෙන් අනුබිස් විවිධ ක්‍රියාවන්හි සුවිශේෂීබව කැපීපෙනුනු අයෙකු විය. ක්‍රි.පූ.3100-2890 පළමු රාජවංශය සිටි කාලවකවානුව තුළ මස්ටබා නැතහොත් සොහොන් බිම්වල ආරක්ෂකයා ලෙසද, මමීකරණ ක්රියාවේ යෙදෙන්නකු ලෙසද හඳුන්වාදී තිබුණි. කළුවන් සුනඛ හිසක් පැළඳ සිටි මොහුගේ පහළ කොටස මිනිස් සිරුරකි. ඔහු පැළඳ සිටි හිවල් නැතහොත් සුනඛ හිසට කළුවර්ණය එක්කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ සශ්රීකත්වයත් මරණින් පසු ලබන උත්පත්තිය පිළිබිඹු කිරීමටත්ය. අනුබිස් ගේ දෙමාපියන් ලෙස ඉතිහාසය තුළ සඳහන් වන්නේ හුදෙක් මිථ්‍යාවන්ය. එක් මිථ්‍යාවක් වන්නේ ඔහු Nephtys දෙවඟනගේ සහ මළවුන්ගේ ලොවට අධිපති ඔසිරිස්ගේ පුත්‍රයා වන බවයි. කෙසේ වෙතත් හේ සක්‍රීයව දායකවූ කාර්යයන් වනුයේ මළ සිරුරු කල්තබා ගැනීමේ ක්‍රමවේදයන් නැතහොත්, මමීකරණය කිරීම මෙන්ම මස්ටබා තුළදී සිදුකරන ආගමික පුදසිරිත් සහ මළ මිනිසුන්ගේ මතු ආත්මයට නිදහස ලබාදීම, ඔහු හෝ ඇය ඒ හා සම්බන්ධ කිරීම වැනි බලය ලත් තැනැත්තකු ලෙසය. ඇතැම් ස්ථානවල ඔහු ආරක්ෂකයකු නොව පාලකයකු බවද දැක්වේ. එමෙන්ම ග්‍රීක සම්භවයක් ඇත්තකු ලෙසද විශ්වාස කෙරේ. නමුත් හුදෙක් මේවා මතයන් පමණි. අනුබිස් සිදුකළා යෑයි පවසන ක්‍රියාවන්වල ඉහළින්ම තිබෙන්නේ, සොහොන් ගැබ්හි ආරක්ෂකයකු ලෙසය. එකල බොහෝ මළසිරුරු තැන්පත් කරන සොහොන් පැවැතුනේ, නයිල් නදියේ බටහිර තැනිතලා භූමියේ, බව පැවසේ. ඇතැම් සොහොන් බිම් ඉදිරිපිට තිබූ කුටි තුළ සුනඛයන් මෙන්ම හිවලුන් ආරක්ෂාවට සිටි බව දැක්වෙන අතර ඔවුන්ව පාලනය කළේ, අනුබිස් විසින් බව පැවැසේ. අනුබිස් හට මිනිස් ශරීරය පිළිබඳ විශේෂිත දැනුමක් තිබූ බව පැවැසෙන අතර ඔහු මමීකරණ කාර්යය තුළ සුවිශේෂී වර්ධනයක් ඇතිකළ බව හුදෙක් මිථ්‍යා විශ්වාස අතර සහ ඉතිහාස කරුණු තුළද, දක්වා තිබේ. මේ සෑම ක්‍රියාවක් අතරතුරම දිගු කන් සහිත කළු සුනඛ හිසක් සහ රතු රිබන් පටියක් පැළඳ සිටි බව දැක්වේ. මේ නිසා ඔහු කුමනාකාරයේ පුද්ගලයකුද බව සිතාගැනීම අපහසුය. ඊට හොඳම නිදසුන ටූටන්කාමන් සොහොන තුළ ඇති ඔහුගේ සිතුවම්ය. මළ සිරුරු කල්තබාගැනීමට අනුබිස්, විවිධ ඖෂධ, සුවඳවත් දැ යෙදූබව දැක්වෙන අතර, මියගිය පුද්ගලයාගේ ඥතීන් ඊට ඔහුට අනුග්‍රහය දැක්වීමෙන් සිදුකළේ, අනුබිස් හට වැඳුම් පිදුම් කිරීමක් හා සමානවය. මන්ද ඒ තුළින් තම මියගිය ඥතියාට මරණයෙන් මතු ජීවිතයට ඉහළින්ම දායකත්වයක් ලබාදීමට අනුබිස් පෙළඹේවී යෑයි ඔවුන් විශ්වාස කළ බැවිනි. මේ නිසා ඊළඟ කාරණය වන්නේ ඔහු මියගිය පුද්ගලයන්ට ඉදිරි භවයට මඟපෙන්වන්නකු ලෙස කටයුතු කළ අයෙකු බවයි. මෙය හොඳින්ම පැහැදිලි වන්නේ සොහොන් බිම්වල, ඔහුගේ රූපය සිතුවමට නගා තිබීමයි. මේ නිසා ඇතැම් ස්ථානවල ඔහු මළවුන්ගේ ලෝකයෙහි, පාලකයකු විය හැකි බවද හඳුන්වා තිබිණි.

මේ නිසා මළවුන්ගේ ලොවට අධිපති ඔසිරිස් වෙත යැමට අනුබිස් විසින්, මඟපෙන්වූ බව කියනු ලැබේ. ඇතැම් ස්ථානවල ඔහු සිතුවමට නගා තිබෙන්නේ "තරාදියක්"ද සමඟය. මේ පිළිබඳවද, යම් අත්භූත ආකාරයේ විශ්වාසයන් තිබේ. අනුබිස් විසින් මරණයේ බිමට (මළවුන්ගේ ලොවට) යැමට යෝග්‍ය පුද්ගලයන්ගේ, හදවත (විශ්වාසය වන්නේ, එයින් අදහස් කරන්නේ ආත්මය බවයි) මැන බැලූ බව එම සිතුවම් වලින් පිළිබිඹු වන බව අදහසයි. ඔහු ඒ සඳහාම සැකසූ තරාදිය සමඟ 'පස්බර පිහාටුවක්' භාවිත කළ බව පැවසේ. පිහාටුවට වඩා හදවත බරින් වැඩිනම් එම පුද්ගලයාව 'අමිත්' (Ammit) නම් මළවුන්ගේ ලොවෙහි යක්ෂයෙකුට බාර කරනු ලැබේ. එහි අදහස එම පුද්ගලයාගේ හදවත අපිරිසිදු බවයි. හදවත පිහාටුවට වඩා බරින් අඩු නම්, එනම් ආලෝකවත් නම්, එම පුද්ගලයාට දිව්‍යමය ලොවකට අවතීර්ණ විය හැකි බව අදහස විය. මෙවැනි ආකාරයේ එකල පටන්ම, පැවැතගෙන ආ විශ්වාසයන් අනුබිස් දෙවියන් වටා විය. අතීතයේ පටන් අද දක්වාම ඔහු එකල ජනයා විසින් දේවත්වයෙන් ඇදහූ බව කියනු ලැබුවේ, ඔහු සතු ගුප්ත බලයන් සහ ක්‍රියාවන් හේතුවෙනි. අදටද, පෞරාණික සොහොන් ගැබ්වල බිත්ති මත අනුබිස් දෙවියන්ගේ, සිතුවම් දැකගත හැකිය. ඒ එම සොහොන් ගැබ්වලටද, ඒවා අයිති මළගිය පුද්ගයන්ටද, ඔහුගෙන් ආරක්ෂාවක් ලැබේවි යෑයි ඇති විශ්වාසයටය. ඔහු පිළිබඳ පවතින මිථ්‍යාවන් හෝ ඉතිහාස කරුණු වල සත්‍ය අසත්‍ය බව අදටද නිශ්චිතව සොයාගෙන නොමැත.

එහෙත්, ඊජිප්තුවේ, නැගෙනහිර "Saqqara" ප්‍රදේශයේදී, (එය එකල හඳුන්වනු ලැබුවේ Anubeion නමිනි.) සිදුකළ කැණීම් වලින්, මමීකරණය කරන ලද සුනඛයන් සහ හිවලුන් සොයාගෙන තිබෙන බව වාර්තා වේ. එසේනම්, 'අනුබිස්' යනු සත්‍යයක්ද, මිථ්‍යාවක්ද යන්න ඉතිහාසය ඇසුරින් තවදුරටත් විමසා බැලීමට සිදුවනු ඇත.SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-70980947818392885932020-01-22T02:31:00.000-08:002020-01-22T02:31:18.898-08:00මොහොතක්_ගෙන_කියවන්න..

සාමාන්‍යයෙන් මරණ දන්ඩණය නියම වෙන සිරකරුවෙකුගෙන් නිළධාරීන් අහනවා තමන්ගේ අන්තිම කැමැත්ත මොකක්ද කියලා... ඇමරිකාවේ විදුලි පුටුවේ ඉන්දවලා මරන්න නියම වෙච්ච් සිරකරුවෙකුගෙන් මෙසේ අන්තිම කැමැත්ත මොකක්ද කියලා අහනකොට එයා ඔවුන්ගෙන් කොලයක් සහ පෑනක් ඉල්ලනවා...

ඊට පස්සේ ඔහු මෙහෙම ලියන්න පටන් ගන්නවා...

ආදර්ණීය අම්මේ...

අද මේ රටේ නීතිය සාධාරණ නම්, අද මම සමග ඔබත් මේ මරණයට මුහුණ දිය යුතුයි...
මට එහා පැත්තෙන් තිබෙන විදුලි පුටුවේ ඔබත් මා සමග සිටිය යුතුයි...
මේ විදුලිසැර ඔබටත් වැදිය යුතුයි...
ඔබද මරණයට පත්විය යුතුයි...
නමුත් අවාසනාවට මේ රටේ නීතිය අන්ධයි...
ඒ නිසා අපි දෙන්නා අතීතයේ එක්ව කළ අපරාධ වලට, අද මට තනිවම මූණ දෙන්න වෙලා...

අම්මේ ඔයාට මතකද ඒ සියළු දෙයක්ම පටන් ගත්ත විදිය...
මට යන්තම් අවුරුදු 3ක් වෙනකොට මම අයියගේ රසකැවිලි හොරකම් කළා ඔබට මතක ඇති...
එදා ඔයා මට මුකුත්ම නොකියා හිටියා... මට ඒවා ගන්න එපා කිව්වේ නෑ...
ඔයාට හොදටම මතක ඇති මට අවුරුදු 5ක් විතර වෙනකොට මම අල්ලපු ගෙදර මගේ යාලුවාගේ සෙල්ලම් බඩු විටින් විට සොරකම් කරගෙන ඇවිත් ගෙදර හැංගුවා... ඔයා ඒවා දැක්කා... ඔයා මට මුකුත්ම කිව්වේ නෑ... ඔයා ඒවා නොදැක්ක ගානට හිටියා...
අම්මේ ඔයාට මතක ඇති එතකොට මට අවුරුදු 12ක් විතර ඇති, නැන්දාගේ පුතා මගෙත් එක්ක සෙල්ලම් කරලා ඉවර උනාම මම එයාගේ බෝලේ ගරාජ් එකේ හැංගුවා... ඔයා ඒක දැකලත්, එයා ඒක හොයනකොට ඔයා
බෝලේ දැක්කේ නෑ කියලා එයාට කිව්වා...
ඔයාට මතකද මම අවුරුදු 15ක් විතර වෙනකොට ඉස්කෝලෙන් කට්ටි පනින්න ගත්තා... තාත්තට ඕන උනා මට දඩුවම් කරන්න... නමුත් ඔබ ඒකට ඉඩ දුන්නේ නෑ වගේම ඒ අවස්ථා වලදී තාත්තා එක්ක නිතරම රංඩු උනා මාව බේරගන්න... සමහර වෙලාවට ඔයා නිතරම මම කොච්චර වැරදි කළත් මාව නිවැරදි විදියට කියමින් මගේ පස්සෙන් හිටියා... ඔබ නිතරම කිව්වේ මම තවමත් තරුණයි සමහරවිට මගේ ගුරුවරු වැරදි වෙන්න ඇති එයාලා මට මොකක් හරි වැරද්දක් කරනවා ඇති ඒකයි මම පාසැලට යන්නේ නැති වෙන්න හේතුව කියලා...
ඔබ හැම වෙලාවේම මාව ආරක්ෂා කළා...
මට අවුරුදු 17ක් විතර වෙනකොට ඔයාට මතක ඇති මම ගෙවල් ලග ගෙදරකින් බයිසිකලයක් හොරකම් කළා... ඔයා ඒ ගැන කාටවත්ම කිව්වේ නෑ... මම ඒක වෙන කෙනෙකුට විකිණුවත් ඔයා සද්ද නැතුව හිටියා...
ඔයා මට ගොඩාක් ආදරය කළා... ඔව්... ඔයා මට ගොඩාක් ආදරය කළත් මාව හරි මගට ගන්න, මාව හරියට හදන්න මාව නීතිගරුක කෙනෙක් කරන්න ඔයාට ඕන උනේ නෑ... ඔයා නිතරම මාව හුරතල් කළා...
ඒක නිසා ටිකෙන් ටික පටන් ගත්ත හොරකම, වංචාව ටිකෙන් ටික වැඩි උනා... අද මම මේ විදුලි පුටුව පෙනි පෙනී මරණය අභියස ඉන්නේ බැංකුවක් මංකොල්ල කාලා, මිනිහෙකුත් මරලයි... මම පොඩි කාලෙම ඔයාට මාව හදන්න තිබ්බා... හොද මගට ගන්න තිබ්බා... හොද නරක කියා දෙන්න තිබ්බා... ඒත් දැන් ඒවාට පරක්කු වැඩියි... ඔබ මෙය කියවනවිට මම මේ ලෝකේ නෑ අම්මේ...

ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...
මීට ඔබේ ආදරණීය පුතා...

ඔහුගේ අන්තිම කැමැත්ත අනුව ඔවුන් ඔහුගේ ලිපිය මවට ලැබෙන්නට සැලස්සුවා...

ඔබට ඔබේ දරුවාට ආදරය කරන ගමන් ඔවුන්ව නීතිගරුක කරන්න ඔබට ඕන තරම් වෙලාවක් තියෙනවා...
ඒ නිසා ඔබ ඔබේ දරුවාට ආදරය කරන ගමන් ඔවුන්ව නීතිගරුක පුරවැසියෙක් කරවීමට අමතක නොකරන්න...

උපුටා ගැනීමකි❤️SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-67730013062526641082020-01-21T02:40:00.002-08:002020-01-21T02:43:18.020-08:00මුගටියන්ගෙන් බලඇණියක් හදපු ලෝකයේ ප්‍රථම රට ලංකාවයි.

යුධ හමුදාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට, මුගටියන් යොදාගෙන පුහුණු පරීක්ෂණයක් කලා. ඒ පරීක්ෂණයේදී සොයාගත් දේ අපි කාටත් සිතාගැනීමට අසීරු දෙයක්.

බෝම්බ, වෙඩි බෙහෙත් වගේ දේවල් හොයාගන්න සුනඛයන් සතු තියුණු ඉව යොදා ගන්නා බව අපි කවුරුත් දන්නා කරුණක්. නමුත් මුගටියන්ටත් එලෙසින්ම පිහිටා තිබෙන ඉව ඇල්ලීමේ හැකියාව බෝම්බ, වෙඩි බෙහෙත් හොයාගැනීමට භාවිතා කරන්න පුලුවන් කියල තහවරු උනේ මේ පරීක්ෂණයේදීය.

ඒ අනුව, ලෝකයේ ප්‍රථම වතාවට මුගටි බලඇණියක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවටය.

ලෝකයේ වැඩිපුරම ඉව සහිත සතුන් ලෙස වාර්තා වන්නේ
01. වළසා
02. බීවර්
03. මුගටියා
04. මෝරා
05. අලියා
06. මීයා
07. මී මැස්සා
08. සුනඛයා
09. බළලා

මුගටියන් යුධ සෙවුම් මෙහෙයුම් සදහා යොදාගැනීමේදී අපිට ලැබෙන වාසි කිහිපයක් තිබේ.

01. ගඳ සුවඳ දෙක වෙන වෙනම හඳුනාගැනීමේ හැකියාව ඇත.
02. යම් දෙයක් කිරීමට එකවර පුහුණුව ලබාදුන් පසු එය නැවත නැවත කිරීමට මුගටියන් තුළ ඇති කැමැත්ත.
03. නැවත නැවත පුහුණු කිරීම අවශ්‍ය නොවීම.
04. මුටියන්ගේ ඉව ජලය නිසාවෙන් ඛණ්ඩනය නොවීම.
05. ලංකාවේ ඕනෑම පරිසර තත්වයක් යටතේ ජීවත්වීමට ඇති හැකියාව.
06. සුනඛයන් මෙන්ම හීලෑ කරගැනීමට ඇති හැකියාව.
07. නඩත්තු කිරීමේ වියදම්ද සාපේක්ෂව අඩු වීම.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ මෑතකදී විශ්‍රාම ගිය ඉංජිනේරු බලඇණියේ හිටපු සේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න මහතාට වන අතර මෙම ව්‍යාපෘතිය එතුමාට භාර දී ඇත්තේ හිටපු යුධ හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතාය.

පළමු අදියර ලෙස මුගටියන් ලවා වෙඩි බෙහෙත් හා බෝම්බ සඟවා ඇති තැන් සොයාගන්නා අතර මුගටියා හසුරවන්නා විසින් ඒවා ගොඩ දමනු ලබයි. මුගටියාට ඒවා ගොඩ දැමීමට ද හැකියාවක් ඇති නමුත් ඒ සදහා තවත් පුහුණු කොට මුගටියන්ගෙ ආරක්ෂාව ඉහළ දැමූ පසු එම පියවරට ළඟාවෙන බව ආරංචි වෙයි.

මේ සදහා මුගටියන් කඳවුර තුළම බෝ කර මාස හයක් වර්ධනය වීමෙන් පසු වසරක පමණ කාලයක් අදාළ පුහුණුව ලබාදී මෙම ව්‍යාපෘතියට යොදවාගැනීම අභිලාෂයයි.

සුනඛයන් මෙන්ම මීමැස්සන්ද මීයන්ද යුධ මෙහෙයුම් සදහා යොදාගෙන තිබෙනු අපි මීට පෙර දැක තිබුනද මුගටියනද අපිට ඉදිරියේදී දක්නට ලැබේවි.

|චතුර රුවන් වීරක්කොඩිSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com1tag:blogger.com,1999:blog-6237556333578073476.post-26466769174188839142020-01-20T02:57:00.000-08:002020-01-20T02:57:25.279-08:00අපිව ටික ටික මරවන AJI-NO-MOTO (MSG) අජි-නෝ-මොටෝ...

සත්ත්ව ශරීර තුළ අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ලයක් වශයෙන් ග්ලූටමික් අම්ලය (Glutamic acid) ක්‍රියා කරයි. එය ශරීරයේ පඨක සෑදීමේදී ද මොළයේ ස්නායු සෛලවල (නියුරෝනවල) සංඥා ක්‍රියාකාරීත්වයට උදව්වන රසායනයක් ලෙස ස්වභාවික ග්ලූටමික් අම්ලය ක්‍රියා කරයි.
අජිනොමොටෝ යනු සෝයා ප්‍රෝටීන රසායනික ක්‍රියාවලියකට ලක්කර කෘතීමව සාදාගන්නා ග්ලූටමික් ඇසිඩ්වල සෝඩියම් ලවණය වේ. එය Monosodium glutamate ලෙස රසායනිකව හඳුන්වයි. මෙය මුළින්ම ජපාන විද්‍යාඥයෙකු වන Kikunae Ikeda විසින් මූදු පැළෑටි වලින් නිස්සාරණය කර නිපදවන ද්‍රව්‍යයක් වන අතර එය රස උද්දීපන ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා දෙන ලදී.
Ikeda සහ ඔහුගේ සහකරුවෙකු විසින් මෙම රසකාරකය කෘතීමව නිපදවීමට “Ajinomoto” නැමැති සමාගම ආරම්භ කළේය. අදටත් ලෝක MSG නිෂ්පාදනයෙන් වැඩිපුර ප්‍රමාණයක් නිපදවන්නේ “Ajinomoto” සමාගම වේ. එමෙන්ම “Ajinomoto” සමාගම අද වනවිට සුවිශාල බහුජාතික සමාගමක් බවට පත්වී ඇති අතර එය ලොව ප්‍රධාන බෙහෙත් නිෂ්පාදනය කරන සමාගමක් ද වේ.
MSG ලෝකයට හඳුන්වාදුන් “Ajinomoto” සමාගම MSG හි වෙළඳ නාමය ලෙස හඳුන්වා දුන්නේ ද Ajinomoto නාමයම විය. එම නිසා ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනා MSG දන්නේ Ajinomoto ලෙසයි. එම නිසා මෙම ලිපියේ ද MSG යන්න Ajinomoto ලෙස හඳුන්වන්නෙමු.
ශ්‍රී ලංකාව තුළද 1977 විවෘත ආර්ථිකයේ අතුරු ඵල ලෙස මෙම රසකාරක ශ්‍රී ලංකාව තුලට ද ගලා ආ අතර රේඩියෝව හා රූපවාහිනිය මඟින් ඇති කළ බලපෑම මත අද වනවිට ශ්‍රී ලාංකීය ඒකපුද්ගල අජිනොමොටෝ පරිභෝජනය වර්ෂයකට ග්‍රෑම් 110 ක් පමණ වේ.
මේ අනුව වර්ෂයකට ශ්‍රී ලංකාව ආනයනය කරන ප්‍රමාණය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 2200 ක් පමණ වේ. මෙය අති විශාල ප්‍රමාණයක් වේ. උදාහරණයක් වශයෙන් අඩි 20 කන්ටේනර් 46 කට ඇසිරිය හැකි ප්‍රමාණයක් වේ. (එක් කන්ටේනරයකට ටොන් 15 බැඟින් පැටවිය හැකි යැයි ගණන් ගතහොත්) මෙසේ අසුරන ලද අඩි 20 කන්ටේනර් පැටවූ ලොරි පාරක එකට එක යා වන පරිදි නවත්වා තැබුවහොත් කිලෝමීටර් 1.5 ක දිග ලොරි රථ පෝලිමක් තරම්වන විශාල තොගයක් වේ. තවත් විදිහකින් කිවහොත් දිනකට ශ්‍රී ලාංකිකයින්ගේ MSG පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 06 ක් පමණ වේ.
අජිනොමොටෝ සඳහා 2013 වර්ෂය තුළ ආනයනික වියදම පමණක් රුපියල් මිලියන 364 කි. මෙය පැකට් කර සිල්ලර වෙළඳපොලට එන විට රුපියල් මිලියන 2000-5000 ක් වැඩි වටිනාකමකින් යුත් අභ්‍යන්තර වෙළඳපොලක් වේ. අදවනවිට ලෝක වෙළඳපොලෙහි MSG සඳහා පවතින ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 1.1 ක් වේ. (MT 1100000) මෙය ඉතා විශාල වෙළඳපොලක් වේ. ලෝකය තුළ මේ සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මේවා නිපදවන හා බෙදා හරින සමාගම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී.
අජිනොමොටෝ සෞඛ්‍යයට කෙසේ බලපායිද ??
ඉහත පැහැදිලි කළ ආකාරයට අජිනොමොටෝ යනු බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කර බෙදාහරින ද්‍රව්‍යයකි. එය වර්ෂයකට ටොන් 1100000 ක වෙළඳපොලකි. අජිනොමොටෝ යනු සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍යයක් ලෙස 1960 වැනි ඈත වකවානුවලදී පවා විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති කරුණක් වන අතර එය සායනික අත්දැකීම් තුළින් ඔප්පුකර පෙන්වන ලද්දකි. පෙරකල Chinese Restaurant Syndrome ලෙස එය හඳුන්වන ලදී. දෙවන ලෝක යුධ සමය තුළ ජපාන හා චීන ආහාරවලට පුරුදු වූ ඇමරිකානු සොල්දාදුවන් මෙම MSG රස සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙස අජිනොමොටෝ ඇමරිකාව තුළද සීග්‍රයෙන් පැතිර ගියේය. එමෙන්ම ඇමරිකානු සමාගම් ද මහා පරිමාණ වශයෙන් MSG නිෂ්පාදනයට අවතීර්ණ වූ අතර ඇමරිකානු ක්ෂණික ආහාර සංස්කෘතිය තුළ MSG වලට විශාල ඉඩක් විවෘත විය. KFC, McDonald, Burger King, Wendy’s, Taco Bell, TGIF, Chili’s හා Applebee’s වැනි රෙස්ටොරන්ට්වලට කෙළ උනන කෑම කෑමට ඒමේ ප්‍රධාන රහස MSG අඩංගු ඔවුන්ගේ විශේෂ ආහාර වේ.
මෙම Fast Food සංස්කෘතිය තුළ ඇතිවන බොහෝ ලෙඩවලට MSG සෘජුවම බලපාන බව සායනිකව බොහෝ වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් ඔප්පුකර ඇත. නිතර නිතර MSG සහිත ආහාර ගන්නා අය පපුවේ කැක්කුම, ඔළුවේ කැක්කුම, වමනයට ඒම, ඉහළ හෘද ස්පන්දනය, හුස්ම ගැනීමේ අපහසුව, බෙල්ලේ හිරි වැටීම හා එය අත දිගේ හා පිටකොන්ද තෙක් පැතිරීම, ශරීරයේ පිටපැත්ත, බෙල්ල හා අත්ලෙහි පිච්චෙන ගතියක දැනීම, නිදිමත ගතිය, මලබද්ධය හා කසල මාර්ගයේ දැවිල්ල, මුහුණේ තද ගතිය වැනි රෝග ලක්ෂණ වලින් නිතර නිතර පීඩා විඳින අයවළුන් වේ.
මෙය MSG Syndrome ලෙස නූතන වෛද්‍යවරුන් හඳුන්වයි. මීට අමතරව MSG පිළිකාකාරක ද වේ. MSG ශරීරයේ මේදය තැන්පත් වීම වැඩි කරවයි. MSG පිළිකාකාරක වීමට හේතුව හා මේද තැන්පත් වීමට හේතුවද මේ වනවිට විද්‍යාත්මකව ඔප්පුකොට ඇත. MSG වල ප්‍රධාන අතුරු ආබාධය වන්නේ තරබාරු බවයි. අද ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් තරබාරු වීමට ප්‍රධාන සාධකය MSG අඩංගු Fast Food බව වෛද්‍ය Robin Sica විසින් රචිත “The Slow Poisoning America” නම් කෘතියෙන් මනාව පැහැදිලිකර ඇත.
මීයන් ස්වභාවිකව තරබාරු නැත. එහෙත් බොහෝ පර්යේෂණ සඳහා තරබාරු මීයන් කෘතීමව නිපදවනු ලැබේ. මොවුන් “Fat Rodent” ලෙස නම් කරයි. මෙම තරබාරු මීයන් සෑදීම සඳහා විද්‍යාගාරවල බහුලව භාවිතා කරන ක්‍රමවේදය නම් MSG සාන්ද්‍රණයක් ටිකෙන් ටික එන්නත් කිරීම තුළින් මීයන්ගේ තරබාරු බව උද්දීපනය කිරීමයි. මෙම මීයන් “MSG Treated Rat” ලෙස ද හැඳින්වේ. මෙම MSG එන්නත් කරන මීයන්ගේ ආග්න්යාශය තුළ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් ඉහළ දැමීම මඟින් මෙම තරබාරු බව ඇති වේ. එමෙන්ම මෙම තරබාරු මීයන් තවදුරටත් MSG ලබාදීම මගින් ඔවුන්ගේ ආග්න්යාශයෙන් ඉන්සියුලින් නිපදවන සෛල වෙහෙසට පත්වී අකර්මණ්‍ය වන බැවින් අවසාන වශයෙන් මෙම සතුන් තරබාරු බවට අමතරව Diabetic තත්ත්වයට පත්වේ. මීයන්ට මෙසේ වන්නේනම් මිනිසුන්ටත් එසේ නොවන්නේ යයි සිතිය හැකිද?
මීට අමතරව ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන Dr. Russell Blaylock විසින් රචිත Excitotoxins: The Taste that Killsයන ග්‍රන්ථයේ MSG වල විෂ ඉතා විද්‍යාත්මකව පහදා දී ඇත. MSG යනු Excitotoxineනයක් වේ. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් MSG වලට ප්‍රතික්‍රියා දක්වන සෛල අධික ක්රියාකාරීත්වයකට (Over Excite) ලක්ව පසුව ඇතිවන තෙහෙට්ටුව නිසා මෙම සෛල දුර්වල වීම හෝ මරණයට පත් වේ. Glutamic acid ස්වභාවිකව මොළයේ සමහර සෛලවල ස්නායු සන්නායකයක් ලෙස ක්‍රියා කරයි. කෘතිම Glutamic acid වලින් මෙම මොළයේ සෛල Over Excite යන තත්ත්වයට පත්වී අවසානයේ දුර්වල වේ. නැතිනම් එම සෛල මරණයට පත්වේ. මේ හේතුව මත අධික MSG භාවිතා කරන අයෙකු අවසානයේ Alzheimer’s රෝගය, Parkinson’s රෝගය වැනි දරුණු ස්නායු රෝග තත්ත්වයන්ට පත්වේ. මොළයේ ස්නායු හැරුණුකොට මිනිස් හදවතෙහි ද glutamic සඳහා ක්‍රියා කරන සෛල ඇත. මේවා glutamate receptors යනුවෙන් හඳුන්වයි. මෙම හදවත් සෛලවල ඇති glutamate receptors අධික MSG භාවිතය මඟින් උද්දීපනය වී excitotoxine තත්ත්වයට පත්වී හදවත් සෛල ලෙඩ වී සමහර විට ක්ෂණික මරණයකින් වුවද කෙලවර විය හැක.
මීට අමතරව MSG වලට මිනිසුන් ඇබ්බැහිවීම ඉතා ඉක්මණින් සිදු වේ. මෙම ඇබ්බැහි වීම තුළ දිනපතා ගන්නා MSG ප්‍රමාණය දිනෙන් දින ඉහළ අගයක් වීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකිය. MSG දිවෙහි රස සෛල වලටද අහිතකර ලෙස බලපායි. මෙම සෛලද Over Excite තත්ත්වයට පත්වී අකර්මණ්‍ය තත්ත්වයට පත්වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අවසානයේදී දිවෙහි රස දැනීම හීන වී යාමයි.
එහෙත් මෙම රෝග ලක්ෂණ කිසිවක් එක්වර ඇති වන්නේ නැත. එම නිසා රස උද්දීපනයට සාපේක්ෂව එදිනෙදා ජීවිතයේදී ක්ෂණිකව මෙම වෙනස මිනිසුන්ට නොදැනෙන බැවින් අනතුරට වඩා ඇබ්බැහි වීම තුළ මෙම රසායනය භාවිතය ඉහළ අගයක් ගත හැක. එමෙන්ම 99% ක්ම මෙම රසායනය එක් කරනුයේ කර්මාන්තශාලා ආහාර සහ වෙළඳපොල ආහාරවලට වේ. එම නිසා මෙම වෙළඳපොල ආහාරවල ඇති MSG ප්‍රමාණය කොතෙක් ද කියා පාරිභෝගිකයා දන්නේ නැත. සකසන ලද ආහාරවන බේකන්, සොසේජස්, මීට් බෝල්ස්වල සිට මැරිනේටඩ් කුකුල් මස් හා ක්ෂණික ආහාර ලෙස ලබාදෙන Kentucky Fried Chicken (KFC) වල සිට මෙම MSG විශාල වශයෙන් අඩංගු වේ. එමෙන්ම බොහෝ කටගැස්ම සඳහා නිපදවන වඩේ, මුරුක්කු වැනි පැකට් කළ ආහාර වලද බේකරි වල කෙටි ආහාරවන මාළු පාන්, පැටිස් හා සමෝසා වලද මෙය අධික මාත්‍රාවක් අඩංගු වේ.
භයානකම අවස්ථාව ලෙස ගත හැක්කේ සුළු පරිමාණ කෑම කඩවල සාදන කොත්තු හා Fried Rice වේ. කොත්තු සහ බත්වල රස උද්දීපනයට සෑම කොත්තු කඩයකම මෙම MSG භාවිතා කරයි. එහිදී බොහෝ කෝකියන් ආහාරවලට එය එක් කරන්නේ අහුරු ගණනනි. ඔබ ඕනෑකමින් කොත්තු දමන හා ෆ්‍රයිඩ් රයිස් කඩයක කෑම සාදන පිළිවෙල නිරීක්ෂණය කලහොත් මෙය හොඳින් අධ්‍යයනය කළ හැක. මෙම සෑම කඩයකම ලුණු කුඩුවලට අමතරව ලුණු කුඩුවලට සමාන ද්‍රව්‍යයක් සහිත භාජනයක් අනිවාර්යයෙන්ම තිබෙනවා දැකගත හැක. එමෙන්ම සෑම ආහාර නිපදවන වටයකදීම එයින් අහුරක් එක් කිරීමද ඔබට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. මෙම ලුණුවලට සමාන ආහාරවලට එක්කරන රසායනය MSG වේ. අජිනොමොටෝ වෙළඳ නියෝජිතයා මෙම කොත්තු දමන කෝකියන් හා කෑම කඩ අයිතිකරුවන් පෞද්ගලිකව මුණ ගැසී මෙම අජිනොමොටෝ නිසා කෑම රසවීම ගැන නිරන්තර ප්රචාරණයක යෙදේ. මීට අමතරව බොහෝ කේටරින් සේවාවන් ද මෙම MSG යහමින් භාවිතා කරනු ලබයි.
තත්ත්වය මෙසේ නම් මෙම අජිනොමොටෝ මාෆියාවෙන් ජනතාවම බේරාගත යුතුය. එම නිසා මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුය. හැකිතාක් දුරට තම ආහාර ගෙදර දොරෙදීම සාදා ගැනීමට උත්සාහගත යුතුය. කඩෙන් කෑම ගන්නා සෑම අවස්ථාවකම අජිනොමොටෝ දමනවා දැයි විමසිය යුතු අතර එසේ කරන්න් නම් එම ආහාර ප්‍රතික්ෂේප කළ යුතුය. කේටරින් සේවාවක සේවාව ලබාගන්නේ නම් එම ආහාර වට්ටෝරුව සාකච්ඡා කරන අවස්ථාවේම අජිනොමොටෝ නොදමා ආහාර ලබාදෙන ලෙස තරයේම ඉල්ලා සිටිය යුතුය. පාසල් දරුවන් ගෘහනියන් හැකිතාක් මේ ගැන දැනුවත් කළ යුතුය. මෙම බහුජාතික සමාගම්වල වෙළඳ ගැටවලට හිරවුනු සහ කෘතිම රසකාරක වලින් ලෙඩවන ජනතාව ගලවාගත හැකි වන්නේ ජනතාව දැනුවත් කිරීම මඟින් ජනතාව එයින් මිදීම තුළින් පමණි.
හැකිතාක් දුරට ස්වභාවික ආහාර මත යැපෙන්න. හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ආහාරය ගෙදරදීම සකසාගන්න. ආහාර සෑදීම විනෝදයක් බවට පත්කර ගන්න. සියළුදෙනාට එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!

සටහන:- වෛද්‍ය සුමිත් වන්නිආරච්චි.
උපුටා ගැනීමකි. කතෘ අයිතිය මුල් අයිතිකරු සතුය.SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-20823223250255165132020-01-17T01:20:00.001-08:002020-01-17T01:20:40.223-08:00ලොවම දිනූ “මෙහෙකාරිය”

“බේබි” කවදාවත් ආදරය දැක නැත. පුංචිම කාලේ ඇය දුටුවේ හැමදාමත් බීමත්ව ගෙදර පැමිණ අම්මාට වධ දෙන තාත්තාවය. ඒ වධ හිංසා ඉවසන්නට බැරි තැන අම්මා ගෙදර අත්හැර ගියාය.
ඉන්පසු තාත්තාගේ ඊලග ගොදුර වූයේ, තවම වැඩිවිය පැමිණීවත් නැති “බේබි”ය. තාත්තා අතින් අතවරයට පත් වන විට බේබිගේ වයස අවුරුදු දහයක්වත් නැත. වයස අවුරුදු දොලහේදී තාත්තාගේ හිංසාවන්ගෙන් මිදෙන්නට බේබිට හැකි විය. ඒ තාත්තා ඇයව නාදුනන මිනිසෙකුට විවාහ කර දුන් නිසාය. ඇයව විවාහ කරගත් ආගන්තුක මිනිසා ඇගේ වයසට වඩා දෙගුණයකින් වැඩිමහල් විය.
දරුවෙකු ලෙසින් දෙමාපියන්ගේ ආදරයක් අත් විද නැති බේබිට, බිරිදක ලෙසින් සැමියාගේ ආදරයක් ලැබුණේද නැත. ඒ විවාහ ජීවිතය තුළ ඇය දුටුවේ දූෂකයෙකු හා හිිංසකයෙකු මිසක ආදරණීය සැමියෙකු නොවේ.
කොයි හැටි වෙතත්, අවුරුදු දොලහේදී බිරිදක වූ බේබි, අවුරුදු දහතුනේදී මවක වූවාය. තවත් වසර කිහිපයක් යද්දී ඇය තිදරු මවක බවට පත්ව උන්නාය.
බිරිදක වුවත්, මවක වුවත් සතුටක් හෝ සැපක් නම් ඇගේ ජීවිතයට පෙනෙන තෙක් මානයක තිබුණේ නැත. ඇය දුප්පත් කමේ පතුලටම වැටී හැමදාමත් දුක් වින්දාය. ඒ මදිවාට දවස ගාණේම ගුටි බැට දෙමින්, හිංසා කරමින් සැමියාද ඇගේ ජීවිතය අපායක් බවට පත් කළේය.
“ගෑනු වුණාම ඔහොම තමයි.., දුප්පත් වුණාම ජීවිතේ මෙහෙම තමයි..” ඒ තත්වයේ ඉන්නා සෑම ගැහැණියකම සිතන පරිද්දෙන්ම සිතමින් බේබිද ඉවසුවාය. හැම දුකක්ම දරා ගත්තාය.
එහෙත් ඒ දුක් දරාගන්නටම නොහැකි සීමාවක් තිබිණ. බේබි ඒ සීමාවට පැමිණ උන්නාය.
අන්තිමේදී ඇය තීරණය කළාය.
“අම්මත් හැමදාම දුක් වින්දා.. මටත් දුක් විදින්න පුළුවන්.. ඒත් මගේ දරුවන්ට දුක් විදින්න දෙන්න බෑ.. මං මේ අපායෙන් නිදහස් වෙලා ගිහින්, කොහොම හරි මගේ දරුවන්ට උගන්නනවා..” බේබි තීරණය කළාය.
අම්මා දුක් විදින අයුරු ඇය පුංචි කාලේ දුටුවාය. ඇගේ සොයුරිය මිය ගියේද සොයුරියගේ සැමියා අතින්මය. ඔහු ඇයව ගෙල මිරිකා මරා දමන අයුරු බේබි සියැසින් දුටුවාය. ඇගේ වටපිටාවේ උන් බොහෝ ගැහැණු සැමියන්ගෙන් වධ විදිමින් දුක්බර ජීවිත ගෙවනු ඇය හැමදාමත් දැක්කාය. එහෙත් තමන්ගේ දූවරුන්ට නම් එවන් ඉරණමක් අත් කර දෙන්නේ නැතැයි ඇය දැඩිව සිතාගත්තාය.
පලා යන්නට ඕනෑ යැයි කොතෙක් සිතා උන්නද ඇයට ඒ සදහා සැලැස්මක් තිබුණේ නැත. අරමුණකට තිබුණේ දුර්ගාපූර්හි තම සැමියාගේ නිවසින් පලාගොස් ඇය කුඩාකල හැදී වැඩුණු දකුණු බෙන්ගාලයට යාම පමණකි. ඉතින් එක් රැයක, තම බිලිදු බාල දරුවා එක් අතකින් වඩාගෙන, ඇදුම් කඩමලු කිහිපය බෑගයක දමා අනෙක් අතින් ඔසවාගෙන ඇය මගට බැස්සාය. මේ වෙන්නේ කුමක්දැයි හාංකවිසියක් නොදැන උන් වැඩිමල් දරුවන් දෙදෙන අම්මාගේ පසුපසින් ඇදුණහ.
ආපහු තාත්තාගේ ගෙදරට ගිය බේබිව ඔවුන් බාරගත්තේ නැත. ඉතින් බේබිට හිමිවුණේ මහමග පමණකි. තාවකාලිකව අටවා ගත් පැල්පතක දරුවන් තැබූ බේබි, දරුවන්ට කන්නට යමක් හම්බ කරන්නට ගෙවල් වල මෙහෙකාරකමට යන්නට පටන් ගත්තාය.
ඇය ගැහැණියකි. තනිවුණු ගැහැණියකි. ඒ මදිවාට අන්ත දුප්පත්ය. ඒ නිසා හුදෙකලාව ජීවත් වෙන්නට ඒ සමාජය ඇයට හොද තැනක් වූයේ නැත. නින්දා අපහාස, ගැරහුම්, අයුතු බලපෑම් නොඅඩුවම ඇයට ලැබිණ. ඒ සියල්ලට මුහුණ දෙමින් ඇය අසීරුවෙන් දරුපැටවුන් තිදෙනාගේ කුස් පිරවූවාය.
එක් ගෙදරක වැඩකාරකමින් හෙම්බත් වන ඇය වැඩ කරන්නට තවත් ගෙදරක් හෙව්වාය. එලෙසින් ඇය මෙහෙකාර කම් කළ ගෙවල් ගණන දිනෙන් දින වැඩි විය. එක් මිනිසෙකු ඇයව “තාත්තා”ගේ නිවසට කැදවාගෙන ආවේ ඒ අයුරින් මෙහෙකාර කමටය.
ඒ “තාත්තා” ප්‍රබෝධ් කුමාර්ය. හෙතෙම විශ්‍රාමික මහාචාර්ය වරයෙකි. එමෙන්ම හින්දි සාහිත්‍යයේ පතාක යෝධයෙකු වූ මුන්ෂි ප්‍රේම්චාන්ද්ගේ මුණුපුරාය.
“මහත්තයා, මං උදේම ඇවිත් වැඩ කරලා හැන්දෑවට යන්නම්. මට මෙහේ නවතින්න බෑ.. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා..” බේබි ඒ මහළු මහාචාර්යවරයාගේ නිවසේ වැඩ කරන්නට පටන් ගන්නට කලියෙන්ම කීවාය. ඔහු දරුවන්ගේ විස්තර ඇසුවේය.
“එහෙම නං මොකටද ඔය දරුවන්ව පාරවල් අයිනේ තියාගෙන ඉන්නේ.. දරුවො තුන්දෙනත් අරගෙන ඇවිත් මේ ගෙදරම නතර වෙන්න..” කාරුණික මහළු මිනිසා කීවේය. බේබිට අදහන්නට බැරි තරම් විය. “අනික.. මට මහත්තයා කියන්න ඕන නෑ.. මගේ දරුවෝ කියනවා වගේ “තාත්තා” කියන්න.. මගේ දරුවනුත් ඔය දරුවගෙම වයසේ තමයි..”
දරු තිදෙනාත් රැගෙන මහාචාර්යවරයාගේ නිවසට ආ ඇය හැකිතාක් ඔහුට කරදරයක් නොවී සිටින්නට දරුවන්ට ඉගැන්නුවාය. ඇය ඒ නිවසේ වැඩ කළේ පවා භක්තිමත් බවකිනි. සෙමෙන් තැන්පත් හඩින් කතා කරන මේ කාරුණික මිනිසා ඇය මිහිපිට දුටු දේවතාවෙක් බදු විය. ඔහු ඇගේ දරුවන්ව නිවසේ නවත්තා ගත්තා පමණක් නොව ඔවුන්ව හොද පාසැල් වලටද ඇතුලත් කර, ඔවුන්ට පොත් පත් පවා අරන් දුන්නේය.
ඔහුගේ නිවසේ එක් කොටසක, අති විශාල පොත් එකතුවක් සහිත පුස්තකාලයක් තිබිණ. ගෙදර දොර අස්පස් කරන බේබි ඉදහිටක මේ පොත් පත් ආසාවෙන් අතගා බැලුවාය. දිනක් ඇය පොතක් අතට ගෙන බලනු දුටු මහාචාර්යවරයා ඇයට කතා කළේය.
“පොත කියවන්න දුව..” ඔහු කීවේය. බේබිට ලැජ්ජාවක් දැණින. ඇය වහාම එය තිබුණු තැනින් තිබ්බාය.
“නෑ දුව. ඒ පොත ඔයා කියවන්න..” ඉන්පසුව ඔහු මෙසේද ඇසුවේය. “කියවන්න දන්නවා නේද..? ඉගෙනගෙන තියෙනවද..?”
“ඔව් මහත්තයා.. මං අටේ පන්තියට යනකල් ඉගෙනගෙන තියෙනවා..” බේබි කීවාය.
“එහෙම නම් හොදයිනෙ.. ඉගෙන ගත්ත දේකුයි බුද්ධිමත් කමයි තමයි කෙනෙකුට අපෙන් උදුරගන්න බැරි දේ..” ඔහු කීවේය.
ඇයට මුලින්ම කියවන්නට ලැබුණේ තස්ලිමා නස්රීන්ගේ පොතකි. එය ඇයට අලුත්ම අත්දැකීමක් විය. ඇයට දැනුණේ ඒ පොත තුළින් ඇයට ඇගේම කටහඩ ඇසෙන්නාක් මෙනි. එතැන් පටන් මහාචාර්යවරයාගේ පුස්තකාලය ඕනෑම මොහොතක පරිහරණය කරන්නට ඇයට අවසර ලැබිණ.
“ඔය දරුවට කියවන්න අමාරු පොත් ඔතන ඇති.. එහෙමයි කියලා නොකියවා ඉන්න එපා.. අමාරු දේවල් කියවන්න ඕන නිසා ඔය දරුවා තවත් ටිකක් ඉගෙන ගන්න ඕන..” කියූ මහාචාර්යවරයා ඇයට ඉගෙන ගන්නට අවශ්‍ය පසුබිමද හදා දුන්නේය.
දිනක් බේබි ගෘහභාණ්ඩ වල දූවිලි ගසමින් ඉන්නා විට, මහාචාර්යවරයා ඉහළ මාලයේ සිට පහතට බැස්සේ කොළයක්ද පෑනක්ද අතින් රැගෙනය. එය බේබි අතට දුන් මහාචාර්යවරයා කීවේ එක වචනයකි.
“ලියන්න..”
බේබි තුෂ්ණිම්භූත වූවාය. මොනවා ලියන්නද.. ඇයට කිසි දෙයක් ලියා පුරුද්දක් නැත.
“ඔයාගේ ගැන ලියන්න..” ඇය නිහඩව බලා සිටිනු දුටු මහාචාර්යවරයා කීය.
ඔහුගේ වචනයට පිටුපාන්නට ඇයට හයියක් තිබුණේ නැත. ඉතින් ඇය හැමදාමත් ගෙදර වැඩ නිම කොට හැන්දෑවේ තමන් ගැන මොනවා හෝ දෙයක් ලියන්නට පටන් ගත්තාය. දින ගණනාවක් යන තුරුත් ඇයට ලියා ගන්නට හැකි වූයේ පිටු හතරක් පමණකි. එයද අත්අකුරු හා ව්‍යාකරණ වැරදි වලින් පිරී පැවතිණ. මහාචාර්යවරයා නැවතත් ඇයට කතා කොට ඇය ලියූ දේ තමාට ඇසෙන්නට කියවන්නට යැයි කීවේය. ඇය එයට කීකරු වූවාය.
“මේක ආයෙමත් ලියමු.. හැම දෙයක්ම හැම සිදුවීමක්ම ලියන්න.. මේකත් ඈන් ෆ්රෑන්ක්ගේ දිනපොත වගේ එකක් වේවි..” ඔහු කීවේය.
බේබි යලිත් ලීවාය. මෙවර වඩාත් උනන්දුවෙන් ලීවාය. ඇගේ ජීවිතයේ සිදුවුණු, ඇයට දැනුණු, ඇයට සිතුණු හැම දෙයක්ම ලීවාය. ඇයටත් නොදැනීම මහ ගොඩක් දේවල් ලියැවී තිබිණ.
ඇය ලියූ ඒ කතාව මහාචාර්යවරයා විසින් පොතක් සේ මුද්‍රණය කරන්නට සැලැස්වීය.
“ආලෝ අන්ධේරි” හෙවත් “A Life Less Ordinary” මුලින්ම හින්දි බසින් ප්‍රකාශයට පත් විය. එය බේබි දැන උන්නේ නැත.
දිනක් මහාචාර්යවරයා ඇයව බෙන්ගාලයට කැදවාගෙන ගියේය. එහිදී බේබිට ඇගේ නමින් මුද්‍ර ණය වී තිබුණු පොත මුල් වතාවට දකින්නට ලැබිණ. මද වෙලාවක් ගල් ගැසී එදෙස බලා උන් බේබි වහා නාන කාමරයට දිව්වාය. මුහුණට වතුර ඉසගත් ඇය තමාවම කොනිත්තා ගත්තාය. නැත. ඇය මේ දකින්නේ සිහිනයක් නොවේ. ඇය පොතක් ලියා ඇත. ඇයත් දැන් ලේඛිකාවකි. බෙන්ගාලයේ ලේඛකයින්ව සැලකෙන්නේ දේවත්වයෙනි. ඇයට මේ ලැබී ඇති තත්වය ඇයට විශ්වාස කරන්නට බැරි තරම්ය.
ඇය අකාරුනික සැමියාගේ නිවසින් පැන ආවේ දෙවියන් ගැන පමණක් විශ්වාසය තබමිනි. දෙවියන් ඇත්තටම සිටින බව දැන් ඇයට විශ්වාසය. එපමණක් නොව දෙවියන් මිනිස් වෙසින් මහපොළවේ වාසය කරන බවත් ඇයට විශ්වාසය. ඇය පවසන්නේ එලෙසය.
බේබි හාල්ඩර්ගේ “A Life Less Ordinary” නම් කෘතිය මේ වන විට ලෝකයේ භාෂා 21 කට පරිවර්තනය වී ඇත. එය අදටත් අලෙවියෙන් අඩුවක් නැති කෘතියකි. මහාචාර්ය ප්‍රබෝධ් කුමාර් තව දුරටත් ඇයව තම නිවසේ මෙහෙකාරිය ලෙස රදවා ගත්තේ නැත. ඇය දැන් සිටින්නේ කල්කටාවේ ඇගේම නිවසකය. මේ වන විට ඇගේ හතරවන පොතත් මුද්‍රණය වී හමාරය. ඇගේ ජීවිත කතාව ලෝකය පුරා භාෂා කිහිපයකින්ම වාර්තා චිත්‍රපට වලට නැගී ඇත. බේබි හාල්ඩර් අද සොනගාචි හි රාජ්‍ය නොවන සංවිධානයක් සමග ලිංගික ශ්‍රමිකයින්ගේ හා අසරණ වූ කාන්තාවන්ගේ ජීවිත යහපත් තත්වයට හැරවීම වෙනුවෙන් වැඩ කරන්නීය.

සති අග අරුණSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-25491663048941423102020-01-16T03:24:00.001-08:002020-01-16T03:24:15.183-08:00ලෝකයේ ඇති වටිනා ම වාජීකරණ ඖෂධය කුමක් ද?

නිසැක ලෙස ම ඒ කස්තුරි ය.
ඖෂධය ලබා ගන්නේ කස්තුරි මුවන් වෙතින් ය.
මේ මුවන් ලෝකයේ සීමිත රටවල් කීපයක පමණක් ජීවත්වන අහිංසක ම සිවුපා වර්ගයකි. ඉන්දියාවේ හිමාල කඳු අතර හා කඳු ලඳු වනලැහැබ්වල ද තිබ්බත නේපාල ප්‍රදේශයන්හි ද මධ්‍යම ආසියාවේ වනදුර්ග ගිරිදුර්ගවල ද භූතානය හා රුසියාවේ ද උන් ජීවත් වෙති.
සාමූහික වශයෙන් රංචු ගැසීම හා සමූහයක් ලෙසින් ගැවසීමට පුරුද්දක් නැත. තනි තනිව ජීවත්වීම උන්ගේ සිරිත.ය. උපතේ සිට වසර දෙකතුනක් ගෙවුණු පසු උන් තරුණ වයසට එළඹෙති. තරුණ මුවන් සංසර්ගයට පෙලඹෙන වකවානුවේදී කස්තුරි බොහෝ සේ ගලාඑයි. නව යෞවන මුවන්ගේ කස්තුරිවල අති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසුවී එම සුවඳ පරිසරය පැතිරෙයි. මුව දෙන්නු එම සුවඳ ආඝ්‍රාණය වීමෙන් මෘගමද දරා සිටින සතා පසුපස හඹායමින් සංසර්ගයට පෙලඹෙති. මේ හේතුව නිසාම මුවන් යළි යළිත් සංසර්ගයට යොමු වීමෙන් කස්තුරි වන් ශූර ශුක්‍රාණු බහුලව ගලමින් එම සතාගේ නාභිය වටා බදාමයක් සේ බැඳී යයි. වසන්තයත් සමඟ පිබිදෙන මේ කාලවකවානුවේදී ඔවුනගේ කාමෝද්දීපන අවදිය බැවින් සංසර්ගයට තව - තවත් පෙලඹෙයි. සති කිහිපයකට පසුව පිරිමි මුවා ගේ නාභිය වටා එකතුවී ඝනවී පවතන ශුක්‍රාණු තරලය වියළීමට පත්වෙයි.
අමුතු බරක් එක්වූවා සේ මේ ශුක්‍රාණු නාභිය වටා කැසීමකට තුඩුදෙන බැවින් ගල්තලාවකදී ශුක්‍රාණු සහිත නාභිය අතුල්ලා උළා දමමින් එම ශුක්‍රාණු කඩා දමයි. එය කැබැලි ලෙසින් ගල්තලය මත විසිර යද්දී ඒ ගැන අවධානයෙන් හා විමසිල්ලෙන් සිටීමෙන් කස්තුරි එකතු කර ගත හැකි ය. මේ සතුන් ප්‍රියමනාප පෙනුමකින් යුතු අතර මසින් පිරුණ සිරුර වඩා උස් නොවේ. සාමාන්‍ය මුවන්ගේ උස් ප්‍රමාණයට වඩා අඩුය. අං තට්ටුවක් වශයෙන් නොමැත. හිසදරන්නේ පුංචි ම අං යුවළකි. පිටුපස වලිගයක් ද නොමැත. දැඟුලක් පමණ පුංචි ම නටුවක් ඇත.
අද කාලය වනවිට කස්තුරි නම් ඖෂධයේ වටිනාකම මිල කළ නොහැකිය. මුදල හා ධනය පසුපස ලුහුබඳින එම කස්තුරි මද එකතු කරන්නෝ මුවන් මරා හෝ ඒවා ලබා ගැනීමට පෙලඹෙති. එකවර රන්බිජු ලබා ගැනීමට රත්තරන් බිත්තර දමන කිකිළිය මැරුවා සේ මේ මුවන් මරා දැමීම අමනෝඥ ක්‍රියාවකි. එලෙස මෙම මුවන් මැරීමෙන් කස්තුරි ලැබීම ම කෙසේ වෙතත් ඒ වර්ගයාගේ බෝවීම වැළකී යාමෙන් ඖෂධ්‍ය ලොවට අහිමි වෙයි.
මේ අඩුව සපුරා ගැනීම සඳහා කෘත්‍රිම කස්තුරි නිෂ්පාදනය කිරීමට ඇතැම් රටවල් පෙළඹී සිටිති. එහෙත් එය සාර්ථක නැත. හොර බොරු වංචා රැවටිලි මේ වෛද්‍ය කර්මයට කෙසේවත් නොගැළපෙයි. එසේ කළහොත් එම ඖෂධ යෙදා කරන චිකිත්සාවන් ද අසාර්ථක වෙයි. කස්තුරි ලෙසින් නම් කරමින් කෘත්‍රිම නිෂ්පාදන සකස් කිරීමට ධානය වර්ග, යව තිරිඟු, බඩ ඉරිඟු, බෝංචි ඇට වියළා මූර්ණකොට - එළු ඌරු බැටලු කිඹුල් සතුන්ගේ අක්මාවන් බැස කුඩුකර සැබෑ කස්තුරි ධාතුවට සම කරවීම සඳහා ගන්ධය වර්ණය හා පදාර්ථ එක්කර නිපදවීමට ඔව්හු සමත්වෙති.
පෙර ඍෂින්වහන්සේලාගේ ඉගැන්වීම්වලට එකඟවේ නම් අපගේ මේ ශ්‍රී ලංකා භූමියේදී කස්තුරිවලට සමකළ හැකි ධාතුවක් උරුලෑවා ගේ සිරුරේ පවතින බවක් ඉගැන්වේ. කස්තුරි මුවා ලෙසින්ම උරුලෑවා කියන සතාද වනාන්තරවලදී දැකීම ඉතා දුර්ලභ ය.
කස්තුරි යනු පිරිමි මුවන්ගේ සිරුරේ සියලුම ශක්තිය කැටි කළ දියරයකි. එය දිව්‍ය ඖෂධයකට සමාන ය. මහා බලගතු වාජීකරණ රසායනික ඖෂධ හා තෛල නිපදවීම සඳහා මේවා යොදා ගනී. අර්ශස් හා ඇදුම රෝගයේදී පෙණහලු ශක්තිමත් කිරීමට මනුෂ්‍යත්වයෙන් ගිලිහීයන තාරුණ්‍යය දිගුකලක් රඳවා ගැනීමට ආයුෂ වර්ධනයට මේ ඖෂධය ප්‍රයෝජනවත් ය. ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කරවීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධය තුළ රැඳී ඇත.
සුව කළ නොහැකි සියලුම රෝගයන්ට ප්රතිවාප කළ හැකි නම් ඒඩ්ස් හර්පීස් සුදු බිංදුම සෝම රෝගන්ට භාවිත කළ හැකි අතිඋතුම් ඖෂධයකි. එහි අඩංගුව ඇති ශක්තිබලය නිසා මරණාසන්න රෝගියකු පවා ජීවත් කරවීමට යොදා ගත හැකිය. ක්ෂය රෝග දද කුෂ්ට හා ඇස් පෙනීමේ දුර්වලතා දුරුකිරීමට අමනුෂ්‍ය දොස් පලවා යැවීමට බලවත් වන අතර මන්දබුද්ධික දරුවන් ගොළු බිහිරි අන්ධ ළමා රෝග හදවත දුර්වලතා පෙණහලු රෝග නිසා ළමා සුවයට කස්තුරි ඉතා වටිනා ඖෂධයකි.
කස්තුරිකාය. ඇසට ප්‍රියයි. තිත්තයි. සුවඳයි කටුක රසයි. ශුක්‍ර වඩවයි. බරයි වීර්යය වඩයි. ක්ෂාර සහිත රසායනයි. සෙම, පීනස, ඇදුම, නාසයේ දුගඳ, මලබද්ධය, වාත, පිපාස වමන කාශ ස්වාස යන සියලුම විෂ දුර්ගුණ සමනය කරන ගුණ ප්‍රකාශිතයි. ස්වභාවික කස්තුරිවල පවතින පිංගල භාකෘෂණ (කළු සුදු එක්වූ වර්ණය) සුගතබව කටු තිත්ත බව මෘදුබව වන් ලක්ෂණ කෘත්‍රිම කස්තුරිවල ද පවතින නිසා ස්වාභාවික කස්තුරි යැයි හඳුනා ගත යුතු නොවේ. ඈත අතීතයේ සිට නියම මෘගවද හඳුනා ගැනීමට ක්‍රම කිහිපයක් තිබුණි. පිරිසිදු වතුර බඳුනකට (මෘගමද = කස්තුරි) මිලිග්‍රෑම් දාහක් පමණ දැමූවිට එය දිය නොවී පවතී ද ජලයේ - ස්වභාවය නොවෙනස්ව පවතී ද එය නම් නිවැරදිව කස්තුරි වෙයි. දෙවැනි ක්‍රමය ගිනි ගැන්වූ විට නොපිළිස්සී පවතී නම් තද නොවී දියවී බුබුළු නැගේ නම් එය ස්වාභාවික මෘගවද වන්නේය. තවත් ක්‍රමයකට නිවැරදිතාව තහවුරු කිරිමට මහපොළවේ වළලා තබා ගොඩගත් කල එහි තිබෙන සුවඳ හා පැහැය නොවෙනස්ව පවති නම් එය ස්වභාවික කස්තුරි ම වන්නේය. කස්තුරි මල්ලිකා කස්තුරි මෘර්ගාන්ඩජ කස්තුරිකා කස්තුරි මෘර්ගමද යනුවෙන් නම් කරන්නේ කස්තුරිමයි.
මේ මහඟු ඖෂධය සිය නිවසේ සුරක්ෂිතව තිබේ නම් ශ්‍රියාකාන්තාව නිවහනේ වැඩසිටුනා සේය. වාසනාව ළඟාවූවාසේ සැප සම්පත් බහුල වෙයි.
දළ දෙකක් සහිතව කෙටි අං හා පිරුණු මසින් යුතු කස්තුරි මුව පොව්වා කාබන්ඩයින්, ට්රයින්කුයින්, හස්කස්, වෙරිකෝසර්සියන් හා සයිබීරියන් ලෙසින් හඳුන්වයි. හෘදය උත්තේජන කරන බලයක් ඇති බැවින් මේ ඖෂධය අමාවක් වන්නේය. මොළයේ විකෘතිතා, මස්තිස්කයේ දුර්වලකම් පක්ෂාඝාතය මීමැස්මොරය හා උන්මාද වැනි මානසික රෝග අවස්ථාවලදී ප්රයෝගකර සුවය ලබා දීමට එකඟ වන්නේයSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-28090585235254710982020-01-16T03:05:00.001-08:002020-01-16T03:09:07.230-08:00දියණියන් දූෂණයවනු දැක ආතතියෙන් මියගිය කුසුමාසන දේවිය

සිංහලේ අන්තිම රැජින දෝන කතිරිනා නොහොත් කුසුමාසනදේවීට එම උරුමය ආවේ තම පියාවන කරලියද්දේ බණ්ඩාර රජුගෙනි. එතුමා සීතාවක රාජසිංහ රජුට බියේ පෘතුගිසීන්ගෙන් උදව් ලබාගැනීම සඳහා රජ පවුලම කතෝලික ආගම වැළඳ ගත්තේ කුසුමාසන කුමරිය ළදරු අවස්ථාවේදීමය. අභීත රණකාමියකු වූ සීතාවක රජුගෙන් ආධාර ලැබුණු වීරසුන්දර බණ්ඩාර, කරලියද්දේ රජුට විරුද්ධව කැරලි ගැසුවේ තම පුතා කොනප්පු බණ්ඩාර හා උඩරට වැසියන් සමගය. වීරසුන්දරගෙන් ගැළවීමට බැරිව අවසානයේ කරලියද්දේ රජුට, සිය පවුල සමගම ත්‍රිකුණාමලයට පැන යෑමට සිදුවේ. එහිදී රජුත්, දේවියත් අකල් මරණයකට පත්වූයේ වසූරිය වසංගතය නිසාය. තුන් හැවිරිදි කුඩා කුමරියත්, රජුගේ බෑණනුවන් වන යමසිංහ බණ්ඩාරවත් මන්නාරම පෘතුගීසි බළකොටුව වෙත ගෙන යනු ලැබිණි. යන්තම් තරුණවියට එළැඹෙන තෙක් මෙහි සිටි කුමරිය පෘතුගීසි රජ කුමරියක සේ අධ්‍යාපනය ලැබුවාය. පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ දෝන කතිරිනාව පෘතුගීසි සෙනවියකුට විවාහ කර දී, කෝට්ටේ සිටින තම සිංහල රූකඩ පාලකයා වන දොන් ජුවන් ධර්මපාල සේ ඇයව කන්දේ රාජ්‍යයේ තබා ගැනීමටය.

පළමුව පෘතුගීසින් දොන් ජුවන් කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් හමුදාවක් නුවරට ඇරියේ යමසිංහ බණ්ඩාර රජ කරවීමටය. එසේ රජවූ යමසිංහ මාස 6 කට වඩා ජීවත් නොවීය. කොනප්පු බණ්ඩාර ඉන් අනතුරුව රජ වූයෙන් යමසිංහගේ මරණය සිදුවූයේ කොනප්පු බණ්ඩාරගේ කුමන්ත්‍රණයක් නිසා බව සාමාන්‍ය පිළිගැනීමයි.

මේ අතර සීතාවක රාජසිංහ 1893 දී කොනප්පුට විරුද්ධව සටනට ආවද පැරදී ආපසු යෑමේදී පෙතන්ගොඩදී උණ කටුවක් ඇනී මිය ගියේය. මෙයටද කොනප්පු බණ්ඩාරගේ සම්බන්ධයක් ඇති බවත් පැවසේ.

ආක්රමණකාරී පෘතුගීසි හමුදාවට දෙවැනිවරට පාඩමක් කියා දුන්නේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර දන්තුරේ සටනේදීය. ඉන් අනතුරුව සිංහාසනයට උරුම කිවූ දෝන කතිරිනා නොහොත් කුසුමාසනාදේවීව බලෙන්ම සරණ පාවා ගෙන 1 වැනි විමලධර්මසූරිය නමින් රජ විය.

මේ රාජකීය දෙපළගේ ඊළඟ ප්‍රධාන කටයුත්ත වූයේ අනාරක්ෂිතව තිබූ දළදා වහන්සේ නුවරට වැඩම වීමයි. ඒ අනුව රජ වාසල අසලින්ම දළදා මාලිගය ඉදි කෙරුණි. එහි ඇති අදටත් බොහෝ සෙයින් වැඳුම් ලබන මැණික් පිළිම වහන්සේ පූජා කෙරුණේ දේවිය අතිනි. එය දේවියගේ ඥාතීන් විසින් සාදවන ලද්දකි.

රජ වාසල සිටි සෙනරත් නමැති උපවැදි වූ රජුගේ ඥාති සොහොයුරාත්, ඒකනායක මුදලිත්, ඔවුනගේ සහචරයනුත්, විශේෂයෙන් දෙවනගල නායක හිමිගේ අකැමැත්ත නිසාත් දේවිය දැඩි ආතතිකයකට පත්වූවාය. තම දේවියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගත් රජු කෑගල්ලේ වැලිමන්නන්තොට එතුමිය උදෙසා මාලිගයක් තැනවීය. එය සතර කෝරලයටම ඇති එකම මාලිගය යි.

රජුගේ අභාවයෙන් පසු අකැමැත්තෙන් වුවද එතුමියට සිදු වූවේ තමා පිළිකුල් කරනා තැනැත්තා, එනම් විමලධර්මසූරිය රජුගේ පුංචි අම්මාගේ පුතා වන උපැවිදි වී සිටි සෙනරත් සමගම විවාහ වීමටය. (ඇතැම් තැනක සෙනරත් ඇයව දූෂණය කොට කැමති කරවාගත් බවත් සඳහන් වේ.)

ඇත්තෙන්ම 1 වැනි විමලධර්මසූරිය රජුගේ මරණය අදටත් අභිරහසකි. එතුමා උණ රෝගයකින් මළ බව කීවද එතුමා ඇත්තටම මියගියේ ඉතා තදබල විසක් ශරීර ගතවීමෙනි. වේදනාව ඉවසිය නොහැකිව රජු මහා වතුර භාජනයකට බැස ඉණෙන් පහළ ජලයෙන් යටකර තබාගත් බව පැවසේ. එසේම එතුමා මියගිය පසු, උඩවත්ත රාජකීය ආදාහන මළුවේදී චිතකය දැවූ බවත්, පසුදින එතනට ගිය රාජපුරුෂයන්ට හදවත නොදැවී තිබෙණු දැකීමට ලැබුණු බවත් කියවේ. මෙය රජුගේ උත්තරීතර භාවයේ සංකේතයක් හැටියට එකල විශ්වාස කළද, මෑතකදී මට ඇතිවූ සැකයකට මා වෝහාරික වෛi සිසිර රණසිංහ මහතාගෙන් විමසූ විට එතුමා කීවේ යකඩ වැඩියෙන් අඩංගු විසක් ශරීර ගතවූ විට එසේ හෘදය නොදැවී තිබෙන්නට ඉඩ ඇති බවය.

විමලධර්මසූරිය රජු මියගියේ ලන්දේසීන් හමුවී එන අතරය. ලන්දේසීන් විසින් කුසුමාසන දේවිය සම්බන්ධයෙන් කරනා ලද නොහොබිනා විහිළුවක් නිසා ඇතිවූ විරෝධයකදී රජුගේ පිරිස අතින් ලන්දේසීන් කපිතාන්වරයෙක් මිය ගියේය. ඇත්තටම රජුගේ දේවිය සම්බන්ධයෙන් එවැනි දෙයක් කීමට කපිතාන්වරයාට හයියක් ආවේ අපගේ එකෙකුගේ ඉගැන්වීම් බසකටද? ඇත්තටම එය කුමන්ත්‍රණයක්ද? එහි පිටුපස සිටියේ සෙනරත්ද? ඔහු කුසුමාසන දේවිය බලහත්කාරයෙන් විවාහ කරගැනීමෙන්ම සහ රාජ්‍ය විචාරය තම අතට ගැනීමෙන් එය සනාථ නොවන්නේද? එතෙක් දවස් දේවිය විසින් රාජ්‍ය විචාරමින් සිටියාය. එහෙත් වරක් ඔහු ලන්දේසී රාජ්‍යයට දන්වා ඇරියේ විමලධර්මසූරිය රජුගේ දරුවන් කුඩා නිසා නිසි වයස් එළැඹෙන තෙක් රාජ්‍ය විචාරන බවය.

විමලධර්මසූරිය රජුට දාව තමන් වැදු වැඩිමහල් පුතු, මහා අස්ථාන කුමරුන් ගැනද කුසුමාසන දේවිය පසුවූයේ බියෙනි. එයට හේතුව සෙනරත් රජු නිතර කුඩා කුමරුගේ ක්‍රියාවන් විවේචනය කිරීමයි. කුමරුගේ විනෝදාංශයක් වූයේ කොණ්ඩ කුරුල්ලන් කෙටවීමයි. කෙසේ හෝ ඔටුන්න හිමි කුමරු සියල්ලම දැන සිටිය යුතු බව පවසමින්, සෙනරත් රජු කුමරුවා මහියංගණය රජවාසලට ගෙනයන ලද්දේ පිහිනුම් ආදිය ඉගැන්වීමටය.

එතුමිය සිතු සේම සෙනරත් රහසින් එතුමියගේ වැඩිමහල් පුතු මරා දැම්මේ පළමුව විෂ අඹයක් කන්නට දී දෙවනුව මහවැලි ගඟට නාන්නට ඇරීමෙනි. මේ අඹ ගෙඩිය දෙවුනේ කුඩාකල සිටම කුමරුන් බලාකියා ගත් ස්ත්‍රිය අතිනි. කුමරුගේ සම වයසේ සිටි සේවක කොලූවෙක්ද මේ සමග මරා දමන්නට සිදුවූයේ මේ අඹ ගෙඩියේ රහස එළි වූ හෙයිනි.

සියලූ දෝෂවලින් මිදීමට ඉතා උත්කර්ෂවත් අවමඟුල් පෙරහැරක් පවත්වා කුමරුන් ආදාහනය කරවන ලදී. මේ වනවිට කුසුමාසන දේවිය සෙනරත්ව තදින් පිළිකුල් කරමින් සිටියාය. එයට හේතුව මේ වන විටත් දේවියගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනා වන සූර්ය අදසින් හා අන්තන් අදසින්ව ද සෙනරත් අතින් අපයෝජනයට ලක්වී තිබීමයි. මේ කුමරියන් දෙදෙනා සදහටම අවිවාහකව තැබීමටයි සෙනරත්ට අවශ්‍ය වූයේ. තමන් අපයෝජනයට ලක්වන බව නොදැනීම දියණියන් දෙදෙනා සෙනරත්ට හිතවත් වූහ.

ඒනිසාම රජ බිසව කලකිරී දියණියන්ද, සෙංකඩගල මාලිගය ද අත්හැර වැලිමන්තොටට ගියේ තම වැඩිමහල් පුතුගේ අළු බඳුනද රැගෙනය. මේ වන විට එතුමිය තම බාල පුතු ගැබ් දරා සිටියාය.

ඇත්තෙන්ම මේ අපයෝජනය ගැන පසුකාලයක එනම් කුසුමාසන දේවියගේ මරණින් පසු බාල කුමරිය තම මාලිගයේදී හමුවූ පෘතුගීසි සොල්දාදුවකුට කියා ඇත. කාර්ඩිනියෝ නම් මේ සොල්දාදුවාට කුමරිය පවසා ඇත්තේ තමා රන් ආභරණ නොපළඳින්නේ, තම මෑණියන්ගේ දෙවැනි සැමියා තමාව විවාහ කර ගැනීමට විරෝධය පෑමක් ලෙසිනි. ඌව සටනේදී මියගිය කොන්ස්තන්තීනු ද සා ගේ මරණය ගැන දුක්වන බවද පවසා ඇත. කාර්ඩිනියෝ මේ කතාව ෆැබ්රිකෝ නම් සොල්දාදුවාට පවසනවා අසා සිටි තුන්වැන්නෙක් මෙය වාර්තාගත කොට ඇත. එම වාර්තාකරු කොන්ස්තන්තීනු ද සා යටතේ සේවය කළ අයෙකි. (බන්දු ඩි. සිල්වා - රාජකීය ආසියාතික සංගමයේ ජර්නලය - LVII වෙළුම පිටුව 146)

ඇත්තෙන්ම මේ වනවිට මේ මහල්ලා, තමාට ඇත්තටම ආදරය නොකරන බවත්, තමාව පාවිච්චි කරන බවත් කුමරිය තේරුම්ගෙන සිටින්නට ඇත. එසේම මේ වනවිට ඇයගේ වැඩිමහල් සොහොයුරිය වෙනත් අයකු සමග පලා ගොස් තිබිණි. සෙනරත් ඉන්දියාවෙන් වෙනත් බිසවක් ගෙන්වා ගත් බවත් සඳහන් වේ. කෙසේ හෝ මේ කුමරිය මව නොමැති තම බාල සොහොයුරා බලා ගත්තා පමණක් නොව, පසු කාලයක, එම දෙවැනි රාජසිංහ රජුගේ පුත් වන විමලධර්මසූරිය කුමරුන්ද බලාගත් බව පැවසේ. (රජුට විරුද්ධව ඇතිවූ කැරැල්ලේදී පුත් කුමරුන් රැගෙන ආරක්ෂිත ස්ථානයකට පලා ගියේ මේ අන්තන අදසින් නැන්දාය.) පසු කාලයක මේ මැදි වයස් කුමරිය වසූරිය රෝගයෙන් මියගිය බවත් ඇයගේ ආදාහනය රොබට් නොක්ස් දුටු බවත් පැවසේ.

ඉතින් සිංහලේ සිටි බලවත්ම පාපතරයා අතින් අසාධාරණයට පත් වූ සිංහලේ කඳුළු බිංදුව නමින් ප්‍රකට අසරණ කුසුමාසන දේවිය තම බාලම පුත් 2 වැනි රාජසිංහට උපත ලබා දී බලවත් වූ මානසික අවපීඩනය නිසා අවු. 36 ක් පමණ වයසේදී ජීවිතයෙන් සමුගත්තීය. තමා ජීවත්වීමට වඩාත් ප්‍රිය කළ වැලිමන්නන්තොට මාලිගා භූමියේම එතුමිය භූමදාන කරන ලදී. තමාව වැඩියෙන්ම අසාධාරණයට ලක් කළේ බෞද්ධයන් බව ඇය ඒ වනවිට හොඳින් තේරුම්ගෙන සිටියාය. ඒ නිසාම නැවත ඇය හොඳ කිතුනු බැතිමතියක් වූවාය. හිතවත් කුරුවිට රාලගෙන් එතුමිය අවසන් ඉල්ලීමක් කළාය. තමාට සමාදානයේ සැතපෙන්නට අවශ්‍ය නිසා ඇයව භූමදානය කරන ලෙසත්, එසේ කරන විට, තමා මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ වස්තූන් 3 ම තමා අසලින් තබන ලෙසත්ය. ඒවා නම් තම පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලයයි.

ඌවේ කුමරු සහ කුරුවිට රාල එම ඉල්ලීම ඉටු කළහ. එහෙත් දෙවියනේ! එතුමියට සමාදානයේ සැතපෙන්නට හැකිවුණිද? මේ භූමිය කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්ය. ඒ ප්‍රදේශයෙන් බෞද්ධ ඇමතිවරුන්ද බිහිවූහ. ඔවුන් අතර සංස්කෘතික ඇමතිවරුන්ද සිටින්නට ඇත.

ලංකාවේ පළමු පුරා විද්‍යා කොමසාරිස් බෙල් මහතා මෙම ස්ථානය හඳුනාගෙන වෙන් කරන ලදී. මෙපමණ කල් සමාදානයේ සැතපී සිටි එතුමියට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය කාලයේදී තවත් දරුණු අසාධාරණයක් වූවේය. එනම් එම රජයේ සිටි මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් මෙම පුරා විද්‍යා රක්ෂිතය තම ජනතාව අතර බෙදා දුන්හ. එය නීති විරෝධීය. ඔවුන් මෙම සොහොන ඉවත් කර ඇති බව පෙනේ. මෙයට විරෝධය පා අඛණ්ඩ සටනක යෙදුණු පිරිස තවමත් සිටයි.

දිවයින පුවත්පතෙන් උපුටාගැනිමකීSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-74435270578423099672020-01-13T03:34:00.000-08:002020-01-13T03:34:34.495-08:00Post_mortem_photography

වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත් භාවිතාවේ යෙදෙනවා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයේ අද නම් සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත නැති කලාවක් තමයි පශ්චාත් මරණ ඡායාරූපකරණය දක්වන්නට පුළුවන් වෙන්නේ. ඒත් මිනීමැරුම් හෝ හදිසි සැක සහිත මියයාම් වලදී අපරාධ පිළිබදව සොයාබලන පොලීසිය වගේ ආයතන පශ්චාත් මරණ ඡායාරූපකරණය ඒ ඒ තාක්ෂනික ක්‍රමවේදයන් ඔස්සේ භාවිතා කරනවා. ඒත් මේ ලිපියෙන් කියන්නට යන්නේ එවැනි නීතිමය අවස්ථාවන්ට යොදා ගැනෙන පශ්චාත් මරණ ඡායාරූපකරණයක් නොවෙයි. මෙහිදී අපට ජීවිතය තුල සමීපව සිට මෙලොවින් නික්මුණ සමීපතමයන් ජීවමාන ඉරියව් වල සිටින ආකාරයෙන්ම මරණයට පත්ව සිටියත් කිසිදු පිළිකුලකින් තොරව එකිනෙකා ස්පර්ශව සිට ගැනුන සේයාරූ පිළිබදව තමයි මේ කියන්නට යන්නේ.

කෙසේවෙතත් ඇතැම් නිරීක්ෂකයින් පවසන්නේ මෙම ඇතැම් සේයාරූ සත්‍ය වශයෙන්ම මෙම පවසන්නාවු කලාවට අයත් නොවන නෙඑසේ නම් පශ්චාත් මරණ ඡායාරූප යයි වරදවා වටහා ගත් ඡායාරූපද එදා කැමරාකරණයේ වූ දෝශ හෝ ඡායාරූප ගැනීමේදී සිදුවූ ශිල්පීය අතපසුවීම් හෝ අදමෙන් ක්ෂනිකව සේයාරුවක් ගැනීමට ඇති නොහැකියාව නිසා ජීවමාන මිනිසුන්ද ඇතැම් විට ඉරියව් වල ඇති නොගැලපීම් මත කාලයත් සමග පශ්චාත් මරණ ඡායාරූපයක් ලෙස කාණ්ඩ ගත කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම සේයාරූ වල ඇති සාවද්‍ය හෝ නිරවද්‍ය බව දැන ගැනීමට ඇති නොහැකියාවද සටහන් කරමින් එදා එනම්, 19 වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් කාල වකවානුවේදී මෙවන් වූ කලාවක් ලෝකයේ, විශේෂයෙන් යුරෝපයේ හා අැමරිකාවේ පැවතුන බවට සාක්ෂි හමු විය.....SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-14231878785961381212020-01-02T20:35:00.001-08:002020-01-02T20:35:25.373-08:00Heath Ledger ගේ කව්රුත් නොදන්නා කතාව...

අපි හැමෝම ඉපදෙන්නේ අපේ ජීවිතයට ආවේණික වෙච්ච රිද්මයක් එක්ක. අපි හැමෝම කැමැති මේ රිද්මය එක්ක ජීවත් වෙන්න. අපේ හදවත ගැහෙන මේ රිද්මයට සමාජය කියන්නේ ලොකු බාධාවක්.
ඒත් කරදර රාශියක් මැද්දෙන් තමන්ගේ හදවතේ රිද්මයට ඇහුන්කන් දෙන මිනිස්සු ලෝකයේ අඩුයි. මේ වෙද්දී අපි අතර නැති මේ වීරයා අපි කවුරුත් දන්න Heath Ledger.

ලෙජර් ඉපදුණේ 1979 අප්‍රේල් 4 ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ. ලෙජර්ගේ අම්මා ප්‍රංශ ගුරුවරියක් වුණු Sally.

තාත්තා පතල් ඉංජිනේරුවෙක් වුණු Kim Ledger. ලෙජර්ගේ ඉස්කෝලෙට ඇතුළු වෙන හැම කෙනෙක්ටම නාට්‍ය හෝ ආහාර පිසීම කියන විෂඩයන් දෙකෙන් එක් විෂයක් තෝරා ගැනීම අනිවාර්ය දෙයක් වුණා. ලෙජර් මේ දෙකෙන් තෝරාගන්නේ නාට්‍යයි. ලෙජර්ගේ රංගන හැකියාව දැකපු ඉස්කෝලේ ගුරුවරු පීටර් පෑන්, නාට්‍යයේ ප්‍රධාන චරිතය වුණු පීටර් පෑන් චරිතයට ලෙජර්ව තෝරා ගන්නවා.

ඒ තමයි ඔහු වේදිකාවේ රඟපෑ පළමු වැනි චරිතය. මේ විදිහට තමන්ගේ ජීවිතය සතුටින් ගත කරපු ලෙජර්ට පොඩි කාලේදීම ජීවිතයේ එක් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඒ අවුරුදු 11දී ඔහුගේ මවුපියන්ගේ දික්කසාදයයි.

ලෙජර් තමන්ගේ රංගන හැකියාව දියුණු කර ගැනීමේ අභිලාෂයෙන්, කැපවීමෙන් වැඩ කළා. ඒ කැපවීම තුළින් ඔහු දකින හීනයත් එන්න එන්න විශාල වුණා.

මේ නිසා අවුරුදු 17දී ගෙදරින් එළියට බැහැපු ලෙජර් සිඩ්නිවලට එන්නේ තමන්ගේ හීනය හැබැ කරගැනීමේ අධිෂ්ඨානයෙන්. 1997 තිරගත වුණු “Black Rock” චිත්‍රපටය තුළින් ඔහු දැකපු විසල් සිහිනය සැබෑවක් බවට පත්වෙනවා.

මේ චිත්‍රපටයෙන් පස්සේ ටෙලි නාට්‍යවල රඟපාන්න ලෙජර්ට අවස්ථාව හිමි වෙනවා. ටික කාලයක් යද්දී ලෙජර් ඕස්ට්‍රේලියාවේ අනෙක් නළුවෝ අතරින් කැපී පෙනෙන්න ගත්තේ ඔහු ටිකෙන් ටික “මෙතඩ් ඇක්ටර්” කෙනෙක් වීම නිසයි. මෙතඩ් ඇක්ටර් කෙනෙක් කියන්නේ සාමාන්‍ය රඟපෑමකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තමන් රඟපාන චරිතය ඇතුළේම ජීවත් වෙන කෙනෙක්ට. මේ නිසා තමන්ට ලැබෙන චරිත වැඩි හරියකට සාධාරණය ඉටු කරන්න ලෙජර්ට හැකි වුණා.

වයස අවුරුදු 19දී තමන්ගේ පෙම්වතිය වුණු Liza Zane ගේ ඉල්ලීම නිසා ලෙජර් ඇමෙරිකාවට යන්න තීරණය කරනවා. 1999දී Ten Things I hate about You කියන චිත්‍රපටය තුළින් ලෙජර් රසිකයෝ ආදරය කරන තරුවක් වෙන්න වැඩි කලක් ගියේ නැහැ. 2000දී Mel gibson ගේ Patriot චිත්‍රපටයේ සහ 2001 Monster’s Ball චිත්‍රපටයේත් රඟපාන්න ලෙජර්ට පුළුවන් වෙනවා.

ලෙජර්ගේ මේ බේ්‍රක් තිබුණේ නැති ඉක්මන් ගමන ගැන බොහෝදෙනා චෝදනා කළා. ඉක්මන් කොටයි කියන කතාව කනපිට ගහපු ලෙජර් 2005දී New York Film Critics Circle සහ San Francisco Film Critics Circle කියන Film Circles දෙකෙන්ම Best Actor සඳහා සම්මාන දිනාගන්නවා. ඒ Brokeback Mountain චිත්‍රපටය වෙනුවෙන්.

කොයිතරම් දක්ෂ නළුවෙක් වුණත් ලෙජර්ට ජනප්‍රියත්වයත් එක්කම තමන්ව ඇමෙරිකාවට එන්න උනන්දු කරපු Liza Zaaneව අමතක වුණා. Lizaව අමතක කරපු ලෙජර් Brokeback Mountain චිත්‍රපටයේදී හමුවුණු Michelle Williams එක්ක විවාහ වුණා. ඒ දෙන්නාගේ පොඩි දුව Matilda Rose ඉපදුණේ 2005 ඔක්තෝබර් 28. නමුත් දුවගේ පැමිණීමත් එක්ක ලෙජර් සහ විලියම්ස් අතර යම් යම් විරසකයන් ඇතිවුණා. අවසානයේදී 2007 ලෙජර් සහ විලියම්ස් අතරේ තිබුණු සම්බන්ධයක් තවදුරටත් නැති බව විලියම්ස්ගේ තාත්තා මාධ්‍යවලට නිවේදනය කළා.

The Dark Knight චිත්‍රපටයේ චරිත තෝරාගන්නේ මේ කාලයේදීමයි. ඒ චිත්‍රපටයේ බැට් මෑන් හෙවත් බෘෘස් වේන්ගේ චරිතය වෙනුවෙන් ලෙජර් ඉදිරිපත් වෙනවා. ඒත් චිත්‍රපටයේ අධ්යක්ෂ Cristopher Nolan ලෙජර් තෝරාගන්නේ ඒ චරිතයේ දුෂ්ටයා වුණු ජෝකර්ගේ චරිතයට. කලින් කිව්වා වගේම ලෙජර් කියන්නේ මෙතඩ් ඇක්ටර් කෙනෙක්. ඉතින් ලෝකයක් ආදරය කරපු දුෂ්ටයකු බිහි කරන්න මේ දෙන්නා එකතු වෙනවා.

“ඔයා ඉස්සෙල්ලා ජෝකර් ගැන ඉගෙන ගන්න. සයිකෝ පේෂන්ට් කෙනෙක්ට නගරයක් පාලනය කරන්න ලැබුණොතේ උෟ මොනාද කරන්නේ කියලා හිතන්න. සයිකෝ පේෂන්ට් කෙනෙක් මනුස්සයෙක්ව මරන්නේ කොහොමද? කෙනෙක්ව රිද්දවන්නේ කොහොමද? මේ දේවල් ඔයා හිතලා බලන්න. ඒ වගේ කෙනෙක් විදියට ඔයා මාරු වෙන්න”

ඒ විදිහට චරිතය හදාරන්න පටන් ගත්තු ලෙජර් පිටපතත්, ජෝකර් චිත්‍ර කතා ටිකත් එක්ක දවස් 45ක් තනියම කාමරයක ඉන්න තීරණය කරනවා. ඒ කාලයේ ජෝකර් ගැන ඉගෙන ගෙන 46 වැනි දවසේ ලෙජර් රඟපාන්න එන්නේ ඔහු විදියට නෙවෙයි. මිනීමරු ජෝකර් විදියට. ඒ රඟපෑම කොයිතරම් තාත්විකද කිව්වොත් ලෙජර් එක්ක එකට රඟපාන නළුවෝ පවා ඔහුට බිය වෙනවා.

මේ විදිහට ජෝකර් රඟපෑම ඉවර කරපු ලෙජර් ඒ චරිතය නිසා මානසිකව පසුබෑමකට ලක්වෙලා හිටියා. දවසට පැය දෙකක් විතර නිදාගෙන, දවස් 45ක් කිසිම සමාජ ආශ්‍රයක් නැතිව හිටපු ලෙජර්ට නැවත තමා බවට වෙන්න අපහසු වීම නිසා මානසික රෝග සඳහා බෙහෙත් ගන්න තැනට පත්වුණා. අවසානයේදී මාත්‍රාවටත් එහා නිදිපෙති බීම නිසා 2008 ජනවාරි 22 ලෙජර් මිය යනවා. ලෙජර්ගේ මළ සිරුර හම්බ වෙන්නේ ඔහුගේ කාමරයේ ඇඳ උඩයි.

ජෝකර් නිසා අවාසනාවන්ත විදියට ජීවිතෙත් සමුගත් ලෙජර්ට තම රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන 10ක් හම්බවෙනවා. 2009µ Best Actor in a Supporting Role සඳහා Oscar Award එක, 2009දී MTV Movie Award for Best Villain, Golden Globe Award for Best Supporting Actor, BAFTA Award for Best Actor in a Supporting Role සහ තවත් සම්මාන ගණනාවක් ඔහු අයිති කර ගන්නවා.

අවුරුදු 17දී රඟපෑම වෙනුවෙන් ගෙදරින් ආපු ලෙජර් කොහොම හරි තමන්ගේ හීනය හැබෑ කර ගත්තා. මේ වෙද්දී ජීවතුන් අතර නැතත් තාමත් ලෙජර් අපේ හිත්වල ජීවත් වෙනවා. කොහොම වුණත් මේ දිනවල තිරගත වන “Joker” චිත්‍රපටයේ Joaquin Phoneixගෙ ඇක්ට් එක රසවිඳිද්දී ඉබේම ලෙජර්ගේ ඇක්ට් එකත් එක්ක කම්පෙයාර් වෙන එක සමහරක් අයට වළක්වන්න බැරි දෙයක්.

SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-59265795667344202262020-01-02T20:15:00.006-08:002020-01-02T20:15:49.947-08:00ලොව ප්‍රථම අන්ධ ඉංජිනේරූ උපාධිධාරියා

----මා අන්ධයකු කළේමිනිසුන්ගේ දැක්මයි---

ශ්‍රීකාන්ත් බෝලා උපන් මොහොතේ සියලූ දෙනා උපදෙස් දුන්නේ හුස්ම සිරකොට ඔහු මරා දමන ලෙසටයි. ඒ උපතින්ම වූ ඔහුගේ අන්ධ බව හා දෙමාපියන්ගේ දුගී බව සැලකිල්ලට ගනිමිනි. නමුත් ශ්‍රීකාන්ත්ගේ මව්පියෝ තමනට හැකි පමණින් ඔහු රැකබලා ගනිමින් අධ්‍යාපනය කෙරේ යොමු කළහ.

විසිපස් වන වියැති ඔහු අද හයිද්‍රාබාද් හි බෝලාන්ත් ඉන්ඩස්ට්‍රීස් නම් තම ව්‍යාපාරයේ ප්‍රධාන විධායක වේ. ඔහුගේ ව්‍යාපාරය ස්වාභාවික ශාක පත්‍ර හා ප්‍රතිචක්‍රීය කඩදාසි යොදාගෙන ජනතාව සඳහා පරිසර හිතකාමී ඇසුරුම් නිපදවයි. එමගින් නූගත් හා ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා සැපයීමට ද ඔහු සමත් ව ඇත.

නමුත් ශ්‍රීකාන්ත් මෙතෙක් ආ ගමන අතිශයින්ම කටුකය. පාසල් කාලයේ සිටම ඔහු සෙසු අයගෙන් ප්‍රතික්ෂේප විය. එනිසා වයස අවුරුදු හතේ දී දෙමාපියන්ගෙන් වෙන්ව නිවසින් කිලෝ මීටර 250ක් ඈත නගරයක් වූ හයිද්‍රාබාද් හි විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ පාසලකට ඇතුළත් කෙරිණි. කථිකත්වය, නිර්මාණශීලී ලේඛනය, චෙස් හා අන්ධ පුද්ගලයින් සඳහා වූ ක්‍රිකට් පිළිබඳ දැක්වූ දස්කම් වෙනුවෙන් සම්මාන ලැබූ හේ පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වීය. එසේ වුවද සියයට අනූවක් ලකුණු ලබාගත් ඔහුට විද්‍යා විෂය ධාරාව හැදෑරීමට ඉඩ නොදෙන ලදී. එවකට ඉන්දියාවේ අන්ධ සිසුනට 10 වසරෙන් පසු උගෙනීමට ඉඩ දී තිබුණේ කලා විෂයයන් පමණි. මෙහිදී පාසල හා ප්‍රාන්ත ආණ්ඩුවට එරෙහිව නඩු මගට බට ශ්‍රීකාන්ත් මාස හයකට පසු එයින් ජය ලැබුවා පමණක් නොව අවසාන විභාගයෙන් සියයට අනූ අටක ප්‍රතිඵල ලබා සමත් විය.

ඉංජිනේරුවකු වීමේ අපේක්ෂාව ඇතිව ඉන්ඩියන් ඉන්ස්ටිට්යුට්ස් ඔෆ් ටෙක්නොලොජි ආයතනයට ඇතුළු වීමට ඔහු උත්සාහ කළත් ඔහුගේ අන්ධ භාවය නිසා නැවතත් එය ප්‍රතික්ෂේප විය. එහෙයින් ඔහු විදේශ සරසවි සඳහා ඉල්ලූම් කළේය. හොඳම විදෙස් සරසවි හතරකින් ඔහුගේ ඉල්ලීම පිළිගන්නා ලද අතර ශ්‍රීකාන්ත් මැසසුචුසෙට් ඉන්ස්ටිට්යුට් ඔෆ් ටෙක්නොලොජි (Massachusetts Institute of Technology - MIT Cambridge) වෙත ඇතුළත් වූයේය. 2012දී උපාධිය ලැබූ ඔහු එම විද්‍යාලයෙන් පිටවූ ප්‍රථම අන්ධ උපාධිධරයායි.

නැවත සිය රට පැමිණ ඔහු බෝලාන්ත් ඉන්ඩස්ට්‍රීස් සමාගම ආරම්භ කෙළේය. අද එහි සේවකයින් 450කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන අතර එයින් සියයට හැත්තෑවක් වන සේවකයෝ ඉතා දුගී හෝ ආබාධ සහිත පුද්ගලයින් ය.

2017දී ෆෝබ්ස් සඟරාව මගින් නම් කළ වයස 30ට අඩු ආසියානුවන් 30 දෙනා අතර ශ්‍රීකාන්ත්ගේ නම ද වෙයි. රට පුරා සිසුන් සඳහා පරිගණක පුහුණුව ලබා දීමේ මධ්‍යස්ථාන පිහිටුවමින් තරුණයින්ට ඉගෙනීමට හා රැකියා සොයා ගැනීමට මග පෙන්වන ශ්‍රීකාන්ත්ගේ අනාගත බලාපොරොත්තුව ඉන්දියාවේ ජනාධිපති වීමයි.

ඔහු ‘ලීඩ් ඉන්ඩියා 2020’ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෙකි. තරුණයින් සඳහා නායකත්ව පුහුණුව, ගුණ යහපත්කම් සහ රැකියා සඳහා හැකියාවන් වර්ධනය කිරීම එහි අරමුණයි. මිලියන 40ක් වූ ඉන්දියානු තරුණයින් මෙහෙයවා 2020 දී ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම එහි ඉලක්කයයි. 2010 දී මෙම සංවිධානය විසින් ශ්‍රීකාන්ත් හට ඔහුගේ විශිෂ්ටතා උදෙසා ඉන්දීය ජනපති අතින් සම්මාන පිරිනැමුවේය.

‘‘මාව අන්ධයෙක් කළේ මිනිස්සුන්ගේ දැක්ම !’’ ශ්‍රීකාන්ත් කියයි. සාර්ථකත්වය සඳහා ඔබට අවශ්‍ය ඇස් දෙකක් නොව, දැක්මක් බව ශ්‍රීකාන්ත්ගේ කතාව කියයිSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-30995141330533817192020-01-02T20:05:00.001-08:002020-01-02T20:05:13.289-08:00මේ බිදී ඉරිතැලී ගිය දුරකථනය කාගේ ද?

එය "සාදියෝ මැනේ " ගෙ බැව් කී විට ඔබ එය විශ්වාස කළ යුතු ය.

සාදියෝ, සෙනෙගාල් ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු බැව් නොදන්නේ නම් ඔබ ඒ වහා දැනගත යුතුය.

ඒ දැන, පහත බිදී ගිය දුරකතනයෙහි හිමිකරු වන ඔහු ලිවර්පූල් පාපන්දු කණ්ඩායම සමග මීලග වසර පහ සදහා ඇතිකරගත් ගිවිසුමෙහි වටිනාකම රුපියල් කෝටි 527.8 ක් බව දැන, එය හිමිහිට සිතට ධාරණය කරගත යුතුය.

දැන් ඒ දුරකතනය දෙස වරක් බලමු! යළිත් කියවමු.

මෙම මිනිසාගේ සතියක වැටුප රුපියක් කෝටි දෙකකි. අහා! කෙතරම් සරළ මිනිසෙක් ද? ඔබ සිතනා බැව් දනිමි. නමුත් මෙහි ඊට එහා ගියා වූ කතාන්දරයක් ඇති බැව් ඔබ දන්නේ නැත. ඒ නොදන්නා වූ මිනිසත්කමෙහි කතාන්දරය පිලිබද ඔහුගේ වචනයෙන් පැවසූව, අපූරු වසරක, -දුක සැප අඩු වැඩිව කැන්දූ, පුදුමාකර වසරෙක- අගිස්සෙහි හිද ලියා තබාම ඊට සමු දෙන්නට සිතමි.

සාදියෝ ගේ හඩින්,

"මට සුඛෝපභෝගී මෝටර් රථ දහයක්, දියමන්ති ඔරලෝසු විස්සක්, හෝ පුද්ගලික ගුවන් යානා දෙකක් අවැසි වන්නේ ඇයි? එවැනි වස්තු කන්දරාවක්, මට හෝ මා අවට ලෝකයට ඉටුකරන කාරිය කිම?

මම ඒ මුදලින් පාසල් ඉදිකලෙමි. උන් එහි අකුරු උගනිති. ක්‍රීඩාංගන ඉදිකලෙමි. මට වඩා මතුදිනෙක හැකි වන පොඩිවුන් එහි දැන් ක්‍රීඩා කරති. දරිද්‍රතාවයේ අත්‍යන්ත මිරිකීමෙන් තැවෙන සෙනගාලයේ ඇතැම් ගම්මාන වල හැම වැසියෙකුටම මසකට යුරෝ හැත්තෑවක් ලැබෙන පරිද්දෙන් මා ලබන වැටුප මම විසුරුවා හැරියෙමි. ඉන්, උන් වැහැරිලි උනා දමා අලුත් ඇදුම් අදිති. කුස පිරෙන අහර කති. පොත් පත් ගනිති. ස්වයං රැකියා කරති. අවසානයේ ඉන්, ඔවුහූ සමස්ථ සෙන්ගාල් ආර්ථිකයම පැතිකඩකින් ඔසවා ගන්නට වෙර ගනිති.

සුඛෝපභෝගී මෝටර් රථ දහයක්, මසකට වරක් මිලාධික නිවාඩු නිකේතන ගමනාන්තයක්, මිලෙන් ඔපවත් කල නිවෙසක් හෝ පුද්ගලික ගුවන් යානා දෙක තුනක් එහෙයින් මට අවැසි නැත. ඒ වෙනුවට, ජීවිතය මට උපයා දුන්නෙන් කොටසක් මම මගේම මිනිසුන්ට ලැබෙන්නට සකස් කර දෙමි.

දැන් නම් අළුත් දුරකතනයක් අවැසිය. ඊළග මසෙහි වැටුපෙන් කොටසක් මම ඊට වෙන් කරගතිමි"

සාදියෝ සිනාවක් මුවග රන්දා මාධ්‍යවේදීයාට සමුදුණි!

මිතුරනි, ජීවිතය ඔබට උපයා දුන්නෙන් කොටසක්, ඉන් බිදුවක්, වපුරා හරින්නට හැකි නොවන වසරක් උදා වී කුමට?

මම ද එලෙසින් සිතා ගමි. සිත් දිරි මදි වූ ආත්මාර්ථ යේ වංකගිර අභියස, කළු සුරතක රැදුනු, බිදුනු දුරකතනයක් දකිමි. ඔබද ඒ දැකිය යුතුමය.

ජීවිතය ඔබට මට උපයා දුන්නෙන් බිදක් වපුරා හරිමු!

එවිට අපට, පෝළිමට සැම පැතූ සුභ නව වසර උදාවනු ඇත!SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com1tag:blogger.com,1999:blog-6237556333578073476.post-84575987743423691702019-12-22T20:31:00.002-08:002019-12-30T23:29:21.292-08:00චෙස්ටර් බෙනින්ග්ටන් - "In the end it dosen't even matter"

ශ්‍රී ලංකාව තුළ "Rock" හා "Heavy Metal" සංගීත කලාවන්ට එතරම් රසිකයන් නැතත් "Linkin Park" හා "Chester Bennington" නොදන්නා සංගීත රසිකයෙක් නැති තරම් ය. ඒ තරමටම ඔවුන් රොක් සංගීතයෙන් ලෝකයම ආක්‍රමණය කිරීමට සමත් විය. විශේෂයෙන්ම 2000 දශකයේ මුල් භාගයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ Linkin Park සංගීත කණ්ඩායමේ හදවත වූයේ චෙස්ටර් යි. නමුත් ඔහු මුළු සංගීත ලෝකයටම පාඩුවක් සිදුකරමින් මානසික සෞඛ්‍යයට ජනප්‍රියත්වය, මුදල්, බලය හෝ වෙන කිසිම දෙයක් වැදගත් නොවන බන පෙන්වමින් 2017 ජූලි මස 22 දින සියදිවි නසාගැනීමෙන් මෙලොවින් සමුගත්තේය. මියයන විට ඔහුට වයස අවුරුදු 41ක් පමණි.

Linkin Park

1996දී ආරම්භ වූ Linkin Park "Alternative Rock" කාණ්ඩයට අයත් වන ඇමෙරිකානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගේ මංගල ඇල්බමය වන "Hybrid Theory", "Meteora" හා "Minutes to Midnight" ඇල්බම් අතිශය ජනප්‍රියත්වයට පත්විය. "Heavy Metal", "Heavy Rock", "Hiphop", "Pop", "Electronica" වැනි සංගීත කාණ්ඩවල ගීතද ඔවුන් විසින් නිර්මාණය කලා. කණ්ඩායමේ මූලිකයා වන චෙස්ටර්ගේ අවාසනාවන්ත මරණයෙන් රොක් ලෝකයට එක් තරුවක් අහිමිවෙද්දී චෙස්ටර්ගේ බිරිදට ආදරණීය ස්වාමියෙක් හා ඔහුගේ දරුවන් සය දෙනාට ආදරණීය පියෙක් අහිමිවිය.

අසීරු කුඩා කාලය

චෙස්ටර්ගේ දෙමව්පියන් ඔහුට වයස අවුරුදු 11දී දික්කාසද වූ අතර ඔහු ඉන්පසු ජීවත්වූයේ ඔහුගේ පියා සමඟයි. දික්කාසද වීමෙන් පසු ඔහුගේ පියා මානසික වශයෙන් පීඩාවෙන් පසුවූ අතර එය ඍජුව චෙස්ටර්ට බලපෑවේය. එසේම පියා තම රැකියාව හේතුවෙන් අධික ලෙස කාර්යබහුල වූ අතර චෙස්ටර්ට වැඩි කාලයක් ගතකිරීමට සිදුවූයේ නිවසෙහි තනියමයි. තනිකම හේතුවෙන් ඔහු මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි විය. චෙස්ටර් අවුරුදු 17දි සිය මව සමඟ ජීවිත්වීමට නැවත ගිය අතර සංගීතය සඳහා සිය අවධානය යොමු කලේය.

මත්ද්‍රව්‍ය සමඟ අත්හදා බැලීම

චෙස්ටර් තම මානසික පීඩාවන් මඟහරවා ගැනීමට මත්ද්‍රව්‍ය භාවිතා කීරීමට යොමුවිය. වරක් ඔහු සුප්‍රසිද්ධ "Rolling Stones" සඟරාවට පවසා තිබුනේ මත්වී සිටින විට ඔහුට අනෙක් අවස්තාවන්ට වඩා ආත්ම ශක්තියක් හා තමා වටා ඇති දේවල්වල පාලනයක් ඇති බව හැගුණු බවයි. තවත් වරක් ඔහු පවසා සිටියේ තමා ජීවත්වූයේ ඇල්කොහොල් මතින් බවයි.

දික්කසාදය

චෙස්ටර් මුලින්ම විවාහ වූයේ "සමන්තා ඔලිට්" සමඟයි. ඒ 1996දී. සමන්තා හමුවීමට පෙර චෙස්ටර් තාවකාලිකව මත්ද්‍රව්‍යවලින් ඈත් වී සිටි නමුත් විවාහයෙන් පසු ඔහු නැවතත් මත්ද්‍රව්‍යවලට යොමුවිය. සමන්තා සමඟ විවාහය අවුරුදු තුනකින් කෙලවර විය. එය ඔහුගේ තිබු මානසික අවපීඩනය දෙගුණ තෙගුණ කලේය. ඔහු තම මුලු කාලයම මත්පැන්වලට යොමු කලේය. නිවසින් එලියට බැසීමට නොහැකි තරමට ඔහු බීමට ඇබ්බැහි විය. මානසිකව මෙන්ම ශාරීරිකව දැඩි ලෙස දුර්වල විය. මෙය ඔහුගේ සංගීත ජීවිතයටද බලපෑ අතර Linkin Parkලාට සංගීත ප්‍රසංග කිහිපයක්ම අවලංගු කිරීමටද සිදුවිය. මෙම කාලය පිළිබදව චෙස්ටර් පැවසූ වදන් කිහිපයක් පහත දැක්වේ.

"I don't know if anybody out there can relate, but I have a hard time with life."

"Sometimes it's great, but a lot of times for me, it's really hard."

"This place right here, this skull between my ears, that is a bad neighborhood, and I should not be in there alone,"

"If I'm in there, I don't say nice things to myself,"

"There's another Chester in there that wants to take me down."

ඔලිට්ගෙන් වෙන්වීමෙන් අනතුරුව 2006දී ඔහු "Playboy" නිරූපිකාවක් වූ "ටැලින්ඩා බෙන්ට්ලි" සමඟ විවාහ විය. මියයන විටත් ඔහු ජීවිත්වූයේ ඇය සමඟයි.

රසිකයෙක්ගෙන් සිදුවූ හිරිහැරය

රසිකයන්ගෙන් Linkin Park ඊ මේල් ගිණුමට එන පණිවිඩවලට පිළිතුරු යැවීමට චෙස්ටර් දැඩි ලෙස ඇළුම් කලේය. විශේෂයෙන්ම ළමා රසිකයන් ඔවුන්ට වෙනත් අයෙකු සමඟ බෙදාගත නොහැකි කරුණු ඔහු සමඟ බෙදාගත්තේය. නමුත් මෙයින් අයුතු ප්‍රයෝජන ගත් "ඩෙවොන් ටවුන්ස්ටෙඩ්" නම් කාන්තාවක් ඇයගේ රාජකාරී ස්ථානයේ පරිගණක භාවිතා කරමින් චෙස්ටර්ගේ පෞද්ගලික පරිගණකය, ඊ මේල් ගිණුම හැක් කලාය. ඉන්පසු ඇය චෙස්ටර්ගේ පවුලේ පෞද්ගලික කරුණු හා ඡායාරූප භාවිතා කරමින් චෙස්ටර් හා බිරිද ටැලින්ඩාව දැඩි ලෙස හිරිහැරයට ලක්කලාය. පසුව මෙයට වරදකරු වූ ඩෙවොන්ට වසර දෙකක සිර දඩුවම් නියම විය. නමුත් මෙයින් චෙස්ටර්ට තම රසිකයන් සමඟ තිබූ සම්බන්ධතාවද අවහිර විය. එම සිදුවීමද ඔහුගේ මානසික තත්වය තවත් දුර්වල කලේය.

පැයෙහි ජීවත්වීම

චෙස්ටර් තම ජීවිතයේ අවසාන කාලයේ පවා එදිනෙදා වැඩකටයුතු විශේෂ බාධාවකින් තොරව සිදුකරගෙන ගියේය. ඔහු අවසාන කාලයේ පවා ගීත නිර්මාණ රැසක්ද සිදුකලේය. නමුත් කිසුවෙකු ඔහු ඇතුලතින් විඳින පීඩාව සම්පූර්ණ ලෙස තේරුම්ගත්තේ නැත. චෙස්ටර්ගේ මරණයට මසකට පමණ පෙර, ඔහුගේ දිගුකාලීන මිතුරෙකු වන "රයන් ෂක්"ට තමා අත්විදින පීඩාව පිළිබදව කෙටි පණිවිඩ මඟින් පවසා ඇත. එහිදී ඔහු දිනයක් පැයක පමණ කොටස්වලට කඩා ජීවත්වන ආකරයක් සඳහන් කර ඇත. පැයෙන් පැය ඔහු ගන්නා මත්පැන් පිළිබදවද සදහන් කර ඇත. පැයක පමණ කාලයක් වුවත් ඔහු දැඩි අපහසුවකින් ගතකර ඇතිබව මෙයින් පැහැදිලි වේ.

මිත්‍රයාගේ සමුගැනීම

චෙස්ටර්ගේ සමීප මිතුරෙකු වූ ගායක ක්‍රිස් කෝනෙල් 2017 මැයි මාසයේදී සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වූ අතර මෙය චෙස්ටර්ට දැඩි කම්පාවක් ගෙන ආ සිදුවීමක් විය. ඔවුන් දෙදෙනා ඉතා සමීපව ආශ්‍රය කළ අතර කෝනෙල්ගේ මරණයෙන් පසු චෙස්ටර් වෙනස් වූ බව සමීප මිතුරන් පවසයි. චෙස්ටර් මරණයට පත්වුයේ කෝනෙල්ගේ උපන්දිනය දවසේය.

අවසන් ඉඟිය

සෑම විටම තමා මානසික පීඩාවන් ගැන විවෘතව කතාකල චෙස්ටර් 2017 මැයි මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමා මානසික සෞඛ්‍යය ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස පවසා සිටියේය.

"I came to a point in my life where I was like, 'I can either just give up and die or I can fight for what I want'"

මරණය

2017 ජූලි මස 22 වන දින චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගමින් සියදිවි හානිකරගත්තේය. චෙස්ටර්ගේ මරණය ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැඩි කම්පාවක් ගෙන ආවේය. ඔහුගේ මරණයෙන් මාස තුනකට පසු තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ බිරිද විඩියෝවක් නිකුත් කළේය. එම විඩියෝවේ චෙස්ටර්ට මරණයට පත්වීමට පැය 36කට පෙර ඔහු පවුලේ අය සමග විනෝදෙයෙන් ගතකරන අයුරු දැක්විය. එහිදී ඇය මෙලෙස සටහන් කර තිබුනි.

"This is what depression looked like to us just 36 hrs before his death"
He loved us SO much & we loved him."

ඇය පවසන ආකරයට ඇය සිතා ඇත්තේ චෙස්ටර් ඔහුගේ මානසික පීඩාවන් අවුරුදු කිහිපයකට පෙර මඟහරවාගෙන ඇති බවයි. නමුත් යම් අවධානම් සලකුණු දුටු බව ඇය පවසයි.

"The hopelessness. The change of behavior. Isolation. That was all part of our daily lives"

චෙස්ටර්ගේ වියෝවෙන් දැඩි කම්පනයකට පත්වූ ඔහුගේ බිරිඳ චෙස්ටර්ට ගෞරවයක් පිනිස "320 Changes Direction" නමින් මානසික පීඩාවන්ට පත්වූ අයට උදව් කිරීම සඳහා සංවිධානයක් පිහිටුවා තිබේ.

කෙසේ වුවත් අවසානයට චෙස්ටර්ම පැවසූ පරිදි "In the end it dosen't even matter"SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com2tag:blogger.com,1999:blog-6237556333578073476.post-7583904352879743662019-09-12T05:01:00.003-07:002019-12-30T23:41:22.863-08:00අවුරුදු පහේ දරුවන් දුම් බොන නගරය

අවුරුදු 5 ක දරුවෙක් දුම්බොන නගර හෝ ගම්මාන ලෝකෙ තියෙනවද ? ඔවු ! එහෙම නගර හෝ ගම්මාන තියෙනවා. ඒකෙ සුවිශේෂිත්වය තමයි මෙි කුඩා දරුවන්ගෙ අම්මල තාත්තල තමයි "ඉදා පුතේ බීපන්" කියල ඒ දරුවන්ට සිගරට් පැකට්ටුව අතට දෙන්නෙ.

එහෙම ගම්මානයක් තමයි පෘතුගාලයේ Vale de Salgueiro කියන ගම්මානය. නමුත් පෘතුගාල නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු කිසිවෙකුට දුම්බීම කරන්න බෑ ඒක තහනම් ක්‍රියාවක්. එත් වැලේ ඩී සල්ගුයිරියෝ ගම්මානයේ මිනිස්සු ඒක ගනන් ගන්නෙ නෑ. පොලිසියෙන් ඔවුනට බාධා කරන්නෙත් නෑ. මොකද ඒක ඒ ගම්මානයේ මිනිස්සුන්ගෙ ඉපැරනි උත්සව දවසක්. සියවස් ගණනාවක සිට පැවත එන සම්ප්රදායක්. සාමාන්‍යයෙන් ඒ උත්සවය තියෙන්නෙ ඡනවාරි මාසෙ 08 වැනිද. ඒකට කියන්නෙ ‘‘ Epiphany ‘‘ සැමරුම කියල.

දැඩි ශිත දේශගුණයක් සහිත වැලේ ඩී සල්ගුයිරෝ ගමෙි මිනිස්සු කියන්නෙ එයාලව ලිස්බන් නගරය අමතක කරල දාලයි කියල. ඒ උත්සවය දවසට ගමෙි සියලු වැඩිහිටියන් සහ දරුවන් එකතුවෙලා සිගරට් බීබී නටමින් ගයමින් විනෝද වෙනව. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව කැරොල් ගී ගයනව. ඒක ශිත සෘතුවෙි සැමරුමක්. සෘතු සැමරුම්වල කොටසක් ලෙස ශතවර්ෂ ගණනාවක් තිස්සේ එය සම්මත කර ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් මෙම කුඩා දරුවන්ට දුම් පොවන ක්‍රියාව ආරක්ෂා කරනව, නමුත් එකී සංකේතවත් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි කිසිවෙකුට හරියටම විශ්වාස නැති අතර ඒ ගැන කියන්න දේකුත් එයාලට නෑ. ඒ වගේම දෙමව්පියන් තම කුඩා දූ දරුවන්ට සිගරට් ලබා දීම වැළැක්වීමට කිසිවෙක් හෝ නොමැති අතර බලධාරීන් මැදිහත් වී එකී සම්ප්රදාය අවසන් කරන්නේද නැත.. පිටස්තර පුද්ගලයින්ගේ විවේචන හා කෝපය නොතකා, ප්‍රදේශවාසීන් මෙම චාරිත්‍රය ආරක්ෂා කරති.

ජෝස් රිබිරින්හා (Jose Ribeirinha ) යනු ගමේ Epiphany උත්සව පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කළ ලේඛකයෙකු හා පර්යේෂකයෙකු වන අතර ඔහු පවසා තිබුණේ මෙහි මූලාරම්භය නොදන්නා නමුත් සොබාදහමේ ශිත සෘතුව වසරක් පාසා නැවත ඉපදීම හා මියයාම සැමරීම හා මෙය සම්බන්ධ විය හැකි බවයි. ඒ අතරම මෙම ගම්මානය පිහිටා ඇත්තේ පෘතුගාලයේ ලිස්බන් අගනුවරට කිලෝ මීටර් 450 ක් දුරස්ථව පුරාණ මිථ්‍යාදෘෂ්ටික හා ඉපැරණි රෝමානු උත්සව රාශියක් සිදුකරන ප්‍රදේශයක බවත් ඔහු සටහන් කරයි.

SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-85358200788695939822019-09-12T04:59:00.003-07:002019-12-30T23:41:50.397-08:00කුණු කසළ කිලෝ එකකට නොමිලේ ප්‍රනීත ආහාර වෙිලක් !

එය ඉංදියාවෙි මුදල් වෙනුවට කුණු ගොඩක් ලබාදීමෙන් ආහාර වෙිලක් ලබා ගත හැකි ප්‍රථම ඉංදියානු හෝටලයයි. එකී ආපනශාලව නම් කර ඇත්තේ Garbage Cafe යනුවෙනි.

ඕනෑම ආකාරයක කුණු කසල ග්‍රෑම් 500 කට ඔවුහු ප්‍රනීත උදෑසන ආහාර වෙිලක් දෙන අතර ඉවතලන ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් එකක් සදහා සම්පුර්ණ දිනයකට අවශ්‍ය ආහාර ලබා ගත හැක. මෙම ආහාර ලබා දෙන්නේ සාමාන්‍ය ඡනතාවට නොවීම මෙහි ඇති සුවිශේෂත්වයයි. ඒවා ලබා දෙන්නේ ඉංදියානු විදිවල නිදාගන්නා නිවෙස් අහිමි මිනිසුන්ටය. එමෙන්ම මෙි ආපනශාලාව ඉංදියාවෙි චතිස්ගාර්හි අම්බිකාපුර්හි පවත්වාගෙන යනු ලබන්නේ අම්බිකාර් ප්‍රාදේශිය සභාවෙි පාලනයට යටත්වය. එයට අවශ්‍ය මුලික අරමුදල් සපයා ඇත්තේ අම්බිකාර්හි ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් ගේ වැටුපෙන් වීම මෙහි ඇති අනෙක් සුවිශේෂත්වයයි.

මෙම කතාවෙි ප්රභවය 2003 කණ්ඩායමේ IAS නිලධාරියෙකු සහ සුර්ගුජා දිස්ත්‍රික්කයේ හිටපු බදු නිලධාරියක වූ රිතූ සයින්ගේය ( Ritu Sain ). 2014 දී ඇය ප්‍රථම වරට අම්බිකාර් නගරයට පැමිණි විට ඇගේ මනසේ ඉංදියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ප්රකාශකල යම් අදහසක් පිළිබද සටහනක් තිබිණි. ‘‘ මහත්මා ගාන්ධිතුමාට අපට කල හැකි හොදම උපහාරය පිරිසිදු ඉංදියාවක් නිර්මානය කිරීමයි.'' එහෙත් ඇය අම්බිකාපූර්වලට ඇතුල්වනවිටම එහි තිබූ දුර්ගන්ධයෙන් ඇයට සිය නාසය ලේන්සුවෙන් වසාගෙන යාමට සිදුවිය. ‘අම්බිකාපූර් වෙත සාදරයෙන් පිළිගනිමු’ නැමති දැන්වීම් පුවරුව තිබුණේ ගදගසමින් ඔඡස් ගලායන විවෘත කුණු කන්දක් උඩය. පසුව ඇයගේ දැඩි උත්සාහයත් පසුකාලීනව නගර පරිපාලනය විසින් ගනු ලැබූ පියවරත් අම්බිකාපූර්හි නිවාස අහිමි ඡනතාවට නොමිලේ ආහාර ලබාදෙන මෙි ආපනශාලව නිර්මාණය කිරීමට සමත්විය.

140,000 කට වඩා වැඩි ජනගහනයක් සහිත කුඩා නගරයක් වන අම්බිකාපූර් දිස්ත්‍රික් අගනුවරට ඇය ඇතුළු වූ පසු ඇය කල පලමු කාර්යය වන්නේ කුණු කසළ වෙන් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමය. එයට අනුව කුණු වර්ග කර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, කාබනික හා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි භාණ්ඩ වෙන් වෙන් වශයෙන් වෙන් කොට ඇසුරුම් කර ප්ලාස්ටික්, ලෝහ හා ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය මධ්‍යම භාණ්ඩාගාරයට යවා නිෂ්පාදකයින්ට ප්‍රතිචක්‍රීකරණය සඳහා අමුද්‍රව්‍ය ලෙස විකුණනු ලැබීය. ඉතිරිව ඇති කාබනික අපද්‍රව්‍ය අවශේෂ ජීව වායු ඩයිජෙස්ටර් සහ කොම්පෝස්ට් සඳහා යොදා ගත්තේය. එය අතිශය සාර්ථක වුයේ ඇය සනීපාරක්ෂ කම්කරු ගැහැණුන් 500 ක් වෘත්තීයමය ලෙස බදවාගෙන ගෙන්ගෙට ගොස් මෙි අපද්‍රව්‍ය එකතුකොට කුණු කසල වෙන්කිරීමෙි මධ්‍යස්ථානය වෙත ගෙනා බැවිනි.

කුණු කසල විකුණා පළමු අවුරුදු දෙක තුල ඇය ඉන්දීය රුපියල් කෝටි දෙකක් භාන්ඩාගරයට එකතුකොට තිබිණි.
මෙම ක්රියාවලියේම දිගුවකි නිවාස අහිමි මිනිසුන් යොදවා කුණු කසල එකතු කිරීම. එම ව්‍යාපෘතියෙන් අගනා ප්‍රතිපල රැසක් රිතූ සයින් නගරයට පෙන්වා දී තිබෙි. පළමුව නිවාස අහිමි රැකියා අහිමි අම්බිකාපූර් ඡනතාවට කුණු කසල එකතුකරදී සුරක්ෂිත හා පෝෂ්‍ය ගුනයෙන් සපිරි ආහාර නොමිලේ ලබා ගත හැකිවීමයි. දෙවැන්න ඉංදියාවෙි මහාමාර්ග වලට අවශ්‍ය ප්ලාස්ටික් නැවත නිෂ්පාදනයකින් තොරව නොකඩවා කුණු කසළ තුලින් සොයාගත හැකිවීමයි. (ඉංදියාව මහාමාර්ග ඉදිකිරීමෙිදී අමුදව්යක් ලෙස ප්ලාස්ටික් යොදා ගනී ) තෙවැන්න නිවාස අහිමිවු මිනිසුන් යොදවා මෙි එකතුකරනු ලබන කුනුවලින් ලැබෙන ප්රතිලාභ තුලින්ම ඔවුන්ට නිවෙස් සදාගත හැකි ව්‍යාපෘතියක් දියත් කිරීමයි. මෙි වනවිට 2019 අගෝස්තු 01 දින විවෘත කල Garbage Cafe වෙතින් දිනපතා කූනු එකතුකරදී යැපෙන නිවාස අහිමි පවුල් සංඛ්‍යාව 100 කි.

2019 ශ්‍රේණිගත කිරීම් යටතේ, අම්බිකාපූර් ඉන්දියාවේ දෙවන පිරිසිදු නගරය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් නගරය ඉංදියාවෙි පිරිසිදුම නගරයයි. එහෙත් පසුගිය වසරට වඩා ස්ථාන 15 කින් ඉහළටවිත් එහි දෙවෙනි ස්ථානය දිනාගැනීමට අම්බිකාපූර් සමත්විය. එහි පුර්ණ ගෞරවය රිතූ සයන් නැමති ගැහැණියටය. ඊට අමතරව මෙි කුණුවලින් උපයා ගන්නා ලද මුදලින් නගරය අක්කර 15 ක දැවැන්ත ගොඩකිරීමක් 2016 මැයි මාසයේදී සිදුකර එහි ගස් වැල් මල් වර්ග හා පොකුණු වලින් සලකුණු කරන ලද ‘සනීපාරක්ෂක දැනුවත් කිරීමේ උද්‍යානයක්’ බවට ඇය පරිවර්තනය කර තිබුණි. එබැවින් මෙය කුනු එකතුකරන්නන්ට නොමිලේ ආහාර සපයන කතාවක් පමණක් නොවෙි. ඉබාගාතේ රස්තියාදුවුනු නිවෙස් අහිමි මිනිසුන් යම් වෘතිකට පෙළඹවීමක් පිලිබද කතාවකි. නිවාස අහිමි මිනිසුන්ට නිවාස ලබාදීමෙි වැඩ පිලිවෙලික් ගැන කතාවකි.. සංවර්ධනය වන රටකට නැවත නිෂ්පාදනය නොකර ප්ලාස්ටික් භාවිතයට ගත් උත්සාහයකි. එය නගරයක් මිනිසුන්ගෙන් බදු නොගසා ලස්සන කරන හැටි ගැන රටක ඉහළ නිළධාරීන්ගේ කැපවීමෙි හා උත්සාහය පිලිබදවද කතාවකි. ස්තුතියි රීතූ සයින් ! ලෝකය ලස්සන වන්නේ නුඹලාගෙනි !SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-20932895294373861502019-06-26T05:26:00.000-07:002019-06-26T05:26:05.007-07:00Get Up, Stand up .......stand up for your right

අපට ජීවිතය පිළිබඳව යතාර්ථවාදී අවබෝධයක් ලැබෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ යනු ජීවමාන මිනිසෙකු බව වැටහුණු දිනයටය. එවිට අපට මිනිසත්කම , ලෝකය පිළිබඳව පුර්ණ දැනුමක් ලබා ගත හැක . බොබ් මාලේ විසින් ගයන මේ සත්‍යයේ අඬහැරය බඳු Get Up Stand Up For Your Right ගීතය තුලින් දිගහැරෙන්නේ එකී සැඟවී ඇති කර්කෂක සත්‍යයයි ...මේ ගීතය තුලින් සමාජය ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය දැවැන්ත මගපෙන්වීමක් මෙන්ම හුදු ඕලාරික මතවාදයන්ට යටත් නොවී තම අයිතිවාසිකම් හා සමාජය පෙරට තල්ලු කිරීමට වෙහෙස විය යුතු ආකාරය කියා දේ. මිනිස් මනසේ පරිකල්පනය තුල මැවුණු දෙවියන් යනු හුදු සංකල්පයක් පමණි. ජීවමාන මිනිසා තුල සැඟව ඇති සැබෑ දෙවියන් අවධි වූ විට මිනිසත්කමින් ලොවම සුවඳවත් වනු ඇත. ඉතින් අප යැදිය යුත්තේ අප තුලම සැඟව ඇති දෙවියන් අවදි වීමටය ....මේ එම ගීතයේ සිංහලානුවාදයයි ...

නැගිටින්න ..ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න
අවදි වන්න සටන අත්නොහරින්න
අනුන්නට බණ දේශනා කරන්න ,
මට කියන්න එපා
දෙව්ලොව තිබෙන්නේ පොලොව යටය කියා ,
ජීවිතයේ සැබෑ වටිනාකම කුමක්දැයි
ඔබ නොදන්නා බව මම දනිමි
දිලිසෙන සියල්ල රන් නොවේ
කතාවේ සියල්ල කිසිදාක කියවී නැත
දැන් ඔබට ආලෝකය දිස්වේ
ඉතින්
අයිතිවාසිකම් වෙනුවෙන් අවදිවන්න
බොහෝ මිනිසුන් සිතන්නේ
සර්ව බලධාරී දෙවියන් අහසින් වඩිනු ඇති කියා
සියල්ල රැගෙන ගොස් සියල්ලන්ටම
උසස් හැඟීමක් ලබා දෙනු ඇතැයි කියා
එහෙත් ඔබ දනීනම් ජීවිතයේ වටිනාකම
ඔබ ඔබේ ජීවිතය සොයනු ඇත්තේ මිහිපිටය
අප තේරුම් ගත් දිනට අපට සියල්ල වැටහෙනු ඇත
සර්ව බලධාරී දෙවියන් ජීවත් වන්නේ අප තුලය
ඔබට ටික කලකට ටික දෙනෙක් රැවටිය හැක
නමුත් දිගු කලකට බොහෝ පිරිසක් කෙසේ රවටන්නද
අප දැන් ආලෝකය දකිමින් සිටි
එසේ නම් අප දැන් නැගී සිටිය යුතුය.

Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Preacher man don't tell me heaven is under the earth
I know you don't know what life is really worth
Is not all that glitters in gold and
Half the story has never been told
So now you see the light, aay
Stand up for your right. Come on
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
(Repeat)
Most people think great God will come from the sky
Take away everything, and make everybody

feel high
But if you know what life is worth
You would look for yours on earth
And now you see the light
You stand up for your right, yeah!
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up. Life is your right
So we can't give up the fight
Stand up for your right, Lord, Lord
Get up, stand up. Keep on struggling on
Don't give up the fight
We're sick and tired of your ism and skism game
Die and go to heaven in Jesus' name, Lord
We know when we understand
Almighty God is a living man
You can fool some people sometimes
But you can't fool all the people all the time
So now we see the light
We gonna stand up for our right
So you'd better get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fightSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-14996780906275943532019-06-21T05:00:00.002-07:002019-06-21T05:00:21.320-07:00ඉස්ලාමයේ නාමයෙන් දරුවෙක් මරණයට කැප කරන්න

"ඉරාන-ඉරාක යුද්ධයේදි ඉරානයට තිබුණු ලොකුම හිසරදයක් තමයි සාගරය වගේ වළලලා තිබුණු ඉරාකයේ බිම් බෝම්බ. මේකට විසඳුමක් විදිහට ඉරාන හමුදාව බෝම්බ භූමිය හරහා හරකුන්, බූරුවන් දක්කලා බලනවා

මේක හරිගියේ නෑ. ඉදිරියෙන් යන සගයා කෑලි කෑලි වලට පිපිරෙන හැටි දකින මේ සත්තු බය වෙලා ආපස්සට දුවන්න ගත්තා. මේ අසාර්ථකත්වය නිසා ඉරාන හමුදාව එක අඩියක් වත් ඉදිරියට යන්න බැරුව ලොකු අමාරුවක වැටිලයි හිටියේ. හැබැයි වැඩේ අතෑරියේ නෑ. බූරුවගෙ වැඩේ මිනිස්සු ලවා හරි කරගන්න පියවර ගැනෙනවා.

වැඩි කල් යන්න කලින් ඉස්ලාමයේ නාමයෙන් දරුවෙක් මරණයට කැප කරන්න කියලා රට පුරා පූජකයන් අයදින්න ගන්නවා. අයැදුමට නොපමාව කුඩා ගම්මාන, නගර වල දුප්පත් පවුල් වලින් තරුණයන් රැසක් සහභාගී වෙනවා. මේ හැමෝටම මරණින් පස්සෙ සදාකාලික දිව්‍යලෝකයේ පාවෙන හැටි ඉස්ලාමීය පූජකයන් නිරන්තරයෙන් මතක් කරනවා.

ඉතිං මේ විදිහට පුහුණු කඳවුරේදී මොල ශෝධනය වෙන තරුණයන්ට අවසානයේදී ප්ලාස්ටික් යතුරකුත් තෑගි ලැබෙනවා (තායිවානයේ නිශ්පාදිත). මොකටද දන්නවද?

මරණින් මතු ස්වර්ගයේ දොරටුව ඇරගන්න !!!

ඉතින් ආගමින් මොළය විකල් වුණ තරුණයන් රෑන් පිටින් බෝම්බ භූමියට දුවගෙන එනවා. බුරුතු පිටින් බිම් බෝම්බ පුපුරවගමින් කෑලි කෑලි වලට පිපිරිලා යනවා. මේ විදිහට බෝම්බ clear වෙච්ච ප්‍රදේශ හරහා ඉරාන හමුදාව ඉරාකයට කඩා පනිනවා.

ඉරාන හමුදාවට, තමන්ගේ වචන වලට රැවටිලා මිනිසුන් සිය දහස් ගණනින් තමන්ගේ දෙමව්පියන්, බිරිඳ දරුවන් අතහැරලා යුධබිමේ ගින්නට පණින එක විතරක් මදි වෙනවා. බිම් බෝම්බ වලින් පුපුරලා යන තරුණයන් ගේ කෑලි එකතු කරලා අවමංගල්‍යයක් කරන එකත් ඉරාන හමුදාව දකින්න මල වදයක් විදිහට

ඒ නිසා ඒ තරුණයන්ට හමුදාවෙන් බ්ලැන්කට් එකක් ලැබෙනවා. මීට පස්සේ බෝම්බ භූමිය තුල එයාලා ඇවිදින්න ඕනේ නෑ. ඒ බ්ලැන්කට් එක ඔතාගෙන හරස් අතට පෙරලෙමින් යන්න කියලා උපදෙස් ලැබෙනවා. මේ නිසා පිපිරීමකදී තරුණයන්ගේ ශරීර කොටස් දසත විසිරීම සීමා වෙනවා

ඉතින් ඔය විදිහට ඉරානය ආගමට සහ මොළ ශෝධනයට පින් සිද්ධ වෙන්න ඉරානය බිම් බෝම්බ ගැටලුව සාර්ථකව විසඳනවා

ඉරාන ඉරාක යුධ සමයෙදි මෙවැනි වැඩ වලට මිනිසුන් රැසක් අවශ්‍ය නිසා වැඩි වැඩියෙන් දරුවන් වදන්න කියලා පුජකයන් ඉල්ලා සිටිනවා. මේ නිසා යුධ සමය තුල එක ඉරාන කාන්තාවක් average ළමයි 6-7ක් වදන තැනට දක්වා එනවා.

1980 ඇරඹුනු යුද්ධය 1988 දී අවසාන වෙනකොට ඉරාන වැසියන් 200,000 පමණ ජීවිතයෙන් වන්දි ගෙවලා තිබුණා"
.SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0tag:blogger.com,1999:blog-6237556333578073476.post-32472355574411103062019-06-05T03:45:00.000-07:002019-06-05T03:45:34.273-07:00යෝනි සුන්නතට එරෙහිව සටන්වදින සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාව.

ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්.
තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු කාන්තාවන් පරම්පරා ගණනාවක් එම වේදනාවට මුහුණ දුන් බවයි යස්මින් අහමඩ් පවසන්නේ.
වර්තමානයේ ඇය කාන්තා යෝනි සුන්නත් කිරීමට එරෙහිව හඬ නගන ක්‍රියාධාරිනියක්.
සිය මව සහ මිත්තණියට මුහුණ දීමට සිදු වූ වේදනාබර අත්දැකීම ඔස්සේ, යස්මින් මේ ලොවට හඬ නගා කියන්නේ සෝමාලියාවේත්, තවත් අප්‍රිකානු රටවල් ගණනාවකත් කාන්තාවන් විසි එක් වන සියවසේ පවා මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳ කතාවයි.
"එතකොට මට වයස අවුරුදු හතයි. මාව යෝනි ඡේදනයට ලක් කරපු දවසට කලින් දවසෙත් මම සෙල්ලම් කරමින් හිටියේ. මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ," යස්මින්ගේ මව අයීෂා මුහම්මද් සිය දිවියේ මුහුණ දුන් ඒ වේදනාබර දිනය මතකයට නැගුවේ එලෙසින්.
'වේදනාබර මතකය'
"මම කවදාවත් දැකල නැති ගැහැණු තුන් දෙනෙක් එකපාරටම මාව අල්ල ගත්තා. ඒ අය අතේ රේසර් බ්ලේඩ් තියෙනවා මම දැක්ක. මම තිගැස්සුණා. ඊට පස්සේ ඒ අය මට කරන්න යන දේ කිව්වා. එක් ගැහැනියක් මගේ වම් අත අල්ල ගත්තා. තව කෙනෙක් අනිත් අත. අමු අමුවේ මගේ ශරීරයේ කොටසක් කැපෙනව මට දැනුණා; මට ඇහුනා," යස්මින්ගේ මව පවසන්නීය.
මවත් දියණියත් ඒ සංවාදයේ යෙදුනේ යස්මින් ගේ මිත්තණිය හබීබා ඔස්මාන් ඉදිරිපිටදී.
සිය මිනිබිරිය මෙන්ම ඇයත් අද වන විට යෝනි සුන්නත් කිරීමේ චාරිත්‍රයට එරෙහි වුවත්, එදා ඊට එකඟ වනු හැර තමන්ට විකල්පයක් නොතිබූ බවයි මිත්තණිය පවසන්නේ.
"තමන්ගේ දරුවා යෝනි සුන්නත් කිරීමට ලක් කළේ නැතිනම්, මිනිස්සු දොස් කිව්වේ මව්වරුන්ට. 'දැක්කද, අර කෙල්ලගේ කපල නෑ; ඒකි නරක කෙල්ලෙක්' කිය, කිය අනිත් කෙල්ලෝ කොල්ලෝ ඒ දරුවට වද දෙනවා. ඉතින් දරුවෝ අපේ ළඟට අඬා ගෙන එනවා. එතකොට අපිට ඒ දරුවාව සුන්නත් කරන්න සිද්ධ වෙනවා."
'වයස හතයි'
යෝනි සුන්නත් කිරීමට වැරදිකරු බවට තීරණය කෙරුණහොත් බ්‍රිතාන්‍යයේදී එයට වසර 14 ක් දක්වා වූ සිරදඬුවමක් නියම කළ හැකියි. එවැනි නීතියක් පවතින නමුත් බ්‍රිතාන්‍යය තුළ පවා මේ අමානුෂික චාරිත්‍රය තවමත් ක්‍රියාත්මක වේ.
"ඒක අපේ සංස්කෘතියට බද්ධ වෙලා තිබුණ දෙයක්. ගෑණු දරුවෙකුගේ සුන්නත් නොකළොත් 'අන්න අරයගේ සුන්නත් කරලා නෑ' කියා කියා අනිත් අය එයාට අපහාස කරනවා. සුන්නත් කරපු කෙල්ලෝ අනිත් කෙල්ලන්ට සමච්චල් කරනවා."
එහි අදහස එදා තමා ජීවත් වූ සමාජයේ දැරියන් සහ කාන්තාවන් ඇතුළු සියලු දෙනා මොළ සේදීමකට ලක් කෙරී තිබුණාද යන්න දැයි යස්මින් විමසූ විට මිත්තණියගේ පිළිතුර වූයේ 'ඔව් මොළ සෝදලා තිබුණා' යන්නයි.
"ඔයාගේ අම්මව සුන්නත් කරන කොට එයාට වයස අවුරුදු හතයි. අනිත් අයට තරම් එයාට අමාරු වුනේ නෑ. මම එයාට කටු පාවිච්චි කළේ නෑ. අම්මගේ අක්කට ඊට වඩා ගොඩක් අමාරු වුනා."
'අමානුෂික චාරිත්‍රය'
සුන්නත් කිරීමෙන් අනතුරුව තමාට දින ගණනාවක් කැසිකිලි යාමට පවා නොහැකි වූ බව පවසන යස්මින් ගේ මව අයිෂා මුහම්මද්, වේදනාව හේතුවෙන් තමන් මුත්‍රා කිරීමෙන් වැලකී සිටි බව සඳහන් කළාය.
යම්කිසි දිනෙක තමාට දාව උපන් දියණියක සුන්නත් කිරීමට ලක් කළ යුතු යයි තමා විසින් ඉල්ලා සිටියහොත් ඒ සඳහා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි යස්මින් සිය මවගෙන් විමසා සිටියාය.
ඊට එරෙහි වී එය වළකාලන බව තරයේ කියා සිටින යස්මින්ගේ මව සිය උත්සාහය අසාර්ථක වුවහොත් ඒ පිළිබඳ බලධාරීන්ට පැමිණිලි කිරීමට පවා නොපැකිලෙන බවයි පවසන්නේ.
සිය උත්සාහය දඬුවම් ලබා දීම නොව මෙම අමානුෂික චාරිත්‍රයට නැවතීමේ තිත තැබීම බවත් අයිෂා මුහම්මද් අවධාරණය කරන්නීය.
('බීබීසී ලෝක සේවයේ සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂාංගයේ තුන්වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් ලියැවුණු යෝනි සුන්නත් කිරීමට ලක් කෙරුණු කාන්තාවන් දෙදෙනකුගේ සහ ඊට එරෙහිව සටන් වදින යස්මින්ගේ කතාවයි ඒSL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com1tag:blogger.com,1999:blog-6237556333578073476.post-4744788410505957192019-06-05T02:44:00.000-07:002019-06-05T02:44:10.506-07:00ඔබ කැමතිද මරණ දඩුවම හිමිවන වරදක් කරන්න..

මම එහෙම කිව්වොත් බොහෝ දෙනාගේ හිතට එන්නේ බරපතල වරදක් විය යුතුය.. එහෙත් ඔබ දන්නවාද ඉස්ලාම් ආගම අතහැර පලායෑමට දඩුවම මරණ දඩුවම බව.. මරණ දඩුවම හිමිවන බව දැන පලායාමට මොන තරම් කටුක ජීවිතයක් එසේ පලායන පුද්ගලයන්ට ලැබෙනවා ඇත්ද? :-/

මේ කතාවේ කතානායිකාව රහෆ් මොහොමඩ් සෟදි ජාතික නව යොවුන් තරුණියයි. සෞදි අරාබියේ සිට තායිලන්තයට පලායන ඇය ගුවන්තොට ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලට ලක්වෙනවා . නැවත සෞදි අරාබියට පිටුවහල් කිරීමට සුදානම්ව සිටියදි ඇයට සහය වෙනවා Human Rights Watch සංවිධානයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධක්ෂක පිල් රොබට්ස් මහත්මා.. "ඇයි මා රහෆ්ට උදව් කලේ?" යනුවෙන් නම්කල ලිපියකින් පිල් රොබට්ස් මහත්මා මෙසේ සදහන් කර තිබෙනවා. රහෆ් හා මා සම්බන්ධ වන්නේ දුරකතන ඇමතුමකින්. එම ඉරිදා දිනයේ මා හට දුරකතන ඇමතුම සම්බන්ධ කල වේලාව සාමන්‍යෙයෙන් Human Rights Watch සංවිධානයේ කිසිවෙකුත් කතානොකරන වේලාවක්.. මා හිතුවා ලොව කොතනක හෝ කිසියම් පුද්ගලයෙකුට ලොකු අකරතැබ්බයක් වෙන්නැති කියල මේ වෙලාවේ දුරකතන ඇමතුමක් එන්නේ කියල.. දුරකතන ඇමතුම සම්බන්ධ කල පාර්ශවය කියා සිටියා "මහත්මයා තායි නිලධාරින් සෞදි අරාබියානු තරුණියක් රදවා තබාගෙන සිටිනවා. ඔබ කැමතිද ඇය හා කතා කරන්න" යනුවෙන් පැවසුවා. මගේ කැමැත්ත මත රහෆ් මා සමග සම්බන්ධ වෙනවා. එතැන් පටන් දිග හැරුනේ ලොව වාසය කරන සියලු රහෆ්ලා ට වැදගත් වන කතාවක්.. ඒ සෞදි අරාබියානු ආගමික පිඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ කතාවයි. "කරුණාකර මට උදව් කරන්න, මගේ ජීවිතය අනතුරේ" රහෆ් අනෙක් අන්තයෙන් හඩ අවධි කලා. ඉන්පසු මා ඇයට ප්‍රශ්න කීපයක් යොමු කරමින් ඇගේ තත්වය වටහාගැනීමට උත්සහ කලා. එහිදි ඇය පවසා සිටියා ඇයට ඇගේ පවුලේ සමාජිකයන්ගෙන් විදින්නට සිදුවූ අඩන්තේට්ටම්.. කොණ්ඩය කැපු වරදට මාස හයක් ඇයව ඇගේ කාමරයේ හිරකර තබා තිබෙනවා.හිජාබය ඇදිම යාඥා කිරීම ප්‍රතික්ෂේප කල නිසා නිරතුරුව පහරකෑම් වලට ලක්ව තිබෙනවා. "මට බයයි පිල්.. ඔවුන් මා ගෙන්වා ගතහොත් මා මරා දමාවී" යනුවෙන් ඇය අවසානයේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් මා තායි නිලධාරීන්ට කතා කර ඇයගේ කතාව පිලිබද විශ්වාසයක් ඔවුන් තුල ගොඩ නගන්නට උත්සහ කලා. මේවන විටත් ඇය ට්විටර් හරහා ඇයගේ තත්වය ප්‍රකාශ කර සිටියත් මාද්‍යවේදීන් මෙම සිද්ධිය ආවරණය කරනවාද නැද්ද යන දෙගිඩියාවෙන් පසු උනා.. මා මාධ්‍ය ආයතන වලට කතා කළා, ඔවුනට අවශ්‍ය විස්තර පුරවා දුන්නා. ඒ සමගම ඔවුන්ගේ ජාත්‍යන්තර වාර්තාකරුවන් තායිලන්තය බලා පිටත්ව යෑම ඇරඹුවා. තායිලන්තයට ලගා වු ඔස්ට්‍රේලියා ගුවන්විදුලියේ Sophie McNeil කුමන බාදාවන් පැමැණියත් සිද්ධිය වාර්තා කිරීමේ අදිටනින් පසුඋනා. මෙහි ලගා වු වැදගත්ම කණ්ඩායම වූයේ එක්සත් ජාතීන්ගේ සරණාගත එජන්සියයි. මේ වන විට රහෆ් ටුවිටර් හරහා ලබා දුන් ප්‍රසිද්ධිය නිසා ආගම හැරයාමේ වරදට නියත මරණ දඩුවම හිමිවිමේ අවධානමේ පසුවුනා. තායි නිලධාරීන්ගේ ඉතිහාසය බැලු විට තත්වය වඩා දරුණු බව පෙනීගියා.. හේතුව මෙවැනි අනවසර සංක්‍රමණිකයන්ට ඔවුන් ක්‍රියාත්මක කරන දැඩි ස්ථාවරයි, ඒ අතරේ රහෆ් නැවත සෞදි අරාබියට එවන්නැයි සෞදි අරාබියානු එම්බසිය බලපෑම් කරමින් තිබුණා. ක්ෂණිකව ක්‍රියතේමක වූ මා UNHCR හි තායිලන්ත නියෝජිතයා සම්බන්ධ කරගනිමින් රහෆ් සිටිනා අවධානම් සහගත තත්වය පැහැදිලි කර දුන්නා. වාසනාවකට ඔහු මා තේරුම්ගත්තා. නමුත් සරණාගත තත්වය මැයට ලබාදීමට තායි රජයේ අවසරය අවශ්‍ය බව ඔහු කියා සිටියා. මේ වන විට රහෆ්ට ඉතිරිව තිබු කාලය වේගයෙන් ගෙවි යමින් තිබුණා. තායි රජයේ තිරණය එනතෙක් බලා සිටිය නොහැකියි.

පසුදින සවස පහට රහෆ් සිරවී සිටි හෝටලයේ සිට නැවත මා සමග සම්බන්ධ උනා. පොලීසිය ඇවිත්, මට කතාකරනවා දොර අරින්න කියල, මම දොර අරින්නද? ඇය පැවසුවා. මා ඇයට පැවසුවා ඔබ කුමන දේ කලත් දුරකතනය නැති කරගන්න එපා.. ඔබලේ ජීවිතය රැදී තිබෙන්නේ ඒ මත කියල.. පැය කීපයක් යන තුරු ඇය සමග තිබු සමබධතාවය බිද වැටුනා. මා හිතුවා ගුවන්තොට සිරමැදිරියකට ඇයව රැාගන ගියාවත්ද කියල. එය එසේ නම් අපට හැකියාවක් නැති වෙනවා ඇයව බේරගන්න. වාසනාවකට මෙන් ඇය නැවත හෝටලයට පැමිණ ට්විටර් මගින් දන්වා තිබුණා පසුදිනයේ ප.ව 11:15 ඇයව පිටුවහල් කරන බවට.. දැන් අපට කාලරාමුවක් තිබෙනවා 11:15ට පෙර සියල්ල අවසන් කල යුතුයි.

නමුත් UNHCR ආයතනයක මේ වන විටත් ප්රගමනයක් ලබා තිබුනේ නෑ කැනෙඩියානු, ජර්මානු, නේදරලන්ත එම්බසි වලින් තායි නිලධාරීන් හා සම්බන්ධ වුවද ඔවුනටද යහපත් ප්‍රතිචාර ලැබී තිබුනේ නෑ. පසුව රහෆ් මට පණිවිඩයක් එවෙ තිබුනා.. මට බයයි පිල් මට තව ටික වේලාවයි තියෙන්නේ කියල.. මම ඇයට කිව්වා ඔස්ට්‍රෙලියානු වාර්තාකාරීනි Ms. Sophie එනවා මේ ගැන ලෝකයටම කියන්න. මතක තියගෙන්න ඔයා හිතනවට වඩා යාලුවො ගොඩක් ඔයාට ඉන්නවා කියල.. ඒ අතරවාරයේ Ms. Sophie ආරක්ෂක නිලධාරීන්ට හසු නොවන පරිදි රහෆ් සිටි කාමරයට පැමිණ තිබෙනවා. ඇය රහෆ් පිලිබද විඩියෝ සහිත සමපුර්ණ විස්තරයක් පලකරන්නේ UNHCR ආයතනාය් නිලධාරීන් පැමිණෙන තුර දොර නොහරින බවට ප්‍රකාශයක්ද සමගයි.ඉන්පසු එලෙඹි මිනිත්තු 90ක කාලය මේ දෙපලට ඉතා අපහසු කාල සිමාවක් උනා. තායි නිලධාරීන් බල කර සිටියා දොර අරිනලෙස.. ඔවුන් දිගින්ලදිගටම පවසා සිටියා UN එක පැමිණෙන තුර දොර නොහරින බව... මේ අතරේ BBC,CNN,Reuters වාර්තාකරුවන් හොටලයේ ලොබිය ආක්‍රමණය කර තිබුනා.. සියලු දෙනාගේ අභිප්‍රාය වුයේ රහෆ් යෑමට නියමිතව තිබු ගුවන් යානය රහෆ් නොමැතිව පියාසර කරවීමටයි. මේ ප්රයත්නය සාර්ථක වි අදාල ගුවන් යානය පිටත් කර හැරීමට තායි බලධාරීන්ට සිදුවුනා. මේ වන විට ලොව වටින්ම තායි බලධාරීන්ට දුරකතන ඇමතුම් එමින් තිබුනා. මේ අස්වැසිල්ලේ තායි නිලධාරීන්ට අවකාශ ලැබුනා තත්වය ගැන අවබෝධයකට එන්න.. පසුව තායි ආගමන විගමන කොමසාරිස් Surachate මහතා ප්‍රකාශයක් නිකුත් කලා මෙය පවුල් ප්‍රශනයක් නොවේ. ඒ නිසා අප රහෆ්ව මව් රටට ආපසු යවන්නේ නෑ. තායිලන්තය සිනහසෙන මිනිසුන්ගේ දේශය රහෆ්ව නපුර තියන තැනට යවන්නෑ කියල..

මේ අතරේ කැනේඩියානු රජය ඉදිරිපත් වුනා රහෆ්ව කැනඩාවට ගෙන්වාගෙන නව නවාතැනක් සකසා දෙන්න. මානසික සේම ශාරීරික අඩන්තේට්ටම් වලට ලක්වූ රහෆ්ට සැබැ නිදහස හිමි වන බව මා දුටුවේ ඇය ටොරන්ටෝ ගුවන්තොටුපලට පැමිණි ඡායාරූප දුටුවායින් පසුවයි. රහෆ් නිර්භිත යුවතියක්. ඒ නිර්භිත කමනිසයි ඇයට නිදහස ලැබුනේ යනුවෙන් පිල් රොබට්ස් මහත්මා පවසා තිබුනා.

SL Story Bookhttp://www.blogger.com/profile/07294597234664155607noreply@blogger.com0