Friday, October 5, 2018

ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 15,000 ක් ඉංදියාව තුල එකතු වන්නට පටන්ගත් අතර. ඒවා සමස්ථ ඉංදියානු මහාමාර්ග දෙපසත්, ගම්බද කුඩා මංමාවත් අවටත්, සමස්ථ ඉංදීය ඇල දොල ගංගා තුලත් ඒකරාශි වෙමින් පැවතිණි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය ක්‍රියාවලිය කල හැක්කේ 4 වරක් පමණකි. ඉන්පසු එය නිකුත් කරන්නේ මාරාන්තික විෂ වායුවකි.. මීට කඩිනම් විසදුමක් සෙවීම සදහා ඉංදියානු මධ්‍යම ආණ්ඩුව සිය විශ්වවිද්‍යාලට ආරාධනා කර සිටියේය. එහි ප්‍රතිපලයක් ලෙස මේ ප්ලාස්ටික් මිනිසා ඉංදීය මධ්‍යම ආණ්ඩුවට මුන ගැසිණි.

මදුරෙයි නගරයේ පිහිටි ත්‍යාගරාඡර් ඉංඡිනේරු විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය රාඡගෝපාලන් වාසුදේවන් ඉදිරියේ මෙම ප්ලාස්ටික් අභියෝගයේ රාඡ්‍ය ලියවිල්ල තිබිනි. ඔහුට තිබුනේ එයට විසදුම් සෙවීමටය. එපමණකි. මේ මහා මිනිසා තවත් අවුරුදු දෙකක් ගිය තැන එයට කදිම විසදුමක් ඉදිරිපත් කර සිටියේය. එනම් ‘‘ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මහාමාර්ග තැනීම “ මහාචාර්ය වාසුදේවන් ප්ලාස්ටික් පැරන්හයිට් අංශක 160 ක උෂ්ණත්වයක රත්කල පසු යකඩවලට වඩා ශක්තිමත්බව සොයා ගත්තේය. හේ එයට තවත් රසායනිකයන් එකතුකොට ප්‍රථම මාර්ග පද්ධතිය සිය ඉංඡිනේරු විද්‍යාල භුමියේ ඉදිකලේය. එම මාර්ගය තාර භාවිතාකොට ඉදිකරනලද මාර්ගවලට වඩා කල්පවතින බවත් ඒවා ඕනෑම ධාරානිපාත වර්ෂාවකට හෝ ගංවතුරකට ඔරොත්තුදෙන බවත් හේ දැන සිටියේය. එනම් ප්ලාස්ටික් ඡලය අවශෝෂනය නොකරයි. එය ඡලය ප්‍රතිරෝධකයකි. මාර්ගය නිම කිරීමෙන් පසුව ඔහු ඒවා ඉංදිය බලධාරින්ට පෙන්වනු ලැබීය. මහාචාර්ය රාඡ්ගෝපාල් ඉදිකල මාර්ගය සදහා වියදම් වී තිබුනේ කිලෝමීටර් 1 දිග මීටර් 4 ක් පලලැති පාරක් සදහා ඉංදියානු රුපියල් පනස් දහසකි. එය ඒ අවස්ථාවේ තාර භාවිතාකොට ඉදිකල මාර්ගයකට ගිය පිරිවැයෙන් හරි අඩකි. ප්ලාස්ටික් මහාමාර්ග 2012 දී ඉංදියාව පුරා ඉදිකිරීමට අඩිතාලම වැටුණේ ඔන්න ඔය ආකාරයටය.

මහාචාර්ය රාඡ්ගෝපාල් වාසුදේවන් ගේ මහාමාර්ග නැවත සංවර්ධනය වියදමින් තොර පරිසර හිතකාමී මාර්ගකි. ඉංදීය රඡය ප්‍රාන්ත 11 ක් පුරා කිලෝමීටර් ලක්ෂයක මහාමාර්ග. 2017 දී ඉදිකලේ මෙම මිනිසාගේ තාක්ෂනයට පින් සිදුවන්නටය. ඔහුගේ ගෝලයේ මෙම තාක්ෂනය භූතානයටද රැගෙන ගියෝය. නයිඡිරියව මෙම අනර්ඝ තාක්ෂනය ඉංදියාවෙන් ඉල්ලා සිටී. ඓතිහාසික කරුණු කාරනාවලින් ඉංදියාව හා බොහෝ බැදුණු ශ්‍රී ලංකාව ඉංදියාවෙන් මෙම තාක්ෂනය ඉල්ලා සිටි බවක් අපි අසා නැත. සමහරවිට එය ශ්‍රී ලාංකික දේශපාලකයාට එතරම් ලොකු දෙයන් නොවනවා විය හැක. කෙසේ වෙතත්. 2017 අවසන් මාසයේදී ඉංදීය රඡය සිය මහාමාර්ග සංවර්ධනය හා ඉදිකිරීම් කරනු ලබන සියලු සමාගම්වලට හා ආයතනවලට තම මාර්ග ප්ලාස්ටික් යොදා නිර්මාණය කළ යුතුයැයි නීතියක් පැනවීය. අද ප්ලාස්ටික් මහාමාර්ග ඉදිකිරීමේ අංක එකට සිටින්නේ ඉංදියාවේ ටටා සමාගමට අනුබද්ධ ආයතනයකි. මහාචාර්ය රාඡ්ගෝපාල් සැබෑ දේශප්‍රේමියෙකි. ඔහු තමා විසින් බොහෝ කාලය බුද්ධිය හා ශ්‍රමය වෙහසවා සොයාගත් මේ අනගි තාක්ෂණ ක්‍රමවේදයේ අයිතිය තමා සතු කරගත්තේ නැත. ඒ සදහා ඔහුට ඕනෑවටත් වඩා අයිතිය තිබිණි. එහෙත් හේ මෙම තාක්ෂනයේ පේටන්ට් බලපත්‍රයේ අයිතිය පිරිනැමුවේ තමා ඉගැන්වු මදුරාපුර ත්‍යාගරාඡර් ඉංඡිනේරු විද්‍යාලයටය. අද මෙම තාක්ෂනය ඔවුහු තව තවත් වර්ධනය කරමින් ප්ලාස්ටික් ද්‍රාවණය ප්ලාස්ටික් ගල් කැබලි බවට දියුණු කර ඇත.

2017 ඉංදීය රඡය සිය ප්ලාස්ටික් මහාමාර්ග සදහා වෙන්කල මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම එකකි. එය හරියට කියතොත් මහාචාර්ය වාසුදේවන් තම මවුබිමට ඩොලර් බිලියන 11 යි දශම එකක් ඉතිරි කර දුන්නා වැන්න. මක් නිසාද වාසුදේවන්ගේ තාක්ෂණය මහාමාර්ගයක් තැනීම සදහා වියදම් කරන්නේ කලින් පැවති තාක්ෂනයට ගිය පිරිවැයෙන් හරියටම අඩකි.
ඔහු ප්ලාස්ටික් මිනිසා යනුවෙන් ඉංදියාව හදුන්වන්නේ ඇයිද යන්න අපි දැන් දනිමු. මේ මහා මිනිසාව ඉංදියාව ඇගේ ඉහළම සිවිල් සම්මානයක් වන ‘‘පද්ම ශ්‍රී ‘‘ සම්මානයෙන් 2018 දී පුද දෙනු ලැබුවාය.

Monday, October 1, 2018

"අවාසනාවකට, පාලම් ගොඩනඟන මිනිසුන්ට වඩා බිත්ති ගොඩනඟන මිනිසුන් බොහෝ සිටී" - චීන කියමනක්

"සංක්‍රමණිකයින් පැමිණීම වැලක්වීමට සහරාව හරහා තාප්පයක් ඉඳිකල යුතුයි" - ඩොනල්ඩ් ට්‍රම්ප් ස්පාඤ්ඤයට දුන් උපදෙසක්

කලකට පෙර පවුරක් තිබිණ.


1961 අගෝස්තු 13 වන දින සිවිල් සමාජය 2 ට බෙදා වෙන් කරමින්, සෝවියට් සංගමය විසින් අනුග්‍රහය දක්වන ලද නැඟෙනහිර ජර්මනිය පවුරක් ගොඩනගන බව මාධ්‍ය වාර්තා කළහ. සැතපුම් 155 ක් දිග පවුර ඉඳිකිරීමේ අරමුණ වූයේ නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය වෙත ජනතාව ගමන් කිරීම වැළැක්වීමයි.

මුලින් ඉඳිකරන ලද තාවකාලික පවුර වෙනුවට නැගෙනහිර ජර්මනිය පසුකාලයකදී ස්ථිර, සවිගන්වූ කොන්ක්‍රීට් පවුරක් ඉඳිකරන ලදි. එය උසින් අඩි 12 ක්ද, පළලින් අඩි 4 ක්ද විය. බටහිර පැත්තට සංක්‍රමණය වන්නන්ගේ අඩි සලකුණු නිරීක්ෂණය කිරීම සඳහා වැලි අතුරා තිබූ අතර, මැෂින් තුවක්කු උගුල් අටවා තිබුණි. රැකවලෙහි යෙදුන හමුදා භටයන්ට දුටුතැන වෙඩි තැබීමට අවසර ලබා දී තිබු අතර ඔවුන් සමග සෑමවිටම තියුණු ඉවක් ඇති බිහිසුණු හමුදා සුනඛයන් විය. පවුර පැවති කාලය තුල අවම වශයෙන් පුද්ගලයින් 171 දෙනෙකු පවුර මතදී හෝ අසලදී දිවිපුදා තිබේ.

1989 වසරේ නොවැම්බර් 9 වන දින පවුර බිඳ දැමීම ආරම්භ විය.

එහෙත් තවදුරටත් අවශ්‍ය නොවුවද, වර්තමානයේද එවැනි පවුරු 40 කට වැඩි ප්‍රමාණයක් අප ජීවත්වන ලෝකයේ තිබේ. ප්‍රධාන පවුරු/බාධක කිහිපයක් පහත දැක්වේ:

1. ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ පවුර - දිග කිලෝ මීටර් 708
2. සෞදි අරාබි-යේමන පවුර - දිග කිලෝ මීටර් 1,800
3. ඉරාන-පකිස්ථානු බාධකය - දිග කිලෝ මීටර් 900
4. ඊශ්‍රායල්-ඊජිප්තු බාධකය - දිග කිලෝ මීටර් 245
5. අයර්ලන්ත කතෝලික බෙල්ෆාස්ට්-රෙපරමාදු බෙල්ෆාස්ට් පවුර - දිග කිලෝ මීටර් 34
6. ඇමරිකා එක්සත් ජනපද-මෙක්සිකානු පවුර/බාධකය - දිග කිලෝ මීටර් 3,201
7. ඉන්දියානු-පකිස්ථානු බාධකය - දිග කිලෝ මීටර් 2,900
8. පකිස්ථානු-ඇෆ්ඝනිස්ථානු බාධකය - දිග කිලෝ මීටර් 2460 (ඉඳි වෙමින් පවතී)


ඊශ්‍රායල්-ඊජිප්තු බාධකය


ඉන්දියානු-පකිස්ථානු බාධකය


අයර්ලන්ත කතෝලික බෙල්ෆාස්ට්-රෙපරමාදු බෙල්ෆාස්ට් පවුර

ඇමරිකා එක්සත් ජනපද-මෙක්සිකානු පවුර/බාධකය

පකිස්ථානු-ඇෆ්ඝනිස්ථානු බාධකය


සෞදි අරාබි-යේමන පවුර


බර්ලින් පවුර


ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ පවුර


ඉරාන-පකිස්ථානු බාධකය

ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍...