Monday, June 18, 2018

රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය යනුවෙන් ව්‍යවහාර වෙයි.

1825 දී රාජකීය (සාර්) පළමුවන නිකලස් රජුගේ පාලන සමයේ සිට සෑම රුසියානු නායකයකුම තට්ටයකින් (නැතහොත් තට්ටය පෑදෙමින්) හෝ හිසකෙස් වලින් පිරුණු හිසකින් සමන්විත වූහ.


"ඉතිං මොකද? ඒක එච්චර අමුතු දෙයක්ද? රටක ඕනෑම නායකයෙකුට හිසකෙස් තිබීමට හෝ නොතිබීමට ඉඩ ඇත." යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් මෙය මෙතරම් සිත්ගන්නා සුලු වන්නේ, ආසන්න නායකයින් දෙපළක් අතර තට්ටය සහ කොණ්ඩය යන තත්ත්වය දෝලනය වන බැවිණි. වෙනත් අයුරකින් කිවහොත්, එක් නායකයෙක් තට්ට හිසක් සහිත වන විට ඔහුගෙන් පසුව පත්වන නායකයා පිරුණු හිසකෙසින් සමන්විත වෙයි. පිරුණු හිසකෙසින් සමන්විත නායකයෙකුගෙන් පසුව පත්වන්නේ තට්ට හිසක් සහිත නායකයෙකි.

මෙම සංසිද්ධිය ආරම්භ වූයේ 1825 දී, තට්ට හිසක් සහිත පළමුවන නිකලස් රජුගේ පාලන සමය සමඟිනි. ඔහුගේ පියා වූ පළමුවන ඇලෙක්සැන්ඩර් රජුද තට්ට හිසක් සහිත වූ බැවින් මෙම න්‍යාය ආරම්භ වන්නේ එතැන් සිටය. පළමුවන නිකලස් රජුගේ අනුප්‍රාප්තිකයා වූ දෙවන ඇලෙක්සැන්ඩර් රජුට පූර්ණ හිසකෙස් සහිත හිසක් තිබිණි. ඔහුට පසුව පත්වූ තුන්වන ඇලෙක්සැන්ඩර් රජුට තිබුණේ තට්ටය පෑදුන හිසකි.

මෙම අතිශය පුදුම සහගත රටාව සියවස් දෙකක් තිස්සේ රොමනොව් පාලන සමය, සෝවියට් පාලන සමය පසුකර වත්මන් නායකයින් දක්වාම දිගටම පවතියි. දැන් අපි පුටින්ගේ අනුප්‍රාප්තිකයා තව දුරටත් මෙම විහිළුව ඉදිරියට රැගෙන යන්නේදැයි බලා සිටිමු.



අයින්ස්ටයින්ගේ ප්‍රහේළිකාව


අයින්ස්ටයින් මෙම ප්‍රහේළිකාව මේ ශතවර්ෂය තුලදී නිර්මාණය කල අතර ලෝකයේ 98% ක් දෙනෙකුටම එය විසඳිය නොහැකි බව ඔහු පැවසීය.

විස්තරය:
විවිධ වර්ණ 5 ක නිවාස 5 ක් ඇත.
සෑම නිවසකම වෙනස් ජාතියකට අයත් පුද්ගලයකු ජීවත් වේ.
මෙම නිවෙස් පහේම හිමිකරුවෝ එකිනෙකට වෙනස් වර්ගයේ බීමක් පානය කරති; එකිනෙකට වෙනස් වර්ගයේ දුම් පානය කරති; එකිනෙකට වෙනස් වර්ගයේ සුරතල් සතුන් ඇති කරති.
කිසිදු හිමිකරුවෙක් වෙනත් හිමිකරුවෙකුගේ වර්ගයේ බීමක් පානය නොකරයි; වෙනත් හිමිකරුවෙකුගේ වර්ගයේ දුම් පානය නොකරයි; වෙනත් හිමිකරුවෙකුගේ වර්ගයේ සුරතල් සතෙකු ඇති නොකරයි.


ප්‍රහේලිකාව: මාළුවෙකු ඇති කරන්නේ කවුද?

ඉඟි:
බ්‍රිතාන්‍ය ජාතිකයා රතු පැහැති නිවසෙහි ජීවත් වේ.
ස්වීඩන් ජාතිකයාගේ සුරතල් සතා බල්ලා වෙයි.
ඩෙන්මාර්ක් ජාතිකයා තේ පානය කරයි.
කොළ පැහැති නිවස සුදු පැහැති ​​නිවසට වම් පසින් පිහිටා ඇත.
කොළ පැහැති නිවසේ හිමිකරු කෝපි පානය කරයි.
'පෝල් මෝල්' දුම් පානය කරන්නා කුරුල්ලෙකු ඇති කරයි.
කහ පැහැති නිවසේ හිමිකරු 'ඩන්හිල්' දුම් පානය කරයි.
මැදින් පිහිටි නිවසේ හිමිකරු කිරි පානය කරයි.
නෝර්වේජියානු ජාතිකයා පළමු නිවසෙහි ජීවත් වෙයි.
'බ්ලෙන්ඩ්' දුම් පානය කරන මිනිසා බළලෙකු ඇති කරන තැනැත්තාට සමීපව ජීවත් වේ.
අශ්වයෙකු ඇති කරන මිනිසා 'ඩන්හිල්' දුම් පානය කරන මිනිසා ආසන්නයේ ජීවත් වෙයි.
'බ්ලූ මාස්ටර්' දුම් බොන තැනැත්තා බියර් පානය කරයි.
ජර්මන් ජාතිකයා 'ප්‍රින්ස්' දුම් පානය කරයි.
නෝර්වේජියානු ජාතිකයා නිල් පැහැති නිවස අසල ජීවත් වෙයි.
'බ්ලෙන්ඩ්' දුම් පානය කරන මිනිසා, ජලය පානය කරන මිනිසාට ආසන්නයෙන් ජීවත් වෙයි.

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra ....

  ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරික...