Wednesday, May 23, 2018

පේරු රටේ පැහෙන ජලය ඇති ගංගාව

සියවස් ගණනාවක් පුරා, දකුණු අමෙරිකාවේ වෙසෙන පේරු වැසියන් ඇමේසන් වනාන්තරයේ ඉතා උණුසුම් ජලය ඇති මාරක ගංගාවක් ගැන කථා කරති. පුරාවෘත්තයට අනුව, ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් රත්රන් සෙවීම සඳහා වැසි වනාන්තරය තුලට අවදානම් ගමනක් ගියද, ආපසු පැමිණි ස්වල්ප දෙනා විෂ සහිත වතුර, මනුශ්‍යයන් ගිලින සර්පයන් හා පහළ සිට ඉහළට පැහෙන ජලය සහිත ගංගාවක් ගැන පැවසූහ.

පේරු හි භූ විද්‍යාඥයෙකු වන අන්ඩ්‍රේස් රූසෝ (Andrés Ruzo) ට, එම මිත්‍යා කතාව ඔහුගේ ළමා කාලයේ සිටම සිත් ගත්තේය. නමුත් පේරුරටේ භූ විද්‍යාත්මක බලශක්ති විභවයන් පිලිබඳව වූ ඔහුගේ PhD ව්‍යාපෘතිය සම්පූර්ණ කරන තුරු ඔහුට පුරාවෘත්තයේ සඳහන් වන ගඟ ඇත්තටම සැබෑවක් විය හැකි දැයි විමසා බැලීමට නොහැකි විය. කරුණු විමසූ සෑම අවස්ථාවකම විද්වතුන්ගේ සුපුරුදු පිළිතුර වූයේ "නැත" යන්නයි. උණුසුම් ජලය සහිත ගංගා ලොව විරල නොවූවද, ඒ සෑම උණුසුම් ගංගාවක්ම ගිණි කන්දක් ආශ්‍රිතව පිහිටා තිබේ. නමුත් ඇමේසන් වැසි වනාන්තරයේ ගිණි කඳු නැත.


ඉන්පසු ඔහු එක්සත් ජනපදයේ ටෙක්සස් හි දකුණු මෙතෝදිස්ත සරසවියේ අධයයන අවධියේදී පේරූහි තාප සිතියමක් නිර්මාණය කරමින් සිටියදී, මහාද්වීපයේ දැකිය හැකි වැඩිම උණුසුම් කළාප අතළොස්සෙන් එකක් අසාමාන්‍ය ලෙස ඇමේසන් වැසි වනාන්තරය තුළින් සොයාගත්තේය.

2011 දී රූසෝ ඔහුගේ නැන්දා සමග ඇමේසන් වැසි වනාන්තරයට ගමන්කළ අතර, පුරාවෘත වල සඳහන් වූ කීර්තිමත් ගංගාව ඔහුගේම ඇස්වලින් දුටුවේය.

ඔහුට විශ්වාස කළ නොහැකි පරිදි ගංගා ජලය බොහෝ උණුසුම් විය. ඔහු මුලින්ම කළේ සිය උෂ්ණත්වමානය මගින් ගංගා ජලයේ උණුසුම මැනීමයි. ගංගාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 86 ක් විය. එය නටන ජලයේ උෂ්ණත්වය නොවූවත් අනිවාර්යයෙන්ම ඊට ආසන්නය ගංගාව තවදුරටත් පුරාවෘතයක් නොවේ. වඩාත්ම ප්‍රහේළිකාව වූයේ එහි විශාලත්වයයි. උණු දිය උල්පත් අසාමාන්‍ය දෙයක් නොවේ. ඒවා ලෝකයේ අනෙක් ප්‍රදේශ වලද මෙම උෂ්ණත්වයට සමාන විය හැකි වුවද, ගඟේ ප්‍රමාණයට ආසන්න කිසිවක් නැත. ගඟ මීටර් 25 ක් දක්වා පළලකින් සහ මීටර් 6 ක් ගැඹුර වෙයි. කිලෝමීටර් 6.24 ක් දිගය.

ගංඟාව ආසන්නතම ගිනිකඳු පද්ධතියෙන් කිලෝ මීටර් 700 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එහි උෂ්ණත්වය කිසිසේත්ම පැහැදිළි කල නොහැකිය. සැබවින්ම එය ලොව එවැනි එකම ගංගාව වේ. ගඟට පුදසත්කාර කරන දේශීය ජනතාවගේ අවසරය ඇතිව, රූසෝ පසුගිය වසර පහක කාලය තිස්සේ ගංගාව, අවට පරිසර පද්ධතිය සහ විද්‍යාගාර ජල පරීක්ෂණ අධයයනය කර ඇත.

පැහැදිලිවම, රූසෝ ගඟ සොයා ගත් පළමුවැන්නා නොවන අතර, එහි ස්වදේශීය නාමය වන Shanay-timpishka යන්නෙහි අදහස වන්නේ "හිරු රශ්මියෙන් තම්බන ලද" යන්නයි. එමෙන්ම ගඟේ උෂ්ණත්වය පිළිබඳව විමතියට පත් පළමුවැන්නා ද ඔහු නොවේ.
https://youtu.be/yRNwHoc7bq0






ස්ටබ්ස්

 "ස්ටබ්ස්" (1997 අප්‍රේල් 12- 2017 ජුලි 21) යනු සුරතල් බළලෙකු වූ අතර, 2017 ජුලි මස ඔහුගේ මරණය දක්වා ඇලස්කාවේ Talkeetna නම් නගරයේ නගරාධිපති විය.

ස්ටබ්ස්, සංචාරක ආකර්ෂණයක් වූ බැවින්, දිනපතා කාඞ්පත් සහ ලිපි විශාල සංඛ්‍යාවක්ද ගලා ආ අතර, දිනකට සංචාරකයන් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක්ද ඔහු දැකීමට පැමිණ ඇත. ස්ටබ්ස් ගේ නගරාධිපති ධූරය ගරු නම්බු නාමයක් පමණක් වූයේ එම නගරය ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ හෙයිනි.

සෑම සවස් යාමකම ස්ටබ්ස් අසල අවන්හලකට ගිය අතර වයින් වීදුරුවකින් කුප්පමේනියා සමග ජලය පානය කළේය.


වර්ෂ 1997 දී නග්ලීගේ පොදු වෙළඳ සංකීර්ණයේ කළමණාකාරවරිය වූ ලෝරි ස්ටෙක් ට ස්ටබ්ස් හමුවූයේ, තවත් බළල් පැටවුන් සමග ඇගේ රියගාලේ පෙට්ටියක සිටියදීය. බළල් පැටවුන් ගේ අයිතිකරුවන්ට උන් බෙදාදීමට අවශ්‍ය විය. ලෝරි ගේ තේරීම වුයේ වල්ගයක් නොමැති ස්ටබ්ස් විය.

මිනිස් අපේක්ෂකයන්ට විරුද්ධ වූ ඡන්දදායකයින් විසින් කරණලද ලද උද්ඝෝෂනයකින් පසු ස්ටබ්ස් තෝරා පත් කරගත් බව, සත්‍යයක් නොවුවද ස්ටබ්ස් සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධ කියමනකි. ජාතික මහජන ගුවන් විදුලිය පෙන්වා දෙන්නේ මෙය "සිදුවිය නොහැකි වූ නිසා" කුඩා නගරයට සැබෑ මැතිවරනයක් නොතිබුණ බවයි. නග්ලීගේ පොදු වෙළඳ සංකීර්ණය ස්ටැබ්ස්ගේ ධූර කාලය තුල "නගරාධිපති කාර්යාලය" ලෙස භාවිතා කරන ලදී.

2013 අගෝස්තු 31 වන දින ස්ටබ්ස් ට බල්ලෙකු පහර දෙනු ලැබීය. ඔහු සැතපුම් 70 ක් දුරින් පිහිටි පශු වෛද්‍ය මධ්‍යස්ථානයක සිහි නැතිකර තබා තිබුනේ, පෙණහළුවක සිදුරක්, බිඳුණු පපු ඇටයක් සහ ඇලයේ ගැඹුරු කැපුමක් සඳහා ප්‍රතිකාර කිරීමටය. ඔහුගේ වෛද්‍ය ගාස්තු ගෙවීමට උපකාර කිරීම සඳහා අන්තර්ජාල අරමුදල් පිටුවක් පිහිටුවා තිබුණි. ස්ටබ්ස්, වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ පදිංචියට පැමිණියේ දින 9 ක් පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳී සිටීමෙන් පසුවය. පසුව ඔහුගේ ගමන්බිමන් සීමා කරන ලදී. ඔහුගේ රැකවරණය සඳහා පරිත්‍යාග ලොව දස දෙසින්ම ලැබී තිබුණි. අතිරික්තය සත්ව වාසස්ථානයකට සහ දේශීය පශු වෛද්‍ය සායන වෙත ලබා දී ඇත.

මීට අමතරව ස්ටබ්ස් තවත් කරදර වලට මුහුණ දී තිබේ. යෞවනයන් පිරිසක් බීබී තුවක්කු (වායු තුවක්කු වර්ගයකි) වලින් අවන්හලකදී ස්ටබ්ස් ට වෙඩි තැබුහ. අවන්හලේ ගැඹුරු තෙල් තාච්චුවකට ස්ටබ්ස් ඇද වැටුණි. වාසනාවට, තෙල් තාච්චුව ක්‍රියා විරහිත කොට තිබු අතර රත්වී තිබුනේ නැත.

වසර 20 ක් හා මාස 3 ක් ජීවත් වූ ස්ටබ්ස් 2017 ජූලි 21 දින මිය ගියේය.

ස්ටබ්ස් ගේ අයිතිකරුවන් යෝජනා කර ඇත්තේ තවත් පවුලේ සුරතල් බළලෙකු වන ඩෙනාලි, ස්ටබ්ස් ගේ "නගරාධිපති" ධුරය ඉදිරියට ගෙනයායුතු බවයි.



රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය ...