Thursday, April 19, 2018

බෝම්බ සමඟ උදාවූ පාස්‌කු ඉරිදා


මම ගුවන්යානා හැසිරවීම පිළිබඳ ඉතිහාසඥයෙක්‌ නොවේ ගුවන් ගැබේ වැඩි ජීවිත කාලයක්‌ ගතකළ ගුවන් නැවියෙක්‌ පමණි. 1942 වර්ෂයේදී ජපනුන් විසින් ශ්‍රී ලංකාවට බෝම්බ හෙළීම වසරෙන් වසර ජනයාගෙන් අසන්නට ලැබෙන තොරතුරක්‌ බවට පත්වී ඇත. මෙම සිද්ධියේ සත්‍යතාවය සමහරු අඩුවෙන් කියන අතර තවත් සමහරු අතිශයෝක්‌තියෙන් කියති. පාස්‌කු ඉරිදා දිනයක උදැසන සිදුවූ එම සිද්ධිය වසර ගණනාවකට පසුව හා දන්නා තරමින් පාඨකයන් හමුවේ සවිස්‌තරව දක්‌වන්නට කැමැත්තෙමි.

ගුවන් හමුදා අනුඛණඩයේ නායක ලෙනාඩ් බර්චෝල් ලංකාවට පැමිණියේ 1942 අප්‍රියෙල් 02 වැනිදාය. කරච්චියේ සිට ගුවන් මගින් ඔහු කොග්ගලට ගොඩබැස්‌සේ රාජකීය ගුවන් හමුදා මුලස්‌ථානය කොග්ගල පිහිටා තිබූQ බැවිනි. සියලුම යුද කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුයේ කොග්ගල සිටය. බර්චෝල් යනු කැනඩාවේ රාජකීය ගුවන් හමුදාවේ 413 වැනි අහස්‌ නැව් කණ්‌ඩායමට අයත්ව සේවය කළ අයෙකි. එම වකවානුවේ ලංකාවේ දකුණු වෙරළ දෙසින් පියාසර කළ ගුවන්යානා පිළිබඳව ඔවුන් රාජකීය ගුවන් හමුදාව හා එක්‌ව ඒකාබද්ධව පරීක්‍ෂණයක යෙදී සිටියහ. මේ සඳහා ඔවුන් යොදාගත්තේ කුමල්නා නමැති ගුවන් බෝට්‌ටුය. වැඩි බරක්‌ පටවා වුවද ජලයේ ඉහළින් මුර සේවයේ යෙදිය හැකි ගුවන් බෝට්‌ටු විශේෂයකි.

ඊළඟ දිනයවූ අප්‍රියෙල් 04 වැනි සෙනසුරාදා බර්චෝල් සහ නව දෙනෙකුගෙන් යුත් ඔහුගේ කණ්‌ඩායම මුර සේවයේ යෙදී සිටියහ. ඔවුන් මෙම මුර සේවය ඇරඹීමට පෙර තවත් කැමලිනා ගුවන් බෝට්‌ටුවක්‌ මෙවැනිම මුර සේවයක්‌ සඳහා පිටත්ව ගිය නමුත් එය ආපසු පැමිණියේ නැත. එවැනිම ගුවන් බෝට්‌ටුවක්‌ නැවත පිටත්කර යෑවීමෙන් පසුව එයද ආපසු නොපැමිණි බැවින් මෙසේ සිදුවන්නේ කුමන කරුණක්‌ නිසාදැයි ඔවුනට හොඳින්ම පැහැදිලි වූහ.

පහතින් දිස්‌වූ නිශ්චල මුහුදේ කෝටු වැනි රූප බර්චෝල්ගේ කණ්‌ඩායමට දක්‌නට ලැබුණි. වෙලාව සෙනසුරාදා සවස හතර පමණ විය. එම රූප කුමක්‌දැයි හඳුනා ගැනීම සඳහා බර්චෝල්ගේ කණ්‌ඩායම ඉතා පහතින් මෙන්ම ඉතා කිට්‌ටුවෙන් පියාසර කරන්නට වූහ. අහස්‌ නැවියාගේ යන්ත්‍රය අනුව එම කැටලිනා යානය පියාසර කර ඇත්තේ කොග්ගලට සැතපුම් 400 ක්‌ ඉහළිනි.

නිශ්චල මුහුදේ බර්චොල් විසින් දැක ඇත්තේ ජපන් ගුවන් සේනාධිපති චයිචි නගුමෝගේa මෙහෙයීමෙන් යාත්‍රාවෙමින් පැවති නැව් සමූහය. ඔහු ලංකාව බලා යාත්‍රා කළේ ගුවන්යානා හයක්‌ රඳවාගෙන යා හැකි විශාල ලෝහ ආවරණයක්‌, යුද්ධ නෞකා හතරක්‌, වේගයෙන් ධාවනය කළ හැකි යුද්ධ නැව් තුනක්‌, ප්‍රහාරක ගුවන් නැව් තුනක්‌ සහ ඕනෑම ස්‌ථානයකට රැගෙන ගිය හැකි ගුවන් යානා 300 ක්‌ද රැගෙනය.

උද්ගතවිය හැකි තත්ත්වය පිළිsබඳව සීරුවෙන් සිටින ලෙස කොළඹට පණිවුඩ යවන්නැයි බර්චෝල් විසින් නියෝග කරනු ලැබීය. අනුගමන්‍ය කළ සංÆ ක්‍රමය වූයේ (MORSE) මෝස්‌ සංකේත මගින් පණිවුඩ යෑවීමය. එය තුන්වරක්‌ යෑවිය යුතු විය. දෙවැනි පණිවුඩය සම්පූර්ණයෙන් යෑවීමෙන් පසුව මැෂින් තුවක්‌කු රැගත් ගුවන්යානය පිටත්වූයේ හර්යු යානයේවූ මැෂින් තුවක්‌කු සමග බර්චෝල්ගේ කැටලිනා යානය සොයා ගැනීමෙන් පසුවය. ප්‍රහාර ඇරඹිණි.

මෙහිදී ගුවන් පණිවුඩ භාර නිලධාරියා තුවාල ලැබීය, ගුවන් විදුලි උපකරණ පොඩි පට්‌ටම් විය. වෙඩි උණ්‌ඩ ගුවන්යානය පසාරු කරගෙන ගිය අතර ඉන්ධන ටැංකියටද බරපතළ හානි සිදුවිය.

දැඩි පරිශ්‍රමයක්‌ යොදා බර්චෝල් ඔහුගේ ගුවන්යානය (කැටලිනා) මුහුද මතුපිට රඳවාගනු ලැබිණි. සතුරු ප්‍රහාරයකයන් විසින් බෝම්බ හෙළීම ඇරඹිණි. මෙම බෝම්බ නිසා මුහුදේ පාවෙමින් සිටි බර්චෝල්ගේ කණ්‌ඩායමේ තිදෙනෙක්‌ මරණයට පත්විය. එම කණ්‌ඩායමේ ඉතිරිව සිටි භටයින් හය දෙනෙකු හිරකරුවන් බවට පත්වූහ. ඒ සමගම ඔවුන්ගෙන් ප්‍රශ්න කළේa සීරුවෙන් සිටින ලෙස කොළඹට පණිවුඩ යෑව්වාදැයි කියාය. එසේ පණිවුඩ නොයෑවු බව ඔවුන් තරයේම කියා සිටියහ. ඔවුන්ගේ වාසනාවට කොළඹ සිටි ජපන් නිලධාරීන්ගෙන් විදුලි පණිවුඩයක්‌ ලැබුණි. එයින් කියෑවුණේ දෙවතාවක්‌ ලැබුණු පණිවුඩය පැහැදිලි නැති බැවින් එය නැවතත් එවන ලෙසය.

තර්කානුකූල නිගමනයකට එළඹිය හැක්‌කේ බර්චෝල් විසින් නිකුත් කරන ලද අවිවාදාත්මක පණිවුඩය කොළඹ සිටි ජපන් නිලධාරීන් විසින් හරිහැටි කියවා නැති බවය. එම පණිවුඩයේ සඳහන් වූයේ MORSE සංඥ හෙවත් සංකේත මගිනි. එම නිසා එම පණිවුඩය වැරදියට කියවීමේ ඉඩකඩ තිබුණි.

බෝම්බ හෙළීමේ ජපන් ගුවන්යානා කොළඹට ඉහළින් අහසේ පියාසර කරමින් සිටි අතර පසුදිනට යෙදී තිබුණේ කතෝලික බැතිමතුන් දෙව්මැදුරු කරා ඇදී එන පාස්‌කු ඉරිදාය. ඉරිදා දිනවල සාමාන්‍ය ලෙස, නඩත්තු කටයුතු සඳහා යොදා තිබූ බැවින් රේඩාර් පණිවුඩ මධ්‍යස්‌ථානය වසා දමා තිබුණි. ජපන් ප්‍රහාරක සේනාංක දෙකකින් එකක්‌ කොළඹ රේස්‌ පිටියේද අනික රත්මලානේද ඕනෑම ප්‍රහාරයකට මුහුණදීම සඳහා සීරුවෙන් තබා තිබුණි. කොළඹට ඉහළින් අහස පුරා විසිරී පැතිරී තිබුණු ජපන් ගුවන් යානා ඔවුන් දුටුවේ ඉන් පසුවය.

ඇත්ත වශයෙන්ම එය පර්ල් වරායේදී සිදුවූ ප්‍රහාරය මෙන්ම බලාපොරොත්තු නොවූ අවස්‌ථාවක එල්ල කළ ප්‍රහාරයකි.

සීරුවෙන් සිටින්නැයි බර්චෝල් විසින් කොළඹට දැන්වූ පණිවුඩය තර්කානුකූලව පිළිගැනීම දුෂ්කරය. ඔහු ලංකාව බේරාගැනීම පිළිබඳව බොහෝ දේ ලියා තිබුණි. සමහරවිට සත්‍ය විය හැක. සමහරවිට අවවාදය පිළිබඳව මූලිකව ක්‍රියා නොකළා විය හැකිය. සෝදිසියෙන් සිටින ලෙස කොළඹට පණිවුඩයක්‌ යවා තිබුණේ නම් පාස්‌කු උත්සවය සැමරීම සඳහා කොපමණ දෙනෙකුට තම නිවාස අත්හැර දෙව්මැදුර වෙත යාමට හැකිව තිබුණේ දැයි මම පුදුම වෙමි. නැතහොත් එම කාරණය මත රේඩාර් මධ්‍යස්‌ථානය විවෘතව තබන අතර සුළු නඩත්තු කටයුතු සඳහා වසා නොතැබීමට ඉඩ තිබුණි.

ප්‍රශ්නය ඇතිවන්නේ මෙතැනය. බර්චෝල් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව බේරා ගත්තාද යන්නය. තර්කානුකූලව නිගමනයකට එළඹීම ඔබට භාර කරමි. ඉතිහාස ගත බොහෝ කරුණු අනුව විවිධ මත පළවේ.

කොමාන්ඩර් මිට්‌සුවෝ ප්‍රෂීඩාගේ මෙහෙයවීමෙන් ජපන් ගුවන් යානා කොළඹට ළඟාවූයේ පාස්‌කු ඉරුදින යෙදී තිබුණ 1942 අප්‍රියෙල් මස 05 වැනිදා උදේ 7.30 ටය. එම ගුවන් යානා සමූහය තුළ සටන්කාමීන් හෙවත් ප්‍රහාරකයින් 36 දෙනෙක්‌ද දිය යටින් බෝම්බ පුපුරවන 54 දෙනෙක්‌ද මතුපිට බෝම්බ පුපුරුවන 90 දෙනෙක්‌ද වූහ. කොමාන්ඩර් ප්‍රෂිඩා යනු යුද්ධ පිළිබඳ ඉතිහාසයේ ඉතිහාසගත අයෙකි. පර්ල් වරායට සහ ඩාර්වින් නගරයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ නායකත්වය දැරුවේද ඔහුය.

ජපනුන්ගේ අරමුණ වූයේ වරායේ නවතා තිබූ නැව් සමූහයක්‌ විනාශ කිරීමය. ඔවුන් පැමිණ සිටියේ බටහිර දෙසිනි. ජපනුන් ගුවන් ගැබ සිසාරා සිටිනු දුටු ඔව්හු රත්මලානේ සිට දුරකථන සංවාදවලට බාධා කළහ. රේස්‌ කෝස්‌ පිටියේ නවතා තිබූ සේනාංකද ක්‍රියාත්මක වී සතුරාට මුහුණ දීමට සූදානමින් සිටියේය.

ගුවන් සටන් ශ්‍රී ලංකා අහස්‌ තලයේ ඇරඹිණි. ගොඩබිමේ සිටි ජනතාවට ගුවනේ සිදුවන සටන් දැකබලාගත හැකි විය. සමහරු එම සටන වඩා හොඳින් නැරඹීම සඳහා නිවාසවල වහල මුදුනට නැගගත්හ. ප්‍රධාන සටන පැවතියේ කොළඹ වරායේය. ජලය යටින් යන බෝම්බකරුවෝ බෝම්බ මුදාහරින ලෙස කෑගැසූහ. යුධාරම්භය සඳහා වූ බෝම්බ බාරව සිටි ආරක්‍ෂක ගුවන් යානා රාජකීය ගුවන් සේවයේ ප්‍රහාරයේදී ඉන්ධන සීමාවට මුහුණ පෑහ. ජපන් ගුවන්යානා වෙඩි ප්‍රහාරවලින් විනාශ වූහ. පැරෂුට්‌ සුළගේ පාවී යමින් තිබුණි. ගුවන්යානා පදවන්නන් ගිsනි ඇවිලෙන ගුවන් යානාවලින් එළියට පැන ගත්හ. ගොඩබිම සිටි කාලතුවක්‌කු භට හමුදාව විසින්ද ප්‍රහාරක යානාවලට වෙඩි තැබූහ.

ජපන් ජාතික ගුවන් යානා රියෑදුරෙක්‌ වැරදීමකින් හෙලු බෝම්බයක්‌ නිසා අංගොඩ මානසික රෝහලේ මානසික රෝගීන් 20 දෙනෙකුගේ ජීවිත විනාශ විය. එදින උදැසන ගොඩබිම, මියගිය අයගේ මුළු ගණන 37 ක්‌ විය. එදින අතුරුදන්වූ ගුවන්යානා ගණන කොපමණ දැයි දැනගත නොහැකි විය.

ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහල, බෙල්ලන්විල, පිටකෝට්‌ටේ, හොරණ, ගාළුමුවදොරපිටිය හා කොළඹ රේස්‌ කෝස්‌ පිටියේද ගුවන්යානා විනාශ වී වැටී තිබුණි.

ජපන් ප්‍රහාරයට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය නැව් මාලදිවයිනට ගොස්‌ තිබුණි. ඊට හේතුවූයේ ආක්‍රමණය පිළිබඳ තොරතුරකි.

ජපන් ආක්‍රමණයක්‌ පිළිබඳව ජනයා දැන සිටියහ. එයින් බේරීම සඳහා මාගේ පියා විසින් අප පවුල අප්‍රියෙල් 01 වැනිදා දුම්රියෙන් බණ්‌ඩාරවෙල ගෙන යනු ලැබූ බව මට දැන ගන්නට ලැබුණේ එවකට කොළඹ ගුවන් (Aero Club) සමාජයේ සභාපතිගේ පුත්‍රයාගෙනි.

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ හෙක්‌ටර් නමැති වේගයෙන් යාත්‍රා කළ හැකි යුද්ධ නෞකාවක්‌ සහ ටෙනෙඩෝස්‌ නමැති ප්‍රහාරක යුද්ධ නෞකාවක්‌ද ජපනුන් විසින් කොළඹ වරායේම ගිල්වා දමනු ලැබිණි. එසේම කොළඹට දකුණු දෙසින් සැතපුම් 200 කට ඈතීන් නවතා තිබු කෝන්බෝල් සහ ඩොසෙට්‌ෂයර් නමැති නෞකාද ගිල්වා දමනු ලැබීය. මුහුදු යාත්‍රාකරුවන් 424 දෙනෙකුද ජපනුන් විසින් මරාදැමූ අතර පැය කිහිපයකදී දැඩි පරිශ්‍රමයකින් පසුව 1000 ක භට පිරිසක්‌ බේරා ගනු ලැබිණි.

මෙයින් දින හතරකට පසුව ජපනුන් විසින් චීන වරායට ප්‍රහාරයක්‌ එල්ල කළහ. මෙම ප්‍රහාරයේදී ඔවුන් HMS Holyhock සහ HMS Vampire නම්වූ රාජකීය නෞකා දෙක ගිල්වා දැමුයේ 700 ක පමණ ජනයා ජිවිතක්‍ෂයට පත්කරමිනි. ඉන්පසුව ඔව්හු HMS Hermes නම්වූ තවත් රාජකීය නෞකාවක්‌ මඩකලපුවේදී ගිල්වා දැමූහ. මෙයින් 307 ක්‌ පමණ මුහුදු යාත්‍රාකරුවන් මියගියහ.

චීන වරාය (China bay) ප්‍රහාරයේදී ගුවන් නැව්පති ෂිගතෝරි වටහාබේ ජපන් බෝම්බ කරුවෙකු යොදවා වරායට කිට්‌ටුව පිහිටි විශාල තෙල් ටැංකියක්‌ පුපුරවා හැරීමට සැලසුම් කළේය. මේ සඳහා ටොකියා ගොටෝ සහ සුටුමු මොෂීරා ඔහුට සහාය වූහ. ඔවුන්ගේ ගුවන් යානය තෙල් ටැංකිය වෙත ඉලක්‌ක කළා පමණි. ඒ සැණින්ම ගුවන්යානය පුපුරාගොස්‌ නැව්පතියන් දෙදෙනාද මියගියහ. තෙල්ටැංකිය පිහිටි ස්‌ථානයද විනාශ විය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් තම රට වෙනුවෙන් සිය දිවි නසා ගන්නා අයුරු ශ්‍රී ලංකා ගුවන් ගැබට දක්‌නට ලැබුණේ එදාය. ඒ ප්‍රථම වතාවටය.

මෙවැනි ක්‍රියා යළි යළිත් වෙනත් යුද්ධයකදී වෙනත් රටක කිහිප වාරයක්‌ම සිදුවී ඇත. මිතුරා හෝ සතුරා වුවද ඇතිවන්නේ එකම කනගාටුවකි. තරුණ ජීවිත ගතකළ ඔවුන් තම විශ්වාසය නිසා දිවිපිදූහ.

පර්ල් වරායේදී කළාක්‌ මෙන් යුද සේනාධිපති ප්‍රෂිඩාද කොළඹ වැටලීමට සැලසුම් කළේ මෙම යුද්ධ ශාස්‌ත්‍රය අනුගමනය කරමිනි. අප්‍රියෙල් 05 වැනිදා බ්‍රිතාන්‍ය නාවික හමුදා කොළඹ වරායේ තිබුණේ නම් සත්‍ය වශයෙන්ම පැෂිඩා විසින් ඒවා ගිල්වා දැමීමට හැකිව තිබුණි.

කොළඹ හෝ ලංකාවේ කිසිම ප්‍රදේශයක්‌ විනාශ කර දැමීමට ජපන්නුට අවශ්‍යතාවයක්‌ නැත.. අරමුණ එය නම් ජපනුන්ට එය ලෙහෙසියෙන්ම කළ හැකිව තිබුණි. ගුවන් යානා විශාල ප්‍රමාණයක්‌ හා ගුවන් ගැබේ ඕනම දස්‌කමක්‌ කිරීමට පාස්‌කු ඉරිදා උදේ ඔවුන්ට ඕනෑතරම් ඉඩකඩ තිබුණි.

ලංකාව බේරාගත්තේ කාගෙන්ද? ඒ කොහොමද? ලංකාව ආක්‍රමණය කිරීමට ඔවුqන්ට අවශ්‍ය වූයේ නම් බෝම්බ කිහිපයක්‌ හෙළා මුළු රටම විනාශ කිරිමට හැකියාව තිබුණි. ඔවුන්ට ප්‍රථම වාරයේ ගුවන් යානා 180 ක්‌ තිබුණු අතර තවත් යානා 120 ක්‌ රැඳවුම් අංශයේ තිබුණි. මුහුද මත දක්‌නට ලැබුණු සෑම නැවක්‌aම ජපන් ගුවන්යානා මගින් ගිල්වා දමනු ලැබිණි.

සමහරවිට එය ඔවුන්ගේ සැලැස්‌ම වන්නටද එසේම නොවන්නටද පිළිවන. මෙයට පිළිතුර කවදා දැනගන්නට ලැබේදැයි මම පුදුම වෙමි. තම ජයග්‍රාහක නැව් සමූහය සමග පැමිණි යුද සේනාධිපති නගුමෝ ලංකාවට නොපැමිණ ආපසු ගියේ ඇයි? සමහරවිට ඒ සඳහා කරුණු හෝ නියෝග තිබෙන්නට පිළිවන. සත්‍ය වශයෙන්ම සිදුවූ දෙයනම් ලංකාව බේරීමය. එයට හේතුවූයේ කුමක්‌ද?

ජපනුන් පාස්‌කු ඉරිදා ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණීම පිළිබඳව විවිධ අය නොයෙක්‌ කථා කීහ. තර්කානුකූලව ඒවා සියල්ලම පිළිගත හැකිය. සමහරු සතුව ලි�ත සාක්‍ෂිද ඇත. ඒ සෑම දෙයක්‌ම පෙන්නුම් කිරීම අගය කළ යුතු ක්‍රියාවකි.

රතු පල්ලිය කැළණිය ප්‍රදේශයේ පිහිටා ඇති කුඩා දෙව්මැදුරකි. පල්ලිය පිටුපස කුඩා සුසාන භූමියක්‌ තිබී ඇත. ජනතාව පවසන්නේ නමක්‌ සඳහන් නොකළ මිනීවළක්‌ එහි තිබුණ බව මතක බවය. එම මිනිවළ පිහිටි පස්‌ කොටස විශාල ලෙස ඉදිමුණාක්‌ මෙන් දක්‌නට ලැබුණු අතර එහි භූමදාන කර ඇත්තේ කවුරුන්a දැයි කිසිම සටහනක්‌ නැති බවය. මහජනයා පවසන්නේ ජපන් ජාතික ගුවන් නැවියකු එහි භූමදාන කර ඇති බවය. පාස්‌කු ඉරිදා ඔහු ගුවනේ සිටියදී වෙඩි වැදී මියගිය බවය.

යම්කිසි අයෙකු විසින් ඔහුව භූමදාන කළ අතර කිසිම නමක්‌ සඳහන් නොතිබුණි. එම සුසාන භූමිය දැනට දක්‌නට නැත. නව ගොඩනැඟිලි ඉදිවී ඇත. සිහිවටනයක්‌ නැති මිනීවළද දැනට සොයාගත නොහැකි අතර ජනයාගේ මතකයෙන්ද එය බැහැරවී ඇත. ජපන් ජාතික ප්‍රහාරක ගුවන් නැව්පති කවුරුත් නොදන්නා අය අතරට ගොස්‌ය.

සේනාංක නායක ලෙනාඩ් බර්චෝල් යුද සිරකරුවෙක්‌ වශයෙන් ජපානයේ වසර ගණනාවක්‌ ගතකිරීමෙන් පසුව ඔහුගේ නිජබිමවූ කැනඩාවට ගියේය. පසුදිනෙක ඔහු ලංකාවටද පැමිණියේය. ශ්‍රී ලංකා ගුවනේදී පළමුවරට වෙඩිතබා බිම හෙළන ලද්දේ ඔහුගේ ගුවන්යානයය. එසේම එම වෙඩි ප්‍රහාරයේදී මරණයට පත්වූයේද ඔහු සමග එම යානයේ ගමන්ගත් භටයින් තිදෙනෙකි. බර්චෝල් මුර සේවයෙහි යෙදුනු කැටලිනා ගුවන් යානයට කලින් පිටත්ව ගිය යානය පිළිබඳව කිසිම හෝඩුවාවක්‌ දැන ගන්නට නොලැබුණි. ජපන් හමුදා විසින් එයට වෙඩි තබා බිම හෙළන්නට ඇතැයි පසුව නිශ්චය කරන ලැබිණි. ඒ පිළිබඳ වාර්තා නොමැති වුවද ක්‍රියාත්මක රාජකාරියේ යෙදී සිටියදී ශ්‍රී ලංකාවේ ගුවනේදී අතුරුදන්වූ භටයින් ලෙස සලකනු ලැබිණි.

ගුවනේ පියාසර කිරීම ඉගෙන ගැනීම සඳහා ජපන් ජාතික තරුණයෙක්‌ 1939 දී රත්මලානට පැමිණියේය. ඔහු Aero Club නමැති සමාජයේය. සාමාජිකත්වය ලබා ගත්තේය. ඔහු ජපන් ආයතනයකට අනුයුක්‌තව සේවය කළේය. ඔහු අහසේ පියාසර කිරීම ඉගෙනීමට පැමිණි නමුත් එම හැකියාව ඔහු ඒ වනවිටත් හොඳින් ලබා තිබුණි. එහෙත් ඔහු පෙනුන්ම් කළේ ආධුනික පියාසර කරන්නෙකු ලෙස හෙවත් ගුවන්යානා පදවන්නෙකු ලෙසය.

මෙම ජපන් ජාතික ආධුනික ගුවන්පති කොළඹ සහ රත්මලාන අවට අහසේ කිහිපවාරයක්‌ම තනිවම ගුවන් යානය පැදවීය. සමරවිට ඔහු ඉගෙන ගන්නවා නොවන්නට පිළිවන. ඒ වෙනුවට ඔහු කළේ අහසේ සිට රත්මලාන අවට තොරතුරු විමර්ශනය කළා වෙන්නට පිළිවන. එය තවදුරටත් සනාථ කරමින් ටික කලකින් හිටි හැටියේම අතුරුදන් විය.

තරු සම්මාන ලැබු අණදෙන ගුවන්පතිවූ මිටිසුවෝ පෂිඩා පරාජිත පුද්ගලෙයකු බවට පත්වූ අතර යුද්ධයෙන් පසුව ඔහු ගොවියෙකු ලෙස දිවිගෙවමින් තම දරු පවුල පෝෂණය කළේය. ඒ 1950 වර්ෂයේදී ඔහු ක්‍රිස්‌තියානි ධර්මය වැළඳගත් අතර ධර්ම ප්‍රචාරකයෙක්‌වී ආත්මය ගලවා ගැනීමේ මාර්ගය පිළිබඳව දේශනා කරමින් ජනතාව තුළ එම විශ්වාසය වර්ධනය කිරීමේ නිරත විය.

ඔහු විසින් ලියන ලද පර්ල් වරායෙන් ගොල්ගොතා වෙතට නම්වූ ග්‍රන්ථය අති විශාල ලෙස ඇමෙරිකාවෙන්ද සාමයේ නියෝජිතයෙක්‌ වශයෙන් ශුද්ධවූ බයිබලයේ දේශනා කරමින් ඔහු සංචාරය කළ එක්‌සත් රාජ්‍යයෙන්ද ඉතා උසස්‌ අන්දමින් පිළිගනු ලැබිණි.

බර්චෝල් මෙන් ප්‍රෂිඩාද වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණීයේය. එහෙත් ඔහු ප්‍රහාරක ගුවන් යානාවක සිට මැෂින් තුවක්‌කුවකින් වෙඩි තිබ්බේ නැත. ඒ වෙනුවට ඔහුගේ අතේ තිබුණේ ශුද්ධ වූ බයිබලයකි.

අණදෙන නිලධාරි මිට්‌සුවෝ ප්‍රෂිඩා පර්ල් වරායේ ප්‍රහාරය මෙහෙයවීය. ඩාර්වින් සහ කොළඹ ප්‍රහාරද මෙහෙයවූයේ ඔහුය. ප්‍රසිද්ධ ගුවන් සටන පවතිද්දීද ඔහු අතරමැද සිටියේය. වයස 73 ක්‌ ගතවීමෙන් පසුව 1976 දී ඔහු මියගියේය.

ඒ කාලයේ ජීවත්ව සිටි මගේ දෙමාපියන්ගෙන් මා අසා දැනගත් කථාවේ පලදාව මෙයයි. අද්මිරාල් නැගුමෝ ලංකාව ආක්‍රමණය නොකොට ආපසු හැරී ගියේ මන්දැයි සොයා දැනගැනීsමට මා දැරු සියලුම උත්aසාහයන් ව්‍යර්ථ විය. එය නියෝගයක්‌ද? නැතිනම් කල් ඇතිව ප්‍රවේශවීමක්‌ද? මේ පිළිබඳව දන්නේ කවුද?

2014 අප්‍රියෙල් 06 වැනිදා සන්ඩේ අයිලන්ඩ් පත්‍රයේ කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා විසින් පළකර තිබූ 'The rising Sun comes with bombs on Easler Sunday' ලිපියේ පරිවර්තනයයි.

රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය ...