Tuesday, March 27, 2018

“අනේ මම වගේ තවත් අය ඇති නේද..? එයාලාටත් මේ නපුරු මිනිස්සු මේ විදිහටම නින්දා කරනවා ඇති නේද..?

එතකොට එයාට වයස අවුරුදු දාහතයි..
එදා හැන්දෑවෙ එයා හිටියෙ
යූ ටියුබ් එකේ
මියුසික් වීඩියෝ හොය හොයා ..
එක පාරටම එයා දැක්කා වීඩියෝවක්..
“ලෝකයේ කැතම කාන්තාව“ කියලා ..
ඒ වීඩියෝවේ තිබ්බේ එයාගෙ මූණ..
එයා මොහොතකට ගල් වුණා වගේ..
“ලෝකෙ කැතම කාන්තාව..“!
මේක කවුරු හරි දැක්කොත්..
එයාට හිතුණා..
ඇත්තටම ඒක ගොඩක් අය දැකලා තිබුණා..
ගොඩක් අය ඒක බලලා තිබුණා..
බලලා එ් ගැන කොමෙන්ට් කරලාත් තිබුණා..
“මිනිස්සු මගේ ගැන මොනව කියනව ඇතිද..?“
එයා හිතුවා.
හිතේ උතුරලා යන දුකත් එක්ක
එයා තමන් ගැන මිනිස්සු ලියලා තිබුණ කොමෙන්ටු කියෙව්වා.
“මේකිව දැක්කට වැඩිය හොදයි ඇස් අන්ධ වුණා නං..“
“අපෝ මගේ ළමයෙක් නං මම මේ කෙල්ලව ඉපදුන ගමන්ම මරලා දානවා..“
“චී.. මේ හොල්මන ගින්නට දාලා පුච්චන්නයි තිබ්බේ..“
හැමෝම ලියලා තිබුණේ ඒ වගේ අදහස්..
පිහියෙන් අනිනවා වගේ නපුරු දුෂ්ඨ අදහස්..
එකම එක්කෙනෙක් හරි
හිත හැදෙන වචනයක් ලියලා තියෙයිද කියලා බලන්න
එයා සේරම කොමෙන්ටු කියෙව්වා..
එකක්වත් නෑ..
හිත හැදෙන්න එක වචනයක් කියන්න කවුරුවත්ම නෑ..
එයා කොම්පියුටරය ඕෆ් කරලා ගිහින් ඇදට වෙලා හොදටෝම ඇඩුවා..
මේ වීඩියෝව අම්ම හරි තාත්තා හරි දැක්කා නම්
එයාලට කොච්චර දුක හිතෙයිද..
එයාට හිතුණේ එහෙම..
ඊට පහුවදා ඉදන්
පාරෙ යනකොටත්
මිනිස්සු එයාට විහිලු කළා..
අපහාස කළා.. නින්දා කළා..

එයාට දුක හිතුණා තමයි..
ඒත් එයාට හිතුණේ වෙන දෙයක්..
“අනේ මම වගේ තවත් අය ඇති නේද..? එයාලාටත් මේ නපුරු මිනිස්සු මේ විදිහටම නින්දා කරනවා ඇති නේද..? එයාලාට කොච්චර දුක හිතෙනවා ඇතිද..?“ කියලා.
ඉතින් එයා
තනියම පටන් ගත්තා සටනක්..
මේ විදිහේ හිරිහැර වලට ලක් වෙන අය වෙනුවෙන් සටනක්..
එයා..
යූ ටියුබ් එකේ වීඩියෝ හෙව්වා..
මිනිස්සුන්ට කතා කරන, මිනිස්සුන්ව දැනුවත් කරන
මහජන දේශකයන් ගේ වීඩියෝ හෙව්වා..
ඒ වීඩියෝ බලලා..
එයා තනියම කාමරේට වෙලා
මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වුණා..
ඊට පස්සේ..
එයා යූ ටියුබ් එකට වීඩියෝ අප්ලොඩ් කළා..
තමන් වගේම හිරිහැර වලට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් කතා කළා..
ඒ හිරිහැර වලට නොබියව මූණ දෙන්නේ කොහොමද කියලා
ඒ අයව දැනුවත් කළා..
ඊට පස්සෙ
එයා TEDx talk කියන වැඩසටහනට ඉදිරිපත් වුණා..
ඒ වැඩසටහන මිලියන ගානක් මිනිස්සු බැලුවා..
ලිසී වෙලස්ක්වෙස් එක රැයකින් ජනප්‍රිය වුණා..
ලිසී මේ තරම් දුර ආපු ගමන ගැන
එයා විදපු අපහාස, දුක් ගැන ලෝකයම දැනගත්තා.
ලිසී මේ තරම් අවලස්සන වුනේ
එයාට උපතින්ම උරුම වෙලා තිබුණ දුර්ලභ රෝගයක් හින්දා..
එයාගෙ ඇගේ මේදය ප්‍රතිශතය බින්දුවයි. එයා කවදාවත් මහත් වෙන්නේ නෑ.. ඇටසැකිල්ලක්ම විතරයි.. ඒ මදිවාට එක ඇහැකුත් අන්ධයි..
ඉතින් මිනිස්සු මේ බව නොදැන ලිසීට කොයි තරම් නින්දා අපහාස කළාද..
ඒත් ලිසී ඒ නින්දා අපහාස වලින්
එක බින්දුවක් සැලුනේ නැහැ..
එයා සටන් කරන්න පටන් ගත්තා..
තමන් වෙනුවෙන් නෙවෙයි
අනුන් වෙනුවෙන්..
තාමත් ලිසී සටන් කරනවා..
මේ වගේ හිරිහැර වලට ලක් වෙන අය වෙනුවෙන්..
ලිසී අද හරි ජනප්‍රියයි..
ලිසීගෙ ජීවිත කතාව කියන
චිත්‍රපටියක් පවා හැදිලා..
ඒ චිත්‍රපටියේ නම “A Brave Heart“
“නිර්භීත හදවතක්..“
ඇත්ත..
ලිසීට තියෙන්නෙ නිර්භීත හදවතක්..
ඒ වගේම තමන්ගේ දුක ගැන නොහිතා අනුන්ගේ දුක ගැන හිතන කරුණාවන්ත හදවතක්..
අනුන් වෙනුවෙන් සටන් කරන්න හිතෙන තරම් ලස්සන හදවතක්..
ඒ හින්දා
පෙනුමින් ලෝකෙ කැතම කාන්තාව වුණත්
හදවතින් ලිසී හරි ලස්සන කෙල්ලක්..
ලස්සන වෙන්න හිතන
අපේ නංගිලා අක්කලා
දහස් ගනන් වියදම් කරලා ෆේෂල් කරන වෙලාවෙ
තවත් අයගෙ දුක ගැන හිතන, දුක් විදින අයට පිහිට වෙන
හදවතින් ලස්සන කෙනෙක් වෙන්න බලන්න..
ඒ ලස්සන කවදාවත් මැකිලා යන්නෙ නෑ.

Sunday, March 25, 2018

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්.ඇමරිකානු සයන්ස් රූපවාහිනිය කියයි.

වාල්මිකී විසින් රචිත රාමායණය ප්‍රබන්ධක්ද? නැතිනම් සත්‍යයක්ද? රාමා,සිතා,රාවණා,හනුමාන් සැබෑවට ජීවත් වුණාද?රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමාගේ වානර හමුදාවද? මේ පිළිබඳව නන්දෙසින් බොහෝ කතා අසන්නට ලැබේ.ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු පාලම ස්වභාවිකව නිර්මාණය වුවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමරිකාවේ ' සයන්ස් චැනල්' නාලිකාව 'වට් ඔන් ආර්ත්' නැමැති විශේෂ වැඩසටහන මගින් මේ පිළිබඳව හෙළිදරව්වක් කර තිබේ.


කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් අපූරු ඡායාරූප පෙළක් හසුකරගෙන තිබිණි.ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දර්ශනය වේ.මෙම ඡායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වු ඇමරිකානු භූවිද්‍යාඥයන් හා විද්‍යාඥයන් පිරිසක් මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක් ය යන නිගමනයට එළැඹ තිබේ.සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හඳුන්වන අතර එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔහුන්ගේ මතයයි.එම වැලිපරය මතුපිට වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදිකර ඇතැයි යන්න ඔහුන්ගේ මතය වි තිබේ.මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන එනු ලැබුවේ කෙළෙසකද යන්න අබිරහසක් බව ඔහුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේෂ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය.එය සැතපුම් 30ක පමණ දිගින් යුතුය.හින්දු පුරා කතාවක් වන රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වු සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය.ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදිකළ බව එහි සඳහන්ය.ඇමරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරණිය.මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදුකල කාලතීරණ පර්යේෂණවල දි ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණය වි තිබේ.වැලි පරය පසුකාලයේ ස්වභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයිද පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔහුන්ගේ මතය වි තිබේ.විද්‍යාඥයන්ගේ නව මතය ප්‍රකාශයට පත් වීමත් සමඟ ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වි තිබේ.භාරතීය ජනතා පක්ෂ නායකයන් සඳහන් කරනුයේ රාම කුමරු පිළිබඳව පුරාවෘත්තය සත්‍යයක් බවට මෙම හෙළිදරව්වෙන් අනාවරණය වන බවයි.2008 වසරේ ඉන්දියානු රජය මගින් මෙම ප්‍රදේශය ඔස්සේ නාවික මාර්ගයක් ඇති කිරීම සඳහා යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යප්‍තිය මගින් රාම් සේතු පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමින් භාරතීය ජනතා පක්ෂය සහ හින්දු අන්තවාදී සංවිධාන කිහිපයක් පසුගිය සමයේ විරෝධාර ව්‍යපාරවල නිරත වුහ.එහිදී ශේෂ්ඨaඅධිකරණයේ නිගමනය වුයේ රාම කුමරු සත්‍ය වශයෙන්ම ජීවත් වු බවට වන ඓතිහාසික සාධක හමුවී නොමැති බවයි.ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ මතය අනුව අධිකරණ නියෝගය නිෂේධනය වන බවත් රාම කුමරු ජීවත්ව සිටි බවට මෙම හෙළිදරව්වෙන් සනාථ කෙරෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති.රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී.එක් මතයකට අනුව අයිස් යුගයේ දි ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වි තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000කට පමණ පෙර වෙන්වී තිබේ.එසේ වෙන්වීමේ දි ශේෂ වු කොටස් මෙලෙස දිස්වන බව ඔවුන්ගේ මතය වි තිබේ.සේතු සමුද්‍රම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩි. එමි .කේ .පක්ෂය විසින් ගොනු කැරුණු පෙස්සම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වුයේ " එහි පාලමක් නොමැත.මිනිසා විසින් නිර්මාණය කෙරුණු කිසිවක් එහි නොමැත.එවැන්නක් කළ හැක්කේ සුපර්මැන් කෙනෙකුට පමණකි.පාලමක් ඉදිකෙරුනානම් එය සුපිරි මිනිසෙකු විසින් ඉදිකරනු ලැබ යළි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත.සියවස් ගණනක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවකු කිසිවක් සඳහන් කර නොමැත්තේ එහෙයිනි.මෙය රාම කුමරු විසින් ඉදිකරන ලද පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුණේ මෑතක සිටය"යන්නයි.

රාම සේතු පාලම යැයි හඳුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථානවල අඩි 30 පමණ ගැඹුරු වන අතර ඇතැම් ස්ථාන වල අඩි 3 පමණ වේ යැයි නිව්ස් 18 නමැති නාලිකාව සඳහන් කරයි.ඇතැම් ස්ථානයක ඇති වැලිපර වියළිය. 15 වැනි සියවස තෙක් මෙම වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවති අතර ඒ මතින් පාගමනින් යා හැකිව තිබූ බවට සාධක ඇතැයි විද්‍යාඥයෝ පවසති.ක්‍රි.ව 1480 ඇති වු කුණාටුවකින් වැලි පරය විනාශ වි තිබේ.

මෙම පාලම පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප්‍රඨමයෙන් හමුවන්නේ වාල්මිකීගේ රාමායණයෙනි.එහි එය හැඳින්වෙන්නේ රාම සේතු නොහොත් රාමාගේ පාලම යන නමිනි.රාමායණයේ 2-22-76 වැනි පද්‍යය අනුව රාම එය සේතු බන්ධනනම් ලෙස නම් කර තිබේ.මෙම ප්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන්නේ සේතු සමුද්‍රම් නමිනි.එහි අරුත පාලමක් සහිත මුහුදු ප්‍රදේශය යන්නයි.දැනට ඉන්දියාවේ තන්ජවුර් සරස්වති මහල් පුස්තකාලයේ ඇති ක්‍රි වර්ෂ 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප්‍රදේශය ' රාමන්කොයිල්' යනුවෙන් හඳුන්වා තිබේ.තවත් සිතියමක දැක්වෙන්නේ රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය යනුවෙනි.රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේෂ්වරම්හිය.මාර්කෝ පෝලෝගේ සිතියම් වල මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ සේතුබන්ධ සහ සේතුබන්ධ රාමෙස්වරම් යනුවෙනි.

ඉබන් කෝර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස් හි එය මුහුදේ ඇති පාලම ලෙස හඳුනා තිබේ.1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම ලෙසිනි.පුරාණ ඉස්ලාමීය ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ආදම්ගේ කන්ද ලෙසිනි.ආදම් පොළොවට පතිතවි ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන්වන හෙයින් රාමාගේ පාලම ආදම්ගේ පාලම ලෙසින්ද හැඳින්වේ.විද්‍යාඥයන්ගේ නව මතය සත්‍යයක් නම් මහා සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්තයද සත්‍යයක් බවට පත් වනු ඇත.

රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය ...