Tuesday, March 20, 2018

මේ ප්‍රේමම් හි ප්‍රේමයයි..❤️💔

ජෝජ් බයිසිකලෙන් මේරි පස්සෙන් යනවා..
අතේ ලියුමකුත් රුවාගෙන..
මේරි පිටිපස්ස බලලා පොඩ්ඩක් හිනාවෙනවා..
ජෝජ් ට ඒක මහ මෙරක්..
ජෝජ් හිත ඇතුලෙන් මේරි එක්ක ආල බඳිනවා..
කේරලයේ මනස්කාන්ත විදිහට හැදෙන හරිත වර්ණ පසුබිම් මැද ජෝජ් මේරිව ලුහුබඳිනවා..
ජෝජ් ට දැනෙන ප්‍රේමය..
ජෝජ්ට දැනෙන සතුට..
ජෝජ් ට දැනෙන දුක..
ජෝජ් ට දැනෙන විරහව..
මට දැනෙනවා..
ඒ ඉන්නෙ ජෝජ් නෙමෙයි..
මට දැනෙන්නෙ ඒ මම කියලයි..

චිත්‍රපට කියන්නෙ ජීවිතේ නෙමෙයි..
චිත්‍රපට වල පෙන්නන ගොඩක් දේවල් ජීවිතේ නොවෙන දේවල්..
ඒත් එහෙම සලරූ අතරේ එක සලරුවක් මගේ ජීවිතේ ඩැහැගෙන..
ඇයි ඒ කියල හිතුවම හරි හමන් උත්තරයක් මට නොලැබෙන ප්‍රශ්න කිහිපයකින් එකක් ඒක..

ඔව් මේ "ප්‍රේමම්"..

මේරි ජෝජ් ට පුංචි හිනාවකින් ලොකු බලාපොරොත්තුවක් මවනවා..
ඒත් අන්තිමට ජෝජ් ගෙ ඒ හීන ඔක්කොම මේරි ම බිමට වට්ටනවා..
ජෝජ් අඬනවා..
වැලපෙනවා..
අන්තිමට දුක තුනී කරගන්නවා..
තිරය අඳුරු වෙනවා..
මම ඇහැරෙනවා..

---------------------------------------------------------------------------

රැවුල කපල පොඩි එකෙක් වගේ හිටිය ජෝජ් වෙනුවට..
මුහුණ පුරා රැවුල වවාගත්තු හැඩි දැඩි ජෝජ් කල එලි බහිනවා..
විශ්ව විද්‍යාලයේම අනසක හරියට ඔහු අතේ තියෙනව වගේ..
ඔහු නිදහසේ පියාඹනවා..
ගහගන්නවා..
මරාගන්නවා..
පංති තහනම් වෙනවා..
ඔය අතරෙ එනවා තවත් සිහිනයක හිමිකාරියක්..

මලර් - ආරාධිත දේශකවරියක්

ජෝජ් ඇයට ලංවෙනවා..
උගන්නන්න ආපු ගුරුවරියට ආදරේ කරන එක..
ඒක හොඳද..?
ඒකෙ නරක මොකක්ද..?
අපි අපෙන්ම අන්තිමට අහන තැනට ජෝජ් අපිව අරගෙන එනවා..
ජෝජ් ඇයට ලංවෙද්දි මම ජෝජ් ට ඉරිසියා කරනවා..
ජෝජ් ට නොකිය මම මලර් ට පෙම් කරනවා..
ඇගේ මුහුණෙ තියෙන කුරුලෑ ලප මටත් ලස්සනට පේනවා..
ඇය හිනාවෙද්දි වල ගැහෙන කම්මුල් ඉඹින්න මටත් හිතෙනවා..
ඇස් පොඩි කරලා ඇය ඉඟි කරන කොට ලඟ ඉඳන් ඇයව තුරුල් කරගන්න මට හිතෙනවා..

ඒත් අන්තිමට ජෝජ් ට ඇය අහිමි වෙද්දි මට ත් ඇයව අහිමි වෙනවා..
විරහ වේදනාව මගේ ඇඟෙත් දුවන්න ගන්නවා..
මගේ ඇස් වලත් කඳුලු පිරෙනවා..
මලර් කාගෙ උනත් මම මලර් ට දැනුත් පෙම් කරනවා..

ආයෙත් තිරය අඳුරු වෙනවා..
මම ඇහැරෙනවා..

----------------------------------------------------------------------------

හැඩි දැඩි සෙල්ලක්කාර ජෝජ් වෙනුවට තලතුනා ජෝජ් කෙනෙක් අපට මුණගැහෙනවා..
දිවට රස ගේන ලස්සන කේක් හදන..
ඒ කේක් මත්තෙ ලස්සනට අකුරු වියමන් අඳින..
ඉවසිලිවන්ත ජෝජ් කෙනෙක්..
මම ආස නෑ ඒ ජෝජ් ට..

ඇයි ඒ..?

සමහරවිට මම තාම තලතුනා මිනිහෙක් නොවෙන හන්ද වෙන්න ඇති..

ඒ අතරෙ මෙන්න සෙලින් එනවා..
ඇය එන්නෙ අන්තිමට..
ලස්සන හුරතල් හිනාවකින් මූණ සරසගෙන..
ඇය අන්තිමට ජෝජ් ව බඳිනවා..
මම ආස නෑ ඒකටත්..

ඒත් කාටද ආස හිතෙන අවසානයන් තියෙන්නෙ..?

ආපහු තිරේ අඳුරු වෙනවා..
සලරුව අවසන්..

---------------------------------------------------------------------------

ලස්සනම දේ නෙමෙයි ආදරය කියන්නෙ..
ආසම දේ නෙමෙයි ආදරය කියන්නෙ..
වෙනස්ම දේ නෙමෙයි ආදරය කියන්නෙ..
කසාදෙ නෙමෙයි ආදරේ කියන්නෙ..

ආදරේ කියන්නෙ ආදරේ..
කසාදෙ කියන්නෙ කසාදෙ..

අපි හැමෝම කසාද බඳින්නෙ ආදරේ කරන අයද..?

ඒව එක එක අයට එක එක විදිහයි..
අනන්‍යයි..

ඇයි විරහව..?

ඒ දුක..
ඒ වේදනාව..
ඒ සුසුම්..
ඒ හැඬුම්..

ඒවත් එකිනෙකට අනන්‍යයි..
විශේෂයි..

තව දෙයක්..

අපට අද තියෙන ආදරේ හෙට නැතිවෙන්න පුලුවන්..
ඒත් අපි හැබැහින්ම නම් ආදරේ කලේ..
ඔබට ඒ ආදරය නැති වෙන්නේ..

ඊලඟට ලැබෙන ආදරය ජීවිතේ ඔබට සුදුසුම ආදරය නිසා..
ඊලඟ ආදරය ඔබේ ජීවිතය අංශක 180 කින් අනිත් පැත්තට හරවන ආදරය නිසා..

සමහර විට ඊලඟට ලැබෙන බැඳීම ආදරයක් නොවුණත් ඔබේ විවාහ ඉරණම ඒක නිසා..

ජෝජ්, මේරි, මලර්❤️, සෙලින් අපට කියල දෙන කතාව මේකයි..

ඊයෙත්.., අදත්.., හෙටත්..,

මම ආදරයක් දැනුණම..
විරහවක් දැනුණම..

"ප්‍රේමම්" බලන්නෙ..
අන්න ඒ නිසයි..

"මලර්" මම තාම උඹට ආදරෙයි..

ඒත් මම උඹව අමතක කරල සෙලින්ව බඳිනවා..

ජෝජ් වගේ අපටත් එහෙම හිතින් කෑ ගහන්න වේවිද..?

අපි දන්නෙ නෑ..

ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍...