Wednesday, February 21, 2018

මචං

උබර්තෝ පැසොලීනි කියන ඉතාලි ජාතික අධ්‍යක්ෂවරයා 2008 දි හදනවා සිංහල චිත්‍රපටයක්.

ඒ චිත්‍රපටයේ නම වෙන්නේ ශ්‍රී ලාංකික අපිට වඩාත්ම හුරුපුරුදු සහ සමීප වචනයක් වෙන “මචං".

ඒ සමීප බව චිත්‍රපටයේ නමට විතරක් සීමා වෙන්නෙ නෑ. චිත්‍රපටයේ කතා වස්තුව ඇතුලෙත් අපිට ලාංකික අපේ ජීවිත වල හුරුපුරුදු දේවල් දැනෙන විදිහට සමීප කරවන්න මචං චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා.


කරුණු කාරණා සිදුවෙච්ච ආකාරයෙන්ම පෙළගස්වල තියනවය කියල කියන්න බැරි උනත්, මචං චිත්‍රපටයට පාදක කරගන්නෙ ඊට අවුරුදු කීපෙකට කලින් සිදුවෙච්ච සැබෑම සිදුවීමක්.

ඒ තමයි හෑන්ඩ්බෝල් තරඟාවලියක් සඳහා ජර්මනියට යන 23 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ රටින් අතුරුදන් වීම.

මේ ප්‍රවෘත්තිය ඒ කාලෙ විදෙස් මාධ්‍ය වල පවා ප්‍රචාරය උනේ අපේ රටට යම් අපකීර්තියකුත් ගෙන දෙමින්.

සැබෑ සිදුවීම කොහොම වෙතත් චිත්‍රපටය බලන අපට නම් ඒකෙ මචංලා සෙට් එක ගැන තරහකට වඩා ඇතිවුණේ සතුටක්.

පැසොලීනි මචං ට කවපු හාස්‍යමය රසය සහ ඒකෙ මචංලාගෙ ජීවිත ඇතුලුට කරපු එබී බැලිල්ල නිසා වෙන්න පුලුවන් මචං බලලා අපිට ඒ සිදුවීම ගැන සන්තෝසෙකින් හිතන්න අවකාශය ලැබුනෙ...

ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍...