Friday, October 5, 2018

ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 15,000 ක් ඉංදියාව තුල එකතු වන්නට පටන්ගත් අතර. ඒවා සමස්ථ ඉංදියානු මහාමාර්ග දෙපසත්, ගම්බද කුඩා මංමාවත් අවටත්, සමස්ථ ඉංදීය ඇල දොල ගංගා තුලත් ඒකරාශි වෙමින් පැවතිණි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය ක්‍රියාවලිය කල හැක්කේ 4 වරක් පමණකි. ඉන්පසු එය නිකුත් කරන්නේ මාරාන්තික විෂ වායුවකි.. මීට කඩිනම් විසදුමක් සෙවීම සදහා ඉංදියානු මධ්‍යම ආණ්ඩුව සිය විශ්වවිද්‍යාලට ආරාධනා කර සිටියේය. එහි ප්‍රතිපලයක් ලෙස මේ ප්ලාස්ටික් මිනිසා ඉංදීය මධ්‍යම ආණ්ඩුවට මුන ගැසිණි.

මදුරෙයි නගරයේ පිහිටි ත්‍යාගරාඡර් ඉංඡිනේරු විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය රාඡගෝපාලන් වාසුදේවන් ඉදිරියේ මෙම ප්ලාස්ටික් අභියෝගයේ රාඡ්‍ය ලියවිල්ල තිබිනි. ඔහුට තිබුනේ එයට විසදුම් සෙවීමටය. එපමණකි. මේ මහා මිනිසා තවත් අවුරුදු දෙකක් ගිය තැන එයට කදිම විසදුමක් ඉදිරිපත් කර සිටියේය. එනම් ‘‘ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මහාමාර්ග තැනීම “ මහාචාර්ය වාසුදේවන් ප්ලාස්ටික් පැරන්හයිට් අංශක 160 ක උෂ්ණත්වයක රත්කල පසු යකඩවලට වඩා ශක්තිමත්බව සොයා ගත්තේය. හේ එයට තවත් රසායනිකයන් එකතුකොට ප්‍රථම මාර්ග පද්ධතිය සිය ඉංඡිනේරු විද්‍යාල භුමියේ ඉදිකලේය. එම මාර්ගය තාර භාවිතාකොට ඉදිකරනලද මාර්ගවලට වඩා කල්පවතින බවත් ඒවා ඕනෑම ධාරානිපාත වර්ෂාවකට හෝ ගංවතුරකට ඔරොත්තුදෙන බවත් හේ දැන සිටියේය. එනම් ප්ලාස්ටික් ඡලය අවශෝෂනය නොකරයි. එය ඡලය ප්‍රතිරෝධකයකි. මාර්ගය නිම කිරීමෙන් පසුව ඔහු ඒවා ඉංදිය බලධාරින්ට පෙන්වනු ලැබීය. මහාචාර්ය රාඡ්ගෝපාල් ඉදිකල මාර්ගය සදහා වියදම් වී තිබුනේ කිලෝමීටර් 1 දිග මීටර් 4 ක් පලලැති පාරක් සදහා ඉංදියානු රුපියල් පනස් දහසකි. එය ඒ අවස්ථාවේ තාර භාවිතාකොට ඉදිකල මාර්ගයකට ගිය පිරිවැයෙන් හරි අඩකි. ප්ලාස්ටික් මහාමාර්ග 2012 දී ඉංදියාව පුරා ඉදිකිරීමට අඩිතාලම වැටුණේ ඔන්න ඔය ආකාරයටය.

මහාචාර්ය රාඡ්ගෝපාල් වාසුදේවන් ගේ මහාමාර්ග නැවත සංවර්ධනය වියදමින් තොර පරිසර හිතකාමී මාර්ගකි. ඉංදීය රඡය ප්‍රාන්ත 11 ක් පුරා කිලෝමීටර් ලක්ෂයක මහාමාර්ග. 2017 දී ඉදිකලේ මෙම මිනිසාගේ තාක්ෂනයට පින් සිදුවන්නටය. ඔහුගේ ගෝලයේ මෙම තාක්ෂනය භූතානයටද රැගෙන ගියෝය. නයිඡිරියව මෙම අනර්ඝ තාක්ෂනය ඉංදියාවෙන් ඉල්ලා සිටී. ඓතිහාසික කරුණු කාරනාවලින් ඉංදියාව හා බොහෝ බැදුණු ශ්‍රී ලංකාව ඉංදියාවෙන් මෙම තාක්ෂනය ඉල්ලා සිටි බවක් අපි අසා නැත. සමහරවිට එය ශ්‍රී ලාංකික දේශපාලකයාට එතරම් ලොකු දෙයන් නොවනවා විය හැක. කෙසේ වෙතත්. 2017 අවසන් මාසයේදී ඉංදීය රඡය සිය මහාමාර්ග සංවර්ධනය හා ඉදිකිරීම් කරනු ලබන සියලු සමාගම්වලට හා ආයතනවලට තම මාර්ග ප්ලාස්ටික් යොදා නිර්මාණය කළ යුතුයැයි නීතියක් පැනවීය. අද ප්ලාස්ටික් මහාමාර්ග ඉදිකිරීමේ අංක එකට සිටින්නේ ඉංදියාවේ ටටා සමාගමට අනුබද්ධ ආයතනයකි. මහාචාර්ය රාඡ්ගෝපාල් සැබෑ දේශප්‍රේමියෙකි. ඔහු තමා විසින් බොහෝ කාලය බුද්ධිය හා ශ්‍රමය වෙහසවා සොයාගත් මේ අනගි තාක්ෂණ ක්‍රමවේදයේ අයිතිය තමා සතු කරගත්තේ නැත. ඒ සදහා ඔහුට ඕනෑවටත් වඩා අයිතිය තිබිණි. එහෙත් හේ මෙම තාක්ෂනයේ පේටන්ට් බලපත්‍රයේ අයිතිය පිරිනැමුවේ තමා ඉගැන්වු මදුරාපුර ත්‍යාගරාඡර් ඉංඡිනේරු විද්‍යාලයටය. අද මෙම තාක්ෂනය ඔවුහු තව තවත් වර්ධනය කරමින් ප්ලාස්ටික් ද්‍රාවණය ප්ලාස්ටික් ගල් කැබලි බවට දියුණු කර ඇත.

2017 ඉංදීය රඡය සිය ප්ලාස්ටික් මහාමාර්ග සදහා වෙන්කල මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම එකකි. එය හරියට කියතොත් මහාචාර්ය වාසුදේවන් තම මවුබිමට ඩොලර් බිලියන 11 යි දශම එකක් ඉතිරි කර දුන්නා වැන්න. මක් නිසාද වාසුදේවන්ගේ තාක්ෂණය මහාමාර්ගයක් තැනීම සදහා වියදම් කරන්නේ කලින් පැවති තාක්ෂනයට ගිය පිරිවැයෙන් හරියටම අඩකි.
ඔහු ප්ලාස්ටික් මිනිසා යනුවෙන් ඉංදියාව හදුන්වන්නේ ඇයිද යන්න අපි දැන් දනිමු. මේ මහා මිනිසාව ඉංදියාව ඇගේ ඉහළම සිවිල් සම්මානයක් වන ‘‘පද්ම ශ්‍රී ‘‘ සම්මානයෙන් 2018 දී පුද දෙනු ලැබුවාය.

Monday, October 1, 2018

"අවාසනාවකට, පාලම් ගොඩනඟන මිනිසුන්ට වඩා බිත්ති ගොඩනඟන මිනිසුන් බොහෝ සිටී" - චීන කියමනක්

"සංක්‍රමණිකයින් පැමිණීම වැලක්වීමට සහරාව හරහා තාප්පයක් ඉඳිකල යුතුයි" - ඩොනල්ඩ් ට්‍රම්ප් ස්පාඤ්ඤයට දුන් උපදෙසක්

කලකට පෙර පවුරක් තිබිණ.


1961 අගෝස්තු 13 වන දින සිවිල් සමාජය 2 ට බෙදා වෙන් කරමින්, සෝවියට් සංගමය විසින් අනුග්‍රහය දක්වන ලද නැඟෙනහිර ජර්මනිය පවුරක් ගොඩනගන බව මාධ්‍ය වාර්තා කළහ. සැතපුම් 155 ක් දිග පවුර ඉඳිකිරීමේ අරමුණ වූයේ නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය වෙත ජනතාව ගමන් කිරීම වැළැක්වීමයි.

මුලින් ඉඳිකරන ලද තාවකාලික පවුර වෙනුවට නැගෙනහිර ජර්මනිය පසුකාලයකදී ස්ථිර, සවිගන්වූ කොන්ක්‍රීට් පවුරක් ඉඳිකරන ලදි. එය උසින් අඩි 12 ක්ද, පළලින් අඩි 4 ක්ද විය. බටහිර පැත්තට සංක්‍රමණය වන්නන්ගේ අඩි සලකුණු නිරීක්ෂණය කිරීම සඳහා වැලි අතුරා තිබූ අතර, මැෂින් තුවක්කු උගුල් අටවා තිබුණි. රැකවලෙහි යෙදුන හමුදා භටයන්ට දුටුතැන වෙඩි තැබීමට අවසර ලබා දී තිබු අතර ඔවුන් සමග සෑමවිටම තියුණු ඉවක් ඇති බිහිසුණු හමුදා සුනඛයන් විය. පවුර පැවති කාලය තුල අවම වශයෙන් පුද්ගලයින් 171 දෙනෙකු පවුර මතදී හෝ අසලදී දිවිපුදා තිබේ.

1989 වසරේ නොවැම්බර් 9 වන දින පවුර බිඳ දැමීම ආරම්භ විය.

එහෙත් තවදුරටත් අවශ්‍ය නොවුවද, වර්තමානයේද එවැනි පවුරු 40 කට වැඩි ප්‍රමාණයක් අප ජීවත්වන ලෝකයේ තිබේ. ප්‍රධාන පවුරු/බාධක කිහිපයක් පහත දැක්වේ:

1. ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ පවුර - දිග කිලෝ මීටර් 708
2. සෞදි අරාබි-යේමන පවුර - දිග කිලෝ මීටර් 1,800
3. ඉරාන-පකිස්ථානු බාධකය - දිග කිලෝ මීටර් 900
4. ඊශ්‍රායල්-ඊජිප්තු බාධකය - දිග කිලෝ මීටර් 245
5. අයර්ලන්ත කතෝලික බෙල්ෆාස්ට්-රෙපරමාදු බෙල්ෆාස්ට් පවුර - දිග කිලෝ මීටර් 34
6. ඇමරිකා එක්සත් ජනපද-මෙක්සිකානු පවුර/බාධකය - දිග කිලෝ මීටර් 3,201
7. ඉන්දියානු-පකිස්ථානු බාධකය - දිග කිලෝ මීටර් 2,900
8. පකිස්ථානු-ඇෆ්ඝනිස්ථානු බාධකය - දිග කිලෝ මීටර් 2460 (ඉඳි වෙමින් පවතී)


ඊශ්‍රායල්-ඊජිප්තු බාධකය


ඉන්දියානු-පකිස්ථානු බාධකය


අයර්ලන්ත කතෝලික බෙල්ෆාස්ට්-රෙපරමාදු බෙල්ෆාස්ට් පවුර

ඇමරිකා එක්සත් ජනපද-මෙක්සිකානු පවුර/බාධකය

පකිස්ථානු-ඇෆ්ඝනිස්ථානු බාධකය


සෞදි අරාබි-යේමන පවුර


බර්ලින් පවුර


ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ පවුර


ඉරාන-පකිස්ථානු බාධකය

Wednesday, September 26, 2018

සඳපානේ නෙළන තේ දළු

ඉන්දියාවේ ඩර්ජීලිං නගරය ආසන්නයේ, ලොව උසින් 3 වැනි ස්ථානය හිමි කංචෙන්ජුංගා හිමාලයානු කඳු පංතියේ බෑවුම්වල මීටර් 2,200 ක් උසින් විශේෂ තේ වගාවක් පවත්වාගෙන යනු ලැබේ. වල් අලි සහ කොටි සැරිසරණ මෙම ප්‍රදේශය බෞද්ධ ආශ්‍රම සඳහාද ප්‍රසිද්ධියක් උසුලන නමුත්, වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ තේ වගාව හේතුවෙනි. ප්‍රදේශයට අවේනික රසයක් ඇති මෙම තේ, විශාල ආදායමක් ගෙන දෙන බැවින් මුදල් වගාවක් ලෙසින්ද හැඳින්වේ.

ඩර්ජීලිං අවට පිහිටා ඇති තේ වතු 87 හි නෙළන සෑම තේ දල්ලක්ම මිහිරි මිදි රසයෙන් යුත් තේ පානයක් ලබාදෙයි. නමුත්, නගරයේ සිට කිලෝ මීටර් 33 ක දුරින් පිහිටි කර්මාන්ත ශාලාවක ඇති ඉතාමත් දුර්ලභ වර්ගයේ තේ වගාවක් අන් සියළුම තේ වර්ග වලට වඩා කීර්තියක් දරයි. "මූන්ලයිට් සිල්වර් ටිප්ස්" යන නමින් හැඳින්වෙන මෙම තේ වර්ගය, මකයිබාරි තේ වත්තේ නිෂ්පාදනයකි.


ඉතා පළපුරුදු සේවකයින් මෙම තේ දළු නෙලන්නේ මැදියම් රැයත් පාන්දර 3 ත් අතර කාලය තුලදී වෙයි. එයද, පුර්ණ චන්ද්‍රයා පායා ඇති ජුනි මාසයේ රාත්‍රියක පමණි. චීනයේ වගාකරන ඌලං තේ වර්ගයට සබඳකමක් ඇති මෙම තේ වර්ගය, 2014 වසරේදී, කිලෝ ග්‍රෑම් 1 ක් ඩොලර් 1850 කට අළෙවි විය. එය ඉන්දියානු තේ කිලෝ ග්‍රෑමයක් අලෙවියෙන් ලබා ඇති ඉහළම ආදායම වෙයි. වරකට නිපදවනු ලබන්නේ තේ ග්‍රෑම් 12ක් අඩංගු කුඩා බෝතල් 420 ක් පමණි. එක කුඩා බෝතලයකින් තේ කෝප්ප 10 ක් සෑදිය හැකි වේ. පෙරාගත් ජලය භාවිතා කිරීමෙන් උපරිම රසය ලබාගත හැකිවේ.


Tuesday, September 25, 2018

සුනීතා ක්‍රිෂ්ණන් ගේ කතාව Sunita Krishnan's story

උන් ඒ ඉස්කෝලෙ යන පුංචි කෙල්ලව උස්සන් ගිහිල්ල දූෂණය කරා. එකෙක්, දෙන්නෙක් , නෑ අට දෙනෙක්. ඒ කාලකන්නි මේ ලස්සන පොඩි කෙල්ලගෙ ආත්මය තිත්ත අදුරෙන් වැහුවා. ඒත් ඒ ඇටපල් කලුවරේම ඒ මල කදුලු අතරින් පෙති විහිදලා හිනැහෙන්න පටන් ගත්තා.
ඉතිං මිතුර අපි කියනව උදෑසන හෝ දහවලේදී පමණක් නොවෙයි රාත්‍රී අන්ධකාරයේත් මල් පිපෙනවා...

============================================
ඉන්දියානු රාඡ්‍යයේ ඉහළම සිවිල් සමිමානය වන පද්ම ශ්‍රී සමිමානය 2016 දී ඉන්දියානු රාඡ්‍යය පුදදෙනු ලැබුවේ ‘‘ ලිංගික සූරෑකෑමට ‘‘ එරෙහිව අභීතව නැගීසිටි සුනීතා ක්‍රිෂ්ණන් නැමැති දිරිය ගැහැණියටය...
සුනීතා ක්‍රිෂ්ණන් උපත ලැබුවේ මලයාලමි ඡාතික මවුපියන්ට දාව 1972 දී බැංග්ලෝරයේය. ඇය උපතේ පටන් වෙනස්ව සිතන පතන හා ක්‍රියාකරන දැරිවියක බව ඇය ඇගේ වයස 8 දී ඉන්දියාවේ කුලහීන දරැවන්ට නර්තනය ඉගැන්වීමට පටන් ගැනීමෙන්ම අපට පෙනේ' ඇය ඉන් නොනැවතී ඇයට යන්තමි වයස 14 ක් පමන වනවිට ඉන්දියාවේ කුලහීන ඡනතාවක් ලෙස සැලකූ දාලිත් කුලයේ දුගී දරැවන්ට පුංචි කාමර කෑල්ලක් කුලියට ගෙන නොමිලේ ඉගැන්වන්නට පටන් ගත්තාය. ඉන්දියාව යනු කුලවාදය නැමති නාරාවලේ කරවටක් ගිලී ගිය මිනිසුන් වෙසෙන රාඡ්‍යයකි. සුනීතාගේ මේ අඩු කුලයේ දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන එක කුලීන සමාඡයයට දිරවාගත නොහැකිවිය. එහි ප්‍රතිපලය වුයේ වියරැ මිනිසුන් 8 දෙනෙකු එකතුව මේ කෙල්ලව දූෂණය කිරීමයි. එවිට ඇයට වයස 15 කි.
දූෂණයෙන් පසු ඇය තවදුරටත් දරැවන්ට උගන්වන්න ගියේ නැත. ඒ ඇය කඩා වැටුණු නිසා නොවේ. දූෂණය ඇගේ අරමුණු ශක්තිමත් කර තිබූ අතර ඇයට ස්ථිරසාර ඉලක්කයක් තිබිණි. ඇය උසස් අධ්‍යාපනය සදහා දිගටම වෙහසවුනු අතර මනෝ වෛද්‍ය විද්‍යාවේදී උපාධියකින් එය අවසන් කලාය. අනතුරැව කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකමි උදෙසා පාරට බැස්සාය. එය ඇයට සිරගෙදර බත් කෑමට ප්‍රථමවරට හුරු කලේය. 1996 දි බැංග්ලෝර් තරැනියන් ලෝක රැප රාඡිනි තරගවලට සහභාගිවීම නැවත්වීම සදහා කල ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිර දඩුවමක් ලබා දෙමිනි. සිර දඩුවම අවසන ඇය සිය නිවෙසට ආ විට ගෙදර ඇයට තිබූ පිළිගැනීම එතරමි යහපත් නැත. සුනීතා එය මායමි නොකරමින් 1996 දී සිය නිවෙස අතහැරීමට තීරණය කලාය. එවකට කාන්තා අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි පල්ලියේ පුඡකවරයෙකු වු ඡෝස් වෙතිකාල් හමුවූ ඇය හයිද්‍රබාද් නගරයට පැමිණියාය. අණතුරව ඇය ලිංගික හිංසනයෙන් හා දූෂණවලින් මානසිකව කඩා වැටුණු ගැහණුන් වෙනුවෙන් ‘‘ ප්‍රඡ්වාලා ‘‘ නැමති සංවිධානය පිහිටවුවාය. එහි ප්‍රථම කාර්යය වුයේ හයිද්‍රාබාද්හි ‘‘ රතු එළිය ‘‘ නැමති ඉන්දියානු ගණිකාවන් වෙසෙන ප්‍රදේශයේ නිවෙසක් කුළියට ගෙන එහි ගණිකා වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ දියණියන්ට පාසැලක් විවෘත කිරීමය. මෙම පාසැලට පැමිණි දැරියන්ද සිය මවුවරැ මෙන්ම දුෂණයට ලක්ව සිටි දැරියන්ය. සුනීතා මෙම සියලු දැරියන්ට මනාලෙස අධ්‍යාපනය දෙමින් ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කරමින් හා රැකියා අවස්ථා සොයාදෙමින් නැවත ගණිකා වෘත්තියට නොයනසේ කාරැනිකව හා දක්ෂ ලෙස ඔවුන් මෙහෙයවුවාය. ඇගෙන් යහපත් මාර්ගය තෝරාගත් දැරිවියන් ගණනින් අටදහස ඉක්මවයි. ඇය මේ වනවිට හයිද්‍රබාද්හි පාසැල් 19 ක දූෂණයට ලක්වූ පාසැල් සිසුවියන් වෙනුවෙන් සති පතා වෛද්‍ය සායන පවත්වයි.


' වරක් නෙල්සන් මැන්ඩෙලා සමරැ තිලිණය ලැබු සුනීතා අල් ඡසීරා පුවත් නාලිකාවට මෙසේ කියා තිබුණාය ‘‘ ඔබලා දන්නවාද ඉන්දියාවේ වහල් ශ්‍රමිකයෝ කොචිචරක් ඉන්නවද කියලා... ? එය තිස් ලක්ෂයක්....මේ තිස් ලක්ෂයකගේ දූවරැ හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සදහා ලැස්තිකරන රටක මිනිස්සු අපි. මේ දූෂකයො සමාඡයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරී සිටිම ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලැඡ්ඡා විය යුතුයි ‘‘.
මේ වනවිට ඇගේ ප්‍රඡාවාලා සංවිධානය විසින් ලිංගික ඡාවාරමි කරැවන්ගේ ග්‍රහණයෙන් බේරා ගත් දැරිවියන්ගේ ගණන 12,000 කි. සුනීතාගේ ප්‍රඡාවාලා සංවිධානය ගොඩ නැගී ඇත්තේ කුලුණු පහක් මතය. දුෂනයකින් බේරා ගැනීම, වැළක්විම , පුනරැත්ථාපනය, වින්දිතයාව මානසිකව ගොඩ නැගීම හා දූෂකයාට දඩුවමි ලබාදීම එම කුලුණුවෙයි...
ඇය විවාහවුයේ ඉන්දියාවේ තිරනාටක රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙක් වන රඡේෂ් වචීර්වර් සමගය ඔහු හා එකතුව ඇය නිෂ්පාදනය කල ඉන්දීය ගැහැණුන්ගේ ලිංගික සුරාකෑම විදහා දැක්වෙන චිත්‍රපටිය ‘‘ නා බන්ගාරැ ‘‘ ඉන්දියානු රාඡ්‍ය සමිමාන තුනක් දිනා ගත්තේය. 2003 දී ඇය ඉන්දීය රාඡ්‍යයෙන් කරබා නොසිට මේ දූෂණයට ලක්වූ වින්දිතයන් පුනරැත්ථාපනය කිරීමට හා වන්දි ලබාදීමට වහා මැදිහත් විය යුතුයැයි ඉල්ලා සිටියාය . ඒ අනුව ඉන්දීය රඡය කර්නාටක, උත්තර ප්‍රදේශ් , තමිල්නාඩු, දිල්ලි. බටහිර බෙංගාලය හා මහාරාෂ්ට ප්‍රාන්තයන් හි දූෂණයට ලක්වූවන් වෙනුවෙන් පුනරැත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා වින්දිතයන්ට වන්දි ලබාදීමේ කාර්යයයේ දැන් නිරත වෙයි. සුනීතා ක්‍රිෂණන් මේ වනවිට දූෂණයට එරෙහිව නිෂ්පාදනය කල චිත්‍රපටි ප්‍රමාණට 11 කි. ඇගේ දූෂණයට එරෙහිව නැගී සිට ඇය වින්දියන්ට කල අප්‍රමාණ සේවය වෙනුවෙන් මේ වනවිට ලැබූ ඉන්දියානු සහ ඡාත්‍යන්තර සමිමානවල එකතුව 49 කි... ඒවා මිනිසෙකුට ලැබිය හැති ඉහළම ශ්‍රේණියේ සමිමාන ද වෙයි.

==================================
සටහන - Upali Jayasinghe...

Thursday, September 20, 2018

දෙවියන් රැගෙන යන අභිරහස් අත් බෑග

 පුරාණ මැදපෙරදිග කළාපයේ ජීවත්වූ සුමේරියානුවන්, අකේඩියානුවන්, අසිරියානුවන්, සහ බැබිලෝනියානුවන් ඔවුන්ගේ දෙවිවරු හැඳින්වුයේ "අනුනකි" යන නමින් වන අතර, මෙම අනුනකි දෙවිවරුන් නිරූපණය කරන අවුරුදු දහස් ගණනක් පැරණි කැටයම් වල දෙවිවරු අත බෑගයක් වෙයි. එම ආකාරයේම අත් බෑග, සැතපුම් දහස් ගණනක් දුරින්, වෙනත් අයුරකින් කිවහොත් පෘථිවියේ අනෙක් අන්තයේ පිහිටි පුරාණ ඇමරිකානු කළාපයේ ජීවත්වූ මෙසොඇමරිකානු ශිෂ්ටාචාර ගණනාවක කැටයම් වලින් නිරූපණය කරන ලද ඔවුන්ගේ දෙවිවරු අතද දක්නට ලැබෙයි. තූර්කියේ ගොබෙක්ලි තෙපේ පෞරාණික නටබුන් වල ඇති කැටයම් වලද දක්නට ලැබේ. මින් අදහස් වන්නේ කුමක්ද? අහඹුවක් බවද?


එකම දෙය, සැතපුම් දහස් ගණනක් දුරින් ප්‍රදේශවලදී නිර්මාණය වී ඇත්තේ කෙසේද? වසර දහස් ගණනකට පෙර පෘථිවියේ ජනාවාසව තිබූ මෙම ශිෂ්ටාචාර අතර පවතින අසීමිත ආකාරයේ සමානකම් පැහැදිලි කළ හැක්කේ කෙසේ ද? මෙම දෙවිවරු ලොව සෑම තැනකම සංචාරය කළාද?

තවත් විශේෂත්වයක් වන්නේ සෑම දෙවි කෙනෙක්ම අර්ධ මනුෂ්‍ය ස්වභාවයෙන් නිර්මාණය කර තිබීම සහ, බොහෝ විට අත් ඔරලෝසුවක් වැනි යමක් පැළඳ සිටීමයි.






Monday, September 17, 2018

ගෙර්නිකා

"මෙම නිර්මාණය ඔබගේද?" එක් ජර්මානු යුධ හමුදා නිලධාරියෙක් පිකාසෝ ගෙන් ඇසුවේය. "නැහැ, එය ඔබගේ නිර්මාණයක් වෙයි" යන්න පිකාසෝගේ ක්ෂණික ප්‍රතිචාරය විය.

ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී බස්ක් ප්‍රදේශයේ පිහිටි ගෙර්නිකා නගරයට නට්සීන්ගේ ව්‍යසනකාරී ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පිකාසෝගේ ප්‍රතිචාරය වුයේ "ගෙර්නිකා" වන අතර එය නිසැකවම පිකාසෝගේ වඩාත්ම බලගතු දේශපාලන ප්‍රකාශය අඩංගු සිතුවම වෙයි.


යුද්ධයේ ඛේදවාචක සහ විශේෂයෙන්ම අහිංසක සිවිල් වැසියන්ට එල්ල කරන ලද දුක් වේදනාවල් ගෙර්නිකා පෙන්නුම් කරයි.

මෙම කෘතිය ග්‍රාම්‍ය හා උත්කර්ෂවත් සම්ප්‍රදායන් ඒකාබද්ධ කිරීමක් ලෙස දැකිය හැකිය. චිත්‍රය නිල්, කළු සහ සුදු යන පැහැයවල් වලින් යුක්ත වන අතර, උස මීටර් 3.5 ක් සහ දිගින් මීටර් 7.8 වේ. මෙම සිතුවම ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ්හි රෙයිනා සොෆියා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබේ

Wednesday, September 12, 2018

"මම නුජූඩ්, වයස අවුරුදු 10 යි, සහ දික්කසාදයි"


නුජූඩ් අලි (උපත 1998 දී), බලහත්කාර විවාහ සහ ළමා විවාහ වලට එරෙහි යේමන ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයකි. යේමනයේ ගෝත්‍රික සම්ප්‍රදායට එරෙහිව යමින් ඇය වයස අවුරුදු 10 දී සිය සැමියාගෙන් දික්කසාදය අත්පත් කර ගත්තාය. 2008 නොවැම්බරයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා සඟරාවක් වන "ග්ලැමර්", නුජූඩ් අලි සහ ඇගේ නීතිඥවරිය වූ ෂාඩා නසර් වසරේ කාන්තාවන් ලෙස නම් කරන ලදි. හිලරි ක්ලින්ටන් සහ කොන්ඩලීසා රයිස් ඇතුළු ප්‍රමුඛ කාන්තාවන් විසින් නුජූඩ්ගේ ධෛර්‍යය පැසසුමට ලක්කර තිබේ.

1964 දී උපත ලැබූ, නුජූඩ්ගේ නීතිඥවරිය වන ෂාඩා නසර්, මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක වන අතර, නුජූඩ්ගේ දික්කසාදයට පෙනීසිටීම නිසා බොහෝ ගෞරවයට පාත්‍ර විය. නුජූඩ්, ප්‍රංශ ජාතික මාධ්‍යවේදිනියක් වන ඩෙල්ෆින් මිනූයි සමඟ එක්වී, ඇයගේ ජීවිත අත්දැකීම් පිළිබඳව "මම නුජූඩ්, වයස අවුරුදු 10 යි, සහ දික්කසාදයි" යන නමින් පොතක් ලියා පළකලාය.

නුජූඩ් අලිගේ වයස අවුරුදු 9 ක් වනවිට ඇගේ දෙමව්පියෝ, වයස අවුරුදු 30 ඉක්මවූ ෆයිස් අලි තාමර් නම්වූ පුද්ගලයෙකුට ඇය විවාහ කර දුන්හ. නිරන්තරයෙන් ඇගේ සැමියා ඇය දූෂණය කළ අතර සැමියාගේ දෙමවුපියන්ගේ පහරදීම් වලට මුහුණ දීමට සිදුවිය. අවසානයේදී, විවාහ මංගල්‍යයෙන් මාස 2 කට පසු, 2008 අප්‍රේල් මස 2 වන දින, තම පියාගේ දෙවන භාර්යාවගේ උපදෙස් මත සැමියාගේ නිවසින් පැනගොස් සනා අගනුවර උසාවියට ​​පැමිණියාය. දීර්ඝ වෙලාවක් එහි රැඳී සිටීමෙන් අනතුරුව ඇය මොහම්මඩ් අල්-ගධා නම්වූ විනිසුරුවරයෙකුගේ අවධානයට ලක්වූවාය. නුජූඩ්ගේ තාවකාලික රැකවරණ සළසාදීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔහු ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළේය.

අත්අඩංගුවේ පසුවන සහ බන්ධනාගාරගතව සිටින කාන්තාවන් සඳහා සේවය සපයන නීතිඥවරියක වන ෂාධා නසර්, නුජූඩ් වෙනුවෙන් පෙනීසිටීමට එකඟ වුවාය.

ඒ වකවානුවේ යේමන නීතියට අනුව, විවාහය සඳහා කාන්තාවකට අවුරුදු 15 ක අවම වයසක් නියම කර තිබුනද, බාල වයසේ ගැහැණු දරුවන් විවාහ කරදීමටද එම නීතිය යටතේම දෙමවුපියන්ට ඉඩක් ලබාදී තිබුණි. ඒ, විවාහයෙන් පසුව "නිසි පරිදි සුදානම්" වනතෙක්, එම ළදරු මනාලියන් සමඟ ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීමට ස්වාමිපුරුෂයා එකඟ වන්නේ නම් පමණි, යන කොන්දේසියට අනුවය.

නසර් නීතිඥවරියගේ තර්කය වුයේද නුජූඩ් ගේ සැමියා එම විවාහ නීතිය උල්ලංඝනය කිරීමයි. වසර 3 සිට 5 දක්වා විරාමයකින් පසුව සිය සැමියා සමග නැවත පවුල් ජීවිතය ගත කිරීමට විනිසුරුවරයා කළ යෝජනාව නුජූඩ් තරයේ ප්‍රතික්ෂේප කළාය. 2008 අප්‍රේල් 15 දිනදී උසාවිය ඇයගේ දික්කසාදයට අවසර ලබාදුන්නේය.

නඩු විභාගයෙන් පසු නුජූඩ් ඇගේ පවුලේ සාමාජිකයින් සමග නැවත වාසයට පැමිණියාය. 2008 වර්ෂයේ ශරත් ඍතුවේදී නීතිඥවරියක් වීමේ අදිටනින් ඇය නැවත පාසලට යාම ආරම්භ කළාය. නුජූඩ්ගේ මතක සටහන් 2009 දී ප්‍රකාශයට පත් කරන ලද අතර, පොතේ ජාත්‍යන්තර අළෙවියෙන් උපයනු ලැබූ ආදායම ඇගේ පාසැල් අධ්‍යාපනය සඳහා යෙදවීමට අදහස් කරන ලදි. නමුත් ඇය නිතර පාසැලට නොගියාය. නඩු විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් යේමනය පිලිබඳ සෘණාත්මක ආකල්පයක් විදේශීය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා 2009 වසරේදී නුජූඩ් අලිගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලද අතර ඒ හේතුවෙන් ඇයට ඕස්ට්‍රියාවේ වියානා නුවර පැවති ලෝක කාන්තා සම්මාන උළෙල සඳහා සහභාගිවීමට නොහැකි විය. විදේශීය මාධ්‍ය ද, පොතෙන් ලැබෙන ආදායම ඇගේ පවුලේ අය වෙත පැමිණ තිබේදැයි ප්‍රශ්න කළහ.

2010 දී නුජූඩ්ගේ පවුල ඇගේ ප්‍රංශ ප්‍රකාශකයාගේ උපකාරයෙන් නව දෙමහල් ගොඩනැගිල්ලක වාසයට පැමිණි අතර බිම් මහලේ සිල්ලර සාප්පුවක් පවත්වාගෙන යමින් ජීවත් විය. මේ කාලය වන විට නුජූඩ් සහ ඇගේ බාල සොහොයුරිය පෞද්ගලික පාසලකට පූර්ණ කාලීනව සහභාගි වූහ. යේමන නීතිය යටතේ, අවුරුදු 18 ක් සම්පුර්ණ නොවූ නුජූඩ්ට ඍජුව මුදල් ගෙවීමට ප්‍රකාශකයින්ට නොහැකි වූ නිසා, ඇය සහ ඇගේ අධ්‍යාපන වියදම් වෙනුවෙන් ඇගේ පියාට මාසයකට ඩොලර් 1000 බැගින් ලබා දීමට එකඟ වූහ.

මෙම ග්‍රන්ථයේ ඉංග්‍රීසි භාෂාවේ පිටපත 2010 මාර්තුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී. නුජූඩ්ගේ දික්කසාදය ලොවපුරා ප්‍රචාරය වීම, ළමා විවාහයන් අවලංගු කිරීම සඳහා පුරෝගාමී වූ අතර, ඒ අතුරින් 2009 වසරේදී, ඩොලර් 13,000 ක මුදලක් සඳහා සෞදි අරාබියේ අවුරුදු 53 ක මැදිවියේ මිනිසෙකුට බලහත්කාරයෙන් විවාහ කරදුන් 8 හැවිරිදි ගැහැණු ළමයකුගේ දික්කසාදය වඩාත් ප්‍රචලිත විය.

2013 දී නුජූඩ් මාධ්‍යයට පැවසුවේ ප්‍රකාශකයින් විසින් ගෙවන ලද මුදල් වලින් වැඩි ප්‍රමාණයක් තම පියා විසින් රඳවාගෙන ඇති බවත්, ඇය සිය නිවසෙන් නෙරපා ඇති බවත්ය. එමෙන්ම, නුජූඩ්ගේ අධ්‍යාපනයට වැයකලයුතු වූ මුදලින් ඔහු නව බිරින්දෑවරු දෙදෙනෙක් සමග විවාහ වී තිබූ අතර ඇයගේ බාල සොහොයුරිය වන හයිෆා සඳහාද මහළු මිනිසෙකු සමග විවාහයක් සූදානම් කර තිබුණි. නුජූඩ්ගේ හිටපු සැමියා ඇයට මසකට වන්දි වශයෙන් ගෙවූයේ ඩොලර් 30 ක මුදලක් වෙයි.

2015 වසරේ ජූනි මස, 16 වන වියේ පසුවූ නුජූඩ් (තේරුම "සැඟවුණු") තම නම නොජූම් (තේරුම "අහසේ තාරකා") ලෙස නිළ නොවන ආකාරයෙන් වෙනස් කළාය.

ඇය 2014 දී විවාහ වී ඇති අතර දැන් ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටී. යම්කිසි හේතුවක් නිසා ඇය පාසැල් යාම ප්‍රතික්ෂේප කළ බැවින් ඇගේ අධ්‍යාපන මට්ටම ආරම්භයේ දී සැලසුම් කර තිබූ පරිදි ඉහළට ගෙනයාමට ඇය අපොහොසත් වුවාය.

Tuesday, September 11, 2018

ලොංයීර්බියන් : මරණය තහනම් නගරය

ලොංයීර්බියන් (Longyearbyen) නෝර්වේ සහ උත්තර ධ්‍රැවය අතරමැද පිහිටි ස්වාල්බාර් (Svalbard) දිවයිනෙහි පරිපාලන නගරයයි. 2015 සංගණනයට අනුව නගරයේ ජනගහණය 2,144 කි. ලොංයීර්බියන් නගරයේ මරණය සඳහා අවසර නැත. ඔබ දැඩි අසනීප තත්ත්වයකින් පසුවෙයි නම් හෝ මිය යමින් සිටින්නේ නම්, බලධාරීහු හැකි ඉක්මනින් ඔබ ප්‍රධාන භූමියට, එනම් නොර්වේ වෙත යවන අතර, ඔබ ලොංයීර්බියන් නගරයේදී මිය ගියේ නම්, කිසිවෙකු ඔබව එහි භූමදාන කරන්නේ නැත.

වසර 80 කට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අතර, 1918 සිට සුසානභූමිය වසාදමා තිබේ.


ලොංයීර්බියන් නගරයේ උෂ්ණත්වය -45°C ට වඩා පහළ අගයක් ගන්නා අතර පොළව වසර මුළුල්ලේම ඝන හිම තට්ටුවකින් වැසී පවතී. තහනමට පෙර, සුසානභූමියේ මළ සිරුරු තැන්පත් කිරීමෙන් අනතුරුව, එම සිරුරු කිසි දිනක දිරා නොයන බව අනාවරණය විය. සුසාන භූමියේ තැන්පත් කළ මළ සිරුරු හොඳින් සංරක්ෂණය වී තිබූ නමුත් ගැටළුව වූයේ ස්පාඤ්ඤ උණ වසංගතයේ සජීවී රෝගකාරකයින් එම සිරුරු තුල තිබී විද්‍යාඥයින් විසින් සොයාගැනීමයි.

ලොව පුරා මිලියන 500 ක පමණ පිරිසකට ආසාදනය වූ, මිලියන 50 -100 අතර පිරිසකගේ මරණ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි සැලකූ ස්පාඤ්ඤ උණ වසංගතය පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව ලෝකයෙන් තුරන්වී ගිය බවට විශ්වාස කරනු ලැබීය.

කෙසේවෙතත්, නූතන වෛද්‍ය විද්‍යාවේ අධ්‍යයනයන්ට ලක්වීමට පෙර ස්පාඤ්ඤ උණ වසංගත රෝග කාරකය සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව ගිය අතර මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් මේ දක්වා සොයාගෙන නැත. ලොංයීර්බියන් සොහොන්වලින් ලබාගත් සාම්පල ඇත්තවශයෙන්ම විද්‍යාඥයන්ට රෝගය මැඩපැවැත්වීම සඳහා සටන් කිරීමට නව අවස්ථාවක් ලබා දී ඇත.

ආක්ටික් කළාපයේ පිහිටි ලොංයීර්බියන් නගරය, වසර 100 කට ආසන්න කාලයක් තිස්සේ සිය සුසානභූමියේ සජීවීව පැවති ස්පාඤ්ඤ උණ වසංගත රෝග කාරකය පිළිබඳව කිසිවක් නොදැන සිටියේය. නගරයේ මරණය තහනම් කිරීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට හේතුව මෙය විය.

පාවෙන නගරය

ඉතාලියේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි වෙනීසිය හඳුන්වන නම් කිහිපයක් ඇති අතර, ඉන් එකක් වන්නේ "පාවෙන නගරය" යන්නයි. මේ හැඳින්වීමට හේතුපාදක වන්නේ වෙනීසිය, ඇල මාර්ග සහ පාලම් විශාල සංඛ්‍යාවක් මගින් එකිනෙකට සම්බන්ධ කුඩා දූපත් 118 ක් මත ඉඳිකර තිබීමයි. එහෙත්, වෙනීසියේ ඇති කිසිදු ගොඩනැගිල්ලක් දුපත් සමග ඍජු ලෙස සම්බන්ධ නොවේ. දුපත් වල සිටුවා ඇති දැව කුළුණු මත ගොඩනගා ඇති ලී වේදිකාවන්හි සියළුම ගොඩනැගිලි ඉඳිකර තිබේ.

වෙනීසියේ ආරම්භය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන ශතවර්ෂයේ දී බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසුව, උතුරු ප්‍රදේශයේ සිටි ම්ලේච්ඡ පිරිස් රෝම අධිරාජ්‍යයට කලින් අයත්ව තිබූ ප්‍රදේශ ආක්‍රමණය කිරීමත් සමගය. මෙම ආක්‍රමණ වලින් ගැලවීම සඳහා, ප්‍රධාන භූමියේ වාසය කළ වෙනීසියානු ජනයා කළපුව අසළ පිහිටි වගුරු බිම් වෙත පළාගිය අතර, ටෝර්චෙලෝ, ඊසොලෝ සහ මලමෝක්කෝ නමැති වැලි දූපත් වල රැකවරණය ලබාගත්හ. මෙම දූපත් ජනාවාස මුලදී තාවකාලික ස්වභාවයක් ගත් නමුදු, කල්ගත වෙත්ම වෙනීසියානුවන්ගේ ස්ථිර වාසස්ථාන බවට පත් විය.

ඔවුන්ගේ ගොඩනැඟිලි ශක්තිමත් පදනමක් මත ගොඩනැඟීම පිණිස, වෙනීසියානුවන් මුලින්ම දුපත් වල වැලි පොළව විද දැව කුළුණු සිටවූහ. ඒ කුළුණු මත දැව කුට්ටි සවිමත් ලෙස අතුරමින් වේදිකාවන් ඉඳිකළහ. අවසාන වශයෙන්, මෙම වේදිකා මත ගොඩනැඟිලි නිර්මාණය කළහ. 17 වන සියවසේ ලියන ලද ග්‍රන්ථයක වෙනීසියේ ඉදිකිරීම් ක්‍රියාවලිය සවිස්තරාත්මකව අඩංගු වන අතර, කුළුණු සහ වේදිකා සඳහා අවශ්‍ය වූ දැව ප්‍රමාණාත්මකව සඳහන් කර තිබේ.

මෙම ග්‍රන්ථයට අනුව, සන්ත මරියා ඩෙලා සලූතේ දේවස්ථානය ඉඳිකිරීමේදී මීටර් 4 ක් උසින් යුත් දැව කුළුණු 1,106,657 ක් නොගැඹුරු මුහුදු පතුළ තෙක් විද තිබෙන අතර, මෙම ක්‍රියාවලිය සම්පුර්ණ කිරීම සඳහා අවුරුදු 2 ක් සහ මාස 2 ක් ගත කිරීමට සිදුවිය. එමෙන්ම, ස්ලොවීනියාව, ක්‍රොඒෂියාව සහ මොන්ටිනිග්‍රෝ යන අසල්වාසී රටවල වනාන්තරවලින් සපයාගත් දැව ජල මාර්ග හරහා වෙනීසිය වෙත ප්‍රවාහනය කරන ලදි. මේ අනුව, මෙම කර්තව්‍යයේ පරිමාව අපට සිතාගත හැකි වෙයි.

ලෝහ සහ පාෂාණ වලට සාපේක්ෂව දැව දිගුකලක් නොපවතින හෙයින්, ආධාරක ව්‍යුහයක් ලෙස දැව භාවිතා කිරීම පුදුමයක් විය හැකිය. වෙනීසියේ දැව පදනමේ දිගුකාලීන පැවැත්මේ රහස වන්නේ ඒවා දිය යට පිහිටීමයි. දැව දිරායාම, දිලීර සහ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් නිසා සිදුවේ. වෙනීසියේ දැවමය ආධාරක දිය යට පිහිටා ඇති බැවින්, ඒවා ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් වායුවට නිරාවරණය වී නොමැත. මීට අමතරව, ලවණ සහිත මුහුදු ජලය නිරන්තරයෙන් දැව අධාරක සමග සම්බන්ධව තිබීම නිසා, කාලයක් ගතවීමේදී දැවයෙන් නිමවා ඇති ආධාරක ශෛලමය ව්‍යූහයක් බවට පරිවර්තනය කරයි.

අද වන විට, අසීමිත විදේශ ආක්‍රමණයන්ගෙන් වෙනීසිය ආරක්ෂා කරදුන් කලපුවම එහි පැවැත්මට ඇති ලොකුම තර්ජනය වී තිබේ. දේශීය වෙනීසියානුවන්ට නම් මුහුදු ජලයෙන් වෙනීසිය යටවීම අරුමයක් නොවේ. වඩදිය හේතුවෙන් මසකට වරක් මුහුදු ජල මට්ටම ඉහළ යන බැවින්, නගරයේ සමහර ප්‍රදේශ වතුරෙන් යටවීම සාමාන්‍ය සිද්ධියකි. එමෙන්ම, දැඩි සුළඟ, කුණාටු හා ගොඩබිම් ප්‍රදේශයේ දරුණු වැසි සහිත කාලගුණය හේතුවෙන්ද මුහුදු ජලයෙන් වෙනීසිය යටවීම සිදුවේ. කෙසේ වෙතත් මෑත කාලයේ මෙම තත්ත්වය සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. තවද, කාලගුණික විපර්යාස නිසා ඇතිවන මුහුදු මට්ටම ඉහළ යාමද නගරයට අනතුරු ඇඟවීම ආරම්භකර තිබේ. එබැවින් වෙනීසිය මුහුදේ ගිලී යාම වැළක්වීම සඳහා විසඳුම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. මෙම පියවරයන්ගෙන් එකක් වන්නේ Mo.S.E. (Modulo Sperimentale Elettromeccanico නැතහොත් පර්යේෂණාත්මක විද්‍යුත්යාන්ත්‍රික මොඩියුලය) ව්‍යාපෘතියයි. මේ අනුව ජලදොරටු 79 ක් ඉදි කිරීම මගින්, සාමාන්‍ය මුහුදු ජල මට්ටම මීටරයකට වඩා ​​ඉක්මවන විට කළපුව ඒද්‍රියාතික මුහුදෙන් වෙන්කෙරේ. කෙසේ වෙතත්, ඇතැම් අශුභවාදී නිරීක්ෂකයන් විශ්වාස කරන්නේ එවන් පියවරවල් සදහටම වෙනීසිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවත්, අවසානයේ වෙනීසිය, ඇට්ලාන්ටිස් දිවයින මෙන් මුහුදේ ගිළී යනු ඇති බවත්ය.




කාන්තාවන් පාලනය කරන ලෝකය: මාතෘමූලික සමාජ


1. මොසුඕ

ටිබෙට් දේශසීමාව අසල, යුනන් සහ සිශුආන් ප්‍රාන්තවල ජීවත්වන මොසුඕ ජනවර්ගය, බොහෝදුරට ලොව වඩාත් ජනප්‍රිය මාතෘමූලික සමාජයයි. චීන රජය විසින් නක්සි නමින් හැඳින්වෙන තවත් ජනවාර්ගික සුළුතරයක කොටසක් ලෙස වර්ගීකරනය කරනු ලැබූවද මෙම ජනවර්ග දෙකෙහි සංස්කෘතිය සහ භාෂාව යන දෙකම එකිනෙකට වෙනස් වෙයි.

මොසුඕ, පුළුල්වූ පවුල් වලින් සමන්විත වන අතර පවුලේ සියළුම සාමාජිකයෝ එක් විශාල නිවසක ජීවත් වෙති. සෑම නිවසකම ප්‍රධානියා මාතෘමූලික වෙයි. පරම්පරාව සැළකිල්ලට ගනුලබන්නේ පවුලේ ස්ත්‍රී පක්ෂයෙන් වන අතර, දේපල හිමිකාරීත්වය ස්ත්‍රී පාර්ශව අතර සිදුවේ. මොසුඕ කාන්තාවන් සාමාන්‍යයෙන් ව්‍යාපාරික තීරණ ගනුලබන අතර පිරිමින් ඉඩම් පාළන කටයුතු ඉටුකරයි. මවගේ වාසගමට හිමිකම් කියන දරුවෝ මවගේ නිවසේම ජීවත් වෙති.

මොසුඕ අතර විවාහ වීමේ සම්ප්‍රදායක් නොමැති අතර, "ඇවිදයන විවාහ" යනුවෙන් හැඳින්වෙන, සහකරුවන්ගේ නිවසට ගමන්කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි. යුවළ කිසිදු දිනක එක නිවසක වාසය කරන්නේ නැත. දරුවන් සැමවිටම මවගේ ආරක්ෂාව යටතේ වැඩෙන බැවින් දරුවන් කෙරෙහි පියාගේ කාර්යභාරය ඉතා අල්ප වෙයි. බොහෝ අවස්ථාවලදී දරුවන් පියා කවරෙක්ද යන්න නොදනී. ඒ අනුව පියාගේ දරුවන් හදාවඩා ගැනීමේ වගකීම සිය මවගේ නිවසටම පමණක් සීමා වෙයි.

2. මයිනංකබාඋ

මිලියන 4 කට ආසන්න, ඉන්දුනීසියාවේ බටහිර සුමත්‍රාවේ වාසය කරන මයිනංකබාඋ ජනවර්ගය, දැනට දන්නා පරිදි ලොව විශාලතම මාතෘමූලික සමාජයයි. සියළුම දේපළ මවගේ අවෑමෙන් දියණියට පැවරිය යුතුය යන ගෝත්‍රික නීතියට අමතරව, මයිනංකබාඋ සමාජයේ වැදගත්ම පුද්ගලයා මව ලෙස සැළකේ. මයිනංකබාඋ සමාජයේ ස්ත්‍රීන් සාමාන්‍යයෙන් ගෘහස්ත කටයුතු මෙහෙයවන අතර පිරිමින් දේශපාලනික හා ආධ්‍යාත්මික නායකත්වයේ භූමිකාවන් ඉටු කරති. කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම එම දෙපාර්ශවයන්ට අයත් එකී බලතල සමානව බෙදී ඇති බව සලකති.

විවාහය සමගම සෑම ස්ත්‍රියකටම ඇයට අයිති නිදන කුටියක් හිමිවෙයි. ස්වාමිපුරුෂයාට ඇය සමඟ නිදාගත හැකි නමුදු, ඔහුගේ මවගේ නිවසේ උදෑසන ආහාරය ගැනීම සඳහා උදෑසනින්ම බිරිඳගේ කුටියෙන් පිටත් විය යුතුය. වයස අවුරුදු 10 දී පිරිමි ළමුන් මවගේ නිවසින් ඉවත්වී පිරිමින් සඳහා වෙන්වූ නිවාසවල රැඳී සිටිමින් ඔවුන්ගේ ප්‍රායෝගික නිපුණතා සහ ආගමික කටයුතු ඉගෙන ගැනීම කළයුතු වෙයි.

ගෝත්‍රයේ නායකත්වය සෑම විටකම පුරුෂයෙකුට හිමි වුවද, නායකත්වයට පුරුෂයෙකු තෝරා පත් කරගැනීමේ අයිතිය කාන්තාවන්ට පමණක් හිමිවෙයි. තෝරා පත් කරගත් පුරුෂයා ඔහුගේ රාජකාරි නිසි අයුරින් ඉටුකිරීමට අසමත්ව ඇති බව හැඟී ගියහොත් ඔහු ඉවත් කිරීමේ අයිතියද කාන්තාවන් සතු වෙයි.

3. ඇකා

අප්‍රිකාවේ, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ සහ කොංගෝ හි වාසය කරන ඇකා ජනවර්ගයේ පිරිමින්, ලොව සිටින "හොඳම පියවරුන්" ලෙස සලකනු ලැබේ. මෙම පිග්මි පියවරු, ලොව අන් ඕනෑම ජන කොටසක පියෙකු සිය දරුවෙකු වෙනුවෙන් වැයකරන කාලය මෙන් 5 ගුණයක් සිය දරුවෙකු වෙනුවෙන් කැපකරති. ගැහැණුන් දඩයම් කටයුතු වල යෙදෙන අතර, පිරිමින් දරුවන් බලාගනිමින් ඉවුම් පිහුම් කටයුතුවල නිරත වේ. මව හෝ පියා කිසිදු මොහොතක සිය දරුවන් තනි නොකිරීමට වගබලා ගනිති. එමෙන්ම, මව හෝ පියා දරුවෙකුට පහරදීම, අඹුසැමියන්ගේ වෙන්වීමක මුලික අඩිතාලම වෙයි.

වඩා පුදුම සහගත කරුණ වන්නේ, මව අසළ නොමැති විටක ළදරුවෙකු බඩගින්නෙන් හඬන්නේනම්, ළදරුවාගේ හැඩීම නතර කිරීම සඳහා පියා සිය ළදරුවාට තනපුඩුව ලබාදීමයි.

4. ඛාසි

ඊසානදිග ඉන්දියාවේ මෙඝාලයා ප්‍රාන්තයේ වාසය කරන ඛාසි ජනවර්ගයට දියණියකගේ උපත උත්සවාකාරයෙන් සැමරීම සඳහා හේතුවක් වන අතර පිරිමි දරුවෙකුගේ උපත සරල කාරණයක් වේ. සාමාන්‍යයෙන්, පවුලේ බාලම දියණියට සියලු මුතුන්මිත්තන්ගේ දේපල උරුම වෙයි. යුවළකට දියණියක් නොමැති නම්, ඔවුන් ගැහැණු දරුවෙකු හදාවඩා ගැනීමට ලබා ගන්නා අතර තම සියළු දේපළ ඇය වෙත හිමි කර දෙනු ලැබේ. වර්තමානයේ මේ තත්වය බොහෝ ඛාසි පිරිමින් අතර අසන්තෝෂයට හේතුවී ඇති අතර ඔවුහු තම අයිතිවාසිකම් සුරැකීම සඳහා සමිති සමාගම් පිහිටුවමින් සිටිති.

5. ගරෝ

ඛාසි ජනවර්ගය මෙන්ම ඔවුන්ගේ අසල්වැසියන් වන, ටිබෙට්-බුරුම බස කතා කරන ගරෝ ජනවර්ගයේ දේපල අනුප්‍රාප්තිය මවගෙන් බාලම දියණියට නිතැතින්ම උරුම වෙයි. කෙසේ වෙතත්, අකාන් ජනවර්ගය මෙන්ම මාතෘ මූලික වුවද, සමාජ පාලනය හා දේපළ කළමනාකරණය පිරිමියා සතුවෙයි.

6. නාගෝවිසි

නාගෝවිසි ජනවර්ගය ජීවත් වන්නේ නිව් ගිණි හි බටහිර වෙරළ තීරයේ දකුණු බුගෙන්විල් දූපතේ වෙයි. නාගෝවිසි කාන්තාවන් නායකත්වයට හා උත්සවවල මූලිකත්වයට බැඳී සිටින නමුත්, ඔවුන්ට හිමිකම් ඇති භූමියේ වැඩකටයුතු කිරීම ඔවුන්ගේ අභිමානය වෙයි.

නිසි කල පැමිණි විට නාගෝවිසි කාන්තාව ගෙවතු වගාව හා ලිංගිකත්වය සමාන අයුරින් සළකයි. නීත්‍යානුකූල වීම අනිවාර්ය නොවන විවාහය කාන්තාවගේ කැමැත්ත පරිදි සිදුවේ. යුවලක් දිවා රෑ එකට දක්නට ලැබේ නම්, පිරිමියා කාන්තාවගේ වැඩ කටයුතු වලට සහය දෙමින් නිරතුරුව ඇය හා රැඳී සිටීනම් සියළුම අභිලාෂයන් හා අරමුණු අනුව ඔවුන් විවාහක බවට සලකනු ලැබේ.


Thursday, September 6, 2018

මොසාඩ්

මොසාඩ් (තේරුම: 'ආයතනය') යනු, "බුද්ධි සහ විශේෂ මෙහෙයුම් ආයතනය" යන අර්ථය ඇති "HaMossad leModiʿin uleTafkidim Meyuḥadim" සඳහා භාවිතා කරන කෙටි යෙදුමයි. එය ඊශ්‍රායලයේ ජාතික බුද්ධි ආයතනයයි. එය ප්‍රධාන ඊශ්‍රායල් බුද්ධි අංශ 3 න් එකක් වන අතර, අනෙක්වා අමාන් (මිලිටරි බුද්ධි අංශය) සහ ෂින් බෙට් (අභ්‍යන්තර ආරක්ෂාව) වෙයි. මොසාඩ්, 1949 දෙසැම්බර් 13 දින, "සම්බන්ධීකරණ මධ්‍යම ආයතනය" යන නමින් ආරම්භ කරන ලදි.

ඊශ්‍රායලය ස්ථාපිත කිරීමට පෙර, එහි දේශපාලනික හා ආරක්ෂක කටයුතුවලට ගැඹුරින්ම මැදිහත් වී සිටි රූවන් ෂිලොවා මොසාඩ්හි ප්‍රථම අධ්‍යක්ෂවරයා ලෙස පත්විය. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ CIA හා බ්‍රිතාන්‍යයේ MI6 වැනි බටහිර බුද්ධි නියෝජිත ආයතන සමඟ හොඳ සබඳතා පවත්වා ඇති බව ප්‍රසිද්ධ කරුණක් විය.

බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, රහසිගත මෙහෙයුම් සහ ප්‍රති-ත්‍රස්තවාදය සඳහා මොසාඩ් වගකිව යුතුය. රජය හා මිලිටරියට සාපේක්ෂව, මොසාඩ්හි ඉලක්ක, ව්‍යූහය හා බලතල, ඊශ්‍රායලයේ මූලික නීති පද්ධතියෙන් නිදහස් කර තිබේ. කෙසේ වෙතත්, එහි ක්‍රියාකාරීත්වය කිසි විටෙක ප්‍රකාශයට පත් කර නැති රහසිගත ක්‍රියාමාර්ගවලින් සිදුවෙයි. මොසාඩ් අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයාට පමණක් පිළිතුරු දීමට බැඳී සිටියි.

මොසාඩ්හි ප්‍රති-ත්‍රස්තවාදී ඒකකය කිඩොන් (Kidon) ලෙස හැඳින්වේ. කිඩොන්, මොසාඩ්හි දෙපාර්තමේන්තු 8 න් එකක් වන කේසරියා (Caesarea) දෙපාර්තමේන්තුව යටතට වැටෙයි. කිඩොන්, විශේෂඥ ඝාතකයින් පිරිසකගෙන් සමන්විත ඉතා ඉහළ මට්ටමේ ඒකකයක් වෙයි. මෙම අභිරහස් ඒකකය පිළිබඳව තොරතුරු බොහෝ දෙනා නොදන්නා අතර, ඒවා ඊශ්‍රායල බුද්ධි අංශය තුල වඩාත් ආරක්ෂිත රහස් පමණක් ලෙස විස්තර වේ. එයට බඳවාගන්නේ ඊශ්‍රායල් ආරක්ෂක බලකායේ සේවය කළ පිරිමි සහ කාන්තා සොල්දාදුවන්ගෙන් තෝරාගත් පිරිසකි. මෙම ඒකකය ඊශ්‍රායලයේ මිනීමැරුම් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස හැඳින්වෙන අතර, එය බටහිර රටවල් ඇතුළුව වෙනත් ඕනෑම රටක ප්‍රතිපත්තියකට වඩා භාවිතා කළ ප්‍රතිපත්තියක් ලෙස සැලකේ. වෙනත් අයුරකින් කිවහොත්, අවම වශයෙන් ඝාතන 2,700 ක මෙහෙයුම් සඳහා වගකිවයුත්තේ කිඩොන් ඒකකය වෙයි.

කිඩොන් කොතරම් රහසිගතදැයි පැවසුවහොත්, බොහෝ මොසාඩ් සාමාජිකයින් පවා කිඩොන් ඒකකයේ ක්‍රියාකාරීන් පිළිබඳව නොදන්නා බව පැවසේ.

මොසාඩ් වඩා ප්‍රසිද්ධියට පත්වූයේ ජර්මනියේ මියුනික් නගරයේදී ඊශ්‍රායල ඔලිම්පික් කණ්ඩායමේ මළල ක්‍රීඩකයන් 11 දෙනෙකු ඝාතනය කළ ඝාතකයින් සෙවීම සඳහා දියත්කළ "දෙවියන්ගේ උදහස" මෙහෙයුම නිසාවෙනි. මොසාඩ් හි පළිගැනීමේ මට්ටම කොතෙක්ද කිවහොත්, වසර 10 ක් ඇතුළත මියුනික් ඝාතන සඳහා පිඹුරුපත් සකස්කළ මහමොළකරුවන් සියළුදෙනා වනසා දැමූහ. ප්‍රධාන මොළකරුවා වූ පලස්තීන ජාතික වයල් ස්වෙයිතර් රෝමයේදී ඝාතනය කළේ, එක ක්‍රීඩකයෙක් වෙනුවෙන් එක උණ්ඩයක් බැගින්, ඔහුගේ සිරුරට වෙඩි උණ්ඩ 11 ක් ඇතුළු කිරීමෙනි. උණ්ඩ 11 න් 7 ක් ඔහුගේ හිස තුල විය. එය මොසාඩ් හි පළිගැනීමේ ආකාරය වෙයි.

මොසාඩ් තීරණාත්මක භූමිකාවක් ඉටුකල ඊලඟ මෙහෙයුම වන්නේ "එන්ටෙබේ මෙහෙයුම" වෙයි. ටෙල් අවිව් සිට පැරීසිය බලා පියාසර කළ ගුවන්යානයක් පැහැර ගත පලස්තීන සහ ජර්මානු ත්‍රස්තවාදී කණ්ඩායමක්, ඊශ්‍රායලයේ සහ තවත් රටවල් කිහිපයක අත්අඩංගුවේ පසුවූ සිය සගයන් නිදහස් කරන ලෙස තර්ජණය කළහ. සියළුම යුදෙව් ජාතික මගීන් හා කාර්ය මණ්ඩලය රඳවා ගත් අතර සෙසු මගීන් නිදහස් කරන ලදි.

මොසාඩ් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා සම්මුඛ සාකච්ඡාවට ලක් කළ අතර, ලබාගත් තොරතුරු සතියක් තිස්සේ විශ්ලේෂණය කිරීමෙන් පසු, අවසානයේ සාර්ථක වූ සැලැස්මක් විනාඩි 90 ක් තුල ක්‍රියාත්මක කිරීමට සමත් වූහ. එන්ටෙබේ මෙහෙයුමේ වීරයා වන්නේ, එම මෙහෙයුමේදී මියගිය යොනතන් නෙතන්යාහු වන අතර, ඔහු වර්තමාන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහෝදරයා වෙයි.

ඔවුන්ගේ ප්‍රධාන සතුරු රටවල් වන ඉරාකය, සිරියාව සහ ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙල අස්ථාවර කිරීම මොසාඩ් හි ඉතා තීරණාත්මක කාර්යභාරයක් වෙයි. මොසාඩ් රහස් ඔත්තු සේවයේ ඉහළ පෙළේ ඔත්තු බැලීම් හේතුවෙන් එය ඉරාකයේ සදාම් හුසේන් ගේ න්‍යෂ්ටික මෙහෙයුම් බෝම්බ දමා විනාශ කිරීමට ඊශ්‍රායලය සමත් විය.

2002 වසරේදී මෙයර් ඩේගන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන විට මොසාඩ් දැඩි මතභේදයට පත්විය. ඩේගන් ගේ ඔත්තු බලන්නන් පසමිතුරු රටවල් තුල ඉතා ක්‍රියාකාරී වූ අතර, සිරියානු සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳව අනාවරණය කළහ. උතුරු කොරියාවේ සේවය කළ සිරියානු න්‍යෂ්ටික විද්‍යාඥයෙකුගෙන් තොරතුරු ලබාගත්තේ මොසාඩ් ඔත්තු බලන්නියක් ඔහු ලිංගික ආශ්‍රයකට පොළඹවා ගැනීමෙනි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වසර 10 කින් පමණ ප්‍රමාදවීම පිටුපස ප්‍රධානතම හේතුව මොසාඩ් වෙයි. ඊශ්‍රායලයේ පැවැත්ම සඳහා මොසාඩ්, ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් 6 කට වැඩි පිරිසක් ඝාතනය කරන තිබේ. මොසාඩ් නොතිබුනා නම්, 2005 වසර වනවිට ඉරානය, ලොව න්‍යෂ්ටික බලවතා වීමට ඉඩ තිබූ බව සඳහන් වේ. නමුත්, මොසාඩ්ට ස්තූති වන්නට ඉරානය අද දක්වාම න්‍යෂ්ටික බලයෙන් තොර වෙයි. මොසාඩ් ඔත්තු බලන්නන් ඉරානය තුල කෙතරම් බලවත් වූවාද කිවහොත්, ඉරාන ජාතික විද්‍යාඥයන් පවා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීමට පසුබටවූ බව පැවසේ.

2011 වසරේ දී ඩේගන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ විට, ඊශ්‍රායලය සහ මොසාඩ් දැඩි ලෙස විවේචනය කළ සුප්‍රසිද්ධ ඊජිප්තු ජාතික පුවත්පත් වාර්තාකරුවෙකුගේ "ඩේගන් නොමැතිව" යන සිරස්තලය යටතේ පළවූ ලිපි දැකීමෙන් ඊශ්‍රායල ජාතිකයෝ පුදුමයට පත්වුහ. සමහර පුවත්පත් ආයතන, ඩේගන් "ඊශ්‍රායලයේ සුපිරි මිනිසා" ලෙසද හැඳින්වීය.

මොසාඩ් ඔවුන්ගේ ඝාතන ක්‍රමයන් සඳහා ප්‍රසිද්ධ වේ. ඔවුන්ගේ සතුරන් මරාදැමීම සඳහා නවීන වස විස සහ විකිරණශීලී ද්‍රව්‍ය පිළිබඳව ඔවුහු නිරන්තරයෙන් පර්යේෂණය කරති. මෙම කාර්යය සඳහා පමණක්ම ඔවුන්ට පර්යේෂණ ඒකකයක් ඇති බව පැවසේ. මොසාඩ් විසින් චුම්බක බෝම්බයක් භාවිතයෙන් ඉරානයේ විද්‍යාඥයෙකු ඝාතනය කළ අතර, පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරෆත් මරා දැමීම සඳහා ඔහුගේ දත් බුරුසුවට විකිරණශීලී පොලෝනියම් යෙදූ බවට අදටද චෝදනා කෙරේ.

අද වනවිට මොසාඩ් ඔවුන්ගේ සතුරන් ඝාතනය කිරීම පිලිබඳව ප්‍රසිද්ධියට පත් වුවත්, 1956 දී මොසාඩ් අධ්‍යක්ෂක ඉසර් විසින් යුරෝපයේ සේවය කළ, ද්විත්ව නියෝජිතයෙකු ලෙස සෝවියට් දේශයට ඔත්තු සැපයූ මොසාඩ් නියෝජිතයෙකු මරාදැමීමට නියෝගයක් ලබාදීම, මොසාඩ් විසින් නිකුත්කළ මුල්ම "ඝාතන බලපත්‍රය" ලෙස සැලකේ.



Monday, August 6, 2018

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැති ගම්මානයකට පුරා වසර 36 වෙහෙස වී තන්ජ් කලුගල් කන්දක ඇලක් කපා ඒ දිගේ ගමට ජලය ගෙන ගමටම ජලය හිමි කරදුන් එක් විශිෂ්ඨයකු පිලිබද චීනයෙන් වාර්ථා වනවා..චීනයේ ඩේෂූ පලාතේ හුවාන් ඩාපා නම් ගම්මානය පානීය ජලය අහිමිව සියවස් ගණනාවක් පුරා පීඩා විදි මිනිසුන් සිටි ගම්මානයක් ..නමුත් මෙම ගමට ඉහලින් පාෂාණ කදු තුනක් පැවති අතර එහි අවසාන කදු මුදුනේ පිරිසිදු ජලය පිරි විශාල ජලාශයක් පැවතියා..


ගම්මානයේ සිට කි.මී 10 පමණ දුරට වන්නට මෙම ජලාශය කදු මුදුනේ පිහිටි බැවින් එයින් ජලය ලබා ගැනීමට කන්ද තරණය කිරීමට ගම්මුන්ට සිදු වුනා..එය අතිශයින් දුෂ්කරවූත් වෙහෙසකාරී වූත් අවධානම් සහගත වූත් ගමනක්..වතුර පනිට්ටුවක් ලබාගැනීමට වුවද කි.මී 10 දුර ගෙවා කන්ද නැග බැසීමට මෙම අසරණ ගැමියන්ට සිදුවුනා..

නමුත් මීට වසර 36 කට පෙර විශිෂ්ඨ මිනිසකු තම ගමට ජලය ලබා ගැනීමට ඉතා වෙහෙසකාරී උත්සහයක නියැලෙන්නට උනා.. මෙය ඵල රහිත ක්‍රියාවක් ලෙස ගම්මුන් මොහුට උසුලු විසුලු කිරීමට පටන් ගත්තා...යූ ගෝන් නම් ඔහු පලමු කදු පන්තියේ පහල කොටසේ සිට ගල් කදුවැටිය හරහා කානුවකට සමාන අගලක් කනින්නට පටන් ගත් අතර ක්‍රම ක්‍රමයෙන් එය තුන්වන කන්ද කරාම සකස් කර කානුව කනින්නට ඔහුට ගතවූ සම්පූර්ණ කාලය වසර 36 ක් තරම් දීර්ඝ වුවා.එතෙක් මෙතෙක් කාලයක් තිස්සේ කිසිම වෙනත් පුද්ගලයකුගේ උපකාරය ලබා නොගන්නට වගබලා ගත්තා..

වසර 36 කට පසු තුන්වන කන්දේ ජලාශයටම සම්බන්ධ කානුවක් පහල ගම්මානය කරා නිම කරන්නට ඔහුට හැකිවුනා..ඇතම් තැන් වල ඔහු සිමෙන්ති යොදා පිලිසකර කලා..අවසානයේ ජලාශයේ සිට ගම්මානය දක්වා පිරිසිදු ජලය ගම්මානය කරා ගෙන එන්නට ඔහුට හැකිවුනා..එන ජලය රැස්කරගැනීමට ගම්මානය කෙලවර ඉදිකල කුඩා ජලාශයක් හරහා වතුර එක් රැස්කර මුලු ගමටම පානීය ජලය ලබාදීමට යූගෝන් කටයුතුකලා.පලලින් කුඩා වුවද දිගින් කි.මී 7. හමාරකටත් වඩා දිගින් යුත් මෙම ඇල මාර්ගය පාශානයෙන්ම කැන සිමෙන්තියොදා සැකසීමට මෙම විශිෂ්ඨ මිනිසා තනිව කටයුතු කලා 1956 ආරම්භ කල මෙය 1995 වසරේ අවසන් කිරීමට යූගෝන්ට හැකි වූවා. පසුකලක මෙම දිය අගල පරීක්ශා කල විද්වතුන් පැවසූවේ එය සාමාන්‍ය මිනිසකු ඉදිකල එකක් බවට විශ්වාස කිරීමට නොහැකි බවයි..
එමෙන්ම කි.මී 7 හමාරක් දිට කි.මී තුනකට වඩා උසකට මෙවන් පාශාන අගලක් තනිව නිර්මාණය කිරීම සිතාගැනුමට නොහැකි බව ඉංජිනේරුවන් පවසනවා..මෙම කුඩා ගම්මානය ඉන්පසු පානීය ජල අර්බුධයකට කිසිදාක ලක් නොවුනු අතර අද අවුරුදු 85 ක් වන යූගෝන් නම් ඒ පුංචි මිනිසා එම ගම්මානයේ මිනිසුන්ගේ සිත් තුල අමරණීය මිනිසකු වූවා..




Thursday, July 26, 2018

කොකා-කෝලා, රසායනික සංයෝග අඩංගු වූ එකම සෝඩා පානය නොවේ.

අවුරුදු 85 කට පෙර නිර්මාණය කරන ලද ලෙමන් සහ දෙහි රසැති 7-Up හි මුල් නාමය වුයේ "Bib-Label Lithiated Lemon-Lime Soda" යන්නයි. එහි සාමාන්‍ය තේරුම වන්නේ "බෝතල් බඳෙහි ලේබලය ඇති ලිතියම් අඩංගු දෙහි-ලෙමන් රසැති සෝඩා" යන්නයි. මනුෂ්‍යන් සඳහා ලිතියම් අඩංගු රසායනික ලවණ වර්ග යොදාගන්නේ මනසේ ඇතිවන ව්‍යාකූළතා සමනය කිරීම පිණිස වෙයි.

භූගතව ඇති ලිතියම් අඩංගු ලවණ වර්ග ද්විපාක්ෂික සංකූලතාවයට (bipolar disorder) මෙන්ම මානසික අවපීඩනයට (depression) ප්‍රතිකාර කිරීම සඳහා දිගු කාලයක් තිස්සේ භාවිතා කරයි. මනෝ චිකිත්සකයෙකු හා කොර්නෙල් විශ්ව විද්යාලයේ මහාචාර්යවරියක වන ඇනා ෆෙල්ස් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පට සපයන ලද ලිපියකට අනුව, බොහෝ විට පොර්සිලේන් බඳුන්, වීදුරු සහ බැටරි තැනීම සඳහා යොදාගන්නා ලිතියම් අඩු මාත්‍රා වලින් පාණීය ජලය සමග ලබා දුන්විට මිනිසුන්ගේ සියදිවි නසා ගැනීම්, මිනී මැරුම් සහ ලිංගික දූෂණය සඳහා ඇති ප්‍රවණතා අඩුවන බව පවසන්නීය.


ලිතියම් සිට්රේට් අඩංගු මනස වෙනස් කිරීමේ ප්‍රතිඵල සහිත 7-Up සඳහා වෙළඳ පොළේ වැඩිම ආකර්ෂණයක් හිමි විය.

එහෙත්, වදන් 6 කින් සමන්විත දීර්ඝ සන්නාමයකින් යුත් ප්‍රසිද්ධ සෝඩා පානය නිෂ්පාදනය සඳහා එවකට සිටි තරඟ කරුවන් 600 කට වඩා නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවිය. නොබෝ කලකින් එහි නිෂ්පාදකයා වූ චාර්ල්ස් එල්. ග්‍රිග් එය 7 Up ලෙස නම් කළේය.

නමේ සම්භවය පිළිබඳව න්‍යායන් එකිනෙකට වෙනස් වේ. වඩාත්ම තර්කානුකූල පැහැදිලි කිරීම නම් "7" යන්නෙන් අදහස් කරන්නේ නමේ සඳහන් පරිදි සෝඩා පානය සෑදීම සඳහා යොදාගත් ද්‍රව්‍ය 7 වෙයි; කාබනීකෘත ජලය, රසකාරක, සීනි, පැඟිරි තෙල්; සිට්‍රික් ඇසිඩ්; සෝඩියම් සිට්‍රේට් සහ ලිතියම් සිට්‍රේට් වෙයි.

1948 දී ලිතියම් සිට්‍රේට් භාවිතය රජය විසින් තහනම් කිරීමෙන් පසු එය 7-Up වට්ටෝරුව තුළින් ඉවත් කළ බව සඳහන් වෙයි.


Sunday, July 22, 2018

රන්වන් හස්තය සහිත මිනිසා

1936 දෙසැම්බර් 27 වන දින උපත ලැබූ, ඕස්ට්‍රේලියානු රාජ්‍ය සම්මානලාභී ජේම්ස් ක්‍රිස්ටෝෆර් හැරිසන්, රන්වන් හස්තය සහිත මිනිසා ලෙසද හැඳින්වේ. ඔහුගේ අසාමාන්‍ය සංයුතියක් ඇති රුධිර ප්ලාස්මාව රීසස් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට ඉවහල් වෙයි. ඔහු සිය ජීවිත කාලය පුරාවට පරිත්‍යාග 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් කර ඇති අතර, මෙම පරිත්‍යාග රීසස් රෝගයෙන් පෙළුන නූපන් දරුවන් මිලියන 2.4 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බේරා ඇත. 2018 මැයි මස 11 වන දින ඔහුගේ 1173 වන, එමෙන්ම අවසාන පරිත්‍යාගය කල අතර ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රතිපත්තියට අනුව වයස අවුරුදු 81 කට වඩා වැඩි පුද්ගලයෙකුගෙන් රුධිර පරිත්‍යාග ලබාගැනීම තහනම් වෙයි.


හැරිසන්ගේ වයස අවුරුදු 14 දී, ඔහුගේ පපුවේ බරපතල ශල්‍යකර්මයක් සිදු කළ අතර, රුධිරයේ ලීටර් 13 ක් අවශ්‍ය විය. ශල්‍යකර්මයෙන් පසුව ඔහු මාස ​​3 ක් රෝහලෙහි සිටියේය. තම ජීවිතය බේරා දුන්නේ රුධිරය බව වටහා ගත් ඔහු අනුන්ගේ ජීවිත බේරීම සඳහා තමාද රුධිරය පරිත්‍යාග කරන බවට ඉටා ගත්තේය. එකල පැවති නීතියට අනුව, වයස අවුරුදු 18 ක් සම්පුර්ණ කිරීමෙන් පසු ඔහු රුධිරය පරිත්‍යාග කිරීම ආරම්භ කළේය.

හැරිසන් 1954 දී පරිත්‍යාග කිරීම ඇරඹූ අතර පළමු පරිත්‍යාග කිහිපයෙන් පසුව, ඔහුගේ රුධිරයේ D Rh කාණ්ඩයේ ප්‍රතිදේහජන්‍යයට ප්‍රබල ලෙස ඔරොත්තුදෙන ශක්තිමත් හා ස්ථීර ප්‍රතිදේහ අඩංගු වන බව අනාවරණය විය. මෙම ප්‍රතිදේහ වැඩිදියුණු කිරීමෙන් පසු, Rh (D) සෘණ මව්වරුන්ගේ Rh (D) ධන ළදරුවන් මෙන්ම Rh (D) සාධකය හඳුනා නොගත් ළදරුවන්ගේ ඇතිවන මරණීය සංකුලතා සඳහා ඝර්භනී කාලයේදී මෙන්ම උපතින් පසුවද ප්‍රතිකාර කිරීමට යොදාගනියි.

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි ඔහුගේ පරිත්‍යාගයන් හි අඩංගු ප්‍රතිදේහ හේතුවෙන්, ඔහුගේ දියණිය වන ට්‍රේසි ඇතුලුව ගර්භනී කාන්තාවන්ගේ ළදරුවන් මිලියන 2.4 ක ජීවිත බේරා ගැනීමට සමත් වී ඇත.

රුධිර ප්ලාස්මාව, රුධිරයට සාපේක්ෂව සති 2 කට වරක් වැනි කෙටි කාලයකින් නැවත පරිත්‍යාග කළ හැකි අතර, 2011 මැයි මාසයේ දී සිය 1000 වැනි පරිත්‍යාගය ලබා දීමට ඔහුට හැකි විය. මෙය වසර 57 ක් තුළ සෑම සතියකට වරක් එක් පරිත්‍යාගයක් ලබා දීම හා සමාන වෙයි.

Monday, July 16, 2018

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra ....

 ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප‍්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප‍්‍රවාදයක් බවත්ය.

චුපකාබ්රා කියන්නේ කාටද ?
‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත‍්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ ‘චුපකාබ්රා’ කියලයි.

චුපකාබ්රාගේ හැඩරුව
ලතින් ඇමෙරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බියක්. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කර ඇත්තේ. මේ සත්වයා ප‍්‍රමාණය කුඩා වලහෙක් වගෙයි. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පසුපස සිට වලිගය කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා උරගයෙක් වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතුවලින් පිරිලා. දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස අඩි මීටර 1 හෝ 1.2 ක් විතර ඇති. මේ සතාට දෙපයින් යනවා වගේ ම කැන්ගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක් වරක් අඩි 20 ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන්. සමහරුන් කියන විධියට මෙම සත්වයාගේ මුහුණ මනුෂ්‍යයෙකුගේ වගෙයි. ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප‍්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මෙම සත්වයාට ඇත්තේ බල්ලකු සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක් ද උල් දත් ද ඇති බව තවත් සමහරුන් කියනවා. බියට පත් වූ විට සර්පයකු මෙන් පිඹිනවා. ඒ වගේ ම ඇඟ කිළිපොලා යන තරමේ කෑ මොර දීමක් කරනවා. ඉන්පසු ඌ ගෙන්දගම් ගඳ වැනි සැර අමිහිරි ගඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චුපකාබ්රා කෑ මොර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැයෙන් දිලිසෙන්නට පටන් ගන්නවා. එය දකින්න අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව නම් චුපකාබ්රාට වවුලකුගේ මෙන් සමින් සැදුණු පියාපත් යුගලයක් ද තියෙනවා.

අතීත තොරුතුරු
ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් ‘චුපකාබ්රා’ ගැන තොරතුරු ප‍්‍රසිද්ධ වීමට කලින් මුලින්ම ‘චුපකාබ්රා’ ගැන තොරතුරු අසන්ට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රීකෝ නුවරිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් නුවර සිට ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබී තියෙනවා. චුපකාබ්රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවර්ටෝ රීකෝවලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවකුගේම පපුව මැද උල් දත් පාරවල් වැනි සිදුරු තුනක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ.

මෝකා නුවරට ආ වැම්පයරයා
1995 වසරේ පුවර්ටෝ රීකෝවලින් වාර්තා වූ බැටළු ඝාතනය හා උන්ගේ ලේ උරාබීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ව විද්‍යාඥයින්ට දැන ගන්න ලැබුණා 1975 වසරේදී මෝකා නම් කුඩා නගරයක සිදුවූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ ‘මෝකා වැම්පයර් භීෂණය’ කියලයි. ගොවිපළ ගණනාවකින් වාර්තා වුුණා ඔවුන්ගේ ගොවිපළ සතුන් කිහිප දෙනකුම හිටිහැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේ දී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත් පාරවල් දැකිය හැකි වුණා. හරියට වැම්පයරයෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා, මෙම සිද්ධිය සාතන් අදහන කල්ලියක් විසින් සිදු කළ බිලි පූජාවක් බව.

චුපකාබ්රා දුටු බවට අලූත්ම වාර්තා
1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්රා ගැන විටින් විට අපූරු වාර්තා ලැබී තියෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුනත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්රා සම්බන්ධව ලැබුණු වාර්තා අතුරින් වැදගත් සිදුවීම් කිහිපයකි, මෙහි දැක්වෙන්නේ.

ලෝම හැලූණු කයෝටි නරි
2004 වසරේ ජූලි මාසයේදී සැන් ඇන්තෝනියෝ නම් ගොවිපළ හිමියාගේ ගොවිපළේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැළීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසය වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලූණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.

රුසියාවෙන් චුපකාබ්රා හමුවේ
2006 වසරේ අප‍්‍රියෙල් මාසයේ ‘මොස්නිව්ස්’ පුවත්පතේ පළ වුණා, ප‍්‍රථම වතාවට රුසියාවෙන් චුපකාබ්රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත් පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපළ සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරා බොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාති‍්‍රයේ ගොවිපළක සිටි කළුකුම් 32 දෙදෙනෙක්ම මරා උන්ගේ සිරුරුවලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂි අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප‍්‍රදේශය පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා.

දිගු උල් දත් ඇති කෘදන්තයෙක්
2006 වසරේම ඇමෙරිකාවේ මේන් ජනපදයේ ටර්නර්හි මිචෙල් ඕඩොනල් කියා තියෙනවා ඇය පාරේ යමින් සිටියදී නපුරු පෙනුමකින් යුත්, කෘන්තකයකුගේ මෙන් දිගු උල් දත් දෙකක් ඇති නපුරු පෙනුමකින් යුත් සත්වයකු මාර්ගය අසළ මැරී සිටිනු දුටු බව. මේ සත්වයා මිය ගොස් සිටියේ වාහනයක හැපීමෙනි. සතා හරියටම මොකෙක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටි අතර උගේ ඡායාරූප ලබා ගැනුණා. ඒ අනුව බල්ලෙකු වැනි සතෙක් බව පැහැදිලි වුණා. ඒත් මේ සත්වයා ඒ පළාතේ වෙසෙන බල්ලකු හෝ වෘකයකු නොවන බව තහවුරු වුණා. බැලූ බැල්මට බල්ලකු ලෙස පෙනුණත් ඌ ගවයකුගේ හා බල්ලකුගේ මිශ‍්‍රණයක් වැනියැයි එම වාර්තාවල සඳහන් වෙනවා. මේ සත්වයාගේ මළ සිරුර ගිජුලිහිණියන්ගේ ආහාරයට පත් වීම හේතුවෙන් නිසි ලෙස පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.

බැටලූවන් 300 ක් මරා දමයි
බැටලූවන් 300 ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොයාකා පළාතෙන් වාර්තා වී ඇත. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වයෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට භාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා නොවේ.

කැනියන්ට හමුවුණේ අළු හිවලෙක්
2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලීස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදියේ සතකුගේ මළ සිරුරක් හමුවුණා. කැනියන් මේ සතාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා ඞී.එන්.ඒ. පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපළේ කුකුළන් මරා උන්ගේ ලේ බී චුපකාබ්රා මේ සත්වයා බවයි. ඒත් 2007 නොවැම්බර් මාසය වෙද්දී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදුකළ ඞී.එක්.ඒ. පරීක්ෂණවලින් ඔප්පු වුණා කැනියන්ගේ චුපකාබ්රා අන් කවරකුවත් නොව තවත් ලොම් හැලී යාමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව.

චුපකාබ්රා පිලිපීනයෙනුත් ?
ලේ උරාබොන චුපකාබ්රාවකු ගැන පිලිපීනයෙනුත් වාර්තා වෙනවා. ඒ 2008 වසරේ ජනවාරි 11 වැනිදාය්. මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ පිලිපීනයේ කැපීස් පළාතෙනුයි. කැපීස් පළාතේ වැසියන් දැක තියෙනවා, රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ ගොවිපළවලට ඇවිත් කකුළන්ට පහර දී මරා දමා ලේ බොන බල්ලෙකු වැනි සත්වයෙක්.


Tuesday, July 10, 2018

උතුරු කොරියානු නායකයාගේ දුවන ආරක්ෂක භටයෝ

ලිබියාවේ හිටපු ආඥාපති ජනාධිපති මුවම්මර් ගඩාෆි ඔහුගේ අපූරු කල්කිරියාවන් නිසා ලොව පුරා පතළ වූවෙකි. එකල ඔහු යන යන තැන පිරිවරා සිටියේ සුරූපී ආරක්ෂක සෙබළියන්ය. ගිනි අවි අත දරා ගඩාෆි වෙනුවෙන් මැරෙන්නට වුව පෙරට ආ එම සෙබළියන් බටහිර මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ ගඩාෆිගේ ‘ඇමේසන් බළකාය’ ලෙසිනි. ලිබියානු නායකයා යනඑන සැම තැන එම සුරූපී ආරක්ෂක සෙබළියෝ පහළොස් දෙනෙක් කැටුව යනු ලැබූහ. ගඩාෆිගේ ආරක්ෂක බළකායට එක්වීමට ඔවුන් ලද මූලිකම සුදුසුකමක් වූයේ අනිවාර්යයෙන්ම කන්‍යාවන් වීමය. එම කාන්තා බළකායේ සෙබළියක් වරක් සිය නායකයාට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු බේරා ගැනීම සඳහා සිය සිරුරින් ඔහු මුවා කර ගනිමින් ප්‍රහාරයට මුහුණ දී තුවාල ලැබ ලොව පුරා අවධානයට ලක් වූවාය.
ගඩාෆිගෙන් පසු මෙවර ලෝකය පුරා අවධානයට ලක්ව ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ගේ අපූරු පුද්ගල ආරක්ෂක බළකායයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ ඓතිහාසික ගිවිසුම අස්සන් කිරීම සඳහා සිංගප්පූරුවට පැමිණි කිම් සෑම තැනම ආවේ ගියේ මේ අපූරු ආරක්ෂකයන් පිරිවරා ගෙනය. කිම් සිය සුඛෝපභෝගී ලිමොසින් බෙන්ස් වර්ගයේ මෝටර් රථයෙන් යද්දී ආරක්ෂක භටයෝ ‘යූ’හැඩයේ ආරක්ෂක වළල්ලක් සෑදී රියේ ගමන සමඟ දිව යෑම පසුගිය දිනවල සිංගප්පූරු ජනතාවගේ නෙතට අපූරු දසුනක් වූවාක් මෙන්ම මාධ්‍යට කතාබහට මාතෘකාවක් එක් කළේය. ඒ ආරක්ෂක භටයන් ගැන තොරතුරු හෙළි කළ බටහිර මාධ්‍ය ඔවුන් හැඳින්වූයේ කිම් ගේ jogging guardiance ලෙසිනි. මේ දුවන ආරක්ෂකයන් ගැන ලෝක මාධ්‍යය පළමුවෙන්ම අවධානය යොමු කළේ පසුගිය අප්‍රේල් මාසයේ පැවැති කොරියානු නායකයන් දෙපළගේ පළමු මුණ ගැසීමේ අවස්ථාවේදීය. එම හමුවෙන් පසු අන්තර්ජාලයට එක්වූ වීඩියෝ පටයකින් මේ දුවන ආරක්ෂකයන් පළමු වරට ලොවට හෙළිවිය. මෙවර ඔහු වටා දුවයන ආරක්ෂකයන් ගැන පමණක් නොව කිම් සිංගප්පූරුවට ආ දා සිට කළ කී දෑ දෙසද ලෝකයා බලා සිටියේ දැඩි කුතුහලයකිනි.
කිම් උතුරු කොරියාවේ නායකයා වූ දා සිට සිය මවු බිමෙන් තරමක දුර ඈතකට ගමන් කළ පළමු අවස්ථාව මෙය වූයේය. මීට පෙර ඔහු දකුණු කොරියාවට හා චීනයට ගියේ දුම්රියෙනි. ඇමෙරිකානු ජනාධිපති හා කිම් මුණ ගැසෙන දිනයේ කිම්ගේ සම්ප්‍රාප්තියට පෙර ගුවන් යානා දෙකක් සිංගප්පූරුවට පැමිණියේය. ඉන් එක් ගුවන් යානයකින් පැමිණියේ කළු පැහැ කලිසම් කෝට් හැඳ නිල් හා සුදු ඉරි ටයි පටි පැලැඳි දුවන ආරක්ෂකයන් ඇතුළු කිම්ගේ සමීප ආරක්ෂක බළකා සාමාජිකයන්ය. එම සමීප ආරක්ෂක බළකායට නිලධාරීහූ 300කට ආසන්න සංඛ්‍යාවක් අයත් වෙති. ඒ අතරින් කිම් වටා දුවන ආරක්ෂක බළකාය නිලධාරීන් දොළොස්දෙනකුගෙන් සමන්විතය. මේ ආරක්ෂකයෝ වට තුනකින් යුතු ආරක්ෂක වළල්ලක් ලෙස ක්‍රියාත්මක වෙති. පැය 24 පුරා කිම්ගේ ආරක්ෂාවට කැපව සිටින මේ ආරක්ෂකයෝ ඔහුගේ විශ්වාසවන්තම නිලධාරීහුය. කිම් වටා ඉතා ළඟින් සිටින මේ නිලධාරීන් තෝරා ගනු ලබන්නේ කොරියානු මහජන හමුදා සාමාජිකයන් අතරෙනි. මේ තෝරා ගැනීම ද අපූරුය. ඔවුන් කිම්ගේ උසට සමාන උසකින් යුක්ත විය යුතුය. එසේම ඔවුන් කිම්ගේ පරම්පරාවේ හෝ උතුරු කොරියානු ප්‍රභූ පවුල්වල සාමාජිකයන් විය යුතුය. මේ සියල්ලටම වඩා ඔවුන් මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වීම ද දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධවලින් තොර වීමද මුහුණේ විශේෂ කැළැල් හා ලපවලින් තොරවීම ද වැදගත්වේ. ඒ අතරම ඔවුන් මනා ලෙස ගිනි අවි හැසිරවිමේ කලාව හා ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කළ පුද්ගලයන් විය යුතුය. මේ සියලු සුදුසුකම් සපුරාලීමෙන් පසු කොරියානු බුද්ධි අංශ අදාළ නිලධාරියාගේ පවුල් පසුබිම ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරයි. කිම්ගේ දුවන ආරක්ෂකයන් ලෙස තෝරා ගන්නේ පරම්පරා දෙකක් ආපස්සට ඔවුන් ගැන තොරතුරු සොයා බැලීමෙන් පසුවය. බඳවා ගැනීමෙන් පසු ඔවුහු ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවකට යොමු කරනු ලබති. මේ සියල්ලටම වඩා උතුරු කොරියානු නායකයාගේ දුවන ආරක්ෂකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් සතු නිරීක්ෂණ හැකියාවයි. කිම් වටා සිටිමින් අංශක 360ක වළල්ලක් ලෙස ඔහුට ආරක්ෂාව සපයන මේ ආරක්ෂකයෝ ඔහුට ඉදිරිපසින් හා දෙපසින්ද පිටුපසින්ද සිටිති. ඔහු කුමක් කරන්නේද යන්නේ කොහේද? නවතින්නේ කොහේද? ඒ සැම තැනකටම ඔවුහු ඇස ගසාගෙන සිටිති. උතුරු කොරියානු නායකයා සමීපයේ ගිනි අවියක් තබා ගෙන සිටිය හැකි එකම කණ්ඩායම වන්නේ මේ ආරක්ෂකයන් පමණි.
කිම්ගේ ආරක්ෂාවට බඳවා ගැනීමෙන් පසු ඔවුන්ට අංකයක් සහිත හැඳුනුම්පතක් ලැබෙන අතර ඒ හැර ඔහුගේ සියලු පෞද්ගලික වාර්තා මකා දමනු ලැබේ. ඔහුට ඉන්පසු පවුලේ සාමාජිකයන් මුණ ගැසිමද තහනම්ය. කෙසේ වුව දුවන ආරක්ෂකයන් ලෙස බඳවා ගන්නේ ද එක් පවුලකින් එක් සාමාජිකයකු පමණි.
දුවන ආරක්ෂකයන් බටහිර පන්නයේ ඇඳුමින් සැරසෙද්දී කිම් ගේ රියැදුරන් සුක්කානම පහසුවෙන් කරකැවීමට හැකිවන පරිදි කපු හෝ සමින් කළ අත්වැසුම් හා පණිවුඩ හුවමාරුව සඳහා කනේ උපකරණ පැලැඳියි යුතුය. උතුරු කොරියානු නායකයා දැඩිව දුම් පානය කරන්නෙකි. ඔහු ඉල්ලූ පමණින් දීම සඳහා මේ ආරක්ෂකයෝ දුම්වැටි හා මත්පැන් ළඟ තබාගෙන සිටිති. ඒ සියල්ල ඔහුට ලබා දෙන්නේ දැඩි පරීක්ෂාවකින් පසුවය. එසේම ඔහුගේ දුරකථන ජාලය හසුරුවන්නේද ‍මේ ආරක්ෂකයන්ය.
කිම් සිය ආරක්ෂාව සඳහා මෙලෙස ආරක්ෂක නිලධාරීන් හා විවිධ උපක්‍රම යොදන්නේ මෙවන් සංචාරයකදී ඔහු ඝාතනයට ලක් වීමට ඉඩ ඇතැයි යන බිය නිසාය. කෙතරම් ආරක්ෂක විධිවිධාන යෙදුවද ඔවුන් තවමත් ආරක්ෂකයන් හඳුනාගැනීම සඳහා විශේෂිත වූ නිල පදක්කම් උරයේ පැලැඳීම, රහස් කේත අංක හා මුර පද භාවිතය වැනි ප්‍රාථමික මට්ටමේ හඳුනා ගැනීමේ ක්‍රම භාවිත කරන බව බටහිර මාධ්‍යය පවසයි.
කිම් සිංගප්පූරුවට පා තැබීමට පෙර පැමිණි ගුවන් යානා දෙ‍කෙන් එක් ගුවන් යානයකින් මේ ආරක්ෂක නිලධාරීන් හා පෞද්ගලික වෛද්‍ය කණ්ඩායම පැමිණෙද්දී අනෙකේ ඔහුගේ ලිමොසින් බෙන්ස් රථයත් ජංගම වැසිකිළියත් රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කළේය. එපමණක් නොවේ උතුරු කොරියානු නායකයාගේ සියලු අපද්‍රව්‍ය බිඳකුඳු විදෙස් බිමක නො‍හෙළා ආපසු රැගෙන යෑමටද ඔවුහූ වගබලා ගත්හ.
ලිබියාවේ හිටපු නායක ගඩාෆි බොහෝ අවස්ථාවලදී විදෙස් සංචාරයන්හිදී ඒ රටවලින් ඔහුගේ නවාතැන් සඳහා සපයන සු‍ඛෝපභෝගී හෝටලවල ලැගුම් නොගෙන ඒ ආසන්න බිමක තමා රැගෙන යන බෙඩුවින් කූඩාරමක් අටවා නවාතැන් ගන්නා බව ප්‍රකටය. එහිදී ඔහු වටා සිටිමින් ආරක්ෂාව සැපයුමේ සෙබළියන්ය. උතුරු කොරියානු නායකයාගේ ද ප්‍රාණ බිය කෙතරම් ද යත් ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ එක්ව ගිවිසුම අත්සන් කරද්දී එහි තබා තිබූ පෑනෙන් අස්සන් කිරීමට මැළිකමක් දැක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නායක දෙපළ අත්සන් තබන මේසයේ අසුන් ගැනිමට පෙර පැමිණි කිම්ගේ ආරක්ෂකයකු කිම්ට අස්සන් කිරීම සඳහා තබා තිබූ පෑන අත් මේස් දැමූ දෑතින් ගෙන රෙදි කැබැල්ලකින් හොඳින් පිස දමා ආපසු තබනු බටහිර මාධ්‍ය වාර්තාකරුවකුගේ වීඩියෝ පටයකට නැංවී තිබිණ. එම පෑනෙන් අත්සන් කිරීමට පැකිළෙන කිම් දුටු ඔහුගේ සොහොයුරිය සිය කබායේ වූ පෑන කිම් අතට දුන්නාය. උතුරු කොරියානු නායකයාගේ විශ්වාසවන්තම තැනැත්තිය වන්නේ සොහොයුරිය වන කිම් යෝ ජොංග් ය‍.
කිම් කෙතරම් ජීවිතය ගැන බියද යත් තමාගේ නියම වයස හෝ දරුවන් සංඛ්‍යාව යනාදී සියලු තොරතුරු වසන් කරයි. දැඩිව මිථ්‍යා මතයන්හි එල්බ ගත් කිම් පවුල නවයේ ඉලක්කම සිය වාසනාවන්ත අංකය ලෙස සලකයි. කිම් සිංගප්පූරුවට පැමිණියේ තෙවනුව පැමිණි චීන ගුවන් සේවයේ යානයකිනි. ගමන් ගත්තේ ආරක්ෂක රථ විස්සක් පමණ පිරිවරා ගෙනය. සිංගප්පූරුව ඇමෙරිකානු ජනාධිපතිට දුන්නාටත් වඩා ආරක්ෂාවක් කිම්ට දුන්නේ උතුරු කොරියාව විසින් කළ ඉල්ලීම අනුවය. මේ සියල්ල ජිවිතය ගැන ඇති බිය නිසාය. කිම්ගේ පියා ද මෙලෙසම ආරක්ෂකයන් තබා ගත්තෙකි. ඔහු ගුවන් ගමන්වලට ද දැඩි බියක් දැක්වූවෙකි. උතුරු කොරියාව යනු ලොව විශාලතම හමුදාව නඩත්තු කරන රටය. කිම් පවුලේ ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදා ගන්නේ හමුදාවේ එලයිට් යුනිට් නමැති බළකායෙනි. මරණ බිය කෙතරම් ද යත් ඒ සියලු බළකායන් ස්ථානගත කර ඇත්තේ ද කිම් පවුලේ වාසස්ථාන අසලය.

උපුටාගත් ලිපියක් ඇසුරෙනි

ගුණපාල මලලසේකර





උපත 1899 නොවැම්බර් 8
මාලමුල්ල,පානදුර , බ්‍රිතාන්‍ය ලංකාව
මරණය 23 අප්‍රේල් 1973 (වයස 73)
කොළඹ
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකික
වාර්ගිකත්වය සිංහල
උගත් ශාස්ත්‍රාලය ශාන්ත ජෝන් විද්‍යාලය,පානදුර, ලන්ඩන් විශ්වවිද්‍යාලය
වෘත්තිය ශාස්ත්‍රීය,රාජ්‍යතාන්ත්‍රික
ආගම ථේරවාද බෞද්ධ

මහාචාර්ය ගුණපාල මලලසේකර ( ගුණපාල පියසේන මලලසේකර ) ( 1899 නොවැම්බර් 8 - 1973 අප්‍රේල් 23 ) යනු ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ට ගණයේ උගතෙක් හා රාජ්‍යතාන්ත්‍රිකයෙක්ය. එතුමා රුසියාවේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිද කැනඩාවේ හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම ශ්‍රී ලංකා මහා කොමසාරිස්ද එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතද විය. එතුමා විවිධ ගෞරව පදවිවලින් පිදුම් ලැබිය. මලලසේකර ඉංග්‍රිසි - සිංහල ශබ්දකෝෂය මෙතුමාගේ සම්පාදනයකි.

ජෝර්ජ් පීරිස් මලලසේකර ලෙස 1899 නොවැම්බර් 8 වන දින පානදුර මාලමුල්ලහිදි උපත ලැබීය. මෙතුමාගේ පියා එවකට ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයෙකු වු වෛද්‍ය M.S.පීරිස් මලලසේකරය.1907 සිට 1917 දක්වා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු එතුමා පසුව වෛද්‍යවරයෙක් විම සදහා කොළඹ ලංකා වෛද්‍යවිද්‍යාලයට ඇතුලත් විය එහෙත් පියාගේ වියෝවය නිසා එතුමාගේ වෛද්‍ය අධ්‍යාපනය අඩාලවීය. කෙසෙනමුත් පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ශාස්ත්‍රවේදි උපාධියක් ලබාගැනිමට එතුමාට හැකිවිය.

අනගාරික ධර්මපාල තුමා විසින් බෞද්ධ පුනරුදය සඳහා ආර්ය සිංහල නම් භාවිතා කිරිමේ ප්‍රතිපත්තිය යටතේ එතුමාගේ ඉංගි‍්‍රසි නම වු ජෝර්ජ් පීරිස් මලලසේකර වෙනුවට ගුණපාල පියසේන මලලසේකර යන නම පසුව භාවිතා කෙරිණි. ශාස්ත්‍රවේදි උපාධියෙන් පසුව ආනන්ද විද්‍යාලයට පළමු පත්වීම ලැබ පැමිණි ගුණපාල මලලසේකර මහතා එවකට ප්‍රධාන විදුහල්පති වූ පී.ද.එස්.කුලරත්න මහතා යටතේ ගුරුවරයකු ලෙස කටයුතු කලේය.පසුව ඉතා ඉක්මනින්ම ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පති සහ වැඩ බලන විදුහල්පති යන තනතුරුවලට ද පත්විමට එතුමාට හැකිවිය.පසුව නැවතත් එතුමාගේ වැඩිදුර අධ්‍යාපනය සදහා ලන්ඩන් බලා පිටත් විය.1926 දි නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි එතුමා අලුතින් ආරම්භ කෙරුණු කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්විම් ලැබීය.මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාව මලලසේකර රඟහල නමින් නම් කර ඇත.

ගුණපාල මලලසේකර මැතිතුමා

ගුණපාල මලලසේකර මැතිතුමා පිළිබඳව වැදගත් කරුණු,

අධ්‍යාපනය - පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන්.

උසස් අධ්‍යාපනය - ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්,
1. B. A උපාධිය (B. A උපාධිය ගත් ලාබාලතමයා)
2. ශාස්ත්‍රපති උපාධිය (M. A)
3. ආචාර්ය උපාධිය (PhD)

හෙබවූ තනතුරු -
සටහන:-
මේවා අතරින් දරුවාට මතක තබා ගැනීමට පහසු කරුණු 3 ක් පමණක් සටහන් පොතට ඇතුලත් කරන්න.
1. කොළඹ ආනන්ද විද්‍යාලයේ උපගුරු තනතුර.
2. කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරය.
3. කොළඹ විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අංශභාර ධූරය.
4. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය ධූරය.
5. සමස්ථලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරය.
6. රුසියාවේ සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ධූරය.
7. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ධූරය.
8. උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ධූරය.
9. 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඇරඹි බෞද්ධ විශ්වකෝෂය ලිවීමේ කාර්යයෙහි ප්‍රධාන කර්තෘ ධූරය.

කැපී පෙනෙන චරිත ලක්ෂණ හා ගත හැකි ආදර්ශ -
1. ආගන්තුක සත්කාරය.
2. ප්‍රිය වචන කතා කිරීම.
3. පාණ්ඩිත්‍ය.
4. අනතිමානී බව.
5. චාම් සරල දිවි පැවැත්ම.
6. දුක් දොම්නස් මැද වූවත් කම්පා නොවී ප්‍රබෝධමත්ව දිවි ගෙවීම.
7. සෑම කටයුත්තකදීම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම.
8. විපතේදී දිරිමත් වීම හා සැපතේදී උදම් නොවීම.
9. බෞද්ධ සිරිත් විරිත් අගය කිරීම.

කළ සේවය -
1. පාලි සංඥානාම අකාරාදිය, ලංකාවේ පාලි සාහිත්‍ය ආදී පොත් රචනා කිරීම.
2. මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය රචනා කිරීම.
3. බුදුදහම ලෝ පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම.

වියෝව - 1973 මැයි 23

Monday, June 18, 2018

රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය යනුවෙන් ව්‍යවහාර වෙයි.

1825 දී රාජකීය (සාර්) පළමුවන නිකලස් රජුගේ පාලන සමයේ සිට සෑම රුසියානු නායකයකුම තට්ටයකින් (නැතහොත් තට්ටය පෑදෙමින්) හෝ හිසකෙස් වලින් පිරුණු හිසකින් සමන්විත වූහ.


"ඉතිං මොකද? ඒක එච්චර අමුතු දෙයක්ද? රටක ඕනෑම නායකයෙකුට හිසකෙස් තිබීමට හෝ නොතිබීමට ඉඩ ඇත." යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් මෙය මෙතරම් සිත්ගන්නා සුලු වන්නේ, ආසන්න නායකයින් දෙපළක් අතර තට්ටය සහ කොණ්ඩය යන තත්ත්වය දෝලනය වන බැවිණි. වෙනත් අයුරකින් කිවහොත්, එක් නායකයෙක් තට්ට හිසක් සහිත වන විට ඔහුගෙන් පසුව පත්වන නායකයා පිරුණු හිසකෙසින් සමන්විත වෙයි. පිරුණු හිසකෙසින් සමන්විත නායකයෙකුගෙන් පසුව පත්වන්නේ තට්ට හිසක් සහිත නායකයෙකි.

මෙම සංසිද්ධිය ආරම්භ වූයේ 1825 දී, තට්ට හිසක් සහිත පළමුවන නිකලස් රජුගේ පාලන සමය සමඟිනි. ඔහුගේ පියා වූ පළමුවන ඇලෙක්සැන්ඩර් රජුද තට්ට හිසක් සහිත වූ බැවින් මෙම න්‍යාය ආරම්භ වන්නේ එතැන් සිටය. පළමුවන නිකලස් රජුගේ අනුප්‍රාප්තිකයා වූ දෙවන ඇලෙක්සැන්ඩර් රජුට පූර්ණ හිසකෙස් සහිත හිසක් තිබිණි. ඔහුට පසුව පත්වූ තුන්වන ඇලෙක්සැන්ඩර් රජුට තිබුණේ තට්ටය පෑදුන හිසකි.

මෙම අතිශය පුදුම සහගත රටාව සියවස් දෙකක් තිස්සේ රොමනොව් පාලන සමය, සෝවියට් පාලන සමය පසුකර වත්මන් නායකයින් දක්වාම දිගටම පවතියි. දැන් අපි පුටින්ගේ අනුප්‍රාප්තිකයා තව දුරටත් මෙම විහිළුව ඉදිරියට රැගෙන යන්නේදැයි බලා සිටිමු.



ප්ලාස්ටික් මිනිසා

2010 වර්ෂය වනවිට ඉංදියාවේ මධ්‍යම ආණ්ඩුව ඉංදියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනම් කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍...