Wednesday, October 25, 2017

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය..................



පාරාවෝ ටූටන්කාමන්ගේ මරණය පිලිබඳ මත දෙකක් පවතී...එකක් නම් ඔහුතම කරත්තය ඇද වැටීමෙන් මරණය ට පත්වුණිය යන්නයි...අනික නම් හිසට එල්ල කල තියුණු පහරක් මගින් ඝාතනය වීය යන්නයි.කෙසේ වෙතත් මරණය අභිරහසක්ව පැවතියත් එයටත් වඩා අභිරහස් දනවන කාරණය වන්නේ පළමු වරට ටූටන්කාමන් සොහොන් ගෙය සොයාගත් පුරාවිද්‍යා කණ්ඩායම ට අත්විඳීමට සිදුවූ නොනැවතුණු බිහිසුණු මරණ සමූහයයි...

1918-1923 වකවානුවේ හැරල්ඩ් කාටර් නම් පුරාවිද්යාඥයයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්රධානත්වය ගෙන කටයුතුකලේය. කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය ටූටන්කාමුන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනාගැනිනි. එහි මෙසේ කොටා තිබිනි.
“ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.

කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය.ඊජිප්තු ප්රවාදයකට අනුව ටූටන්කාමුන්ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුහැඟවිමක් වියහැකි කියා කාටර්ට දැන්වුයේය.නමුත් කාටර් මෙය නොසලකා හැරියේය.

සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්රමානයක් තිබුණි.මේ අතර ගලින් කරණ ලද විශාල මිනී පෙට්ටියක් තිබිනි .එයතුල රනින් කරන ලද තවට් කුඩා මිනිපෙට්ටි තුනක්ද විය.

එකක් මත තවකක් තාබා තිබු මිනිපෙට්ටි තුනේ අවසාන මිනිපෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනිපෙට්ටියේ ඇතුලත ටූටන්කාමුන්ගේ ශරීරය විය.

මෙයින් පසූ ශාපය ක්රියාත්මක විමට පටන් ගැණිනි.මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්යාධාර සැපැයු කානවන් සාමිවරයාය.මරණයට හේතුවවුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි.

ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි.මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩූබුරා මියගියේය.
මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය.

මෙයින් බොහොමයක් දෙනා කැනිම් කටයුතුවල නිරතවුවන්ය.ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දිනදෙකකට පසු ටූටන්කාමන්ගේ ශරීරය පරික්ශාකිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නාලදි.එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය.

ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්යඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මියගියේය.කාර්නවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර ටූටන්කාමන්ගේ සොහොන දැක බලා ගත්තේය.ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි.

පසුදින ඔහු අධික උණේන් ඇද වැටුනේය .පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය.සොහොන ඉදිකල කාල වකවානු සහ ටුටන්කාමන්ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම්වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එන්ගලන්තයට පිටවගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත්වූයේය.

කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම්වු කර්මාන්තශාලා හිමිකරුවෙකුද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිතවූ උණෙන් මරු තුරුලට ගියේය.කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. පුදුමයක් ලේස හැරල්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය..
ඊජිප්තු පුරාවිද්යා අධ්යක්ෂක මුහමද් ඉබ්රාහිම් සොහොනෙන් සොයාගත් පුරාවස්තු විදේශයන්හි ප්රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය.පුරාවස්තු රටින් පිටකළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්චාවේන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය.1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්රදර්ශනයට ගෙනගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්රියාත්මක විනි.අචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. එන්ගලන්තයට ගෙනයාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂනය කළ දිනයේ රාත්රියේම මිය පරලොව ගියේය.
මිත්‍යා හා අදෘශ්‍යමාන බලවේග මෙම මරණය යන්ට හේතුවූ බව අයෙකුට පැවසිය හැකිමුත් තවත් අයෙකුට එය මිත්‍යාවක් බවට තර්ක කල හැක. නමුත් අපිත් නොදන්නා අප වටා ඇති අපගේ මානයට හසු නොවෙන්නා වූ ක්‍රියාකාරකම් සමුදායක් පවතින බවට ඉඟියක් මේ හරහා සමාජගත වන බව මාගේ මතයයි...

දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන් ගැන මෙතෙක් හෙළි නොවූ දේවල් මෙන්න



අප රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන අපි කවුරුවත් නොදන්නවා නෙවෙයිනේ. ඒ තරමටම මේ චරිතය බොහෝම ප්‍රසිද්ධයිනේ. දුටුගැමුණු කුමාරයාගේ පිය රජතුමා තමයි කාවන්තිස්ස කියන්නේ. මව විහාර මහා දේවිය. ඔහුගේ සොයුරා තිස්ස කුමාරයා. ඉතින් මේ ගැමුණු කුමාරයා තමන්ගේ පියා එක්ක උරණ වෙලා ඔහුට කාන්තාවකගේ ඇදුම් යැවීමෙන් පසුව ඔහු දුටු ගැමුණු බවට පත්වුණා. එළාර රජු එක්ක යුධ වැදුනු දුටුගැමුණු රජතුමාට දසමහා යෝධයන්ගෙන්
විශාල උදව් උපකාර ලැබුණා. මේ දසමහා යෝධයන් තමයි නන්දිමිත්‍ර යෝධයා, ලභියවසභ යෝධයා,ඛඤ්ජදේව යෝධයා, ථේරපුත්තාභය යෝධයා, මහාභරණ යෝධයා,වේළුසුමන යෝධයා, ඵුස්සදේව යෝධයා, සුරනිමල යෝධයා, ගෝඨයිම්භර යෝධයා, මහා සෝන යෝධයා. ඔන්න ඉතින් මම දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් ගැන කියලා දෙන්නයි හදන්නේ………..


01 නන්දිමිත්‍ර යෝධයා

එළාර රජුගේ හමුදාවේ හිටපු මිත්ත සෙන්පතියාගේ නැගනියගේ පුතා තමයි නන්දිමිත්‍ර කියන්නේ. ඔහුගේ උපන් ගම අනුරාධපුර කඩදොර නම් ගමයි. මේ නන්දිමිත්‍ර පුංචි කාලයේ ඉදලම බොහෝම දගයෙක් වුණා. අනෙක් සමවයසේ දරුවන්ට නොකල හැකි බොහෝ දේ මොහුට කිරීමට හැකියාවක් තිබුණා. ඔහුගේ සමහර දග වැඩ නිසා මව්පියන් පවා අපහසු තාවයට පත්වුණ වෙලාවල් තිබුණා. දිනක් මේ නන්දිමිත්‍රගේ දගවැඩ ඉවසිය නොහැකි වූ ඔහුගේ මව හම් පටියකින් ඔහුව ඇඹරුම් ගලේ බැද තබා, දිය ගෙන එන්නට ගියා. තමන්ගේ වෙර යොදා ඇඹරුම් ගලට තබා බැදි හම් පටිය කඩා දැමු නන්දිමිත්‍ර මවගේ පිටුපස දිවගියා. දිය ගෙන ආපසු ගෙදරට එමින් සිටි මව තම පුතු දැකීමෙන් ඉමහත් පුදුමයට පත් වුණා. දග වැඩ කෙසේ වෙතත් මේ පුංචි පුතුගේ කාය ශක්තිය ගැන මව මහත්සේ සතුටට පත්වුණා.
මේ නන්දිමිත්‍රගේ ගමේ පන්සලේ විශාල උණ පදුරක් තිබුණා. ඉතින් මේ උණ පදුර හාමුදුරුවන්ට විශාල කරදරයක් වෙලයි තිබුණේ. ඒ නිසා ගම්වැසියන් එකතු වෙලා මෙය ගලවන්නයි උත්සාහ කලේ. “මේ තරම් මොනවට මහන්සි වෙනවද අපෙ හාමුදුරුවනේ…කියූ ගැටවර වියේ පසුවූ නන්දිමිත්‍ර මද සිනාවක් පෑවා. “මහන්සි නොවූ කොහොමද බොල මේක ගලවන්නේ…හාමුදුරුවෝ නන්දිමිත්‍රගෙන් ඇසුවා. නන්දිමිත්‍ර ශක්තිමත් ලණුවක් රැගෙන එය උණ පදුරෙහි බැන්දා. ඉන්පසු එය ඇද්දා. සියල්ලන් පුදුම කරවමින් මෙම පදුර ගැලවී ගියා. දිනක් මේ නන්දිමිත්‍ර සිය මාමා හමුවෙන්නට අනුරාධපුරයට ගියා. මේ අවස්ථාවේදී බුදු දහමටත් ජය ශ්‍රී මහා බෝධියටත් එළාර රජුගේ හමුදාවන් කරන විනාශය දැක්කා.

මෙය දුටු ඔහුට විශාල කෝපයක් ඇති වුණා. ඉන්පසු ඔහු දුටුගැමුණු රජ හමුවන්නට ගියා. එක් දිනෙක දුටු ගැමුණු රජුගේ කණ්ඩුල නම් ඇත් රාජයා මද කිපුණා. ඌ මෙල්ල කරන්නට සමත් කෙනෙකු හිටියේ නැහැ. මේ නන්දිමිත්‍ර ඇතුගේ දළ දෙකින් අල්ලා ඌ දණ ගස්සවා මෙල්ල කරවූයේ සියල්ලන්ගේම විමතිය මැද්දේ. විජිතපුර පැවති සටනේදී දුටුගැමුණු කුමාරයාට, අති මහත් සේවයක් නන්දිමිත්‍රගෙන් සිදුවුණා. යුද්ධයෙන් දිනුවාට පසු පුත්තලමේ දැදුරු ඔය අසබඩ ගම්වරය ලැබූ මොහු බොහෝම කාලයක් ජීවත් වුණේ කාගේත් සිත් දිනාගෙන හැමෝටම උදව් උපකාර කරමිනුයි.

02 ලභියවසභ යෝධයා








රුහුණු රටේ විහාරවාපී ගම්මානය බොහෝම ලස්සන ගමක්. ඒවගේම හරිම පිටිසරයි. ලභියවසභගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කළ අයෙක් අයෙක් නිසා බොහෝම රූමත් වෙලා උපන්නා කියලා තමයි කවුරුත් කිවුවේ. මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්‍රව පැවති ප්‍රදේශයක්. ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා. මේකට පිළියමක් ලෙස වසභ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්නට පටන් ගත්තා. අනෙක් තරුණයන් බොහෝම ඉක්මනින් වෙහෙසට පත්වුනත් ලභියට එසේ වුනේ නැහැ. ඉතින් ඔහු තනිවම වැව කැපුවා. විශාල පස් ගොඩවල් ඔහු තනිවම එසෙව්වා. වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට “වසභෝද කවාර….යැයි නම් තැබුවා. වැව වසභ යන නමින් නම් කලා. ඉතින් මේ වසභගේ හපන්කම් වටහාගත් රජතුමා ඔහුත් රාජ සේවයට බදවා ගත්තා. ඔහුට කඩු ශිල්ප පුහුණු කරනු ලැබුවේ වේඵසුමනයන් විසිනුයි.

03 ඛඤ්ජදේව යෝධයා

ගිරි ජනපදයේ පිහිටා ඇති මී ඔය තමයි මොහුගේ උපන් ගම වුනේ. එහි වාසය කළ අභය නැමැත්තාගේ පුතා තමයි දේව හෙවත් ඛඤ්ජදේව කියන්නේ. මොහුගේ එක කකුලක් කොරයි. ඉතින් ඔහු ඇවිදින්නේ කොර ගසමින්. කොර ගසමින් ඇවිද්දත් මොහු දුවන්න, වගේම පනින්නත් බොහෝම හපනෙක්. දේව කලේ වල් මී හරක් කකුල් දෙකෙන් ඔසවා හිස වට කරකවා ඈතට විසි කිරීමයි. ඔහු කඩු දුණු ශිල්පයටත් බොහෝම දක්ෂයෙක්. රජතුමාගේ සේනාවට සූරයෝ, දක්ෂයෝ, වගේම යෝධයෝ සොයාගෙන ගම් දනව් සිසාරා යද්දී දේව ගැනත් රජතුමාට දැනගන්නට ලැබුණා. ඉන්පසුව රජතුමා මොහුව රාජ සේවයට බදවා ගත්තේ දෙමාපියන්ට තෑගි බෝග එහෙමත් දීලයි. විජිත පුර සටනේදී ඛඤ්ජදේව යෝධයා සතුරන්ගේ කකුල් දෙකින් අල්ලා හිස වට කරකවා ඈතට විසි කල බවට ඉතිහාසයේ සදහන් වෙනවා. සටන අවසන් වීමෙන් පස්සේ පින් දහම් කරමින් බොහෝම දැහැමි දිවි පෙවෙතක් ගෙවූ ඛඤ්ජදේව යෝධයා මරණින් පසු දෙව්ලොව උපන් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා.


04 මහා සෝන යෝධයා
කරවිට නම් ගමේ තිස්ස කියන ගම් ප්‍රධානියාගේ පුතෙකු තමයි මේ මහා සෝන කියන්නේ. ඔහු පවුලේ අටවෙනියා. අවුරුදු හතක් විතර වෙනකොට මේ මහා සෝනත් නන්දිමිත්‍ර වගේම බොහෝම දැඩි කාය ශක්තියක් පෙන්නුම් කල දරුවෙක් වුණා. ඔහුට වඩා උසින් වැඩි තල් පැල පවා උගුලා දමන්නට හැකියාවක් තිබූ අයෙක් තමා මහාසෝන කියන්නේ. තරුණ වියට එළැඹෙන විට පොල් ගස්, තල් ගස් වලට තම බාහුවෙන් ඇන පෙරළා දමන්නට තරම් ඔහු සමතෙක් වුනේලු. කාවන්තිස්ස රජතුමාට ඔහු ගැන සැලවීමෙන් පසුව දෙමාපියන්ට බොහෝ තෑගි බෝග දී මහා සෝන රජවාසලට ගෙන්වා ගත්තා. විජිතපුර සටනේදී බාහුවෙන් ඇන පව්ර බිද, තල් ගසක් උදුරාගෙන එයින් සතුරාට පහර දුන්නා. ඔහු මෙසේ මව් රටට විශාල සේවයක් කලා.




05 ගෝඨයිම්බර යෝධයා


නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්. ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්. මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි. ඒ නිසා ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට ඔහුට සිදුවුණා. උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත් කාය ශක්තිය අතින් නම් ‍ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට සමත් වුණා. ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා. මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි හුගක්ම කැමති. ඔහුට තිබුණේ අලස ගතිගුණ. එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය ගෝඨට කරන්න කියලා පැවරුවා.
ඉතින් ඔහු ගස් උදුරා පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා. ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා. කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට පටන් ගත්තා. පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය සාමනේර හිමි මොහුට බැණ වැදුනා. ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම ඇදගෙන ගියා. ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි. පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා. විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට පහර පිට පහර එල්ල කලා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ලැබුණා. පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා ආරූඩ වුණා.
ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා. සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ. ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ. එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව රහත් බව ලබාගත්තා.

06 සුරනිමල යෝධයා
සංඝ පදිංචි වෙලා හිටියේ කොටසර, කීලවැව කඩවිට නම් ගමේ. ඔහු බොහෝම ධනවත් කෙනෙක්. ඒ වගේම දරුවන් සත් දෙනෙකුගේ පියෙක්. සංඝගේ දරුවන් හත්දෙනාගේ බඩපිස්සා තමයි නිමල කියන්නේ. ඉතින් මේ කියන වකවානුවේදී එළාර රජතුමාගෙන් මාගම්පුරයට නිතර නිතර කරදර තිබුණා. ඒ නිසාම මහවැලි ගග අසබඩ කසාතොට සිංහලයන්ගේ හමුදාවක් නිරන්තරයෙන්ම මුර කිරීමේ කාර්යයට යොදවා තිබුණා. මේ ඉසව්ව බාරව හිටියේ දීඝාභය කුමාරයා. දවසක් මේ නිමල දීඝාභය කුමාරයා හමුවෙන්නට ගියා. “නුඹ කවදාද ගෙදරින් ආවේ….. “අද උදේමයි……. “මොනවා වෙන්ට බැහැ????? ඇරත් මෙච්චර දුරක්? “ඔව්….නිමල පිළිතුරු දුන්නා.

ඉතින් නිමලගේ කතාව සැබෑවක්දැයි පරීක්ෂා කරන්නට දීඝාභය කුමාරයා උපායක් යෙදුවා. “දරුවා මගේ මිත්‍රයෙක් ඉන්නවා කුණ්ඩල කියලා මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ නුඹට පුළුවන්ද එයාට ලියුමක් දීලා එන්ට…. ඉතින් නිමල වහාම කුණ්ඩල හමුවුණා. “කවද්ද එන්ට පිටත් වුණේ? ඔහු ඇසුවා. “අද උදෙන්මයි??? මේ පිළිතුරෙන් බමුණා පුදුමයට පත්වුණා. “මෙපමණ දුරක්?????? “එහෙනම් ගිහින් නාලා එන්ට කෑම ටිකක් කන්ට… නිමල මිහින්තලේ වැව තියෙන තැන දැනගෙන හිටියේ නැහැ.
ඒ නිසා ඔහු අනුරාධපුරයට ගොස් තිසා වැවෙන් දිය නාගෙන ජය ශ්‍රී මහා බෝධියත් වැදපුදා ගෙන ආපසු ආවා. කුණ්ඩල ඔහු ගිය ගමන් අසා විමතියට පත් වී දුටුගැමුණු රජුට ඔහුව බාර දුන්නා. ඒ වනවිට නිමලගේ වයස කීයද දන්නවද? අවුරුදු දොළහයි. දුටුගැමුණු රජතුමා මසුරන් තිස්දහසක් වටිනා බදුනක් හැදුවා. ඉන්පසුව කහවනු අමුණු තුනක් රැස්කර එහි බදුන තැබුවා. රා දහසය නැළියක් බදුනට පිරවූ රජතුමා “ මෙය බොන්නැයි හැමටම අභියෝග කලා. එහෙත් කිසිකෙනෙක් මේ අභියෝගය බාර ගත්තේ නැහැ. හැමෝම පසුබාන්නට වුණා. නමුත් නිමල එය බිව්වා. එදා සිට ඔහු සුරනිමල වුණා. විජිත පුර සටනේදී ගැමුණු රජුට මහත් සේවයක් කල සුරනිමල යෝධයා සටනින් පස්සේ බොහෝම පින් දහම් කරමින් කාලය ගත කලා.

07 මහා භරණ යෝධයා
ඔහුගේ ගමේ නම කපුකදුරු ගමයි. ඔහුට භරණ යයි නම් තබන ලද්දේ ඔහුගේ උපන් දිනයේම පියාණන්ට නිධානයක් ලැබුණු නිසා යයි කියති. හිතාගන්න බැරි තරමේ කායශක්තියක් ඉතා කුඩා කාලයේ සිටම මේ භරණ නැත්නම් මහා භරණට තිබුණා. සාවුන් පසුපස්සේ හඹා ගොස් පයින් ගසා මරා දැමීමට ඔහුට තිබුණේ අසීමිත හැකියාවක්. මුවන්ගේ දෙකකුලින් ඔසවා පොළොවේ ගසන්නට තරම් ඔහු හපනෙක් වුණා. ගමේ තිබුණ කුඹුරු වල් ඌරන්ගෙන් බේරා ගැනීම හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි.

අන්තිමේදී මහා භරණ යෝධයා තනිවම රැකගෙන සිට එන එන ඌරන් කරකවමින් පොළවේ ගසා මරන්නට වුණා. රජතුමා ඔහුගේ කායශක්තිය කොපමණද කියා විමසා බලන්නට සිතුවා. හීලෑ නොවූ දරුණු අශ්වයෙකු පෙන්වා ඌ බැද දමන්නැයි මහා භරණට අණ කලා. අසු ඔහු ලංවෙත්ම ඉක්මනින් දිව ගියා. මහා භරණ අශ්වයා පසුපස පන්නා ඌ මෙල්ල කොට ගස් බැන්දා.

08 ථේරපුත්තාභය යෝධයා









රුහුණු රටේ කොටගල ගම සමීපයේ ඇති ගමක් තමයි කත්ති ග්‍රාම කියන්නේ. රෝහණ නම් ප්‍රභූවරයෙක් මේ ගමේ වාසය කලා. ඔහුට අභය නමින් පුතෙකු සිටියා. අවුරුදු දොළහේදී මේ අභයට ඇතෙකුගේ කාය ශක්තිය තිබුණේලු. ඔහුට විශාල යකඩ පොල්ලකින් ගසේ කදට ගසා බිම හෙලීමට හැකියාවක් තිබුණා. පොල්, තල්, ආදී ගස්වල කදට ගසා මෙසේ බිම හෙලුවා. රෝහණ ප්‍රභූවරයා සුමන භික්ෂුවගෙන් බණ අසා මහණ වූ පසුව අභයටද මහණ වෙන්නට සිතුනා. පසුව ඔහු ථේරපුත්තාභය නමින් මහණ වුණා. ගෝඨයිම්බරගේ අහඹු මුණ ගැසීම නිසා ගෝඨයිම්බර යෝධයා ථේරපුත්තාභය සාමනේරයන් වහන්සේ ගැන රජතුමාට දැන්වූවා.

රජු රාජ සේවයට පැමිණෙන්නැයි උන්වහන්සේගෙන් කිහිප වාරයක්ම ඉල්ලා සිටියද ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලා. එනමුත් රට ජාතිය ආගම ගැන සිතා ඔහු සිවුරු හැර රාජ සේවයට බැදුනා. විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කලා. සටනින් පසුව සියලුම තනතුරු හා තෑගි බෝග ප්‍රතික්ෂේප කල ථේරපුත්තාභය යෝධයා නැවත මහණ වී රහත් බවට පත්වුණා.

09 වේළුසුමන යෝධයා

ගිරි ජනපදයේ කුඩුම්බියන ගමේ නායකයා තමයි වසභ. ඔහුගේ පුතාගේ නම වේළුසුමන. වසභගේ මිතුරකු වන සුමන ජනපද පාලකයා ලග අශ්වයෙකු හිටියා. මේ අශ්වයා මෙල්ල කරන්නට කාවටත් බැහැ. වේළුසුමන ඌව මෙල්ල කර උගේ පිටේ නැගී වේගයෙන් ගමන් කලා. මේ සිද්ධිය දුටු සුමන, “පුතේ උඹ නම් කාවන්තිස්ස රජතුමාගේ සේවයට තමයි සුදුසු…..කියා එහි යැව්වා. විහාර මහා දේවියට දොළදුකක් ඇති වුණා. එළාර රජුගේ යෝධයින්ගේ ප්‍රධානියා ගේ හිස සිදි කඩුව මත හිද තිසාවැවෙන් දිය නාන්නට. අනුරාධපුරයට ගිය වේඵසුමන යෝධයා එළාරගේ රණමද්දව අසු උපායකින් රැගෙන එලාරගේ අගනුවරට පැමිණ, “කාවන්තිස්ස රජුගේ වේළුසුමන යෝධයා මමයි. හැකිනම් අල්ලගනු. කියමින් කෑ ගැහුවා. එළාරගේ මහා යෝධයා වූ නන්ද සාරතී වේළුසුමන පසුපස පැන්නුවත් වේළුසුමන ඔහුගේ හිස කපා ඒ හිසත් රැගෙන කඩුවත් සමගින් විහාර මහා දේවිය හමුවුනා. එළාර රජුට විරුද්ධ
සටනේදී අති මහත් සේවයක් කල වේළුසුමන දුටුගැමුණු රජුට සිටි හොදස අසරුවා බව ජනප්‍රවාදයේ කියැවෙනවා.

10 ඵුස්ස දේව යෝධයා
ඵුස්ස දේව යෝදයාගේ උපන් ගම සිතුල් පව්ව විහාරය අසල ගොඩිගමුව නම් ගමයි. ඔහුගේ පියාගේ නම උත්පලය. ඔහු ධනවත් වංශවත් පුද්ගලයෙකි. එක් දවසක් ගමේ පන්සලේ බෝධිය අසල සෙල්ලම් කරමින් සිටි ඵුස්සදේව එතැන තිබුණ හක්ගෙඩියක් දැක එය අතට ගෙන පිම්බා. එයින් නැගුණ හඩ බොහෝ ඈතට ඇසුනේ විශාල ගෝෂාවක් ලෙසයි. ළමුන් , මිනිසුන් වගේම වනයේ විසූ සත්වයෝත් ඒ මහා හඩින් බියපත් වුනා. මේ සිද්ධිය නිසා ඔහු කා අතරත් හුගාක් ප්‍රසිද්ධියට පත් වුණා. එපමණක් නෙමෙයි. ඵුස්සදේව දුන්නෙන් විදින්නත් මහා හපනෙක් බවයි ඉතිහාසය කියන්නේ. විජිතපුර සටනේදී ඔහු සක්ගෙඩිය පිඹිමින් එළාර රජුගේ සේනාව බිය වැද්දුවා. එළාර රජුගේ මරණින් පසුව එතුමාගේ බෑනා භල්ලුක දුටුගැමුණු රජු හා සටනට ආවා. ඔහු දුටුගැමුණු රජුගේ මුවට දුන්නෙන් විදින්න උත්සාහ කර තියෙනවා. නමුත් එය අසාර්ථක වුනා. ඵුස්සදේව භල්ලුකගේ කටට දුන්නෙන් විද්දා. මේ විජිත පුර පැවති සටනින් පස්සේ ඔහුත් පිං දහම් බොහෝමයක් කොට ජීවත් වුනා.

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැ...