Thursday, October 19, 2017

දලගිරි අදූන

Image result for ghost
අව අටවක පෝයට ඇය මිය යා යුතුය. අන්දකාරයේ මූසල සැන්දෑව ක අහස් කුස ලාවට පෑයු සන්ද දෙස බලමින් එලිපත්තේ කවිච්චි පුටුවේ හාන්සිව බන්ඩර ගුරැන්නාස්සේ බර කල්පනාවකය හත්මුතු පරම්පරාවේම එකෙකුවත් නොකල බයානක අඩව්ව ඇල්ලීම ට සියල්ල ලක ලෑස්තිය. ඉහල ගමේ පුන්චා ගුරා ද මේම වැඩයට අත ගැසුවේ තම මහ ගුරැගේ අණ අකුරටම පිලිපැදිය යුතු නිසාය. මල්හ⁣ාමි තම කුළුදුල් දරැවා බිහිකිරීමේ දින ඇගිලි ගැන්නේ තමාටත් උක්කුවාටත් දාව උපදින කිරිකැටියා දැක ගැන්මටය. පුන්චා උඹ අද හෙටම පටන් ගන්න ඕන ගුරැකම.
හොදමයි ගැරැන්නාස්සෙ, හොදමයි කීවට බොල තෝ දැනගිය මේ වැඩේ අකුරක් එහෙමෙහෙ වෙන්න බෑ බොල සුළු අතපසුවක් උනොත් අපි ඔක්කොම කම්මුතුයි. මතක තියාගනින් මේක අපෙ ගුරැකම් පරම්පරාවේ මහ එකාලා තහනම් කරපු කාරියක්. උඹ දැනගනින් මේක කොරන්න නම් බන් මේකට ඕනකරන තුන්කුළුදුල් දරැව බඩ දරැ ගෑනි අව අටවකට කලින් ඉබේ මැරෙන්න ඕන. අපිට අමාවක රෑකට මිනිය ගොඩගන්න ඉතින් තෝ අදම පල. මතකනේ කීවා මන්තරේ නූලට මතුරපිය හ්ම් දැන් පල ඒ බන්ඩර ගුරැන්නාන්සේගේ වචනයයි ඊට පිටින් යෑම කල නොහැකි කරැනකි .....
ගොම්මන් වෙලාවේ සිට මල්හාමිගේ නිවස සමීපයේ වන ලැහබක රිංගා මදුරැවන් තලමින් හුන් පුංචා තම කර්තව්යට වෙලාව පැමිනෙන තුරැ අදුර අතර සැගව ඇත. රෑ දොලහට ආසන්න ඇති බව සිය අතබැදි ඔරලෝසුවේ රේඩියම් කට්ට පෙන්නද්දී ගෙපිලට වැද හේ මතුරන්ට විය. ගෙතුල නිදාහුන් මල් හාමිගේ හුස්ම ගැනීමේ වේගය එක් වරව වැඩිවිය. ඈ දොර හැර ගෙන එලියට බසී, නැවත ඇතුලට යති, ගේ වටෙි ඇවිදී ඇය උමතුව හමාරය. පුන්චා සිය කාර්ය නිමව සීම⁣ා වැලි මිදුලවට දමා එමතැනින් පිට විය.
පසුවදා මල්හාමි බලාගත් අත බලා සිටී, කිසිදු කෑමක් බීමක් නැත. බන්ඩාර ගුරා කැන්දා ඇප නූලක් දැම්මද පලක් නොවීය. පුන්චාට බාරදුන් කාර්ය නිමව ඇත.
එදින රාත්තිරය උදාවින මල් හාමි කාටත් හොරා නැගිට ලිදවෙත ඇදින. ඈ ලිංපතුල දෙස බලා සිනාසී සිය මරැවා වෙත නිහඩව ලගාවුනි. ඇයගේ මරණය ගම්මුන්ට එතරම් ගනනක් නූයේ ඇය පිටගම් කාරියක වීම නිසාය. එනමුදුගමේ තලතුනා ගැහැනුන් අකම්පාල වූයේ ඇය ට ලැබෙන්නට සිටි දරැවා ගැනය .
බණ්ඩර ගුරැන්නාන්සේ ගේ ඉහේ මලක් පිපුනා වැනි සතුටකින් සිටියද, පුංචා සිටියේ එතරම්කැමත්තකින් නොව. ඒ තමාට අතගැසීමට සිදු වූ පාපකාරී වැඩය ගැනය ...
අහසේ පායා තිබූ අවසන් සද පළුවද ආලෝකය වසන් කර මුළු පරිසරයම අන්දකාරයේ ගිල්වාය අතවැසි කොළුවන්ද පුංචා ගුරාද බන්ඩර ගුරැන්නාන්සේද ⁣පාළු කනත්ත සොයා ඇදුනේ ගොදුරකට ඉව අල්ලන සතුන් ලෙසය එය එසේ වුවද අදුන සකස්කරගන නිම කරගන්නා තුරාවට ජීවිතය සෑම තත්පරයකම අනතුරේ බව බන්ඩර ගුරා මැනවින් දැනසිටියේය.
මුරැතවෙල බෝවල ගම්මානය පාළු සොහොන් පිටියට පැමිනි පිරිස විලක්කු එලියෙන් සොයාගත් මල්හාමිගේ මිනිවල හාරන්නට විය ලෑලි පෙට්ටිය ගොඩට ගෙන මතුරා ගත් කහ දියරෙන් මිනිය නහවා අසල සිටවූ කනුවේ ගැටගැසුවේ හාත්පස ඝන අන්දකාරය දෙසද බලමිනි සෙස්සෝ බියව තැතිගෙන සිටියද බණ්ඩර ගුරැන්නාස්සේ සියල්ලන්ටම මැතිරෑ යම් කුඩක් අතට දුන්නේ හදිසියක් වුවහොත් බාවිතාකිරීමටය මැදියම පසුව ඇත. කලමනා ලෑස්තිකර සියල්ල සූදානම්ය අප්පු කොළුවා වීමට යන දේ කුමක්දැයි සැකයත් බියත් අතර හිදිමින් සිටිති. පුංචා උඹ දන්නවනේ හරිය අමුතුවෙන් කියන්න ඕන නෑ මම ඔය මල්ලෙ තියන ඒවා ඒඒ වෙලාවට එන එකාලට දීපිය බියගන්න එපා එහෙම වුනොත් වුනොත් කම්මුතුයි.
අප්පුවා උඹ මගේ ලග හිටු ගුරැගේ අණ අණමය ඈතින් උලමෙකු කෑගසයි සීතල හුලන් දහර වේගයෙන් හැමුවේ දැල් වූ පන්දම් නිවා දැමීමට මෙන්ය අප්පුවාට පැවරෑ කාර්ය වූයේ වලේ දැප මතුරා දෙන දුම්මල කුඩු ගිනි කඹලට දමා මිනියගේ මූනට ඇල්ලීමය වලේ දැප ගුරා මහ හයියෙන් මන්තර ජපකර දුම්මල කුඩු අප්පුවා අතට දෙයි අප්පුවා ඒ දෙන කුඩු රැගෙන කඹලට දමා මිනියේ මූනට අල්ලයි විටින් විට පැමිනෙන නොපෙනෙන බලවේගයන්ට මැතුරෑ බිත්තර උක්ගස් මකුණුදැල් ආදිය අන්දකාරයේ දිසාවට පුන්චා විසිකරයි වලේ සිට ජපකරනා මන්තර වේගය වැඩිවින පුන්චා ගේ ද සිටි සෙස්සන්ගේද සියොලග දහදියෙන් නැහැව ඇත එක් වරම ෑතිනි මහා ගොරවනා සදිදයක් ඇසින එපා යැයි කීදෙය පුන්චා ට ඉබේම සිදුවුනි හඩ දිසාවට කුකුලා විසිකරනව වෙනුවට හේ එදෙස බැලීය පැමිනි දිස්ටිය පුන්චාබිලිගත්තේ සෙස්සන් හිස් ළු අත දුවන්නට සලසමිනි ගසේ බැද හුන් මිනියේ දිව එලියට ඇදී ඇත බන්ඩර ගුරැ වලට බැසීමට පෙර කී දෙයක් ශනිකව මතක්වින වල අසල තිබූ මැතිරෑ කහ දියර මුට්ටිය හිසේ වත්කරගත් අප්පුවා කලය වලතුලට දැමීය එම හේතුවෙන් බන්ඩර ගුරා ත් අප්පුවාත් බේරින එන මුදු එදා කාර්යට සහබාගී වූ එකදු අයෙකුවත් අදද ආගියතක් නොමැත.... පසුව දින ගනනාවකින් බන්ඩර ගුරා මියගියේ හිටිවනමය ⁣ගම්මානය තුල හදිසියේ එකා දෙන්නා හිටිවනම මියයන්නට විය මියයාමට පරතම වදුරන් බල්ලන් දකිනා මොවුන් අන්න වදුරා යැයි අත දිගහැර පෙන්වයි වදුරකු නැත සෙම දමා මිය ගොස් වැටේ මන්ද ගුරැකම වැරදී ඇත. අදුන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය ගම්මානයේ රැදී ඇත ආරන්චිය පැතිරගොස් පරසිද්ද ඇදුරන් පැමින වැඩකලද පලක් නොවීය පසුව ගම හතර කොන සීමා කොට දින සතක් එකදිගට පිරිත්කියා ගම උවදුරින්බෙිරාගෙන අැත. මල මිනියේ එලියට ඇදෙනා දිවෙන් වැගිරෙනා මිනී තෙල ගෙන එයට දිශ්ටිකවා එයින් වැඩගැනීමට සිටි අය අකාලයේ මිය ගියහ දලගිරි අදුන අදුන් අතරින් බයානකම අදුන එය බව පැවසේ ගම් දනව්සුනුවිසුනු කල හැකි අයුතු දේ සදහා යොදාගන්නා බයානක දෙයක සැකස්ම එයින් නැවතින .......

Wednesday, October 18, 2017

කවුද වැලැක්(Valak) කියන්නේ

Valak, or Volac, or Valu
Valak කියන්නේ ගොතික් සාම්ප්‍රදායන් තුල ඉන්න බලගතු යක්ෂයෙක් .ඇමිටිවිලා, The Conjuring 2 වගේ චිත්‍රපට තුල මෙම යක්ෂයා කන්‍යා සොහොයුරියකගේ වේෂයෙන් පෙනී සිටිනවා. තවත් සමහර තැනක ඔලු දෙකක් සහිත මකරෙක් පදින සුර ලෝකයෙන් ආපු කෙනෙක් කියලත් කියනව. The Lesser Key of Solomon ග්‍රන්ථයේ සදහන් වන පරිදි දේවාලයේ ප්රධාන ක්රීඩකයා වන අතර මෙම භූතයා කුමන්ත්රණයේ ප්රතිඝාතිවාදියෙකු ලෙස තෝරා ගනු ලැබීය. ඉතාමත් බලගතු යක්ෂණියක් වන අතර අති භයානක ආත්මයක් ලෙසත් සැලකේ.
ValacConjuring2FeaturedImage

The Conjuring 2 චිත්‍රපටියෙහි ලිහිල් ව පදනම් වී ඇත්තේ Ed සහ Lorraine Warren විසින් කරන ලද ගවේෂණයන් වන අතර මෙහිදී මැය The Enfield Poltergeist ලෙසද හදුන්වයි.

bd38999c-3190-41ca-9bff-e20ddfaa4097-1-1463836797035

The Sixty-second Spirit is Valak, or Volac, or Valu.

Goetia – S. L. MacGregor Mathers (1904) (quoted)



The Sixty-second Spirit is Volac, or Valak, or Valu. He is a President Mighty and Great, and appeareth like a Child with Angel’s Wings, riding on a Two-headed Dragon. His Office is to give True Answers of Hidden Treasures, and to tell where Serpents may be seen. The which he will bring unto the Exorciserwithout any Force or Strength being by him employed. He governeth 38 Legions of Spirits, and his Seal is thus.

Tuesday, October 17, 2017

~ ඔබේ අවශ්‍යතාව අනුව පැලැඳිය යුතු රුද්‍රාක්ෂ වර්ගය ~

Image result for රුද්‍රාක්‍ෂ
ලොව පහළ වූ ශාක අතුරින් ආශ්චර්යවත් ශාක බීජයක් ලෙස රුද්‍රාක්ෂ හඳුන්වයි. පුරාණ වේද ග්‍රන්ථවල සඳහන් දේව කතාවලින් හෙළිදරව් වූ පරිදි දෙවියන් විසින් මනුෂ්‍යයාට දායාද කළ මහාර්ඝ වාස්තුවකි රුද්‍රාක්ෂ. එනම් රුද්‍රාක්ෂයට මහ බ්‍රහ්ම, ශ්‍රී විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ හිමිකම පවතී. රුද්‍රාක්ෂය මඟින් මනුෂ්‍යයාට දෙවියන් සමඟ සන්නිවේදනය කිරීමට හැකි බව අත්දැකීම්වලින් හෙළිවී ඇත.
රුද්‍රාක්ෂයට නිසි පරිදි බීජ මන්ත්‍ර, ස්තෝත්‍ර, ජපවිධි, පුද පූජා මඟින් බලය වර්ධනය වූ පසු සන්නිවේදනය පවත්වා ගත හැකිය. පුරාණ ඍෂිවරුන් මෙන්ම වර්තමානයේද හිමාල අඩවියේ සිටින යෝගීන්/තවුසන් දෙවියන් සමඟ කතා කිරීමට, දර්ශනය වීමට, ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමට, දීර්ඝායුෂ විඳීමට, ස්වර්ග මෝක්ෂ සම්පත්තියට රුද්‍රාක්ෂ උපයෝගී ආදේශක මෙවලමක් කරගෙන ඇත.

සැබවින්ම රුද්‍රාක්ෂ දරන්නා එය සුපිරි ශුද්ධ වස්තුවක් ලෙස භාවිත කළ යුතු අතර ඊට අදාළ වත් පිළිවෙත් භාවිත කළ යුතුය. අදාළ දෙවිවරුන්ට පුද පූජා, ගරු බුහුමන් පැවැත්විය යුතුය. නිර්මාංස, මතින් තොර, ගුණ යහපත් දිවි පෙවෙතක් ගත කළ යුතුය. එවිට රෝග නිවාරණයට, ලෞකික දියුණුවට, මානුෂික අපේක්ෂා සාක්ෂාත් කර ගැන්මට හැකිවෙයි. මේ සඳහා රුද්‍රාක්ෂය ප්‍රදර්ශන භාණ්ඩයක්වත්, ශරීරාලංකාර ආභරණයක්වත් නොකළ යුතුය. දැනුමත්, බුද්ධියත්, භක්තියත් මේ සඳහා තිබිය යුතුය.
බොහෝ පුද්ගලයන් කරනුයේ මැණික් මුද්දක් හෝ යන්ත්‍රයක් හෝ පැලැඳ සියල්ල ඊට පවරා ජීවිතය පවත්වාගෙන යෑමයි. නමුත් රුද්‍රාක්ෂය නිතර පිරිසුදු කිරීම, වත්පිළිවෙත් කිරීම, ස්තෝත්‍රාදිය කීම, දෙවියන්ට පුද පූජා තැබීම මඟින් නොසිතූ විරූ පිහිටක් ලද හැකියි.
ඒ සඳහා සුදුසු රුද්‍රාක්ෂ වර්ගය, දෙවියන් හා ග්‍රහ දෙවියන් හඳුනාගත යුතුය.

වර්ගය - දෙවියා සහ ග්‍රහයා - ප්‍රයෝජනය පිළිවෙලින් පහත දැක්වේ.


ඒක මුඛී - ඊශ්වර, රවි - ආධ්‍යාත්මික දියුණුවට, සාමකාමී ජීවිතයට, භෞතික දේට නොඇලීමට, සුපිරි ආධ්‍යාත්මික තත්ත්වයට


ද්විමුඛී - ශිව පාර්වතී සඳු - මිත්‍රශීලී පවුල් ජීවිතයට, මිත්‍ර සමාගම් බහුලවීමට, ගුරු ශිෂ්‍ය, අඹු සැමි, පිය පුතු මනා සබඳතාවට


ත්‍රිමුඛී - අග්නිදේව කුජ - හැම අතින්ම බලය හා ශක්තිය වර්ධනයට, මානසික ආතතිය දුරුවීමට, අතීත කර්ම දුරුවීමට


චතුර් මුඛී - මහා බ්‍රහ්ම බුධ - සාර්ථක අධ්‍යාපනයකට, නිර්මාණාත්මක හැකියාවට, ගුරුවරුන්ට, කථිකාචාර්යවරුන්ට, විද්‍යාඥයන්ට, කලාකරුවන්ට, ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට


පංච මුඛී - කාලාග්නිදේව ගුරු - ධාරණ ශක්තිය වර්ධනයට, අතීත මතක අවදිවීම අනපේක්ෂිත මරණ වැළැක්වීමට


සය මුඛී - තාර්කිකේය සිකුරු - අධීක්ෂණ, කළමනාකරණ, පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නියැළෙන්නන්ට, නීතිමය ගැටලු නිරාකරණයට


සප්ත මුඛී - මහා ලක්ෂ්මී ශනි - ආර්ථික අපහසුතාව නැතිවීම, ව්‍යාපාර කඩා වැටුණු අයට, අපේක්ෂා භංග වූ අයට, සම්පත් සාධනයට, සෙනසුරු ඒරාෂ්ටක අපල දුරුවීමට


අෂ්ට මුඛී - ගණ දෙවි රාහු - සංවිධාන ව්‍යාපෘතිවල යෙදෙන්නන්ට, මානසික කලකිරීම් දුරුවීමට, වාද විවාද ජයග්‍රහණයට, ආර්ථික දියුණුවට, බුද්ධි වර්ධනයට


නව මුඛී - දුර්ගා දේවිය කේතු - කාන්තාවන්ගේ ආරක්ෂාවට, හතුරු බල බිඳීමට, නාමයට, කීර්තියට, ප්‍රසිද්ධියට, ආත්ම ශක්තියට.


දශ මුඛී - ශ්‍රී විෂ්ණු නව ග්‍රහයන් - නීතිමය ගැටලු නිරාකරණයට, හතුරුබල බිඳීමට, නවග්‍රහ අපල බිඳීමට


එකළොස් මුඛී - හනුමන් - ව්‍යාපාර ස්ථාවරත්වයට, දුගී බව නැතිවීමට, භයානක රෝග වැළැකීමට, වෘත්තීය හා ව්‍යාපාර දියුණුවට, එතෙර බාධක දුරු වීමට.


 ‍ෙදාළොස් මුඛී - සූර්යදිව්‍ය - රාජකාරි හා සමාගම් හි බැබළීමට, ආර්ථික අතින් දියුණුවට, භෞතික හා දේපළ දියුණුවට පරිපාලන හැකියාව වර්ධනයට, මිත්‍ර සබඳතා හා ගරුත්වයට


තෙළෙස් මුඛී - ඉන්ද්‍ර හා කාමදේව - නායකත්ව බලයට, නාමය කීර්තිය ඇතිවීමට, ආකර්ෂණය, කලා නිර්මාණ දියුණුවට, ලේඛන කලාවට, කතාවේ දක්ෂතාවට, ප්‍රකාශන හැකියාවට, සාර්ථක යුගදිවි ආස්වාදයට


තුදුස් මුඛී - ඊශ්වර - කුණ්ඩලනී ශක්තිය ලැබීමට, මතුභවය උසස්වීමට, ව්‍යසන විපත් දුරුවීමට, වත් පෝසත්කම් ආරක්ෂාවට, අසහනය දුරුවීමට, වාසනාව ඇතිවීමට


පසළොස් මුඛී - පශුපති (ශිව) - බලාපොරොත්තු නොවූ පරිදි මූල්‍ය ලාභ, දේපළ වස්තු ලාභ, ප්‍රාර්ථනා ඉටුවීමට, උසස් සිතුවිලි ඇතිවීමට


සොළොස් මුඛී - ශ්‍රී රාම - සෑම අතින්ම ජයග්‍රහණයට, කීර්තියට, ප්‍රසිද්ධියට හා ගරුත්වයට, නිරෝගීකමට, ධන සම්පත් ලැබීමට, හතුරු බල මර්දනයට
බද්ධ වූ රුද්‍රාක්ෂ යුගලක් - ගර්භ ගෞරී ශංකර් (ශිව - උමා) - ගබ්සා වීම වැළකීමට, විවාහ ඉක්මන් වීමට, දරු උපත් සාර්ථක වීමට

කට්ටඩියෙකු තම ජිවිතයේ ලද බිහිසුණුම අත්දැකීම මෙන්න..

Image result for werewolf
ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය. දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා‍ සිව් මුනිබුරන් දැක ඇත්තෙකි. ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර සිය ජිවිතයේ ලද අත්දැකිම් වලින් එකක් මේ විදියට අපිත් සමග හෙළි කළා..
වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි.
සදලතා සදක්වන් රෑමත්ය. ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි. වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය. වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි. බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි. පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි. රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය. ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය.
“කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ. අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි. අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය.“ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි. මට ඔහේගේ දුක තේරෙනව. හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්‍ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”“එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ” පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය.
“මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල. ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ්”
“බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”
ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි. රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය.
හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ. පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.
කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්‍ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි. යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.
“යක්කු එලවන මංත්‍ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්‍ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන.‍ යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ” වාසනහාමි කට්ටඩි මාමා කීය.
“ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ, ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා”
කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරුනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි.
ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි. රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි.
“ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරුමාලා දේවතා අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි. මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි. ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය.
“බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
“වලංගු නැහැ මට යන්න දිපියෝ..” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
“හක් – වලංගු නැහැ.. කට්ටඩි මාමාද සැර විය.
“කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද..?” – යක්ෂයා නිරැත්තරයි.
“කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ” කට්ටඩි මාමා ගෙරවිය. එහෙත් ඇය නිහඩයි.
“ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද”
ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම්”
“මම වලංගුයි වලංගුයි” ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි.
“හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල”
“මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ”
“තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
“ම‍ට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම්”
“ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
“මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි. විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත. කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.
“ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්‍රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ.
ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්‍යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.
වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි. තවත් මොහොතක් අමනුශ්‍ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්‍රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.
“ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ..”
සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.
හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය. තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්‍රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය. නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි.
සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි. තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා‍ කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.
“මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති. ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්‍ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි. උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ. පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි. තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි. නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.
මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
“කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා. විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්‍ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව. මම එතනින් පසු බැස්සේ පාත රට මංත්‍ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි. මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි.
“එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද” අත්තේවාසිකයකු විමසිය. “ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ. හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති. දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.
“බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලා‍ලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි. කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”
වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය. උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ. දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්‍රයකි.
“ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ.. හත්තිලව්වේ..”
කට්ටඩි තැනගේ මංත්‍රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය. ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි. පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි. ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි. සියලුම කාර්යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය.
“මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්‍ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්කි සිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා..” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය.

Monday, October 16, 2017

හැංගිමුත්තං

Image result for ghost girl
" මොනාද ?.."

" ශෝටීස් මොනා හරි ගේන්න..."
තාලයට වැදෙන කොත්තු නාදයත් සමහ විනාඩියක් පමණ ගත විය

" ටිං ටිං ටිටිං.. ටිං ටිං ටිටිං..."
Viber ඇමතුමක්...

" හෙලෝ දහම් කරුණාරත්න speaking ...
ආ මචං... ඔව් ඔව් උදේ ආවෙ දැන් මේ මහ ගෙදර යන ගමන් ... හරි මචං තැන්ක් යූ මං ගිහින් කෝල් කරන්නම්.."

ඒ අතර වේටර් මහතා පැම්ණ

" මේක මාලු, මේක බිත්තර, සැමන් , සීනි සම්බෝල, එලවලු.."
ඔහුගේ කියවිල්ලේ වේගය රැකියාවේ පලපුරුද්ද කියා පෑවේය

" මොනාද බොන්නේ..."

" ම්ම්ම් ටී එකක් ගේන්නකෝ..."

" ටී එකායි....."

ගිමන් නිවා ගැනීමට අවශ්‍ය නිසාත් යන මාර්ගය නිවැරැදි කර ගැනීමට අවශ්‍ය නිසාත් හංදියක තිබූ ආපනශාලාවක නතර කලෙමි..

තේ එක මේසයෙන් තබා ඔහු යන්නට සැරසුනි..

" මල්ලි නෙල්ලිය පාරට වැටෙන්න ලේසි කොහොමද "
ඔහු නතර කරමින් මා ඇසීමි.

" තව ටිකක් මහ පාර දිගේ ගියාම දකුණට පාරක් තියෙනවා ඒකේ දිගටම ගියාම කැටපොල් කරුව වගේ හන්දියක් හම්බෙනවා ඒකෙන් වමට.. "

" කොල්ලෝ ඇයි බං මේ පිට මනුස්සයෙක් මේ හැන්දෑවේ කෑලෑවෙ අතරමං කරන්න හදන්නේ..."

මම නැගිට මුදලාලි අසලට ගොස් 500 නෝට්ටුවක් දිග හැරියෙමි.

" මෙතන ගාන කීයද..."

" 120..." ගෝලයා කෑ ගැසීය

" මහත්තයා සිගරැට් එහෙම..."

එපා කියන්නට මෙන් මා හිස වැනීමි.

" මෙන්න ඉතුරු... මේ කලුවර වැටෙන්න ලං වෙලා ඉද්දි ඔය කැලෑවෙ යන්න එපා... මහ පාර දිගේ දිගටම යන්න... ලොකු තුං මං හන්දියක් අහු වෙයි... එකෙන් දකුණට දාලා දිගටම යන්න ඒ කාපට් පාර ඉක්මනට යන්න පුලුවන් ,"

" හරි අංකල් ගිහින් එන්නම්...."
තීරණයක් නොගෙන මා එලියට බැස්සෙමි

මෝටර් රථයට නැග ඔවුන් කී දෙසට ගමන් කර පලමුව නතර වූයේ කඩයේ ගෝලයා කී හන්දිය අසලයි.. මෙතනින් හැරෙම්දෝ නැත්දෝ කියා කල්පනා කලේ රාත්‍රි අදුර එහෙන් මෙහෙන් එබිකම් කරන නිසාය. කෝකටත් දුර පාර හොදයි යැයි තීරණය කල මා ඊලග හන්දියෙන් හැරීමට ඉදිරියටම ගමන් කලෙමි.

මා විදෙස් ගත වී සිටි නිසා මහ ගෙදර යතුරු අසල්වැසි නිවසක තබා ඇත.. මගේ පැමිණිම ඔවුන්ට දන්වා තිබුනත් තරමක් රෑ බෝවීම ඔවුන්ට කිව යුතු යැයි මම සිතිමි

" අක්කේ මං මග එන ගමන් හොදද.. ඔයාල නිදා ගන් නෑ නේද දැන්ම... "

" අපෝ නෑ ඔයා එන්න අපි කොහොමත් රෑ වෙනකන් tv බලනවා .."

..............................................................................

අසල්වැසි නිවසෙන් යතුර ඉල්ලා ගත් මා බොරලු ඇතිරූ පාර දිගේ රථය ගෙන ආවෙමි.. අපගේ ඉඩම තරමක් විශාල නිසා යාබද නිවසටත් සැලකිය යුතු දුරක් පැවතිය... කුඩා කල මතකයන් කිහිපයක් මෙහි තිබුනත් සිතට දැනුනේ අගන්තුක බවකි..

නිවස පිහිටා තිබුනේ මිදුල මැදය... අලුත් උලු සෙවිලි කල වහලයක් තිබුනත් මගේ මතකයේ තිබුනේ සිංහල උළු වහලයකි.. පැරණි තාලයට නිමවා තිබුනු එහි ආගන්තුකයන් ට වෙන්වූ ඉස්තෝප්පු කාමරයක් ද විය..

යතුරු කැරැල්ලේ තිබූ යතුරු එකින් එක මාරු කරමින් අගුල ඇරීමට උත්සහ කලත් සෑහෙන කාලයකින් විවෘත නොකල නිසා සිරවී ඇතැයි මට සිතුනි. නැවත අගුල කරකවමින් මද වේගවත් තල්ලුවක් දුන් විට දොර පියන් දෙක දෙපසට තල්ලු වී ගියේ යතුරු කැරැල්ල ද විසි කරමිනි.

පරිසරයේ නුහුරු බව හොදින් දැනුනේ අන්දකාරයත් සමගයි.. දුරකථන යේ අධාරයෙන් විදුලි ස්විච සොයා ගත්‍තත් ඒව වැඩ කරයි යන විස්වාසයක් තිබුනේ නැත. නමුත් පුදුමයකි... සියල්ලම නැතත් අදුර මැකීමට ඇති තරම් පහන් දැල්වෙන්නට විය..

නිවසේ සියල්ල සුදු රෙදි වලින් වසා තිබින.. බඩුමුට්ටු බොහොමයක් දක්නට නොලැබුනු හිස් සාලය නැගෙන හැම හඩක්ම දෝංකාර කර මට නැවත ඇසෙන්නට සැලැස්වීය..

අවශ්‍ය වූයේ හොද නින්දකි.. උපතින්ම කම්මැලිකම දායාද කරගෙන ආ මා හට මේ මොහොතේ ආ එකම සිතුවිල්ල වූයේ නිදා ගන්නට තැනක් අස් පස් කර ගත යුතුයි යන කම්මලි කමයි.

එසේ සිතමින් සිතට හුරු බවක් දැනුනු කාමරයක් වෙත ගියේ දූවිලි පිරුණු ගුහාවක් බලාපොරොත්තුවෙනි ...

" ෂා නියමයිනෙ...."

මට කියවුනේ හොදින් පිලියෙල කර තිබූ කාමරය දැකීමෙනි. එය එසේ වූයේ කෙසේදැයි කල්පනා කිරීමට අවශ්‍ය නොවීය. සුව නින්දක් සදහා සූදානම් වුනෙමි. ඇද අසලම තිබූ විදුලි පේනුවට දුරකථන ය සංධි කල මා ඇදට වැටුනේ මේ පාලු ගෙදර තනිව මා කුමක් කරම්දැයි සිතමිනි. දෙමව්පියන්ගේ අවසන් කැමැත්ත වූයේ මා මෙහි නතරවනු දැකීමය නමුත් මගේ රාජකාරි සමග එය කෙසේ කරම්ද.

..........................................................................

" ඩොහ් ඩොහ් ඩොග් ...... ගෙදර කවුද....? "

මා අවදි වූයේ කාන්තා කටහඩක් සමගය... හනික ඇදෙන් බැස ගත් මා කබ කඩමින් සාලයට දිවුවේ දොරට ගසන ස්වරය අනුව ඇය සෑහෙන වේලාවක් සිට රැදී සිට ඇති බව දැනුණු නිසාවෙනි.

දොර තවමත් හිරය .. වැරෙන් එය ඇද්ද විට සොයිබ අගුලු එකිනෙක වදින " ඩක ඩක ඩක..." යන හඩ සමග දොර පලු විවෘත විය.

" ආ අක්කේ... ගොඩක් වෙලාද ඇවිත්."

" ටිකක් වෙලා ඉදන් කතා කරල යන්නත් හදද්දි තමා මල්ලි ආවෙ... ආපු ගමන් උයා ගන්නත් බෑනේ මං මේ කෑම ටිකක් ගෙනාවා..."

" අනේ ගොඩාක් පිං .. මං මෙහෙ නතර වෙන් නෑ අක්කේ ආයේ එහෙ යන්න ඕන.."

" ආයෙ රට යනවාද.. ෆෝන් එකෙන් කතා කලාට මල්ලිව දැකල තිබ්බෙ නෑනේ "

"ඒකනේ මං ඉතිං කොලඹ නෙ ඉගෙන ගත්තෙ එහෙම්ම රට යන්න හම්බුනා ඉතින් ගමේ ආවෙම නෑ.. අප්පච්චිගෙ මළ ගෙදර එද්දි ගොඩාක් පොඩි නෙ අම්මගෙ එකට නම් එන්නත් බැරි උනා හදිස්සියෙනෙ නැති උනේ..."

" හ්ම්ම්ම් ඒකනේ..අපේ දුවත් ඉස්සර මෙහෙම තමා ආච්චි ආච්චි කිය කිය හිටියේ.. ඉතින් ඊයෙ නින්ද ගියාද .. මල්ලි මහන්සි වෙලානේ එන්නෙ කියලා උදේම අයියයි මමයි ඇවිත් කාමරයක් අස් කරල දැම්ම... අයියා බල්බ් 2ක් 3කුත් දැම්ම මගෙ හිතේ..."

" අනේ ඒක නම් ගොඩාක් ලොකු දෙයක්.. ඇදට වැටෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර මං ආවෙ.. "

" දවල්ටත් මං කෑම එකක් එවන්නම්කො."

" අනේ අක්කට කරදරයි..."

"මොන කරදරයක් ද කොහොමත් උයන එකනේ..."

ඇය ඉතාමත් කරුණාවන්ත තැනැත්තියකි.. තැනින් තැන අදුරු වූ මුහුණ ඇගේ සැබෑ වයසට වඩා වැඩිමහල් බවක් මවා පෑවේ ගිනි අවුවේ කුඹුරු වැඩ කරන නිසා වන්නට ඇතැයි මම සිතීමි.. කෙසේ නමුත් ඇයට මුදල් දී ඇය ලවා කෑම උයා ගත හැකි නම් කියා සිතමින් කෑම පිගානද රැගෙන නිවස තුලට ගියෙමි...

විදුලි පහන් නිවා දමා නිවස වටේම තිබූ ජනෙල් හැර දැමුවේ පුස් මුඩු ගද පහවී යාවි යැයි සිතමිනි... සාලයේ පලමු ජනෙල් දෙපියන එලියට තල්ලු කරත්ම මා දුටුවේ සුන්දර දසුනකි.

මිදුලේ පැත්තක වැඩී තිබූ කොස් ගසක උස් අත්තක බැද තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටියේ පාසල් යන වයසේ දැරියකි.... මද වේලාවක් ඇය දෙස බලා සිටියේ මට මග හැරුනු ළමා කාලය වෙත ඇය මා ගෙන ගිය නිසාය.

" නංගී..."
ජනෙල් වැටෙන් අත දමා ඇයට කතා කලෙමි..

ඔංචිලි පදිමින් ම ඇය මා දෙස බලා සිට ඔංචිල්ලාවෙන් පැන දුවන්නට විය... ඒත් සමගම නිවස ඉදිරියේ
" ටක ටක ටක ටක ටක " ලෙස නොකඩවා ඇසුනේ දොරකට තට්ටු කරන හඩකි..

මා වහාම දිව ගියේ ඒ කුමක්දැයි බැලීමටයි..

" නොදකින් .... දුඃ බල්ලා... "
ආගන්තුක කාමරයේ දොර අසල වැතිර සිටි හොරිකඩ බල්ලෙකි ඌ කසන විට උගේ පාදය දොරේ වැඩී එම ශබ්දය නිකුත් වී ඇත..

බල්ලා නිවසට ඇතුල්වේ යැයි යන බියට මහ දොර තද කර වසා ආවෙමි.. ලැප්ටොප් පරිඝණකයත් ආරෝපණය වීමට සවිකර ආයතනයෙන් emails ලැබී ඇත්දැයි පරීක්ෂා කලේ ඉතාමත් අපහසුවෙනි.. නගරයෙන් තරමක් ඇතුලත නිසා සිග්නල් අවරණය ඉතාමත් මන්දගාමී විය.

මා ලැප්ටොප් එක උකුල මතට ගෙන සැටියේ එරමිණියා ගොතා වාඩි වි කම්මැලි කම යන්නටත් එක්ක චිත්‍රපටයක් නැරඹීමට තීරණය කලෙමි. චිත්‍රපටයේ අදුරු පසුබිම් වලදී තිරයෙන් මගේ මුහුණම මට පෙනුනත් මා එක්වරම දුටු දෙය සිතා ගැනීමට නොහැකි විය.

මා පිටුපසින් වමේ සිට දකුණට ඇදී ගිය ඡායාවක් තිරයෙන් දුටු මා වහාම පිටුපස හැරුණත් එහි කිසිවක් නොවීය.. දෙතුන් වතාවක් වටපිට බැලූ මා නැවත චිත්‍රපටයට අවදානය යොමු කලෙමි. නමුත් තත්පරයක්වත් ගත වූයේ නැත.

" ඩක ඩක ඩක ඩක" යන හඩ නිකුත් කරමින් ඒ ඇරුනේ මහ දොර බව නම් මට හොදින් ම විස්වාසය.. පරිඝණක ය තබා මා එහි ගොස් බැලීමි නමුත් කිසිවෙක් නොවීය. තල්ලු කර හැරීමටත් අපහසු දොරක් සුලගට නම් කිසිසේත් විවර විය නොහැකිය..

" හ්ම්ම්ම් ..." හුස්මක් හෙලූ මා මිදුලට බැස වටපිට බැලුවෙමි..

" ආ. ...."
අර ගැහැණු ළමයා නැවතත් ඔංචිලි පදිමින් සිටී...

මෙවර ඇය සිටින්නේ මට පිටුපා නිසා ඇයට මා නොපෙනේ .. මා සෙමින් සෙමින් ඒ දෙසට ගමන් කලෙමි .. ඇයට තිබුණු දිගු වරලස ඔංචිලි තාලයට අනුරූපව ලෙලදෙමින් ඇයව තවත් සුන්දර කලාය.තව තවත් තව තවත්... ලගටම ගමන් කලෙමි...

" හි හි හි....."
ඇය තනිවම සිනාසෙමින් ඔංචිල්ලාව සෙමින් පදී..

" හලෝ කොහොමද ...." මම ඇසීමි

ඇයගේ සිනහව නතර විය නමුත් ඔංචිල්ලාව නතර නොවීය.. ඇයත් කිසිවක් කිව්වෙ නැත

" නම මොකක්ද ?."

" මලී....."
ඔංචිල්ලාව පදින අතරම ඇය කීය

" කොහෙද ඉන්නේ..."

එයට පිලිතුරක් ලැබීමට කාලයක් නොවීය

" මල්ලී.... "

" එනව අක්කේ ...."

ඇයට පිලිතුරු දී නැවත ඔංචිල්ලාව දෙස හැරෙත්ම මලී දුවන්නට විය...

" කොහෙද දුවන්නේ... "

පිලිතුරක් නොදුන් ඈ වත්ත පිටුපස කැලයටම දිවීය.. මා පැද්දෙන ඔංචිල්ලාව අතින් අල්ලා ඒ දෙසම බලා සිටියෙමි...

" මල්ලි මොකෝ ඔංචිල්ලාව පදින්න ද කල්පනාව"

" හෙ හෙ නෑ අක්කේ කම්මැලිකම ට ආවේ මේ පැත්තට..."

" හ්ම්ම් අපේ දුවත් හරි ආසාවෙන් මේ ඔංචිල්ලාව පැද්දා මල්ලිගෙ අම්ම ඉද්දී... රෑ වෙනකන්ම මෙහෙ තමා.. ආච්චිව බය කරන එකමයි වැඩේ හැංගි හැංගි.. හැංගිමුත්තන් කරන්න හරි ආසයි "
මැලවුණු ස්වරයෙන් ඇය කීවාය
" මල්ලී අපි ගමනක් යන්න හදන්නේ.. මෙන්න දවල් කෑම එක.. අපි එනකොට රෑ වෙයි.. මොකද කරන්නෙ.."

" අනේ ඒ ගැන හිතන්න එපා මං ඒක මොකක් හරි කර ගන්නම්.."

ඇයට එසේ කීවද කෑමට වන්නේ කඩයෙන් බව මම හොදින් දනිමි... එසේ සිතමින් කෑම පිගානද රැගෙන නිවස තුලට ගොස් කුස්සියෙන් තබා වසා නැවත කාමරයට ආවෙ මදක් ඇලවී සිට පසුව කෑ යුතුයි සිතමිනි. කොට්ටයද ඇද වට්ටමට තබා දුරකතනය ද අතට ගත්තේ උවමනාවටත් වඩා පුරුද්ද ට මෙනි..

නොදැනීම නින්දට වැටී ඇති මා අවදි වූයේ මදුරුවන් ගේ අමිහිරි කෙදිරිලි නිසාත් දශ්ඨ නිසාත් ය.

" දෙයියනේ කලුවරත් වැටිලා..." මට කියවුනේ දවල් කෑම පිගානට කුමක් වී ඇතිදැයි සිතුනු නිසාය.

අතපය දිග හැර හිරි ඇර නැගිටීමට සැදුවා විතරයි මා දුටුවේ කාමරයේ දොර රෙද්ද මෑත් කරමින් කවුරුන් හෝ එබිකම් කරන බවය...

" කවුද ඔතන...." අසමින් මා නැගිට්ටෙමි.

එවිටම එතන සිටි කවුරුන් හො දුවන හඩත් පිටුපස දොර වැසී යන හඩත් ඇසීය...

" මේ පොඩි එකා නම් හරි යන් නෑ...."
හරි හැටි කතාවත් නොකරන ඇය මොකට මෙසේ එබිකම් කරන්නේ දැයි මට සිතිනි..ඒත් අක්කල එන්න රෑ වෙනවා කියුවනේ...

කුස්සියට ගිය මා දවල් කෑම එක පරීක්ෂා කර බැලුවේ එය නරක් වී ඇතිද කියාය නමුත් ගැටලුවක් නැත වේලාව 7 ට පමණ ආසන්න නිසා රාත්‍රියට ත් එය ප්‍රමාණවත් විය.

දහවල් නිදා ගැනීම කොතරම් මූසලද යැයි හැගුනේ කෑම අවසන් කර නැවත ඇදට පැමිණි විටයි.. කෙලින් සිටීමට පණ නැති තරම් නිදි මත වුවත් නින්ද නැතිව ඇදේ ඒ මේ අත පෙරලීම මහත් අප්‍රසන්න විය... කොතරම් වෙලා එසේ ඉන්නට ඇතිද මතකයක් නැත.

හිටි හැටියේ මගෙ දෙසවන් යොමු වූයේ
" ක්‍රීඊඊඊක්..... ක්‍රීඊඊඊක් .. ." යන ශබ්ධයක් වෙතය... ඇදුනු ලණුවක් ඒ මේ අත පැද්දෙන බව මට වැටහිනි... එක්වරම සිහියට ආවේ ඔංචිල්ලාව යි.. හිමින් ඇදෙන් බැස ගත් මා කාමරයෙන් එලියටත්... සාලය හරහා ගොස් පැති ජනේලය වෙතත් ඉබි ගමනින් ආවෙමි..

හඩක් නොනැගෙනෙ සේ ජනේලය විවෘත කලත් දුටු දෙයින් මට නිහඩව සිටීමට බැරි විය

" මොනවා...." මට කෑ ගැසිනි.

ඔංචිල්ලාව උඩ වාඩිවී සිටියේ මමම ය.... එය තල්ලු කරමින් සිටියේ අර කෙල්ලයි...
මගේ ශබ්දයෙන් එක් වරම දෙදෙනාම හිස හරවා මා දෙස බැලීය... දැරිය අතින් සංඥා කලෙ ඔවුන් සමග එක් වන ලෙසයි.. ඉන් බිය වවූ මා ජනේලය අසල ඇද වැටුනෙමි..

" ආහ්....." දිගු හුස්මක් සමග මා අවදි විය.... ශික් එය නම් මහ විකාර සිහිනයකි.. සිහිනයක් තුල සිහිනයක් මා දැක ඇත..

නමුත් එය කෙතරම් තාත්විකද යත් මට නැවත ගොස් ඔංචිල්ලාව දෙස බලන්නට වුවමනා විය පෙර සේම ඉබි ගමනින් මා ඇදෙන් බැස ජනේලය වෙත ගියේ එය සිහිනයක් ම වේවා යැයි සිතමිනි... ජනෙල් පලුවේ අගුල හැර නැවතත් කල්පනා කලෙමි... ම්ම්ම් එක්වරම මා එය ඇර ඔංචිල්ලාව දෙස බැලුවෙමි...

සුලං පොදක් නැති පරිසරයේ එය පාලුවෙන් මෙන් නිසොල්මන්ව හිදී...

හ්ම්ම් මටත් විකාර

" හෙට නම් අක්කට කියන්න ඕන පොඩි එකා මෙහෙ ඇවිත් මට වද දෙනවා කියලා ..."

රෑ සිහිනෙන් පේන්නට තරම් ඇය වදයක් වූ නිසා මා සිතා ගත්තෙමි...

.........................................................................

"ඩොහ් ඩොහ් ඩොහ්"

" ඩොග් ඩොග් ඩොහ් "

ම්ම්ම්ම් රාත්‍රිය නිමා වී ඇත.. දොරට තඩිබාන්නේ අක්කා විය යුතුය
දිව ගොස් දොර ඇරියේ කෑම පිගානත් අතින් ගත් අක්කා බලාපොරොත්තුවෙනි නමුත් ගෙට ඇතුල් වූයේ ඇය නොවේ ... දොර පලු ඈත් වත්ම මීයෙකු මෙන් හොරෙන් ගෙට රින්ගා ගත්තේ අර කෙල්ලය... ඈ කෙලින්ම සැටිය යටට රිංගා තොල් අතර ඇගිලි තබා මට සංඥා කලේ නිශ්ශබ්ද වන ලෙසය.... ඒ ඇයි මට සිතා ගත නොහැකි විය

දොර වැසීමට නැවත ඒ දෙස හැරුනෙමි...
"

" අම්මෝ..."

" මොකො මල්ලි බය වුනේ..."

" හෙ හෙ නෑ මං එක පාරට අක්කව දැක්කේ ඒකයි..."

මා හැරෙත්ම දොර ලග සිටියේ අක්කාය...කෑම එක අතට දෙන ගමන් ඇය නිවසට එබිකම් කලත් මම එය වැලැක්වීමි.
පොඩි එකා මව සමග ඔච්චම් කිරීමට හැංගිමුත්තන් කරන බව මට වැටහුනු නිසා මා ඇය ආරක්ෂා කලෙමි...

සිනාසුනු ඇය යාමත් සමග පොඩි එකා එලියට විත් මා සමග සුරතල් ලෙස සිනාසිණි

" අම්ම එක්ක හැංගිමුත්තන් කරනවද..."
මම ඇසීමි

" නැහැ "
කියන්නට මෙන් ඇය හිස වැනීය...

" එහෙනම් අපි හැංගිමුත්තන් කරමුද ?"

" හා...ඔයා හැන්ගෙන්න.."

ප්‍රථම වාරය ඇය මට පිරිනැමුවාය. එය මට මහත් විනෝදයක් විය.. ඇය ගනන් කරන්නට ආරම්භ කරත්ම මා ගොස් කුස්සියේ ශීතකරණය පිටු පස සැගවුනෙමි...

ඇයගේ ගනණය අවසන් බව මට ඈසිනි. විනෝදාත්මක කුඩා සෙල්ලමක් වුවත් මා වකුටු වූ සිටියේ මිනි මරුවෙක් මා සොයන්නට ඒ යැයි සිතෙන තරම් බියෙනි...

ඇය ඒ මේ අත දුවන හඩ මට ඇසේ ... හුස්මත් සිර කරගෙන සිටියේ හුස්ම හඩ ඇසේවි සිතාය.. ඒත් සමගම අනපේක්ෂිත වැස්සක් ඇද හැලෙන්නට වූයේ මුලු පරිසයයම අදුරු කරමිනි..

මට දැනුනේ මා මේ ගෙදර සිර කරුවෙකු ලෙසය.. පුංචි දැරියගේ පා සටහන් ඇහෙන්නට නැත.. මා තව තවත් හොදින් කන් යොමු කලෙමි.. වැස්ස හැර කිසිවක් නොඇසේ...

" හොයා ගත්තා....."

" අම්මෝ...."
මට කෑ ගැසිනි... හදවත ගැහෙන හඩ සෑම නාඩියක් පාසාම දැනෙන්නට විය.. ඇය තවමත් මහ හඩින් සිනාසේ... ඒ සිනහවට මහ අප්‍රසන්න තරහක් මට ඇති විය

" දැන් ඔයා..."
මම කීවෙමි. මොහොතක් ගත වන්නට පෙර ඇය දිව ගියේ විදුලි වේගයෙනි. මම එතැනම සිට ගනන් කලෙමි.

"1,2,3 ........ 49.....50... ඔන්න මං එනවා...."

පලමුව මගේ කාමරයේ ඇද යට බැලීමි... එහි නැත.. ඒත් සමගම සාලයෙන් අඩි හඩක් ඇසී මම දිවුවෙමි .. එහිත් නැත. කුස්සියේ... එහිත් නැත... කාමර සියල්ල බැලුවෙමි ඒ කොහේවත් නැත...

" ඉස්තෝප්පු කාමරේ..." මට එක් වරම සිහි විය.. මහ දොරෙන් එලියට ගොස් ඉස්තෝප්පු කාමරයේ දොර හරින්නට උත්සහ කලත් එය අගුල් දමා ඇත.. එහෙනම් ඇයටද එහි යන්නට විදියක් නැත...
වැස්ස සමග හැමූ සුලගින් ඇග වැදුනු සිරිකඩ මගේ ලොමු දැහැගැන්වූයෙන් මා වහාම සාලයට පැන දොර වැසුවෙමි.

" ම්ම්ම්ම්ම් කොහෙ ගියාද "

" ටං ටලං..." එය ඇසුනේ කුස්සියෙනි කුස්සියට ගිය මා දුටුවේ වැටී තිබුනු ඇලුමිනියම් කෝප්පයකි.. නමුත් ඇයගේ චායාවක්වත් නොවීය. ආපසු යන්නට හදත්ම මගේ නෙත් ගියේ පෝරනුව දෙසටයි..

" හ හා.... අල්ල ගත්තා... "
මට කියවුනේ පෝරනුව සමග සකස් කර ඇති කුඩා සොල්දර කෑල්ලට නගිමිනි...

" හොයා ගත්තා... " මම කෑ ගැසීමි..

" දෙයියනේ.... මලී... මලී.."

සොල්දරය උඩ වැතිර සිටියේ මලී ය .ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.. ඇය සිහිසුන් ද... අමාරුවෙන් දැරිය වත්තම් කර සාලයට ගෙන ආවෙමි.. මම ඇගේ කම්මුලට ගැසීමි.. මුහුණට වතුර ඉසීමි.. ක්‍රමයෙන් මුහුන සුදුමැලි වූවා හැර අන් කිසිවක් නොවීය..

" දෙයියනේ මේ මොකද වෙන්නේ..."

ඇගේ හුස්ම වැටෙන්නේ නැත. මා වහාම නිවසින් බැස දුවන්නට හැදුවත් දොර ඉතාමත් තද වී තිබින... කොතරම් වෙර දැරුවත් එය විවර වූයේ නැත.. තවත් වෙහෙස වී පලක් නැති නිසා කුස්සියේ දොරෙන් පැන අක්කලාගෙ ගෙදරට දිවුවෙමි..

" අක්කේ අක්කේ...." දොරකඩ සිට ආවේස වූවෙකු මෙන් මා කෑ ගැසීමි.

" මොකෝ මල්ලි මේ බයවෙලා.. ඇයිමේ වැස්සේ..."

" අක්කේ දරුවා ..... දරුවා...."

" මොන දරුවා ද මල්ලී..."

" ඉක්මනට යමු අක්කගෙ දුව....."
ඇයගේ මුහුණ මැලවිය.. ඇස් පුදුමයෙන් මෙන් වෙනස් විය...

" මට මුකුත් තේරෙන් නෑ මල්ලී මගේ කෙල්ල .."
ඇයට වැකිය සම්පූර්ණ කිරීමට ඉඩ ලැබුනේ නැත...

" අම්මේ.... "

කියමින් එලියට ආවේ ගැහැණු ළමයෙකි...

" මේ ඉන්නෙ කෙල්ල... ..."
අක්කා ඇයව කර වට අත දමා තුරුල් කර ගත්තා ය

දෙයියනේ එහෙනම් අර කවුද.... තප්පරයක් වත් රැදී නොසිට මා එහි දිවුවෙමි. මහ වැස්සට තදින් තෙමී ඇතත් මගෙ ඇග ඇතුලෙන් පිච්චෙන්නාක් මෙන් මට දැනිනි...

පුදුමයකි නිවසේ මහ දොරත් ඉස්තෝප්පු කාමරයේ දොරත් හැර දමා ඇති බව මට ඈත සිටම පෙනුනි.. කිසිවක් නොබලා මා නිවසට ඇතුල් වූයේ පොඩි එකා රෝහල් ගත කිරීමට සිතාගෙනය

" ආ.... කෝ මේ ළමයා ....."

මා දමා ගිය තැන ඔහු නැත... මට කිසිවක් සිතන්නටත් පෙර ඉස්තෝප්පු කාමරයේ යමක් පෙරලී ගියේ දඩාං... යන ශබ්දයක් නිකුත් කරමිනි...

උන් හිටි තැන් අමතක වූ මා එහි දිව ගියෙමි.. පෙරලී ගිය අල්මාරියකින් විසිරුනු කඩදාසි සීසීකඩ පාවෙමින් තිබුනෙ..

බිම දණ ගසා ගත් මා ඒවා අතට ගෙන බැලීමි. එහි කුඩා දරුවෙකුගේ චිත්‍ර රාශියක් විය.

" අම්මා, අප්පච්චි , මම, අපේ අලුත් මල්ලී...." එක චිත්‍රයක ලියා තිබිනි..

" මමයි මල්ලී හැංගිමුත්තන් කරනවා..."
තවත් එකකි...

මේවා කාගෙද මට දැන ගැනීමට අවශ්‍ය විය . සුන්බුන් සියල්ල ඇද දමා එකින් එක මා බැලුවෙමි.. ඡායාරූපයක් ......

" දෙයියනේ... මේ මගේ අම්මයි අප්පච්චි එක්ක ඉන්නෙ අර කෙල්ල නේද.... "
අම්මගෙ අතේ මාස 6 ක විතර තව බිලිදෙක් ද විය...

මෙය නම් අතිශය මනස විකෘති කරන්නක් විය...
වහලයේ සවිකර තිබූ වීදුරු උලු කැටයකින් වෑස්සුනු ළා හිරු කිරනක් අදුර මැදින් යාන්තමින් පතිත තැනට මගේ ඇස් යොමු විය..

" අනිච්ඡාවත සංඛාරා" උපත 1980/ 10/ 12 විපත 1990 / 05 /10.. හදිසියේ අප අතරින් වියෝ වූ සදමාලි කරුණාරත්න ( මලී ) ශිෂ්‍යාවට...."

මට කියවා ගත හැකි වූයේ එපමණකි.... දෙයියනේ... මේ අර ළමයාගේ මරණ දැන්වීමක්... ඒ කියන්නේ මේ මගෙම අක්කාද... මං සෙල්ලම් කලේ මගේම මැරුණු සහෝදරිය එක්කද... ඇයි අම්මලා මට මෙහෙම දෙයක් හැංගුවේ...

මට තව මොහොතක් වත් රැදී සිටීමට අවශ්‍ය නොවීය... අතට අහු වුන රෙදි ටිකත් උපකරණ ටිකත් බෑගයට දමා මෝටර් රියට නැග පිටත් වීමි...

රථය හසුරුවා ගැනීමටවත් මට පණ නැති සේය.. බලන බලන හැම තැනම ඇගේ රුවත් හඩත් ඇසෙන්නට විය.

...........................................................................

" අම්මො... උඹ බය වුනේ නැත්ද බං..."

" බය නිසා තමා බං එදාම රෑ flight ekaka මෙහෙ ආවේ... මගෙ ඔලුව විකාර වෙලා තියෙන්නේ තාමත් පේනවා පේනවා වගේ...."

" හ්ම්ම් ටික දවසක් යද්දි ඕක හරි යයි.. මං යනව එහෙනම්.. උබ නිදා ගනින් flight එකෙ ඇවිත් මහන්සිත් ඇති නේ..."

" හරි මචං තෑන්ක්ස් "

එදිනම නැවත විදේශ ගත වු මා සිදුවූ සියල්ල මිතුරාට පැවසීය.. සිතට යම් සහනයක් දැනුනේ හුරු පුරුදු පරිසරයට එන්නට ලැබුනු නිසාය..

දත කට මැද විදුලි පහන් නිවා දමා ඇදට වැටුනත් පෙර දින වල දුටු දේවල් පෙල ගස්වා ගැනීමට මට අපහසු විය. මට සිතන විටත් ඇය ගේ අඩි ශබ්දය ඇසෙනවා මෙන් දැනෙන්නට වූයේ ඇත්තටම ඔහු මා ලග ඉන්නවා සේය.. කෝකටත් කියා මා මේස ලාම්පුව දමා වටපිට බැලීය...

" හ්ම්ම් මටත් පිස්සු...." සිතමින් ලාම්පුව නිමුවෙමි

" හොයා ගත්තා....."

" දෙ දෙ දෙයියනේ මලී....."

පුරාණ සීහළ වත්ථුවේ ප්‍රේතයන් පිළිබඳ සඳහන් තොරතුරු

Image result for ප්‍රේත
පුරාණ සීහළ වත්ථුවේ ප්‍රේතයන් පිළිබඳ තොරතුරු ඇත්තේය. සීහළ වත්ථුවේ සඳහන් වන්නේ ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන් ගැනය.

අතීතයේ හෙළදිව විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහබෝ (ජයශ්‍රී මහා බෝධිය) වැඳීම සඳහා ගම් නියම් ගම්හි පා ගමනින් වැඩම කරන්නාහ. බොහෝ වෙහෙසකරව ඇවිද ගිය උන්වහන්සේලා මොහොතකින් දුෂ්කර වන මැදක අතරමං වූහ. පාරක් හඳුනා ගත නොහැකියේය.

‘දැන් කුමක් කරමුද?’ භික්ෂූහු කල්පනා කළහ.


එක් භික්ෂු නමක්, ඇත් රැළක් ගිය මගක් දැක ඒ අසල ගලක ගිලී සිටින මනුෂ්‍යයකු දුටුවේය.

මොහුගෙන් අපට පාර අසා ගත හැකියේය.

සංඝ ස්ථවිරයන් වහන්සේ පැමිණ,

අපි මහ බෝ වන්දනාවේ යම්හ. දින සතක් වනයේ අතරමංව සිටිමු. අපට මාර්ගය කිව මැනවැයි කීහ.

එවේලේ,

ස්වාමීනී, ඔබ වහන්සේලා දින හතක් වනයේ අතරමංව මාර්ගය ඉල්ලා සිටිති. මා බුද්ධාන්තර තුනක්ම මෙහි මංමුළා වී සිටිමි.

භික්ෂූහු පුදුම වූහ.

ඔබ කවරෙක්ද, මෙසේ සිටින්නට ඔබ කළ අකුසලය කවරක්දැයි විචාළහ.

ස්වාමීනී මම කුකුසඳ බුදුන්ගේ කාලයෙහි මනුෂ්‍යයකු වී සිට බොහෝ පව්කම් කළෙමි. එදා මරණින් මතු ප්‍රේත ලෝකයට වැටිණි. සිව් යොදුනක් දිග මේ ගල් පර්වතය මුදුනේ ගිලී පොළොවෙන් උඩට ශරීරයේ කොටසක් පෙනෙමින් මෙසේම සිටිමි. එහෙත් මගේ කර්ම ගෙවී යාමක් මට නොපෙනෙන්නේය.

ප්‍රේතය, ඔබ බුද්ධාන්තර තුනක් මෙසේ සිටියා යැයි කියන්නේ කෙසේද?

ස්වාමීනී, ඔබ වහන්සේලා නොදන්නේද? බුදුවරු මව් කුසක පිළිසිඳ ගනිද්දීත්, මව් කුසින් බිහි වෙද්දීත්, බුදුවන විටත්, දම්සක් දෙසන විටත්, ආයු සංස්කාරය හරින විටත්, පිරිනිවෙනා විටත් ලොව පුරා විස්මය ජනක දේ සිදුවෙයි. මම ද ඒවා දැක ඇත්තෙමි. බුදු උපතේදී අහසෙහිත්, ගල් මුදුනෙහිත්, පොළොවෙහිත් පියුම් පිපෙත්. පියුම් මැළවී පරවී යන්නේ බුදුවරු පිරිනිවී යන කල්හිය. දැන් බුදුවරු තිදෙනෙක් මා ගලේ සිරවී සිටිද්දී පහළ වී පිරිනිවියේය. ඒ බව මා දැන ගත්තේ මේ ගලේ හටගෙන මැළවී ගිය පියුම් වලිනි බුදුවරු 3 ක් පහළවිත් මට මේ අකුසලය ගෙවා සසරින් ගොඩ ඒමට නොහැකි විය.

භික්ෂූහු පුදුම ඉපැදූහ.

ප්‍රේතය මේ සා ගලක ශරීරයේ හරි අඩකට වැඩියෙන් සිරවී කොටසක් ගලෙන් උඩට මතුවී, යාමට ඒමට, කෑමට බීමට නොහැකිව මෙවැනි අකුසලයක් විඳීමට ඔබ කළ පාපය කවරක්ද?

ස්වාමීනී, පෙර කකුසඳ බුදුන්ගේ සමයෙහි සංඝයාට අයිති කුඹුරක් තිබිණි. මාගේ කුඹුරද තිබුණේ ඒ අසලමය. මම කුඹුර ඉමේ වූ ගල් කණුව ගලවා සංඝයාගේ කුඹුරේ සවි කළෙමි. එතැන් පටන් සඟ සතු කුඹුරුහි කොටසක් මගේ කොටගෙන භුක්ති වින්දෙමි. එහි විපාකය මෙයයි. මම ප්‍රේත ලෝකයේ දුක් අනුභව කරමින් ඉක්ම ගිය කාලය වර්ෂ වලින් මෙතැකැයි කිව නොහැකිය. දැන් අවීචියට ගොස් ඉතිරි විපාක වින්ද යුතුය.

අතීතයේ මිනිස්සු සඟ සතු දේපළ සොරා කන අය ගල් ප්‍රේතයන්වී උපදිනවා යැයි කීවේ, මෙවැනි අටුවා කතා අනුසාර කොට ගනිමිනි.

මේ ප්‍රේතයාගේ පෙර භවයේ මනස මැරී නැත. හේ පෙර භවය සිහි නඟන්නේය. මනස මේ විශ්ව ධාතුව පුරා පැතිර යන්නේය. එබැවින් කර ගන්නා අකුසල කර්ම කරණකොට කය මියැදෙන අතර මනස තිබුණු තැනින් ගැලවී තවත් තැනක නැවත හටගත්තේය. කර ගන්නා ලද කර්මවලට අනුව කය උපදින ස්ථානය තීරණය වන්නේය. පුනර්භවය ප්‍රකාශ කර ඇතැම්හු දිව්‍ය ලෝක, අපාය පිළිබඳව පවසන තොරතුරු මිත්‍යාවක් ලෙස සැලකිය නොහැක්කේ සිත හැමවිටම මේ ත්‍රි සහශ්‍රී ලෝක ධාතුව පුරාම තමන්ගේ හට ගැනීම සොයමින් ගමන් කරන නියාය.

බිරින්දෑගේ ආත්මය මධුසමයට එයි..

Image may contain: one or more people and outdoor
සීතල මීදුම අතරින් පතිත වන ආලෝක කිරණ නිලීකාගේ ඇ`ද මතට පතිතවන්නට විය. තවත් අලූත් දවසක් උදා වී ඇත. නිලීකාට නම් එය ඇත්තෙන්ම අලූත් දිනයකි. ඒ, ඇය පිරිමියකු සම`ග එකම යහනක සැතපුණු දෙවැනි දිනයයි. පළමු දිනය වූයේ පෙර දා රාත‍්‍රියයි. විවාහ චාරිත‍්‍ර නිම කර මධුසමය ගත කරන්නට කොළඹ සිට නුවර හෝටලයකට පැමිණෙනවිටත් රාත‍්‍රිය එළඹී තිබුණි. අධික වෙහෙස හේතුවෙන් ඔවුනට ආදරයෙන් කතා කරමින් ඔවුනොවුන් හ`දුනාගැනීමට තරම්වත් කාලයක් පියවි ලෝකයේ සිටින්නට නොහැකි වූයේ අධික වෙහෙසක් සම`ග ඔවුන් නින්දට වැටිණි.

අශෝක - නිලීකා විවාහය සිදුවන්නේ මවුපිය යෝජනාවක් මතය.හිරු එළිය ඇ`දට පතිත වුවත්, ඇ`ගට දැනෙන්නා වූ තරමක අපහසුව හේතුවෙන් ඇය ඇෙ`දන් නැ`ගිටින්නට සිතුවේ නැත. නාන කාමරය දෙසින් ඇසෙන ශබ්ද හේතුවෙන් අශෝක කලින් නැ`ගිට ඇති බව ඇයට සිතුණි. ඇයගේ පපුව හා කලවා ප‍්‍රදේශයෙන් සියුම් වේදනාවක් දැනෙන බව ඇයට හැ`ගුණි. ඇය ඇ`ද සිටි රාත‍්‍රී ඇ`දුම අතරින් ඇ`ග දෙස බැලූවාය. ඇය තිගැස්සි ගියා ය. ඇගේ පියයුරු දෙක පුරා සීරුම් පහරවල්ය. නියපොතු වැවූ ඇ`ගිලි පහරකින් සූරන්නා සේ ඇයගේ පියයුරු සූරා ඇත. ඒ සැණින් ඇය ඇයගේ කලවා පෙදෙස ද බැලූවා ය. කලවාවල ඇතුළු පැත්තද එලෙසම සූරා දමා ඇත. පෙර දිනයේ නින්දට යනවිට නොතිබුණු සීරුම් කැලල් ඇති වූයේ කෙලෙස ද? ඇයගේ මනස අවුල් වන්නට විය.

ඇයට ඉබේට ම කෑ ගැසුණි.”අශෝක....”මෙය සිදුවූයේ කෙලෙස ද? මධුසමය සම්පූර්ණයෙන්ම අවුල්ව යන්නට ඒ සිදුවීම හො`දින්ම ප‍්‍රමාණවත් විය. නිලීකාම මෙය කරගන්නට ඇතැයි අශෝකගේ ඥාතීන් අතර කුසුකුසුවක් පැතිර ගියේය. ඇය මානසික රෝගයකින් පෙළෙන්නියක හෝ නොඑසේ නම් විවාහය කඩාදමන්නට ර`ගපෑමක් කරන එකියක ලෙස ද කතා පැතිරෙන්නට විය. නිලීකා අශෝකට චෝදනා එල්ල නොකළා ය. ඇයට කිසිවක් සිතාගත නොහැකි විය. පෙර දින රාත‍්‍රී වනතුරු එකිනෙකා ගැන කතාබහ කරමින් සිටි ආශෝක ඇය පිටට වරද පැටවූයේ ද නැත.දින තුනක මධුසමය නිම වී ඔවුහු නිවසට පැමිණියහ. එදින සිදු වූ සිදුවීම හේතුවෙන් දෙදෙනා අතර ඉන්පසු ශාරීරික සබ`දතාවක් ඇති වූයේ ද නැත. නිලීකාට ද පෙර මෙන් අත්දැකීමකට මුහුණදීමට ද සිදුවූයේ නැත. දින කිහිපයක් ගෙවී ගියේය. එදින ද සුපුරුදු ලෙස නිලීකා අවදිවිය. ඇයගේ ශරීරයෙන් ඇති වූ වේදනාවත් සම`ග ම අගේ සිත සලිත වන්නට විය. එදින ද ඇයගේ ශරීරයේ සීරුම් පාරවල් රැුසක් දැකගත හැකි විය. සමහර තැන්වල සීරුම් පහරවල් ලේ කැටි ගැසී ඇත. ඇගේ පැහැපත් ඡුවි වර්ණය නිසා ඒ සීරුම් පහරවල් තදින් මතු වී පෙනෙයි. අශෝකගෙත්, නිලීකාගෙත් මනස අවුල් වූයේ යළිත් ඒ පෙර දිනයේ රාත‍්‍රිය මධුසමයෙන් පසු ඔවුන් දෙදෙනා එකට ගත කළ දිනයේම මේ සිදුවීම වූ නිසාය.පවුලේ වැඩිමහල් පුද්ගලයන් මෙය කළු කුමාර දොෂයක් විය හැකි යැයි අනුමාන කළේය. කළු කුමාර දෝෂය ලෙස හ`දුන්වන්නේ වැඩිවියට පත්වන ගැහැනු දරුවකු ඒ අවස්ථාවේ තනිවීම හරහා ශරීරයට බැල්ම හෙළනා මළයක් ආත්මයක් ලෙස ගැමියෝ විශ්වාස කරති.
එසේ බැල්ම හෙළුෑ තරුණියන් සම`ග ඔහු සහවාසයේ යෙදෙයි. එවැනි තරුණියක් වෙනත් තරුණයකු සම`ග ලිංගික සබ`දතා පැවැත්වීමෙන් කළු කුමාර යක්ෂයා කෝපයට පත් වන අතර, එම තරුණියට ද`ඩුවම් දීමත් රෝගීභාවයට පත් කිරීමත් සිදුකරනු ලබයි. වැඩිහිටියෝ සිතුවේ මෙය එවන් තත්ත්වයක් ලෙසිනි.අශෝක පදිංචිව සිටි ගමේ සිටි යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ දන්නා හෙළ වෙද මහතකු වෙත නිලීකාව රැුගෙන යන්නේ ඒ අනුවය. වෙද මහතා ඇයට දෙහි කැපීම් ඇරඹුවේ ය. එකින් එක කපන දෙහි ජලයට දමා ඒ දෙස මදක් බලා සිටියේය. වෙද මහතාගේ මුහුණේ කුතුහලයක් ඇතැයි සියල්ලටම වැටහුණි. හතරවැනි දෙහි ගෙඩිය අතට ගත් වෙද මහතා එය නොකපා පසෙකින් තැබුවේ ය. දෙහි කපන ගිරයෙන් දෙහි කපා දැමූ වතුර බ`දුන වටයට කැලතුවේය. දෙහි බෑ පිහිටන අයුරු දෙස බලා සිටි ඔහු මහත්තයෝ මේක කළු කුමාර දෝෂයක් නෙමෙයි. මළගිය දෝෂයක්. මේක මොකක්ද කියලා බලාගන්න එක හො`දයි.”කොහොමද වෙද මහත්තයෝ ඒක කරන්නේ.””අපිට මේ දැරිවිට කරදර කරන කෙනාව කතා කරවන්න වෙනවා. මහත්තෙයලා කැමැති නම් ඒක කරන්නම්.””කමක් නෑ””මහත්තයා මේ දැරිවි ළ`ගින් වාඩි වෙන්න””වෙද මහතා දෙහි ගෙඩියක් අතට ගෙන මතුරන්නට විය. ඉන්පසු එම දෙහි ගෙඩිය තම සරමේ ඉණ ප‍්‍රදේශයේ ගසාගත්තේ ආරක්ෂාව ස`දහා ය. ඉන්පසු තවත් දෙහි ගෙඩියක් ගිරය තුළ සිර කරගෙන නිලීකාගේ හිස මත තබාගෙන මතුරන්නට විය. විනාඩි කිහිපයක් මැතිරීම කරගෙන යද්දී ටිකින් ටික ඇයගේ ශරීරය අඹරවන්නට විය. අතපය බෙල්ල සහ ඇ`ග ප‍්‍රදේශය ඉතා අපහසුවෙන් ඇඹරුවාය. ඉන්පසු හෙමින් හෙමින් වාඩි වී සිටි පැදුරට බර වුණාය. වෙද මහතා දෙහි ගෙඩිය කපා දැමුවේ ය.””ඔහොම පොඞ්ඩක් හිටපුදෙන්””විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටි වෙද මහතා නයි හිසක් සහිත බස්තමක් අතට ගෙන එය ඇයගේ හිස මත තැබුවේය. ඇය ඊයක වේගයෙන් කෙළින් වූවාය. වෙද මහතා කතාකරන්නට විය.””තමුන් ආව ද? ආපුඑක හො`දයි තමුන්ට පේනවනේ මම කවුද කියලා. ඔළුවේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. මට අවශ්‍ය ප‍්‍රශ්න ටිකට උත්තර දුන්නොත් හො`දයි. නැත්තම් පාර වදියි.””අනේ දෙයි හාමුදුරුවනේ මම කියන්නම්””තෝ කවුද””මම තිසා””මොන තිසා””හෝමාගම””ඇයි මේ දැරිවිට වද දෙන්නේ””මගේ මිනිහත් එක්ක මේකි බුදියනවා. ඒකයි මට තරහා. ඌත් ඒ ගෑනිගේ ලස්සනට වශීවෙලා.””අශොකගේ ඔළුව විකාර වන්නට විය. තමන් දන්නා කසාදයක් ඔහුට නැත. පවුලේ සියල්ලෝ ඔහු දෙස බලන්නට විය.””මොකක්ද මේ හතර බීරි කතාව””මේ මගේ කලින් ආත්මේ මිනිහා අපි එකට හිටියේ, මම අලියා ගහලා මැරුණා. මම එදා ඉ`දන් මෙයාගේ පස්සෙන් ඉන්නවා. එයා අයිති මට විතරයි.”සියල්ලන්ට ම කාරණය පැහැදිලි විය. වෙද මහතා ඉතුරු දෙහිටික කපා දමා ඇයට ආරක්ෂා නූලක් දැම්මේය.”මහත්තයෝ මම ඔය කරදරය මාස තුනකට අයින් කළා. එතැනින් එහාට මට වග කියන්න බෑ. හො`ද තැනකින් ඔය මළගිය දෝෂය අයින් කරලා දා ගන්න” යැයි පැවැසුවේය...

Sunday, October 15, 2017

සියදිවි හානි කරගන්නන් නිසා ප්‍රචලිත වූ මරණයේ වනාන්තරය ..

Image may contain: tree, plant, outdoor, nature and water
Aokigahara Forest - Japan

සාමාන්‍යයෙන් වනාන්තරයක් ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ එහි ස්වාභාවික සුන්දරත්වය, වෘක්ෂලතා හෝ සත්ත්ව විශේෂ වැනි කරුණු මත. නමුත් මේ Aokigahara වනාන්තරය ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ තුළ සිදුවන සියදිවි හානි කර ගැනීම් නිසා. ඒනිසා මේ වනාන්තරය Suicide Forest කියන නමිනුත් හඳුන්වනවා.
Image may contain: one or more people, tree, outdoor and nature

ජපානයේ Fuji කන්දේ වයඹ දිග පහළ කොටසේ පැතිර ඇති මේ වනාන්තරය වර්ග කිලෝ මීටර් 35 ක පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා. මේ වනාන්තරය ගල් පර්වත හා ගල් ගුහා දැකගන්නට පුළුවන් සමහරක් ඒවා සංචාරකයන් අතරත් ප්‍රචලිතයි. ඒ වගේම මේ වනාන්තරයේ ඉතාමත් දැඩි වන ගහනයක් ව්‍යාප්තව තියෙනවා. එය සුළඟ පවා අවහිර කරන්නට ශක්තිමත් ඒ වගේම වන සතුන්ගේ ගැවසීම අඩුකම නිසාත් මේ තුළ ඇත්තේ මූසල නිහැඩියාවක්.
Image may contain: tree, plant, outdoor and nature

ජපාන පුරාණ ප්‍රවාද කතා අනුව මේ වනාන්තරය හා යක්ෂයන් අතර සම්බන්ධතාවක් හෙළිකරනවා. නමුත් වර්තමානයේ නම් වනාන්තරය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙය තුළ සිදුවෙන සියදිවි හානි කරගැනීම් වලින්.මේ වනාන්තරය තුළ සිය දිවි හානි කරගත්ත අයගේ මෘත ශරීර, ඇට සැකිලි හා දිරාගිය අස්ථි කැබලි දැකගන්න පුළුවන්. මේ හැම දෙයක් නිසා මෙය ලෝකයේ තියෙන බිය හෝ අප්‍රසන්න හැඟීම් ඇති කරන ස්ථාන (Creepy Place) වලින් ප්‍රධාන තැනක් ගන්නවා.
Image may contain: one or more people, people standing and outdoor

සාමාන්‍යෙයන් වසරකට 100 දෙනෙක් පමණ සියදිවි නසා ගැනිමට මේ වනාන්තරය භාවිතා කරනවා. 2003 දී සියදිවි නසාගත් මළසිරුරු 108 පමණ සොයාගැනුනා. ඒ වගේම 2002 එය 78 ලෙසද, 2010 එය 108 ලෙස වර්තා වී තියෙනවා. මෑතකදි එම පළාතේ පාලන අධිකාරිය මෙම සංඛ්‍යා ලේඛණ ප්‍රසිද්ධ කිරීම අත්හිටුවා තිබෙනවා. මෙහි වාර්ථාවෙන සියදිවිහානි කරගැනීම් බොහොමයක් සිදු වන්නේ ගෙල වළලා ගැනීමෙන් හා විවිධ ඖෂධ භාවියෙන්. මෙම වනාන්තරයට ඇතුල්වීමේදී, හා එය ඇතුලත විවිධ ස්ථාන වල ජපන් හා ඉංග්‍රීසි බසින් සියදිවි හානි කරගැනීමෙන් වලකින ලෙස ඉල්ලා ඇති දැන්වීම් දැකගන්න පුළුවන්.
Image may contain: one or more people, tree, outdoor and nature

කෙසේ වෙතත් මේ වනාන්තරය හා බැදුනු කතා පුවත් කීපයක්ම බටහිර චිත්‍රපට ලෙස පවා නිර්මාණය වුවා
Image may contain: plant, outdoor and nature
Image may contain: outdoor and nature
Image may contain: plant, tree, outdoor and nature
Image may contain: tree, plant, outdoor and nature
Image may contain: plant and outdoor

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැ...