Tuesday, October 10, 2017

මොකද මේ godfather... චිත්‍රපටය මේ තරම් විශේෂ ?



Directed by Francis Ford Coppola
Produced by Albert S. Ruddy
Screenplay by Mario Puzo Francis Ford Coppola 
Based on The Godfather by Mario Puzo 
Starring
            Marlon Brando
            Al Pacino
            James Caan
            Richard Castellano
            Robert Duvall
            Sterling Hayden
            John Marley
            Richard Conte
            Diane Keaton
Music by Nino Rota
Cinematography Gordon Willis
Edited by William Reynolds Peter Zinner
Production company Alfran Productions
Distributed by Paramount Pictures
Release date
           March 15, 1972(Loew's State Theatre)
           March 24, 1972(United States)
Running time 177 minutes[1]
Country United States
Language English
Budget $6–7 million[2]
Box office $245.1 million[2][3][4]
 
ගො‌ඩ් ෆාදර් කියන්නේ ලො‌කේ බිහිවුන විශිෂ්ටතම චිත්‍රපටක්. ඒ‌ක අපි දකින සාමාන්‍ය චිත්‍රපටියක් විදිහට දකින්න නැහැ. ඒ‌ කියෙන්නේ තනිකර ෆැන්ටසි සිද්ධීන් අඩුයි. කො‌ටින්ම කිව්වො‌ත් අමු සීරියස්ම විදිහට ගහපු ෆිලුමක්. ඒ‌කයි ගො‌ඩක් උන් වැඩැක් නෑ කියන්නේ මො‌කද අර බහු හා පො‌දු රසවින්දනාත්මක කාරණා අඩුයි. චිත්‍රපටියේ ප්‍රධානම දේ එකේ රංගනයේ යෙදෙන රංගන ශිල්පීන්ගේ තාත්වික රංගනය. කො‌ච්චර තාත්විකද කියනවනම් ඒ‌කේ ඔවුන් ජීවත්වෙනවා වගේ. අපි එදිනෙදා දකින මිනිස්සු වගේ. හැම අංගයක්ම ගැඹුරැයි. ඔවුන් උපන්දා සිට ඔය චරිතය රඟපෑව විදිහටම තියෙනවා. කිසිම අඩුවක් දකින්න නැති තරමට රංගනය ඉහළයි. ප්‍රධාන නලුවාගේ රංගන ශෛ‌ලිය සමහර ඇ‌ත්ත මැරයෝ‌ ඔවුන්ගේ ජීවිතවලටත් ආ‌රෝ‌පණය කරගෙන තියෙනවා. ඉතින් හිතන්නකෝ‌ කො‌ච්චර ඉහළ මට්ටමක තියෙන චිත්‍රපටයක්ද කියලා. තව මේකේ අද්විතීය කාරණා ගො‌ඩක් තියෙනවා පො‌තක් පිරෙන්න ලියන්න තරම්. මේ වගේම තමා Goodfellas චිත්‍රපටයත් ඒ‌කත් ලෝ‌කේ හො‌ඳම චිත්‍රපටියක්.

ආත්ම වියරුව ........ අවසාන කොටස...


"නතර කරපන් ඕක..."

කට්ටඩියාගේ හඩින් සිතාරා පාලනය විය ඇය හාමුගෙන් දුරස් විය..කට්ටඩියා කේන්තියෙන් ඇය අසලට ආවේය..

"උබට මම අවසර දුන්නේ..උබව මරාපු මිනිමරුවන්ගෙන් පලිය ගන්න මිසක් උබේ තාත්තගෙන් පලි ගන්න නෙවෙ බොල..."

කට්ටඩියාගේ වචන ඇසූ සිතාරද කේන්තියෙන් කතා කලේය..

"මට ඕන කාලේ හිටපු නැති තාත්තා දැන් මොකටද බොල...අම්මටයි මටයි දුක් දීපු තාත්තා මොකටද.."

"කටවහපන් උබේ පලිය දැන් සම්පූර්නයි...සැලකුවත් නැතත් මේ ඉන්නේ උබේ තාත්තා මුන් හතර දෙනාම මරපු පව් වලට වැඩි උබට මේ තාත්තා මැරුවොත්...උබට දුක් දුන්නත් මේ උබේ තාත්තා ඒක වෙනස් වෙන්නෑ...ඒ හිතෙත් උබ ගැන ආදරයක් ඇති...
උබට ආය උපදින්න ඕනනම් උබේ තාත්තට ජීවිතය දීපන් ඒ පිනම ඇතී..
අන්තිම පාරට තාත්තගේ කකුල් අතගාලා වැදපන්...අම්මා තාත්තා කියන්නේ දෙව්වරූ හා සමානයි...වැදපන්....මේ අන්තිම අවස්තාව....උබට ආය මේ ආත්මෙට මේ අවස්තාව එන්නෙ නෑ උබ ඉපදෙන්නැතිවුනොත් ඉහත ආත්මෙකදි එන්නෙත් නෑ. .දෙමව්පියන් මරන්න විතරක් නෙවෙ බනින්න හිතන එකක් අනන්තරිය පාපකර්මයක් දුවේ..මගෙ දුවට වගේ මන් කියන්නේ.."

කට්ටඩියාගේ වචන වලින් සිතාරා මෙන්ම හාමුද හැඩුවේය...සිතාරා හාමුගෙ දෙපාමුල වැටුනේය..ඇය කකුල් ස්පර්ශ කරත් ඔහුට දැනුනේ නැත...

"අනේ මේ පව්කාර තාත්තට සමාව දීපන් මගෙ දුවේ.. "

හාමු හැඩූ කදුලින් කියද්දි ඇයද හැඩුවේය..

"මටත් සමාවෙන්න තාත්තේ..."

සිතාරා පලවෙනි වතාවට තාත්තට තුරුලූ වූවේය ..

"කෝ දුවේ මට උබව අල්ලන්න බෑනේ අහුවෙන්නෑ...අනේ ඇයි දුවේ මට එක පාරක් උබව ආදරෙන් තුරුලු කරගන්න ඕනේ මගේ ජීවිත කාලේටම මේ මොහොත ඇති දුවේ..."

"අනේ තාත්තේ මන් මේ ඔයාට තුරුල් වෙලා ඉන්නේ ඔයාට දැනෙන්නැද්ද..කමක් නෑ අන්තිම පාරට මෙහෙම හරි ඉන්න හම්බවුනානෙ....
මටත් ඒ ඇතී..."

"ඊලග ආත්මෙදී ආයෙත් අපි තුන්දෙනා එක ලග ඉදිවී මයෙ දුවේ .. මන් දුවට පින් දෙන්නම් දුව ආයෙත් උපදී .."

සිතාරා හා හාමු දෙස බලා සිටි කට්ටඩියගේ දෑස්ද තෙත් වී ගියේය..

"හා හා ඉක්මන් කරානම් අපි හෙට එනවා අන්තිම චාරිත්‍ර කොරන්න දැන් යමු හාමූ ගොඩක් දෙවල් ලෑස්ති කර ගන්න ඕන.."

ඒ ඇසුනු සිතාරා අන්තිම පාරට නැවත තාත්තගේ කකුල් සිප ගෙන තුරුලු වූවාය ඇයගේ බයානක පෙනුම නැතිවී කලින් සිටි රූමත් අහිංසක සිතාරා බවට ඇය පත් වී සිටියේ.. ඒ අහිංසක මුහුන දෙස බැලූ හාමූ කදුලැලි පිස දමා ඔවුන් යට කර දැමූ වල ලගට ගොස් දන නමාගෙන වැටී මහ හඩින් හඩා යසවතිගෙන්ද සමාව ඉල්ලුවේය ..
කට්ටඩියා හා හාමු මැනිකෙව නැගිට්ටවාගෙන කැලයෙන් සිතාරා තනිකර දමා ගියේය...

පසුදා උදේම ඔවුන් ගමේ කීප දෙනෙක් සහ හාමුදුරුවෝ රැගෙන කැලෙට එනවිට ලේ බාජන හතරක් සිතාරාගෙ වල උඩ තිබුනේය..ඒ අවිශ්කගේ බන්ඩාරගෙ සරත්ගෙ හා තුසාරගේ ලෙය..ඔවුන් එය ඔසවා පැත්තකින් තබා වල හාරන්නට පටන් ගත්තේය.. වල හාරා සිතාරගේ හා යසවතිගේ ඇටකටු ගොඩගත් ඔවුන් මැනිකේ අසලට ගියාය...කට්ටඩියා මැනිකෙට කතා කරේය.

"මැනිකේ මෙහෙට ඇවිත් මේ ඇට කටූ සේදුවානම්...."

"මට බෑ බෑ මට බෑ...මගෙ පුතාගේ ලෙ මට බෑ..අනේ පුතේ.."

මැනිකෙ හඩන්නට විය...එවිට පන්සලේ ලොකු හාමුදුරුවන්ද ..මැනිකෙට කතා කරන්නට විය...

"මැනිකේ කාගෙ කාගෙත් වරදිම් නොවෑ මෙ දෙ වුනෙ..එක නිසා අන්තිම ඉල්ලීම ඉටු කොරන්න වෙනවා ..අනික ඒ දැරිවි මැනිකෙටයි හාමුටයි ජීවිත දානය දිලා තියෙනවා..එන්න මැනිකේ අපී දැන් වත් පව් වලින් මිදෙමු.."

"එහෙමයි අපෙ හාමුදුරුවනේ...

හාමුදුරුවන්ගෙ වචනේ ඇසූ මැනිකේ වෙව්ලන දෑතින් හඩිමින් ඇටකටු ගෙන වතුරෙන් සොදා නැවත ඔවුන්ගේ ලේ වලින් සේදුවේය..හාමූ මිනිපෙට්ටි හයක් ගෙන්වා තිබුනේය ලේ වලින් පෙගවූ සිතාරාගේ ඇටකටූ එක පෙට්ටියකටත් යසවතිගෙ ඇටකටුතව පෙට්ටියකටත් දැමු ඔවුන් පලමුව සිතාරා හා යසවති වල දමා ඉන් පසුව අනෙක් වල හාරන්නට විය...

බෙඩ්ෂිට් එකකින් ඔතා තිබූ අවිශ්කගෙ ශරීර කොටස් කුනු වෙමින් තිබුනේය..අවිශ්කගෙ හා සරත්ගෙ මිනි දුටු මැනිකේ මහ හඩින් හඩද්දි සිහිසුන් වී ඇද වැටුනාය...ඔවුන් හතර දෙනාද වෙන වෙනම පෙට්ටි වලට දමා වල දැමූවේය...ඉන් පසු එතැන එක රැයක්ම මහා පිරිතක් කියා දානයක් දී සිතාරට යසවතිට පින් දුන් පසූ සිතාරාගෙ ආත්මය පින්බරව පැමුනියේය දෑත් එක්කොට හාමුදුරුවනට වැද ඇය චායාවක් මෙන් නොපෙනී ගියාය...

දින සති මාස ගෙවුනී අවිශ්කගේ මරණයත්..සිතාරගෙ මරණයත් ඔවුන්ට කල දෙවලුත් ගැන කල්පනා කෙරූ මැනිකෙ පිස්සුවෙන් කියවන්නට පටන් ගත්තේය...ඇය විටෙක සිනාසෙයි විටෙක හඩයි අත් පා කපා ගනියි...මෙලෙස තම ශරීරයටම වද දී ගත්තු මැනිකෙව හාමූ මානසික රෝහලකට රැගෙන ගියාය... මෙ සියල්ල පිලිබද කල්පනා කෙරූ හාමූ දිගු සුසුමක් හෙලුවේය.දිනක් හාමුට ඇගෙ නැගනියගෙන් ඇමතුමක් ලැබුනේය....

"හෙලෝ...අයියේ..."

"ආ කියන්න නංගී..."

"අයියේ මට මෙහෙ හරීම කරදරයි ලමයි නෑ කියලා මාව එලවන්න හදනවා අයියේ.."

ඇය හඩන්නට පටන් ගත්තේය...

"තව ටිකක් ඉවසපන් නංගී හොද ඩොක්ටර් කෙනෙක් ලගට ගියානම්..."

"අනේ මන්දා අයියේ.. "

ඇයද සුසුමක් හෙලුවේය...හාමුට වඩා අවුරුදු ගානක් බාල වූ ඇය කසාදයක් බැද වෙන්වී අවුරුදු දොලහක් වෙලත් තාමත් ඇයට දරුවන් නොලැබුනී...මේ ගැන ඇය මෙන්ම හාමුද කම්පාවෙන් සිටියේ බොහො දෙපලකට උරුම කම් කීමට ඇයට දරුවෙකූ නොවුනු නිසා... හාමූ සිතින් තාමත් සිතාරාගේ මතකයෙන් ජීවත් වෙද්දී සියලුම දේ හාමුට එපා විය....ඔහු සිතාරා වෙනුවෙන් නිතර පින් දහම් කලේය. ..නපුරූ වු හාමු දැන් සම්පුර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් බවට පත් විය ..

අවුරුදු දෙකකට පසූ...

හාමූ සිතාරාගේ නිවස තිබූ ඉඩමේ ඇය නමින් විශාල රෝහලක් ඉදිකරේය...එය හැමොටම මහත් අත්වැසිල්ලක් වූවේය...ඔහු බංගලාවද සිතාරාගේ නමින් අනාත නිවාසයකට බාර දුන්නේය ..දැන් පුංචි දරුවන් බංගලාවේ පිරී ඇත..සිතාරාගේ ලමා කාලයේ ඇයට නොදුන් සියලූ සැප සම්පත් අනාත දරුවන් වෙනුවෙන් හාමූ නොපිරිහෙලා ඉටු කර ඒ පින් රැස් කරේය.. දේපල ඉඩකඩම් සියල්ල විකුනා දැමූ හාමූ පුන්චි නිවසකට පදිංචියට ගියාය...දිනක් නැවත් හාමුට නැගනියගෙන් ඇමතුමක් ආවේය.. ඒ ඇමතුම හාමුට මහත් සතුටක් ගෙනදුන්නේය..

"අයියේ...මම අම්මා කෙනෙක් වෙලා..."

"අනේ මට හරි සතුටුයි ..නංගී.."

ඔවුන් සතුට බෙදා ගත්තේය. ඒ වගේම හාමූ නැගනියගේ සැපදුක් බලන්න නිතර ගියේය...දිනක් යන විට ඇයට අමාරූ වී රෝහල් ගත කර තිබුනී..හාමූ රෝහලට දුවගෙන ගිය පසූ රෝස පැහැති ෆැනල් රෙද්දකින් එතූ සුරංගනාවියක් වගේ දුවෙක් ඇයට ලැබී තිබූනේය..දරුවා දැකපූ හාමුට සිතාරාව මතක් වුනේය...ඇය සිතාරා වගේමයී හාමුට සිතුනේය..ආදරෙන් දරුවා වඩා ගත් හාමූගේ ඇගිල්ලක් පුංච් දියනිය අල්ලාගෙන දෑස් හැර හාමුගේ මුහුණ දෙස බැලුවේය...

"අයියේ අපි මෙයාට සිතාරා කියලා නම තිබ්බේ..."

හාමූ පුදුම විය ඔහූ ආදරෙන් දියනියක දෙකොපුල් සිප ගත්තේය...දිනක් රැයෙ සිහිනයෙන් හාමුට සිතාරව පෙනුනී...ඇය හාමුට කතා කලෙය....

"තාත්තේ මන් තාත්තා ලගටම ආයෙත් ආවා..."

ඒ සිහිනයෙන් හාමු ගැස්සි ගියේය..ඔහු පසුදා ගොස් පුංචි සිතාරා තුරුලු කරගෙන හැඩුවේය...

"මගේ දුවේ උබ එහෙනම් මගෙ තුරුලට ආයෙත් ආවා..."

අවසානයයී...

Monday, October 9, 2017

වැරදුනු නම්බරය...

Image may contain: 1 person, text

"මචන් ප්‍රබාත් උබ බලන්න ගියපු කෙල්ල කොහොමද බන් කියපන්කො."

අකිලගෙ ප්‍රශ්නයෙන් ප්‍රබාත් ගැස්සි ගියේය ඔහුගේ සිතුවිලි එකිනෙක තෙරපෙද්දි හීන් දාඩියක්ද දැම්මෙය...කෙටි පිලිතුරක් දී ඉක්මනින් ඔහුගෙන් නිදහස් වෙන්නට සිතූ ප්‍රබාත් අකිලගෙ මුහුන දෙස බලා බිම බලා ගත්තේය.

"හොදයි බන්.."

"මේ එක නෙවෙ කෝ බන් උබෙ ෆොන් එක මන් කී පාරක් කොල් ගත්තද..වැඩ නෑනේ.."

ඒ පාරනම් ප්‍රබාත්ට දෙලොව සිහිවුනී ...ඔහුට කර කියා ගන්නට දෙයක් නොමැතිව ඉක්මනින් වචනයක් දී අකිලව මග හැරීමට සිතා ගත්තේය ..

."ෆොන් එක මන් එනකොට වැටිලා බන්..මටත් මාර අවුල් ෆොන් එකක් ගන්න ඕනී මන් යන්නම් බන්..."

"හා හා පලයන්.."

අකිලගෙන් ඉක්මනින් බේරී අඩියක් දෙකක් ඉදිරියට ගියපු අඩියට දෙකට නිවස කරා ගියේය ..දින ගනනක් යාලුවෝ මග ඇරපු ප්‍රබාත් ගැන යහලුවන්ට සැක හිතුනත් ප්‍රබාත් කිසිම දෙයක් ඔවුන්ට කිවේ නැත..එක් දිනක් නැවතත් යාලුවෝ ඔහුගෙන් මේ ප්‍රශ්නයම ඇසුවේය..

"මචන් ප්‍රබාත් ඇත්ත කියපන් එදා මොකද වුනේ.."

"මොකුත් නෑ බන්.."

එදත් කෙටි උත්තරයක් දී පැනගත් ප්‍රබාත් නැවත දවස් දෙක තුනකින් ඔවුන් දුටුවේ නැත..එක් දිනක් ප්‍රබාත්ගෙ හොදම යහලුවෙකු ඔහු සොයා පැමිනියේය ...

"මචන් ප්‍රබාත් ඇයි බන් උබ වැඩිය අපි එක්ක ඉන්නෙ නැත්තෙ.. අනික මට ඇත්ත කියපන් එදා මොකද වුනේ..."

මෙතෙක් හිතෙ හිර කරගෙන හිටපු දේ ප්‍රබාත්‍ට කියන්නට සිතුනේය..ඔහු හිත සැහැල්ලු කර ගන්නට සිතුවේය..

"කාටවත් කියන්නෙපා බන් මේකයි වුනේ මට..."

ප්‍රබාත්ට මුල සිට නැවත මතක් වුනී..

ප්‍රබාත් අනුරාධපුර ප්‍රදෙෂයෙ විසු වයස අවුරුදු 23 තරුණයෙක්... ඔහුට පෙම්වතියක් නොමැති නිසා සිත් තැවුලෙන් කාලය ගත කරේ ..දිනක් ප්‍රබාත්ගෙ දුරකතනය නාද වුනී..

"හෙලෙව් "

ප්‍රබාත්ට ගැහැනු ලමයෙකුගෙන් ඇමතුමක් ආවේය..ඒ හඩින් ඔහු සතුටට පත් වුනේය...

"හෙලෝ..කවුද මේ.."

"මේ හිරූෂි ඉන්නවද.."

ඇය ඇසුවේ එපමනකී..

"ඔයාට හිරූෂිටද කතා කරන්න ඕන...එහෙම කෙනෙක් නෑ රොන්ග් නම්බර් එකක් මේ.."

"අනේ සොරි අනේ ඒහෙනම් එක නම්බරයක් වරදින්නැති වෙරි සොරී..මන් තියන්නම් බුදුසරණයි .."

"හෙලො..හෙලො. මේ"

ඇය කොල් එක කට් කරේය...ඒ හඩින් ප්‍රබාත්ගේ දෙසවන් පුරා රැදුනේය ඒ මිහිරි හඩ ඔහුට නිතර ඇසෙන්නට පටන් ගත්තේ ඔහුගේ සිත ඇය වෙත ඇදෙමින්.. පෙම්වතියක් නොවුනු ප්‍රබාත් ඇයගෙ හඩට වෂී වූවේය..දිනෙන් දින ඔහු ඇයට මිස්කොල් ගැසුවේය කෙටි පනිවිට යැවන්නට පටන් ගත්තේය..

"හායි.."

"හායි..කවුද මේ.."

"ඇයි මතක නැද්ද ඔයාට.."

"ඒකනෙ ඇහුවේ කවුද ඔයා.."

"අර එදා කතා කලේ..හිරූෂි ඉන්නවද අහලා.."

"හා හරි හරී "

"ඔයා කොහෙද නංගී..නම මොකද්ද..මන් ප්‍රබාත්..මන් අනුරාධපුරෙ ඉන්නේ.."

"ආනේ මාත් අනුරාධපුරයේ මන් අනීෂා."

එතැනින් පටන් ගත් ඒ කතා බහ ආදරයකට පෙරලෙන්නට වැඩිකල් නොගියේය ..කිසිදිනක දෙනෙතට ඇය නොදක්කත් ප්‍රබාත් ඇයට සිත පුරා ආදරය කරේය...දිනක් ප්‍රබාත්ට ඇයව දැක ගැනීමට සිතුනී ඔහු ඒ බව අනීෂාට කෙටි පනිවිඩයක් මගින් යැව්වේය..

"ඔයා කෑවද පැටියෝ.."

"ඔව් කෑවා පැටියෝ..."

"අපි දැන් ගොඩක් කල් කතා කරානේ මට ඔයාව බලන්න ඕන අනීෂා..

"මටත් ඔයාව බලන්න ඕන වස්තූ .."

"එහෙනම් අපි මීට් වෙමුද.."

"මන් කැමතී ඔයාව බලන්න එහෙනම් ඔයා අනිද්දා ටවුන් එකෙන් ටිකක් එහාට තියන ගම අටේ කෑල්ල ..එතෙන්ට එනවද.."

"එන්නම් පැටියෝ..ඔයා කාත් එක්කද එන්නේ.."

"කවුරුත් මොකටද අනේ මන් තනියෙන් එන්නෙ ඔයත් තනියෙන් එන්න හාද ."

"හා හා"

"ආදරෙයි පන.."

ප්‍රබාත්ට දවස් ගෙවෙනකන් ඉවසිල්ලක් තිබුනේ නැත ඔහු එක පිම්මට සතුටින් යහලුවන් සොයා ගියේය.

"මචන් මේ මට කෙල්ලෙක් සෙට් වුනා බන් ..මට හම්බවෙන්න එන්න කිවා මන් අනිද්දා යන්න ඕනී..මේ තුසිත උබේ බයික් එක මට දීපන් ඈ හැන්ඩියා වගෙ යන්න ඕනී.."

ඔහු සතුටින් කියද්දි යහලුවන්ගේ කතාවට ඔහුගේ සතුට නැතීවි ගියේය.

"මේ අහපන් උබට කොහෙටද එන්න කිවේ...

"අටේ කෑල්ලට බන්.."

"යකෝ එච්චර දුර ගමකට එන්න කිවම උබ තනියෙන් යනවද..මේ අපි දෙන්නෙකුත් එන්නම් ඔවා මොනවද කවුද දන්නේ බන්..අපී ඈතින් ඉන්නම් උබ ගිහින් කෙල්ල හම්බෙලා වරෙන්.."

"බලමුකො...හා හා.."

ඒ කතාවට ප්‍රබාත්ගෙ සිත එකග වූවේ නැත ඔහු කෙටි වචනයක් දී ගෙදර ආවේය ...පසුදා අනිෂගෙන් කොල් එකක් ප්‍රබාත්ට ආවේය ..

"හෙලෝ..බබා.."

"කියන්න.."

"ඔයා හෙට එනවා නේද උදෙ 10 එන්න හාද...ඕන් මන් තනියම එන්නේ.."කියන්නකො එනවා නෙද.."

ඇයට බෑ කියන්නට ප්‍රබාත්ට සිත දුන්නේ නැත..ඔහු ඊට එකග වූවේය..ඇය ගැන සැකයක් ප්‍රබාත්ට තිබුනේද නැත..

"මන් 10 වෙනකොට එන්නම් "

ප්‍රබාත්ගේ හිත සතුටින් පිරි ගියෙය..පසුදා උදෑසනම නැගිටගත් ඔහූ නාන්නට යද්දි මවද පුදුම උවේය..

"ඈ බන් උබට ගිනියමද මේ නාන්නේ උදේ පාන්දර.."

"නාන්න හිතුනා අම්මේ..."

ඔහු ඉක්මනින් කෙටි පිලිතුරක් දී නාගෙන ලස්සනට ඇද ගත්තේය නිල් ඩෙනිම් කලිසමට ඉරී ෂර්ට් එකක් ඇදගත් ඔහූ ජෙල් පැක්කටුවක් හිසෙ තවරා කොන්ඩය උඩට හැදූවේය...ඇග පුරා සුවද විලවුන් තැවරූ ඔහූ කන්නාඩිය ඉස්සරහා ගීතයක් ගායනා කරමින් කැරකුනේය..

ආවා සොයා ආදරේ...
ගීතෙ ගයයි සාගරේ.....

"මේ මොකද බොල මේ වෙලා තියෙන්නේ උබ අද මනමාලකමෙ යනවද ."

ප්‍රබාත් අම්මා එනවා දුටුවේ නැත ..ඔහු ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ..කර ගන්නට දෙයක් නැතිවයි..

"මේ යාලුවෙක් එක්ක ගමනක් යන්න අම්මේ.."

මවගෙන් බේරීමට ඔහු කියා දැමුවේය ..

"අනේ උබේ ගමන් යන තැනක ඉක්මනින් වරෙන් කුඹුරට යන්නෙ නැද්ද අද .."..

"හා හා එන්නම්.."

තරුණයෙකු වූ ප්‍රබාත් කුඹුරූ වල වැඩ කර නිසා ඔහුගෙ අතේ යහමින් මුදල් ගැවසිනි..ඔහු එක පිම්මෙන් තුසිතගෙ නිවසට ගියේය..

"මචන් තුසිත.."

"මේ මොකද බන් උදේම.."

"මට බයික් එක ඕන බන්..ඉක්මනට ගෙනත් දෙනවා..."

"බයික් එක දෙන්නම් උබට ලයිසන් නැනෙ.."

"මේ ලගට යන්න බන්... ඕක අහුවෙන්නෑ ."

"අරන් පලයන් හැබැයි පරිස්සමින්"

තැන්ක්ස් බන්..

බයික් එක ගත්ත ප්‍රබාත් වෙලාවටත් කලින් ඉගිල ගියේය..ඔහු ගිහින් විනාඩි පහකින් තරුණිය පැමිනියේය..සුන්දරවු ඇය ඈතින් එනවා දුටු ප්‍රබාත් ඇස් පිල්ලන් නොගහ බලාන සිටියේය...ඔහුගෙ කටද යන්තම් ඇර තිබුනී....

"හා හා කට වහගන්න මැස්සො යයි..ඔයාද ප්‍රබාත්.."

"ඔව් ඔයා අනීෂද ."

ඔව්..ඔව්..

"ඔයා හරි ලස්සනයි අනීෂා..."

ඔවුන්ගේ කතා බහ කර විනාඩි කීපයක් යද්දි බයික් එකකින් තරුනයෙක් ඔවුන් අසලට පැමිනියේය...තරුනයා දුටු ගමන් තරුනිය ඔහු ලගට ගොස් අතෙ එඑල්ලුනී හෙල්මට් එකෙන් මූන වසා සිටි තරුනයාගේ මුහුන හරි ආකාරව නොපෙනිනි..

"මේයා තමයි මන් කීවේ. මට කරදර කරනවා..කියලා ...නිතර "

"මොකක්.."

තරුනිය එහෙම කියද්දි ප්‍රබාත්‍ට සිතා ගත නොහැකි විය...තරුනයා ඔහු ලගට විත් ඔහුගේ ෂර්ට් එකෙන් අල්ලා ගත්තේය ...

"ඈ යකෝ මේ මගෙ වයිෆ්...උබට බදින්න ඕන කීවලු නෙද චු කොල්ලා ...උබට හොද පාඩමක් උගන්වන්නම් හිටු.."

"නෑ නෑ මෙමෙ.. ඔයා කවුද අතාරිනවා මාව..."

ප්‍රබාත්ට හීන් දාඩියක් දැමුවේය...

"අතාරින්න නෙවෙ ගනින් පර්ස් එක කෝ...ගනින්.."

"දෙන්නම් .."

ඔහු ප්‍රබාත්ගෙ පර්ස් එක ගෙන එහි තිබූ මුදල් ගත්තේය. ...

"කො ගනින් ෆොන් එක ඉක්මනට...කො.."

ඔහු ෆොන් එකද උදුරා ගත්තේය..

"ඉදා මේ සිම් එක තියා ගනින්.."

සිම් එක ප්‍රබාත් අත තබා ෆොන් එක සාක්කුවට දමා ගත්තේය තරුනියද ඔහු අසලට සිනා මුසු මුහුනකින් ආවේය...

"දැන් දුවපන් මෙතනින්..අපි යමු උබ කාටවත් කියලා තිබුනොත් බලාගන්නම්..අපි යමූ.."

"යන්නම් අයියා.. "

තරුනිය ප්‍රබාත් අසලට විත් කියා බයික් එකට නැග අත වනා ගියේය...

"ඕන් ඕක බන් උනේ..."

එය ඇසු යාලුවා මහ හයියෙන් සිනා විය...

"යකො තොට පන නැද්ද ඒකට ගහන්න..ඇරත් උබට තනියම යන්න එපා කිවේ ඒකයි..බලපන් බයික් එක අරන් ගියානම්...ආයවත් ඕක මතක තියා ගන් මොඩයා.."

ප්‍රබාත් සුසුමක් හෙලුවේය..

"ඔව් බන්..... කාටවත් කියන්නෙපා.."

"හරි බන්..හරී..මන් යන්නම්.."

"හා ඒ කියන්නෙපා හරී.."

ප්‍රබාත් එසෙ කිවද ඔහු මුලු යහලුවන් හැමොටම එය කියා තිබුනේය..ඔවුන් හැමොම ප්‍රබාත්ට විහිලු කලේය..ඔහු තවත් දවස් ගනනක් කොහෙවත් නොයා ලැජ්ජාවට නිවසටම වී සිටියේය...

අවසානයි....

ආත්ම වියරුව.....අවසානයට පෙර 29කොටස..


සිතාරාගෙ ආත්මය දුටු මැනිකෙත් අවිශ්කත් මහත් සෙ බියට පත් වූවේය..හාමූ කදුලු පිරි දෙනෙතින් ඇය දෙස බලා සිටිද්දි එක වැරම මැනිකෙගෙ කොන්ඩයෙන් ඇද බිම දමා ඇයව පඩි පෙල දිගෙ උඩට ඇදගෙන ගියේය....මැනිකේ කෑ ගසද්දි අවිශ්ක දුවන්නට ගියේ බංගලාවෙන් එලියටයී..නමූත් ඔහු දුවද්දී එලීය මහා කලුවරක් වූවේය...ඔහු ඉක්මනින් අත රැදි ඔරලොසුව බැලුවේය...එහි වෙලාව උදේ අට පසූ වී තිබුනී එහෙත් තවම බංගලාවට පමනක් අදුරූ වී ඇත...ගන කලුවරේම ඔහු ගේට්ටුව ඇර එලියට අඩිය තියද්දී ආත්මය ඔහු ඉදිරියේ බියකරූ ස්වරූපයක් ගත්තේය...ඔහු කෑ ගසා නැවත හැරී බිම වැටුනී ඔහුගෙ කකුලෙන් ඇද බංගලාව ඇතුලට ආවේ කවුරැදැයි ඔහු නොදනීමී....බංගලාවේ සියලුම දොර ජනෙල් අගුල් වැටුනී කිසි වෙකුටත් එලියට යාමට නොහැක..මැණිකේ මහ හඩින් කෑ ගසයී...

"අපේ මහත්තයා....අතෑරපන්...බේර ගන්න...."

උඩු මහලට ඇදන් ගිය මැණිකෙ උඩ පාවෙන්නට විය...ඇය ඒ මෙ අත වැදුනේය...අවිශ්ක බය වී බලා සිටියා පමනී...මැනිකේ නැවත පහලට දැමු සිතාරා ඇය ඉදිරියට පොල්ලක් රැගෙන ආවේය...එය දුටු අවිශ්කත් හාමුත් කෑ ගැසුවේය..

"එපා...අම්...මා....එපා...නතර කරපා..න්..."

අවිශ්කගෙ හඩ ඇසුනූ ආත්මය දරුනු වී ඔහු වෙතට ආවේය ඇය බයංකාර හඩින් කතා කරද්දී ඔහු පස්සෙන් පස්සට ගියේය..

"උබ එදා මගෙ අම්මව අතෑරියද.....කියපන්.."

අවිශ්කගේ කකුල් දෙසට පොලු පාරක් දරුනුවට වැදූනේය ..ඔහු වේදනාවෙන් බිම ඇද වැටෙද්දි මැනිකෙත් හාමුත් කෑ ගසාන ඔහු ලගට ආවේය...මැනිකේ සිතාරට දෑත් එකතූ කොට වැන්දේය..ඇය මහා හඩින් හැඩුවේය...

"අපිට සමාව දීපන් සිතාරා මගෙ කොල්ලව මරන්නෙපා මන් අම්මා කෙනෙක් මගෙ ඉස්සරහා කොල්ලා මැරෙනවා බලන්න බෑ "

ඇය වැද වැටුනාය..සිතාරා ඇගේකොන්ඩයෙන් අල්ලා ගත්තේය...මැනිකේ වේදනාවෙන් කෑ ගසද්දි ඇය තවත් මැනිකෙට වේදනා දූන්නේය...

"ඔව් උබ අම්මා කෙනෙක්...එතකොට මගෙ අම්මත් අම්මා කෙනෙක් උබේ තිරිසන් පුතා මගෙ අම්මව මරලා දැම්මා ..පිරිමි තුන් දෙනෙක් දම්මලා මට අන්ත දුකක් දීලා මැරෙව්වා..එතකොට උබ...ජීවිතෙන් බාගයක් අපිව මැරෙව්වා.. මේ මගෙ අම්මා මරාපු පොල්ල. මෙ තියෙන්නෙ මගේ අම්මගේ ලේ...උබ මුලු ජීවිත කාලෙම විදවලා මැරෙන්නෙ ටික ටික ..."

"අනේ සමාවෙයන්..."

"අහ්.."

මැනිකෙට කියා ගන්න පුලුවන් උනේ එපමනයී පොල්ලෙන් ඇගෙ ඔලුවට ගැසූ සිතාරා මහ හඩින් සිනා සී අව්ශ්ක ඇදගෙන ඔහුගේ කාමරය වෙත ගියේය..වේදනාවේන් කෑ ගසා අවිශ්ක පඩි පෙල දිගේ උඩට ඇදෙද්දී හාමු විලාප දුන්නේය..

"අනේ. මැනිකේ..."

"ම..හ..ත්..තයා..."

තදින් පහරක් ඇගෙ ඔලුවට වැදුන්නැති වුනත් ඇගෙ නළල පැලී ලේ ගැලූවේය..හාමූ රෙදි කඩකින් නලල වෙලද්දි අවිශ්ක මහ හඩින් කෑ ගැසූවේය...

"පු තා පුතා..."

මැනිකේ සිහිසුන් වූවේය...කාමරයට ඇදන් ගියපු අවිශ්ක ඇදට දමා ඔහු ඇදන් හිටපූ රෙදී ඉරා එයින් ඔහුගේ අත් පා බැද දැමූ වේය...අවිශ්ක කෑ ගැසූවේය....

,"උබ මොනවද මට මේ කරන්නේ ලිහපන් මාව..."

"උබ කරපූ දේම තමයී එදා උබ මට කරපූ දේ අද මම උබට කරන්නේ....ආත්මයක් ආත්මයක් ගානේම උබට මතක තියේයී ...උබේ හිතේ තිබුනු තිරිසන් ආශාවල් නිසා උබ මාව පන පිටින් වැලලුවා. දැන් බලපන්..."

වියරූ හඩින් ඇගේ ආත්මය කියද්දී අවිශ්ක එදා සිතාරා අසරණ වී වුන් විදියටම අසරණ වුවාය...ඔහුත් ඇය මෙන්ම ජීවිතය යැද්දේය ..

"මාව මරන්නේපා.....මට සමාවෙයන් නංගී ..."

ඇය ඉතා බයානක ලෙස සිනාසුනාය...

"නංගී...උබට දැන්ද මතක් වුනේ මන් උබේ නංගී කියලා ...උබ එදා මට යන්න දුන්නම් තාමත් මගෙ අම්මයි මමයි ජීවත් වෙනවා...."

ඇය ඉතා වියරූ ලෙස සීනාසී අවිශ්කට කම්මුල් පහරක් ගැසූවෙය...ඒ පහරින් අවිශ්කගේ කම්මුලෙන් ලේ විසිවිය...බයානක ස්වරූපයෙන් වෙනස් වූ සිතාරා එදා අවිශ්ක ඇය එතූ බෙඩ්ෂීට් එකෙන් සැරසී සීටියේ අවුරුදු තුනක් පරන කුනු ගද ගහන සම එල්ලා දීයවී වැටුනු මල සිව්රක් මෙන්..ඉතාම වීරූපී වී තිබුනු ඒ සිරූරේ ගද ගහන ස්‍රාවය පවා වැක්කෙරෙමින් තිබුනේය..

ඇය හෙමින් අවිශ්කගෙ නිරුවත් වූ ශරීරයට ලන් විය..අවිශ්ක බයෙන් කෑ ගැසුවේය...ඒ හඩින් බංගලාව දෙදුරූම් කෑවේය....මල සිරූරේ ගදින් මුලුන්බංගලාවම ගද ගැසුවේය...

"එපා...ලගට එන්න..එපා...යන්න..දීපාන්..."

අවිශ්කගේ වචන කීපයට නැවත සිතාරා සිනාසීය...ඇය බයංකාර හඩකින් ඇමතීය.....

"නෑ..යන්න..දෙන්නේ...නෑ...උබ..එදා..
ආශා කරෙ..මේ..කුනු ගද ගහන..ශරීරටනේ....අද..ඒ..ෂරීරේ. .උබගේ..ආශාවන්..ඉටු.කරයී...

ඇය..වියරුලෙස සිනා සෙද්දී...අවිශ්ක..බයෙන්..ගල් ගැසුනේය...මැනිකේ.මහ..හඩින්...
හඩන්නට පටන් ගත්තේය...

"අපේ මහත්තයා...මගේ..කොල්ලා....අනේ..
බේරගන්න.."

"මන් කොහොම බේරගන්නද මැනිකේ කරපුවා තමයි විදවන්නේ ... ඕවා කරන්න කලින් දැනගන්න ඕන විදවන්න දවසකූත් එනවා කියලා ..හොද පාඩම කාට කාටත්..."

ඒ වචන ටිකෙන් මැනිකෙට කේන්ති ගියේ හාමූ එක්ක..ඇය..හාමුට මහ හඩින් බැන වැදුනේය..

"අපේ මහත්තයාට ලොකූ වුනේ එකී තමයි හැමදාම...මගෙ කොල්ලට වැඩිය ඒකිට ආදරේ මන් හිටියේ නැත්තන් මගේ කොල්ලා මේ ගෙදරින් එලියේ..දේපල ටික ලියා ගත්ත නිසා තමයි අද මෙහෙම ඉන්නේ..ඕකී මැරුනු එකමයි හොද...හැතිරී..ආ...හ්....."

"වහපිය කට.."

මැනිකේ කියාගෙන යද්දී..හාමූ ඇගේ කම්මුලට පහරක් ගැසූවේ ඉවසාගත නොහැකී කේන්තියේන්..මැනිකේ මහ හඩින් හැඩුවේය...

"උබට මම කලින්.. මේ දේ කරානම් තමා හරී...වහපිය කට..."

හාමූ මහ හඩින් බනිද්දී..අවිශ්ක මහ හඩින් බෙරිහන් දුන්නේය..කුනු වී මස් වෑහෙන..ශරීරයෙන් සිතාරා අව්ශ්ක සමග යහන් ගත වූවේය...දැඩි වේදනාවක් ගෙන දුන් අවිශ්කට කර කියා ගත දෙයක් නොහැකිව කතා කර ගන්නටද පවා බැරීවිය ඔහුගේ ශරීරයෙන් ආ දරාගත නොහැකී වේදනාවත් සමගම සිතාරාගේ ශරීරයේ කුනූ වී වැක්කෙරෙන සාරයෙන් අවිශ්ක නැහැවී ගියේය...ඇගේ සම සියල්ලම අවිශ්ක ඉදිරියේ වෑහී ගොස් ඇට කටු සැකිල්ලක් පමනක් ඉතුරු විය..අවිශ්කට සිහියක් නොමැති විය ...ඉන්පසු යලිත් බයංකාර සිතාරා මතු වීය...

අසල තිබූ පිත්තල මල් වාස් එකෙන් ඔලූවට හැකී උපරිම වීරිය යොදා ගැසූ සිතාරා මහ හඩින් සිනාසීය..අවිශ්ක ලේ පෙරාන දගලන විට ඇය ඔහුව ඇදෙ තිබූ බෙඩ් ෂීට් එකෙන් ඔතා කකුලෙන් පඩිපෙල පල්ලෙහාට ඇදන් ආවේය...අවිශ්කගේ ෂරීරයෙන් ලේ වැගිරෙන දුටු මැනිකේ සිහිසුන් විය..හාමු මහ හඩින් හඩද්දී...ඇය ඔහුව පාර දිගේම කැලය වෙත ඇදගෙන ගියේය..නිරුවතින් මහ පාරේ ඇදගෙන යන අවිශ්කගේ ලේ පැල්ලම් පාරේ දිගේ ඇතිල්ලී ගියේය...කැලය ඇතුලටම අව්ශ්ක රැගෙන ගිය සිතාරා ඇගෙ වල අසල අවිශ්කව දැමූ වේය... පසුව බයංකාර හඩින් කතා කලේය...

"උබට මතකද මෙතැන...."

කතා කර ගත නොහැකී අවිශ්ක අමාරුවෙන් වචන ගලපුවේය .

"ස...ස...ස.මා...වෙ...ය..න්...න..ං..ගී..."

එපමනක් පමනක් කියූ අවිශ්කගෙ අත් පා සියල්ල ඇය ගලවා විසි කරේය..කද කොටසින් පමනක් දගලන අවිශ්ක ලේ විලක් මැද මාලුවෙකූමෙන් දෑගලූවේය..මැනිකේ මහ හඩින් කෑ ගසාන කැලේ ඇතුලට දුවගෙන එනවිට..ඇය යමක පැටලී වැටුනේය....ඇය නැවත නැගිට බලද්දී ඒ අවිශ්කගේ කකුල බව දුටු මැනිකේ තැන තැන තිබෙන ඔහුගේ අත් පා කොටස් දුටූවේය. . දරු දුක ඉවසා ගත නොහැකිව කෑ ගැසු මැනිකේ ඉදිරියට යද්දී කද කොටස පමනක් ඉහලට ඔසවා සිටින සිතාරා ඇය දුටුවේය...මැනිකේ යටි ගිරියෙන් කෑ ගසද්දී හාමුද එතැනට ආවේය...හාමුත් මැනිකෙත් දෙදෙනාම කෑ ගසද්දී සිතාරා අවිශ්කගේ බෙල්ල ගලවා මැනිකෙ වෙතට දිගු කලේය...

"මෙන්න උබේ පුතා ඉදා .."

මැනිකෙගෙ දෝතේ තැබු අවිශ්කගේ ඔලුව..මැනිකේ කෑ ගසා බිම දැමුවේය..ඇය බයංකාර හඩින් සිනා සී කද කොටසින් වෑහෙන අවිශ්කගේ ලෙ බාජනයකට එකතු කොට දගලන කද මෙන්ම සියලූම කොටස් අසල තිබූ වලට එකතූ වූ පසූ වල වැසී ගියේය...අවිශ්කගේ මරණය ඉවසා දරා ගත නොහැකී වූ මැනිකේ සිහිසුන් වී ඇද වැටුනෙය....සිතාරා හාමූ අසලට පැමින..ඇගේ දෑතින් හාමුගේ බෙල්ල අල්ලන්නට යද්දී කට්ටඩියා කෑ ගැසුවේය...

"නතර කරපන් ඕක..."

මිහිනදී …


Image may contain: one or more people

වෙලාව හරියටම රාත්‍රී දොලහේ කනිසමට ළගා වූවා පමණි..

හැමදාමත් දකින ඒ හීනයයෙන් මා තිගැස්සී ඇහැරුනෙමි.. කාමරයේ විදුලි ආලෝකයද නොදැල්වූ මා එකවරම මේසය උඩ තිබූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන යන ලදි..

මෙම සිදුවීම් මා හට ආගන්තුක නොවේ.. කලක පටන් මේ ලෙස මාගේ නින්ද විනාශ කරන හීනයක් ඇත..

එය එකම ආකාරයේ හීනයකි..

ඒ ඉතා රූමත් යුවතියකි. ඇගේ මුහුණ හරි හැටි පැහැදිලි නැත.ඈ මා හට පෙනෙන නොපෙන මානයෙන් ගමන් කරමින් මා ඇය පසු පස හඹා යෑමට සලස්වයි.ඒ ඉතා පාළු අදුරු වූ වෘක්ෂයන්ගෙන් පිරි මාවතක් ඔස්සේය.නමුත් ඒ ගමනේ අවසානයක් නොමැත.ඒ මග කෙලවරක ඇති ගරා වැටුණු ලී ගේට්ටුවක් අසල ඇය මා තනිකර නොපෙනී යයි.

මා නැවතත් සිහියට පැමිණෙන්නේ එවිටය. සෑම දිනකම එකම වෙලාවක දකින මෙම සිදුවීම මා හට ඉතා මානසික වදයක් විය..

මෙසේ කාලය ගතවිය..

මිහිනදී ඇයි දැන් මට ලියන්නේ නැත්තේ..

" මිහිනදී නැති වුන දවසෙ ඉදලා තමයි මේ ඔක්කොම මනස්ගාත මට පේන්නේ.."

මා මටම කියා ගත්තෙමි...

මිහිනදී යනු මා කිසි දිනක දැක නොමැති,ඉතා සුන්දර අදහස් හා සිතුවිලි ඇති මාගේ පෑනේ මිතුරියයි..

එහෙත් දැනට ටික කාලයකට පෙර ඇය මා හට ලිවීම නතර කෙරෙණි. එක වරම එසේ වූයේ ඇයි දැයි මට ද අදහාගත නොහැකි දෙයකි.

මිහිනදී මට හමු වන්නේ මීට වසර හතරකට පමණ ඉහත මා පාසලේ උසස් පෙළ හදාරන සමයේ දීය. කොතෙකුත් 'නම්' පෑනේ මිතුරු පිටුවෙහි තිබුණද මාගේ සිත ඇදී ගියේ මිහිනදී කියන නමටයි. තවද මා මගේ රටේ වඩාත්ම ආදරය කරන පරිසරක ඇය ජීව්ත් වීමද මා ඇයට ලියන්නට හේතු විය. මිහිනදී ජීවත් වූයේ මහනුවර නගරයට ආසන්න සුන්දට පෙදෙසකය.

මෙසේ ආරම්භ වුනු අපේ මිතුදම ඉතා සුන්දර විය.මා මගේ ගැනද ඇය ඇගේ ගැනද සියළු දේ අපි නිතර ලියන්නට විය.

"" විහග මට වෙලාවකට හිතෙනවා අපේ ජීවිත හරි පුදුමයි කියලා..

මට වෙලාවකට හිතෙනවා ඔයා වගේ මෝඩ කොල්ලෙක්ට ඇයි මන් මේ පණ දාගෙන ලියන්නේ කියලත්..

ඒත් නොලිය ඉන්න හිතෙන්නෙම නෑ...

හැමදාමත් පාර දිහා බලන් ඉන්නේ ඔයාගෙන් ලියුමක් එනකම්..

මේ මිස්ටර් විහග.. ඔයා ලගකදි ඉදන් ටිකක් පණ්ඩිත වෙලා කියල පේනවා මට..

දැන් එවන ලිවුම් වල කවි කෑලියි.. සිංදු කෑලී වැඩී.. මොකද ඒ.. පිස්සු හැදී ගෙනවත් එනව ද.. අදම අම්මා එක්ක ගිහින් බෙහෙත් ගන්න හොදද..ඩොක්ටර් මොකද කිව්වේ කියලා ලියලා එවන්නකෝ මට.. පිස්සා..

ඒ මිහිනදී මට එවන ලද අවසන් ලිපියේ කොටසකි. මා ඉන් පසු කොතෙක් ලිපි යැව්වද ඇයගෙන් කිසිදු පිළිතුරු ලිපියක් නොවිය.මා අවසන් වරට යැවූ ලිපියක ඇයව මුණගැසිය යුතු බව සදහන් කර යැවූ බැවින් ඇය මා ගැන වැරදි ලෙස සිතුවාද කියාත් විටක මට සිතිණි.

කිසි දිනක දැක නැති සිතුවමකින් පමණක් මා මවා ගත් ඇයගේ මෙම නිෂ්ශබ්දතාවය මගේ හිතට ඉතා තදින් දැනෙන්නට විය.මගේ හිතට කියා ගත නොහැකි පාළුවක් තනි කමක් දැනෙන්නට විය.මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු කමක් මට මිහිනදී ගැන තිබිණි. එය මා මිහිනදීට කෙතරම් හැගවීමට උත්සහ කරද මිහිනදීට එය තේරුම් ගැනීමට උත්සහ නොගත් බවක් පෙනුණි.

මෙසේ කලය ගෙවී ගියද මිහිනදීගෙන් මා හට කිසිදු පිළිතුරක් නොවීය..දිනෙන් දින මගේ හිතට දැනෙන මෙම වේදනාවත් රාත්‍රීයේ මා හට සිදුවන මෙම සිදුවීම් නිසාත් මා ඉතා කලකිරීමෙන් කාලය ගත කෙරිණි.

මා හට හරි හැටි රාජකාරි කටයුතු කිරීමටවත් නොහැකි තත්වයක් උදා වී තිබිණි.

මා පෞද්ගලික ආයතනයක කළමණාකරුවෙකු ලෙස සේවය කරන කරයි..උසස් පෙළ ප්‍රතිඵල ලැබීමත් සමඟ මා හට ලැබුණු රැකියාව පිළිබඳව මිහිනදී ද සිටියේ ඉතා සතුටකින්‍ ය.ඇය ද උසස් පෙළ ඉහළින් සමත්ව සිටි අතර රැකියාවක් සිදු නොකරන ලදි.එබැවින් මා ඇයට යැවූ සෑම ලිපියකම වාගේ කියා සිටියේ ඉගන ගත්ත දේ අපතේ නොයවා සුදුසු රැකියාවකට ඉල්ලුම් කරන ලෙසටය..එහෙත් ඇයට එතරම් උනන්දුවක් නොවීය.

සෑම දිනකම රැකියාවකට ගොස් මා නැවත නිවසට පැමිණෙන්නේ පාළුවත් තනිකමත් හිතේ දරා ගෙනය. සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර මිහිනදී මට එවූ ලියුම් කියවමින් කාලය ගත කිරීම මාගේ පුරුද්දක් විය..

කවදාක හෝ ඇයගෙන් ලිපියක් බලාපොරොත්තුවෙන් කාලය ගෙවුන ද එය සිහිනයක් බදු විය..මම ඇයට මෙතරම් ආදරය කරන බව මා දැන සිටියේ නැත.

" මා මිහිනදී සොයා ගත යුතුයි.."

දිනක රාත්‍රීයේ ඈ ගැන සිතමින් සිටින මොහොතක පැමිණි සිතුවිල්ලකි.මා ඇයට මෙතරම් ආදරය කරන බව ඇයට කිව යුතුයි..

මෙසේ සිත්මින් මිහිනදී හමුවේවි යන බලාපොරොත්තුව මත මා එදින නින්දට යන ලදි..

පසු දින සති අන්තයේ නිවාඩු දිනයක් වුවද වෙනාදාටත් වඩා උදෑසනින් මා නින්දෙන් ඇහුරුණි. ඒ මිහිනදී ගැන රාත්‍රීය පුරාම සිතෙහි වද දුන් සිතුවිලිත් සමඟය. එදින සති අන්තයේ දිනයක් පමණක් නොව මාසේ පෝය දිනයක් වූ බැවින් ගෙදර සියළු දෙනාටම විවේකී දිනයකි.

උදෑසනම සිල් සමාදන් වීමට යාම සදහා සූදනම් වූ මාගේ මව උදෑසන ආහර පිළියෙල කර ඇති බව පැවසුවේ මා හට උදෑසන තේ කෝප්පය රැගෙන එන අතරේය.

"මොකද පුතේ ඔයාගේ හැටි ඊයේ රෑ නිදාගත්තේ නැද්ද..මූණ හරිම මහන්සි පාටයිනේ අසනීපයක්වත් ද.."

"නෑ නෑ.. අම්මේ මට ටිකක් හිසරදේ වගේ.. ඒකයි.. ඒක හරියයි.."

"ආ අම්මේ ඒක නෙවෙයි මම අද ටිකක් එළියට යනවා මගේ යාළුවෙක්ගේ ගෙදර..

එන්න ටිකක් රෑ වෙයි..රෑට කෑම තියන්න එපා..

හ්ම් හ්ම්ම් පරිස්සමින්..

එපමණක් පැවසූ මව කඩි මුඩියේම සූදානම් වී පන්සලට පිටව ගියේය.

පිළියෙල කර තිබූ උදෑසන ආහාරයද රැගත් මා ඉක්මනින්ම සූදනම් වූයේ මිහිනදී සොයා ගැනීමේ ගමන ආරම්භ කිරීමටය..

කෙතරම් වේදනාවක් හිත තුළ තිබුණද වෙනදාට වඩා හිත තුළ අමුතු සතුටක් අතැති බලාපොරොත්තුවක් එදින තිබිණි.ඒ මිහිනදී හමුවේවි යන සිතුවිල්ලයි. පසුව ඉක්මනින් ලක ලැහැස්ති වූ මා මාගේ මෝටර් රථය පනගන්වන ලද්දේ කෙසේ හෝ මිහිනදී සොයා ගන්නවාමය යන අධිෂ්ඨානය සහිතවය.

මා ජීවත්වූයේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේය. එබැවින් මහනුවර බලා යාම ටිකක් දිගු ගමනකි. එහෙත් එය කොතරම් දිගු ගමනක් වුවද එය මගේ ජීවිත ගමනේ කොටසක් බැවින් එය යා යුතුවමය. දහවල් ආහාරයද අතර මග කඩයකින් ලබා ගත් මා සවස තුන පමණ වන විට මහනුවර නගරයට ලගා විය.සවස් වීමට ආසන්න වුවද දළදා මාළිගාවට ගොස් වැද පුදා ගැනීමට මා සිත් විය.පෝය දිනක් බැවින් මාළිගාව ජනයාගෙන් පිරි ගොස් තිබුණි.

නැවතත් රථයට නැගි මා ගමන යාමට පිටත් විය. මද දුරක් ගමන් ගත් මා අසල පිහිටි කඩයක් ආසන්නයේ රථය නතර කරන ලදි. එහි සිටි මැදිවයසේ පුද්ගලයන් කිහිපදෙනෙකි. මා සතුව මිහිනදී සොයාගැනීමට ඇති එකම සාක්ෂිය ඇයගේ ලිපිනය පමණි.

"සමාවන්න මහත්මයා..මම විහග.. ගාල්ලේ ඉදලා එන්නේ.. මට කියන්න පුළුවන්ද මෙන්න මේ Address එක කොහේද කියලා.."

"ආ කෝ බලන්න මහත්තයෝ.."

"මහත්තයෝ ඔන්න ඔහොම තව හැතපුම් දහක් විතර යනකොට ලොකු තුංමන්හන්දියක් හම්බවෙනවා.. ආන් එත්නින් වම් පැත්තට හරෝලා හැතැප්ම විස්සක් විතර යන්න..

ඒ හරියේ ටිකක් අබලන් වෙච්ච පාළමක් එහෙමත් තියනවා..ආන් ඒ හරියේ තමයි මහත්තයෝ ඔය කියන ඇඩ්රොස් ඒකේ හැටියට තැන තියෙන්න ඕන..

"රෑ බෝ වෙයි මයි හිතේ.. ඒ හරියේ හරියොට එළියක් වත් නැහැ මූකලාන දෙපැත්තෙම.. හද එළියේ පිහිට තමා.."

"අනේ බොහොම ස්තූතීයි මාමේ.."

"වාහනේ නේ යන්නේ කමක් නෑ.."

"හොදා හොදා මහත්තයට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි එහෙනම්.."

ඇදිරි වැටීමට තවත් හෝරා දෙක තුනක් පමණ තිබුණි. ඔවුන් කියූ පරිදි මා මෙහි යාමේදී නිසැකවම රෑ බෝ වනු ඇත.. කෙසේ නමුත් මිහිනදී සොයාගෙන මිස ආපසු යෑමට නොහැකිය.. කෙසේ හෝ ඇය සොයා ගත යුතුය.

රථය පණ ගැන්වූ මා වේගයෙන් ගමන ආරම්භ කරන ලදි. මාගේ එකම අභිප්‍රාය වූයේ මිහිනදී දැක ගැනීමය.. ඇදිරි වැටීමට ආසන්න වීමත් සමඟ මා පෙර කියූ තුංමන්හන්දිය පසු කර වමට ඇති ගමන් මාර්ගයට පැමිණෙන ලදි..
එය ටිකක් අබලන්ව ගිය කදු පල්ලම් සහිත මාර්ගයක් බැවින් යාමට මදක් අසීරු විය.. රෑ බෝ වී ඇති බැවින් පරිසරය ද පාළු ගතියක් ගෙන තිබුණි..

මා මෙය කුඩා කල සිට ඇළුම් කර පරිසරයක් වුවත් එදින මා හිතට යම් චකිතයක් දනවන්නක් විය. මිහිනදී සොයාගත හැකි වේද නැද්ද යන ප්‍රශ්නාර්ථය ද නිතර හිතේ දෝංකාරය දෙන්නට විය..
••••••••••••••••••
එකවරම පාර හරහා පැන ගිය සතෙකු නිසාවෙන් මා තිගැස්සී ගොස් වේගයෙන් පැද ආ මෝටර් රථය නතර කර ගතිමි... නිසැකවම ඒ සතා වාහනේට අහුවුනා මා සිත්න්නට විය. ඉක්මනින් රථයෙන් බැස ගත් මා රථයේ ඉදිරි පසට ගොස් සිදුවූයේ කුමක් ද යන්න නිරීක්ෂණය කරන්නට විය. මා සිතුවා නිවැරදි රථයේ ඉදිරි පස වම් පසට වන්න ඉතා විශාල ලේ පැල්ලමක් දක්නට ලැබුණි.. එය දැක මා පුදුමයට පත් විය මෙය කුඩා සතෙකුගේ විය හැකිද යන්නද මට සිතෙන්නට විය. ඒ ගැන හොදින්ම නිරීක්ෂණය කිරීමට මා එයට ලං වී බලන්නට විය.එහෙත් පුදුමයකි. ලේ පැල්ලමක් හැරෙන්නට කිසිම සතෙකු එහි නොවීය.

එහෙත් මෙහි ඇති ආකාරයට නිසැකවම මෙහි වැදුණු සතා මිය යා යුතුය.. එහෙත් එහි සතෙකු ගිය සළකුනක් වත් නොවීය..

"එතකොට මම දැක්කේ කවුද..???

මේ ලේ පැල්ලම්...

මෙය කලින් සිදු වූ වක්ද..???

මාගේ හිත නොසන්සුන් විය.. මුළු පරිසරයම නිහඩතාවයෙන් වෙලා ගෙනය.. මා ඉක්මනින්ම නැවත රථය තුලට නැග එය පණ ගන්වන්නට විය. නමුත් අවාසනාවකට මෙන් මෙතෙක් වේලා කිසිදු දෝශයක් නොතිබූ මෝටර් රථය පණගැන්විය නොහැකි විය.

මෙය මෙසේ අක්‍රීය වීම මා හට අදහාගත නොහැකි විය.. මේ රෑ මෙය කෙසේ සාදාගන්නද මිනිස් පුළුටක් පෙනෙන මානයක නොවීය.. පිරිමි හිතක් වුද මාගේ සිතට යම් චකිතයක් මේ පාළු පරිසරය තුළින් දැනෙන්නට විය.

"කෙසේ හෝ මෙය පණ ගන්වා ගත යුතුය.."

නැතහොත් මා කෙසේ මිහිනදී සොයා ගන්නද.. මා දැන් පෙර කී මාර්ගයේ ගොඩ දුරක් පැමිණ ඇති බැවින් මා දැන් සිටිය යුත්තේ මිහිනදීගේ නිවසට ආසන්නයේම විය යුතුයි..

නැවතත් රථයෙන් බැස ගත් මා රථය පණ ගන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්නට විය..

කාත් කවුරුවත් නොමැති මෙම පාළු පරිසරය මගේ සිතේ බිය එන්න එන්නම වැඩි කරන්නක් විය..මාගේ දුරකථනයේද සංඥා අවහිර වීම නිසාවෙන් නිවසට හෝ ඇමතුමක් ගෙන මේ පිළිබඳව දැනුම් දීමටද නොහැකි වී තිබිණි.

රථයෙන් බැස ගත් මා කිසි වෙකු හෝ හමුවේ යන බලාපොරොත්තුව මත ඉදිරියට ඇවිද යන්නට විය..ටික දුරක් ඇවිද ගිය තැන මා හට අබලන් වී ගිය යකඩ පාලමක් හමු විය.

"මේය ඉහත මා පාර අසන ලද කඩ පිලෙහි සිටි පුද්ගලයා කියූ පාලම විය යුතුයි."

ඒ අනුව මා දැන් සිටින්නේ මිහිනදීගේ නිවස අසලම විය යුතුයි..මට සිතිණි..පාලම පසු කරනවාත් සමඟ ඊට යාබදව ගරා වැටී ගිය කුඩා බස් නැවතුම් පළක් වන් ස්ථානයක් ද ඒ ආසන්නයේ කිසිවෙකු හෝ ගමන් කරන චායාවක් එකවර මා නෙත ගැටිණි.

මා මේ මොහොතේ පත්ව සිටින අසරණ තත්වය සමඟ මගේ සිතට මෙය සැනසීමක් ගෙන දෙන්නක් විය.ඒ කුමන හෝ තොරතුරක් හෝ උපකාරයක් ලබා ගැනීමට හැකි වේ යන නිසාවෙනි.එසේ වුවද එය මොහොතකට අඩපන වූයේ එම ස්ථානයේ ගමන් කරමින් සිටින්නේ කාන්තාවක් බව දුටු නිසාවෙනි.

මෙතෙක් වේලා කිසිවෙකුත් නොගැවසුනු මෙම පාළු පරිසරයේ මෙතරම් රෑ බෝ වී ඇති වේලාවක කාන්තාවක් තනිවම සිටිනු දැකීම මගේ ඇසට අදහාගත නොහැකි හා සිතට චකිතය වැඩි කරන්නක්‍ විය.

මගේ අනුමානය අනුව ඇය ඉතා රූමත් විය යුතුයි.සුදු පැහැයට හුරු දිග ගව්මක් ඇද සිටි ඇය ඇගේ දිගු වරලසින් මුහුණේ පැත්තක් වසා ගෙන මෙන් සිටින්නට විය. ඇය කලබලයකින් තොරව ඉතා ශාන්ත ලීලාවෙන් ඉදිරියට ගමන් කරමින් සිටින්නට විය. හද එළිය නිසා ඇය ඉතා දීප්තිමත්ව මට පෙනුණි.

මා ටිකෙන් ටික ඈ සමීපයට ළං වුවද ඇය කිසිත් නොදැනෙන්නාක් මෙන් ඇයගේ ගමන යන බවක් මා හට හැගුණි.

" මට සමාවෙන්න.."

ඇය අසලට ළඟා වෙත්ම මා අමන්තන්නට විය.. ගමන් ගත් ශාන්ත ලීලාවෙන්ම ඈ ගමන නතර කරන්නට විය. ඈ මා ඉදිරියෙන් මට පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ හරි හැටි නොපෙනෙයි..

"සමාවෙන්න.. මම මේ ලොකු කරදරයක වැටිලා ඉන්නේ.."

" මම කෙනෙක්ව හොයන ගමන්.. මම ආපු කාර් එක කැඩුණා එකපාරටම.. අන්න අතනදී.."

" Pls මට මෙන්න මේ Address එක තියෙන්නේ කොහේද කියලා කියන්න පුළුවන්ද..?"

මා ලග ඇති මිහිනදීගේ ලිපිනය සහිත කොල කැබැල්ල අතට ගන්න අතරම සිදු වූ සියල්ල සාරාංශ ගත කොට ඇයට පවසන්නට විය.

කිසිවක් නොපැවසූ ඇය ඇගේ අත මා සිටින දෙසට දිගු කර එම ලිපිනය සදහන් කොල කැබැල්ල ඉල්ලන්නාක් මෙන් අගවන්නට විය.. මා ද කිසිත් නොපවසා එම ලිපිනය ඇය දෙසට දිගු කර අතර එය අතට ගත ඇය ඒ දෙස නිහඩව බලන්නට විය..

ඇය සිටින්නේ මට පිටු පාගෙනය.. මොහොතකට පසු මා හට ඇගේ හැසිරීම අමුත්තක් ගෙන දෙන්නක් විය.. ඒ මා දුන් ලිපිනය සහිත කොල කැබැල්ල දෙස මුහුණ යොමා සිටි ඇය ඒ දෙස බලමින් කල්පනා කරන්නට විය..

"ඇයි මොනව හරි ප්‍රශ්නයක්ද...?? ඔයා ඔය තැන දන්නවද..?"

මා ඇගෙන් අසන්නට විය.. ..

"ඔව්... මොකද මම නොදන්නේ..මමත් යන්නේ ඒ කිට්ටුවට..යමු මාත් එක්ක මම පාර පෙන්නන්නම්.."

ලෙස ඇය ඉතා ගැඹුරු ස්වරයකින් අමතන්නට මා අමතන්නට විය.. ඒත් සමග එකවර තිගැස්සී ගිය මා ඇයට

"බොහොම ස්තූතියි..මං එන්නම්.."

ලෙස ඇයට පවසන්නට වූයේ සිතෙහි ඇති වූ බිය සහ ඇගේ මෙම හැසිරීම නිසා ඇති වූ අමුත්තත් සමඟය.ඒත් සමඟ නැවතත් ගමන් ඇරඹූ ඈ පිටුපසින් මාද ගමන් කරන්නට විය.

"ඔයා මේ පළාතෙද...? "

ඉදිරියෙන් ගමන් කරන ඈගෙන් මා විමසීය..

" ඔව්.."

ඇයගේ පිළිතුර එපමණකි..

"මම මෙහෙම ඇහුවට වැරැද්දක් හිතන්න එපා.

"ඇයි මේ රෑ වෙලා මේ පාළු පාරක තනියම යන්නේ.."

"මගේ බස් එක වැරදුනා.. මම මේ පයින්ම යනවා.."

"අයියෝ එහෙමද..?? මම මේ කෙනෙක් හොයනවා..( මිහිනදී )කියලා.. දැන් ගොඩ කාලෙක ඉදන් එයාගෙ ආරංචියක් නෑ.. මේ Address එක විතරයි මම ගාව තිබුණේ.."

"ඔයා එහෙම කෙනෙක් දන්නවද..?"

"අහල තියනවද..?? නෑ මම මේ නිකමට ඇහුවේ..සමාවෙන්න.."

ඒ මොහොතේ මගේ සිතට ඇති වූ චකිතයත් බියත් නිසාම මා මෙලෙස යම් යම් දේවල් ඇයගෙන් අසන්නට විය. එහෙත් ඇය නිහඩවම ඉදිරියට ඇදෙන්නට විය.

කෙමෙන් කෙම්න් ඉදිරියට යත්ම මාර්ගය අදුරු ගතිය වැඩි වන අතර වෘක්ෂලතාවන් ගෙන් දෙපස වෙලා ගෙන තිබුණි. ගස් අතරින් වැටෙන හද එළිය හැරෙන්නට කිසිදු අලෝකයක් නොවීය..මිහිනදී සොයා ගැනීම කෙසේ වුවද එන්න එන්නම මගේ හිතේ චකිතය වැඩි වන්නට විය.

එකවරම මෙම පරිසරය මා හට යම් හුරුවක් ගෙන දෙන්නට විය..

"මම හැමදාම දකින හීනය.."

මම මටම කියා ගත්තේය.ඒත් සමඟ මගේ හෘද ස්පන්දන වේගයද කෙමෙන් කෙමෙන් වැඩි වන බව මට වැටහිණි...

ටික කාලයක සිට මාගේ රාත්‍රී නින්දට බාධා කර එම සිහිනයේ චරිතයන් හා පරිසරය මා ඇස් ඉදිරිපිටම විකාශනය වන්නාක් මෙන් මා සිතට දැනිණි.මගේ මුළු ශරීරයම බියෙන් වෙව්ලන්නාක් විය. මා දැන් නිරායාසයෙන්ම ඇය පසු පස ගමන් කරමි.. ගමන නැවැත් වීමට වෑයම් කරද මාගේ ශරීරය මාගේ පාලනයෙන් තොරවන්නාක් මෙන් දැනිණි.

මේ..මේ..මේ තව කොච්චර දුරද..?

මාගේ මුවින් ඉතා පැටළිලි සහගතව වචන කිපයක් පිටවිය..ඒත් සමඟ එකවරම ඇය ඇගේ ගමන නතර කරන ලදි.. එයින් තිගැස්සුනු මා ද එතනම නතර විය.. ඈ සිටින්නේ මාගේ සිට අඩි කිහිපයක් දුරින්යi.

එසේ නැවති ඈ එකවරම මා දෙස හැරී බලන්නට විය..සඳ එළියත් සමඟ මා ඇයගේ මුහුණ පැහැදිලිවම දුටුවේ එවිටය.. ඇය ඉතා රූමත්ය. නමුත් ඇගේ මුහුණ ඉතා විඩාබර හා ශෝකාකූල විය..

"අර පේන්නේ ඔය හොයන ගෙදර.."

අසල වූ ගුරු පාරක කෙලවරක පිහිටි නිවසක් දෙසට අත දිගු කරමින් ඇය පැවසීය.

"ගොඩක් ස්තූතියි ඔයාට.."

"මම එහෙනම් යනවා මට තව ගොඩක් දුර යන්න තියනවා.."

කියමින් ඇය යන්නට විය.. මා ගුරු පාර දෙස හැරී බලා නැවත ඇය දෙස බලන මොහොතට ඇය නොපෙනී ගොස්ය..එතරම් ඉක්මනට කොහොමද ඇය නොපෙනී ගියේ යන්න.. ගුරු පාර දෙසට ඇවිද යන ගමන් මා කල්පනා කරන්නට විය.

වේලාව රාත්‍රී දහයට පමණ ආසන්නව තිබූ හෙයින් එම නිවසේ දල්වා ඇති එක විදුලි බුබුලක් හැරෙන්නට මුළු නිවසම අදුරු ස්වභාවයක් ගන්නා ලදි. නිවස ඉදිරි පිට ලී ගේට්ටුවකි.. එය තරමක පැරණි නිවසක්ය.. ලී ගේට්ටුව පහසුවෙන් විවෘත කර මා නිවසේ ඉදිරි පස දොරටුව අසලට ලගා විය.

"ගෙදර කව්ද..? ගෙදර කව්ද..?

මා නිවසේ ඉදිරි පස දොරට තට්ටු කරන්නට විය..

මිහිනදී මට කියා ඇති පරිද්දෙන් ඇයට සිටින්නේ ඇගේ අම්මා සහ ආත්තම්මා පමණි. තාත්තා කුඩා කාලයේ දීම ඔවුන හැර දමා ගොස් තිබුණි.එබැවින් පවුලේ එකම දරුවා වූ මිහිනදී කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ අම්මා හා ආත්තම්මා සමඟය.

එකවරම නිවස ඇතුලත ආලෝකයක් දැල්වුණු අතර දොරෙහි අගුලු විවෘත කරන්නාක් මෙන් ඇසිණි.. ඉන් ඉවතට පැමිණියේ මැදි වයසේ පසු වූ කාන්තාවකි..

"කව්ද ඔය.. දොර කඩන්න හදන්නේ මේ මහ රෑ.."

" අනේ මට සමාවෙන්න...මම විහග..ගොඩක් දුර ඉදන් ආවේ.."

"මේ මගෙ මිහිනදීගේ අම්මා වෙන්න ඇති.. මම මිහිනදීගේ යාළුවෙක්.."

''විහග'' ඇය කල්පනා කරන්නට විය.

"මම තමයි මිහිනදීගේ අම්මා.."

"එන්න ඇතුලට ඇවිත් වාඩි වෙන්න..."

"බොහොම ස්තූතියි අම්මේ.."

"මම පුතාව දන්නවා.. මට දුව කියලා තියනවා.."

"කෝ අම්මේ මිහිනදී ඉන්නවද..??"

"" මගේ දුව....""

එක වරම මිහිනදීගෙ මව කදුළු සලන්නට විය..

" අම්මේ.. ඇයි අම්මේ මේ.. මිහිනදී කොහේ හරි ගිහින්ද මෙහේ නැද්ද.."

මිහිනදීගේ මව අසල තිබූ පුටුවක වාඩි කරන ගමන් මා ඇයගෙන් ඇසීය..

"පුතේ මිහිනදී මෙහේ නෑ එයා ගිහින් පුතේ..."

"එයා ආයි නොයෙන්නම ගිහින් අපි ඔක්කොම දාල අනේ මගේ දුව..අහිංසකී..."

"මොනවා.."අම්මේ කියන්න ඇත්තමද "

මා මිහිනදීගේ මව අසලම වාඩි ගතිමි.. මාගේ හිත එකවරම කඩා වැටෙන්නාක් මෙන් මට හැගිනි...ඇය කිසි දිනෙක මා නොදැක ඇති නමුත් මා ඇයට බෙහෙවින් ආදරය කර ඇති බව මා හට දැනුණේ එවිටය.. මගේ ඇස් වලින් කදුළු වැටෙන්නට විය.. ඒත් සමඟම මාගේ ඇස පුදුම කරවන්නක් විය.. ඒ නිවසේ බිත්තියක එල්ලා ඇති පින්තූරයක් දුටු නිසාවෙන්‍ ය.

"අම්මේ අර පින්තූරේ කාගෙද.?"

"ඇයි පුතේ ඒ තමයි මිහිනදී.."

"මොනවා... ඒක වෙන්න බෑ ඒ මිහිනදී වෙන්නේ කොහොමද.?"

මා එකවර කලබලයෙන් මෙන් පවසන්නට විය.. ඒ පින්තූරයේ සිටින්නේ මා මෙතනට රැගෙන ආ යුවතියයි.. මා මෙය කෙසේ විශ්වාස කරන්න ද..

"අම්මේ මේ මිහිනදී නම් එයා කොහොමද මට දැන් හම්බවුනේ.. මට මේ ගෙදරට එන්න පාර පෙන්නුවෙත් එයා.."

"මා එක්ක කථාත් කරා මේක වෙන්නේ කොහොමද.."

"කියන්න මිහිනදී ඉන්නවා නේද..?"

"අනේ පුතේ මෙහෙන් ටිකක් වාඩි වුණානම්..."

"පුතා දකින්න ඇත්තේ වෙන කවුරු හරි.. මේ ඉන්නේ මිහිනදී.. මිහිනදී නැති වෙලා දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ආවා.. මිහිනදී කියන්නේ හරිම අහිංසක ළමයෙක්..කාටවත් වරදක් නැති හොද දරුවෙක්..ඒත් අවාසනාවකට ඒයාට මීට අවුරුදු දෙක තුනකට ඉස්සර නරක ලෙඩක් තියනවා කියල දැන ගන්න ලැබුනා එදා ඉදන් එයා හිටියේ ජීවිතේ ගැන කලකිරීමෙන්... පස්සේ එන්න එන්නම එයා මානසිකව වැටුණා..එන්න එන්නම් එයාගේ ශරීරෙත් අඩපන වුණා.."

"මට මතකයි දුව පුතා ගැන නිතරම කියනවා.."

"පුතාට නිතරම ලියුම් ලියනවා.. කෙල්ල හිටපු තත්වේ එක්ක අපි ඒ ගැන අනවශ්‍යය විදියට හොයලා බාධ කරන්න ගියෙත් නෑ..මොකද මම දැක්කා දුව ඒව කරන්නේ සතුටින් කියලා.. දුව අන්තිමට හොස්පිට්ල් එකට ගෙනියන කොටත් එයා පුතා ගැන කිව්වා.."

"ආ පොඩ්ඩක් ඉන්න... මිහිනදී මට දෙයක් දුන්නා..කවද හරි විහග කියලා කෙනෙක් එයාව හොයාගෙන ආවොත් දෙන්න කියලා.."

එසේ පවසමින් ඇය නිවසේ කාමරයක් තුළට ගොස් කුඩා පාර්සලයක් මගේ අතට ගෙනවිත් දුණි.මේ සිදුවන කිසිවක් සිතා ගැනීමට නොහැකිව අතරමන්ව සිටි මා මිහිනදීගේ මව විසින් ගෙන් ගෙනවිත් දුන් පාර්සලය දිග හැර බලන්නට විය..

එහි තිබුණේ ලිපියකි. මා එය දිග හැර බලන්නට විය..

|| ආදරණීය විහග..||

මට සමාවෙන්න.. මම කවදාවත් මේ ලියුම ඔයාට කියවන්න නොලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..ඒත් මම ගැන වැරදි වැටහීමක් ඇතිවෙලා ඔයා මාව හොයාගෙන ආවොත් මේ දේ ඔයා දැනගන්න ඕන කියලා හිතුන නිසයි මම මේ දේ ලියන්න හිතුණේ..

ඇත්තටම මම මගේ ජීවිතේ ගොඩක් තැන් වලදි අසරණ වුන කෙනෙක්.. මම පොඩි කාලේ ඉදලම මගේ තාත්තා නැතුව මගේ අම්මා එක්ක හැදුණේ.. ඒකත් මට ලොකු මානසික පීඩනයක්.. මොකද අම්මා මාව හදන්න, මට උගන්නන්න ගොඩක් දුක් වින්දා..ඒක නිසා මගේ එකම බලාපොරොත්තුව වුණේ හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න, කවදා හරි මගේ අම්මාව බලා ගෙන එයාට සළකගෙන ජීවත් වෙන්න තමයි..

ඒහෙම ඉන්නකොට තමයි මට අහම්බෙන් ඔයාවත් අදුරගන්න ලැබුණේ. ඔයාව කවදාවත් දැකලා නැතත් මම ඔයාගේ අදහස් වලට ඔයාගේ සිතුවිලි වලට පුදුම විදියට ආස කරා.මට හිතුනා ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා..සමහර දවස් වලට මට ඔයාගෙන් ලියුමක් එන්න පරක්කු උනාම මම පාර දිහා පැය ගනන් බලන් ඉන්නවා ලියුමක් එනකම්..

එහෙම ටික කාලයක් යන කොට තමයි මාව හදිස්සියේම අසනීප වෙලා Hospital එක්කන් ගියේ.. එදා මගේ ජීවිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගියා.. එදා තමයි මම දැන ගත්තා මම ජීවත් වෙන්නේ තව ටික කාලයයි කියලා..මට Blood Cancer එකක් කියලා Doctors ලා කියලා තිබ්බා.. මම ජීවිතේ මවා ගෙන හිටපු හැම හීනෙම බොදවෙලා ගියා.. මගේ මේ ප්‍රශ්නේ නිසා මගේ අම්මා විදින දුක මට බලන් ඉන්න බැරිවුණා. මම එන්න එන්නම මානසිකව වැටිලා හිටියේ.

එහෙම බලාපොරොත්තු නැතුව ජීවත් වුන මට එකම සැනසීම වුණේ ඔයාගෙ වචන ටික විතරයි.. මට ඔයාගේ හැගීම් නොතේරුණා නෙවෙයි.. මමත් ඇත්තටම ඔයාට ආදරේ කරා විහග.. මටත් ඔයාව දකින්න ඕන වුණා.නමුත් මම වගේ ලගදි මැරෙන්න ඉන්න කෙනෙක්.. ඔයාට එහෙම බලාපොරොත්තු දෙන්නේ කොහොමද..? ඒක ඔයාට කරන අසාධාරණයක් කියලා මට තේරුණා.. ඒකයි මම ඔයාව මග හැරියේ විහග..

ඔයා අන්තිමට මට එව්ව ලියුමට උත්තරයක් ලියන්නේ නැතුව මම හිතෙන් විදව විදව ඉවසගෙන හිටියේ ඔයාට හොදක් කරන්න මිසක් හිතේ කිසිම තරහකට නෙවෙයි.. මම වාසනාවන්ත නෑ ඔයාගේ ආදරේ ලබන්න.. මට සමාවෙන්න විහග.. මම නිසා ඔයාගේ හිතට පොඩි හරි දුකක් දැනුණ නම්.. මට යන්න වෙනවා විහග.. අනිවාර්යයෙන්ම ඒ ගමන යන්න වෙනවා.. මාව මෙච්චර කාලයක් සතුටින් තිබ්බට ඔයාට ගොඩක් පිං..ඔයාට ලස්සන ජීවිතයක් තියනවා.. මම මගේ හදවතින්ම ඔයාගෙ ජීවිතේට සුභ පතනවා..

මම නවතින්නම් එහෙනම්.. මම ඔයාට ගොඩක් ආදරෙයි මෝඩ කොල්ලෝ.... බුදුසරණයි ඔයාට..!!!

ලිපිය අවසානය තෙක් කියවීමට නොහැකි තරමට මගේ ඇස් කදුළු වලින් පිරී තිබුණි..

""මට සමාවෙන්න මිහිනදී..""

මම මටම කියා ගන්නා ලදි.. මගේ සිතට මෙය දරාගත නොහැකි වේදනාවකි.
මෙපමණ කාලයක් මට සිහිනෙන් පෙනුණේ මිහිනදී ද.....
මා මෙතනට ගෙන ආවෙත් මිහිනදී ද.....
මගේ සිත ඉතා නොසන්සුන්විය..මිහිනදීගේ මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ගත් මා එය එක හුස්මට හිස් කරන ලදි.මිහිනදී යනු කිසි දිනක මගේ හිතින් මකා නොදැමිය හැකි චරිතයකි.ඉන් පසු කිසි දිනක මා හට පෙර දුටු එම සිහිනයවත් පෙනුණේ නැත..

**************

""තාත්ති... තාත්තී..""

"අම්මි මට බනිනවා.. ඔන්චිල්ලාව පදිනවා කියලා.."

මා පියවි සිහියට ආවේ ඒ මොහොතේය.. ඒ මගේ චූටි දුව මිහිනදීය..

"" මිහිනදී ඒ පාර තාත්තිට නඩු කියන්නත් පුරුදු උනාද..""

""මෙහාට එන්න මගේ මැණික.. අම්මි නෝටී නේ.. අපි යමු සෙල්ලම් කරන්න.."

චුටි දුව වඩා ගත් මා මිදුලේ කොනක ඇති ඔන්චිල්ලාව ලගට යන්නට විය.

..නිමි..

Sunday, October 8, 2017

ආත්ම වියරුව ..... 28කොටස...

තුසාර වෙව්ලන දෑතින් ගිනි තියන්නට යද්දි ඔහුගෙ අතෙ තිබුනු ලයිටරය විසි වී ගියේය ...මේ අතරේ බංගලාවේ සිටි අවිශ්ක මැනිකේ සහ හාමුගෙ අත්වල තිබුනු දෙහි ගෙඩිද අලුවී ගියේය ඒ දුටු ඔවුන් බය වී මූනට මූණ බලා ආත්මය දෙස බැලුවේය ..

"පුතේ මාමට කරදර..යක්..වත්..ද....මේ..දෙහි...මේ..බලන්න.."

මැණිකෙ අමාරුවෙන් වචන කියද්දි අවිශ්කද හාමුද දෑත් දෙස බලා කල්පනා කලේය..

"තව ටිකක් බලමු අම්මේ..."

අවිශ්ක කැලබුනු සිතින් කියද්දි හාමු එකම වචනයක්වත් නොකියා කල්පනා කලේය එකවැරම බන්දනෙන් මිදුනූ ආත්මය ඔවුන් ඉදිරියේ බයානක ස්වරූපයක් ගෙන වියරූ සිනාවක් මහ හඩින් පෑවේ බංගලාව දෙවනත් කරමින්....

"තොපිට බේරීමක් නෑ බොල මන් කීවනේ....එක එකා මරන්නේ...."

ඇය යලිත් බයංකාර හඩින් සිනා සී අතුරුදන් වූවේය....අව්ශ්කත් මැනිකෙත් කලබල විය..

"අම්මේ...අනිත් කට්ටඩියට එන්න කියන්න අම්මේ...."

"මට සිහිය නෑ වගේ පුතා....කෝ කොල් එකක් ගන්නකො පුතා..."

"අම්මේ මාමට කරදරයක් වෙන්න කලින් එන්න කියන්න ..ඉක්මනට.."

අවිශ්ක මැනිකෙට ෆොන් එක දුන්නේ ඉක්මන් කරන ලෙස අගවමින්..කට්ටඩියට සියල්ල කියු මැනිකේ සුසුමක් හෙලුවේය . මේ අතර තුසාර විසිවී ගිය ලයිටරේ හොයද්දි කට්ටඩියා කෙදිරි ගාමින් නැගිට ගත්තේ ය...ඔහු තුසාර අසලට ඇවිත් ලයිටරය අහුලා ගත්තේය. ..

"මහත්තයා වැස්සට කමක් නෑ ගිනි තියන්න..බේරෙන්න ඕනනන් ඉක්මන් කරන්න... "

"අම්මෝ ආහ්..."

ඔහු ලයිටරය අතට දෙද්දිම විසිවී ගිහින් වැටෙද්දි ආත්මය කැලෙ දෙවනත් කරමින් සිනා වූවේය...ඇය කට්ටඩියා ඉදිරියට ගොස් මහ හඩින් සිනා සී බයානක හඩින් කතා කලේය එය දැකපු අවිශ්ක වෙව්ලන්නට පටන් ගත්තේය ඔහු බේරෙන්නට ඉදිරියට දුවන විට නැවත විසිවී ගොසින් සිතාරාගෙ වල ඇතුලට වැටුනේය....

"මන් කීවනේ උබට මාව යවන්න බෑ කියලා ඇහුවේ නැනේ දැන් උබ යන්න ලෑස්ති වෙයන්..."

වචනයක් වත් කියන්නට ඉඩ නොදුන් ඇය කට්ටඩියාව වීසී කරෙ ගසක උලක් වෙතයි...ගසෙ උලෙ වැදුනු කට්ටඩියා එතැනම මැරෙද්දි ආත්මය තුසාර දෙසට හැරි ඔහුව වලෙන් ගොඩ ගෙන විසි කරෙය...නැවත වේදනාවෙන් කෑ ගසන තුසාර ලගට ගොස් ඇය ඔහුගෙ බෙල්ලෙන් ඉහලට එසවූවේය...

"උබ නේද මාව මරලා වලදාන්න කීවේ උබලා එදා මගෙන් ගොඩක් සතුටු වුනා නේද .."

.
ඇය බයංකාර හඩින් කියද්දි තුසාර දගලමින් දෑත් එකතු කර වැන්දේ ජීවිතය ඉල්ලමින්...තුසාරව විසි කෙරූ ආත්මය සිනා සෙද්දි අසල තිබු උදැල්ලෙන් තුසාරගේ එක් අතක් වෙන්විය...වේදනාවෙන් කෑ ගසා දැගලූ තුසාර වචන එකතු කලේය...

"එපා....එපා.....මරන්න එපා...."

මහ හයියෙන් වනය දෙවනත් කරමින් සිනා සුනු සිතාරා ඔහු අසලට ආවේ ඔහුව නැවත ඉහලට ඔසවමින්...

"එදා මට යන්න දුන්නද..."

"ස...ස...සමාවෙයන්..."

ඔහු වචන ටික කියද්දි ඇය ඔහුගෙ කකුලද ගලවා විසි කලේය...කර කියා ගත දෙයක් නොමැති වූ තුසාර වේදනාවෙන් කෙදිරි ගාද්දි පිහියකින් ඔහුගේ හිසේ මුදුනට ඇන උඩු අතට ඔහුව ගසක අනික් කකුලෙන් එල්ලෙන්නට විය ..ඔහුගෙ හිසින් ගලන ලේ බිදු බාජනයට එකතූ වූ පසූ..පන අදින් තුසාරද වලට වැටි වැලලී ගියේය ..

අනික් කට්ටඩියා එනවිට ඔහු කැලය අසල නැවතී කැලය ඇතුලට ගියේය ඇගේ හුස්ම හඩින් දෙවනත් වූ කැලය මැදදී ඔහුට ගසක උලක ඇනී මිය ගොස් සිටි ඔහුගේ සොහොයුරාගෙ මිනිය හම්බුනේය .සියල්ල තේරුම් ගත් ඔහු මන්තරයක් ජප කරෙ ඇයව ගෙන්වන අදහසින්....ටික වේලාවකින් වනයම එලිය කරන් බයානක ස්වරූපයකින් පැමිනි ඇය කට්ටඩියා ඉදිරියෙ පෙනී සිටියේය..කේන්තියෙන් පසු වූ සිතාරා ඔහුට බයානක හඩින් ඇමතුවේය..

"ඇයි උබ මාව ගෙන්නුවේ....උබත් ආවේ මාව යවන්නද... අරයත් ගියා ආන්..."

මහ හඩින් සිනා සී ඇය කියද්දි කට්ටඩියද සිනා සුනේය...විවාහකයෙක් වු ඔහුට එක් දියනියක් සිටියේය... ඔහුට කරන්නට බැරි දෙයක් නැත ඔහු නැවත සිතාරා දෙස බලා සිනාසුනෙය...

"යවනවද නැද්ද කියන එක මගෙ වැඩක් උබ කියාපන් ඇයි මෙහෙම මිනි මරන්නෙ.."

කට්ටඩියා ඇයගෙන් විමසුවේ සියල්ල මැනිකෙගෙන් දැන ගත්තද ඔහුගෙ සිතෙ ඇති වූ කුතුහලය නිසයි...ඒ ඇසු ඇය දරුනු විය...

"උබලා මොකාට කතාව කීවත් වැඩක් නෑ මට පලිගන්න දීපිය ...'"

"මට කතාව මවලා පෙන්නපන් මන් තීරණය කරන්නම් ....උබ මැරුනු විදිය මවාපන්..."

සිතාරා ඇයට සිදුවූ සියලුම දේ මවා පෙන්වූ පසූ කට්ටඩියා විනාඩි කිහිපයක් සිට දෑසට නැගුනු කදුලු පිස දමා ඇය වෙතට හැරුනේය..

"මේ බලපන් මගෙ දුවත් උබ වගෙමයී..මේ වගෙ තිරිසන් විදියට උබව මැරුවනම් උබ පලි ගනින්..පලයන් මන් බංගලාවට කොරලා තියන ආරක්ෂාව කපන්නම් හැබැයි මට පොරොන්දු වෙයන් මේ පලි ගැනිම ඉවර වුනාම උබ යනවා කියලා ..මොකද මට දැන් වුනත් උබව යවන්න පුලුවන් .."

"මන් මුන්ගෙන් පලි ගත්තම යනවා බොල. හැබැයි යන්නනම් මුන්ගෙ ලේ වලින් මගෙ ඇටකටු සෝදලා පුච්චලා මෙතැන පිරිතක් කියලා මටයි මගෙ අම්මටයි පින් වඩලා දානයක් දුන්න ගමන් මන් යනවා .."

"ඒවා මන් කොරන්නම් දැන් පලිය ගනින්.."

එය ඇසූ ආත්මය කට්ටඩියාගෙ දෙපාමුල වැටුනේය.. ක්ෂනිකව අතුරුදන් වු ඇගෙ ආත්මය බංගලාවේ දොරටුව අසලින් මතු වෙද්දි කට්ටඩියා ආරක්ෂාව ඉවත් කරේය...

ආත්ම වියරුව.... 27කොටස..


කට්ටඩියා සහ තුසාර කැලෙට යන්නට පිටත් වෙන්න කලින් කට්ටඩියා දෙහිගෙඩි හතරක් ගෙන මතුරන්නට පටන් ගත්තේ ඔවුන් තවත් පුදුම කරමින්..පැය බාගයක් පමන මැතිරූ කට්ටඩියා ඔවුන් දෙසට හැරී කතා කලෙ මැනිකෙ දෙස බලමින්...


"බයවෙන්න කාරි නෑ මැනිකේ..මේ දෙහි ගෙඩි හතර ඔය හතර දෙනාට මන් දෙනවා. හැබැයි මේ දෙහි ගෙඩි හතර ඉක්මනින් කලු වෙලා අලුවෙනවා කියන්නේ ආත්මෙට කරලා තියන බන්දනය ඉවර වෙනවා කියන එකයි....මැනිකෙලා ඔය රවුම ඇතුලේ ඉන්නකන් හානීයක් නෑ....අපි නාවොත් මැනිකෙට තියෙන්නේ මගෙ අයියව ගෙන්නන එකයි..තේරුනාද මැනිකේ..."

කට්ටඩියාගෙ වචන ඇසු මැනිකෙ බයෙන් තැති ගත්තේය...

"නාවොත් කිවේ. කට්ටඩි උන්නැහෙ..අපි මේ රවුම ඇතුලෙම ඉන්න ඕනද...."

"මැනිකේ මෙවා ලේසි වැඩ නොවෙ...බන්දනය කැඩුනු ගමන් ආත්මෙ එන්නෙ කැලෙට..මෙතනට නෙවෙ ...ඒකයි කියන්නේ..මැනිකෙලා රවුමේ ඉන්නකන් ආරක්ශාවයි.."

කට්ටඩියා කියන ගමන් දෙහි ඔවුන් අතට දී තුසාර අතටද දෙහි ගෙඩිය දෙද්දි ඔහු වෙව්ලන දෑතින් එය ගත්තේය..

"මේවා කරනවා වගෙ නෙවෙ මහත්තයො විදවනකොට...ජීවිත හතරක් මෙතැන නිසයි මන් උදවු කරන්නේ..නැත්නම් මේ වැඩෙ මන් අනුමත කොරන්නෑ...."

කට්ටඩියාගෙ කතාව ඇසු මැනිකෙත් අවිශ්කත් මූනට මූන බලාගත්තේය..මැනිකේ ආයාචනාත්මක හඩින් නැවත කට්ටඩියට කතා කරේය.

"අනේ කට්ටඩි උන්නැහෙ ඉල්ලන ඕනම ගානක් දෙන්නම්..වැඩෙ කරලා දෙන්න.."

"වැඩෙ කොරන්නම් මැනිකෙ කිරි ගහට ඇන්නා වගේ හැබැයි මම ඉල්ලන ගාන වැඩෙ කෙරුනට පස්සෙ කීය වුනත් ඕනෙ..මැනිකෙලාට තුන් වරුවක් නිදහසෙ හිටියැකි ඕන හෙට එලි වුනාම අපි නාවොත් අයියව ගෙන්නන්න .."

සුසුමක් හෙලු මැනිකේ නැවත බිම ඉදගනිමින් කට්ටඩියා දෙස බැලුවේය..

"හොදයි කට්ටඩි උන්නැහෙ.."

"ලාම්පු තෙල් පෙට්‍රල් ඒම නැද්ද මැනිකේ පුච්චන්නත් එපැයි..."

අවිශ්ක දෙස බලා අහද්දි අවිශ්ක තුසාර දෙස බැලුවේය..

"තුසාර මඩුවේ ඇති පෙට්‍රල් කෑන් එකක් ඒක ගෙන්න .."

තුසාර මඩුව දෙසට ගිහින් කෑන් එක අරන් එද්දිම ඔහු මහ හයියෙන් කෑ ගැසුවේය...

"බුදු අම්මො.."

ඇයි මහත්තයා ඇයි ඇයි..."

කට්ටඩියා දුවගෙන විත් අසද්දි තුසාර බයෙ ගැහෙමින් වට පිට බැලූවේය

එවිටම පූසෙකුගෙ හඩක් ඔවුන්ට ඇසුනේ තුසාරගෙ බය නැති කරමින්..

"පූසෙක් නොවැ මහත්තයා. ..ඉක්මන් කොරන්න.."

"මේ වැඩෙ හරියයි නෙද කට්ටඩි උන්නැහෙ.."

තුසාර බයෙන් මෙන් ඇසුවේය..

"හරියනවා මහත්තයා..මට බැරි වුනත් මගෙ අයියා කොරනවා...අයියා හොද වැඩකාරයා බයවෙන්නෙපා මහත්තයලා...ඕන් ඔය උදැල්ලයි සවල් දෙකයි..ගත්තනම් ..ලයිටරයක් ඇතිනෙ මහත්තයා ගාව...ටොච් එකකුත් අරන් යමු.."

"හා මන් ගේන්නම් වාහනෙට යන්න"

තුසාර සියල්ල වාහනයට දමාගෙන ..දෙහි ගෙඩිය සාක්කුවට දා ගත්තේ එය ගනනක් නැතිවයි. කැලෙය වෙතට හැකි උපරිම වේගයෙන් ගියපු ඔවුන් බහිද්දි මූසල දැඩි අන්දකාරයක් ගත්තේ සත්තුන්ගේ කෑ ගැසිල්ලෙන් ටොච් එලියෙන් සියල්ල රැගෙන කැලය ඇතුලට ගියද තුසාර බයෙ වෙව්ලමින් සිටියේය ඔහු තිගැස්සි ගියෙ කට්ටඩියාගෙ හඩටයි..

"කොහෙද වැලලුවේ මහත්තයො.."

කට්ටඩියා කැලය සිසාරා ටොච් එක ගසා කතා කලේය තුසාරද වට පිට බැලුවේ මතක් කරමින්..

"හරියටම මතක නෑ මටත් දැන් අවුරුදු ගානක්නෙ..."

තුසාරද වටපිට බලමින් කියද්දි කට්ට්ඩියා කේන්‍තියෙන් කතා කලෙය.

"මහත්තයො මේ එහෙම කියලා පුලුවන්ද ජීවිත කීයක්ද ...මතක් කොරන්න තව පැය කීයද තියෙන්නෙ.."

තුසාර කල්පනා කරමින් ඉදිරියට ඇවිද ගියේ කට්ටඩියා සමගයි පැය බාගයක් පමන කල්පනා කෙරූ ඔහු..එක පාරටම නතර විය..

"මතක් වුනා ..වලලපු තැනක ගහක පොරො පාරක් තිබුනා..."

"එහෙනම් ඉක්මනින් හොයන්න මහත්තයා ඉක්මන් කොරන්න. "

ඔවුන් කැලය පුරා ඒ මෙ අත දුවමින් ගස්වලට එලිය අල්ලමින් හොයන්නට පටන් ගත්තේය ..විනාඩි දහයකට පමන
පසු ඔවුන්ට තැන හමු විය..

"මේ තියෙන්නෙ මෙතැන හරියටම මේ ගහ ඉස්සරහා වැලලුවේ.. "

"එහෙනම් ඉක්මනින් හාරන්න මහත්තයස් වැඩි වෙලා නෑ.."

කට්ටඩියාගෙ අනට උදැල්ල ගත් තුසාර ඉක්මනින් හාරන්නට පටන් ගත්තේය. කෙමෙන් කෙමෙන් දෙහි ගෙඩිය කලු වන්නට පටන් ගත්තේද එවිටමයි..විනාඩි විස්සක් පමන වලහෑරූ පසු ඔවුන්ගෙ ඇටකටු මතු වන්නට පටන් ගත්තේය පොලිතීන් වුරයක බහා තිබු යසවතිගෙත් සිතාරගෙත් ඇටකටු මතු වෙද්දිම කට්ටඩියා කලබලෙන් කතා කලේය....

"මහත්තයෝ බන්දනේ කැඩිලා වගෙ මට දැනෙනවා වෙලාව ඉවරයි වගේ දෙහි ගෙඩිය බලන්න.."

එවිටම සාක්කුවට අත දැමු තුසාරට දෙහිගෙඩිය වෙනුවට අලු ගොඩක් අසු වුනේය..ඔහු අලු ගෙන කට්ටඩියට පෙන්නුවේය..

"මහත්තයා දාන්න පෙට්‍රල් ඉක්මන් කොරන්න..."

තුසාර පෙට්‍රල් කෑන් එක අරන් දාද්දි මහා මුරුගසන් වර්ෂාවක් ඇද හැලුනේය ..එවිටම එතැන මහා එලියක් සමගින් හුස්ම හඩ දොංකාර දෙන්නට පටන් ගත්තෙ අවට ගස් වල ලේද බේරෙමින්....

"මහත්තයෝ ගිනි තියන්න ඉක්මන් කොරන්න..."

කට්ටඩියා එහෙම කියද්දිම ඔහු වීසිවි ගොසින් ගසක වැදුනේය...තුසාර වෙව්ලන දෑතින් ගිනි තියන්නට යද්දි...

ආත්ම වියරුව .. 26 කොටස ..

මැනිකෙ හාමු දෙස බලා තරහින් කියද්දි
කට්ටඩියාද ඊට එකග වන්නාසෙ සිතාරාගෙ ආත්මයට කර තිබු බන්දනය ඉවත් කර ඇයගෙන් අවශ්‍ය මොනවද යන්න අහන්නට සැරසුනේ මැනිකෙ දෙස බලමින්..

"මේ අහපන් උබට යන්න මොනවද ඕනෙ.."

"මගෙ පලිය සාර්ථක වෙන්න ඕනී ලේයි ඕනී...

"මෙ අහපන් උබට ලේ දෙන්නම් උබ යනවනම්.."

කට්ටඩියා එහෙම කියද්දි ඇය බියකරු හඩ අවදි කරෙ අවිශ්ක බය කරමින්..ඒ හඩ අව්දි වෙනවාත් සමගම බංගලාව දෙදුරුම් කන සේ හුස්ම හඩක් ඇසුනේ.. ඔවුන් බය කරමින්..

"මට ඕන මුන්ගේ ලෙ බොල...මුන්ගෙ ලේ වලින්..මගෙ ඇටකටු හොදලා.. ඒවා හරි ආකාරව පුච්චලා මට දානයක් පිරිතක් එක්ක පින් වඩම්මපු දවසට මම යන්නේ..ඒ හැමදේම කරන්න ඕන මේ ගෑනිගෙ අතින් බොල.."

ඒ ඇසු අවිශ්කත් මැනිකෙත් හාමුත් මූනට මුන බලා කට්ටඩියා දෙසට හැරුනේය..

"අනේ කට්ටඩි උන්නැහෙ දෙන බිල්ලක් දෙන්නම් කියන්න කොල්ලව දෙන්න බෑ.."

මැනිකේ හඩා වැලපෙද්දි ඇගෙ වියරූ සිනා හඩින් බංගලාව දෙදුරුම් කෑවේය...ඒත් සමගම කට්ටඩියාද දරුනු හඩින් ඇයට කතා කලේ ඇයව යටත් කර ගන්නා ලෙසින්..

"මේ අහපන් උබ දැන් මැරිලා ඉවරයි..ඇරත් මේ උබේ තාත්තා..මේ උබේම අයියා..ඒක නිසා උබට වෙන බිලි තුනක් දෙන්නම්..."

"මට වෙන බිලි ඕන්නම් අවුරුදු ගානක් මු එනකන් මන් බලාන ඉන්නවද බොල...මට ඕන මේ බිලිමයි..මට කොහෙද තාත්තලා අයියලා.. "

ඇගෙ ආත්මය දරුනු වෙද්දි කට්ටඩියා යලිත් ඇයව පාලනය කරේය..

"මේ අහපන් උබට උපදින්න පින් දෙන්නම්.. මේ අයට ජීවිත දානය දීපන්.."

"මුන් මට ජීවිත දානය දුන්නද ඈ බොල..මට උපදින්න ඕන නෑ මට පලි ගන්නයි ඕනෙ..මාව නවත්තන්න උබටවත් බෑ ..දැන ගන්.."

වචන ටික කියලා ඉවර වෙද්දිම කට්ටඩියා විසි වී ගොසින් දොරෙ වැදුනේය.. ..ඔහු යලිත් නැගිට ගත්තෙ අමාරුවෙන් වුනත් ඔහුගෙ බෙල්ල මිරිකා ගත්තේ ආත්මය විසින්. .ඒමේ අත දගලන කට්ටඩියා දෙස බය වී බලා සිටින අවිශ්ක වෙව්ලන්නට පටන් ගත්තේය .ඒක පාරටම ඔහුගෙ අතේ තිබුනු රතු කුඩු වලින් ආත්මයට ගැසූ කට්ටඩියා බිම වැටිය...ආත්මය යලිත් පාලනය වූවේය. ..අමාරුවෙන් නැගිට ගත් කට්ටඩියා හෙමින් ඉදිරියට ගියේ බෙල්ල අත ගාමින්..

"උබ අහන්නෑනේ...බලපන් මන් කරන දේ.. "

"මන් උබවත් මරනවා දැන ගන්..."

වියරූ වූ හඩින් ඇය කියද්දි නැවත ඇගෙ බියකරු වූ මුහුනින් ලෙ වැගිරෙන්නට පටන් ගත්තේය...

"මැනිකේ ඉක්මනින් මල්ලිට එන්න කියන්න ..."

කට්ටඩියා මැනිකෙ දෙසට හැරී තුසාර ගෙන්නන්නට කියද්දි සිතාරා මහා හඩින් සිනා සුනේය.

"ගෙන්නපන් ගෙන්නපන්....මටත් ඕන වූව තමා..."

"බලපන් උබට වෙන දේ...මැනිකෙ..ඉක්මන් කොරන්න.."

කට්ටඩියා කියු දෙයින් මැනිකෙ කලබල විය..ඇය දාඩිය පිසදා කට්ටඩියා දෙසට හැරුනේ.. කුතුහලයකින්..

"මල්ලි ගෙන්නන්න කියන්නෙ ඇයි...අනික කරදරයක් වුනොත්..".

"මැනිකේ උදවුවට මල්ලිව ඕනෙමයි ඇරත් මැනිකෙලාට කරදරයක් නෑ ඔය රතු රවුමෙ..මල්ලිට කරදරයක් නෑ ආත්මේ මෙතැන බැදලා නිසා...ඉක්මන් කරලා මල්ලිව ගෙන්නලා..මුන්ගෙ මීනි දෙක ගොඩ අරන් පුච්චලා දැම්මොත් මැනිකෙලා නිදහස් ඉක්මන් කොරන්න මැනිකේ....."

.කට්ටඩියාගෙ කතාව ඇසූ අවිශ්කද මැනිකෙ දෙසට හැරුනේ එය ස්තිර කරමින්.."

"අම්මේ...දැන්..මේ. වෙලාවේ හැටියට අපි ඒ දේ තමයි කරන්න ඕන...අනෙ අම්මේ මාමට එන්න කියන්න ආ කතා කරන්න.."

මැනිකෙ දෙසට පොන් එක දිගු කෙරු අවිශ්ක දෙස තරහින් හාමු බලද්දි අවිශ්ක බිම බලා ගට්ග්තේය..එවිටම මැනිකේ තුසාරට කොල් එකක් ගත්තේය.

"හෙලෙ.."

"හෙලො මල්ලි ඇ...හෙ..න..වද.."

"ඇහෙනවා අක්කෙ මොකද කලබලෙන් කරදරයක්වත්ද.."

"අනේ ඔව් මල්ලි පුලුවන් තරම් ඉක්මනින් එන්න මල්ලි..හදිස්සියක් අපට. "

"ඒත් මේ රෑ අක්කේ..හෙට උදෙ එන්නද .."

.මැනිකෙ ඉක්මනිම් කට්ටඩියා දෙස බලද්දි ඔහු එපා කියන්නට මෙන් හිස සැලුවේය.

"දැන්ම ඉක්මනින් එන්න මල්ලි .."

"හරි අක්කේ හරී මන් එන්නම්..

හෝරා කීපයක් ගත වුනී..තුසාර වේගයෙන් වාහනය බංගලාව ඉදිරිපිට නතර කොට වට පිට බැලුවේය...එලියක්වත් නොතිබුනු බංගලාව දැඩි අදුරක් ගද්දි අතේ වූ ෆොන් එකෙ එලියෙන් ඔහු දොර ගාවට ගිහින් තට්ටු කරද්දි දොර ඇරියේ කට්ටඩි උන්නැහෙයි...ඇතුලට ගියපු තුසාරද ඔවුන් දැක බය වී ගියේය...

"මොකද අක්කේ මේ...."

"අනේ මල්ලියේ...බලන්න මල්ලියේ..."

තුසාර සිතාරාගෙ ආත්මය දුටුවේ නැත ඔහු මැනිකෙට කතා කරන්නට රවුම අසලට යන විට කට්ටඩියා ඔහුව ඇදලා ගත්තේ ඔහු ආත්මය දෙසට යන නිසයි.....බය වූ තුසාර බීතියෙන් වට පිට බලා කට්ටඩියා දෙසට හැරුනේය..

"ඇයි ඇයි ඇයි මේ...මට මොකුත් තේරෙන්නෑ ඇයි අක්කලා මෙහෙම දාලා තියෙන්නේ..

"අනේ මල්ලියෙ අපිව බේරගන්න පුලුවන් උබට විතරයි..."

"මැනිකෙ පොඩ්ඩක් ඉන්න..මහත්තයට අර ආත්මේ මතකද..."

කට්ටඩියා සිතාරා දෙසට ඇගිල්ල දිගු කලේය...එව්ටම බියකරූ වුඇගෙ හඩ අවදි වෙද්දි තුසාර පස්සට දිව්වේය..

."ආවද උබ ආවද...එනකන් හිටියේ .."

"ක..ක..වු..ද..."

තුසාරට කිසිම දෙයක් මතකයේ නොවිය..ඔහු..වචන පටලමින් කතා කරේ වෙව්ලන හඩින්..

"මහත්තයා....මීට අවුරුදු තුනකට කලින් මේ බංගලාවට ආවද..."

"ඔව්...ඔව්...ආ....වා.."

"ආන්න එදා මහත්තයාලා එකතු වෙලා පනපිටින් වලදාපු කෙල්ලගෙ ආත්මෙ මේ.. දැන් මේ ආත්මේ මහත්තයලගෙ යාලුවො දෙන්නෙක් මරලා ඉවරයි පලි ගන්නයි ඇවිත් තියෙන්නේ .."

"මේ...මේ...සි...තා...රා..ද.."

ඔහු එහෙම අහද්දි යලිත් ඇය බයානක හඩින් පිලිතුරු දුන්නේය..

."ඔව් සිතාරා තමයි බොල.."

"මහත්තයා..වාද කරන්න වෙලාවක් නෑ එලි වෙන්න කලින් මේ වලදාපු තැනින් ඇටකටු පිච්චුවේ නැත්තම් ඔය ඔක්කොම ඉවරයි .."

කට්ටඩියා එහෙම කියද්දි තුසාර බය වී දුවන්නට ගියේය..ඔහුගෙ අතින් තදින් කට්ටඩියා අල්ලා ගනිද්දි මැනිකෙ හඩන්නට විය...

"අනේ යන්නෙපා..මල්ලියේ..."

"මට...බෑ..බෑ...මට යන්න..ඕනෙ..මැරෙන්න බෑ..."

"මහත්තයා..මේ වැඩෙ නොකරොත් කොහොමත් මැරෙන්න වෙනවා. ඒක නිසා යමූ... තව හොරා කීපයයි නොවැ තියෙන්නේ..

අදිමදි කරමින්...බයටම තුසාර කට්ටඩියාගෙ කීමට කැමති වූවේය..

රුසියානු නායකයින්ගේ "තට්ටය - කොණ්ඩය" න්‍යාය

වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින බැවින් රුසියාවේ ජනතාව අතර විහිළුවක් ලෙස මෙය සැලකේ. එමෙන්ම රුසියානු නායකයින්ගේ "තට්ටය ...