Wednesday, October 4, 2017

සාතන්ගේ අශ්වාරොහකයො 4 දෙනා


No automatic alt text available.

කතෝලික ආගමේ ලොක විනාසෙ සිද්දවෙන්නෙ ලුසිෆර් එහෙමත් නැත්නම් සාතන්ගෙ නැගිටීමත් එක්ක කියල තමයි විස්වාස කරන්නෙ.ඉතින් මේ ලෝක විනාශයට කලින් ලුසිෆර්ගේ බලපෑමෙන් මනුස්සයන්ව විනාශ කරන්න මේ ලෝකයට එවනවා අශ්වාරොහකයො 4 දෙනෙක්.යුද්ධය wor,මාරයා death,ලෙඩරොග Famine,ආශාව Conquest.ඇත්තටම මොවුන් 4 දෙනා එන්න කලින් වතුර ලේ බවට පත්වෙනවා,මුහුද ගොඩට ගලනවා,මේවගේ නිමිති වලින් පස්සෙ තමයි මොවුන් පැමිනෙන්නේ.මොවුන් මිනිසුන්ට 4 ආකරව බලපෑම් කරනවා.
Wor housemen තමයි යුද්ද ඇතිකරන්නේ මොහු මිනිසුන් භේද කර විනශකරනවා.මිනිසුන් භය කර හෝ මිනිසුන් කෝපකිරීමට මොහුට හැකියාවක් ඇත.මිනිසුන් අතර ගැවසෙමින් ඔවුනොවුන් ගැටුම්කරා යොමුකරනවා.මොහුගේ පැහැය තමයි රතු පැහැය.
Famine housemen තමයි මිනිසුන්ට වසන්ගත ලෙඩරෝග ඇතිකරන අසරුවා මොහුගේ ප්රභල ආයුදය තමයි ලෙඩරෝග.මොහු ආහාර මගින්හෝ ජලය මගින් ලෙඩරෝග ඇතිකරවයි තවද මොහුවිසින්ම ලෙඩරෝග පැතිරවීමටත් හැකියාව තියනවා.මොහු නියෝජනය කරන පැහැය තමයි කොල පැහැය.
Conquest horsemanමොහු තමයි මිනිසුන්ගේ ආශාව ආයුධයක් කරමින් පහරදෙන අසරුවා මිනිසුන්ගේ ආශාව සීමව ඉක්මවා යවා ඔවුන්ව විනාශ කිරීමට මොහුට හැකියාවක් ඇත.තවද මිනිසුන්ගෙ භය දුර්වලතාවයන් යොදා පහරදීමටත් මොහුට හැකියාවක් ඇත.
Death hosemen මොහුතමයි මොවුන් අතුරින් බලවත්ම අසරුවා.මොහුට හේතුවක් නොමැතිව වුවද ඔනෑම පුද්ගලයෙකු මැරීමට හැකිය.ඔනෑම පුද්ගලයෙකු මරනයෙන් පසුව ඔහුගේ ආත්මය ප්රවාහනය කරන්නේද මොහු බව පැවසේ මොහුගේ ප්රධානම ආයුදය වන්නෙද මරනයයි.අනෙක් අසරුවන් විසින් විනාශවන පුද්ගලයින් ගේ ආත්ම රැගෙන යාමට පැමිනෙන්නේද මොහුබව සැලකේ.මොහු නියෝජනය කරන වර්නය වන්නේ කලු පැහැයයි.සමහර තැන්වලදී මොහු සුදුපැහැය නියෝජනය කරනබවද පැවසේ.
හුහ්…පට්ට මහන්සී යලුවනේ…කතොලික යාලුවන්ට කියන්න ඔනි පනිවිඩයක් තියනවා සමහරවිට ඔයගොල්ලන්ගෙ ඉගැන්වීම් මීට වෙනස් ඇති කලබල වෙන්න එපා මේක කිසිම ආගමකට අපහාසයක් හැටියට ගන්නත් එපා.බෞද්ධයාලුවන්ට පොඩ්ඩක් දැනගන්නත් එක්ක මේක දැම්මේ.ඇත්තටම මේක බටහිර සංස්කෘතියට සම්භන්ද දෙයක් මහලොකුවට හිතට ගන්න එපා..”) මේකට තොරතුරුහොයාගත්තේ wikipidia and supernatural වලින්.supernatural එකේ මෙහෙම තිබුනට ඇත්තටම මෙහෙම දෙයක් අදහන සංකෘතියක් තියනවා ඔවුන් කියනවා මේ අශ්වාරෝහකයෝ 4 දෙනා ලුසිෆර් සමග පිටුවහල් කරපු දේවදූතයො කියලා.

වලව්වේ හොල්මන්


Image result for ghost house

විමලසූරිය යනු ප්රසිද්ධ ව්යාපාරිකයෙකි. ඔහු අළුත් ව්යාපාරික කටයුත්තකට අතගැසුවේය. නාවල රාජගිරිය ප්රදේශයේ පිහිටි ඔහුගේ විශාල නිවස ලොකු මුදලකට විකුණා ගම්පහට ආසන්න නගරයක තෙල් පිරවුම් හලක් මිලදී ගත්තේය. ඒ ආසන්නයේම ඔහුට පදිංචියට නිවසක් සොයා ගත යුතු විය. නිවාස කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබුණ ද ඔහුගේ සිත ගියේ ඉන්දන පිරවුම්හලට සැතපුමක් පමණ දුරින් පිහිටි පාරම්පරික වලව්වකටය. එම වලව්ව විකිණීම උදෙසාම අතරමැදි සමාගමක් විසින් නවීන අංග උපාංග සහිත වලව්ව ප්රතිසංස්කරණය කර තිබුණි. විමලසූරිය මහතා මිලියන නවයහමාරකට වලව්ව මිලදී ගත්තේය. බිරිඳ, පුතා, දුව හා කාලයක සිට ඔවුන් ළඟ සේවය කළ සේවිකාව හා වත්ත බලාකියා ගත් මැදිවියේ පුද්ගලයා ද සමඟින් විමලසූරිය මහතා වලව්වේ පදිංචියට පැමිණියේය.�විශාල පොල්වත්තක් මැද පිහිටි මෙම වලව්වේ වර්තමාන හිමිකරුවන් විදේශගතව සිටින බැවින් කාලාන්තරයක් තිස්සේ වසා දමා තිබී ඇත. දුව සහ පුතා ඉහළ මහලයේ කාමර දෙකක ද මව සහ පියා පහළ කාමරයක් ද තමන් සඳහා වෙන් කර ගත්තේය. ඉහළ මහලයේ පඩි පෙළ සම්පූර්ණයෙන්ම ඉදිකර පැවතුනේ ඝනකම කුඹුක් ලීවලිනි. ඉහළ මහලට පඩිපෙළ සම්බන්ධ වන ස්ථානයේ ආලින්දයකට භාවිත කළ හැකි ඉඩකඩක් පැවතුණි. එම ස්ථානයේ විශාල ජනේලයක් වූ අතර පුටුවක වාඩි වූ විට ද වත්තේ ඉදිරි කොටස හා මාර්ගය ඉතා දර්ශනීය ලෙස දැකගත හැකි වෙයි.�නිවසේ පදිංචියට පැමිණ ගෙවී ගියේ දින දෙක තුනකි. මධ්යම රාත්රිය පසුවන තෙක් පරිගණකයේ කටයුතු කරමින් සිටි විමලසූරියගේ පුතා වූ නිර්මාල්ට ඉහළ මහලේ ආලින්දය දෙසින් ලී පොළොවේ යමක් පැද්දෙන හඬක් දිගින් දිගටම ඇසෙන්නට විය. ඔහු ටික වේලාවක් එම ශබ්දයට කන් දීගෙන සිටියේය. එම ශබ්දය නොනවත්වාම ඇසෙයි. ශබ්දය කුමක්දැයි සොයා බැලිය යුතු යැයි සිතූ නිර්මාල් ආලින්දය දෙසට යාමට තීරණය කළේය. නිර්මාල්ගේ කාමරයේ දොර විවර වන්නේ කෙලින්ම ආලින්දයටය. වැඩි චකිතයකින් තොරව නිර්මාල් දොර හැරියේය. දුටු දසුනින් ඔහු භිරන්තට්ටු වී ගියේය. ආලින්දයේ ජනේලය අසල එළිය දෙස බලාගෙන ගැහැනු කෙනකු පැද්දෙන පුටුවක වාඩි වී පැද්දෙමින් සිටියි. ඒ ඇසෙනුයේ පුටුවෙන් නැගෙන හඬකි. ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් ඇගේ ශරීරය වටා පවතියි. නිර්මාල් කරන්නේ කුමක්දැයි යන්න අවබෝධයකින් තොරව තත්පර කිහිපයක් බලා සිටියේය. පැද්දෙමින් සිටි කාන්තාව නිර්මාල් දෙසට හැරිණි. ඇගේ ගිනි රත්පැහැ ඇස්දෙක දුටු නිර්මාල් මර හඬ දී කෑ ගැසුවේය. කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේ කෙසේදැයි කියා හෝ ඔහුට මතක නැත. ඔහු අධික ලෙස තැති ගත්තේය. නිර්මාල්ගේ කෑ ගැසීමත් සමඟම නිවසේ සියල්ලෝ උඩුමහලට දිව ආවෝය. නිර්මාල්ගේ දොරට තට්ටු කරණු වෙනුවට දොර ඇරගෙන ඇතුළට ගියේය. දොර ලොක් කර නැත. කට්ටිය ඇතුළට යද්දීත් නිර්මාල් කෑ ගසමින් සිටියේය. ඇඳට ඔහුගේ මුහුණ ඔබාගෙන සිටි නිර්මාල්ගේ පිටට පියා අත තබත්ම නිර්මාල් තවත් ගැස්සී කෑ ගසන්නට විය. නිවසේ සියල්ලෝ පැමිණ කතා කරත්ම ඔහු තරමක් සන්සුන් විය.�ඔහු දුටු දේ පිළිබඳ පැවසුවත් කිසිවකු එය විශ්වාස නොකළේය. නිර්මාල් දැඩි ලෙස තැති ගැන්වී සිටියේය. පසු දා පහන් විය. නිර්මාල්ට හොඳටම උණ ගැනී තිබුණි. පසුදින උදයේ දියණිය වූ හංසිකා පුදුමාකාර කථාවක් පැවසුවේය. නිවසට පැමිණ ගත වූ දින හතරේදීම සෑම දිනකම උදයේ ආලින්දයේ තබා තිබූ සෙටියේ නිර්මාල් පැවසූ තැන තබා ඇති පුටු දෙක ඈත් කර දමා තිබූ බවය. එය තමා විසින් සෑම දිනකම යලි ලංකළ බව ඇය පැවසුවේය. මේ සිදුවීම් සමඟම ඔවුහු උඩු මහළ අත් හැරියේය. නිර්මාල්ට දෙහි කපා ආරක්ෂා නූලක් දැමුණ අතර ඔහු සුවය ලැබීය.�කාලය කෙමෙන් ගෙවී ගියේය. සෑමදාම රාත්රියේ කිරි කිරි ශබ්දය සැමටම ඇසෙයි. මෙය නිවසේ අයට මහත් වූ හිසරදයක් බවට පත් විය. ඔවුහු මෙම ගැටලූවෙන් මිදෙන්නට මාර්ග සොයන්නට විය. මංග අයියා පිළිබඳ ඔවුන්ට අසන්නට ලැබුණේ මේ අතරතුරය.�විමසූරිය මහතා මංග අයියා හමු වී සියල්ල විස්තර කළේය. කටයුතු සම්පාදනය කිරීමට පෙර දිනක් මංග අයියා පැමිණ නිවසේ නතර විය යුතු යැයි පැවසුවේය. කතාකරගත් පරිදි මංග අයියා පැමිණියේය. ඉහළ මාලයේ නිර්මාල්ගේ කාමරයේ නතර විය. උඩුමහලේ සියලූ ලයිට් නිවා ඔහු නිදා ගත්තේය. වෙහෙසත් සමඟ ඔහුට නින්ද ගියේය. රාත්රියේ කවුරුන් හෝ කාමරයට පැමිණෙනු දැනී මංග අයියා අවදි විය. ඔහු දුටුවේ මැදිවිය පසු කළ කාන්තාවකි. ඇයගේ කර දෙපැත්තේ උරහිස් වැසෙන ලෙස ගොතන ලද පෙනුම සහිත රෙද්දක් විය. ඇය වටා ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් පවතියි. ඇය කෙලින්ම මංග අසලට පැමිණියේය. මංග බිය වූයේ නැත. ඇයගේ ගිනි පුළුගු වන් ඇස් දෙකට ද මංග බිය වූයේ නැත. යකුන් මෙල්ල කළ මංගට මෙය මහ දෙයක් නොවීය. කිසි අමනුෂ්යයකුට මංගගේ ශරීරයට ළංවිය නොහැකි බව ඔහු දනියි.�”උඹ හදන්නේ අපිව එලවන්නද? මේ අපේ වලව්ව.”�”කවුද එහෙම කිව්වේ?” මංග කිසිවක් නොදන්නා සේ ඇසීය.�”උඹ හිතුවේ මං මෝඩයෙක් කියලද? උඹ ආවේ බලාගෙන යන්ඩනේ අපිව එලවන්නේ කොහොමද කියලා. එලවන්ඩ පුළුවන්ද කියලා බලපන්”�යැයි කී එම මළගිය ආත්මය නොපෙනී ගියේය.�ඔහුට පුටුවක හඬක් ඇසුනේ නැත. ඊට වඩා සජීවී අවස්ථාවකට මුහුණ දුන්නේය. මෙවැනි දෙයක් කළ හැක්කේ යම් ශක්තිමත් ආත්මයකට පමණක් බව මංග අත්දැකීමෙන්ම දනියි. අනෙක් කරුණ වූයේ ඒ අවස්ථාවේ ඇයත් සමඟ තවත් කිහිප දෙනකු සිටිය යුතු යැයි ඔහුට අවබෝධ වීමයි. මෙවන් අය ඉවත් කිරීම පහසු නොවන බව මංග අත්දැකීමෙන්ම දනියි. පසුදා උදයේ සිදු වූ සිදුවීම නිවසේ අයට මංග නොපැවසූ අතර ශබ්දය ඇසුණු බව පමණක් පැවසුවේය. ඔහු එසේ කළේ නිවසේ අය එය විශ්වාස නොකරන බැවිණි.�නිවසේ දෝෂය ඉවත් කිරීම සඳහා සති දෙකකට එහා දිනයක් යොදා ගත්තේය. මංග පිටව ගියේය. එදින රාත්රියේ සිදු වූයේ නොසිතූ දෙයකි. මෙතෙක් පැවති කිරි කිරි ශබ්දය වෙනුවට බර අඩි තබන ශබ්දය, විවිධ භාණ්ඩ පොළොවේ ගැටෙන ශබ්ද රාත්රිය පුරා ඉහළ මහලයෙන් ඇසෙන්නට විය. පසුදින බලන විට බිම පෙරළුන දෙයක් ද නැත. මෙම ගැටලූව නිසා නිවැස්සෝ හෙම්බත් වී සිටියෝය. මංග පිටවී දෙවැනි රැුයේදී රාත්රී දහයාමාරට පමණ සියල්ලෝ සාලයේ අසුන්ගෙන සිටියෝය. ඉහළ මාලයේ නිරන්තර ශබ්ද නැෙඟයි. ඔවුන් මේ පිළිබඳ කතා කර කර සිටියේය. එක් වරම බිරිඳ යටි ගිිරියෙන් කෑ ගැසුවේය. ඇය පඩි පෙළ ඉහළ බලාගෙන සිටියේය. විමලසූරිය ද ඒ දසුන දුටුවේය. ළමුන් සිටියේ පඩිපෙළට පිටුපාය. ඔවුන් එය නොදුටුවේය. යම් ඡුායාවන් දෙකක් පඩිපෙළ ඉහළ සිට ඔවුන් දෙස බලා සිටියේය.�නිවසේ සියල්ලෝ රාත්රියේම නිවසින් පිටවීමට තීරණය කළෝය. පූජාව පැවැත්වෙන දිනය දක්වාම ඔවුහු නිවසට පැමිණියේ නැත. දෙසතියකට පසු පූජාව සූදානම් විය. මලයාලම් පූජා විධි අප දැක ඇති තොවිල් ශාන්ති කර්මවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. සාලයේ බිම තින්නූර් නම් අළුවලින් චක්ර තුනක් අඳිනු ලබයි. පළමු වැන්න මලයාලම් දේව චක්රයයි. දෙවැන්න දිශ්ඨි බන්ධනයයි. අනෙක නිවසේ ආරක්ෂාවට අඳින ලද යන්ත්රය ජීවම් වීමට තබන මණ්ඩල යන්ත්රයයි.�දේව චක්රය මධ්යයේ පොල්ගෙඩිය හා අඹ කොළ සහිත මුට්ටි 3 තබන අතර බිම අඳින චක්රය වැසී යන ලෙස පාට පාට මල් දමයි. මල් ඉතා විශාල ප්රමාණයක් මේ සඳහා අවශ්ය වෙයි. පලතුරු මල් අතර තබයි. දිශ්ඨි බන්ධනය තුළට රත් මල් හා බැදුම් වර්ග පමණක් භාවිත කරනු ලබයි. පූජාව ආරම්භයත් සමඟම යන්ත්රය ඉබේ ජීවම් වීම ඇරඹෙයි. මලයාලි ශාස්ත්රයේ පවතින විශේෂත්වය ද එයයි.�පූජාව ඇරඹීමත් සමඟම මංගගේ ගෝලයකු දිශ්ඨි බන්ධනය තුළ වාඩි කරවීය. ඉන්පසු මන්ත්ර කිහිපයක් පවසා තින්නූර් ටිකක් ඔහුගේ නළලේ ආලේප කළේය. ටික වේලාවකින් ඔහු සලිත වන්නට විය. බන්ධන චක්රය යනු නිවසේ සිටින සියලූ මළගිය ආත්ම ගෙන්වා එම කොටුව තුළට ගෙන කොටු කර ගැනීමට අඳිනු ලබන එකකි. ඒ මත පුද්ගලයකු තැබුවේ එම ආත්මයත් සමඟ කතා බහ කිරීමටය. ටික වේලාවකින් ඔහු ගැහැනු හඬකින් මහ හඬින් සිනා සෙන්නට විය. ”උඹ ආයිත් ආවද? බලමු උඹ කොහොමද අපිව එළවන්නේ කියලා. මුලින් සැර දැමූ මළගිය ආත්මය මංග අයියා මතුරන ලද තින්නූර් ආලේප කළ කඩුව අතට ගත්ම සැර බාල කළේය. ඇය, ඇය පිළිබඳ සහ පෙර සිදුවීමක් විස්තර කරන්නට විය. අදින් වසර හැට හැත්තෑවකට පෙර ඉංග්රීසි හුරුවට හැදුණු යුවළක් වලව්වේ ජීවත් වී ඇත. වතු හිමිකරුවකු වූ ස්වාමියා බිරිඳ පිළිබඳ උනන්දුවක් දක්වා නැත. ස්වාමියාගේ මිතුරකු සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගන්නා ඇය ඔහුව වරින් වර නිවසට ගෙන්වා ගනියි. අවසානයේ සිදු වන්නේ ඉහළ මහලයේ පැද්දෙන පුටුව මතදීම ස්වාමියාගේ වෙඩි පහරකින් ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මිතුරාට ද නිවස තුළම පහරදී මරා දමා ඇත. ඔවුන් දෙදෙනාගේ ආත්මයන් මේ දක්වාම නිවසේ වෙසෙයි. වරින් වර නිවස මිලදී ගන්නා අය ටික දිනකින් නිවස විකුණා දැමීමට සිදුවන සිදුවීම් මේ මළගිය ආත්ම විසින් ඇතිකරනු ලබයි.�සියලූ පූජා අවසානයේ මළගිය ආත්ම යම් බන්ධනයකට ලක් කර ඉවත් කරනු ලබයි. මලයාලි ශාස්ත්රයට අනුව එම මළගිය ආත්ම ඉන්පසු මලයාලි ඇදුරාගේ සේවයට බන්ධනය වෙයි. මලයාලි ගුරුකමේ අවසන් උද්වේගකර අවස්ථාව වනුයේ දෙදෙනකු කඩුව ඔසවාගෙන සිටින විට එහි කැපෙන පැත්ත මත මලයාලි ඇදුරා සිටගෙන නිවැසියන්ගේ ආරක්ෂාවට නලලේ සින්¥ර් ආලේප කිරීමයි. බොහෝ විට කඩුව මත සිට ගන්නා අවස්ථාවේ ඇදුරාගේ ශරීරයේ සිටින්නේ මලයාලි මහසෝනාය. මොහු ඉතා දරුණුය. කඩුව හරිහැටි අල්ලා ගැනීමට නොහැකි වුවහොත් අත ඇති පන්දමෙන් හෝ අත ඇති දෙයින් පහර කෑමට සිදුවෙයි.�කෙසේ හෝ පූජාව අවසන් විය. නිවසේ දෝෂය ඉවත් විය. ටික කලකින් නිවස සාමාන්ය තත්ත්වයට පත් විය

෴අකුසලය යටපත් කරන්න අමනුෂ්‍යයා අනිත්‍ය ලෙසින් දකින්න...෴

Image may contain: 1 person, flower

භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය.

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල අකුසලයක්‌ මතකයට පැමිණීමේ ප්‍රවණතාව වැඩි නිසා. භික්‍ෂුව එම වයෝවෘද්ධ දෙපළට ප්‍රකාශ කළේ, ඔබ දෙපළ වර්තමානයේ හොඳින් තෙරුවන් සරණ පිහිටා ශිල්පද ආරක්‍ෂාකරගෙන ජීවත්වන නිසා, එම ශක්‌තිය උපයෝගී කරගෙන අතීත අකුසලය යටපත්කොට දමන ලෙසයි.

එහෙත් එම යුවල ප්‍රකාශ කරනවා, කොතෙක්‌ අමතක කරන්න උත්සාහ කළත් එය මතකයට එනවා කියලා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එසේනම් ඔබලා එම අකුසලය යටපත් කිරීම සඳහා ඊට වඩා ශක්‌තිමත් කුසලයක්‌ සිදුකරගන්නා ලෙසයි. ඔබ දෙදෙනා ළමා රෝහලට ගොස්‌ එහි නේවාසිකව ප්‍රතිකාරගන්නා මරණාසන්න තත්ත්වයේ දරුවන් කිහිපදෙනෙක්‌ වරින් වර තෝරාගෙන, එම දරුවන් මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බෙහෙත්, ප්‍රතිකාර, සියලු වියහියදම් දරන්න කියලා. ඔබේ උත්සාහයෙන් එම දරුවන් මරණයෙන් බේරාගත්තාට පසුව, තමන් මරණයට පත්වීමට ගිය දරුවෙක්‌ බේරාගත්තාය කියලා ඔබ තුළ ඇතිවන ශක්‌තිමත් කුසල් සිත ප්‍රයෝජනයට ගෙන, දරුවෙක්‌ ගබ්සා කළාය කියලා ඔබේ මතකයට නැගෙන අතීතයේ සිදුවූ කර්මය යටපත් කර අමතක කර දමන්නය කියලා.

චේතනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා චේතනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එවැනි මරණාසන්න දරුවන් මරණයෙන් බේරාගෙන ඔබ අදාළ පිංකම කළාට පස්‌සෙත්, ඔබලා අතින් සිදුවූ එම අකුසලය නැවත, නැවත මතකයට ගන්නවා නම් ඒ ඔබේ අදක්‍ෂභාවයයි. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම චේතනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ.

සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි ගැන පසුතැවෙන අය. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක්‌ කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. මෙතැනදී ආනන්තරීය පාපකර්ම ඇතුළුව යටපත් කිරීමට නොහැකි අකුසල් තිබෙනවා. ඔබ අතින් සිදුවූ කුමන අකුසල් කර්ම තිබුණද, දැනුවත්ව හෝ අනවබෝධය නිසා ඇති වූ වරදවල් තිබුණද, වෙච්ච දේ ගැන, අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නිවැරදිව ජීවත්වෙන්න දක්‍ෂවෙන්න.

භාවනා කිරීමට යොමුවන පිංවතුන් අතීතයේ සිදුවූ සිදුවීම්, ක්‍රියාකාරකම් නිරතුරුවම මතකයට ගලාඒමෙන් සිත විසිරෙනවා. පිංවත් ඔබ ශීලයෙන් ශක්‌තිමත් නම්, ඒ කියන්නේ ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය තිබෙනවා. හිරි ඔතප් දෙක තිබෙනවා. මෙතැනදි ‘හිරි ඔතප්’ කියන්නේ ඔබ සතර අපායට වැටෙන්නට තිබෙන ලැඡ්ජා බය දෙක. භාවනාවක්‌ සාර්ථක කරගැනීමට ඉහත කාරණය අත්‍යවශ්‍ය වෙනවා. මෙතැනින් තමයි සංසාර බය සකස්‌කර දෙන්නේ, භවයෙන් ගැලවිලා යන්නට. සතර අපායේ නැවත උපතක්‌ ලැබුවොත්, එය මොනතරම් දුකක්‌ද, ලැ-ජාවක්‌ද, කුමන ගැලවීමක්‌ද?

මේ දුක ගැන නුවණින් මෙනෙහි කරමින් අසංවර ඔබේ සිත භාවනාවට පෙර නිශ්චල කරගන්න. අතීතයේ ඔබ හරකෙක්‌, ඌරෙක්‌ ලෙස ඉපදිලා, අනුන් ඔබව මරාගෙන කෑ හැටි, ප්‍රේතයින් හැටියට උපත ලබලා, නිර්වස්‌ත්‍රව, කුසට අහරක්‌ නැතිව, ශරීරය කුණුවෙලා, වනවෙලා…. , ඉඩකඩම්වලට තෘෂ්ණාවෙන් බැඳිලා, මරණින් මතු එම ඉඩමේම ගල් ප්‍රේතයින්, බහිරවයින්, භූත ගෙම්බන් ලෙස ඔබත් මමත් ගත කළ ජීවිත ගැන මෙනෙහි කරන්න. නිරයට වැටී, ගින්දර, ලෝදිය, ගිනි අඟුරු මතින් ඔබව දැවුණු පිච්චුණු හැටි මෙනෙහි කරන්න. මේවා ගැන ඔබ ලැඡ්ජාවෙන්න එපා. එහෙම ලැජ්ජාවක්‌ ඔබට සකස්‌වුණහොත් එයට කියන වචනය, ලැජ්ජාව නොව ‘සක්‌කාය දිට්‌ටිය ‘ බව හොඳින් නුවණින් දකින්න. යමෙක්‌ තුළ සක්‌කාය දිට්‌ටිය සකස්‌වෙනවා නම් ඔහු හෝ ඇය, තවම මාරයාගේ අත්සන් සහිත සතර අපායේ බදු ගිවිසුම අහවර නොකළ කෙනෙක්‌ බව සිතන්න. සතර අපායේ අයිතිය පිළිබඳ බදු ගිවිසුම පස්‌ අවුරුදු හෝ අනූනව අවුරුදු බදු ගිවිසුම් නොව, කල්ප ගණන් දීර්ඝ කාලයක්‌ සඳහා ලියන බදු ගිවිසුම්ය. එහි ‘බදුදෙන්නා’ වශයෙන් මාරයාත්, ‘බදුගන්නා’ වශයෙන් ඔබත් අත්සන් කොට ඇත. මෙය තවත් නිරවුල් වශයෙන් කියනවා නම්, මාරයා වශයෙන් ඔබ තුළ ඇති ජන්ද රාගයත්, එම ජන්ද රාගය නිසා ඔබ තුළ ඇතිවන සක්‌කාය දිට්‌ටිය බදුකරු වශයෙනුත් දැක්‌විය හැකිය.

සතර අපායේ සත්ත්වයා විඳින දුක ගැන අවබෝධයකින් තොරව, සතර අපායෙන් මිදීම යනු ප්‍රශ්නාර්ථයකි. තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ලෝකයේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම, පෙර ජීවිතයකදී ඔබත් මමත් වැනි මනුෂ්‍යයෙක්‌ම බව සිහිපත් කරගන්න. ඔබ තිරිසන් සතෙක්‌ දුටුවහොත් එම තිරිසන් සතාගේ රූපය තුළින් දුසිල්වත් මනුෂ්‍යයෙකුගේ රූපයක්‌ සිතින් මවාගන්න දක්‍ෂවෙන්න. ඔබ ප්‍රේතයකුගේ රූපයක්‌ දුටුවහොත්, මසුරුබවින් යුත් මිනිසකුගේ රූපයක්‌ එම රූපය තුළින් මතුකරගැනීමට දක්‍ෂවෙන්න.

මේවා භාවනාව ක්‍රමවත්ව වඩවා ගැනීමට අවශ්‍ය උපක්‍රමය. මේ උපක්‍රම මාරයාට එරෙහිවමය. සමාජයෙන් ආශ්වාදය නැමැති සුදු පිරුවටයෙන්, මාරයා, සතර අපාය ඔබෙන් වසන්කොට, සතර අපායේ ජීවත්වන ප්‍රේත රූප, අමනුෂ්‍ය රූප පෙන්වා ඔබව නොමග යවනකොට, එම සුදුපිරුවටය විනිවිද සතර අපායේ අනතුර දැකීමට ඔබ දක්‍ෂ විය යුතුය. සමාධි භාවනාවේදී ඔබට හමුවෙන අමනුෂ්‍ය රූප, රූපයේ අනිත්‍ය දකිමින්, ඇති වූ ස්‌වභාවයෙන්ම අනිත්‍යභාවයට පත්වීමට ඉඩහරින්න. එම අමනුෂ්‍ය රූපයන් කෙරෙහි ආශ්වාදයක්‌ සකස්‌කොටගන්න එපා. සමහර පිංවතුන් එම අමනුෂ්‍ය රූප දැකගැනීමට හැකිවීම ආශ්වාදයක්‌ ලෙසින් ගෙන එම ආශ්වාදයේ බැඳී,සතර අපායේ ජීවත්වෙන සත්වයෙක්‌ නිසා භාවනාවේ සැබෑ අර්ථය අහිමිකරගන්නවා.

භාවනා කරන විට ඔබට දර්ශනය වන අමනුෂ්‍ය රූප, බොහෝ අවස්‌ථාවල ඔබ නොදන්නා වූ අතීත ජීවිතවල ඥාති ප්‍රේතයින්. ඔබ එම ප්‍රේතයින් කවුරුන්දැයි කියා නොදන්නවා වුණත් එම ප්‍රේතයින් ඔබව දන්නවා. ඒ අය සතර අපායේ ජීවත්වන පිං මඳ පිනට අකමැති පිරිසක්‌. ඒ පිනට අකමැති ප්‍රේතයින් කැමති නැහැ ඔබ භාවනා කරනවට. ඔබ සතර අපායෙන් මිදෙනවට. එම ප්‍රේත පිරිස්‌ උත්සාහගන්නේ තම ඥාති පිරිසත් තමන්ගේ ගොඩටම ඈඳාගන්නයි. ඔබ ඒ අයගෙන් මිදී සුගතියට යනවට ඒ අය කැමති නැහැ. එම නිසා මෙවැනි අමනුෂ්‍ය රූප මාරයා වශයෙන් හඳුනාගෙන, අනිත්‍ය දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුන හොත් එම අමනුෂ්‍ය පිරිස්‌ නැවත නැවත විවිධ ප්‍රේතයන් ඔබ ඉදිරියට පමුණුවනු ඇත. මෙම ක්‍රියාවන් ධර්මය නොදන්නා අමනුෂ්‍යයන්ගේ අසත්පුරුෂභාවයන්ය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණ නම් අමනුෂ්‍යයෙකුට ඔබට කළහැකි දෙයක්‌ නොමැති බවට ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ තිබිය යුතුය. හැබැයි එම ශීලය තණ්‌හා, මාන්න, දිට්‌ට්‌වලින් අපිරිසිදු නොවිය යුතුය. මෙවැනි කරුණු නිරාකරණය කරගැනීමට අදාළ පිංවතා තුළ නිහතමානීකම අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුය.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

- ගෞරවනීය වන්දනීය පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ සටහනකි...

මාරයා යනු කවරෙක්ද?

Image may contain: 4 people
මාරයා , යෙහෝවා , අල්ලාහ් , අහුරමස්දා හා කෘෂ්ණ ( කණ්හ )

මාර යන වචනය ආර්ය භාෂා වල මරණය , විනාශය හගවන යෙදුමකි. තථාගතයන් වහන්සේ මෙම වචනයට වෙනම නිරුක්තියක් ලබා දුන් සේක. බුදු දහමේ එන ලොමු දැහැගන්වන මාර සන්කල්පය නම් එයයි. සාමාන්‍ය බෞද්ධයෙකුට මෙම වචනයේ විශේෂ ආගන්තුක බවක් නොමැත්තේ එය ගැමි ව්‍යවහාරයටද එක් වී ඇති නිසාය. මාරයා යනු පුද්ගලයෙකි . එහෙත් ඒ වනාහි ගැමි වහරේ මාරයා යන්නට පරම ප්‍රතිවිරුද්ධ වූ මහානුභාව සම්පන්න පුද්ගලානුභූතියකි.

බුදු දහමේ මාරයා යනු බහුලව දැක්වෙන අයුරින්ම මේ කාම ලෝකයේ හිණි පෙත්තේ විජෘම්භමාන වන පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකයේ පාලකයාය. මාර කායික දෙවිවරු නම් වූ කාම ලෝක වාසී බලවත්ම හා ආනුභාවාත්මකම දේව නිකායේ නායකයාය. ( මින් දෙවනුව නීර්මාණරති දෙව් ලොව මනාපකායිකා දෙවිවරු වෙති. ) මාර යනු පදවියකි. එය මනුලොව සක්විති පදවිය. තව්තිසාවේ සක් දෙව් පදවිය හා නිර්මාණරතියේ සුනිර්මිත පදවිය මෙන්ම පූර්වජයාගෙන් උරුම කරුවෙකුට තත් වූ පරිදි උරුම වන ප්‍රවේණික තනතුරක් බව සූත්‍ර දේශනා ආශ්‍රයෙන් පෙනේ. එසේම මෙම මාර පදවිය වනාහි පිරිමියෙකු මිස කිසි කලෙකත් ස්ත්‍රියක විසින් දැරිය නොහැක්කක් බව මජ්ජ්හිම නිකායේ බහුධාතුක සූත්‍රයේ මැනවින් අවධාරණය වේ. වර්තමානයේ මේ මාර පදවිය දරන්නා වශවර්ති නම් මාර කායික දෙවියාය. ඔහුට පාලි බසින්ම නම් රාශියක් ඇත්තේය.
මාරයා හා සමාන අධිපතියෙක් නැත. අධිපතීන් අතර මාරයාම ශ්‍රේෂ්ට වේ. මාරයා සතු බලය අසමානය. සන්යුක්ත නිකායේ මාර සන්යුත්තය කියවීමෙන් මාරයා පිළිබද දළ අදහසක් කෙනෙකුට ලබා ගත හැකිය. මෙහි අරමුණ නම් බුදු දහමේ මාරයා පිළිබද කරුණු පෙළ ගැස්වීම නොවේ . විද්‍යාත්මකව හා ශාස්ත්‍රීය ලෙස මාරයා අර්ථ නිරූපණය කිරීම හෙයින් මාර සන්යුත්තය කියවීම යෝග්‍යය.
බුදු රජාණන් වහන්සේගේ ජීවිතයේ පළමුවම මාරයා මුණ ගැසෙන්නේ මහාභිනිෂ්ක්‍රමණ මොහොතේය. ඒ අවස්ථාවේ මාරයා අතිශය සුන්දර වූ විදුලි සැරයක රූපයකින් ආකාශයේ විරාජමානව පහත ගාතාව ප්‍රකාශ කළේය.
මා නික්ඛම මහාවීර ඉතෝ තේ සත්තමො දිනෙ

දිබ්බ ජන්තු චක්ක රතනන් අද්ධා පාතු භවිස්සති.

මෙහි අර්ථයෙන්ම මාරයාගේ පරාක්‍රමය පිළිබද වැටහේ . මනුෂ්‍යයන්ගේ අග්‍ර රාජ්‍ය වූ චක්‍රවර්ති රාජ්‍යය ප්‍රදානය කිරීමේ බලයද මාරයා සතු වූවකි. මාරයාගේ බලය එතැනින් සීමා නොවේ සියලු දෙව් ලොව ඔහුගේ එකම අණසකට යටත්ය . අවීචියේ සිට පරනිම්මිතය තෙක් සියලු ලෝකවල ඒකායන ආධිස්වාමි මෙන්ම සියලු සතුන්ට අධිපති බැවින් මාරයාට ප්‍රජාපති යැයි කියනු ලැබේ. ( මූල පරියාය සූත්‍රය ) මාරයාගේ බල පරාක්‍රමය හා බුදුදහමට මාරයා අදාළ වන්නේ කෙසේ දැයි වටහා ගැනීමට හැකි මනා දෙබසක් මාරයා හා බුදු හිමියන් අතර ඇති විය මෙය සූත්‍ර ගණනාවක අඩ්න්ගු වේ. බුදු හිමියන් විදුරසුනේදි සර්වඥතා ඤාණය ලත් මොහොතේ මාරයා මහත් සේ කම්පා විය. ඔහු එකෙණෙහිම බුදු හිමියන් ගේ සිත් පිරිසිද එය කෙලෙසුන්ගෙන් මුක්තව සිය විජිතයෙන් පරිබාහිරව තමන්ගේ අවබෝධයෙන් දුරස්ව ඇති බව දුටුවේය. එහෙත් ඔහු පරාජය බාර ගැනීමට අකමැති වූයේ දස බිම්බරක් වූ සිය සෙනග සමග විත් විදුරසුන වැටලුවේය. මාරයා හා තථාගතයන් වහන්සේගේ සන්වාදය කෙටියෙන්ම සරල බසින් මෙසේය.

මාරයා : එම්බා ශ්‍රමණය මේ වජ්‍රාසනයේ කුමන බලයකින් අසුන් ගත්තේද. මෙය මගේ පින් බලයෙන් පහළ වූවකි. ( වජ්‍රාසනය වනාහි සක්වල මධ්‍යයයි. සම්පූර්ණ දෘඩ වූ දියමන්ති අසුනකි එය තරම් බලවත් දෙයක් කාම ලෝකයේ නැත. විශ්වාරම්භයේ සක්වල සෑදිමට කේතය සපයමින් මුලින්ම පහළ වන්නේද ලෝකාවසානයේදඉ අවසානයට විනාශ වන්නේද මෙයයි. )වහා නැගී සිටුව.
බුදු හිමි : පාපී මාරය මම වනාහි සම්ස්ත විශ්වයේම මෙහි අසුන් ගැන්මට එකම සුදුස්සා වෙමි. මේ ලෝකයේ මා හැර වෙනත් කිසිවෙක් මෙහි අසුන් නොගන්නේය. මම සම්මා සම්බුද්ධ වෙමි. සර්වතෝ භද්‍ර වෙමි.
මාරයා : නුඹ බුදු වූයේය, රහත් වූයේයයි පිළිණ කරයි. එහෙත් ශ්‍රමණය නුඹගේ ඇස තාමත් මා සතුය . ඇසට පෙනෙන රූපද මා සතුය.
නුඹගේ කණ ද ඊට ඇසෙන ශබ්දද මා සතුය . දිවද දිවට දැනෙන රසද මා සතුය. .... මනසද මනසට දැනෙන ධර්මද මා සතුය. තා තවමත් මාගේ ග්‍රහණයේය. තගේ මනසින් නික්මෙන්නා වූද අන්තරීක්ෂයේ හැසිරෙන්නා වූද හුයෙන් මා තා බැද දමමි.

බුදු හිමි : ප්‍රජාපති වූ මාරය . නුඹ කී දේ සත්‍යය. මගේ ඇසද එයට දැනෙන රූපද නුඹගේමය.කණැද ඊට දැනෙන ශබ්දද නුඹගේමය ... මනසද ඊට දැනෙන ධර්මද නුඹගේමය. එහෙත් නුඹේ ඇසින් නුඹේම රූප දකින මට ඒවා කෙරෙහි ඇල්මක් නැත. තණ්හාව ප්‍රහීණව ගොසිනි. ...නුඹට අයත් මනසින් නුඹට අයත් ධර්ම විදින මට ඒ කෙරෙහි ඇල්මක් නැත. තණ්හාව ප්‍රහීනව ගොසිනි. මාරය මනසින් නික්මෙන්නා වූත් අතරීක්ෂයේ හැසිරෙන්නා වූත් ඒ නූල දුටිමි. මම එය සුණු විසුණු කළෙමි. තව දුරටත් නුඹගේ ග්‍රහණයට මා අයත් නොවන්නේය.

මෙය සූත්‍ර දේශනා වල මාරයා හා බුදු හිමියන් අතර වූ සම්ප්‍රයුක්ත සන්වාදයක් බව සළකන්න. ( මාරයා විමසූ අන්තරීක්ෂචර නූල පිළිබද වැඩි දුර තතු ත්‍රිපිටකයේ හමු නොවේ. අටුවාචාරීන් හා මහායානිකයන් මේ පිළිබද් විස්තෘත මත දරති. )

මේ අවස්ථාවේදි බුදු හිමියන් මහ පොළව කම්පාකර මරසෙනග පළවා හළ සේක. ( මේගැන නොයෙකුත් විස්තර පූජාවලි ග්‍රන්ථයේ අඩන්ගු වේ - බෝධි සම්බාර පූජා කථා )එසේම මාරයා චක්‍රායුධයෙන් බුදුහිමියන්ට දමා ගැසූ බවද අටුවා වල සදහන් වේ.

ඉහත සූත්‍රාන්ත විස්තරය දැක්වූයේ මාරයාගේ බලය පෙන්වාදෙනු පිණිසයි. බුදු දහමේ ලෝකය නම් ආධයාත්මික හා බාහිර ෂඩායතනයි .මාරයා ඒ දෙකටම අධිපතිය. වචනයේ පරි සමාප්තාර්ථයෙන්ම මාරයා සර්ව ලෝකාධිපති (සබ්බ ලෝකාධිපති ) නාමයට ගෝචර වේ. එසේම බුදු දහම නම් සම්පූර්ණයෙන්ම මාරයාට විරුද්ධ වූ ක්‍රියා මාර්ගයකි. එය පටිසෝත ගාමිය. එනම් ලොව ගලායන ( දිශානත් වූ ) මාර්ගයට ප්‍රති විරුද්ධය. එන්ට්‍රොපිය හෙවත් අහඹුතාවය ශුන්‍ය කරවන ලෙස දිශානත වූවකි. එවැනි එකම ඉගැන්වීම නම් බුදු දහමයි. අන් සියල්ල තාපගති විද්‍යාවේ දෙවන නියමය ලෙසම එන්ට්‍රොපිය වැඩි කරවන ක්‍රියාවන්ම වන්නේය.

සූත්‍ර පිටකයේ මෙන්ම අටුවා වලද , විභාෂා හා මාධ්‍යමික දර්ශනයේද මාරයා පිළිබද ඇති කරුණු මැනවින් විමසා බැලූකල එක්තරා අසිරිමත් සත්‍යයක් ඉස්මතු වේ . එනම් මාරයා යනු මෙලොව සියලු ඒක දේව වාදි ( හින්දු , කතෝලික , ඉස්ලාම් , යුදෙව් , බහායි හා සරතුස්ත්‍ර )ආගම් අදහන සර්වබල ධාරි දෙවියන් බවයි. මෙයින් ආබ්‍රහමියානු දර්ශන වන ක්‍රිස්තියානි , යුදෙව් හා ඉස්ලාම් ආගම් එකම පුද්ගලයෙකු තම සර්වබලධාරි දෙවියන් ලෙස අදහතී. එය එම ආගම් වලම සදහන් වේ.. මේ ආගම් තුන වෙනස් වන්නේ ඒවායේ ශාස්තෲන්ගෙන් හා සන්ස්කෘතීන්ගෙන් පමණි. මින් යුදෙව් හා සියලු ක්‍රිස්තියානි ආගම් නම් එකම ( ගෙඩි පිටින් ) ආගමක නිකාය දෙකකි. සියල්ලට පසුව පහළ වූ ඉස්ලාම් ආගමේ කුරාණයෙන් මෙහි පූර්වාපර සන්ධි ගලපා පහදා දෙයි. ඒ අනුව ජේසුස් ( ඊසා )හා මෝසෙස් (මූසා) යනු මුහම්ම්මද් මෙන්ම මෙලොවට සර්වබලධාරි දෙවියන් විසින් එවනු ලැබූ දූතයන්ය (නබි ) . ලන්කාවේ ඉතා සුළු පිරිසක් මේ බව නොදනිති.
මෙහි ගැටලුව නම් සරතුස්ත්‍රාගමය හා හින්දු ආගම ගැනය . මේ දෙකම ඒක දෙව වාදි ආගම් වේ. එහෙත් මේ ගැන කුරාණයේ සදහන් නොවේ. ( අල්ලාහ් වරින් වර නබි වරු 124000 එවා ඇතැයි දැක්වුණද නම් වශයෙන් මේ ආගම් දෙක නොදැක්වේ. ) එහෙත් අසිරිමත් ලෙස ක්‍රි පූ 1000 දි පමණ බිහිවූ සරතුස්ත්‍රාගමය ඉහත දෙවියන්ම අදහන බව එහි දැක්වෙන නීති මලාව අනුව පෙනේ. එහි පණත් 13 කි. ඒවායේ ආබ්‍රහමියානු ආගම් 3 ම ඇති දස පණත ඒ පිළිවෙලින්ම අන්තර්ගත වීම විස්මය ජනකය. එකම දෙවියන් වූ සර්වබලධාරි දෙවියන්ට පමණක් නමස්කාර කරවයි එහි පණත් ද ආරම්භ වේ. සරතුස්ත්‍රාගමයෙහි දෙවියන් වන අහුරමස්දා යන්නට සමාන වචන කීපයක්ම අල්ලාහ් හැගවීමට යෙදේ. ( ටෝරාහ් )අල් බුඛාරි ග්‍රන්ථයේ අල්ලාහ් ගේ නම් ලැයිස්තුව පරිශීලනය කරන්න. අහුරමස්දා වනාහි ඇසින් දැකිය නොහැකි වූද . පරම විශ්වාසයෙන්ම ස්පර්ෂ කළයුතු වූද එකම සර්ව බලධාරි මැවුම් කාර දෙවියා ලෙස එම සමයේ සදහන් වේ.

සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෙවත් මාරයා මැනවින්ම අර්ථ නිරූපණය කර සියළු සැකයන් විජටනය කරනුයේ හින්දු ආගමයි. හින්දු ආගමේ මෙන් දෙවියන් වහන්සේ පහදා දෙන වෙනත් ආගමක් නැත්තේමය. මීට හේතුව නම් හින්දු ආගමේ ශාස්තෘන් වනාහි ආබ්‍රහමියානු ශාස්තෘන් මෙන් කාමභෝගි ගිහියන් නොව සිත් දියුණු කළ උතුමන් වීමයි. ඔවුහු දෙවියන් වහන්සේ ඇති සැටියෙන්ම දුටුවහ. හින්දු ආගම යනු බහුදේව වාදි දර්ශනයකැයි අල්ප ඤාණයක් ඇති අයට වැටහේ. නමුත් ඉතාම මූලධාර්මික පරම ඒක දේව වාදය හින්දු ආගමයි. හින්දු ආගමේ එසේ නම් දෙවි වරු රැසක් ඇත්තේ ඇයි දැයි ඔබ සිතනු ඇත. හින්දු ආගමේ ඇත්තේ එකම දෙවි කෙනෙකි. හෙතෙම නමින් කෘෂ්ණ වේ. අන් සියලු දෙවි වරු නම් පුද්ගලාරෝපණය කළැ ඒ සර්වබලධාරි දෙවියාගේ අවයවයන් වේ.
භගවත් ගීතාවේ දෙවියන් තමා ගැනම අර්ජුනට ප්‍රකාශ කරන ශ්ලෝක ඉතා ආකර්ෂණීයය. ඔහුට මෙලොව හා සත්වයා ගැන ඇති සැලැස්ම හා ඔහුගේ ධර්මය කුරාණයට හෝ බයිබලයට වඩා හොදින් එහි දැක්වේ. අර්ජුන වූකලි බලවත්ම ධනුර්ධරයාය. තම පිළිමල් සේනාවේ තමන්ගේ ගුරු වරයා හා ලොකු තාත්තා සිටින නිසා ඔහු යුද්ධයේදි පසු බායි. එහිදි ඔහුගේ රියදුරා ලෙස සිටින කෘෂ්ණ නොයකුත් අයුරින් ඔහුගේ සිත සතුරු සේනාව සමූල ඝාතනයට යොමු කරයි. ඔවුන් ඔහුට කළ වැරදි සිහිපත් කරවයි. එහෙත් අර්ජුන ඒ සියල්ලෙන්ම යුද්ධයට පෙළ්ඹවිය නොහැකි තැන භගවත් ගීතාවට ප්‍රස්තුත වූ සිද්ධිය ඇතිවේ. එක්වරම ඔහුගේ රියදුරා පෙළහර දැක්වීමට පටන් ගනී. කෘෂ්ණ. කාලය නවතා දමා අර්ජුන වික්ෂිපත කර තම සතුරන් මරන ලෙස අර්ජුනට අණ කරයි. එහෙත් කීකරු නොවන තැන කෘෂ්ණ තමා කවරෙක්දැයි ඔහුට පෙන්වයි. එය දැක අර්ජුන නම් වූ මහා පුරුෂයා වෙව්ලා යයි. ඔහු දණින් වැටේ. එනම් විශ්ව රූපයයි. හෙවත් කෘෂ්ණ තම දිව්‍යමය රූපය ඔහුට පෙනවයි. එවිට ක්‍රිශ්ණතමා ගැන අර්ජුනට පවසන දේ භගවත් ගීතාවේ අඩන්ගුය.
එහි මෙසේ දැක්වේ.

"මමම නමස්කාර ලැබිය යුතු එකම දෙවියන් වෙමි. අන් සියල්ලෝ මගේ අවයවයන් පමණි. "( බයි බලයේ පළමු පණත )
"මොවුන් සියල්ලෝම මවිසින් මරණයට නියම කරන ලද්ධාහුය. එය නිසැකව සිදුවේ. ලෝකය පාලනය කරනු පිනිස මමම මිනිසුන් කා දමමි. නුඹට මගේ තීරණ ප්‍රශ්න කිරීමට බලය නැත. නුඹ හුදෙක් මොවුන් නසනු පිණිස මගේ උපකරණයක් පමණක්ම වේ. මටම මරණය ( මාර ) යැයි කියනු ලැබේ."

පාලියෙන් මාරයාට කියන නාමයක් වනුයේ කණ්හ යන්නයි. මෙහි සන්ස්කෘත රූපය කෘෂ්ණය. අල් බුක් හාරියේ කන්හා (kanhaa )යනු දෙවියන් වහන්සේ ( අල්ලාහ් / යෙහෝවා ) හදුන්වන වචනයකි. මෙයින් මාරයා යනු දෙවියන්දැයි තිබූ අවසන් සැකයද දුරු වේ. මාරයා නම් මෙලොව බෞද්ධයන් හැර අන් සියලු දෙනා සරණයන දෙවියන් වහන්සේමය.
ලෝකයේ ස්වාමියා වූ මාරයාගේ කාර්‍යය කුමක්දැයි ඔබට ගැටලුවක් පැන නගිනු ඇත. ඔහුගේ කාර්යනම් ලෝකය කළමනාකරණයයි. සිය අසීමිත බලයෙන් හෙතෙම ලොව පරිපාලනය කරයි. සිය පර්ෂදය වූ කාමලෝකයේ ජනයා කාමලෝකයේම හැසිරීම ඔහුගේ අභිලාෂයයි. බ්‍රහ්මලෝකෝපගමනය ට ඔහු විරුද්ධය. නමුත් පළමු බඹ තලයද ඔහුගේ අණසකට යටත් බව මජ්ජ්හිම නිකායේ මූල පණ්නාසකයේ අවසානයට පෙර සූත්‍රය වන බ්‍රහ්ම නිමත්තනික සූත්‍රයෙන් පෙනේ. එහිම යාබද සූත්‍රය මේ සන්සාරයේ භයානකත්වය මැනවින් පෙන්වන සූත්‍රයකි. එනම් මාර තජ්ජනීය සූත්‍රයයි. එහි විස්තරය සැකෙවින් මෙසේය.
සක්මන් කරමින් සිටි මුගලන් හිමියන්ගේ කුසට මාරයා පිවිසි පසු උන් වහන්සේ ඒ මාරයා බව දැනගනී. ක්ෂණිකව තමා හදුනා ගත් ආකාරය ගැන මාරයාට පුදුමය ඇතිවේ. එකල්හි උන්වහන්සේ අතීත සිද්ධියක් පෙන්වා දෙයි . දුසී නම් මාරයා සන්ජීව නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට හිරිහැර කර අපාගත වූ අයුරුත් . ඒ දුසී නම් මාරයා අන් කවරෙක්වත් නොව තමන් බවත් මුගලන් හිමියන් පෙන්වා දෙයි. එනම් වත්මන් වශවර්ති මාරයාගේ මාමාය. මාරයා හැඳින්වීම සඳහා පාළි සාහිත්‍යයේ නම් රැසක් භාවිත වෙයි. අන්තක, වසවත්ති, පාපිමා, පජාපති, පමත්ත බන්ධු, කණ්හ, නමුවී හා මාර යන නම් පාලි නිඝණ්ඩුවේ දැක්වේ. මච්චු, මච්චුරාජ හා කාල යන පර්යාය නාම ද මොහු සඳහා යෙදී ඇත.
මේ අනුව මාරයාද සාන්සාරික සත්වයෙකි. කර්ම විපාකයක් ලෙසම මාරභාවය ලභා ඉන් චුත වේ. එහෙත් විවිධ උපක්‍රමයන්ගෙන් හෙතෙම චිර දීර්ඝ කාලයක් ජීවත් වේ. බුදු බව පතන බෝධිසත්වයෙක් කිසි කලෙක පින් වැඩිවී කාම ලෝකයේ මාර භාවයට නොපැමිණෙන බව මනෝ රථපූරණියේ හා පූජාවලියේ සදහන් වේ. බුද්ධ ශ්‍රාවකයන්ට එය අදාල නොවේ.මාරයාගේ කෘත්‍යය ගැන සදහන් වන තවත් සූත්‍රයක් නම් මජ්ජිම නිකායේම මජ්ජිම පණ්ණාසකයේ නිවාප සූත්‍රයයි. නිවාප යනු උගුලයි. මෙහි සදහන් ධර්ම පර්යාය සැකෙවින් මෙසේය.
වනාන්තරයේ ( ආහාර හිග ශුෂ්ක වනයක ) එක් නේවාපිකයෙක් ඇල් වී හේනක් වපුරා නඩත්තු කරයි. මේ ඇල් වී කෑමට එන මුවන් දඩයම් කිරීම ඔහුගේ කාර්යයි.පළමු මුව රන්චුව පැමිණ ඇල්වී වලදා සිහිමද වූ පසු ඔහු මුවන් මරා කයි.
දෙවන මුව රන්චුව ඔහුගෙන් බේරීමට ඇල්වී හේනෙන් ඈතට ගොස් ජීවත් වේ. එහෙත් ඇල් වී නොකා ජීවත් වීම අමාරුය. ඔවුන් දුර්භික්ෂයෙන් මියයයි.
තෙවන මුව රන්චුව වැද්දා නැති විටක පැමිණ ඉක්මනින් ඇල් වී කා ආසන්නයේ ඇති ලැගුම් ස්ථානයක සැගවේ. එහෙත් වැද්ධා තම සේනාව මෙහෙයවා උන්වද දඩයම් කරයි.
නුවණැති සිව්වන මුව සමූහයා සොරෙන් ඇල්වී වළදමින් දුරස්ථ ලැගුම් ස්ථානයක් ආශ්‍රය කරමින් වැද්ධාගේ මායාව අතික්‍රමණය කර ඔහු පරදවා පළා යති. ඒ අයුරින්ම විඥූන් උසස් ධ්‍යානයෙන් වාසය කරමින් ලෝකයෙන් හා මාරයාගෙන් ගැළවෙති. ධ්‍යාන ලැබූ පුද්ගලයා මාරයාගේ විෂය පථය අතික්‍රමණය කළ හෙයින් ඔහු මාරයාට නොපෙනේ. සිව්වන දැහන් ලද පුද්ගලයා මාරයා ආධාර නැති වන සේ අන්ධ කළේ යැයි කියනු ලැබේ. මාර විජිතයෙන් පිටවූ විට නිර්වාණය සාක්ෂාත් කිරීම පහසු කාර්යයකි. එහෙත් මාර බන්ධනය වනාහි වේපචිත්ති බන්ධනයටත් වඩා අතිශය සියුම් බැදීමකි.මාරයා මුලු ලොවම සිය වසගයේ පවත්වයි. ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයේ පිහිටා උසස් සමාධියෙන් යුතුව ප්‍රඥාව වඩන්නා වූ බුද්ධ ශ්‍රාවකයාම මාරයාගේ සූක්ෂ්ම බන්ධනයෙන් මිදී අජරාමර නිර්වාණ සුඛය ප්‍රත්‍යක්ෂ කරන්නේය.

.කම්බිලි දෙවියෝ


No automatic alt text available.

පණ්‌ඩුකාභය රාජ්‍ය සමයේ විසුවා යෑයි පැවසෙන ෙච්තිය නම් යකිණියගේ කුස උපන් කම්බිලි තුන්කට්‌ටුවකි. පළමුවැන්නා කළුකම්බිලි නම් ලද අතර දෙවැන්නා සැඩකම්බිලිය. තුන්වැන්නා රත්න කම්බිලි යනුවෙන් නම් ලැබීය. කළුකම්බිලි තද කළු පැහැයෙන් යුතු වූ අතර, සැඩකම්බිලි මඳක්‌ කහ පැහැයෙන් යුතු විය. රත්න කම්බිලි රන්වන් පාටින් යුතු වූවෙකි.

පණ්‌ඩුකාභය අනුරපුර රජ පැමිණි සමයේ ෙච්තිය බැමිණිය දුම්රක්‌ගල ප්‍රදේශයේ විසූ බවත්, ඇය වෙළඹකගේ වේෂයෙන් සිටි අතර පණ්‌ඩුකාභය රජු එවක රටේ පැවැති යුද සටන් සඳහා මෙම වෙළඹ පිටින් ගමන් කළ බවත් ඒ ගිය සෑම සටනක්‌ම ජයග්‍රහණය කළ බවත් පැවැසේ. වෙළඹකගේ වෙස්‌ ගෙන සිටි ෙච්තිය යක්‍ෂණිය පණ්‌ඩුකාභය කුමරාට වසඟ වී සිටි බවත් කාලයාගේ ඇවෑමෙන් ෙච්තිය යක්‍ෂණිය මෙම කම්බිලි කුමරුන් තිදෙනා බිහිකළ බැව් පුරා වෘත්තයේ පැවසේ.

වෙළඹ වේසක යකිනිගෙ පිට නගිමි න

නිලඹ රුවින් රජ යුදයට ගිය තැ න

එළඹ ගිය වු යකිනිගෙ ආධාරෙ න

කළඹ දකින හැම යුධයෙන් ජය ගෙ න

මෙසේ කල් පසුව ගිය යකිනියගෙ කුස

විසේසයෙන් මෝරා ගැබ එක ලෙස

රසේ සැපත් විඳ ගිය පසු දස මස

යසේ කුමරු තිදෙනෙක්‌ බිහිවිය තොස

කම්බිලි උපත පිළිබඳව ජන ප්‍රවාද කීපයක්‌ ම පවතී, මලය දේශයේ සිට කළුතර වෙරළින් මෙලකට පැමිණි පස්‌ දේවතාවුන්ගෙන් එක්‌ අයෙකු ලෙස ද කම්බිලි දේවතාවා හැඳින්වේ. කම්බිලි දේවතාවා වීරවිකුම් රත්න බණ්‌ඩාර, කම්බිලි කුමාර යන නම් වලින් ද හඳුන්වා ඇත. කම්බිලි දෙවියන් ගල් නැවකින් මෙලකට පැමිණ සෙල්ලම්දූව පසුකර අනුරාධපුරයට විත් ශ්‍රී මහා බෝධිය අසල ජයභූමියේ වැඩ සිටි බව ද පැවැසේ.

කම්බිලි උන්නැහේ යනුවෙන් ද හඳුන්වනු ලබන කම්බිලි දෙවියන්ගේ උපත දඹදිව සිදු වූවක්‌ බව ද පැවැසේ. සැඩ පරුෂ තැනැත්තෙක්‌ වූ මෙතෙමේ එරටින් පිටුවහල් කරන ලද බව ද මෙරටට ගොඩබසින ලද කම්බිලිගේ පැමිණීම වැළැක්‌විය නොහැකි බැවින් මෙරට ආරක්‍ෂා කිරීමේ නිරතව සිටින දෙවිවරුන් පුදපෙත් දීමට පොරොන්දු වූ බව ද කම්බිලි කවි ගායනාවල සඳහන් වේ.

එලුවා ගල්යකදාවෙන් මුහුද දෙබෑ කොට

බැලුවා දෙවියෝ දුවගෙන ඇවිදින් පස්‌ සට

එනවා නියමයි රකින්ඩ බැරි තිර සාරෙ ට

දෙනවා නියමයි වා ලක්‌කම් නුඹෙ නාමෙ ට

(සි. දේ. පු)

කම්බිලි දේවතාවන්ට පුද පෙත් දීම විශේෂයෙන් දක්‌නට ලැබෙන්නේ වයඹ පළාතේ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේත්, උතුරු මැද පළාතෙත් බව මුදියන්සේ දිසානායක මහතා විසින් රචිත වන්නියේ දෙවි දේවතා සම්භවය හා ව්‍යාප්තිය ග්‍රන්ථයේ සඳහන් වේ. පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ එනම් ක්‍රි. ව. 1247 පමණේදී වීරභාහු, විජයභාහු, කුමාරවරුන් රාජ්‍ය කටයුතු කරමින් සිටියදී ජා රජ කෙනෙක්‌ වූ චJද්‍රභානු නමැත්තා යාපහුව ප්‍රදේශය ආක්‍රමණය කිරීමේදී මියගිය බවත් එසේ මියගිය චJද්‍රභානු කම්බිලි යනුවෙන් හැඳින්වුණ බව ද පැවැසේ.

කනදරාවේ සිට කිරි මුහුද හරහා ලංකාවේ යාපා පටුනට ගොඩ බැස්‌සේ යෑයි පැවැසෙන කළුකම්බිලි, කන්ද කුමාර, උපුල්වන් සහ විභීෂණ දෙවිවරුන්ගෙන් වරම් ලැබූ බව ද පැවැසේ. මෙතෙමෙගේ වාහනය අශ්වයකු වන අතර, කඩුවක්‌ අත දරයි. කලා ඔයත්, දැදුරුඔයත් අතර වූ පහළොස්‌ පත්තුවට අධිපති දෙවියකු ලෙසින් ද සැලකේ. රතු නිල් සහ සුදු පාටින් යුක්‌ත ඇඳුම් කට්‌ටලයකින් සැරසී සිටින කම්බිලි දෙවියන්ගේ ඔටුන්න නීල වර්ණ මල්වලින් යුක්‌ත වන අතර අතෙහි යගදාවක්‌ ද වේ. ගවයෙකු හා දිවියකු මරා ලේ බොන බව ද පැවසෙන මොහු කළුකම්බිලි යකා යනුවෙන් ද හැඳින්වේ.

හත් මාළුව සහිත බත් කිරි මුට්‌ටියක්‌ සහ මෙයට අමතරව කැවුම් කෙසෙල් ගෙඩි පිදවිලි වශයෙන් දිය යුතු වේ. 'නාරායන' නම් දෙවි කෙනෙකු කම්බිලි දෙවියන්ට උදව් කළ බව ද කළු කම්බිලි අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආරක්‍ෂකයකු ලෙස සිටින බව ද පැවැසේ.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හාරිස්‌පත්තුව බොක්‌කාවල ප්‍රදේශයේ කළු කම්බිලි දෙවි ඇදහීමක්‌ ද පවතී. සිංහල දේව පුරාණයේ සඳහන් වන ආකාරයට මොහු දේවතාවෙකු ලෙස සැලකුවත් මොහුගේ උප්පත්ති කතාව අනුව සැලකිය හැකි වන්නේ යක්‍ෂයෙකු ලෙසිනි.

මහනුවර රාජ්‍ය සමයේ හාරිස්‌පත්තුව බොක්‌කාවල ප්‍රදේශයේ මුරපළක්‌ විය. මෙම මුරපළින් එහා මෙහා යන වෙළෙන්දන්ගෙන් අයබදුÊගැනීම එකල සිරිතක්‌ව පැවතුණි. මෙම අයබදුÊගැනීම එදා හැඳින්වූවේ සුංගම් ගැනීම යනුවෙනි. එවක සුංගම යනු තුට්‌ටුවක මුදලකි.

එක්‌තරා දුම්කොළ වෙළෙන්දෙක්‌ දුම්කොළ මිටියක්‌ රැගෙන මෙම ස්‌ථානයෙන් යන අවස්‌ථාවේ මුරකරුවෝ ඔහු නවතා සුංගම් ඉල්ලූහ. වෙළෙන්දා සුංගම් වෙනුවට දුම්කොළ ස්‌වල්පයක්‌ දීමට ඉල්ලා සිටියේය. මුරකරුවෝ ඊට නොකැමැති වූහ. අනතුරුව මුරකරුවෝත්, දුම්කොළ වෙළෙන්දාත් අතර බහින්බස්‌ වීමක්‌ ඇතිවිය. මෙහිදී මුරකරුවෝ වෙළෙන්දාට පහර දී දුම්කොළ මිටිය ද උදුරා ගත්හ. මුරකරුවන්ගෙන් පහර කා හිස්‌ අතින් ගෙදර ගිය වෙළෙන්දා ටික දිනක්‌ මේ සඳහා කළ යුතු දේ ගැන සිතුවේය. මන්ත්‍රකරුවෙක්‌ වූ වෙළෙන්දා දුම්කොළ මිටියක්‌ ද සහිතව වෙළෙන්දෙකු ආකාරයෙන් පිල්ලියක්‌ මුරපළ වෙත යෑවීමට සිතා ඒ සඳහා යුහුසුළු විය. වෙළෙන්දා කල්යල් බලා වහා පිල්ලිය මුරපළ වෙත යෑවීය. මෙහිදී සුපුරුදු පරිදි මුරකරුවෝ මෙම තැනැත්තාගෙන් සුංගම් ඉල්ලූහ. මෙහිදී වෙළෙන්දා මෙන් පෙනී සිටි පිල්ලිය අතැති දුම්කොළ මිටියෙන් මුරකරුවන්ට පහර දෙන්නට විය. පහර කෑ මුරකරුවෝ ඉවක්‌ බවක්‌ නොමැතිව හිස්‌ ලූ ලූ අත දුවන්නට වූහ.

මෙම සිදුවීමෙන් පසු මෙම ස්‌ථානයේ මුරකාවල් බිඳී ගිය බව ද කාවල බිඳීගිය ස්‌ථානය එවක පටන් 'බොක්‌කාවල' යනුවෙන් ව්‍යවහාර වුණ බව ද පැවැසේ. මුරකාවල බිඳී ගිය එම ස්‌ථානයේ ඉන් පසුව කම්බිලි අවතාරය පවතින බව මෙතෙමේ කම්බිලියක්‌ පොරවාගත් අයෙකු බැවින් ඔහු කළුකම්බිලි යනුවෙන් ව්‍යවහාරයට පත් වුණ බව ද පැවැසේ. කම්බිලි තුන්කට්‌ටුවේ දෙවැන්නා සැඩකම්බිලි වේ. මඳ කළු පැහැති කම්බිලියකින් සැරසී සිටින මෙතෙමේ හිසකෙස්‌ හැඩබලු සේ ගෙතුනු හිසකින් යුතු වූවෙකි. කතරගම දෙවියන්ගේ අන්තේවාසිකයකු ලෙස ද සැලකෙන සැඩ කම්බිලිගේ දේවාලය කසාගල ප්‍රදේශයේ පවතී.

කුමරුන් ගත පිළී

මධ කළු පාට බැබ ලී

සැඩ පළු හිස වෙ ලී

දෙවැනි කුමරා එසැඩ කම් බිලී

කසාගල කෝවිලේ වැඩ සිටින සැඩකම්බිලි දෙවියන් ප්‍රදේශයේ නගරවල සහ ගම්වල තම බලය පතුරවමින් ජනතාවගේ ලෙඩ දුක්‌ කරදර වලට පිහිට වෙමින් වෙසෙන බව පැවැසේ. කසාගල ප්‍රදේශයේ සිය අණසක පැතිරවූ සැඩකම්බිලි දෙවියන්ට බය පක්‍ෂපාතීත්වය දැරුවන් කෝවිලක්‌ කරදුන් බව සිංහල දේව පුරාණයේ සඳහන් මේ පද්‍යයෙන් පැහැදිලි වේ.

කසාගල සිට ලා

තම අණ පතුරුවා ලා

සැම සත් බියවෙ ලා

ඔහුට කෝවිලක්‌ කර පුද ලා

සැඩකම්බලි දෙවියන් කසාගල ප්‍රදේශයේ ජනතාවට සිදුවන යක්‍ෂ උවදුරු දුරලන බව ද වල් අලින් පලවාහැර විපත් වලින් ආරක්‍ෂා කරන බව ද පැවැසේ.
ෙච්තිය යක්‍ෂණියගේ තුන්වන පුතුවන්නේ රත්න කම්බිලියි. මෙතෙමේ රක්‌ත වර්ණ වූ කම්බිලියක්‌ පොරවා සිටියි. කතරගම දෙවියන්ගේ රන් තොරණ මුරකරු ලෙස ද සිටින රත්න කම්බිලි රතු ඇඳුම් කට්‌ටලයකින් සැරසී සිටියි. කලාඔය පෙදෙසේ කාරදූව දක්‌වා මෙම දෙවියන්ගේ අණසක පවතී. ජනතාවගේ සියලු ලෙඩදුක්‌ වසංගත රෝග, උමතු රෝග සුව කිරීමේ බලයක්‌ මෙම දෙවිඳුන්ට පවතින බව ජන විශ්වාසයේ පවතී. වීර වික්‍රම රත්න බණ්‌ඩාර, මල්බලිගල දෙවි රත්නකඩවර දෙවි සහ කම්බිලි කුමාර යනුවෙන් ද මෙම දෙවියන් හැඳින්වේ.

රත්න කම්බිලි උප්පත්තිය සම්බන්ධව ජනප්‍රවාද රාශියක්‌ පවතී. එක්‌ උපත් කතාවකට අනුව මෙතෙමේ කිරි මුහුදින් හා කළුනික පඳුරෙන් උපන් කෙනෙකු බව ද පැවැසේ.

දුම්රක්‌ගල යක්‌ සෙනි මවුසෙන් දිලි

දිඹුලාගල වැඩිමල්a කළුකම්බි ලි

කසාගලය දෙවැනි වූ සැඩ කම්බි ලි

ලේවාකඩ අධිපති රත්න කම්බි ලි

කම්බිලි දෙවි තුන්කට්‌ටුවෙන් කළු කම්බිලි දිඹුලාගල ද, සැඩ කම්බිලි කසාගල ද, රත්න කම්බිලි ලේවාකඩද අධිපතිත්වය දරමින් වැඩ වාසය කරන බැව් සිංහල දේව පුරාණයෙහි සඳහන් වේ.

එංගලන්තයේ පාරක් මැද සිදුවන රෝම සොල්දාදුවන්ගේ ආචාර පෙළපාලිය...


Image may contain: one or more people

රාත්‍රිය එළැඹ තිබිණි. මග දෙපස ඇති විදුලි පහන් වලින් ගලන විදුලි එළිය මාවත ආලෝකමත් කරයි. ඉදිරිපස ආලෝක පහන් දල්වාගත් මෝටර් රථය වේගයෙන් ගමන් කරයි. එහි රියදුරු අසුනේ වාඩිවී සිටි පුද්ගලයාට එකවරම පෙනුණේ ඉදිරිපස ආලෝකපහණක් වත් නොදැල්වූ ට්‍රක් රථයක් තමන් දෙසට එන ආකාරයයි. දෙපසට යන මං තීරු වෙන්කර තිබියදීත් වැරදි පැත්තෙන් තමන් දෙසට පැමිණෙන මේ ට්‍රක් රථය තම රියේ හැපෙනු ඇත. ඊට කලින් රිය පැත්තකට කැපූ රියදුරාට ඒ සමඟම ඇසුනේ තම රථය යම් කිසිවක ගැටෙන හඬයි.

සුක්කානම බාදාගෙන මොහොතක් නිහඬ වූ රියදුරා තවත් මිනිත්තු කිහිපයකට පසුව යම් කිසි පිරිසක් රියෙන් එළියට ගත් අතර වහාම ඔහු රෝහල්ගත කෙරිණ.

පසුව ඔහු තමා ඉදිරියට පැමිණි ට්‍රක් රථය පිළිබඳ පුවත හෙළි කළේය. කරන ලද විමර්ශන වලදී හෙළි වූයේ එබඳු ට්‍රක් රථයක් එදා නොපැමිණි බවයි.

එය හොල්මන් ට්‍රක් රථයක් බව පසුව ප්‍රකාශ විණි. මේ එංගලන්තයේ එම් 6 මාර්ගයයි. කාර්ලිස් හා රග්බි නගර අතර සැතපුම් 230ක දුර පරාසයක් ආවරණය කරන එම් 6 මාර්ගය ලෝකයේ වැඩිම අවතාර ගණනක් පෙනෙන මාර්ගය බවට නම් කර ඇත්තේය. හොංකොං හි මියුන්මුන් පාර, ඉලිනොයිස් ප්‍රාන්තයේ බ්ලඩ්ස්පොයින්ට් පාර, එංගලන්තයේ ඒ 229 පාර, පෙනිසිල්වේනියාවේ කෙලී පාර ඇතුළු තවත් මාර්ග ගණනාවක් ලොව වැඩිම අවතාර ගණනක් පෙනෙන මාර්ග ලැයිස්තුවේ ඇතුලත්ය.

වසර දෙදහසකට පමණ පෙරාතුව රෝමන් සොල්දාදුවන් මේ පාර දිගේ පැමිණ එංගලන්තයට ඇතුළු වූ බවට ඉතිහාස පුරාවෘත්තයක් තිබේ. එසේ පැමිණි සොල්දාදුවන් සහ එංගලන්ත සෙබළුන් අතර මේ මාර්ගයේ තැන තැන සටන් ඇතිවී තිබෙන අතර එම සටන් වලදී ඒ පැත්තේත්, මේ පැත්තෙත් සෙබළුන් මියගොස් තිබේ.

එසේ මියගිය සෙබළුන්ගේ ආත්ම අදටත් මේ පාරේ සැරිසරණ අතර උන්හිටි ගමන් මහා රාත්‍රී වල මෙම අවතාර පාර මැද්දේ ආචාර පෙඵපාලි පවත්වති.

එක් කාන්තාවක් මේ මාර්ගය දිගේ යමින් සිටියදී ඇයට පෙණුනේ පාර මැද පෙළපාලි ගමන් කරන සෙබළු පිරිසකි. එම කණ්ඩායමේ සෙබළුන් විස්සක් පමණ සිටි අතර කාන්තාව වහාම රියේ වේගය අඩු කළේ සෙබළුන්ට මාර්ගය ඉඩ දීම සඳහාය.එහෙත් ඇය එතැනට ළඟාවන විට සෙබළු අතුරුදන්ව සිටියහ. මේ අවතාරය එම් 6 පාරේ ස්ථාන ගණනාවක දී අවස්ථා ගණනාවකදී දකින්නට ලැබුණු අවතාරයක් බව පැවසේ. විවිධ පුද්ගලයින් විටින් විට මේ අවතාරය ගැන කරුණු සඳහන් කර තිබේ.

පාර අද්දර ඉඳගෙන සිටින සුදු ඇඳගත් ගැහැණියකගේ අවතාරයක් ගැනද විටින් විට අසන්නට ලැබේ. කට්ට සීතලේ, වගේ වගක් නැතුව හිටගෙන සිටින මේ ගැහැණිය නම් පණ ඇති ගැහැණියක් විය නොහැකි බව ඇය දුටු අය කල්පනා කරති. හේතුව ඒ සීතල විඳ දරා ගෙන රැයක එළිමහනේ කාටවත් සිටගෙන සිටින්නට පුළුවන් කමක් නැති නිසාය.

උන්හිටි ගමන් දක්නට ලැබෙන හුඟක් උස පුද්ගලයෙකු ද බොහෝ වාහන අනතුරට පත් කරයි. මේ උස පුද්ගලයා පාර හරහා මාරු වෙන අතර ඔහු බේරන්නට උත්සාහ කරන වාහන රියැදුරෝ වෙනත් වාහන සමඟ ගැටී තුවාල ලබති. එක්කෝ මිය යයි.

ස්ටොක්බ්‍රිජ් බයි පාස්, එම් 6 මාර්ගයේ පිහිටි එක්තරා සුවිශේෂි ස්ථානයකි. වඩා කුඩා පාරක් වන මේ පෙදෙස බොහෝ අවතාර වලට නිජබිම වූ ස්ථානයකි.

මෙහි සිටි ආරක්ෂක නිලධාරියෙක් එක්තරා රාත්‍රියක සිය කැමරාවෙන් අවට නිරීක්ෂණය කළේය.පාර අද්දර එක්තරා තැනක කුඩා ළමුන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියහ.මේ වනවිට වේලාව මධ්‍යම රාත්‍රියට කිට්ටු වී තිබූ සේම පරිසරයේ වූයේ අධික සීතලකි. එවැනි රැයක කුඩා ළමයින් සෙල්ලම් කිරීම යනු විය නොහැකි පුදුමයකි. පුදුමයට පත් වූ ආරක්ෂක නිළධාරියා ළමයින් සෙල්ලම් කරන තැන හරියටම තහවුරු කර ගත්තේය. ළමයින්ගේ ඇඳුම් පැළඳුම් දෙසත් මහු වුවමනාවෙන්ම බැළුවේ පසුදා උදේට ගොස් ඔවුන් හඳුනාගන්නා අදහසිනි. එවිට ඔහුට තවත් පුදුම සිතිණි. ඒ ඔවුන් ඇඳ සිටි ඇඳුම් විලාසිතා ඒ වන විට භාවිතයේ නොතිබීම නිසාය.

මේ ආරක්ෂක නිළධාරියාට සිතේ හටගත් කුහුල මැඩගත නොහැකි විය.ඔහු සීත කබායක් පොරවාගෙන ඒ මොහොතේම පාරට බැස්සේ ළමයින් සෙල්ලම් කරන ස්ථානයට ගොස් මේ ළමයින් කවුරුන්දැයි සොයා බලන්නටය. එහෙත් ඔහු එතැනට යන විට සෙල්ලම් කරමින් සිටි ළමයි නික්ම ගොසිණි. ඔහු වුවමනාවෙන් එතැන බිම පරීක්ෂා කර බැලුවේය. බිම මඩ සහිතය. ඒ බිමේ එකදු ළමයකුගේ වත් පා සළකුණක් දක්නට තිබුනේ නැත.

“කෝ මෙතැන සෙල්ලම් කළ ළමයි..?“
මුරකාරයා තමන්ගෙන්ම අසා ගත්තේය.

ඊළඟ මොහොතේ ඔහුට බය සිතිණි. වහාම ආපසු හැරුණු ඔහු තම ආරක්ෂක කාර්යාලය කරා ගියේය.ඔහුගේ සිරුර අසාමාන්‍ය ලෙස වෙව්ලන්නට පටන් ගත්තේ සීතලට ද, බියට ද යන්නවත් ඔහුට සිතාගත නොහැකි විය.

පසුදා දහවලෙහි ඔහු යළිත් මේ ස්ථානයට ගියේය. එවිට ඔහුට මුණ ගැසුණු තවත් මිනිසෙක්ට මුරකාරයා පෙරදා රාත්‍රිෙය් වූ සිදුවීම විස්තර කළේය.

“ඔය කියන්නේ ඊයෙ රෑ නේද?“
“ඔව්, මං හිතන්නේ දොළහට විතර කිට්ටුව“
“ළමයි සෙල්ලම් කළේ නම් නැහැ.ඒත් ළමයි වගයක් සින්දු කියනවා නම් මටත් ඇහුනා.හැබැයි ඒ සිංදු අවුරුදු සියයක් විතර පරණ පැරණි රසාංග.මට පුදුම හිතුනා, මේ ළමයි කොහොමද ඔය සිංදු දන්නේ කියලා. අපේ තාත්තලා පොඩි කාලේ කියපු සිංදු ඒ ළමයි කිව්වේ“
“මං හොඳටම දැක්කනේ ළමයි මේ පිට්ටනියෙ දුවනවා පනිනවා“
මුරකාරයා තමා දුටු දර්ශණය ගැන අමුත්තාට කීවේය.

“මේ මඩේ දුවන්නේ කොහොමද?එරෙනවා.. එහෙනම් ඔහේ දැකලා තියෙන්නේ හොල්මනක් වෙන්න ඇති“
අමුත්තා කීවේ සමච්චලයටය.

සැබැවින්ම එය හොල්මනක් බව මුරකාරයා දැනගත්තේ පසුවය.

මේ ස්ථානයේ ඇති පාලමට යටින් ගලා යන පටු ඇළ මාර්ගයේ වතුර පිරී තිබේ. දිනක් රාත්‍රිෙය් එක්තරා මුරකරුවෙක් මේ පාලම උඩ සිටගෙන සිටින පූජකයෙකු දුටුවේය. මේ රාත්‍රිෙය් ඒ පූජකයා කරන්නේ කුමක්දැයි බලා සිටි මුරකාරයාට ඊළඟට පෙණුනේ ඔහු පාලමෙන් පනින දර්ශණයයි. ඔහු සියදිවි නසා ගන්නට තැත් කරන්නේ යැයි වටහාගත් මුරකාරයා වහාම පොලීසිය ඇමතුවේය.
“මේ දැන් පාලමෙන් පූජකයෙක් ඇළට පැන්නා..“
“මේ සීතලේ“ පොලිස් නිලධාරියා විමසුවේය.
“ඔව් මේ දැන්“
වහාම පොලිස් රථයක් අදාල පාලම අසලට පැමිණියේය.

සීතල ගතේ හිරිගඬු පිපෙන තරම්ය.ඒ සීතලේ ගඟ තුලට බැස දිවි නසාගත් පුද්ගලයා ගැන සොයා බැලිමට නුපුළුවන. සිද්ධිය විහිළුවක් යැයි කල්පනා කළ පොලිස් රිය ආපසු ගියේ පසුවදා උදෑසනින්ම එහි පැමිණෙන්නටය.

ඔවුහු විමර්ශණය ඇරඹූහ.එහෙත් ගෙවුනු රාත්‍රියේ කිසිවෙක් පාලමෙන් ඇළට පැන තිබුනේ නැත. එයද හොල්මනකි. මේ පූජකයා ඊට පසුවද දින ගණනාවක් පාලමෙන් පහළට පණිනවා බොහෝ දෙනෙකුට පෙනී තිබිණ. ඈත අතීතයේ මෙතැන පූජකාශ්‍රමයක් තිබී ඇත. එහි සිටි පූජකයින් එක් වී එක් පූජකයෙකු ඇළට තල්ලු කර මරා දමා තිබේ.තවමත් ඇළට පනින්නේ ඒ පූජකයාය.

අතීතයේ මේ ප්‍රදේශයේ ගල් අඟරු පතල් බහුලව තිබී ඇත.ඒවායේ වැඩකලෝ පුංචි දරුවෝය.දිනක් ගල් අඟුරු පතලක සිදු වූ අනතුරකින් වැඩකල ළමයින් ඛේදනීය ලෙස මියගියහ. අද අවතාර වෙසින් සෙල්ලම් කරන්නේ, සිංදු කියන්නේ අන්න ඒ ළමයින්ය.

එම් 6 පාර දිගේ ගමන් කරන විට තවත් විවිධ අවතාර දක්නට ලැබෙනු ඇත.මේ අවතාර දැක කලබල වුණොත් සිදුවන්නේ දරුණු අනතුරකි.එහෙත් ඒවා අවතාර බව දැනගන්නේ සියල්ල සිදු වූවාට පසුවයි.

මළවුන් සමඟ කෑම වේලක රස බලන්න ඔබත් කැමතිද?


No automatic alt text available.

ඉන්දියාවේ අහමදාබාද් නුවර සුවිශේෂී අවන්හලක් දක්නට ලැබේ.මෙම අවන්හලට ඇතුළු වන අයට ආහාර අනුභව කිරීමට සිදුවන්නේ මළවුන් සමඟය. ඊට හේතුව “නිව් ලකී රෙස්ටුරන්ට්“ නම් මෙම අවන්හල ඉදිකර ඇත්තේ සොහොනක් මැදි කරමින් වීමය.

නිව් ලකී අවන්හල අද වන විට ලොකු කුඩා කා අතරේත් අතිශයින් ජනප්‍රියය. අවන්හලේ හිමිකරු වන ක්‍රිෂාන් කුටී පවසන්නේ, තමා සොහොන් ඉවත් නොකර අවන්හල ඉදිකළේ ඒවායේ මිහිදන් කල අයට කරන ගරු කිරිමක් ලෙස කියා ය.

සොහොන 16 වැනි සියවස තෙක් පැරණිය. සොහොනේ මිහිදන් කර ඇත්තේ 16 වැනි සියවසේ සූෆි ශාන්තුවරයෙකුගේ අනුගාමිකයින් පිරිසකි. බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්ථා කර ඇති අන්දමට, මෙම අවන්හල දැන් විදෙස් සංචාරකයින්ගේ ද අවධානයට ලක් වී ඇත.

“සොහොන් මැදින් අවන්හල ඉදි කිරීම මම සිතුවාට වඩා වාසියක් වුනා. දැන් එය අතිශයින් ජනප්‍රියයි. අවන්හල හැමදාම පිරිලා. අපි සොහොන් වලට හානියක් කලේ නැහැ. ඒවා පිළිසකර කළා. දිගටම හොඳ තත්වයෙන් පවත්වාගෙන යනවා. යකඩ වැට වල් වලින් සොහොන් ආවරණය කළා. ඒ විතරක් නෙවෙයි, මිහිදන් කළ අය සිහි කරමින් පුද සත්කාරද කරනවා“ ක්‍රිෂාන් කුටී පවසයි.

හර්න්ගේ අවතාරය

මහා බලගතු බල පරාක්‍රමයෙන් පිරුණු රජ මැදුරක් වුවත් අවතාරයකට ප්‍රශ්නයක් නැත. ලන්ඩනයේ සුප්‍රසිද්ද බකිංහැම් මන්දිරය ඇතුළු රජ මැදුරුවල පවා අවතාර සැරිසරන්නේ ඒ නිසාය. වින්ඞ්සර් මැදුර මතට සඳ එළිය පතිත වන රැයක එහි සුන්දර උද්‍යන වඩාත් අලංකාරව පෙනෙයි. මේ බඳු රැයක තුන් වැනි රිචඞ් රජුගේ දඩයක්කාරයා මේ උද්‍යයානයට පිවිසෙයි. අතීතයේ මෙබිම පුරා දුව පනිමින් සතුන්ට ගිනි බින්ද ලෙසින් උයන පුරා සැරිසරන ඔහු හර්න්ගේ අවතාරයයි.

8 වන හෙන්රි රජුවින්ඞ්සර් මැදුරට යාබදව පිහිටි වන රජදහනේ දඩයමේ යෑම තුන් වැනි රිචඞ් රජුගේ ප්‍රිරියතම විනෝදාංශයයි. ඔහු බොහෝ විට දඩයමේ යන්නේ සිය විශ්වාසවන්තම දඩයක්කාරයා වූ හර්න් සමගය. එදා ද රජු ගෝනෙකුට ගිනි බින්දේය. එහෙත් බරපතළ තුවාල ලැබූ ඌ වියරු වැටුණා මිස මිය ගියේ නැත

මරු විකල්ලයෙන් වියරු වැටුණු ගෝනා රජුත් දඩයක්කාරයත් ඉදිරියට දිව ආ අතර උගේ බිහිසුණු ප්‍රහාරයට රජු ගොඳුරු වන්නට තිබුණේ ඇසිල්ලක් පමණි.
පලා යන්නැයි රජුට පැවසූ දඩයක්කාරයා පෙන්නා ඉදිරියට පැන්නේ රජුගේ ජීවිතය බේරා ගැනීමටය. මිනිසාත් තිරිසනාත් අතරට පැන්නේය. රජු බේරා ගත යුතු බැවින් දඩයක්කාරයා ගෝනා ඉදිරියට පැන්නේය. ඉක්බිති ඔහුත් ගෝනාත් අතර හටගත්තේ දරුණු අරගලයකි. ගෝනාගේ අං තට්ටුව දඩයක්කාරයාට තුවාල කළා සේම ඔහුගේ ගිනි අවිය ගෝනාට ද තුවාල කළේය. අවසානයේ ගෝනා මැරී වැටුණු අතර දඩයක්කාරයා තුවාල වී නොමැරී බිම වැටුණි.
”ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පළඳවන්න එතකොට ඔහුට සනීප වේවි,’’

මායාකරුවෙකු පැවසුවේය. එබැවින් මිය ගිය ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පැලැන්දුවේය. දින කීපයකට පසුව සුවපත් වූ හර්න් එවක් පටන් රජුගේ හිතෛෂිවන්තයා බවට පත් විය.

මේ ලෙන්ගතුකම අනෙකුත් දඩයක්කාරයන්ගේ ඊර්ෂ්*යාවට හේතුවක් වූ අතර ඔවුහු රජුට හර්න් පිළිබඳ බොරු කේලාම් කීහ.

හර්න් එහි ප්‍රතිඵලය වූයේ රජු විසින් හර්න් තනතුරෙන් පහ කිරීමය. ඉන් විස්සෝප වූ හර්න්, වින්ඞ්සර් මැදුර අද්දර වූ කැලයට ගොස් ඕක් ගසකට නැගී එල්ලී සිය දිවි නසා ගත්තේය.

එවක් පටන් අදටත් මේ දඩයක්කාරයාගේ අවතාරය වින්ඞ්සර් මැදුර සහ ඔහු දිවි නසා ගත් ඕක් ගස වැනි ස්ථානවල සැරිසරන්නේලූ.

ඇතැම් විටෙක මේ අවතාරය පෙනෙන්නේ ගෝන අං තට්ටුවක් සහිතව වන අතර තවත් වරෙක ඕක් ගසේ එල්ලී සිටින ආකාරයටය.

එළිසබෙත් රැජිනත් ජෝර්ජ් රජුත් හෙන්රි රජුත් හිතුවාට වඩා බියක් හර්න් දුටු විට දැනෙන්නේ ඒ නිසාය.

"අතහැරිම" (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)


Image may contain: 2 people

තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්, දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක්‌ වෙයිද? ඔබ සිතනවාද ඇය තම ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත් මඟුල් සාරි ... මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්‌මයි. එහෙමනම් කුමක්‌ද සිද්ධවෙන්න පුළුවන්.

භික්‌ෂුවක්‌ සමාධිය තුළ සිටින විට මෙවැනි දර්ශනයක්‌ දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්‌. හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්‌භාවයකි.

ප්‍රේතිය වයස අවුරුදු විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක්‌ පළඳින සුදු සාරියක්‌ සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු ප්‍රසන්නභාවයක්‌ නොපෙනෙන, ගුප්ත මුහුණක්‌ සහිත මනාලියකි. මනාලියක්‌ සේ හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක්‌ වගේය. මළමිනියක මුහුණේ ස්‌වභාවය ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක්‌ මියගියහම ඇයගේ සිරුර පෙට්‌ටියේ බහා තැන්පත් කරන්නේ ඇයව මනාලියක්‌ සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක්‌ පමණ ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්‌වභාවයද එසේමය. ඇය මනාලියක්‌ සේ සැරසී මල් පොකුරක්‌ද අතැතිව ප්‍රෙAත ලෝකයේ ඇවිදින්නීය. නමුත් ප්‍රේතියගේ කය සියුම් ස්‌වභාවයෙන් යුක්‌ත නිසා ඔබගේ මස්‌ ඇසට නොපෙනෙයි. සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්‌ෂුවට ඇය දර්ශනය වන මොහොතේ ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්‌වභාවයේ ස්‌ථානයකය. සමහරවිට එය හෝටලයක උත්සව ශාලාවක්‌ වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්‌වභාවයේ මඟුල් උත්සවයකි. භික්‌ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට විවාහවීමට දැඩි වුවමනාවක්‌ තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්‌ෂුවට දර්ශනය විය. ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්‌ෂුවට හඳුනාගැනීමට ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන දුක්‌මුසු අවස්‌ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක්‌ වීමටද පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක්‌ කේලමක්‌ කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත් නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක්‌ මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම ඇයට මෙ විරූපී ස්‌වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තමා මියයන මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක්‌ වූවාද විය හැකියි.

කෙසේ හෝ ඇය මනාලියක්‌ වීමේ සිහිනය දරාගෙන මඟුල් සාරියකින් හැට්‌ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක්‌ අතින් ගෙන ඇය තවමත් ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්‌ සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5' 5" පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්‍ෂණික විවාහයක්‌ බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව, විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්‌ෂුව පුදුම වන්නේ නැත. පුදුම වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.

දැන් ඔබට පැහැදිලිද මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක්‌ නොවේය කියලා? සුදු මඟුල් සාරියක්‌ හැට්‌ටයක්‌ ඇඳගෙන සුදු මල් කලඹක්‌ අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්‌, දුර්ලභ පාඩමක්‌, ඇඟ කිළිපොලා යන පාඩමක්‌. මනුෂ්‍ය දියණියක්‌ මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත ලෝකයේදී ඇය කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ ක_ම විපාකය නිසා සහකරුවෙක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්‌, පුතෙක්‌ විවාහයක්‌ හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක්‌ ජීවත්වෙලා මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම දරාගෙනම මනමාලයෙක්‌ සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත් මනමාලයෙක්‌ ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි. මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක්‌ නිසා වෛර කරලා , ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳිනා දියණිය. අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක්‌, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක්‌ ඔබේ කරගෙන ඔබ ඇයි දුක්‌ විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක්‌ ඇතිවෙනවා. බලාපොරොත්තු තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්‌සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක්‌ කියලා. බලාපොරොත්තුව කියන මිරිඟු=ව පස්‌සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්‌කා නේද?

සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක්‌ පළවෙනවද, සෑම භාෂාවකින්ම. මිනිස්‌සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ, බස්‌රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිsරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද. තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.

මේ මගේම සහෝදරියක්‌, මේ මගේම සහෝදරයෙක්‌ කියන හැඟීSම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟු=ල් සාරිය බාල්කය මතට දමා, මඟුල් සාරියම ගෙලට තොණ්‌ඩුවක්‌ වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි. ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක්‌ වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක්‌ කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක්‌ නිසා දුක්‌ ගොඩක උරුමක්‌කාරයෙක්‌, උරුමක්‌කාරියක්‌ නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක්‌ නැහැ. අහිංසකාවිය දුකෙන් දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්‌ථාවක්‌ නැහැ. අනේ මේ අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක්‌ නොමැති වූ නිසා මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක්‌ වේවා, නිරෝගී වේවා කියලා හිතුවානම්... එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්‌ සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත් චීවරයක්‌ නගාගත් භික්‌ෂුවක්‌ මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන් ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්‌මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි. යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.

භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට ලොකු ශාලාවක්‌ හදලා තිබෙනවා. අලුත් ශාලාවක්‌. සුදු තීන්ත ගාලා හරි වෙහෙස මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්‌ටයක්‌ කැලය මැද්දෙන් කිලෝමීටර දෙකක්‌ පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ නම ධන තව නමක්‌ ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා, පිස්‌සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්‌වභාවය, මෙය විකෘතියක්‌. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්‌. පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ, අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්‌ත ඉරණමටම පත්කරවනු ඇත. එහෙයින් ඔබ ප්‍රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්‌තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි. ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්‌ ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?


ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩින්නේ කොහොමද


No automatic alt text available.

"පිංවත් මනුෂ්‍යයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා 'ස්‌වාමීන්වහන්ස, මනුෂ්‍යයන් විසින් පූජෝපහාර පවත්වන ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩින්නේ කොහොමද කියලා. පිංවත් ඔබ ධර්මරත්නය පිළිබඳව අචල ශ්‍රද්ධාවක්‌ ඇතිකර ගැනීමට අවශ්‍යනම් මෙවැනි කාරණාවන් පිළිබඳව ධර්මානුකූල අර්ථය දැනගතයුතු වෙනවා. එසේ නොවුණහොත් මෝහය මුසු, අමූලිකා ශ්‍රද්ධාවයි අප තුළ වැඩෙන්නේ.

ධාතූන්වහන්සේ නමක්‌ කියන්නේ අතීතයේ වැඩසිටි උතුම් ආර්යයන් වහන්සේලාගේ ශරීරයේ කොටසකට. එය දන්ත ධාතූන් වහන්සේ නමක්‌ වෙන්න පුළුවන්, නැතිනම් ශරීරයේ වෙනත් අස්‌ථි කැබැල්ලක්‌ වෙන්නත් පුළුවන්. අස්‌ථි කැබැල්ලක්‌, දතක්‌ කියලා කියන්නේ සතරමහා ධාතුවෙන් සැදුනු දෙයක්‌. මේ උතුම් ආර්යයන් වහන්සේලා කියන්නේ, රූපයේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සතරමහා ධාතුව තම අවබෝධ ඥානයෙන් විනිවිද දැක්‌ක කෙනෙක්‌. සත්වයා ලෝකයට බැඳ තබන පංච උපාදානස්‌කන්ධයේ මුල්ම උපාදානස්‌කන්ධය වන රූප උපාදානස්‌කන්ධය අවබෝධ කරගත් තැනැත්තාමයි රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්නේ. රූපය නැමැති සතරමහා ධාතුව අවබෝධ කර ගත්තාවූ රහතන්වහන්සේ ඒ අවබෝධය ලබාගන්නේ නාමරූප ධර්මයන් උපයෝගී කරගෙනමය. රහතන් වහන්සේ පිරිනිවීයන මොහොතේ විඥ්ඥාන ධාතුව රහතන් වහන්සේ තුළින්ම පිරිනිවී ගියත්, මෙලොව ඉතිරිවූ නොවූ ශරීරය හෙවත් සතරමහා ධාතුව පූජනීයත්වයට පත්වෙනවා. සතරමහා ධාතුව අවබෝධ කරගත් නිසාමයි උන්වහන්සේගේ රූපය පූජනීයත්වයට පත්වෙන්නේ. එම නිසාම ධාතූන් වහන්සේලාට පූජෝපහාර දක්‌වන්න කියන කාරණය බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

මේ කිසිම ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක්‌ ඇතිකරගෙන තැනින් තැනට වැඩම කරන්න පුළුවන්කමක්‌ නැහැ. ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක්‌ ඇතිවීමට නම් ධාතූන්වහන්සේ තුළ පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌වෙන්න අවශ්‍යයි. පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌වෙන්න නම් සංස්‌කාර හේතුවෙන් සකස්‌ වුණ විඥ්ඥානය ධාතූන්වහන්සේලා තුළ බැසගෙන තිබෙන්න ඕනේ. ඒ හේතුවෙන්ම නාමරූප ධර්ම සකස්‌වෙන්න ඕනේ. ආයතන හය පිහිටන්න ඕනේ. මේ කිසිවක්‌ සකස්‌ නොවන ධාතූන්වහන්සේ නමක්‌ කෙසේ නම් සෘද්ධියෙන් වඩින්නද? එය කවදාකවත් ධර්මානුකූලව සිදුවන දෙයක්‌ නොවෙයි. ඒ අපි අමූලිකා ශ්‍රද්ධාව නිසාම ධර්මයේ සැබෑ අර්ථයෙන් දුරස්‌ව ලෝකය දකින නිසාම ඇතිකරගන්න අදහසක්‌.

නමුත් පිංවතුන්ලා අපිට නිතර ප්‍රකාශ කරනවා. තම තමන්ගේ පූජනීය ස්‌ථාන වලට ධාතූන්වහන්සේලා වැඩියා කියලා. 'ගිය සතියේ ධාතූන්වහන්සේලා දෙනමයි වැඩසිටියේ. අද බලනකොට ධාතුකරඬුවේ ධාතූන්වහන්සේලා හත්නමක්‌ වැඩ සිටියා' කියලා. ඒ කියන්නේ ධාතූන්වහන්සේලා පස්‌නමක්‌ වැඩිවෙලා. ඒ කියන්නේ මෙතැන" සිද්ධවෙන්නේ ධාතූන්වහන්සේලා ස

සෘද්ධියෙන් වැඩීමක්‌ නෙමෙයි. සම්‍යදෘෂ්ඨික දෙවිවරු විසින් සුදුසු පූජනීය ස්‌ථානවලට ධාතූන්වහන්සේලා රැගෙන යනවා. අතීතයේ වැඩසිටියාවූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් ඒ උතුම් ආර්යයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබූ, ශිෂ්‍යභාවය ලැබූ නමුත් නිවන් අවබෝධ කරගැනීමට නොහැකිවූ ලක්‍ෂ ගණනාවක්‌ ගිහි පැවිදි පිංවතුන්ලා මේ මොහොතේ සශ්‍රික දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවිවරු ලෙස වැඩසිටිනවා. ඒ දෙවිවරු තමන් සතු දිව්‍යචක්‌කු තුළින් තමන්ගේ ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලා වැඩසිටින්නේ කොහේද යන්න දන්නවා. තම සත්පුරුෂ ගු=රුවරයාට ඇති ගෞරවය නිසාම එම ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලාට අවශ්‍ය පූජෝපහාරයන් නොලැබෙනවා නම්, එම දුසිල්වතුන් සිටින ස්‌ථානවල වැඩසිටිනවා නම් දෙවිවරු තම දිව්‍යචක්‌කුවලින් එය දැකලා සුදුසු පූජනීය ස්‌ථානවලට, සිල්වතුන් අතරට එම ධාතූන්වහන්සේලා රැගෙන ගොස්‌ තබනවා. මහේශාඛ්‍ය දෙවිවරු තම අතීත කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාට දක්‌වන ගෞරවය තමයි පිංවත් ඔබ 'ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩිනවා'ය යනුවෙන් දකින්නේ. ඉහත කාරණයෙන්ම පිංවත් ඔබ දැනගන්න ඕනා, උතුම් ධාතූන්වහන්සේලාට ජූජෝපහාර දක්‌වන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ කරුණට දෙවිවරු වර්තමානයේත් මොනතරම් ගරුකරනවාද කියන දෙය.

මේ මොහොතේ සම්‍යාදෘෂ්ඨික දෙවිවරු උතුම් ධාතූන්වහන්සේලාට ගරුසත්කාර කරමින් පිංවත් ඔබලාට දෙන පණිවුඩයක්‌ තිබෙනවා. ඒ උතුම් පණිවුඩය ඔබට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ අකාරවතී ශ්‍රද්ධාව කියන තෙරුවන්ගේ ගුණයන්, ඥානයන් අර්ථයෙන් දැක ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාව තුළින්මයි. මෝහය මුසු අමූලිකා ශ්‍රද්ධාවෙන් නම් නොවෙයි. පිංවත් දෙවියන් ඔබට කියන පණිවුඩය තමයි, සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින මේ මොහොතේ මහපොළොවට පස්‌වෙන, ගින්දරට අලුවෙන, පිංවත් ඔබගේ ඔය ශරීරයේ ඇටකටු, ධාතූන්වහන්සේලා බවට පත්කර පූජනීයත්වයට පත්කරගන්න කියන කාරණය. ධාතූන්වහන්සේ තුළින් ඔබ දැකිය යුතු අර්ථය ඔතැනයි තිබෙන්නේ. පිංවත් ඔබටත් පුළුවන් ඔය ශරීරයේ තිබෙන සෑම ඇට කැබැල්ලක්‌ම පූජනීයත්වයට පත්කරගන්න. උතුම් ධාතූන්වහන්සේ නමක්‌ බවට පත්කරගන්න. එය කරගත හැක්‌කේ උතුම් ධාතූන්වහන්සේලා වන්දනාකරන ගමන්ම, ඉන් ඔබ්බට ගොස්‌ ධාතූන්වහන්සේත් අනිත්‍යයේ ඵලයක්‌ය, ධාතූන්වහන්සේත් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතු කොටසක්‌ය කියන කාරණය අවබෝධ කරගැනීමට දක්‍ෂ වීමෙන්ය. එම අවබෝධය ලැබීමට නම් පිංවත් ඔබ පළමුවෙන්ම පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌ නොවෙන, රූපයක්‌ පමණක්‌ වන උතුම් ධාතූන්වහන්සේලාට සෘද්ධියක්‌ ඇති නොවන බව ධර්මානුකූලව තේරුම්ගත යුතුව ඇත. පිංවත් ඔබත් ධර්මාවබෝධයෙන් සැනසෙන්න. එවිට ආයාසයෙන් තොරවම, ඔබේ ධාතූන්වහන්සේලාත් පූජනීයත්වයට පත්වේවි. එතෙක්‌ අපේ භෂ්මාවශේෂයන්ට ලෝකය බියක්‌මයි දක්‌වන්නේ. ඒවාට ගරුකරන්නේ ප්‍රේතයන් යක්‍ෂයන් පමණක්‌මය. පිංවත් ඔබ සතර අපායෙන් මිදීමෙන්මයි, තම භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කර ගැනීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එම නිසා පිංවත් ඔබ බොහෝම සිහිනුවනින් යුතුව අමූලිකා ශ්‍රද්ධාවෙත්, ආකාරවතී ශ්‍රද්ධාවෙත් වෙනස කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින්ම හඳුනාගෙන, ශීලයෙන් පරිපූර්ණවෙමින්, නිරතුරුවම අනිත්‍ය සංඥාවන් තුළින් ජීවිතය දකිමින් නිවැරදි මාර්ගය තුළම අවබෝධය කරායන්න. ඉක්‌මන් කෙටි මිථ්‍යාවන් පසුපස යන්න නම් එපා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා අධිමාන්නය නිසාත්, මෝහය නිසාත්, සිහිමුලාවීම නිසාත්, මාර්ගඵලයන් ප්‍රකාශ කරනවා කියලා. බුදුරජාණන්වහන්සේගේ කාලයේ සුනක්‌ඛත්ත වැනි පැවිදි අය පවා බලුව්‍රත, හරක්‌ ව්‍රත, රකින නිර්වස්‌ත්‍ර මිත්‍ය දෘෂ්ඨිකයන්ව රහතන් වහන්සේලා හැටියට දැක්‌කා. අනාගත සමාජය තුළ ශාසන විකෘතීන් සකස්‌වීම සඳහා මාර්ගඵල උන්මාදය කියන කාරණය බොහොම වේගයෙන් පැතිරයන්න පුළුවන්. මෙය ධර්මතාවක්‌. ඒ ඇසෙන හඬ ශාසනයේ අර්ථයන් අතුරුදන්වීමේ කාලය ළඟාවන බව පිංවත් ඔබට කරන අනතුරු හැඟවීමක්‌. මේ සියලු අභියෝගයන් ධර්මානුකූලව දකිමින් බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්ම මාර්ගය තුළින්ම ගමන්කොට ධර්මය දකින්න. ඔබ අර්ථවත්ව ධර්මමාර්ගය තුළ ගමන් කිරීමේදී පිංවත් ඔබ තුළින් ක්‍රමානුකූලව මමත්වයේ දැඩිභාවය නැතිවීයාවි. මාන්නය දියවෙන ප්‍රමාණයට නිහතමානී බව ඔබගේ ජීවිතය තුළ ඇති වේවි. දැන් ඔබ ලෝකය ඉදිරියේ ප්‍රදර්ශකයෙක්‌ නොවේ, අවබෝධයෙන්ම එම සිත අනිත්‍ය බව දැකීමට හැකි දක්‍ෂ වීර්යවන්තයෙක්‌."

විනිශ්චයකරුවන්ගේ නිවස

No automatic alt text available.
බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.


දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.


ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.


වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.


දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.


කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.


විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.


ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.


අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.


"අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.

රැන්වර්ත් ගමිමානය

Image result for ghost horse
රැන්වර්ත් බෙහෙවින් සුන්දර ගමිමානයක් වුවාසේම අවතාර බහුල ගමිමානයක් බවට ද ප්‍රසිද්ධව තිබිණ. විශාල දේවස්ථානයක් එම ගමිමානයෙහි විය. පෞරාණික වටිනාකමකින් මෙන්ම වටිනා භාණ්ඩ වලින් ද පිරුණු මෙම දෙවි මැදුර මුළු ප්‍රාන්තයෙහිම වු විශිෂ්ඨතම නිර්මාණය ලෙස පිළිගැනිනි. එහි සුන්දරත්වයෙන් වසග නොවු දෙනෙතක් නොවීය.
බෙහෙවින් අලංකාර සිතුවමක් මේ දෙවි මැදුර තුළ විය. මෙම සිතුවම 15 වන ශත වර්ෂයෙහි එහි ජිවත් වු ජර්මන් ජාතික සිත්තරුන්ගේ විස්කමක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ දෙවි මැදුර ගොඩ නගන ලද්දේ 15 වන ශත වර්ෂයෙහි බව කියැවෙයි.
රාත්‍රී කාලයට දේවස්ථානය අසලින් ඇති ඇල ඉවුර දිගේ යන ඇතැමෙකුට අලංකාර ලෙස පින්තාරු කරන ලද ඹරුවක නැගී හබල් ගාමින් යන මිනිස් රුවක් දක්නට ලැබේ. ඒ හැම දිනයක්ම සද හොදින් පායා ඇති දිනයක් වීම මෙහි විශේෂත්වයයි.
ඹරුවෙහි නැගුණූ පුද්ගලයා ගේ ගත වැසී ඇත්තේ පුජකවරයෙකුගේ ඇදුමකිනි. ඹරුවෙහි තවත් අමුත්තෙකු ද වෙ යි. ඒ කුඩා දුඹුරු පැහැති සුනඛයෙකි.
ඹරුවෙහි නැගුණූ මේ පුජක ඇදුමින් සැරසුණු තැනැත්තා රැන්වරුත් හි දේවස්ථානයේ සිතුවමි නිමවු පුජකයවරයා බවට විශ්වාසයක් පවතී.
ඹහු කුඩා දුඹුරු පැහැති බල්ලෙකු ඇති දැඩි කළ බව ද තම ස්වාමියාට දැඩි සෙනෙහසක් දැක්වු මේ සුනඛයා ඹහු යන සෑම තැනකම පසුපසින් යෑමට පුරුදුව සිටි බව ද කියැ‍වේ. අද මිනිසුන් හමුවේ දිස්වන්නේ මේ සුනඛ මිතුරාගේත් මිනිස් මිතුරාගේත් අවතාරයයි. නමුත් ඹවුන්ගෙන් කිසිවෙකුට හෝ හිරිහැරයක් සිදු වි නැත. අවතාර වැවද ඒක්තරා අහිංසකයන් දෙදෙනකි.
මේ ප්‍රදේශයෙහි සැරිසරන බුරු අවතාරයක් ද වෙයි. ශීත සමයෙහි එක් රැයක දෙපසින් වගුරු බිමි සහිත පාළු මාවතක් පසු කර යන ගැමියෙකි. හදිසියේ එක්වරම පසු පස හැරී බැලීමට සිතක් ගැමියා තුළ පහළ විය. කිසිවෙකු තමාට එසේ කරන ලෙස විධානය දෙන බවක් ඹහුට හැගුණේ අහේතුක බියක් සමගිනි.
ඹහු හැරී බලනවාත් සමගම සතෙකුගේ කුර ගැටෙන හඩක් එක්වරම පසු පසින් නැගී ආවේ පැහැදිලිවය. පිටුපස හැරී බැලු ගැමියාට පාරෙහි තමා දෙසට එන සුදු පැහිති බු‍රුවෙකු දක්නට ලැබිණ. ඌ දක්කාගෙන එන්නෙකු පෙනෙන්නට නොවීය.
ගැමියාට බියක් දැනිණි. ඹහු බලා සිටියේය. එවිට බුරුවාත් නැවතී තමා දෙස බලා සිටිනු ඹහුට පෙනුණි. ඹහු ගමන ආරමිභ කළ විට මේ අද්භූත සත්වයාත් ඹහු පසු පස ගමන් කරන්නට විය.
මේ අද්භුත සත්ත්වයා අවතාරයක් විය නොහැකිද? යන සැකය ගොවියා තුළ පහළ විය. ඒ සමගම සිතට ආ අදහසක් ක්‍රියාත්මක කළ හෙතෙම ආපසු හැරී බුරුවා දෙසට ගමන් කළේය. බුරුවා දෙසට තමා ළගා වත්ම ඌ පාර මැද නැවතී තමා දෙස බලා සිටිනු ගැමියාට පෙනුණි. ඒ සමගම බියට පත්වුවාක් මෙන් එක් වරම හැරුණු සත්ත්වයා පසු පස නොබලා දුවන්නට විය. ගැමියා ආපසු හැරුණේය. ඹහුගේ සිතිනි බිය පහව ගොස් තිබිණ. නමුත් මොහොතකට පමණි.
ගමන ආරමිභ කළ ඹහු පිටුපසින් නැවත කුර හඩ නැගෙයි. බුරුවා නැවත ඹහු පසු පසින් පැමිණෙයි. හැරී බලන සෑම මොහොතකම ඌ පෙරට වඩා තමාට ළංවී සිටිනු ගැමියාට පෙණින.
මේ වන විට ගැමියා හොදින් බියපත් වී සිටි අතර ඒ සීත රැයේදීත් ඹහුගේ සියොළග දහදිය නැගෙමින් තිබිණ.
දැන් බුරුවා තමා අසලින්ම වාගේ එනු ඹහුට දැනෙයි. එක්වරම හැරී බැලු ඹහු බුරුවා තමාට අඩි කීපයක් පිටු පසින් එන බැවින් උගේ නාස් කුහර වලින් ළා රෝස පැහැති ගිනි දළු දෙකක් සමග දුමි රොටු පිටතට එන බවක් පෙනිණ. පල්මානික්කමි පිළිස්සෙන ගද වැනි ගදක් ද ඹහුට දැනිණ.
බුරුවා තමා පසු කර දිව යනු ගැමියාට පෙනෙයි. ඉදිරියෙහි වු වැටක් තුළින් ඌ එක්වරම යනු දුටු ගැමියා මේ නමි අවතාරයක්ම බව සැක හැර දැන ගත්තේය.
දේවස්ථානය ද පසු කළ මේ අද්භුත සත්ත්වයා එක පිමිමේ ගමිමානය වෙත ඇදෙයි. දේවස්ථාන භුමියේ විශාල තාප්පය තුළින් ඌ අනෙක් පසට යනු දුටු ගැමියාගේ දෙනෙත උඩ ඉන්දවිණි.
පසු දින උදැසනින්ම පැමණ මාවත පරීක්ෂා කර බැලු ගැමියාට බුරුවෙකුගේ කුර වල සළකුණ කුදු සොයා ගත නොහැකි වීමෙන් තමා දැක ඇත්තේ පෙර අසා තිබු අවතාරය බව ඹහුට වැටහිණ.......

එල්ලී මැරුණු ගැබිනි තරුණිය යක්ෂණියක් වී ...

Image may contain: text
1990 දශකයේ අග භාගයේ දිනයකි.

“සර් කලාපෙ කොල්ලෙක් මැෂිමක් උඩ වැටිලා මැරිලා..!”

කටුනායක පොලිස් ස්ථානයට ලැබුණු ඇමතුමකින් කියැවුණේ එම ටිකය. ඒ අදාළ සමාගමේ නම සහ ලිපිනයද සමගය. ඒ අනුව කටුනායක පොලිස් නිලධාරීහූ පිරිසක් වහා ඒ අදාල කර්මාන්තශාලාවට ගියහ.

නමින් එම කර්මාන්තශාලාවට කොරියන් ලංකා නම් විය. ඒත් ඇතැම්හූ එය හැදින්වූයේ කොරියා සිලෝන් යනුවෙන්. මෙම කර්මාන්තශාලාවේ නිමි ඇදුම් නිපදවෙමින් තිබුණේය. ඒ අපනයනය සඳහාය. එහි හිමිකරුවන් වූයේ දකුණු කොරියානුවන්ය. පොලීසියට ලැබී තිබුණු අර ආරංචිය සැබෑවකි. තරුණයෙක් එම කම්හලේ මැෂිමක් උඩට වැටී මියගොස් සිටියේය. එම තරුණයා ඉහළ වහලෙහි විදුලි පංකාවක් සවි කරන්නට උත්සාහ දරා තිබුණේය. එහිදී හෙතෙම වහලෙහි සිවිලිම කඩාගෙන කම්හලේ මැෂිමක් මතට ඇද වැටී තිබුණේය. සියල්ල පැහැදිලිය. ඒ මරණය ගැන සැකයක් නොවුණි. ඒ මන්දයත් එම මරණයට හේතුව නොසැලකිලිමත් අත් වැරැදීමක් නිසාය.

එතකින් ඒ සිද්ධිය අවසන් විය. කාලය දින, සති, මාස වශයෙන් බොහෝ වේගයෙන් ගෙවී යමින් තිබුණේය. කාටත් පෙර සිද්ධිය අමතක විය.

ඒ 2003 වර්ශයයි..

“සර්.. කලාපෙ කෙල්ලෙක් ෆැක්ටෙරිය ඇතුලෙ එල්ලිලා මැරිලා..”

එම ඇමතුම ලැබුණේද කටුණායක පොලීසියටය. තරුණිය එල්ලී මියගොස් ඇති බව කියන කම්හලේ නමද එම ඇමතුමෙන් කියැවී තිබුණි. එම කම්හල අනෙකක් නොව අර කොරියන් ලංකා ඇඳුම් කම්හලමය. පෙර සිද්ධියේ මියගොස් සිටියේද එහීය.

ඒ අනුව එවරද කටුණායක පොලිස් කණ්ඩායමක් අදාළ කර්මාන්තශාලාවට ගියේය. කාරණය ඇත්තකි. තරුණියක් එල්ලී මියගොස් සිටියාය. බැලූ බැල්ට ඇය එතරම් වයසක් නොමැති ලාබාල එකියක බව පෙනෙන්නට තිබිණ.

‍“මේ කෙල්ල කොම්පැණියෙ කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳලා තියෙනවා. පස්සෙ ඒ කෙල්ල ඒ කොල්ලගෙන් අනාථ වෙලා බඩට දරුවෙක් ආවට පස්සෙ කොල්ලා පැනලා ගිහිල්ලා. දෙමව්පියන්ට යාළුවන්ට, ගමට, රටට මූන දෙන්න බැරුව මේ කෙල්ල ෆැක්ටේරියෙ ඇතුළෙ එල්ලිලා මළ බවයි කියන්නෙ.. පව්! අසරණී! මෝඩ කෙල්ල..”

මරණය ගැන සොයාගිය පොලීසියට ලැබී තිබුණේ එම තොරතුරුය. එය පැහැදිලිවම සියදිවි හානි කරගැනීමකි. ඒ නිසා ඒ ගැන ඉන්පසු කවුරුත් සොයන්නට ගියේ නැත.

තවත් වසරක, දෙකක ඇවෑමෙන් පසු කොරියන් ලංකා සමාගම වැසී ගියේය. කම්හල වැසී ගියා යනු එහි හිම්කාරීත්වය දැරූ කොරියන් කරුවෝ පැදුරටත් නොකියා එම කම්හල බංකොළොත් කරමින් පැනගොස් සිටියා යන්නය. ඒ බව කියන්නේ එම කම්හලේ සේවක සේවිකාවෝය. කම්හල වැසී යාමෙන් සිය ගණනකට රැකියා අහිමිව තිබුණි. එහි සේවය කළ ඇතැම්හූ තම ඈත ගම් පෙදෙස් බලා ගියහ.

එලෙස සේවක, සේවිකාවන් හිස්ව, පරිපාලනයක් නොමැතිව වසර ගණනාවක් පාළුවට ගිය මෙම කම්හළ යළි පණ ලැබැන්නේ 2009 වසරේ අගෝස්තු 16 වෙනිදාය. ඒ සීදූව ප්‍රදේශයේ එතෙක් ක්‍රියාත්මක කෙරෙමින් තිබුණු සුප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක් වැඩි ඉඩකඩ සොයා කටුණායක නිදහස් වෙළධ කලාප මධ්‍යමයට පැමිණිමට සිතාගෙන සිටි නිසාය. එම සුප්‍රසිද්ධ සමාගම පැරණි කොරියන් ලංකා සමාගම් බූමියේ දෙමහල් ගොඩනැගිල්ලේ ස්ථාපිත කෙරෙන්නේය. මෙම සමාගම සුවිශාල වූ ධනස්කන්ධයක් වැය කරමින් නිෂ්පාදනය සිදු කරයි. ඔවුන්ගේ සේවක, සේවිකා සංඛයාව හයසිය පනස් දෙනකුද ඉක්ම වෙයි. දකුණු අප්‍රිකාවෙන් සහ බෙල්ජියමෙන් එක් සුවිශේෂ ඛනිජ ද්‍රව්‍යයක් ගෙනැවිත් මෙහි නිපදවීම් කෙරෙන්නේය. ඒ විදෙස් වෙළදපොළ සඳහාය. මෙහි වත්මන් පාලනාධිකාරිය හිමිව පවතිනුයේ ඉන්දියානු සමාගමටකය.

කෙසේ නමුත් පසුගිය 2011 වසරේදී මෙම නව සමාගමේ කළමනාකරුවෙක් කම්හළ ඇතුළේදීම මිය ගියේය. ඒ මෙම කම්හලේ නිපදවෙන නිෂ්පාදනයක් පරික්ෂාවට ලක් කරමින් සිටියදීය. එම කළමනාකරු ඉන්දීය ජාතිකයෙකි. නමින් හිමසුන්ය. වයස අවුරුදු හතළිත් එකකි.

ඉන්දීය ජාතිකයෙකු වුවද මේ තරුණ කළමනාකරුවා එහි සේවක සේවිකාවන් සමග සමීප කුළුපහ ඇසුරක් පැවැත්වූවෙකි. හදිස්සියේම සිදු වූ ඔහුගේ වියෝව ගැන කම්හලේ සැවොම කම්පාවට පත්ව සිටියහ. ඔහුගේ සිරුර අවසන් කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර යැවිණි. ඒ ඔහුගේ බිරිදගේ ඉල්ලීම පරිදිය.

සැක සංකා නොමැති හෙයින් ඒ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය නොවිණි.

මෙම වසරේ (2012) පෙබරවාරි මාසයේ දිනෙක මේ කම්හලේ මාණ්ඩලික සුබසාධක නිලධාරියෙක් එහි ඇති වැසිකිළියට ගියේය. දොර වසා ග්තතේය. ඒ ඔහුට දැනුණු අධික මුත්‍රා බර සැහැල්ලු කරගැනීම පිණිසය. එවිට වේලාව සවස හය පසුවී තිබුණි. ඔහු මුත්‍රා බර සැහැල්ලු කරගනිමින් සිටියේය. එම වැසිකිළියේ ඉදිරිපස පිවිසුමේ ජල කරාමයක් සවිකර ඇත්තේය. එයින් නොකඩවා වතුර ගලන හඬ ඔහුට ඇසෙන්නට විය. ඒ මිනිත්තු හතර පහක් ගියේය. ඔහු සිතුවේ කිසිවෙකු ජල කරාමය විවර කර මුහුණකට සොදනු ඇති බවය.

“කවුද ඔයා..?”

ඔහු වැසිකිළිය ඇතුළේ සිටම විමසුවේය. නමුත් පිළිතුරක් නොමැත. ටිකකින් ඔහු වැසිකිලියේ දොර විවර කරගෙන එළියට ඇවේය. ජල කරාමයෙන් නොකඩවා වතුර ගලා යමින් තිබුණි. ඒත් එය විවර කළ අයෙකු දකින්නට නොවිණි. ඔහු අඩියට දෙකට ඉවතට විත් අවට ප්‍රදේශය සිසාරා බැලුවේද කිසිවෙකු පෙනෙන්නට නොමැත.

“මං මේ ටැප් එක ඇරියෙ නෑ. ඒත් මං ඒක වහලා දානවා..”

එසේ සිතමින් ඔහු එම ජල කරාමය වැසුවේය. අනතුරුව ඔහු කාර්යාල පරිශ්‍රයට ගියේය. එහිද කිසිවෙකු නොවිණි.

“හරි පුදුම වැඩේ.. කවුද ටැප් එක ඇරලා දාලා ගියේ..?”

ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය. එහෙත් ජල කරාමය විවර කළේ කවුදැයි යන්නට අදටද පිළිතුරක් නොමැත.

තවත් දිනෙක සැදෑ කාලයේ මෙම ආයතනයේ ඉහළම පෙලේ විධායකයෙක් වැසිකිළියට ගොස් ඇතුළතින් දොරගුළුලා ගත්තේය. අනතුරුව කාර්යය අවසන්ව වැසිකිළියේ දොර විවර කරගන්නට උත්සාහ ගත්තේය. එහෙත් යම්කිසිවකු පිටතින් දොරගුළු ලා තිබුණි.

“මේක මහ පුදුම වැඩක්නේ..”

වැසිකිළියේ කොටු වූ විධායක නිළදාරියා සිතුවේය. කෙතරම් උත්සාහ කළද දොර විවර කරගන්නට බැරිවිය. අවසන සියලු වෙර යොදා පා පහර දී දොර කඩා හෙතෙම එළියට ආවේය.

තවත් එක් දිනෙක මේ ආයතනයේ වගකිව යුත්තෙකු වැසිකිළියට යන විට එහි දොර විවර වුණේය.

“මේක නම් මහ පුදුම වැඩක්නේ! මං ඇරගන්න ඕනෑ දොර එතන හිටපු නොපෙනෙන කෙනෙක් ඇරලා දුන්නා වගෙයි..”

එම නිලධාරියා සෙස්සන් සමග කීවේ පුදුමයෙනි. තවත් වරෙක මේ සමාගමේ රාත්‍රී සේවයේ යෙදුණු සේවකයෙක් නාන කාමරයට වැදී දතකට මදිමින් සිටියේය. අනෙක් පස පිහිටා ඇත්තේ සමාගමේ සේවිකාවන් සඳහා වෙන්ව ඇති වැසිකිළි සහ නාන කාමරය පෙළය. එදෙසින් ඒ අලුයම පළමුව දත් මදින හඬක්ද අනතුරුව කිසිවෙකු ජලස්නානය කරන අයුරුද ඇසෙන්නට විය.

ඒ සේවකයාට දැන් මෙය උභතෝකෝටික පැනයකි. ඒ එදින රැයේ කිසිදු ස්ත්‍රී පක්ෂ සාමාජිකාවක රාත්‍රී සේවයේ නොයෙදුනු බව ඔහු හොද හැටි දැන සිටි නිසාය. එසේ හෙයින් ඒ අලුයම කිසිවෙකු එහි සිටින්නට ඉඩක් කිසිසේත්ම නැත.

“කවුද ඔය...?”

ඔහු හඬ නගා විමසුවේය. ඒත් කාන්තා පක්ෂ නාන කාමරය දෙසින් පිළිතුරක් නොවිණි. ඒ සීතල පාන්දර ඒ සේවකයාට දහදිය දැම්මේය. ඒ ඇතිවුණු භයටය. මේ විශාල කම්හල් ගොඩනැගිල්ල මීටර් තුන් හාරසීයක වපසරියක් පුරා විහිද පවත්නේය.

මෙහි ජනෙල්, දොරවල් විවර කිරීම්ද, ඡායාවල් මතු වී නොපෙනී යාම්ද, සීතල සුළං හැමීම්ද නිතර සිදුවන්නේය. ඒ දැනට වසර එකහමාරක දෙකක සිටය. එලෙස සිදුවන මෙවැනි දේවල් ගැන කිසිවෙකුට වගේ වගක් තිබුණේ නැත. ඊට හේතුව එවැනි දේ මගින් කිසිවෙකුට හානියක් නොවන නිසාය.

මෙම කම්හල් පරිශ්‍රයට ඇතුළු වන අද්භූත ඡායාවක් සමග සිටින ලොමින් පිරුණු සුනඛයකු පවා ඇතැම්හූ විටින් විට දැක තිබුණහ. හොඳින් දොරවල් වසා තිබියදී සුනඛයෙකු කම්හල ඇතුළට ආවේ කෙසේ දැයි යන්න ගැන කියන්නට කිසිවෙකු නොදත්හ. අනෙක් පුදුම උපදවන කාරණය වූයේ එම ඡායාවද, සුනඛයාද ක්ෂණයකින් පෙනී නොපෙනී යාමය.

මෙම කම්හලේ සේවකයන් රාත්‍රී සේවාවේද යෙදිය යුතුය. ඒ රැයක්, දවාලක් නොතකා මෙම කම්හලේ එක් සුවිශේෂ නිෂ්පාදන මැෂිමක් නිරන්තරව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන හෙයිනි. ඒ ගැන කිසිවෙකුට අමුත්තක්ද නොමැත.

දිනය පසුගිය අගෝස්තු මස 28 වෙනි අඟහරුවාදාය එදින කම්හලේ රාත්‍රී සේවා මුරයේදී තරුණ කණ්ඩායම් කිහිපයකට වගකීම් පැවරී තිබුණේය. පෞද්ගලික ආරක්ෂක අංශ සමාගමක ආරක්ෂකයෝ මෙම සමාගමට දිනයේ විසිහතර පැය පුරා ආරක්ෂාව සපයතී. ඊට අමතරව මුළු සමාගමේ දැඩි අවධානය යොමුවන පෙදෙස් ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පවා සවිකර තිබෙන්නේය.

රාත්‍රී සේවයේ නිතර තරුණයේ තිදෙනෙක් ලද විවේකයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඔවුන්ගේ විවේක සුව කාමරයට වැදී නින්දත්, නොනින්දත් අතර කල්ගත කරමින් සිටියහ. ඒ එම කාමරයේ ඇති ආසනයන්හී දිගාවෙමිනි. ඒ වන විට අගෝස්තු 28 වෙනිදා රාත්‍රීය ගෙවී ගොස් තිබුණේය. කොටින්ම ඒ 29 වෙනි බදාදා අලුයම් කාලයයි. වේලාව අලුයම 2.30ට ආසන්න වී තිබුණි.

අර තරුණයන් තිදෙනා විවේක ගනිමින් සිටි කාමරයට එකවරම ශීත සුළගක් හැමුවේය. ඒ ශීත සුළග දැවටීමත් සමගම එම තිදෙනාටම කතා කරගන්නට නොහැකි විය. ඔවුන් කතා කළද වචන පිට වූයේ නැත. කෑගසන්නට තැත් දැරුවද කෑගසාගත නොහැක. ඒ එක්කම එක් තරුණයකුට දැනුණේ යමෙකු ඔහුගේ කකුලෙන් අදින බවකි. ඒ පිරිස අතර සිටි තවත් තරුණයකුටද එම සන්තෑසියටම මුහුණ දෙන්නට සිදුවී තිබුණේය. යමකු ඔහුගේ කකුලෙන්ද ඇද තිබුණේය.

“අනේ කවුදෝ මගෙ බෙල්ල මිරිකනවා..”

එලෙස කියමින් දඟලමින් එක් තරුණයෙකු යක්ෂාරූඪ වී තිබුණේය.

එම තරුණයාගේ මුව මඬල සැබෑවටම ලේ පිපාසිත යක්ෂයකුගේ බදුවිය. බැලූ බැල්මටම එම තරුණයාගේ නියපොතු දිගට වැවුණු සෙයකි. ඔහු දරදඬුව ආවේශ වූ සෙයකි. දෙඇස් වලින් ගිනිසිළු පිටවන සෙයකි. රෞද්‍ර තරුණයා අනෙක් තරුණයන් දෙදෙනාට පහරදීමට පවා උත්සාහ කළේය. එමෙන්ම එම තරුණයන්ගේ බෙල්ල මිරිකන්නට උත්සාහ ගත්තේය. එම දෙදෙනා අතරේ හතරේ, හයේ සවි ශක්තිය ඇති තරුණයෙක් විය. හෙතෙම ආවේශ වී සිටි තරුණයාට පහර පිට පහර දුන්නේය. එම පහර දීම්වලින් ඔහුගේ දෙ අතේ ලේ තැවරුණේය. එම ලේ ආවේ කොහෙන්දැයි කිසිවෙක් නොදත්හ.

ආවේශ වූ තරුණයා වියරුවෙන් අනෙක් තරුණයන් දෙදෙනා පසුපස හඹායන්නට විය. අනෙක් ඉමහත් බියට පත් වූ තරුණයන් දෙදෙනා කාමරයෙන් එළියට පැන මේ සිද්ධ වූ දෙය අදහාගත නොහැකිව ඉබාගාතේ දිව ගියහ. මේ කලබලය රාත්‍රී සේවා මුරයේ යෙදී සිටි වෙනත් තරුණ පිරිසකට සැලවිය. ඔවුහු වහා ඉදිරිපත්ව යක්ෂාවේෂයෙන් කලබල කළ තරුණයා කිටි කිටියේ බදා අල්ලා ගත්හ. ඒ ඔහු එතරම්ම දරදඩු වීම නිසාය.

සියල්ලන්ට පෙනී ගියේ ඔහුට යමෙකු ආරූඪ වී ඇති බවකි. එනිසා පළමුව ඔහු සමාගම් බූමියේ පිහිටි බුදුමැදුර කරා රැගෙන යන ලදී. ඒ සිතට ශාන්තියක් ලබාදීම පිණිසය. අනතුරුව සමාගමේ ආරක්ෂක නිලධාරියෙකු සහයෙන් වෑනි රයක නංවා එම තරුණයා මීගමුව රෝහල කරා පිටත්කර හරිනන්ට ඔවුහු පියවර ගත්හ.

මීගමුව රෝහලේ සිට බදාදා උදේ වරුවේ මම තරුණයා උදම්මිට මහ විහාරස්ථානයේ හිමියන් වෙතට රැගෙන යනු ලැබිණි. එහිමියෝ මේ තරුණයා පරික්ෂාවට ලක් කළහ. ඒ තරුණයාගේ ඇස්, හිස, දෙඅත් ආදී වශයෙන් එම පරික්ෂාවෙන් පසු මේ තරුණයා යම් බලගතු යක්ෂ දෝශයකට ගොදුරුව ඇති බව උන්වහන්සේගේ නිගමනය විය. උන්වහන්සේ මතුරන ලද තෙල් ස්වල්පයක් තරුණයාගේ හිසේ ගැල්වූහ. ඉන්පසු තත්වය ටිකකට සන්සුන්විය.

“මේ තෙල් බලය තියෙන්නෙ පැය හතයි. ආපහු මෙයාට මේ ආවේශය ඒවි. කෝකටත් මෙයාව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන්න වේවි.”

උන්වහන්සේ මානසික වෛද්‍යවරයෙකුගේ නමක්ද සඳහන් කරමින් උපදෙස් දුන්හ. ඒ අනුව සමාගමේ හිතවත්හූ ආවේශ තරුණයා එම මානසික වෛද්‍යවරයා වෙතටද රැගෙන ගියහ. එම වෛද්‍යවරයා තරුණයා පරික්ෂාවට ලක්කොට බෙහෙත් නියම කළේය. මේ අතරතුර මෙම සිද්ධිය වූ සමාගමේ තවත් අපූරු දෙයක්ද සිදුවෙමින් තිබුණේය. ඒ සමාගමේ පාලනාධිකාරිය එහි ආරක්ෂිත කැමරාවල මේ සිද්ධියට සම්බන්ධ යමක් සටහන්ව ඇද්දැයි පරික්ෂා කර බලන්නට යුහුසුලු වීමය. මෙය රාත්‍රී වැඩ මුරය නොකිරීම සඳහා තරුණයන් එක්ව රඟදැක්වූ ප්‍රෝඩාවක්ද යන්න හෙළි කර ගැනීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ විය.

එහි සටහන්ව තිබුණු එක් ඇඟ කිළිපොළන දර්ශන පෙළක් දැකීමෙන් සමාගම් පාලනාධිකාරියටද ඇස් ඇරී තිබුණේය. ඒ යම් අද්භූත රුවක ඡායාවක් ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණ හෙයිනි. එම රුව වහලේ සිට එකවරම පහත් වී අර තරුණයන් තිදෙනා විවේක ගනිමින් සිටි කාමරය දෙසට ඇදී යන අන්දම දක්නට ලැබුණි. එහිදී විදුලි පහන් එළි පවා ගැස්සීමට ලක්වන අයුරුද ක්නට විය. සමාගමේ ආරක්ෂිත කැමරාවල එම රූප පෙළ සටහන්ව ඇත්තේ 29 වෙනි බදාදා අළුයම 2.24ටය. තරුනයන් තිදෙනා එම අද්භූත දෙයට බිය වී තිබුණේ ඉන් මිනි්තතු හතරකට පමණ පසුවය. එනම් අලුයම 2.28ට පමණය.

තමන් දුටු ඒ අද්භූත අත්දැකීම කියාපාන්නට ඒ තරුණයෝ ඉදිරිපත් නොවෙති. එහෙත් මීට වසර නවයකට පමණ පෙර මෙම කම්හලේ එල්ලී මියගිය ගැබිනි පෙම්වතියගේ අදෘශ්‍යමාන බලවේගය එය බවට දැන් තදබල ලෙසටම විශ්වාස කරේ. එයට එක් හේතුවක් ව්නනේ මෙම කම්හලේ සේවය කරන කාන්තා පක්ෂයේ කිසිවෙකුට හිංසාවක් සිදුනොවීමය. එම අදෘශ්‍යමාන බලවේගය ලුබුහදිනුයේ තරුණ පිරිමින් පමණකි. ඇයගේ අදෘශ්‍යමාන බලවේගය එදින තරුණ සේවකයන් දෙදෙනකුටම ඇතුළු වීමට තැත් දරා තිබුණේය. එහෙත් එම බලවේගයට ඇතුළු වීමට හැකියාව ලැබී තිබුණේ එක් තරුණයෙකුට පමණි. මේ අදෘශ්‍යමාන බලවේගයට ගොදුරු වූ අතරුණයා 30 වෙනි බ්‍රහස්පතින්දා අලුයම 2.24ට පමණ දෙවන වරටද ආවේශ වී තිබුණේය. ඔහු එදින නතරව සිටියේ සීදුව ප්‍රදේශයේ බෝඩිමකය. ආවේශයෙන් ඔහු එහි ජල්ලි නැටුවේය.

“මට ලේ වලින් පලිගන්න ඕන කෙනෙක් ඉන්නවා..”

එහිදී ඔහුගේ මුවින් එවැනි දෙබස් ඛණ්ඩයක්ද පිට වුණේය. අනෙක් විශේෂ කරුණ වන්නේ මෙම තරුණයා කිසිදු දිනෙක මෙවැනි දේ විශ්වාස නොකළ අයකු වීමය. ඔහු කිසිදු චෝදනාවක් නොමැති අයෙකි. එමෙන්ම ඔහු මානසික ආතතියකින් පෙළුනු අයෙක්ද නොවීය.

කෙසේ නමුත් මේ කම්හලේ හොල්මන මෙල්ල කිරීම සඳහා කම්හල් බලධාරීහූ සහ සුබසාධක නිලධාරීහූ පසුගිය 30 වෙනි බ්‍රහස්පතින්දා රැය පුරා මහ පිරිතක් සංවිධානය කර තිබුණහ. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ එම කම්හලේ මානව සම්පත් කළමනාකරු වන රොහාන් ජීවන්ත, මාණ්ඩලික සුබසාධන නිලධාරීන් වන එස්.එම් දිනේෂ්, ලලිත් නෙත්තසිංහ, ජයන්ත ප්‍රනාන්දු යන මහ්තවරුන්ය. එම පිරිත සඳහා හෙට්ටිපොළ, දංකොටුව, පන්නල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා දාහතර නමක් සහබාගී කරගෙන තිබිණ. එම මහා පිරිත අවසන් වූයේ පසුදා 31වැනි සිකුරාදා පොහොය දින දානයකිනි. ඉන් අනුතරුව භික්ෂූන් වහන්සේ නමක් විසින් ආයතනයේ මුළු හතර ආරක්ෂා කොට පිරිත් පැන් ඉසීමට පියවර ගෙන තිබුණි. එවන් දේ සිදුකලේ අදෘශ්‍යමාන බලවේගවලින් කම්හලේ සේවක සේවිකාවන් ආරක්ෂා කරගැනීම සඳහා පියවරක් ලෙසිනි.

මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා 6වෙනිදා මෙම කම්හලේ විශේෂ දේව යාඥාවක්ද පැවැත්විණි. ඒ කොටුගොඩ මීසම භාර ජූඩ් ලක්ෂ්මන් පියතුමාගේ මෙහෙයවීමෙනි. එම දේව මෙහෙයේ අරමුණ වූයේ ද අදෘශ්‍යමාන බලවේගවලින් කම්හලේ සේවක සේවිකාවන් ආරක්ෂා කරගැනීමය.

“මීට පෙර සිද්ධ වෙච්ච දොරවල් අරින වැහෙන සිද්ධින්, ජල කරාම අරින සිද්ධීන් වගේම අර ලොමින් පිරුණු සුනඛයාගේ සහ අත්භූත කාන්තා රුවේ චායා සටහන් පවා ආරක්ෂක කැමරා වල සමහර විට සටහන් වෙලා තියෙන්න ඇති. ඒත් අපි කවුරුවත් ඒ දවස්වල ඒවා ගැන අවධානය යොමු කළේ නැහැනේ. එහෙම අවධානය යොමු කළා නම් ඒවායෙහි සත්‍ය අසත්‍යතාව පවා අපබට දැක බලාගන්න තිබුණා. මේ සියල්ල සිද්ධ වෙන්නෙ අර තරුණ ගෑනු ළමයා එල්ලීලා මියගිය බව කියන ස්ථානය අසල කොටසේයි.”

හොල්මන් පිරුනු මෙම කම්හලේ තතු දත් පිරිස් අනාවරණය කර සිටියහ.

ඔයාගෙ මෝඩකමට අහු වුණේ ඌ පැනලා යන්න ඇති

Image may contain: one or more people and shoes
ජීවිතය සැප විඳීම සඳහා යැයි සිතන පතන පුද්ගලයා කා බී පසිඳුරන් පිනවා සතුටුවීමට උත්සාහ කරයි. එහෙත් ඒ සතුටින් සෑහීමකට පත් නොවී තවත් කෙනෙක් තමන්ට වඩා සතුටු වන ආකාරය දැක එසේ තමනුත් සතුටුවීමට උත්සාහ කරයි. එසේ සතුටුවීමට ඇති අපහසුතාව නොහැකියාව නිසා දුකට හා පීඩාවට පත් වෙයි. මෙහිදී මේ පුද්ගලයා සතුටුවන්නේත්, ඊට වඩා තවත් සතුටක් ලබන්නට උත්සාහ කරන්නේත් කා බී විනෝදවීමෙනි. ඒ සඳහා කය පිනවීමෙනි.

තවත් කෙනෙක් ගේ දොර ඉඩකඩම් හිමි කැර ගෙන සතුටු වෙයි. ඒ ලද ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවී තව තවත් දේපළ රැස් කරන්නට වෙහෙසෙති. කොයි තරම් රැස් කළ ද එයින් සෑහීමට සතුටකට පත් නොවේ. තව තවත් හඹා යෑමට වෙහෙසී දුක් විඳිති. කොයි තරම් කය පිනවීමේ යෙදුණත්, කොයි තරම් ගේ දොර ඉඩකඩම් හා වෙනත් භෞතික වස්තූන් රැස් කළත් ‘සිත’ සෑහීමකට පත් නොවේ. ඒ මේ කාමාවචර ලෝකයේ මිනිස් සිතේ ස්වභාවයයි.

කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ධර්මාවබෝධය යම් තරමකින් හෝ ලැබූ පුද්ගලයා ලද දෙයින් සෑහීමකට පත් වීමට හිත හදා ගනී. ඉඩ කඩම් දේපළ මෙන් ම දූ දරුවන් පිළිබඳව ද නුවණින් තීරණ ගනී. අසීමිත තණ්හාව මෙන් ම ඒ තුළින් මතුවන වෛරය හා පළිගැනීම තමන්ට ම අහිතකර වන බව අවබෝධ කැර ගනී. සීමාව ඉක්මවා ගිය ඇලීම හා ගැටීම දෙක ම මිනිස් ජීවිතය ඉක්මවා යමින් කර්මය හා විපාකය අනිවාර්යයෙන් ම සිදුවන බව පිළිගනී.

ගයාන් විසි හත් හැවිරිදි තරුණයෙකි. ඔහු හීනෙන් බය වන්නටත්, නින්දත් නොනින්දත් අතර තමන් නොදන්නා අතීතයක සටහන් දකින්නටත් විය. ඔහුගේ සිරුරේ තවත් කෙනෙකු සිටින බවත්, තමන්ගේ සිත සහ කය තවත් කෙනෙකු විසින් පාලනයට ගෙන තමන් ලවා කටයුතු කරවනු ලබන බවත් ඔහුට දැනෙන්නට විය. එසේ ම ඔහුගේ සිරුරට අරක් ගෙන සිටින පුද්ගලයා විසින් ඔහු ගස්නාවේ ඥානානන්ද හිමියන් වෙත යවන්නට පොළඹවනු ලැබීය.

එහෙත් ඔහු අතුරුගිරිය ශ්‍රී ඥානවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන විට ඥානානන්ද හිමියෝ අසනීපයක් හේතු කොට රෝහල් ගතව සිටියහ. ගයාන් උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පූජ්‍ය හඟුරන්කෙත රාහුල හිමියන් මුණ ගැසී තමන්ට තම සිත කය පාලනය කරගත නොහැකි අන්දමින් තමන්ගේ පාලනය ඉක්මවා ක්‍රියාකාරකම් සිදුවන බව ප්‍රකාශ කළේ ය. එහිදී අනාවරණය වූයේ සියවසක් පමණ අතීතයේ සිට සිදුවන ක්‍රියාවලියකි.

අදින් අවුරුදු ගණනාවකට පමණ පෙර නාවල ප්‍රදේශයේ උපත ලැබූ ගාමිණී විසි හැවිරිදි වයසට එළැඹෙන විට ශක්තිමත් ප්‍රසන්න තරුණයෙකු විය. සාමාන්‍ය පවුලක, සාමාජිකයෙකු වූ ඔහු රැකියාව සඳහා බක්කරේ කෙනෙකු ලෙස රැකියාවේ යෙදුණි.

වරින් වර විවිධ ප්‍රදේශවල බේකරිවල රැකියාව කළ ඔහු අනුරාධපුර ප්‍රදේශයේ බේකරියක ද වැඩ කළේ ය. ඔහු කවුරුන් යටතේ සේවය කළත් උනන්දුවෙන් වැඩ කළ බැවින් ආශ්‍රිතයන්ගේ ප්‍රසාදයට භාජනය වූයේ ය.

අනුරාධපුරයේ බේකරිය ගාමිණීට ද ප්‍රසන්න ස්ථානයක් විය. ඒ බේකරියේ මුදලාලිගේ රූමත් දියණිය නිර්මලී නිසා ය. ගාමිණීත් නිර්මලීත් අතර ආදරය නිර්මලීගේ වැඩිහිටියන් දැන ගත් දිනයේ පටන් ගාමිණීට පළ නොකියා පළා බෙදන තත්ත්වයක් උදා විය. නිර්මලීට ද ගෙදරින් තාඩන පීඩන එළැඹෙන්නට විය.

දිනක් පාසල් ගිය නිර්මලී වෙනදා වේලාවට ගෙදර ආවේ නැත. රාත්‍රි බේකරියේ වැඩ කටයුතුවල යෙදී උදේ නින්දට ගිය ගාමිණී දහවල් වන විට ඔහුගේ කාමරයෙන් අතුරුදන්ව සිටියේ ය. කලින් කතා කැර ගෙන සිටි පරිදි ගාමිණීත් නිර්මලීත් නගරයේ දී මුණ ගැසී පොළොන්නරුව බලා පලා ගියහ.

නිර්මලීගේත් ගාමිණීගේත් අතුරුදන්වීම නිසා කලබලයට පත් මුදලාලි තමන් දන්නා හඳුනන සියලු ප්‍රදේශවට පණිවුඩ යවා බැලුවේ ය. ගාමිණීට පොළොන්නරුව ප්‍රදේශයේ හිතවතුන් සිටි බව ද කලින් දැන සිටි බැවින් ඒ ප්‍රදේශයේ ද සොයා බැලුවේ ය. මේ දෙදෙනා පොළොන්නරුවේ ජීවත් වන බව දැන ගන්නට ලැබුණි. ඒ වනවිට තරුණ යුවළ නීතියට අනුව විවාහ වී සිටියේ ද නැත.

දින ගණනාවකට පසුව ගාමිණීත් නිර්මලීත් පදිංචිව සිටි ස්ථානය සොයා ගෙන ගිය මුදලාලි ඔවුන් දෙදෙනා මුණ ගැසුණේ ය. ‘සංසාරේ කියා ගෙන ආපු විදිහට තමයි මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ. දැන් අපේ හිතේ තරහක් නෑ. වෙන්න තියෙන දේවල් වළක්වන්න බැහැ. අන්න අරහෙ අම්මා අඬා වැලපෙනවා.

එයා දුව නැති දුක උහුලා ගන්න බැරුව එහෙ මැරෙන්න හදනවා. ඔය දෙන්නා තවම කසාද බැන්දෙත් නැහැනෙ. අපි යමු අනුරාධපුරේ කච්චේරියට ගිහින් විවාහෙත් ලියාපදිංචි කරලා ඔය මගේ බිස්නසුත් බලා කියාගෙන වැඩ කරන්න බැරියැ” යි මුදලාලි කීවේ ය. අම්මා අඬා වැලපී අසනීපවේ යැයි නිර්මලී තුළ ද දුකක් ඇති විය. තාත්තා ගේ කීම පිළිගෙන මේ දෙදෙනා නැවතත් අනුරාධපුරය බලා ඔහු සමඟ ම පිටත් වූහ.

ඔවුන් අනුරාධපුරයට පැමිණෙන විට හොඳට ම රෑ බෝ වී තිබුණි. ගාමිණී ද නිර්මලා සමඟ රාත්‍රි කෑමෙන් පසු නින්දට ගියේ පාන්දර අවදි වී බේකරියේ වැඩට උදව්වීමටත් දහවලට පියා සමඟ කච්චේරියට ගොස් විවාහය ලියාපදිංචි ඛ්ල;ම් බලාපොරොත්තු වෙනි.

ගාමිණී පාන්දර අවදි වී බේකරියට ගියේ ය. ඒ වන විට උදේට බෙදා හැරිය යුතු පාන් නිෂ්පාදනය කොට අවසන් ව තිබුණි. එහි වැඩ කළ දෙදෙනා සමඟ කතා බස් කරමින් ඉතුරු වැඩ වලට ඔහු සහභාගි වෙමින් සිටියේ ය.

“ඩහ්…” ඔහුට ඇසුණේ එපමණකි. පිටුපසින් පැමිණි කෙනෙකු දෑත බදා ගාමිණීගේ හිසේ පිටුපසට කිතුල් පොල්ලකින් පත බෑවේ ය. බිම වැටුණු ගාමිණී අත පය පොළවේ ගසමින් දඟලන්නට විය. විනාඩි පහකින් දහයකින් පමණ යම්තම් සිහිය එන්නට විය. එහෙත් කතා කරන්නටවත්, නැගී හිටින්නටවත් ඔහුට ශක්තියක් නොවීය.

“දාපල්ලා දාපල්ලා තව දර දාපල්ලා…” යි මුදලාලිගේ ගොරෝසු හඬ ඔහුට යම්තමින් ඇසෙයි.

“හා… හා…. දැන් ඇති. දැන් ඕකව උස්සපල්ලා… දාපල්ලා පෝරණුව ඇතුළට…” ඔහුට එය ද ඇසෙයි. උසුලාගත නොහැකි ඉතා දැඩි උණුසමක් නිසා හුස්ම හිර වී යන තදවීමක් සමඟ ශරීරය තද වේදනාවකට ලක්වීමත් සමඟ මුළු ලෝකයම අඳුරු වී යනු ගාමිණීට දැනුණි. බුර බුරා නැගුණු ගිනි දැල් ගාමිණීගේ මුළු ශරීරයම දවා අළු කළේ ය.

නින්දේ සිටි නිර්මලී මහා ප්‍රපාතයකින් පහළට වැටෙන අයුරු සිහිනෙන් දැක බිය වී අවදි වූවා ය. තමන් සමඟ නිදාගෙන සිටි ගාමිණී ඇය අසල නැත. බේකරිය දෙසින් පාන් තැටි එහා මෙහා කරන හඬ ඇසෙයි. ගාමිණීත් බේකරියේ වැඩට උදව් වෙනවා ඇතැයි සිතා ගත් ඇය අනිත් ඇලයට හැරී යළිත් නිදා ගත්තා ය.

උදේ අවදි වී කුස්සියට ගොස් තේ කෝප්පයක් සාදා ගෙන ගාමිණී සොයා ගියා ය. “කෝ ගාමිණී… ගාමිණී… ගාමිණී…” ඇය ඔහු සොයා බැලුවා ය.

“අපි දැක්කේ නෑ… මේ පැත්තට ආවේ නෑ…” කවුරුත් ඇයට පිළිතුරු දුන්නේ එසේ ය.

“ඌ පැනලා යන්න ඇති. ඔයාගේ මෝඩ කමට ඌට අහුවුණා. ඕකව ආයෙත් නම් මට අහු වුණොත් අල්ලලා පොලිසියට බාර දෙනවා” ය තාත්තා දුවට කීවේ ය. “අන්තිමේ දුව අමාරුවේ වැටුණා විතරයි. දැන් ඉතින් හිත හදාගන්න. වෙච්ච දේ වුණා. දැන් හිත හදා ගන්නැ”යි අම්මා ද කීවාය. නිර්මලී කිසිවක් කර කියා ගත නොහැකි වී ඇඳට වී අඬන්නට වූවා ය. “අනේ… ගාමිණී… ඇයි මට මෙහෙම කළේ. ඔයා ගිය තැනකින් එන්න ගාමිණී…” යි මුමුණ මුමුණා හඬන්නට වූවා ය.

මෙසේ දින සති මාස ගණනට එකතු විය. ඇඳට ම වී හූල්ලමින් කල් ගෙවන්නට නිර්මලීට සිදු විය.

ඇයට මුළු පරිසරය ම පාළු මූසල බවක් දැනෙන්නට විය. ඇගේ ඇඳට ඉහළින් මකුළු දැලක් බැඳගත් විශාල මකුළුවෙක් ඇය දෙස බලා සිටී. වරෙක බිත්තිය දිගේ පහළට එන මකුළුවා නිර්මලී සමීපයට පැමිණ ආපසු සිය දැළ වෙත දුව ගියේ ය.

ගාමිණී යළිත් පැමිණෙන පාටක් නැත. එහෙත් දිනපතා රාත්‍රි හීනෙන් ගාමිණී ඇය කරා ආවේ ය.

හිසෙන් ගලන ලේ සහිතව ඇයට පෙනෙන ගාමිණී යළිත් අතුරුදන් ව යයි. දිනක් වෙනදා මෙන් උදේ නිර්මලී නින්දෙන් අවදි වූයේ නැත… ඇගේ මව පැමිණ දියණියන් අවදි කරන්නට “දුවේ, දුවේ, නැගිටින්න දැන් දවල් වෙලා” යැයි කියා නිර්මලීගේ උරහිසින් අල්ලා සෙලවුව ද ඒ වනවිට ඇය මෙලොවින් සමුගෙන තිබුණි. නිර්මලී කනේරු ඇට කා සිය දිවි හානි කැර ගෙන තිබුණි.

නිර්මලී මරණයෙන් පසු සමනොළ අඩවියේ භූතාත්මයක් ලැබුවා ය. ගාමිණී නාවල ප්‍රදේශයේ ගිහාන් නමින් උපත ලැබුවේ ය. පූර්ව ආත්ම භවයක සත්ව පාලනයක් සිදු කළ කර්මයක විපාක වශයෙන් ගිහාන් වයස අවුරුදු දෙකේ දී රෝගයක් වැළඳී හදිසියේ මරණයට පත් විය.

සිය සුරතල් පුතා මිය ගිය ශෝකය ඉවසා ගත නොහැකි ව හඬා වැලපුණු මව් පිය දෙදෙනා කල්‍යාණ මිත්‍රයන්ගේ උපදෙස් පරිදි පින් දහම් හි නියැළෙමින් වේදනාව තුනී කැර ගත්හ. ඊළඟට මිය ගිය පුතු නැවතත් මේ මව් පිය දෙදෙනා ළඟම ඉපැදේවා යි ප්‍රාර්ථනා කළහ. එසේ ම ප්‍රාර්ථනා කරන ඒ දරුවා ගිහාන් පුතා මෙන් ම මන්දායුෂ්ක නොවේවායි ගිලානෝපස්ථානය හා මහලු අයට පෝෂ්‍යදායි ආහාර පානයෙන් ද ඖෂධ හා ඇඳුම් පරිත්‍යාගය ද සිදු කළහ.

මරණයට නියම වූ සතුන් මරණයෙන් මුදවාලූහ. පෙරහන්කඩ පූජාවේ යෙදුණාහ.

අඹු සැමි දෙදෙනා ම මස් මාළු කරවල ආහාරයෙන් වැළකී නිත්‍ය සීලයක පිහිටා කටයුතු සඳහා නිතර බෝධි පූජා පවත්වමින් ගිහාන් පුතුව තම කුසෙහි පිළිසිඳ ගනිත්වා යි ඒ මව ප්‍රාර්ථනා කළ අතර පියාද ඊට ම අනුගත වීය.

ගිහාන් මිය ගොස් මාස කිහිපයක දී මව නැවත ගැබ් ගත්තා ය. නියමිත කාලයේදී කලින් මිය ගිය ගිහාන් ගේ මුහුණුවර ම ලබමින් පුතෙක් උපන්නේ ය. ඒ පුතාට දෙමවුපියෝ ගයාන් යැයි නම් තැබූහ.

දැන් ගයාන් විසිහත් හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. හගුරන්කෙත රාහුල හිමියන් ඉදිරියේ දී ඔහු තම අතීතය කියාගෙන කියාගෙන ගියේ ය.

ඉතා සුරූපී තරුණියක් සමඟ ටික දිනක් අඹු සැමියන් ලෙස ජීවත් වූ බවත්, හිස පිටුපසට වැදුණු වේගවත් පහරකින් සිහිසුන් වූ බවත්, මහා ගිනි ජාලාවක් මැද දැවී, මරණයට පත් වූ බවත් පැවසීය. ඒ එක්තරා ආත්ම භවයක දී තමන් අතින් වෙඩි වැදුණු සත්ත්වයෙකු ප්‍රාණය නිරුද්ධවීමට පෙර ගින්නෙන් පිළිස්සූ පාපයට යැයි ඔහු ම කීවේ ය.

තමන්ට පෙම් කොට දින කීපයක් පවුල් කෑ බිරිය ද ජීවිතය නැති කැර ගෙන සමන් දෙවි අඩවියේ භූතාත්මයක ඉපැදී සිටින බවත්, ඇය සිය දිවි හානි කැර ගන්නට පෙර අඬා වැළපෙමින් නිදා සිටියදී ඇගේ ඇඳට ඉහළින් බිත්තියේ මකුළුවෙකු වී ඉපිද ඇය දෙස බලා සිටි බවත්, ඇගේ මරණයෙන් පසු මැරී නාවල ගිහාන් නමින් තමන් ඉපිද වයස අවුරුදු දෙකෙන් මන්දායුෂ්තව මිය ගිය බවත් අනාවරණය කළේ ය.

දැන් ගයාන්, රාහුල හිමියන්ගේ උපදෙස් පරිදි තමන් වෙනුවෙන් ජීවිතය පිදූ ආදරවන්තිය භූතාත්මයෙන් මුදවා ඉහළ තැනකට ගැනීමට බණ භාවනා කටයුතුවල යෙදෙමින් ඇයට පින් අනුමෝදන් කරමින් සිටී.
මතුගම මහින්ද ජයතිලක

ගෙදරට වින කළ භූත දෝෂ නිසා ජීවිතයත් නැතිවෙන්න ගියා


Image result for ghost house


මිනිස් ජීවිතයේ එළැඹෙන දුක් ගැහැට කරදර අසනීප දෛනික චර්යාවේ වැරැදි ඇවතුම් පැවතුම් හා පාරිසරික වෙනස්කම්වලින් ඇති වන ඒවාට අමතරව වෛද්‍යවරුන්ට නිගමනය කිරීමට අපහසු ලෙඩ දුක් ද පවතී. හේතුව සොයාගත නොහැකි වූ දුක් කරදරවලින් පීඩා විඳින්නෝ බහුලය. ඒ බව මෙම ලිපි පෙළ කියවන පාඨකයන් විසින් දිනපතා අප අමතනු ලබන දුරකතන ඇමතුම් ප‍්‍රමාණයෙන් ම වටහා ගත හැකි ය. විශේෂයෙන් ම භූත දෝෂවලින් පීඩා විඳින ප‍්‍රමාණය ඉතා විශාලය. මේ කාන්තාවක් කියන එවැනිම කතාවකි.

”මගේ මහත්තයා පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක්. දහතුන් හැවිරිදි දියණියත්, දහ හැවිරිදි පුතාත්, සමඟ අපි ජීවත් වුණේ මහත්තයාගේ නිල නිවාසයේ. අපටමය කියා ගෙයක් ඕනෑය කියා නගරාසන්නයේ අපට ම අයිති ඉඩමක ගෙයක් හදන්නට පටන්ගත්තා. පාරේ සිට පහළට බැස් ම ඇති ඉඩම් කොටසක මේ ගෙය හදන්නට යෙදුණු බැවින් ගල් වැලි කොන්කී‍්‍රට් ගල් අත්තිවාරම අසලට ගෙන ගියේ පෝර උරවල දමා ගෙන කරපිටින්. විල්බැරෝවක් පවා ගෙනයා හැකි තැනක් නොවෙයි එතැන.

ඉතා ම දක්ෂ නැකැත්කරුවකු ගෙන් සාදවා ගත් නැකතට වැඩ ආරම්භ කළ මෙහි අත්තිවාරමට පමණක් සිමෙන්ති මළු පනස් දෙකක් වැය වුණා. කෙසේ නමුත් මාස දෙකකින් නිවසේ වැඩ සම්පූර්ණයෙන් නිම වන තැනට කටයුතු සාර්ථක වුණා. එසේම නිවසට අවශ්‍ය උළු, දැව ආදිය සපයා ගැනීමටත් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබුණා. ගෙයි වැඩ නිම වන තැනට ළඟාවූයේ ප‍්‍රාතිහාර්යයකින් වගෙයි.

මෙසේ කටයුතු නිමා වෙද්දී මුදුන් යටලීය තියන මුදුන් බිත්තිවල එක පැත්තක බිත්තිය අඩි 2 – 3 ක් බැඳ අවසන් කිරීමට තිබියදී ගෙයි වැඩ බාර ගෙන සිටි ප‍්‍රධාන පෙදරේරු බාස් උන්නැහේ හිටි හැටියේ හෘදයාබාධයක් වැළඳී මරණාසන්න වුණා. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.

ඊට දින දෙකකට පසු වහලයට අවශ්‍ය යටලී බාල්ක හා පරාල ඉරමින් සිටි දැව ඉරුම් කරුවකුගේ කකුළට ලී කොටයක් පෙරැළී ඒ තැල්මෙන් වළලුකර ලේ නරක්වී රෝහල්ගතව මාස දෙකක් ප‍්‍රතිකාර ගත්තා.

මේ අතර ප‍්‍රධාන පාරේ සිට නිවසට පාර කපමින් සිටි කම්කරුවා “පපුව රිදෙනවා” යි කියා විනාඩි කීපයක්, යත්ම අවසන් හුස්ම හෙළුවා. එය ඛ්ෘදයාබාධයකින් සිදු වූ මරණයක් බව මරණ පරීක්ෂණයෙන් නිගමනය වුණා. ඊළඟ සතියේ පාරේ සිට නිවස දෙසට ඇති බෑවුමේ සෝදාපාළුව වළක්වන්නට ගල්වැටි බඳිමින් සිටි කම්කරුවාත් අර ආකාරයෙන් ම හෘදයාබාධයකින් මිය ගියා.

මේ අතර අලුත් නිවසේ ම නැවතී ආරක්ෂාවට හා උදව්වට සිටි දෙමළ කම්කරුවා ගේ ශරීරයේ කුෂ්ටයක් වැළඳී කසන්නට ගත්තා. ඔහු ඔහුගේ ආගමේ හැටියට පූසාරි කෙනකු ලවා යන්ත‍්‍රයක් පැළඳ ශරීරය කස කසාම කාලය ගෙව්වා. එසේම ගල් වැලි අදිමින් වැඩ කළ තරුණ කම්කරුවෙක් ගලක් උස්සද්දී තුනටිය ඇවිලිල්ලක් හැදී මාසයක් පමණ ප‍්‍රතිකාර ගත්තා.

මගේ මහත්තයා රැකියාවේ නියුතු බැවින් අලුත් ගෙයි සියලු වැඩ කටයුතු බලාගත්තේ මමයි. උදෙන්ම පාසල් යන දරු දෙදෙනා ගේ වැඩ සහ ගෙදර වැඩ අවසන් කොට උයා පිහාගෙන දිනපතා ම මම අලුත් ගෙදර වැඩ බිමට ආවා. දවස් තුන හතරකින් සම්පූර්ණයෙන් වැඩ නිම කිරීමට තිබියදී අපට ආ බාධා පුදුමසහගතයි. ලොකු බාස් උන්නැහේගේ පුතාට ඇවිටිලි කොට නැවතත් මුදුන් බිත්තියේ ඉතුරු වැඩ ටික අවසන් කරන්න පියවර ගත්තා. එදා එසේ වැඩ පටන් ගන්නට ඔහු ඉහළට නගින්නට හදද්දී උඩ පලංචියක තිබූ පරාලයක් වැටී ඔලුව පැලී අධිකව ලේ ගැලීම නිසා රෝහල්ගත කළා.

මේ අතර මටත් අමුතුම උණක් වැළඳුණා. මුළු ශරීරය ම තළා පෙළා දැමුවා සේ අභ්‍යන්තර වේදනාවක් වැළඳුණා. ඒ නිසා මටත් වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නට සිදුවුණා. 1994 මැයි මස 27 දා මුල්ගල් තබා අත්තිවාරම් දැමූ නිවස ජූලි මස අවසන් වන විට සියයට අනූ නවයක් ම වැඩ නිමා වෙමින් තිබියදී මාත් ඇඳටම ඔත්පල වන තැනට කටයුතු යෙදුණා. ඉහෙන් බහින රෝගයක් නොතිබුණු මට මේ මොකද වුණේ යැයි සිතුණා.

මගේ හෘදය වස්තුව අසලින් විටින් විට පපුව දඩ දඩ ගා ගැහෙන තත්ත්වයක් ඇතිවුණා. ඔන්න පණ ගියා මෙන්න පණ ගියා යි කියා හිතෙන තරම් වේදනාවක් ආවා. ඇඟ ඇතුළත දැවෙනවා පිච්චෙනවා වගේ දැනුණා. අලස ගතිය, අනුන් නුරුස්නා ගතිය, තදින් ඇතිවුණා. විටෙක සිය දිවි නසා ගන්නටත් හිතුණා. වෛද්‍යවරු මගේ රෝගය නිගමනය කළේ “රුමෙටොයිස් ආතරයිටිස්” කියා. කොලස්ටෙ‍්‍ර¤ල් 284 දක්වා ඉහළ ගියා. අන්තිමට මේ කියන දේ මේ දැන් අමතක වන තත්ත්වයට පත්වුණා. උදේට කෑ දේ දවල්ට අමතක වුණා. ඉංග‍්‍රීසි සිංහල වෙදකම් කිසිවකින් සුවයක් ලැබුණේ නැහැ.

මා බෞද්ධ කාන්තාවක්. මගේ මහත්මයා කතෝලික. මේ නිසා වත් පිළිවෙත්වලට වැඩි උන්දුවක් නොතිබුණු අතර අප දෙදෙනා ම යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිගත්තේ නෑ. කෙසේ නමුත් අපට නිවස හැදීමට නැකැත් හැදූ ඡ්‍යොතීර්වේදියා සොයාගෙන අප ගියා. ඔහු හමු වී පවතින තත්ත්වය විස්තර කළා. ඔහු යන්ත‍්‍ර මන්ත‍්‍ර දන්නා කෙනකු බව අප දැන හිටියේ ද නැහැ. කෙසේ නමුත් ඔහු දෙහි වගයක් මතුරා දී අත්තිවාරමේ හා ඉඩමේ වළදමන්නට යැයි අපට දුන්නා. ඒ දෙහි වළ දමා සතියක් යන්නට පෙර රෝගී වූ සියලු දෙනා සුවපත් වී තවත් සතියක් යන්නට පෙර ගෙයි වැඩ සියල්ලම අවසන් වුණා.

එහෙත් ගෙට පදිංචිවීමට තිබියදී යළිත් අවුරුදු දෙකක්ම එය වැළකී ගියා. වහළ ගසා කැපී වැටුණු පරාළ කෑලි පවා ඉවත් කරන්නට ලැබුණේ නැහැ. මුළු ඉඩමම වල් වැදුණා. බැරි ම තැන ශාස්ත‍්‍රයක් අහන්නට ගියා. එතැනින් පවතින සියලු තත්ත්වය ඒ ආකාරයෙන් ම පවසා මේ අලුත් නිවසේ බලගතු භූත දේෂයක් පවතින බව කියැවුණා.

ඔහු විශාල තොවිලයකට අවශ්‍ය බඩු තුණ්ඩුවක් ද දුන්නා. යන්ත‍්‍ර මන්ත‍්‍ර කෙරෙහි විශ්වාස නොකළ අප යතුරු පැදියෙන් ආපහු එන ගමනේදී ඒ බඩු තුණ්ඩුව ගුලි කොට ඇලකට වීසි කළා. මගේ මහත්තයා කතෝලික නිසා මම මෙසේ ආපසු එන ගමනේදී ම ඔහුට යෝජනා කළා “අපි පල්ලියට ගොස් පියතුමාට මේ ගැන කියමු” කියා. මගේ මහත්මයා ද ඊට එකපයින් කැමැති වුණා. ඒ අනුව අප පල්ලියට ගොස් පියතුමාට විස්තරය කීවා. ඔහු පල්ලිය තුළට ගොස් යාඥා කර එතුමා පළඳින කුරුසිය මහත්තයාගේ හිසට තැබුවා. කිසි විශේෂයක් සිදුවුණේ නෑ.

ඊළඟට මගේ හිසට තැබුවා. මා වෙව්ලන්නට පටන් ගත්තා. පියතුමා කීවා මට භූත දෝෂයක් තිබෙන බව. ඒ අනුව මුහුදු වැලි අබ හා ලුණු ගෙන්වා යාඥා කර නිවසට හා ඉඩමට ඉසින්නට කියා දුන්නා. අප දෙදෙනා අලුත් නිවසට ගොස් ඒ වැලි අබ හා ලුණු ඉසින විට පුදුම විදිහේ අත්දැකීම්වලට මුහුණ දුන්නා. ඒ කටයුත්ත අවසන් කොට ආපසු නිල නිවසට යන විට තුන් වරක් ම යතුරු පැදියෙන් පෙරළුණා. මහත්තයා ඉතා ම අමාරුවෙන් තමයි බරපතළ අනතුරක්වීම වළකා ගත්තේ.

ඊළඟ සතියේ මගේ මහත්තයාගේ රැකියාවේ ස්ථාන මාරුවක් ලැබුණා. ඒ ස්ථාන මාරුව නගරාසන්නයට ලැබීම නිසා අපට අපේ ම අලුත් ගෙදර පදිංචියට ගියොත් පහසු බව වැටහුණා. දරු දෙදෙනාත් සමඟ මෙහි පදිංචිවීම ගැන සිත යට අහේතුක බියක් තිබුණ ද නිවසේ පින්තාරු වැඩ පසුවට තබා අප එහි පදිංචියට ගියා. එහි පදිංචිවීමත් සමඟ මගේ රෝග තත්ත්වය උත්සන්න වී මා මරණය කරා ළං වුණා. මාසයක් ගතවෙද්දී ගෙදර සිටි හුරතල් පූසා දිව එළියට ඇදී විකාගෙන ඇඳ යට මැරී සිටියා. ගෙදර සිටි බල්ලා ද දින කීපයකට පසු එසේම මිය ගියා. දැන් ගෙදර සියල්ලෝම රෝගීන්. බෙහෙත් බොමින් වේදනාවෙන් කල්ගත කළා.

පවුලේ අඬ දබර, කේන්ති ගැනීම් නිතර සිදුවුණා. කීප අවස්ථාවක ම මා සියදිවි හානි කර ගන්නට ගොස් දරු දෙදෙනා නිසා ඉන් වැළකුණා. දිනක් 14 හැවිරිදි පුතා මා සමඟ අමනාප වී ළිඳේ පනින්නට ගොස් වළකාගත්තේ බොහොම අමාරුවෙන්. මේ අතර මහත්තයා බරපතළ රිය අනතුරකට ලක්ව ඔහු මිය ගොස් ඇතැයි සිතා කිසිකෙනෙකු ඔහුට ළං වී තිබුණේ නැහැ. මම ගිහින් රෝහලට ගෙන ගොස් ඉතා ම අමාරුවෙන් තමයි වෛද්‍යවරු ඔහුට ජීවිතය ලබා දුන්නේ. මගේ අසනීපය උත්සන්න වී වේදනාව උහුලන්න බැරි තත්ත්වයක් උදාවුණා. මේ වනවිට මගේ මව ජීවතුන් අතර හිටියේ නෑ. මම නිතර කෑ ගහන්නට වුණා. “අනේ මගේ අම්මේ මට මේ වේදනාව උහුලාගන්න බෑ.

අනේ! බුදු අම්මේ! කොහේ හරි බෙහෙතක් තියෙනවා නම් හීනෙන් හරි ගෙනැත් මගේ ඇඟේ ගාන්න” කියා අඬ අඬා කිව්වා. දවසක් රෑ මගේ අම්මා හීනෙන් පෙනී සිට මගේ අසනීපයට ප‍්‍රතිකාර ගන්නට යා යුතු තැනක් පිළිබඳ කීවා. ඊට පෙර ඒ ගැන කිසිවක් අප දැන සිටියේ නෑ. මම මේ ගැන මහත්මයාට කියා කෙසේ හෝ එහි යෑමට ඔහු පොළඹවා ගත්තා. අප එතැන හොයාගෙන ගියා. ඒ ඇල්පිටිය, පොරවගම, දියකිතුලකන්ද නැමැති ආරණ්‍යයක්. අම්බලන්ගොඩ විශාල දේපළක් අතහැර පැවිදි වී භාවනා යෝගීව විසූ හාමුදුරු නමක් එහි විසුවා. උන්වහන්සේ චිත්ත බලයෙන් ලෙඩ සුව කළ කෙනෙක්. අප එහි ගිය විට උන්වහන්සේ චිත්ත ශක්තිය මෙහෙයවා කීවේ

“මෙය නිවස හදනවාට ඊර්ෂ්‍යාවෙන් කළ විනයක්. මේ ගෙදර නෝනාගේ නම මුල් කැරගෙනයි විනය කර ඇත්තේ. බලගතු යක්ෂ බන්ධනයක් කර ඇති බවත් මෙය ඉවත් නොකළහොත් නෝනා ගේ මරණය වළක්වන්න බැහැ. මේ නිවසට සමීප ම ගෙදරක කෙනෙක් තමයි මෙය කර තියෙන්නේ. ඒ වගේ ම මෙය ඉවත් කළොත් අනිවාර්යයෙන් ම කළවුන් කරා ආපහු යනවා” කියා ය.ඒ අනුව උන්වහන්සේ චිත්ත ශක්තිය මෙහෙයවා මා කෙරෙහි බැඳී සිටි අමනුෂ්‍යයන් ඉවත් කොට අපට නිවසේ සිදු කිරීමට බෞද්ධ වත් පිළිවෙත් නියම කළා.

ඒ අනුව මා ශාරීරිකවත් මානසිකවත් විශාල සුවයක් ලැබුවා. සහනයක් ලැබුවා. ඒ සමඟම අපේ නිවසට යාබද නිවසේ සිටින කාන්තාව අංශබාධ රෝගය වැළඳී වැටුණා. ඇය රෝහලට ගෙන ගියේත් මමයි. මගේ ඔඩොක්කුවේ ඇගේ හිස තබාගෙන රෝහලට ගෙනගියා. එදා මම විඳපු සියලු දුක් වේදනා ඒ වගේම ඇය දැන් විඳිනවා. මම දැන් නිතර ඇයට අවශ්‍ය සාත්තු සප්පායම් කරනවා. උදව් කරනවා. සමහර වේලාවට ඇය මා දෙස බලාගෙන කඳුළු සලනවා. ඒත් කිසි දෙයක් කියන්නේ නෑ.

දැන් මගේ දරු දෙදෙනා හොඳට ඉගෙන ගෙන උසස් රැකියාවල නිරත වෙනවා. අපි සන්තෝසයෙන් කල් ගෙවනවා. මේ කතාවෙන් මට කියන්නට අවශ්‍යවන්නේ ඕනෑම රෝගයක් සුවපත් නොවී, ප‍්‍රතිකාරවලින් සුවයක් නොලැබේ නම්, විශේෂයෙන් ම ආතරයිටීස් වැනි රෝගවලදී අපට නොපෙනෙන පැත්තක් එහි තියෙන බවයි. ඒ වගේ ම පූර්ව පාප කර්ම විපාක ගෙවන කාලයට පෙ‍්‍ර්තයන් වැනි අමනුෂ්‍යයන් ඒ ඒ පුද්ගලයන්ට හා ඔවුන්ගේ ශරීරවලට සමීප වෙනවා.

ඒ හරියට දුඟද හමන තුවාලයකට මැස්සන් පැමිණීම වගෙයි. ඒ බාහිරව පැමිණෙන මැස්සා තුවාලයට ඉහඳ තැබූ විට පණුවන් දමා ඒ තුවාලය තවත් දරුණු ;වනවා වගේ. අමනුෂ්‍යයන් නිසා ලෙඩ දුක් කරදර දෙගුණ තෙගුණ වෙනවා. කියන එකයි. ඒ නිසා අපට නොපෙනෙන ලෝකයකුත් තිබෙන බව හිතන්න ඕනෑ. ඒ වගේ ම දියකිතුලෙකන්දේ යෝගාවචරයන් වහන්සේ දැන් අපවත් වෙලා” යැයි මේ කතාව නියම නම් ගම් සහිතව අපට ලියා එවා තිබූ ඒ මහත්මිය වැඩි දුරටත් සඳහන් කැර තිබුණාය.

එසේ ම තමන් වින කළ බව කියන කාන්තාවට ඇය කරුණාවෙන් මෛති‍්‍රයෙන් උදව් උපකාර කිරීම ද උතුම් ගුණාංගයක් බව සඳහන් කරමු. ඇය විශ්වාස කරන්නේ ඇගේ මිය ගිය මෑණියන් හීනෙන් පැමිණ උදව් නොකළා නම් තමන් වැළලූ තැන දැන් මහ ගස් හැදී තියෙන්නට ඉඩ තිබුණ බවයි

මතුගම මහින්ද විජේතිලක

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළ...