Friday, September 29, 2017

බලවත් ප්‍රේතයන් දුර්වල ප්‍රේතයන්ට 'පාට්' දාන හැටි


Related image

ඉන්ද්‍රා රත්නපුර ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි රූමත් තරුණ කාන්තාවකි. එක් දරු මවකි. දැනට මාස අටක පමණ කාලයක සිට ඉන්ද්‍රා කුරුණෑගල ප්‍රදේශයේ දේවාලයකට යන්නට පටන් ගෙන ඇත. මේ දේවාලයේ සාත්තර කියන්නේ මැණිකෙ මෑණියන්ය. ඇය හතළිස් පස් හැවිරිදිය. ඉන්ද්‍රාගේ බඩේ ගෙඩියක් තියෙනවා යැයි එය මැණිකෙ මෑණියන් දෙවියන් ලවා සුවපත් කර දෙන බවට පොරොන්දු වූ නිසා ඇය නිතර එහි යන්නට වූවාය. දැන් ඉන්ද්‍රා දවසක් ඇර දවසක් මැණිකෙ මෑණියන් සොයා යන්නට තරම් පුරුදුව ඇත. මෙය අසාමාන්‍ය දෙයක් බව ඉන්ද්‍රාටද වැටහී ඇත. එහෙත් ඇයට දැන් මැණිකෙ මෑණියන් නොදැක ඉන්නට බැරි තත්ත්වයක් උදා වී තිබේ. මේ පිළිබඳ ඉන්ද්‍රා සැමියාටද පවසා ඇති අතර ඔහු ඇය මනෝ වෛද්‍යවරයකුටද පෙන්වා ප්‍රතිකාර ලබාදී ඇත. එහෙත් කිසිදු වෙනසක් සිදුව නැත.

ඉන්ද්‍රාගේ මේ දවසක් ඇර දවසක් දේවාලයට යන ගමන ගැන සැක සිතා ඉන්ද්‍රාගේ සහෝදරයෙක් ඇගේ සැමියා සමඟ රහසිගතව සාකච්ඡා කළේය. දිනක් ඉන්ද්‍රාට දේවාලයට යන්නට ඉඩහැර පසුපසින් ගොස් ඇත. මේ දේවාලකාරියත් ඉන්ද්‍රාත් අතර අස්වාභාවික සම්බන්ධයක් පවතින බව ඔවුන්ට දැන ගන්නට පුළුවන් විය.
ඇය ආපසු නිවෙසට පැමිණි පසු ඔවුහු ඇගෙන් ප්‍රශ්න කළහ.

'ඔව් අපේ සම්බන්ධය අසාමාන්‍ය බව මට තේරෙනවා. වැරැදි බවත් වැටහෙනවා. ඒත් මට මෑණියෝම ඕනෑ. එයා මට පිරිමියෙක් වගෙයි. මට මේ පවුල් ජීවිතේ අවශ්‍ය නෑ. මෑණියො සොයාගෙන යන්නමයි මට හිතෙන්නේ'යි ඉන්ද්‍රා කීවාය.
ඇගේ සහෝදරයාත්, සැමියාත්, මෙහිදී ඉතා ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කළහ. ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය පොලඹවාගෙන රැගෙන ගියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා පළමුවම ඉන්ද්‍රා සමඟ සාකච්ඡා කළේය.
'ඔව් මහත්මයා, මට මැණිකෙගෙ රූපය නිතර මැවිලා පේනවා. එයා හොයාගෙන යන්නමයි හිත. මටත් හිතාගන්න බැහැ මට මොනවද වුණේ කියලා.' ඇය ප්‍රකාශ කළාය.

එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඉන්ද්‍රා පැද්දෙන්නට වූවාය. ඉන් එහා දෙයක් සිදු නොවූ නිසා ශක්ති ගැල්වූ ආරක්ෂා නූලක් ඇයට දමා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.
දෙවැනි දිනයේ පැමිණි විට ඉන්ද්‍රා ප්‍රලය වී 'හූ' කියන්නටත් කෑගසන්නටත් ඇඳුම් ඉරා ගන්නටත් වූවාය. මේ කෑකෝ ගැසීම නතර නොවන බැවින් භූතාත්මය නිහඬ කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි ගවේෂකවරයා කීවේය.
ඊළඟ දිනයේ ඉන්ද්‍රාට ශක්ති කිරණ එල්ල කරන විට ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

'කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?'
'අප්පෝ.'

'කවුද එව්වේ?'
'මැණිකෙ මෑණියෝ මේ නෝනගෙ ඇඟට දැම්මා.'

'ඒ මොකටද?'
'මැණිකෙට ඕනෑ ඕනෑ වෙලාවට මෙයාව එක්ක එන්න කියලා මට පවරලා තියෙනවා.'
'ඉතින්?'
'මම මැණිකෙ ළඟට ගිහින් දෙනවා.'

'ඊට පස්සෙ?'
'මැණිකෙ මෙයාව දේවාලෙ ඇතුළෙ කාමරයට අරන් යනවා.'

'ඒ මොකටද?'
'..........' භූතයා නිශ්ශබ්දය.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට පිම්බුවේය.
'ඇත්ත කියනවා. මොකටද අරගෙන එන්නෙ?'
'අනේ මහත්තයෝ ඒවා කියන්න අපට වරම් නෑ.'
'තමුන් ඔය දේවාලයට ඇවිත් කොයි තරම් කල්ද?'
'හුඟක් කල්.'
'මොනවද කරන්නෙ?'
'එදා ඉඳලා බැල මෙහෙවර කරනවා.'

'තමුන් දැන් ඉන්නේ ප්‍රේතාත්මයක. දිව්‍යාත්මයකට යන්න කැමැති නැද්ද?'
'ඒ කොහොමද?'
'සිද්ධස්ථානයකට ගිහින්, පින්කම්වලට අතහිත දීලා.'
'මට එහෙම කරන්න බැහැ. මම එහෙම ගියාට ලොකු මාමා මාව එළවනවා.'

'කවුද ලොකු මාමා කියන්නේ?'
'මේ මැණිකෙගෙ ලොකු මාමා. එයා බලවත් භූතයෙක්. එයාගෙ අවශ්‍යතාවටයි මම මෙයාගෙ ඇඟේ ඉන්නේ.'
'එයාව මෙතැනට ගෙන්න දෙන්න බැරිද?'
'අපෝ බෑ. එයා බලවත්. එයා දැන් හැංගිලා ඉන්නේ.'

ගවේෂකවරයා ඉන්ද්‍රාගේ ශරීරයෙන් අප්පොගෙ භූතාත්මය ඉවත් කොට ලොකු මාමාගේ භූතාත්මය ගෙන්වීය. මහා ගෝරනාඩුවක් කරමින් දඟලන්නට විය.
'කවුද මේ?' ගවේෂකවරයා ඇසීය.
'මම තමයි කුරුං ගුරුන්නාන්සේ. තෝ කවුද මගෙන් ප්‍රශ්න අහන්න' යැයි ගවේෂකවරයාට අපහාසාත්මකව කතා කළේය.
ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ලකොට පිච්චුවේය.

'කුරුංගුරා කියන්නේ කවුද?'
'මේ මගේ දුව. අක්කගෙ දුව. මගේ අතින් මේ ළමයාට වැරැද්දක් වුණා. ඒ වැරැද්දට ණය ගෙවන්න දැන් කඹුරනවා.'
'අක්කගෙ දුවට වරදක් කරන්න තරම් උඹ පාහර ජඩයෙක්නෙ. ඇයි උඹ ඒ වගේ දේකට පෙලැඹුණේ?'
'ආසාවට.'

'උඹලට මෙහෙම ජීවිත බිලි දෙන්න බැහැ. කරපු අපරාධ මදිවට මේ අහිංසක පවුල් විනාශ කරන්නත් හදනවා. උඹට දින හතක් කල් දෙනවා. ඔය ජඩ වැඩ නතර කරන්න ඕනෑ. ඔය දේවාලෙ කටයුතු වහාම නතර කරන්න ඕනෑ' යි කුරුං ගුරාගේ භූතාත්මය ඉතාම දුර්වල වන තුරු ශක්ති කිරණ එල්ල කොට අඩපණ කර දමා එළියට ඇද දැම්මේය.

නැවැත අප්පෝගේ භූතාත්මය ගෙන්වා මෑණියන්ගේ දේවාලය විනාශ කර ආවොත්. බන්ධනවලින් නිදහස් කැර දේවාත්මයකට යවන බව කීය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා අප්පොගේ භූතාත්මයට පින් අනුමෝදන් කැර එන ලෙස ඉන්ද්‍රාගේ සැමියාටත් සහෝදරයාටත් නියම කළේය.
මේ අතර මැණිකේ මෑණියන් ඉන්ද්‍රා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්නා බව දැනගෙන කසුන් නාගොඩවිතාන මහතාට දුරකතනයෙන් බැන්නාය.

'තමුසෙට සාප වෙනවා. මම තමුන්ගෙන් පළි ගන්නවා.'
'පාහර වැඩ කරලා. පළිගන්න බැරි නම් මාව මරාගෙන කාපං. උඹල වගේ අය දෙවියන්ගේ නම විකුණලා පෙරේතයන් අල්ලාගෙන ජීවිත විනාශ කරනවා. ඒවාට ඉඩ දෙන්න බැහැ' යි නාගොඩවිතාන මහතාද තරවටු කළේය.
සතියකට පසු ඉන්ද්‍රා සමඟ සැමියාගේ සහෝදරයාත් නැවැත පැමිණියහ. එදිනද ඉන්ද්‍රාගේ ශරීරයට අප්පොගේ භූතාත්මය ගෙන්වීය.

'අප්පෝ කොහොමද?'
'මම දැන් බය නැහැ, මහත්තයා ඔන්න මම වැඩේ දුන්නා.'
'මොකක්ද කළේ?'
'අරකිගෙ දේවාලෙ විනාශ කළා. ගිනි තිබ්බා.'
'ඔය වගේ අපරාධ කරන දේවාලවලට ඔහොම තමයි කරන්න ඕනෑ.'

'දැන් කෝ කුරුං ගුරා?'
'අන්න අරකිගෙ දේවාලෙ තිබුණ තැන නැඟිට ගන්න බැරුව වැටිලා ඉන්නවා. තව අවුරුදු සිය ගණනකට එයාට නැඟිටින්න බැහැ' යි අප්පොගේ භූතාත්මය කීවේය.
අප්පොගෙ භූතාත්මය බෝධි පූජාවලින් දුන් පින් අනුමෝදන් වී බලවත්ව සිටියේය. ඔහු කළ සේවය පිළිබඳ සලකා නිවෙසේ සාංඝික දානයක් පිරිනමා නැවැත පින් අනුමෝදන් කරන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය.
දැන් ඉන්ද්‍රා පියවි තත්ත්වයට පත්ව සිටින්නීය.

අකුණු මතින් අතුරුදහන් වෙන දැරියගේ කතාව

ඇමෙරිකාවේ, චිකාගෝ නුවර, ඉලනොයි වල තිබෙනවා එක් සුසාන භූමියක්.. මෙහි විවිධ ආකාරයේ සොහොන් කොත් පිහිටලා තියෙනවා, ඒත් එකක් විශේෂයි අනිත් හැම එකෙකටම වඩා, මේ සොහොන කොත තිබුනේ විදුරු ආවරණයක් තුළ, අකුණු ගසිමින් වහින කිසිම වෙලාවක කාරුත් මේ සොහොන පැත්තේ ගියේ නෑ.. මොකද මේ සොහොන්කොතේ දැරිය ඒ වෙලාවට මේ විදුරු ආවරණය තුළින් අතුරුදහන් වෙනවා....
මේ පුරාවෘත්තයේ දැරියගේ නම ඉනෙස් ක්ලාර්ක්.. ඇය උපත ලබන්නේ 1873 සැප්තැම්බර් 20 වෙනිදා දී මේ ප්‍රදේශයේ දීමයි.. නමුත් ඇයට වැඩි කාලයක් ජිවත් වෙන්න ලැබෙන්නේ නෑ.. ඇය වර්ෂ 1800 කාලයේ පැවැති දැඩි අකුණු සහිත මහ කුණාටුවකට කොටු වෙනවා.. ඇයට එහි එක් අකුණු පහරක් වදිනවා, ඇය ඉතා අවසානවන්ත ලෙස ඇයගේ දෙමාපියන් ඉදිරියේ ම මිය යනවා ඒ 1880 අගෝස්තු 01 වෙනිදා ඇයට වයස අවුරුදු 07ක් ලබන්නටත් පෙර.. ඇයගේ අවසන් කටයුතු ඉලනොයි ඇය ජිවත් වුනු ප්‍රදේශයේ ම සුසාන භූමිය වුනු ග්‍රේස්ලෑන්ඩ් සුසාන භූමියේ දී සිදු කරනු ලබනවා... John N හා Mary C ක්ලාර්ක් විසින් ඔවුන්ගේ ආදරණීය දියණිය සිහිවෙන්න ඒ ස්ථානයේ ඇයගේ ජීවමාන රුවට සමාන රුවක් සහිත පිළිමයක් ගොඩ නගනවා ඇය ඉතා අහිංසකව පුටුවක් මත වාඩි වී, එක් අතකින් කුඩයක් ද රැගෙන සිටින ආකාරය මේ පිළිරුවේ තිබුනා.. මේ පිලිමයේ වැඩ කටයුතුත් ඉක්මණින් අවසන් වුනා..
නමුත් මේ පුරාවෘතයේ කතාව අරාම්භ වෙන්නේ ඊට පස්සේ.. අහස අදුරු වෙලා කුණාටු එන හැම දිනයකම විදුලි කොටන සෑම වෙලාවක අකුණු හඩ පුපුරන හැම දිනයකම මේ පිළිමය මේ විදුරු ආවරණය තුළින් අතුරුදහන් වුනා.. එදා ඉලනොයි වල පිරිස් කිව්වේ මේ පුංචි දැරියගේ ආත්මය තවමත් මේ සුසාන භූමියේ තියෙනවා කියලායි.. ඇය තාමත් අකුණු පුපුරන කොට බයයි ඒ නිසා මේ පිළිමය අතුරුදහන් වෙනවා කියලා ඔවුන් කිව්වා..
මේ සිදුවීම මුලින් ම දැක්කේ ග්‍රේස්ලෑන්ඩ් එකේ පරණම ආරක්ෂකයාව විදිහට හිටිය වයසක මනුස්සයෙක්.. මහ කුණාටුවක් අකුණු සහිත වැස්සක ඔහු සුසාන භූමිය අසලින් ගමන් කරමින් හිටියා.. ඒ යද්දි පුංචි ඉනෙස් එයාගේ සොහොන කොත උඩ හිටියේ නෑ.. ඔහු ඇතින් දැකපු දේ බලාගන්න මේ විදුරු ආවරණය ළගටම ගියා.. ඒත් ඔහුගේ සැකය හරි පිළිමය අතුරුදහන් වෙලා. විදුරු පෙට්ටියට කිසිදු දෙයක් වෙලා නෑ.. ඒක ඇතුලේ තියෙද්දීම අතුරුදහන් වෙලා.. හරියටම වැස්ස ඉවර වෙලා දවසකට පස්සේ මේ පිළිමය නැවත තිබුණු තැන තිබුනු විදිහටම තිබුනාලු..
අද වෙද්දී මේ තැනට ගොඩාක් පිරිස් එන්න පටන් ගත්තා..එයාලා ඉනෙස් ට තෑගි තියලා ගියා.තාමත් මේක කතාවක් විතරයි.. ඒත්... ඔයාලා හොදින් මේ සොහොන ළග අහගෙන හිටියොත් පුංචි දැරියක් බයෙන් අඩනවා අහන්න පුළුවන්..සමහරක් අය පරණ තාලේ ඇදුම් ඇද ගත්ත පුංචි දැරියක් සොහොන භූමිය පුරා නටමින් යනවා දැකලා තිබුනා.. හැම කතාවකම වගේ මෙතන ප්‍රශ්න ගොඩාක් ඉතිරි වුනා..
කතාවක් තියෙනවා මේ සොහොන ඇත්තටම ඉනෙස් ක්ලාක් වලලපු තැන නෙමෙයි කියලා මේක ඇමෝස් බ්රෝග්ස් කියන පුද්ගලයා භූමිදානය කරපු තැනයි මේ පිළිමය ඉදි කරලා තියෙන්නේ කියනවා. තවත් කියනවා ඉනෙස් දැන් වෙනත් ජිවතයක් ලබලා ඇති එයා පවතින දෙයක් නෙමෙයි කියලා.. කොහොම වුනත් සුසාන භූමියේ වාර්තා පරික්ෂා කරපුවාම ඒ වගේ තිබුනේ ඇත්තටම වෙනස් දෙයක් ඇයගේ නම ඉනෙස් ක්ලාර්ක් නෙමෙයි ඉනෙස් බ්රෝග්ස් කියලා මේ සොහොන කොත යට ඇත්තටම භූමිදානය කරපු... කොහොම වුනත් මේ ගැන පුරාවිද්‍යා පරික්ෂණයක් පැවැත්වූ අතර පරණ ලේඛන වල හා සොහොන් කොතේ විශාල වශයෙන් හදුනා ගත නොහැකි දෝෂ තිබුනා කියලා සදහන් වෙනවා..
තවත් පිරිසක් කියන දෙයක් තමයි ඒ ප්‍රදේශයේ මුර්ති නිර්මාණ ශිල්පියෙකු විසින් මේ පිළිමය මෙතනට ගෙනත් දාන්න ඇති බවයි ඒ වෙළද ප්‍රචාරණයක් ලබා ගන්න..
ඇත්තටම අපි අවංක විය යුතුයි.. මේ කතාව රසවත් බව අත්විදින්න.. සැබැවින් ම අපි විශ්ලේෂණයක් කරොත් මෙවැනි දෙයක් ඇත්තටම වෙන්නේ නෑ.. නමුත් මේ පිළිමය වටා රසවත් කතාවක් ගොඩ නැගී තියෙනවා.. මේ ඉනෙස් ගැන තියෙන එක කතාවක් විතරයි.. තව කතාවක් තියෙනවා ඉනෙස් මිය ගියේ
tuberculosis (ක්ෂය රෝගය) නිසා කියලා.. ඉතින් කොහොම වුනත් කතාව රස විදින්න ඔයාලා ඒක විශ්වාස කරත් නැතත්.....
ඒත් අන්තිමට ගැටලුවක් හොල්මන් සැබැවින් ම පවතිනද?
ඇත්තටම?

මොනවා වෙලාද තමුන් මැරුණේ? ගෙයක් බිඳින්න ගිහින් වෙඩි වැදිලා මැරුණා


අචලා හරිම ලස්සනයි. හැබැයි ගෘහණියක්. පදිංචි සීතාවක. අචලා ඉස්සර මීටත් වඩා හුඟාක් ලස්සනට ඉන්න ඇති. ඒත් දැන් අචලා තුළින් සතුටක් පෙනෙන්නට නැහැ. ඒ කායික දුක් පීඩා නිසා. මානසික තැවුල් අසහන නිසා. අචලාගෙ ස්වාමිපුරුෂයා රාජා ඉන්ජිනේරුවෙක්. මේ දෙන්නාට වයස අවුරුදු තිස්පහක හා හතළිහක තරම් වයස. අවුරුදු දහයක හා අටක පුතුන් දෙන්නෙක් ඉන්නවා.

රාජාත් අචලාත් විවාහ වෙලා දැනට අවුරුදු අටක් වෙනවා. දැනට අවුරුදු දෙකක ඉඳලා මේ ගෙදර තිබුණු සතුට, සමාදානය පලා ගිහින්. රාජා හැන්දෑවට ගෙදරට එන්නේ යකා වගේ. කොහොම හරි, මොනවා හරි පුංචි අඩුපාඩුවක් හොයාගෙන රණ්ඩු කරනවා. අචලාට ගහනවා, බනිනවා. සුමානෙකට දවසක් දෙකක් මේ ගෙදර පිඟන් පීරිසි පියාසර කරනවා. සලාං සලාං තාත්තගේ නපුරුකම ඉදිරියේ පුතාල දෙන්නා බිරාන්ත වෙලා හැංගෙනවා. පොඩි එවුන් දෙන්නටත් මේ මිනිහා නපුරුයි. අචලගෙ අහිංසකකම නිසාම පවුල් ජීවිතේ ආරක්‍ෂා වෙලා.

මේ දිහා බලා ඉන්න බැරුව රාජගේ අම්මයි තාත්තයි රාජාව මානසික වෛද්‍යවරුන් ළඟට අරගෙන ගියා. මෙයාට එහෙම ලෙඩක් නැතිලු. මනෝ උපදේශකයන් ළඟට ගෙන ගියා. ඒත් වැඩක් වුණේ නෑ. දැන් අචලට ගෙයින් ‍ෙදාට්ට බහින්න දෙන්නෙ නෑ. උදේට රස්සාවට යනකොට අචලව ගෙට දාල ‍ෙදාරවල් වහලා යතුරු අරගෙන යනවා. හැබැයි මේ ගෙදර විශේෂයෙන් මේ දෙන්නම "මළවුන්ගේ හෝරාව" කියවනවා. දවසක් අචලා එයාගෙ අම්මයි තාත්තයි එක්ක ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගියා. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැහුණා. මේ දුක්ඛදායක විස්තරය කිව්වා.
"අනේ බලන්න මහත්තයා. මගේ මහත්තයා රා අරක්කු බොන්නෙත් නෑ. වෙන වැරැදි වැඩ කරන්නෙත් නෑ. පිටස්තර සමාජයටත් හොඳයි. ගෙදරදි තමයි යකා නටන්නේ. මට නම් දැන් ඇත්තටම මේ ජීවිතේ එපා වෙලා"යි අචලා කිව්වා.
"ලෙඩා නැතිව කොහොමද ප්‍රතිකාර කරන්නේ? කොහොම හරි එක්ක ගෙන එන්න."

නාගොඩවිතාන මහත්මයා කිව්වා.
"අනේ මහත්තයා, ඒක නම් කොහොමවත් කරන්න බෑ. දැන් එයාගෙ අම්මා තාත්තා කියන දේවත් අහන්නෙ නෑ. හැබැයි 'මව්බිමේ' යන මේ ලිපිය නම් එයා බොහොම උනන්දුවෙන් කියවනවා. සමහර දාට කියනවා මටත් මෙහෙම අමනුස්සයෙක් වැහෙනවද දන්නෙ නෑ කියලත්."

නාගොඩවිතාන මහතා අචලාගෙන් රාජාගේ දුරකතන අංකය ඉල්ලා ගෙන තමන් ගැන හඳුන්වා දෙමින් ආධ්‍යාත්මීය ප්‍රතිකාර පිළිබඳ හඳුන්වාදීමක්ද සිදුකොට කතා කළහ.
"මහත්මයා මම මේ වගේ රෝගීන්ට දුරකතනයෙන් කතා කරන්නේ නෑ. සමහර විට මේ ඔබතුමාගේ වාසනාවක් වෙන්නත් පුළුවන්. දැන් මේ මගේ ඉදිරිපිට නෝනයි අම්මයි තාත්තයි ඉන්නවා. මම දැන් විස්තරය දන්නවා. මට දැනෙනවා ඔබේ පවුල විනාශ කරන්න අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. උගත් කෙනෙක් වශයෙන් ඔබතුමා හිතන්න අපේ පියවි ඇසට නොපෙන බලවේග ශක්තීන් තියෙන බව. මහත්මයාගේ මේ අස්වාභාවික හැසිරීම් නිසා පවුලේ සතුට සමාදානය නැති වෙලා. දරු දෙන්නාගේ අධ්‍යාපනයට බාධා වෙලා. පවුලේ කිසිම දියුණුවක් නෑ. ඔය ගහන පාරකට නෝනව මැරුණොත් මොකද වෙන්නේ? ඔය උගත්කම්වලින් වැඩක් නැතිව යනවා. හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. දරු දෙන්නා අනාථ වෙනවා. රස්සාවල් නැතිව ගිහින් හිරගෙදර තපින්න වෙනවා. වරදක් හේතුවක් නැතිව නෝනව මැරුවයි කියලා හැමදාම මානසිකව පීඩා විඳින්න වෙනවා. ඉතින් අපි මේකට මොනවද කරන්නෙ?"
"හරි, මහත්මයා මේ ගැන මැදිහත් වුණාට බොහොම ස්තුතියි. මම ඉක්මනින් මහත්මයා මුණ ගැහෙන්න එනවා. මට මුණගැහෙන්න දිනයක් දෙන්න."
"හොඳයි එහෙම නම් ලබන ඉරිදා මාදිවෙල ධර්මපාල මාවතේ විශ්ව ප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මා හමුවෙන්න"යි නාගොඩවිතාන මහතා කීවා.
රාජා එදින කැමැත්තෙන්ම බිරියත්, නැන්ද මාමාත්, තමන්ගේ සහෝදරයන් කැටුව පැමිණියා. රාජාද නිතර බඩේ අමාරුවකින් පෙළෙන බවත්, හීනෙන් බියවන බවත් අනාවරණය කළා.

රාජාට කිරණ ශක්තිය එල්ල කරනවිට ඔහු පැද්දෙන්නට වුණා. අඬන්නට වුණා. ඉන් එහා දෙයක් මතු නොවුණු බැවින් "පේනවා නේද? බලවත් අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා. පවුලේ හැම දෙනාම එක්ක ගමේ පන්සලේදී දවස් විසිඑකක් බෝධි පූජා පවත්වා නැවැත එන්නැ"යි බෝධි පූජාවට අවශ්‍ය උපදෙස් දුන්නා.
ඊළඟට පැමිණි දිනයේද රාජා දිෂ්ටි ගැන්වී එදා මෙන්ම අඬන්නට ගත්තා. විනාඩි දහයක් පමණ එකදිගට අඬන්නට ඉඩදී ගවේෂකවරයා කිරණ අල්ලා ප්‍රශ්න කරන්නට වුණා.
"කවුද මේ අඬන්නේ?"
"මම සුමන."

"කවුද සුමන කියන්නේ?"
"මෙයා මගේ"යි අත දිගුකොට අචලා පෙන්වූවා. "ඔව් මහත්තයා මෙයා මගේ. මට මෙයා ඕනෑ. මම මෙයාගෙ පස්සෙන් ආවා යාළු කරගන්න. මෙයා මට කැමැති වුණේ නෑ. මේ මහ එවුන් දෙන්නා මෙයාව මූට කසාද බන්දලා දුන්නා"යි රාජා පෙනවූවා.
"තමුන් මොකක්ද කරපු රස්සාව?"
"මම කසිප්පු වික්කා. හොඳ ආදායම, පොලිසියේ දෙතුන් දෙන්නෙක් යාළු කර ගත්තාම කරදරයක් නැතිව හොඳ බිස්නස් එක. මුන් අකැමැති වුණාට."
"මොනවා වෙලාද මැරුණේ?"
"ගෙයක් බිඳින්න ගිහින් වෙඩි වැදිලා මැරුණා."

"ඉතින් බලනවකො. තරුණ ජීවිතය කසිප්පු ජාවාරමට ගෙවනවා මදිවාට ගෙවල් බිඳින හොරකම්වලටත් ගිහින්. අපරාධකාරයෙක් වශයෙන් වෙඩි කාගෙන මැරුණා. ඉතින් තමුන් වගේ කෙනකු එක්ක යාළු වෙන්න ගෑනු ළමයෙක් කැමැති වේවිද?"
"ඒ වුණාට මම මෙයාට ආදරෙයි. මෙයාව මට ඕනෑමයි. මම මූ ලවා මරවලා අරගෙන යනවා. මගේ ළඟට ගන්නවාමයි."

"ඒ කොහොමද?"
"මූ ඔය විදියට ගහන බනින කොට අචලා ජීවිතේ නැති කර ගනීවි. නැත්නම් මූ ගහන පාරකට මැරේවි. එතකොට මම අරගෙන යනවා."
"තමුන් මහා ආත්මාර්ථකාමියෙක්. අචලව තමුන්ට අයිති නෑ. නමුත් මහත්තයෙක් වගේ ඉවත් වෙලා යනවද? නැත්නම් බල්ලෙක් වගේ පන්නලා දාන්නද? මේ දෙකෙන් එකක් තෝරා ගන්න මම දවස් හතක් කල් දෙනවා"යි ප්‍රේතයාට කියූ ගවේෂකවරයා තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි අචලාටත් රාජාටත් කීවා.
ඊළඟ දිනයේද රාජා ප්‍රලය වුණා.

"මොකද කියන්නේ? මේ අයව අතහැරලා ඉවත්ව යනවද නැද්ද?"
"නෑ.... නෑ... මම යන්නේ නෑ. මෙයාව අරගෙනමයි යන්නේ."
"තමුන් මෙයාව මැරුවත් තමුන්ට අචලව ලැබෙන්නේ නෑ."

"ඒ මොකද?"
"තමුන් ප්‍රේතයෙක්. අචලා හොඳ කෙනෙක්. අචලා මැරුණත් දිව්‍ය ලෝකයකට යාවි. තමුන්ට ලැබෙන්නේ නෑ. පෙරේතයන්ට දිව්‍යාංගනාවක් ලැබෙන්නේ නෑ. හැබැයි අචලට කරදර නොකළොත් මෙහෙමවත් බලලා යන්න පුළුවන්. දිව්‍යලෝක ගියොත් දකින්නවත් ලැබෙන්නේ නෑ. මෙහෙම කරදර කළොත් අපි අල්ලලා බැඳලා මූදට දානවා. එතකොට අචලව ලැබෙන්නෙත් නෑ. තමුන්ගේ ආච්චි සීයා දෙන්නව මුණගැහුණාද?"
"නෑ මට මුණගැහුණේ නෑ."

"අන්න ඒ වගේ තමයි අචලා මැරුණත් තමුන්ට මුණගැහෙන්නෙ නෑ."
"අනේ ඉතින් මම මොනවද කරන්න ඕනෑ?"
"තමුන්ට මේ භවයේ අචලව නම් ලැබෙන්නේ නෑ. ඇත්තටම ආදරේ නම් මෙයාව ඊළඟ භවයේවත් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමින් පින්දහම් කරන්න ඕනෑ."
"පිනය කියන්නේ සිත පිනා යෑම. හැබැයි පවු කරකොටත් සිත පිනා යන්න පුළුවන්. එහෙම නෙවෙයි හොඳ යහපත් දේවල් කුසල් කරනකොට සිතේ ඇතිවන ප්‍රසන්නභාවයේ ශක්තියටයි පින කියන්නේ. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාවෙන් පින් කරන්න ඕනෑ?"
"අචලව ලබන ආත්මෙවත් ලබා ගන්න ඔබතුමා කියන දෙයක් කරන්නම්."

"පළමුවෙන් පන්සිල් සමාදන් වෙන්න ඕනෑ"යි ප්‍රේතයා පන්සිල් සමාදන් කැරවූවා.
"දැන් මේ අයගෙන් පළිගන්න මරණ අදහස් අතහරින්න ඕනෑ. මෙහේ හිටියොත් අචලව දකින් කොට තණ්හාව, ආශාව, වෛරය ඇතිවෙනවා. ඒ නිසා මේ පැත්ත පළාත අතහැරලා අනුරාධපුරයට යන්න. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ සැදැහැවතුන් සිල් සමාදන් වෙනවා. දානමාන දෙනවා. ඒවාට අතහිත දීලා පින් රැස්කර ගන්න ඕනෑ."
"අනේ එහෙම නම් මාව එතැනට යවන්න."

ප්‍රේතයා පලතුරු වට්ටියකට සම්බන්ධකොට අනුරාධපුරයට යැව්වා.
දැන් රාජාත් අචලාත් දරු දෙදෙනාත් සතුටෙන් සමාදානයෙන් කල් යවනවා. ගවේෂකවරයා උපායෙන් ප්‍රේතයා ඉවත් කොට හැරියා. මීළඟ භවයක අචලා ඔහුට ලැබේදැයි අපි දන්නේ නැහැ. එය කර්මඵල න්‍යායට අනුව සිදුවනු ඇති.

---නොඉදුල් දැරියගේ මිනියෙන් නයි පිල්ලිය යවයි---


Image result for cobra

ජයනන්ද පාරම්පරික රදළ පෙළපතකින් පැවැත එන්නෙකි. පාරම්පරික ධනවතෙක් වූ ඔහුගේ පියා සුදු පාලකයන්ගෙන් තාන්න මාන්න මෙන්ම වරප‍්‍රසාද ද ලැබූවෙකි. එංගලන්තයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතෙක් වූ ජයනන්ද සතුව තේ වතු මෙන්ම වෙනත් ආදායම් මාර්ග රැුසක් ද විය. ජයනන්දගේ පියාගේ මරණයෙන් පසු පවුලේ එකම දරුවා වූ නිසාම පියාගේ නමින් වූ සියලූ ව්‍යාපාරවල පාලනය ද ඔහුට හිමිවුණි. ඔහු කිසිම දිනක පය නොගැසූ වතු හා වෙනත් කර්මාන්ත හරහා මාස්පතා ව්‍යාපාරයේ ගිණුමට මුදල් බැර කෙරිණි. කාලය කෙමෙන් ගෙවී යමින් පැවැතුණි. බොහෝ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජයනන්දගේ සිතත් දේශපාලනය කෙරෙහි ඇදී යන්නට වූයේ මේ අතර තුරය. ඔහු සිත් ගත් එක් දේශපාලන පක්ෂයක් උදෙසා යහමින් මුදල් වැය කළේය.

ඔහුගේ බලාපොරොත්තුව වූයේ තමා සිටි ප‍්‍රදේශයේ ම ප‍්‍රබල දේශපාලනික තනතුරක් ලබා ගැනීම වුවත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නැත. එයට හේතුව වූයේ එම ප‍්‍රදේශයේ සිටි දේශපාලන බලවතා ජයනන්දගේ පියා සමඟ ඇති වූ ගැටලූවක් මත ජයනන්දගේ පරපුර සමඟ දැඩි වෛරයකින් විසීමයි. මේ හේතුවෙන් ජයනන්දගේ බලාපොරොත්තුව දිනෙන් දින බිඳ වැටෙන්නට වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ තම අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජයනන්ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පිහිට සොයා යෑමයි. දකුණු ලක එවකට යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩවලට නමක් දිනා සිටි කිහිප දෙනකුගෙන් මේ සම්බන්ධ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කටයුතු කිහිපයක් කර ගත්තත් ඔහුගේ අදහස ඉටු කර ගත නොහැකි විය.

මේ අතරතුර දකුණට ආසන්න නගරයක සිටින ප‍්‍රබල දේශපාලනඥයන් බොහොමයකගේ යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු සිදු කරන ඇදුරකු පිළිබඳ ජයනන්දට දැන ගන්නට ලැබුණි. ජයනන්ද ඔහු සොයා ගොස් තමන්ගේ අවශ්‍යතාව පිළිබඳ ඇදුරාට දැනුම් දුන්නේය. ඇදුරා එම කටයුතු බාරගත්තේ තම ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක පොරොන්දු පිටය. වසර 30 - 40 කට පෙර රුපියල් ලක්ෂයක් යනු ඉතා විශාල මුදලකි. පසු දිනම පොරොන්දු වූ ආකාරයට පනස් දහසක මුදලක් ඇදුරා අත තැබීය.

එම පූජාව කළ යුතු දිනය කළ යුතු ආකාරය දැනගැනීම උදෙසාද පූජාවක් පැවැත්විය. එයට සහභාගි වූයේ ඇදුරා, ජයනන්ද හා ඇදුරාගේ අතවැසියන් පමණි. රාත‍්‍රිය උදාවිය. පහන් දැල්විණි. පංචෝපකාර සහිතව දේව ආරාධනා ඇරඹුණි. ඇදුරා පරල විය. අවශ්‍ය පූජා ද්‍රව්‍ය එකින් එක කියද්දී අතවැසියා ඒවා ලියා ගන්නට ද විය. එහි දී පූජාවට අවශ්‍යයයි පැවැසූ දෙයකින් ජයනන්ද හොල්මන් විය. ඇදුරා පැවැසූයේ වයස අවුරුදු 12ට අඩු නොඉඳුල් දැරිවියකගේ මළ මිනියක් ද පූජාවට අවශ්‍ය බවය. ඔහුට අනුව මිය ගොස් දින හතක් ඇතුළත මිනිය ලබාගෙන පූජාව තැබිය යුතු විය. අනතුරුව ඇදුරා දිගින් දිගටම කතා කරන්නට විය. ඇදුරාගේ ශරීරයට ආරූඪ වී තිබුණේ සොහොන් කාලි මෑණියන්ය. ඇදුරා ගේ දිව බොහෝ සෙයින් එළියට ඇදී ඇත. ‘‘උඹට පුළුවන් ද පූජා බඩු ටික දෙන්න’’
‘‘මිනිය ඇර අනිත් ඔක්කොම දෙන්න පුළුවන්.’’
‘‘ඈ යකෝ තෝ දන්නැද්ද. මම කන්නේ මිනී කියලා. උඹ මට මිනියක් දෙන්න බෑ කියන්නේ.’’
‘‘ මෑණියෝ තියෙන තැන කියනව නම් ගෙනත් දෙන්නම්’’ ඇදුරා කලින් කියා තිබූ ආකාරයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය ජයනන්ද ඇසීය.
‘‘අදින් පස්සේ එන තුන් වන මාස පෝය දවසේ අල්ලපු ගමේ පැඟිරියෙක් කනත්තට ගෙනෙයි. ඒක මට ගෙනත් දීපං. ඒක දුන්නොත් උඹේ වැඬේ කෙරෙයි.
මිනිය ගෙනත් දීමේ වගකීම ජයනන්ද භාර ගත්තේය.

එය ඉතා රහසිගතව කළ යුතු කාර්යයක් විය. එසේම මිනිය ගොඩගත් බව කිසිවකු නොදැනගත යුතු විය. තෙවන මාස පෝය උදාවීමට ඇත්තේ දින දෙකකි. අසළ ගමක හදිසියේ රෝගාතුර වූ දැරිවියක් මිය ගියාය. ජයනන්දගේ ගෝලයෝ මේ සිදුවීම ඇස ගසා ගෙන සිටියහ. මාසේ පෝය දිනයේ සාමාන්‍යයෙන් මිනී වළදමන්නේ නැති වුවත් කුමන හේතුවක් මත හෝ එදින දැරියගේ මිනිය භූමදානය කෙරිණි. එදින රාත‍්‍රියේ ඉතා සූක්ෂමව ජයනන්දගේ ගෝලයෝ මිනිය
ගොඩගැනීමට කටයුතු සූදානම් කළහ. මිය ගිය දැරිය පෙට්ටියෙන් එලියට ගෙන පැදුරක දමා ඔතා ගැට ගැසුවේය. ඉන් සු මිනී වළ යළි තිබූ ආකාරයටම වසා දැමුවේය. මේ අතරතුර ඇදුරා තම නිවස අසල කැලය තුළ සිට මැතිරීම් කටයුතු අරඹා තිබුණි. පන්දම් හතරක් හතරකොණෙහි ගසා මැද පූජා තටුවක් සාදා ඒවාට දොළ වර්ග පුදා ඇත. බිලි දීමට ගෙන ආ කුකුළන් තිදෙනකු එකට ගැට ගසා කොටුව තුළ දමා ඇත. සුදු සරමක් ඇඳ රතු රෙද්දක් ඒ මතින් ඇඳ රතු රෙද්දක් කරට දමාගෙන ඇදුරා ආරූඪයෙන් දිගින් දිගටම මතුරයි. මාස පෝය දිනයේ පරිසරයේ ඇති ගන ඇඳුර මැදින් දැල්වෙන පන්දම්වලින් මතු වූයේ පරිසරය තුළ තව තවත් බියංකරභාවයකි. කතා කරගත් ආකාරයට මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය පූජාව කරන තැනට රැුගෙන ආ යුතු ය.

මධ්‍යම රාත‍්‍රිය ක‍්‍රම ක‍්‍රමයෙන් ළං වෙත්ම ඇදුරාගේ මුහුණ ද ක‍්‍රම ක‍්‍රමයෙන් රෞද්‍ර වන හැටි ජයනන්දට පෙනෙයි. ඒ සමඟම ජයනන්දගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එයට හේතුව වූයේ මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය නොලැබුණහොත් යන සිතුවිල්ලයි. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පූජාව කරන ස්ථානයට මිනිය රැුගෙන එන්නට ඔහුට හැකි විය. ඇදුරාගේ ගෝලයෝ මිනිය කෙලින් සිටින සේ අතපය විහිදුවා මැස්සට තබා ගැට ගැසුවේ මිනියේ තිබූ ඇඳුම් පවා ඉවත් කිරීමෙන් අනතුරුව ය. ඉන්පසු කහ දියරෙන් මිනිය හොඳින් සේදීමෙන් පසු රතු මල් දමක් කරේ හා ඉණේ පැළැඳුවේ ය. ගෝලයෝ මිනියට සුවඳ දුම් අල්ලද්දී ඇදුරා මැතිරීම පටන්ගත්තේ ය. පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩිකරමින් නරින්ගේ හූ හඬ ඈතින් ඇසෙන්නට විය. ඇදුරා කුකුළකු අතට ගෙන මිනියේ හිස මත තබා සැනෙකින් කුකුළා බිලි දුන්නේ ය. කුකුළාගෙන් වැගිරෙන ලේවලින් පූජාව වෙනුවෙන් සකස් කළ ගොටු විසි එකක් පුරවා ගත්තේ ය. මෙලෙස කුකුළන් තිදෙනාම බිලි දුන් අතර එකතු කර ගන්නා ලේවලින් මිනිය නෑවීමට කටයුතු කළේ ය. දැරියගේ මිනිය රත් පැහැ වී ඇත. දැඩි අඳුර බිඳලමින් දැල්වෙන පන්දම්වලින් නිකුත් වන රත් පැහැ ආලෝකයෙන් ලේවලින් රත් පැහැවූ සිරුර දකිනා ජයනන්දගේ ලොමුදැහැගැන් වී ඇත.

මෙය මෙතරම් සංකීර්ණ දෙයක් බව ඔහු කලින් නොසිතුවේ ය.ඇදුරා දිගින් දිගට මිනියට මතුරන්නට විය. කෙමෙන් කෙමෙන් මිනියේ ස්වරූපය වෙනස් වන්නට විය. දැන් දැන් මිනිය පිච්චෙන්නා සේ හැඟීමක් ජයනන්දට ඇති විය. ඇදුරු අතවැසියා විසින් පන්දම් මධ්‍යයේ කුඩා ගිනි මැලයක් අවුළනු ලැබුවේ ය. මිනියේ පපු පෙදෙස ගිනි මැලයට හසුවන පරිදි මිනිය බැඳි මැස්ස ගිනි මැලයට පහත් කර මුක්කු දෙකක් සවි කළේ ය. ඇයගේ මුහුණ කෙළින් බිම තබා බඳුනක් තැබුවේ ය. ඇදුරා දිගින් දිගට මතුරන්නට විය. පපුවට ගින්දර වැදුණ මිනිය පිලිස්සීමක් නැත. මිනියේ දිව ටිකින් ටික දික් වන්නට විය. ඇදුරා වේගයෙන් මතුරයි. පරිසරයේ ගස් අඹරවමින් වේගයෙන් සුළං හමන්නට විය. ඒ අතරතුර මිනියේ දිව අඩියක් පමණ දික් වී ඇත. දිව දිගේ ගලාගෙන එන මිනී තෙල් බිංදුවෙන් බිංදුව තඹ බඳුනට වැටෙයි.

මෙලෙස ලබාගත් මිනී තෙල් යනු සියලූ දිෂ්ටි කැටි වුණු විනාශකාරී දෙයක් බව ඇදුරා අත්දැකීමෙන්ම දනියි. මිනිය භාරගන්නා යක්ෂ ආත්මයන් මිනී තෙල් තුළ කැටි වී ඇත. ඇදුරා විසින් තමා රැුගෙන ආ නයි පෙට්ටියක් ගෙන එම තෙල් බඳුන නයි පෙට්ටි අසලින් තැබුවේ ය. ඉන්පසු පියන ඉවත් කළේ ය. එක් වරම නයා ආවේශ වූවකු මෙන් තෙල් බඳුනට හිස දමා එම තෙල් බොන්නට පටන් ගත්තේ ය. තෙල් බී අවසන් වූ සැණින් යළි වේගයෙන් මිනිය උඩට ඇදී වට කිහිපයක් මිනියේ එතෙමින් සිට කැලය තුළට ඇදී ගියේ ය. නයා පිටවූ සැණින් ගෝලබාලයන් එක්ව කලින් කපා තිබූ වළට මිනිය හා සියලූ පූජා ද්‍රව්‍ය දමා වැසුවෝ ය.

නයි පිල්ලිය සකස් කළේ එලෙස ය. එම නයා තුළ ඇති දිෂ්ටියට ඉන් පසු භාර වූයේ මරා දැමීමට සැලසුම් කළ ශරීරයයි. නයා තුළින් ගමන් කරන්නේ එම දිෂ්ටියයි. නයා පිටවූ සැනින් මිනිය වළලන්නේ එම දිෂ්ටිය යළි මෙම සිරුරට ඇතුළුවීම වැලැක්වීමට යි. අවසානයේ ඔවුහු සිය පූජාව සාර්ථක කරමින් ජයනන්දගේ සතුරා වෙත නයි පිල්ලිය ගමන් කරවූහ.
ජයනන්දගේ විරුද්ධවාදියා පසු දින උදෑසන අවදි වූයේ නැත. සැමියා නැඟිටීමට ප‍්‍රමාද වන්නේ ඇයි දැයි බැලීමට සැමියාගේ කාමරයට ගිය බිරිඳට දැකගත හැකි වූයේ ඇස් දෙක විසල් කරගෙන තිගැස්මෙන් මිය ගොස් සිටින තම සැමියා ය. ජයනන්ද තම අභිප‍්‍රාය කෙලෙසින් හෝ ඉටු කර ගත්තේ ය.

බලන්න මේ කට්ටියව අදුරනවද කියලා.

Image may contain: 2 people, people smiling, closeup
Image may contain: 2 people, people smiling, text
Image may contain: 2 people
Image may contain: 2 people, beard
Image may contain: 2 people, people smiling, closeup
Image may contain: 1 person, hat
Image may contain: 2 people, people smiling, closeup
Image may contain: 1 person, closeup
Image may contain: 1 person, smiling, closeup
Image may contain: 2 people, people smiling, suit
Image may contain: 2 people, people smiling, text and closeup
Image may contain: 1 person, smiling
Image may contain: 2 people, people smiling, closeup
Image may contain: 1 person
Image may contain: 1 person, smiling, text
Image may contain: 2 people

Thursday, September 28, 2017

හදිස්සිය.....


Image result for ghost with umbrella

"අදනම් ගොඩක් රෑ වුනා ශිවා මං ඉක්මනට යන්න ඕන"

"හරි මාතියා පරිස්සමෙන් ගිහින් එන්නකෝ"

වහා කාරයට ගොඩවූ චන්දන පලමු මීටර 2ක 3න ඇතුලත තියෙන ඔක්කොම ගියර් මාරුකරගෙන වේගයෙන් කාරය ධාවනය කලේ හැකි ඉක්මනට ගෙදර යාමටය.වෙනදා මෙතරම් රෑ වන්නේ නැත.දවස් දෙකක නිවාඩුව නිසා කන්තෝරුවේ වැඩ අහස උසට ගොඩනැගී තිබුනි.

මහ හයියෙන් හෝන් හඩ නංවමින් යන වාහන අතරෙ වෙට්ටු දමමින් ඉදිරියට කාරය ධාවනය කරන්නට චන්දන සමතෙකු විය.පැය 2ක පමණ කාලයක් ප්‍රධාන මාර්ගයේ ගමන් කල චන්දන "රණවිරු අජිත් චමින්ද මාවත" වෙත කාරය හැරෙවුවේ ගෙදර යාමට කෙටි මාර්ගයක් වන නිසාය.හතරවටින් අහස කලු කරගෙන බරව තිබුනේ වැසි වැටෙන්නට ඔන්න මෙන්න කියාය."මගුල අදත් වහින්නද හදන්නේ?" තමන්ටම කියාගත් චන්දන කාරයේ වේගය තවත් වැඩි කලේ වැස්සට කලින් යාමටය. ටක්..ටක්..ටක් ගගා පොද වැහි ඇදවැටෙන්නට වූ නිසා මාරගය පවා අපැහැදිලි විය.වයිපරයෙන් වැටෙන ජල බ්ංදු පිසදම වේගයට වඩා වේගයෙන් වැස්ස වැඩි වූයේය.එ නිසා තරමක් වේගය බාල කොට කාරය පදවන්නට විය.එකවරම පලාතම දෙදරුම් දෙමින් ගැසූ අකුනට චන්දන උඩ ගොස් වැටුනේය..දැන් 16km පමන දුරක් ගෙවා පැමින ඇත.නිවසට ඇත්තේ තව 5km පමනි.

චූස්.................ස්ස්ස්ස්ස් හඩ නගමින් කාරය වම පසට ඇල වූයෙන් ඉක්මනට තිරිංග තද කල චන්ද මහ වැස්සේම දොර ඇරගෙන එලියට ඇවිත් බලන විට ඉදිරි වම් රෝදයේ පැච් එකක් ගොස් ඇති බව පෙනුනි."මහ මූසල අහසක් මේකනම් මේක හන්දා තමා...." අහසට බනිමින් චන්දන වට පිට බැලුවේ පැච් එක දමා ගැනීමට හෝ රෝදය මාරු කරගැනීමට කවුරුන් හෝ උදවුවට ඇත්දැයි කියාය.කවුරුත් පෙනෙන්නට නැත..ටික වේලාවක් යන විට පාපැදියක් පැදගෙන ආ අයෙක් චන්දන ලග නතර විය.

"මොකෝ මහත්තයා පැච් එකක්ද ? අන්න අර පේන තේක්ක ගහ එහාපැත්තෙ අතුරුපාරෙ ගැරිජ් එකක් තියෙනවා.මාත් යන්නෙ ඒ දිහාවට.කාර් එක තල්ලු කරන් යමු යමු මහත්තයා ඒ දිහාට..දෙදෙනා සමග මහත් වෙහෙසක් ගෙන කාරය ගරාජය වෙත ගෙන ගියේය..

"අයියෝ මහත්තයා බාස්ට හොදටම උන අරන්ලු.හෙට උදෙන්ම එන්න කිවුවා ගෝලය ආවම හදලා තියන්නම්ලු." වාහනේ ආරක්ෂාවට මේ වෙලාවෙ හැටියට ඒකත් හොදයි කියා චන්දන පයින්ම ඉතුරු 5km දුර යාමට තීරනය කලේය.වැස්සෙන් හොදටම තෙමී සිටි චන්දන අත්දෙක ගුලි කරගෙන ඉදිරියට ඇදෙන්නට වූයේ දැඩි සීතලේය.වේලාව රාත්‍රී 10ට ඉතා ආසන්න විය.

චන්දන කල්පනා කරමින් ඉදිරියට යන්නට විය.කිසිවෙකු මාර්ගයෙහි නොවුනේ ඒ පාර එතරම් ප්‍රසිද්ධ එකක් නොවන නිසාය.

"මේ අයියෙ මොකද මේ තෙමි තෙමී යන්නෙ? අයියෙ අයියෙ..."
දෙතුන් වරක් කතාකරන විටයි චන්දන පියවි සිහියට ආවෙ.සුදුපාට මල් තියෙන රතුපාට කුඩයක් ඉහලන් සිටියේ වයස අවුරුදු 23ක් පමන යයි සිතිය හැකි සුදුමැලි තරුනියකි.ඇය ඇද සිටියේ ක්‍රීම් පැහැති ගවුමකි..

"ආ නංගි මේ මේ වාහනෙ කැඩුනා ඉතින් මේ තෙමි තෙමීම පයින් යනවා."

"ඉතින් තෙමෙන්නෙ මොකටද එන්න කුඩේ යටට මාත් මේ ගෙදර යන ගමන් පයින්ම"

"නෑ ඕනෙ නෑ නංගී කොහොමත් තෙමිලනේ දැන්"

දෙදෙනා සමග කතාබහෙහි යෙදෙමින් ඉදිරියට ගමන් කරන්නට විය.හදුනන්නේ නැති වුවත් තනියම යනවට වඩා කතාකර කර යන්නට අයෙකු හමුවීම ගැන චන්දන සිතින් සතුටු විය.."අයියෙ මං යනවා එහෙනම්" කියමින් තරුනිය පාරට මදක් පහලින් තිබූ අඩි පාරකින් පල්ලම්.බැස්සෙය.චන්දන නැවත තනිවම ගමන ආරම්භ කලේය..

"අනේ බුදු අම්මෝ මාව බේරගනියෝ...." අඩි කිහිපයක් යන්නට වූයේ නැත චන්දනට ඇසෙන්නට විය.අර නංගීට කරදරයක්වත් වුනාද වහා ආපිට හැරුනු චන්දන තරුනිය ගිය අඩි පාරෙන් වේගයෙන් පල්ලම්.බසින්නට විය.සපත්තු පැලද සිටි නිසා තෙත් වුනු තණකොල තීරයෙහි ලිස්සා ඔහු වැටුනි.නැවත නැගිට පහලට යන විට කැලෑ රොදකින් වටවූ නිවසක් ඇති බව පෙනුනේ එහි දැල්වෙන කුප්පි ලාම්පුවේ එලිය නිසාය.අර නංගිගේ ගෙදර වෙන්න ඇති කියා ඔහු ඒ නිවසට කිට්ටු විය.ලෑලි ගසා හදා තිබුනු නිවසේ ජනේල වලට යොදා තිබුනෙ අගල් කාලේ කම්බි දැල්ය.

නිවසෙ දොර වෙත ගිය චන්දන "නංගී ඔයා ඉන්නවද මොකක් හරි කරදරයක්ද? සද්දයක් ඇදිලා මං ආවේ" කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා හේ දොරට තට්ටු කලෙය.ජිරි ජිරි හඩ නංවමින් දොර ඇරී ගියේ මලකැ සරනේරු නිසා විය යුතුය.චන්ද නිවස තුලට ඔලුව යොමා බැලූවද කිසිවෙකු පෙනෙන්නට නොවූයෙන් ගේ ඇතුලටම ගියේය.සෑම තැනකම දුහුවිලි පිරී මකුනු දැල් බැදී තිබුනි.අවුරුදු ගානක් කවුරුවත් සිටින්නට නැතැයි චන්දනට සිතුනි.සෑම තැනක් දිහාම සුපරික්ෂාකාරීව බලමින් සිටි චන්දන්ගේ දැහැන බිදුනේ "ආ අයියෙ ඔයා ආවද? " සුදුපාට නිදන ගවුමකින් සැරසී තෙත කොන්ඩය වනාගෙන හිදියෙ ඇයයි.චන්දන එකවර තිගැස්සී ගියේය..

"අම්මෝ මං බය වුනු තරමක් මේ ඔයානෙ" චන්දන කීය.
"මං නාගන්න ගියා අයියෙ ඉන්න මං තේකක් හදන් එන්නම්." කියා ඇය ගියාය.මේ නිවසේ පුදුම මූසල පාටක්නෙ තියෙන්නෙ චන්දන යටි හිතින් තමන්ටම කියා ගත්තේය..

කහටා බැදී දුර්වර්ණ වූ පෝසිලේන් කෝප්පයකට තේකක් රැගෙන ඇය චන්දන වෙත දිගු කොට කිසිවක් නොකියා කාමරයක් වෙත් ගියාය.ඒ දෙස බලා හිදි චන්දන තේ එක දිහා බලන විට එහි වූයේ තේ නොව පනු ගුලියක්ය." මොනවද යකෝ මේ" චන්දන අතින කෝප්පය බිම වැටී බිදී ගියේය..චකිතයට පත් චන්දන තරුනිය ගිය කාමරයේ දොර රෙද්ද ඈත් කොට බැලීය කිසිවක් නොපෙනෙන නිසා සිලි බෑගයක ඔතාගෙන සිටි දුරකතනය ගෙන ටෝච් එක දල්වා කාමරය යොමු කලේය...

දුටු දසුනින් චන්දනට දෙවියන් සිහි විය.සුදුපාට වුවත් කාලයාගෙ ඇවෑමෙන් දුර්වර්ණ වූ නිදන ගවුමත් සමග බිම වැටී සිටිනුයේ චන්දනට සාමග දොඩමලු වූ තරුනියයි.සිත මදක් පැකිලුනත් තව ටිකක් ලංවී බලන විට මහා දුර්ගන්ධයක් සමග ඇයගේ අතපය වලින් ඕජස් වැක්කෙරෙමින් පනුවන් වැගිරෙමින් තිබුනි.පොලව මත වියලී ගිය රුධිර ගංගාවකි.පොඩිපට්ටම විරූපි වූ මුහුණ ඇගේමය.චන්දනගේ දෙපා අප්‍රාණික විය...

එක්වරම නිසල දේහයේ මුඛය විවෘත විය.එයින් මර බියට පත්වුනු චන්දගේ ජංගම දුරකතනය අතින් ගිලිහුනි.එය අහුලාගන්නෙ නැතිවම මර හඩ තලමින් දොරත් කඩාගෙන අඩිපාර දිගේ චන්දන දිවුවේය. පෙර සේම පය ලිස්සා ගිය ඔහුගේ හිස අසල තිබූ ගහක වැදී සිහි මුර්ජා විය....

දින දෙකකට පමන පසු සිහිය එන විට චන්දන සිටියේ රෝහලක ඇදක් මතය.කාරය ගැන විමසූ කල චන්දනගේ විස්තර කිරීම පරිදි ගරාජය සොයා ගිය චන්දනගේ සහෝදරයාට කාරය හමු වූයේ තේක්ක ගහක් අසාල අඩිපාරක නවතා තිබියදීය.ගරාජයක් තියා මනුෂ්‍ය වාසයක් ඒ පලාතේ නොවිණි.

පසුව කල සොයා බැලීම් වලදී හෙලි වූයේ චන්දන දුටුවායයි කියන තරුනිය නිවසේදීම කපා කොටා මරා තිබුනේ තම පෙම්වතා විසින් මාස තුනකට ඉහතදීය...

එතකොට ඒ නංගී,ගැරිජ් එක අර මනුස්සයා..... චන්දන හොල්මන් ලොවක අතරමං විය....එම සිද්ධියෙන් පසු කීප විටෙකම තවත් අය එම මාරගයේ ගමනේ යෙදී එවන් බිහිසුණු අත් දැකීම් වලට මුහුණ දුන්නේය..

######## එමලිගේ මුදුව/ Ring of Emali Silvester########

No automatic alt text available.
ඈත සිතිජයේ සැදැ ඉර බැස යමින් පවතී .රත් පැහැයෙන් යුතු අහස් තලයේ අලු පැහැති වලාකුළු තැනින් තැන පාවෙමින් පවතී. ළමුන් කුඩා ළමුන් වෙරලේ ඒ මේ අත දුවමින් සෙල්ලම් කරමින් සිටියහ. සුදු පැහැති රළ වෙරළේ හැපී බිඳී යයි. වෙරල කොනක ගල් තලාවක් මත හිඳගෙන සිටින මාගේ නෙත ඈත අහසේ පියාසර කරන මුහුදු ලිහිණියන් රංචුවක් වෙත ඇදී ගියේ නිරායාසයෙනි. සචිනි මාගේ අතින් අල්ලාගෙන නැගී බිඳෙන රළ පෙළ දෙස බලා සිටියාය. රාජකාරි කටයුතුවලින් පසුව ඇය සමඟ මුහුදු වෙරළට පැමිණීයේ නිසන්සලව කාලය ගත කිරීම සදහාය.මුහුද දෙසින් හමා ආ සීතල සුළඟ ගතට එක් කළේ අමුතුම ප්‍රබෝධයකි.
'මහත්තයා සාත්තරයක් අහමුද?' හැරී බැලූ මා දුටුවේ මා දෙස බලා සිටින අහිකුණ්ටක ගැහැණියකි. ඈ අත මොනර පිළක් තිබුණි.බුලත් විට සැපීම නිසා රත් පැහැති වූ තොල් සගල අතුරින් දුබුරු පැහැති දත් දෙපල පෙන්වා මා දෙස මද සිනාවක් පාමින් බලා සිටියාය.
'නෑ ඕන නෑ සාත්තර අහන්න' මා පිළිතුරු දුන්නෙමි.
'යේම කියන්න එපා මාතියා මාතියාගේ මූණ දැක්කහම මට තේරෙනවා මහත්තයා ළඟ ලොකු අනතුරක් තියෙනවා කියලා මං කියන දේ පොඩ්ඩක් අහන්න මාතියාට පාඩුවක් නම් වෙන්නේ නෑ ' ඈ දිගටම කියාගෙන ගියාය. 'කමක් නෑ සෙනුර ඔයා අහලා බලන්න' සචිනි පිළිතුරු දුන්නේය.
'එහෙනම් කියමුකෝ බලන්න මොකද්ද කියලා' මා ඈ දෙසට මාගේ දකුණත දිගු කළෙමි. මද වේලාවක් මගේ අත දෙසත් මුහුණදෙසත් මා සතු ගමන් මල්ල දෙසත් මාරුවෙන් මාරුවට බලා සිටියා‍ය.
' මහත්තයා ලොකු අනතුරක් තමා තියෙනවා, යේක මහත්තයා ළඟම තමා තීනවා. හැබැයි මට මීට වඩා කියන්න බෑ ඒ අනතුර අද හෙටම වෙන්න පුළුවන් නිසා බොහෝ පරිස්සම් වෙන්න ඕනෑ' ඈ පිලිතුරු දුනි.
'පිස්සු කියවනවා ආ මෙන්න මේක තියාගන්න'. මම රුපියල් සීයේ නෝට්ටුවක් ඈ වෙත දිගු කළෙමි.
'සල්ලි නම් කාරි නෑ මහත්තයා ජීවිතේ පරිස්සම් කරගන්න මං යනවා'ඈ ඉවතට ගමන් කලාය.
පිස්සු ගෑනි මොනවා කියනවද මන්දා මට ඇති අනතුර මොකක්ද මටපිටුපා ගමන් කරන ඈ දෙස බලා සිටි මා මටම කියා ගත්තෙමි .
තවත් හෝරාවක් පමණ කාලයක් සචිනි සමඟ මුහුදු වෙරළේ ඒ මේ අත ගමන් කරමින් සිටි මා ඇයව ඇයගේ නිවස කරා ඇරලවා මාගේ නිවස කරා යාමට පිටත් වූයෙමි.මගේ ජංගම දුරකථනය නාද වීමට පටන්ගත්තේ එවිටය.
දුරකථන ඇමතුම මාගේ ප්‍රධානියාගෙනි.
' සෙනුර හදිස්සි delivery එකක් කරන්න තියනව පුළුවන් ඉක්මනට ඔෆිස් එක පැත්තට එන්න'.
මොන මගුලක්ද මේ. මම වෙලාව බැලුවා හවස 7යි. ඉක්මනට ගෙදර ගිහින් විවේක ගන්න හැදුවා විතරයි. මොනවා කරන්නද රස්සාව කරන්නත් එපෙයි. මම යතුරු පැදිය හරවා කාර්යාලය වෙත ධාවනය කළෙමි.
'මේ මීට අවුරුදු 5 විතර කලින් ඕඩර් කරපු මුදු දෙකක් අපි හිතුවේ මේ මිනිස්සුන්ට ඕන නැතුව ඇති කියලා ඒත් මේ දැන් කෝල් එකක් දීල කිව්ව ඒක හදිස්සි උවමනාවකට ගෙනත් දෙන්න කියලා මෙන්න ඇඩ්‍රස් එක තියෙනවා මේක ගිහින් දෙන්න, මේ සේරම සල්ලි ගෙවල තියෙන්නේ ඩිලිවරි ෆී එක ඉල්ලගන්න.'
ආයතනයේ හිමිකරුවා මා අත තැබූ ආභරණ සහිත පෙට්ටියකි.එහි එමිලිය සිල්වෙස්ටර් ලෙස සටහන් කර තිබුනි.
එහි සඳහන් ලිපිනය ඔස්සේ මම යතුරුපැදිය ධාවනය කළය. කොළඹට නුදුරු වූ නමුත් ජනශූන්‍ය පෙදෙසක් ඔස්සේ යතුරුපැදිය රාත්‍රී කාලයේ ගමන් කළේ තරමක් අපහසු වැහිබර කාලගුණයක් මැද්දේය. මලානික වීදි පහන් වල ආලෝකය ඇරෙන්නන්ට පරිසරය අදුරුය.ප්‍රධාන මාර්ගයෙන් වෙනතකට හැරවා යතුරුපැදිය ධාවනය කලේ තරමක් අඩු ජනශුතිය ප්‍රදේශයක් හරහාය. වේලාව රාත්‍රී 10ට කිට්ටුයි.ඈතින් පෙනෙන සුදු පැහැති මන්දිරය මගේ ගමනාන්තය විය යුතුය .විශාල කළු පැහැති ගේට්ටුවකින් සමන්විත එහි දෙවන මහලේ ඉහල කොටස පමණක් මා හට දර්ශනය විය. යතුරුපැදිය නවතා මදක් එබිකම් කලේ කවුරුන් හෝ සිටිදැයි දැන ගැනීම පිණිස ය. අඳුරේ ගිලී තිබුණු උද්‍යාන ය හැරෙන්නට කිසිවක් පෙනෙන්නට තිබිණි. මා ගේට්ටුව ඇරීමට අත තබනවාත් සමඟම පුදුමයට පත්ක‍රමින් එය විවෘත විය. මා යතුරුපැදිය ගේට්ටුව අසල නතර කර උද්‍යානය හරහා වැටී තිබූ මාර්ගය ඔස්සේ නිවස දෙසට ගමන් කළේය. අවට පරිසරයේ තිබුණේ දැඩි නිශ්ශබ්දතාවයකි විටින් විට කෑ ගසන ලද රැහැයියන්ගේ නාදය ඈතින් ඇසුණු බල්ලෙක් ගේ උඩබිරුමක් අරෙන්නට මුළු පරිසරයම අඳුරේ ගිලී පවතී. නිවසේ කවුරුන් හෝ නැතැයි මා සිතේ සැකයක් ඇති විණි .කෙසේ නමුත් මා දැන් සිටින්නේ නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අස්ලල්ය. මෙය කාගේ හෝ සුකෝපබෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයකු බව නම් පැහැදිලිය. නිවස තරමක් පැරැණි වුවද මනාව පවත්වාගෙන යන ලද විශාල නිවසකි.නිවස තුල කිසිදු ආලෝකයක් දක්නට නොලැබීණි. කෙසේ වෙතත් මා ඉදිරිපස දොරටුව මත එල්ලා තිබූ සීනුව නාද කලේය. හිතුවට වඩා විශාල හඩක් ඉන් නිකුත් වූයේ මා සිත තරමක් තිගැස්සීවමිනි.මා මදක් නැවතී බලා සිටියේ කිසිවකු හෝ පැමිණෙතැයි කියාය. විනාඩි කිහිපයක් නිසොල්මනේ අඳුරේ මේ බලා සිටියෙමි.නැවත සීනුව නාද කිරීමට අත ඔසවනවත් සමඟම නිවස තුළින් කිසිවකු තරප්පු පෙළ බසින හඩ මා හට ඇසුනි. ‍ප්‍රදන දොරටුව අභියසට පැමිණ එය නතර විය. ඊළඟ මොහොතේ ප්‍රධාන දොරටුවේ අගුල කැරකැවෙන ආකාරය මා බලා සිටිමි. ප්‍රධාන දොරටුව විවෘත විය .ආලින්දයේ දැල්වූ මලානික ආලෝකය මා ඩ්දුටුවෙමි.මා ඉදිරිපස සිට ගෙන සිටින රූමත් සුරූපී යුරෝපීය පෙනුමති කාන්තාවකි. නිල් පැහැ නෙත් යුගකින් හා රන් පැහැ කෙස් කලබකින් සමන්විත ඇය දුටු පමණින් කිසිවකුගේ සිත් ඇද ගැනීමට සමත් වන රූප විලාශයක් සහිත විය.
'මිස් එමලි සිල්වෙස්ටර්? මම විමසුවෙමි.
ඈ හිස සලා මා හට නිවස තුළට පැමිණෙන ලෙස ඉගි කළාය. මා ඈ පසුපස ගමන් කලෙමි. ඈ හසුනක් දෙසට අත දිගු කළා ය. මා ඒ මත හිඳ ගත්තේය. ඇයද මා ඉදිරිපස අසුනක හිඳගත්තය.ඉමිහිරි සංගීත නාදයක් නිවස තුළින් අසුනේය.එය පියානෝවකින් නැගුණු හඬක් බැව් මට පැහැදිලියි. ඈ මා දෙස බලා සිටි.
'මිස් සිල්වෙස්ටර් මමjewellery company එකෙන රින්ග්ස් දෙකක් තියනවා delivery කරන්න. ඒක බාර අරගෙන sign කරල delivery fee එක ගෙවන්න කියවන්න පුලුවන් නම් ලොකු උදව්ව'ක් මා පැවසූයේ මා සුරැකිව රැගෙන ආ ආභරණ පෙට්ටිය ඇය වෙත දිගු කලෙමි ඇය ඒ දෙස මඳ වේලාවක් බලා සිටියාය.ඒ මොහොතේ ඇයගේ ඇස් දෙකෙහි වූයේ අමුතු දීප්තියකි. මද වේලාවකින් ඇයගේ දෙනෙත් වෙනස් වන ආකාරයත් මා දුටුවෙමි . කෙසේ වෙතත් නැවතත් මා මාගේ අවශ්‍යතාවය ඇයට දැනුම් දුණි.
' කරුණාකරලාfee එක ගෙවන්න පුලුවන් නම් මට ඉක්මනට යන්න පුලුවන්' මා ඈ වෙත සැලකර සිටියේය. ඇය මා දෙස බලා කිසිවක් නොපවසා නැවතත් තරප්පු පෙළ නැග ඉහළ මාලය කරා ගමන් කළාය. ඇය මුදල් ගෙනඒමට යන්නට ඇතැයි මා සිතමි. දැන් මා විශාල ශාලාවේ කොණක වූ හසුනක හිදගෙන සිටිමි. සංගීත ඛණ්ඩය නැවතී ගොසිනි. කොහේදෝ සිට බලලුන් පොර කා ගන්නා හඩක් ඇසෙයි.ඈ පිටත්ව ගොස් පැය භාගයක් පමණ වන්නට ඇත. මා වේලාව බැලුවෙමි. රත්‍රී එකොළහත් පසුවී තිබුණි .මම මිස් සිල්වෙස්ටර් කියා කිහිප වතාවක් කතා කළ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැත. මේ නිසා මා තරප්පු පෙළ ඔස්සෙ සෙමෙන් ඉහලට ගමන් කළෙමි. ඉහළ මාලයේ වූයේ නිදන කාමර සමූහයකි. ඉන් එක් කාමරයක පමණක් දොර විවෘත කර තිබුනි.එහි මලානික විදුලි අලෝකයත් දැල්වෙමින් තිබුණි.මා කෙමෙන් කෙමෙන් එම කාමරය දෙසට ගමන් කර කාමරයේ දොරට තට්ටු කලෙමි. ප්‍රතිචාරයක් නැත.මා කෙසේ හෝ මාගේ අවශ්‍යතාව ඉටුකර ගෙන යා යුතුය .මා කාමරයට එබිකම් කර බැලුවෙමි. ඒ මොහොතේ මා දුටු දර්ශනය නිසා මා මොහොතකට ගල් ගසුනි. මොහොතකට පෙර මා හා කතාකරමින් සිටි සිල්වෙස්ටර් මෙනවිය ඇයගේ නිදන ඇඳ මත ලේ විලක් මැද වැතිරී සිටින අයුරු මා දුටුවේය. ඇගේ කෙස් වැටිය බිමට කඩා වැටී ඇත. ඇගේ සිරුරේ තැනින් තැන තුවාල වී තිබුණි . ඇයගේ දෑස් විශාල වී විවෘත වූ මුවෙන් දිව එලියට වැටී ඇත. මේ කුමක් සිදුවේද මට කිසිවක් සිතාගත නොහැකි විය. මහා වහාම කාමරය තුළින් එළියට ගමන් කළෙමි. මෙතෙක් වේලා විදුලිය දැල්වෙමින් තිබූ මෙම නිවස එකම අදුරු ගුහාවක් බවට පත් වී ඇත.මා පැමිණි පඩි පෙල ඉතා අබලන් තත්ත්වයක පවතින ලෑලි දිරාගිය පඩිපෙළකි .මම පඩි පෙළ බැසීමට තැත් කළ නමුත් අවාසනාවකට ලෑලි කැඩී ගිය කොටසක මාගේ එක් කකුලක් සිර විය. මා කළ යුත්තේ කුමක් ද මගේ කකුලේ සිරවී ඇත. මට තවදුරටත් ගමන් කිරීමට නොහැකිය. එකම අඳුරු ගුහාවක් වූ නිවසේ තැනින් තැන විකාර රූප ඡායා වන් හෙමින් ගමන් කරන අයුරු මා යන්තම් දුටුවෙමි.මාගේ සිරුර සිහින් දහඩියෙන් නැහැවී ගියේය.හදවත එලියට පනින්නට තරම් වේගවත් විය. හැකි ඉක්මනින් පාදය ගලවා ගැනීමට තැත් කළමි. ඒත් සමඟම කලින් ඇසූ පියානෝ වාදනය නැවත ඇසෙන්නට විය. ඇති වූ බිය නිසා මම හැකි වෙර යොදා පාදය ඉවතට ඇද්දෙමි. ඒ මොහොතේ මගේ සපත්තු ගැලවී මා පහල මාලය වැටුණි. මා දැන් සිටින්නේ මා පෙර සිටි ආලින්දයේය. එහි තිබූ කිසිදු ගෘහ භාණ්ඩයක් මා හට දැන් දක්නට නොලැබෙයි .තැනින් තැන තිබු දිරා ගිය ලෑලි කැබලි කොට පමණ මට දිස් විය.මා සිටින්නේ කොහිදැයි මා හට සිතාගත නො හැකි ය .මගේ ගමන් මල්ල ද තරයේ අල්ලා ගෙන ප්‍රධාන දොරටුව වෙතට හැකි ඉක්මනින් දිව්වෙමි. මා හැකි වෙර යොදා ඉදිරිපස දොරටුව විවෘත කිරීමට උත්සාහ කළේ වී නමුත් මාගේ වෑයම අසාර්ථක විය. මම ඉදිරිපස දුරට හේත්තු වී සිටියෙමි. කුමක්දෝ ඡායාවක් මා ඉදිරියෙන් ගමන් කරන අයුරු මා දුටුවෙමි. මාගේ ජංගම දුරකථනයේ ආලෝකයෙන් මා ඒ පසුපස ගමන් කලෙමි. මා දැන් සිටින්නේ නිවසේ මුළුතැන් ගෙය තුළය. එය ජරාවාස වී ගිය ස්ථානයකි.කෙසේ වෙතත් මාහට පිටවී යාමේ මාර්ගයක් සොයාගත යුතුය. මා හැකි වෙර යොදා පිටුපස දොරට පා පහරක් එල්ල කළේ ය. එය විවෘත විය හැකි ඉක්මනි මා වහාම උද්‍යානය ඔස්සේ දිව ගොස් මාගේ යතුරුපැදි පණගන්වා හැකි ඉක්මනින් ගමන් කළ මාර්ගය අසල වූ පොලිස් ස්ථානය වෙතය. මා පොලිස් පොලිස්ථානය වෙත මා මුහුණදුන් සිද්ධිය සැල කර සිටියේය. එහි මිනීමැරුමක් සිදු වී ඇති බව පැවසුවද පුදුමයකි පොලිස් නිලධාරියාගේ මුහුණින් කිසිදු අවධානාත්මක බැල්මක් මා දුටුවේ නැත. ඔහු මා වෙත ජල වීදුරුවක් ලබා දී මොහොතක් සන්සුන්ව සිටින ලෙස දන්වා සිටියේය. ඉන්පසු මා පොලිස් ස්ථානාධිපතිතුමා වෙතට කැඳවා ගියේය.
' මහත්තයා අපිට ලැබිච්ච 8 වෙනි පැමිණිල්ල ඔය. ඉස්සර නම් අවුරුද්දකට දෙක තුනක් පැමිණිලි හම්බෙනවා .න්මුත් පහුගිය අවුරුදු කීපයකට හම්බුනේ නෑ. මහත්තයා තමයි මේ කාලෙකට පස්සෙ පැමිණිල්ලක් දැම්මේ. මීට අවුරුදු පහකට කලින් ඔය ගෙදර පදිංචිවෙලා හිටිය තනිකඩ ගැහැනියක් එයා ව්‍යාපාරිකයෙක් රහසිගත සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් තියෙනවා ඔවුන් දෙදෙනා රහසිගතව විවාහය සිදුකර ගැනීමට නියමිත වෙලා තියෙන්නේ. නමුත් ඒ බව දැනගෙන තියනවා ඔහුගේ පෙම්වතිය .ඉතින් එයා මැරයන් දම්මලා ඇයව වෙඩි තබා ඝාතනය කරලා තියනවා .ම්හත්තයා වගේ කීප දෙනෙක් අපිට කලින් ඔය ගැන පැමිනිලි කරලා තියෙනවා.
කොහොම උනත් ඒ ගැන එච්චර හිතන්න එපා '
මහත්තයට ඔන්නම් police station එකේ ඉදලා උදේට යන්න.' ඔහු පැවසීය. මුලු ලෝකෙම මා වටා කැරකෙන සේ මට දැනුනි.එසෙනම් මා මුනගැසී ඇත්තේ හොල්මන් ගැහැනියකි.පොලිස් ස්ථානය පිටත්ව නිවස බලා ගමන් කලෙමි. නමුත් මා හට එක්වර සිහි වූයේ මා රැගෙන ගිය මුද්දය. මගේ ගමන් මල්ල පරීක්ෂා කර බැලීමි. මංගල මුදුව සහිත කුඩා පසුම්බිය එලෙසම තිබුණි. නමුත් මා සචිනි වෙනුවෙන් වෙන්දේසියේ දී මිලට ගත් මුදු යුවල අතුරුදහන්ව තිබුනි.මා එමලි සිල්වෙස්ටර් නමින්වූ පෙට්ටිය විවුර්ත කර බලුවෙමි.ඒ දුටු මා පුදුමයට පත් වුනි.එහි වූ යේද මා මිලදී ගත් මුදු යුවලමය.මෙය කෙසේ වීද?
#####################
මා පසුදින ආයතන ප්‍රදානියාගෙන් මේ බව විමසීමි.
'ඔය එමලි සිල්වෙස්ටෙර් අපට ඔය මුදු දෙක හදන්න දීලා අවුරුදු 5ක් වෙනව.ඒත් එක ගන්න අවේ නෑ.ඉතින් මම ඊයේ එක වෙන්දේසියට දැම්මා.ඒක කවුරු ගත්තඩ කියන්න මන් දැනන් හිටියේ නෑ.ඉතින් එයෙ හවස මට ඔය මුදු 2 ගෙනත් දෙන්න කියලා පනිවිඩයක් ලැබුනා.ඉතින් මම ඒ වගේම මුදු 2ක් සෙනුර අතේ යෙව්වා.' ඔහු පැවසීය.
එසේ නම් එමලි සිල්වෙස්ටර් ගේ මුදු යුවල මිලදී ගත්තේ මාය.නමුත් ඇය එය නැවත මාගෙන් ලබාගෙන ඇත.එදා සාස්තර කාරිය කියූ මා ලග තිබූ අනතුර එය විය යුතුය.මෙවන් දේ සිදුවෙනවාදැයි සිතමින් මා කාර්‍යාලයන් පිටත් වූයෙමි.

#වැරදුනු ගුරුකම...

Image may contain: 1 person, closeup
මේක සිද්ද වෙලා තියෙන්නේ එක්තරා ගම් පළාතක කාලයකට ඉස්සර ජීවත් වුන දක්ෂ කට්ටඬි මහත්තයෙකුට. මේ කට්ටඬිමහතා ට කරන්න භාර වුන ගුරුකමක් කරද්දි තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මේක ටිකක් බරපතල ගුරුකමක්. මේ ගුරුකම කරන්න නම් මැරුණ තරුණ ගැහැණු ළමයෙක් අවශයයි. හැබැයි එහෙම ආවට ගියාට මැරුණ ගැහැණු ළමයකුගේ සිරුරක් මේ වැඩේට හරි යන්නේ නැහැ.මොකද මේ වැඩේට ඕන තරුණ ගැහැණු ළමයා කන්‍යාවියක් වෙන්න ඕන, ඒ වගේම සිය කැමැත්තෙන් දිවි තොර කරගත්ත කෙනෙක් වෙන්නත් ඕන. ඒ කියන්නේ සියදිවි හානි කරගත්ත කෙනෙක්. ඉතින් මෙහෙම ගැහැණු ළමයෙකුගේ මිනියක් සොයා ගන්න එකත් ලේසි නැති නිසා, මේ කට්ටඬියයි එයාගේ ගෝලයයි එක්ක අවට ගම්මාන හැම එකකම විපරම් කරමින් හෙව්වේ මේ විදියට මැරුණ ගැහැණු ළමයෙකුගේ සිරුරක් සොයා ගන්න.

කොහොම හරි මේ කට්ටාඬියාට අවශ්‍යම විදියටම අල්ලපු ගමක ගැහැණු ළමයෙක් මැරුණා කියලා ආරංචි වෙලා තියෙනවා.ඉස්සර කාලේ මිනිය එම්බාම් කරන්නේ නැති නිසා වැඩි දවසක් නොතියා අවසන් කටයුතු කරලා තියෙනවා.

දැන් ඉතින් ගුරුකමට අවශ්‍ය කළමනා සියල්ලම එකතු කරගත්ත කට්ටඬිමහතා, එයාගේ ගෝලයත් එක්ක එකතු වෙලා කනත්තට එහායින් කැළේ පැත්තට වෙන්න තැනක් සූදානම් කරගෙන, ගැහැණු ළමයාගේ මිනිය වලෙන් ගොඩට අරගෙන එතනට ඇවිත් වැඩේට සූදානම් වෙලා.

මිනියේ ඇඳුම් ඉවත් කරලා නාවා පිරිසිඳු කරලා පැත්තකින් බිම දිගා කරලා තියලා කට්ටඬයා මන්ත්‍ර ජප කරන්න පටන් අරගෙන. මන්ත්‍ර ජප කරන අතර ගෝලයා කුකුළෙක් අරගෙන උගේ බෙල්ල කපලා ඒ ලේ වලින් මේ කන්‍යාවියගේ සිරුර සම්පූර්ණයෙන්ම නහවලා. දැන් මේ ගැහැණු ළමයාගේ සිරුර කුකුළා ගේ ලේ වලින් වැහිලා.රතුම රතු පාටයි. රාත්‍රියේ අඩ අඳුරේ කරන ගුරු කමක් නිසා මේ සිරුර දිහා බලන එකත් බය වැඩිකරවනවා.

දැන් තමයි හොඳම හරිය.
මේ විදියට කට්ටාඬියා මන්ත්‍ර ජප කරගෙන යන කොට මේ මිනියේ දිව ටිකෙන් ටික දික් වෙන්න පටන් අරගෙන. තව තවත් මන්ත්‍ර ජප කරන කොට මිනියට පණ ඇවිත්. පණ ආපු මිනිය එකපාරටම නැගිටලා. හයියෙන් හූ කියපු මිනිය කුකුළා ගේ බෙල්ල කපපු පිහිය අතර අරගෙන ළඟ තිබුන ගහක ගැඹුරට ඇනෙන්න විසිකරලා. මේ සිදුවීමෙන් බලාගෙන හිටපු ටික දෙනා හොඳටම බය වෙලා දුවන්න පටන් අරගෙන. එතන ඉතුරු වෙලා ඉඳලා තියෙන්නේ කට්ටාඬියයි එයාගේ ගෝලයයි විතරයි.ලේ පෙරාගෙන දිව දිගු කරගෙන හිටපු මිනිය කට්ටාඬියා දිහාට හැරිලා මෙහෙම කිව්වලු.

“මම මැරුණේ නැහැ.ඌ මාව මැරුවා.මම තොපෙන් පළි ගන්නවා.මං උඹවත් අරගෙන යනවා“

ඊට පස්සේ මිනිය පණ නැතුව ඇදගෙන වැටිලා.
මේ දේවල් කියලා තියෙන්නේ කට්ටාඬියා දිහා බලා ගෙන නිසා කට්ටාඬි මහත්තයා හොඳටම බය වෙලා.

කරන්න ආපු වැඩෙත් වැරදුන නිසා ආපහු මිනිය සෝදලා, ඇඳුම් අන්දලා කලින් වළලපු තැනම වළදාලා ගෝලයත් එක්ක ඇවිත්.

පස්සේ මේ ගැන ගමේ කසුකුසුවක් ගියාම මේ ගැන ආපහු හොයලා බලන්න පටන් අරගෙන. මැරුණ ගැහැණු ළමයා, එයාගේ ගමේම තරුණයෙක් එක්ක ප්‍රේම සම්භන්ධයක් පවත්වලා තියෙනවා.අන්තිමට මේ කොල්ලා අතින් මේ කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඇවිත් තියෙනවා. ඒ බයට මේ කෙල්ලට මැරෙන්න කියලා කොල්ලා තර්ජනය කරලා.ගමේ අයට මුහුණ දෙන්න බැරි වෙන නිසා කෙල්ල සිය දිවි හානි කරගෙන තියෙන්නේ කොල්ල ගැන වෛරයක් හිතේ තියාගෙන.

හැබැයි දරුණුම සිද්ධිය වුනේ ගුරුකම කරන්න ගිය කට්ටාඬියාට. එදා ගුරුකම වැරදුන දවසේ ඉඳන් කට්ටඬියාට එක දවසක් වත් හරියට නිදාගන්න ලැබිලා නැහැ. හැමදාම හීනෙන් බය වෙනවා. තමන් දන්න මන්තර සාස්තරෙන් මොන තරම් ගුරුකම් කලත් මේ බය වෙන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. හරියටම ගුරුකම කරලා දවස් 7 කට පස්සේ මේ කට්ටාඬි මහත්තයා නිදි ඇඳේදිම අභිරහස් විදියට මැරිලා තියෙනවා.
අසාමාන්‍ය භයකින් මැරුණ ලක්ෂණ මුහුණෙන් පේන්න තිබිලා තියෙනවා. කට්ටඬියාගේ ගෝලයත් පිස්සු හැදිලා ඉබාගාතේ යන්න ගිහින්...

•••• අද්භූත නිවස••••

Image may contain: outdoor
"අම්මෝ...එන්න ගිය වෙලාව."මම පැවසුවෙමි.අප පැමිණි ත්‍රී වීලරයට පියා විසින් මුදල් ගෙවා ආපසු හරවා යැවීය.මෙය අපගේ අලුත් නිවසයි.

"අම්මෝ මේකනම් එපා වෙන තැනක්නේ."අයියා කීවේය.

"හරියට signal වත් නෑ."

කෙසේ වුවත් මම අපගෙ අලුත් නිවස විවේචන නොකලෙමි.මොකද මෙය අපගේ පරණ නිවසට වඩා විශාලය.කාලය කෙමෙන් කෙමෙන් ගත විය.එක දිනයක රෑක අපගේ නිවසේ සීනුව නාද විය.මගේ කාමරය සහ අයියාගේ කාමරය එකිනෙකට යාබදව පිහිටි කාමර දෙකකි.

"මල්ලී ගිහින් බලලා එනවා කව්ද කියලා"අයියා තරමක් ශබ්දයෙන් පැවසුවේය.ඒ ඔහුගේ නින්ද කැඩුණු නිසා විය හැකිය.මම සාලය දිගේ පැමිණ නිවසේ ඉදිරිපස දොර ඇරියෙමි.එකවරම යමෙක් මගේ ඇගට කඩා පැන්නේය.

"හලෝ ප්‍රභාත්.කොහොමද මචන්."ඒ අයියාගේ කරදරකාර මිත්‍රයා පසන්‍ ය.

"අඩෝ මං මෙහේ".අයියා උඩු මහළේ සිට දිව ආවේය.එවිට ඔහු බදා සිටියේ වැරදි පුද්ගලයා බව පසන්ට අවබෝධ විය.මා අතහැර ඔහු අයියා වෙත ගියේ ය.දෙදනා කතා කරමින්ම තරප්පු පෙළ නගින්නට විය.ඔහු අපේ නිවසට ආවේ ඇයි දැයි සිතමින් මමද තරප්පු පෙළ නැංගමි.තාත්තා අයියාට එවැනි මිතුරන් ඇසුර නවත්තන ලෙස උපදෙස් දී තිබුණි.

පසුදින අප තිදෙනා විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණි.පසුව අයියාගේ මිතුරා පසන් අපේ ගෙදර පිටුපස වත්ත පහළට යාමට යෝජනා කළේ ය.අපිද විශල වත්තේ ඒ මේ අත ඇවිද්දෙමු.

"අයියේ එනවකො මෙහෙට.මේං පරණ ගෙදරක්."මම අයියාටද කතා කළෙමි.එය බැලූ බැල්මට පරණ නිවසක් බව අවබෝධ විය.

"යමං මචං බලන්න" යැයි කියමින් පසන් අපට පෙර ගියේ ය.ඔහු නිවසේ දොර ඇරියේ ය.එකවරම වවුලන් රැසක් නිවස ඇතුලේ සිට එළියට පැමිණියේ අපද පෙරළමිනි.පසන් නිවසට අඩිය තබද්දී නූලක් වැනි යමක් කකුලේ පැටළවිණි.

"මොන හු***ද මේ" යැයි කියමින් ඔහු එය කඩා දැමුවේය.එම පැරණි නිවසේ පැයක් පමණ සිට අප පැමිණියේ දිවා ආහාරය සදහා ය.එදින රත්‍රීය උදා විය.එක්වරම තරප්පු පෙළ දිගේ යමෙක් නගින හඩක් මට ඇසුණේ ය.අයියා සහ පසන් තවමත් නින්දට ගොස් නැත.

"මචං මට චූ බරයි.වරෙන්කෝ යන්න."ඒ පසන් ය.

"අපෝ පොඩි එකෙක් වෙන්න එපා ගිහින් වරෙන්" ඉන්පසු ඔහු ඇදෙන් නැගිට ඒ සදහා ගියේය.ගතවූයේ නිමේශයකි.යටි ගිරියෙන් කෑ ගසමින් ඔහු දිව ආවේ ය.මමද ඒ දෙසට ගියෙමි.අම්මාත් තාත්තාත් එතනට පැමිණියේ ය.

"පුතේ මොකො මේ" ඔහු ගල් ගැසී බලා සිටියි.ඔහුට තදින් උණ ගැහී ඇත.පසුදා උදා විය.

"මං මෙහෙං යනවා මචං"කියමින් පසන් ගෙදරින් පිටත් විය.එදා අප සියලු දෙනා කතාවූයේ ඒ පිළිබඳව ය.

"මොකට ඒ පුතා බය උනාදා දන්නෑ.."අම්මා කීවා ය.

"අයියේ මොකද කරන්නේ?" මං අයියාගේ කාමරයට ඇතුළු වෙමින් ඇසුවෙමි.

"උඹට වැඩක්ද මං කරන දේ .පලයන් යන්න මෙතනිං".අයියා වෙනදා මෙන් නොවීය.ඔහුගේ හැසිරීම අමුතුය.

"ඔයාට මොකො උනේ." මං පිටුපස හැරී සිටි ඔහුට තට්ටුවක් දමමින් ඇසුවෙමි.එකවරම ඔහු මට තදින් පහරක් එල්ල කලේ ය.මං ඉදිරියට විසි උනෙමි.මං ඔහුගේ කාමරයෙන් දිව ආවේමි.රාත්‍රී ආහාරය සදාහා අපි කෑම මේසයට යද්දී "චර බර චර බර"යනුවෙන් ශබ්දයක් ඇසුණි.තාත්තාත් මමත් හැරී බලන විට අයියා කුකුල් මස් හට්ටියට අත දමමින් එහි වූ දෑ කන්නට විය.

"පුතේ..අපි මේක බෙදාගෙන කමු"තාත්තා උපහාසයට මෙන් කීවේය.මං මින් අනතුරුව සිදුවන දෙය හොදින් දනිමි.තාත්තාටද ඉතා වැරෙන් පහරක් එල්ල විය.අම්මා පුදුමයෙන් මෙන් බලා සිටියි.අයියා මීට පෙර මේ ආකාරයට හැසීරී නැත.පසුව මම හිස් බඩම නින්දට ගියෙමි.ටික වේලාවක් මම ඇදේ වාඩි වී සිටියෙමි.මගේ මනසේ සිතුවිලි ධාරවක් සැදුණි.

"මෙය කුමක්ද? අයියා මෙලෙස හැසිරෙන්නේ ඇයි?"ගත වූයේ නිමේශයකි.

"දඩස්..ඩෝං..පටාස්..."යනුවෙන් අයියාගේ කාමරයෙන් ශබ්දයක් ඇසුණි.ඔහු කාමරයේ බඩු පොළෙවේ ගසයි.නිවැසියන් එතනට පැමිණියේ ය.ආච්චිට මේ සිදුවන්නේ කුමක්දැයි යම් අවබෝධයක් තිබුණි.ඇය ඉක්මනටම පිරිත් පොතද රැගෙන එතනට ආවේය.ආච්චී අතේ වූ පිරිත් වතුරට යමක් කියා අයියාගේ ඇගට ගැසුවා ය.ඔහු ක්ලාන්ත වී වැටුණේය.
පසුදා නිවසට රැගෙන ආවේ කට්ටඩියෙකි.ඔහුට අවශ්‍ය පරිදි සියලු වැඩ කටයුතු සිදු වුණි.ඔහු යමක් මතුරමින් ද ඔහුගේ සගයා බෙරේ ද වයන්නට විය.අයියාට භූතාත්මය ආරූඪ විය.

"උඹලා මට මේ මොනවද කරන්නේ".භූතාත්මය අසයි.

"උඹ කවුද? ඇයි මේ දරුවාගේ ඇග ඇතුලට වෙලා ඉන්නේ".කට්ටඩියා අසයි

"උඹට වැඩක් නෑනේ මං කවුරු උනත්"

කට්ටඩියා ගිනි ගොඩට දුම්මල ගසමින් මන්ත්‍රයක් මතුරන්නට විය.

"ඕක නවත්තපන්..මට අමාරුයි."භූතාත්මය පවසයි.

"එහෙනම් කතා කරපන්"

"මං තමයි සුමනේ.අංගම්මන සුමනේ..මං තමයි මේ ගෙදර හැදුවේ.මම මැරෙද්දීත් මේ ගෙදරට ආසාවෙන් මේ ගෙදරමයි මළේ.මට මේ ගෙදර දාලා යන්න කියන්න එපා.මේ ගෙදරට කලිනුත් කස්ටිය ආවා උන් හැමෝම මං එළෙව්වා."

කට්ටඩියා තවත් දරුණු විය.ඔහු පෙරට වඩා ශබ්දෙන් මතුරන්නට විය.

"හරි හරි මං මේ ගෙදර දාලා යන්නම්.."

"කොහොමද ඔප්පු කරන්නේ"ඔහු අසයි.

"මං මිදුලේ කොස් ගහේ අත්තක් කඩං යන්නම්".එසේ පවසත්ම ජර බරස් ගා අත්තක් කඩා වැටුණි.ඒ සමගම අයියා සිහිසුන්ව වැටුණි.ටික වේලාවකින් අයියා පියවි සිහියට ආවේය.අපි සැවොම සැනසුම් සුසුමක් හෙළුවේ ය.

තවත් ඒ ගෙදර මොහොතක්වත් සිටීමට අපි අදහස් නොකළෙමු.බඩු භාණ්ඩ සූදානම් කරගත් අපි වහාම පිටත් වූයෙමු.

~~~•••• සති තුනකට පසු ~~~•••• 3 weeks later ~~~••••

"අඩෝ බොක්ක".ඒ අප කලින් සිටි ගෙදරදී හදුනාගත් මගේ මිතුරෙකි.

"කියපන් මචං"මම ඇසුවෙමි.

"අර උඹලා කලින් හිටිය ගෙදර..."

"අප්පෝ ඒක මතක් කරන්නවත් එපා බන්"

"අහපන්කෝ කතාව...උඹලට කලින් ඕකට තව මිනිස්සු කස්ටියක් ආවා.උන්ගේ පවුලේ එකෙක් මළා ඕකේ ඉදළා.යකා හිර කරල ඉදලා තියෙන්නේ අර පාලු ගෙදර.උබ මට කිව්වා මතකද අර ගෙදර නූලක් කැඩුව කතාව.ඒ ආරක්ෂාවට බැදලා තිබ්බ නූලළු.මටත් කිව්වේ අපගේ සීයා."ඔහු කතාව අවසන් කළේය.

අපි එම නිවසින් පැමිණියේ පෙර පිනකට මෙන් යැයි මට සිතුණි.තවත් එම ගෙදර සිටියහොත් අප කවුරුන් හෝ මිය යාමටද ඉඩ ඇත.තවද යකාගේ බන්ධනය කැඩුවේ අපමය.එම නූල කැඩුවේ අපය.

----පසුව එම නිවසට තව පිරිසක් පැමිණි අතර ඔවුන්ද නිවස හැර ගොස් ය.---

^^^ යකා එලවා දැම්මද ඔහු නැවත පැමිණ ඇත.^^^

යක්ෂ බන්ධනයෙන් මිදෙන්න පිදේනි තටුව දෙන හැටි


Image may contain: one or more people, night, fire and outdoor

‘යක්‍ෂ බන්ධනයක් කියන්නෙත් එක්තරා ආකාරයක කොඩි වින ක‍්‍රමයක්, යක්‍ෂ බන්ධනයෙන් කරන්නේ යකකු මිනිස් සිරුරට බන්ධනය කිරීමයි. එහෙම කරාම ඒ යක්‍ෂයා විසින් මිනිස් සිරුරේ ලේ උරා බොනවා. මස් උරා බොනවා. අවසානයේ දී මුළු ප‍්‍රාණයම ගන්නවා. ගහක් ගලක් වගේ හිටපු සමහර මිනිස්සු හිටපු ගමන් ලෙඩ වෙන්නේ ඒකයි. ඔළුවේ අමාරුව, කැරකිල්ල, වමනය පාචනය, ශරීරය කෘෂ වීම වැනි නොයෙක් ලෙඩ රෝග ඇති වෙනවා. කාන්තාවකට යක්‍ෂ බන්ධනයක් ඇති කළොත් ඒ කාන්තාවගේ මාසික ශුද්ධ වීම අක‍්‍රමවත් වෙනවා. නිරන්තරව නොහිතන වෙලාවට රුධිරය වහනය වෙනවා. ඒ විතරක් නෙවෙයි නිතරම හූ තැබීම, කෑ ගැසීම, දැඟලීම වැනි දේවල් කරන්න පටන් ගන්නවා. මේ වගේ නොයෙකුත් රෝගාබාධවලට යක්‍ෂ බන්ධනය බලපානවා”.

”නූල් හත් පොටක් අරගෙන තරමක් බුරුලට ඒකෙ ගැට හතක් ගහනවා. ඊට පස්සේ ඒක කහ වතුරේ පොඟවලා අරගෙන යක්‍ෂයෙක් බන්ධනය කරලා 108 වාරයක් මතුරලා ජීවං කරනවා. සමහරු රීරී0 කඩවර යක්‍ෂයාව බන්ධනය කරනවා. තවත් සමහරු රීරි යක්‍ෂයාව, කළු කුමාරයාව ආදී නොයෙකුත් යකුන් බන්ධනය කරනවා. මේක බොහෝම රහසිගතව තමයි කරන්නේ. ජීවං කරපු නූල අරගෙන තරහකාරයා යන එන පාරක් බලලා හරහට තියනවා. නූල නොපෙනෙන විදිහට මොනවා හෝ කොළ කීපයක් දානවා.


තරහකාරයා මේ නූලට උඩින් ගියාට පස්සේ ආපහු නූල අතට අරගෙන අර බුරුලට ගහපු ගැට ටික තද කරනවා. ඔන්න ඉතින් ඒ මොහොතේ ඉඳලා අර පුද්ගලයා හෝ කාන්තාව ලෙඩ වෙනවා. දැන් ඉතින් ගෙදර අය වහාම දුවන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් හොයාගෙන. සමහර විට මේ දේ කරපු කෙනා නොදැන කරපු ගුරුන්නාන්සේ ළඟටම යන අයත් ඉන්නවා. ඒ මිනිස්සු ගැන අනුකම්පා හිතුණොත් ඒ ගුරුන්නාන්සේ ලෙඩාගේ ගෙදරට ගිහිල්ලා නූලක් මතුරලා කරට දාලා එනවා. හා දැන් ඉතින් උඹලා බයවෙන්න ඕන නෑ ලෙඩාට සනීප වෙයි කියලත් කියනවා. එහෙම ඇවිත් අර ගැට තද කරපු නූලට මතුරලා ගැට ටික ලිහලා දානවා. දැන් ඉතින් ලෙඩාට සනීපයි. ඒ ගෙදර මිනිස්සු ගුරුන්නාන්සේට බොහෝම බය පක්‍ෂපාතව වැඩ කරනවා. දෙයියන්ට වගේ සලකනවා. යම් කිසි විදිහකින් ඒ ගුරුන්නාන්සේ බෑ කිව්වොත් වෙනත් ගුරුන්නාන්සේ කෙනෙක් හොයා ගන්න සිද්ධ වෙනවා.”

‘‘ඔහොම හොයා ගත්තට පස්සේ ගුරුන්නාන්සේ කියනවා අපි නූලක් මතුරලා දාමු කියලා දවස් හතක් ඇතුළත සුවයක් නැත්නම් ඇප නුලක් දානවා. ඇප නූලක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ පිදේනි තටුවක් දෙන නිසා කරදර කරන්න එපා කියන එකයි. ටික දවසකින් පිදේනි තටුව නොදුන්නොත් මේ ආතුරයාව ආයෙත් ලෙඩ වෙනවා. ඒ නිසා මේ යක්‍ෂ බන්ධනය ස්ථිරවම කපන්න නම් පිදේනි තටුවක් දීලා යක්‍ෂයාව එළව ගන්න ඕන කියලා. ඒ අනුව දිනයක් නියම කරනවා. අවශ්‍ය අඩුම කුඩුම සූදානම් කර ගන්න කියලා ලැයිස්තුවකුත් දෙනවා. දැන් ඉතින් මිනිස්සු වැ​ෙඩ්ට සූදානම් වෙනවා. මුළු ගමම ඒ ගෙදරට එනවා. කැවුම් කොකිස් ආදී රස කැවිලි හදනවා. එන යන අයට සංග‍්‍රහ කරනවා. එදා දවසේ ඒ නිවසේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ගුරුන්නාන්සේගේ කීමට අනුවයි. එදාට වෙනදාටත් වඩා නිවසේ පිරිසිදුකම තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මස් මාළු ගෙදර පැත්ත පළාතට ගේන්න තහනම්.”
‘‘දැන් ඉතින් පිදේනි තටුව සූදානම් කරනවා. පිදේනි තටුව දීමෙන් කරන්නේ යක්‍ෂයා අර ආතුරයගේ ලේ බොන එක මස් උරා බොන එක නවත්වන්න බල කරන එක. ඒ තුළින් තමා ආතුරයව සනීප වෙන්නේ. යක්‍ෂයාට අවශ්‍ය දේවල් සියල්ලම පිදේනි තටුවේ තියෙනවා. ගොක් කොළ, කෙසෙල්බඩ පතුරු, ලී ආදී දේවල්වලින් පිදේනි තටුවක් හදනවා. ඊට පස්සේ පුද භෝජන මේ පිදේනි තටුවේ තියනවා. රත් බත්, කළුබත්, නිල්බත්, අඳුන් බත්, සඳුන් බත් හරි ගස්සගෙන තමයි තටුවේ තියන්නේ. මස් ගොටුවකුත් සූදානම් කරගන්නවා. වඳුරු මස්, ගෝන මස් හෝ මුව මස් තමා අර ගන්නේ උන්ගේ මස් ගන්න ඉතින් සතෙක් මරන්නම වෙනවා.

ඒ මස් ගත්ත සතාගෙන්ම ලේත් ගන්නවා. ඒ ලේවලින් ලේ ගොටුවක් ලැස්ති කරලා තියෙනවා. අමු කැලෑ කොළයකින් හදන ගොටුවක තමා ලේ තැන්පත් කරන්නේ. මස් තැන්පත් කරන්නෙත් ඒ විදිහට. ඒ ඇරුණම පුළුටු වර්ග සූදානම් කර ගන්න ඕන. මුං ඇට, ඉරිඟු ඇට, ලීමා ඇට අරගෙන ඒවා කබලේ දාලා හොඳට බදිනවා. බැදලා පිටි වෙන්න කොටාගෙන ඒවත් අර තටුවේ තැන්පත් කරනවා. ඒ වගේම කැලේ තියෙන රත්මල් ගෙනල්ලා පිදේනි තටුවේ ගහනවා. ඒ හැරුණම දිය ගොටුවක් කිරි ගොටුවක් සූදානම් කරලා ඒකෙම තැන්පත් කරනවා. කිරි සඳහා පොල් කිරි තමා ගන්නේ. බුලත් කොළ 18 ක් සහ පඬුරු 18 කුත් තටුවේ තැන්පත් කරනවා. ඔන්න ඔය විදිහට අංග සම්පූර්ණ පිදේනි තටුවක් සකස් කර ගන්නවා.”

‘‘මේ සියලු කටයුතු සූදානම් කර ගත්තට පස්සේ ආතුරයට සුදු ඇඳුමක් අන්දවනවා. ඉන් පස්සේ ආතුරයගේ ශරීරයේ තැන් තැන්වලට තියලා දෙහි කපනවා. දෙහි කපලා ඉවර වුණාට පස්සේ ආතුරයව ගෙයින් එළියට අරගෙන අර පිදේනි තට්ටුව ළඟ පැදුරක් දාලා අසුන් ගන්වනවා. සාමාන්‍යයෙන් වළක්වන්න බැරි හේතුවක් ඇරෙන්න මේ කටයුතු කරන්නේ රාත‍්‍රී කාලයේ දී. සවස රාත‍්‍රී අටට විතර පටන් ගන්න මේ වැඩේ ඉවර වෙන්නේ පාන්දර හයට විතර. එදාට ඒ ගෙදර තමා ගත කරන්නේ.”

”පිදේනි තටුවට අමතරව වෙලං ලීයකින් ඊ ගහක් හදා ගන්නවා. අඩි දෙකහමාරක් තුනක් වගේ දිගට මේ ලීය අරගෙන ඒකේ එක් කොනක් හතරට පළලා ගොක් කොළ හතරක් අමුණලා යම්කිසි හැඩයකට රටාවකට නමලා සකස් කරගන්නවා. වෙලං ලීයේ අනිත් පැත්තේ යකඩ ඇනයක් බස්සලා ඊ ගහ සම්පූර්ණ ගර ගන්නවා. නූලක ගැට හතක් දාලා ඒ නූල ඊ ගහේ ගැට ගහනවා”.
‘‘ඔය අතරේ ගුරුන්නාන්සේ දුම්මල ගහලා මන්තර කවි ටිකක් එහෙම කියලා වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ එක අතකින් ඊ ගහ අරගෙන අනිත් අතින් පන්දමක් අරගෙන කුකුළෙක් කිහිල්ලේ ගහගෙන ජීවං කටයුතු දිගටම කරගෙන යනවා.”

‘‘මේ විදිහට මන්තර ජප කරද්දි අර ආතුරයා වරින් වර කෑ ගහනවා. හූ තියනවා. නොයෙක් කි‍්‍රයාකාරකම් කරනවා. එයාගේ ළඟ දෙන්නෙක් ඉඳලා එයාව පාලනය කරනවා. මේ යාගයේදී මුලින්ම කරන්නේ මේ ආතුරයාට බන්ධනය වුණ යක්‍ෂයාව ගෙන්වා ගැනීමයි. ඒ සඳහා විවිධ මන්තර කියනවා. වරින් වර පොඩි විවේකයක් අරගෙන තමා ජප කිරීම කරන්නේ ගුරුන්නාන්සේට සහය දෙන්න තවත් සහයක ගුරුන්නාන්සේලා ඉන්නවා. ඒ අය ගුරුන්නාන්සේලා කියන විදිහට අඩුම කුඩුම අතට දෙනවා. මේ වැඩේ කරන ගුරුන්නාන්සේ ඉන්නේ සුදු පිරුවට ඇඳලා ඉණ වටේට පච්ච වඩම් පිරුවටයක් බැඳලා ඔළුවටත් පච්ච වඩම් ජටාවක් බැඳලා පිළිවෙළකට තමා වැඩේ කරන්නේ.”

‘‘ආතුරයට බන්ධනය වුණ යක්‍ෂයා සොයා ගන්න සෑම යක්‍ෂයෙකුටම අඬ ගහනවා. මෙන්න මේ විදිහට කියලා තමා ඒ අඬ ගැසීම කරන්නේ.”
‘‘ඕං ත්‍රෛ ලෝක කට්ටු භූත
වේතාලා වේර ගිරි පර්වත ගුගුරවා වර වර
හංස පත්තු නරයානේ කයිලාසන උනන්දු කරගෙන වර වර
සක්වල ගලට පැන නැගී පරුවත් දෙකක් කෙලගෙන වර වර
මහ සයුර ලේ කරවාගෙන වර වර
රීරී තම්බිරානේ වර වර
ඔඩ්ඩි රාජ මරු සන්නි යක්‍ෂයා වර වර
කල්ලු වඩිග යක්‍ෂයා වර වර
රීරී කඩවර යක්‍ෂයා වර වර.....’’

‘‘ඉතින් ඔය විදිහට විනාඩි 45 ක විතර කාලයක් තිස්සේ යක්‍ෂයන්ට අඬගහනවා. යක්‍ෂයා ආව ගමන් අර ආතුරයා යක්‍ෂ වේෂයෙන් කතා කරන්න පටන් ගන්නවා. හූ කියාගෙන දඟලනවා. ආයෙත් ගුරුන්නාන්සේලා මතුරනවා. ඔය විදිහට අලුයම් කාලය අවසන් වෙනකම් යාග රැය කරනවා. ඊට පස්සේ ආතුරයගෙන් අහනවා මොනව ද ඕන කියලා එතකොට එයා යක්‍ෂාරූඪයෙන් කතා කරනවා. මස් ඉල්ලනවා. ලේ ඉල්ලනවා. නොයෙක් දේ ඉල්ලනවා. ගුරුන්නාන්සේ කියනවා ඒ සේරම තටුවේ තියෙනවා එ නිසා මේ පුද්ගලයාගෙන් ඉවත් වෙලා පලයන් කියලා. යක්‍ෂයා හා කියනවා. තව මොනවද කෙරෙන්න ඕන කිව්වම යක්‍ෂයා කියනවා මට කවි පන්තියක් අහන්න ඕන කියලා. එතකොට ගුරුන්නාන්සේ අහනවා වීදි පන්ති කවියක් ද දොලේ කවියක් ද කියලා එතකොට යක්‍ෂයා දොලේ කවියක් කිව්වොත් ඒ යකාගේ උත්පත්තිය පිළිබඳව කවි කියනවා”.

‘‘මෙකල්පය එයි චක‍්‍රවර්ති රජ කල
එකල්පයට ගෞතම අපේ මුණි බුදු විය
ශනි කුජ බුධ ගුරු නව දෙන ඉසි දිය
අසන් සතුන් කඩවර යකු ඉපදුණු පිළිවෙළ....

ඔන්න ඔය විදිහට කවි කියලා යක්‍ෂයා අර ආතුරයගෙන් අයින් කරනවා. ඊට ප්සසේ නිට්ටාවටම සුවවෙනවා යක්‍ෂයා හා කියලා බන්ධනයෙන් නොගියොත් ඊට වඩා දරුණු බන්ධන කැපිල්ලක් කරනවා.

"මන්තර බලයෙන් තැඹිලි ගස්‌ පහත් කළ බරම්පොල කෝරාළ"

No automatic alt text available.
මෙය දැනට වසර ගණනාවකට පෙර සත් කෝරළයේ හෙට්‌ටිපොලට නුදුරු බරම්පොල ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකි. බස්‌රථ ධාවනය හා වෙනයම් ගමන් පහසුවක්‌ කිසිසේත් නොතිබූ එසමයෙහි මෙම ප්‍රදේශයේ ගැමි ජනතාව කුරුණෑගල නගරයේ උසාවිවල නඩුහබ හා වෙනයම් කටයුත්තක්‌ සඳහා සැතපුම් තිහ හතළිහක්‌ පමණ දුර ගෙවා ගමන් කළේ පාගමනෙනි. බත්මුල් හා බීමට ජලය රැගෙන හුළු අතු බැඳගෙන දින කිහිපයක්‌ ඔවුහු ගමන් කරති. මහ දිගට ඇති අම්බලම්වල රැඳෙමින් ගැමියෝ මෙසේ දින කිහිපයක පසු කුරුණෑගල නගරයට සේන්දු වූහ.

මේ අතර දිනක්‌ ස්‌වාමීන් වහන්සේ නමක්‌ තම ගෝලයාද සමඟින් මෙසේ බරම්පොල හරහා කුරුණෑගල දක්‌වා වැඩියේ පුණ්‍ය කටයුත්තක්‌ සඳහාය. ස්‌වාමීන් වහන්සේ මෙසේ බරම්පොල හරහා යද්දී මහත් වූ පිපාසාවකින් පෙළෙන්නට වූයේ ගමනේදී ඇති වූ මහත් වෙහෙස මහන්සිය නිසාය. බරම්පොලදී එක්‌තරා නිවෙසකට ගොඩ වැදුණු උන්වහන්සේ ගෙහිමියා අමතා තමාගේ සාපිපාසාව සංසිඳවා ගැනීම සඳහා තැඹිලි ගෙඩි දෙකක්‌ කඩා දුනහොත් මැනවැයි කීහ. ස්‌වාමීන් වහන්සේගේ ඉල්ලීම හිස්‌ මදුනින් පිළිගත් ගෙහිමියා උන්වහන්සේ සමඟම තම ගෙවත්තේ ඇති වඩාත් උසම තැඹිලි ගස අසලට ගියේය.

ගෙහිමියා උන්වහන්සේට පෙනෙන පරිදි තම අත්ලට මතුරා තැඹිලි ගසට අත තබත්ම එම රූස්‌ස තැඹිලි ගස නැවී තැඹිලි වලුද පහත් විය. ඉන් තැඹිලි ගෙඩි කිහිපයක්‌ අතින් කරකවා කඩා ගත් ගෙහිමියා ඒවා කපා ස්‌වාමින් වහන්සේට පිළිගැන්වූයේ මහත් වූ භක්‌ත්‍යාදරයෙනි. තැඹිලි බීමෙන් පසු ගෙහිමියා සමඟ වත ගොත කතා කරද්දී උන්වහන්සේට දැනගන්නට ලැබුණේ එම ගෙහිමියා අන් කවරෙකුවත් නොව ප්‍රදේශය පුරාම මහත් ප්‍රසිද්ධියක්‌ උසුලන යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ හසල පළපුරුද්දක්‌ උසුලන බලගතු යන්ත්‍ර මන්ත්‍රකරුවකු වූ "බරම්පොල කෝරාළ" බවය. මෙය සත්‍ය සිදුවීමකි.

නර්මදා.........


Related image

මම සුපුරුදු පරිදි චිත්‍ර බෝඩ් එකත් ගෙන වෙරළ දෙසට පිය නැඟීමි..එතැන මිනිසුන් ඇස නොගැටුණ ස්ථානයක් වීම මට මගේ කාර්යය සාර්ථකව කරගෙන යාමට ඉවහල් විණි..
ඈත මුහුද දෙසට ඇදෙන බෝට්ටුවත්,ගිලෙන්නට ඔන්න මෙන්න ඇති රතු බෝලයක් වැනි සූර්‍යාත් මගේ සිත් ගත්තේය... ඒ වගේම චණ්ඩ මුත් ලතාවකට වෙරළෙ බිඳෙන රළ මම චිත්‍රයට නඟන්නට සිතීමි..
ඉර බැස යන්නට සුලු මොහොතක් තිබියදී මගේ චිත්‍රය ඇඳ නිම කිරීමට මට හැකි විය.. සීතල සුළඟක් හැමූයෙන් මම බෝඩ් එක අකුලා යළි මුහුද දෙස බැලීමි..
එක්වරම මා දුටු දසුන හදේ තිගැස්මක් ඇති කළත් මා ඒ දෙසම බලා උන්නෙමි.. සුදෝ සුදු දිගු ගවුමකින් සැරසී උන් තරුණියක් ඉස්සරහ තිබූ ගල් පේළිය උඩ හිඳගෙන මට පිටුපා මුහුද දෙස බලා උන්නාය..ඇගේ මුදාහල දිගු කෙස් වැටිය සුළගට එහෙ මෙහෙ විසිරුණහ..
මිනිස් පුළුටක් නැති මේ දිශාවේ මා මේ දකින ගැහැනු රුව කුමක්ද ..මම මගෙන්ම ඇසුවෙමි.. මේ මනුෂ්‍ය රුවක්ද...මට මුලින් මේ රුව නෙත නොගැටුණේ මන්ද...එක්වරම මතුවූ මේ රුව කවුරුන් විය හැකිද...මම ප්‍රශ්න කෝටියක් අතරේ සිර වුණෙමි.. අවසානයේ ඒ සියල්ල මැඩගෙන මම ඇයට කතා කරන්නට සිතුවෙමි..
"ම්...මේ ඔයා කවුද ....."
ප්‍රතිචාරයක් නැත..
"ඔයා කවුද ...මොකද මේ හවස් වෙලා තනියම ඔතන කරන්නෙ ...
දෙවැනි සැරේටත් මම බෙරිහන් දුනිමි...ඒ හඩින් ඈ හැරී මදෙස බැලුවාය..ඒ මුහුණ අහිංසකය.. ඈ නැඟිට මා වෙතට ආවේය..
"අයිය මොකද මෙතන කරන්නෙ "
මගේ ප්‍රශ්නයට පිලිතුරක් දෙනු වෙනුවට ඈ මගෙන් ප්‍රශ්නයක් ඇසීය..ඈ හොල්මනක් නෙවේ.. මනුෂ්‍ය දුවකි...මගේ බිය පහවිය..
"මං සාමාන්‍යයෙන් මෙතනට හැමදාම එනව නංගි..චිත්‍ර අඳින එක මගෙ විනෝදාංශය..ඒක නෙවේ..ඔයා මොකද මෙතන තනියම කරන්නෙ.."
ඈ දිගු සුසුමක් හෙලුවාය..
"මාත් සමහර දවස් වලට මෙතනට එනව අයියේ..මගෙ දුක අඩු කරගන්න..."
ඈ මුහුදේ ඝෝෂාව මැද යළිත් කටහඬ අවදි කළේය...
"මට සුරේෂ් අයියව මතක් වෙනව..එයා තමයි මගෙ ජීවිතේට ළංවූ එකම පිරිමියා...ඒත් එයා මාව දාල යන්ඩම ගියා..මට ඒ දුක දරාගන්න බෑ.."
ඈ ඉකිබින්දාය..මම ඇගේ අතින් ඇල්ලූවේ ඇයි දැයි මමම නොදත්තෙමි..ඒ අත ශීතකරණයක බහාලූ එකක් මෙන් තද සීතලය.
"ඔයා දැන් ගෙදර යන්න ...බලන්න ඔයා සීතල වෙලා..මේ..."
"මට සීතල හුරුයි අයියේ..අයියා යන්න..මං තව ටිකකින් ගෙදර යන්නම්.."
"ඔයාගෙ ගේ කොහෙද තියෙන්නෙ නංගී"
මම වටපිට බලා ඇසුවේ අහළ පහළ ගෙයක් දොරක් නොතිබූ නිසාවෙනි..
"මෙතනින් කිලෝ මීටර භාගයක් විතර ගියාම පොල් අතු වලින්ම හදපු ගෙදරක් තියෙනව.. ඒක.."
"ඇත්තද.."
එසේ කියූ ඇය යළිත් ගල් වැටිය මත පෙර පරිදිම වාඩිවිය...මා නිවසට පැමිණියේ හැඟීම් දහසකින් හිත පුරවාගෙනය...
පසුදාත් මා බෝඩ් එක රැගෙන ගියේ චිත්‍ර ඇඳීමටම නොව, අර තරුණිය මුණ ගැසීමේ ආසාවෙනි..අද ඈ කළින්ම ගල් වැටිය උඩ වාඩිවී උන්නාය..
"නංගී"
මගේ හඬින් ඈ හුන් තැනින් නැඟිට මගේ ළඟට ආවාය..
"අයිය අදත් ආවද.."
"ඔව්...මට ඔයාගෙ නමවත් අහගන්න බැරිවුණානෙ..මොකද්ද නම.."
"නර්මදා"
"මම නිර්මාල්..ඉතිං නර්මදා ඔයා දැන් දුක් වුණා ඇති..යන අය ගැන දුක් වෙන්න එපා..ඒ තමයි ජීවිතේ හැටි.."
"ඔව්..මටත් හිතෙනව මම දැන් දුක් වුණා ඇති කියල .."
මට එක්වරම ඇස ගියේ ඇගෙ ඇඳුමටයි.එය ඇය ඊයේ ඇඳන් සිටි සුදු ඇඳුමමයි..
"ඇයි නංගි ඔයා සුදු ඇඳුම්ම අඳින්නේ.."
"සුරේෂ් ගියාට පස්සෙ මං මැරුණා...ඒකයි.."
"අයියෝ...ඕව හිතට ගන්න එපා..එක පාරක් ආදරෙන් පැරදුණා කියල හැමදාම එහෙම වෙන්නෑනේ.."
මම ඇගේ හිත හදන්නට ගියෙමි..ඈ කිසිත් නොකියා අර ගල් බැම්ම මත සුපුරුදු පරිදි වාඩිවිය..
මට දැන් ඇය නැතුවම බැරි විය..මම සෑම හවස් වරුවකම ඒ පාළු ස්ථානයට ගොස් ඈ හමුවුණෙමි... ඒ සෑම අවස්ථාවකම ඈ හැඳ උන්නේ අර සුදු ගවුමමයි..ඒත් එය මම ප්‍රශ්නයක් කර නොගත්තෙමි..එය ඇගේ කැමැත්තයි.. සතියක් ගිය තැන මටඈ නැතිවම බැරිවිය..මටත් හොරා මගෙ හිත ඇයට ආදරය කරන්නට පටන් ගෙන තිබුණි...මට දැන් එය ඇයට කිවිය යුතුය.. අද මා ගියේ එය හිතේ තබාගෙන මහත් බලාපොරොත්තුවෙනි..එහෙත් මගේ සිහින බොඳවිණි..ඈ පැමිණියේ නැත..
දෙවන දිනයේද ඈ පැමිණියේ නැත..තෙවන සිව්වන හා පස්වන දිනයේවත් ඒ රුව මට යළි මුණ ගැසුණේ නැත..මට මෙය නොසොයා ඉන්න බැරි විය..මම ඈ පෙන්වූ නිවස සොයාගෙන ගියෙම්..කිලෝමීටර භාගයක් ගිය තැන ඈ කියූ පරිදිම පොල් අතු වලින් වට කළ කුඩා ගෙයක් තිබිණි..ඈතින් ඈත තවත් එවැනිම කුඩා ගෙවල් විය...
මම හෙමිහිට ඒ ගේ දොරකඩ ළඟට ගොස් කතා කළෙමි..
"නර්මදා...නර්මදා ..."
එහෙත් මට දර්ශනය වූයේ මා පැතූ රුව නම් නොවේ...අවුරුදු හැත්තෑවක් පමණ වයසැති ආච්චි කෙනෙක් දොරකඩින් මතු විය..
"ආච්චි...මේ නර්මදාගේ ගෙදරද.."
ඇ පුදුමයෙන් මා දෙස බැලීය..
"මේ ළමය කවුද ....නර්මදා අඳුනන්නෙ කොහොමද .."
"මේ...ආච්චි ..නර්මදා ඉන්නවද කියන්නකෝ.."
"ඉන්නව ඉන්නව...එන්නකො ගේ ඇතුලට.."
මම මහත් සතුටෙන් ගෙට ගොස් හිඳගතිමි..ආච්චි ගේ තුලට ගියේ දිගු සුසුමක් පිට කරමිනි...මම ගෙයින් පිටත මිදුල දෙස බලා සිටියෙමි..
මොහොතකින් ඈ ජායාරූපයක් අතැතිව ම ළඟට පැමිණියේ ය..මම එය ඇගේ අතින් ගෙන බැලුවෙමි..ඒ සොඳුරු අහිංසක මූණ...මම එහෙමම ඒ මුහුණ දෙස බලා උන්නෙමි..
"ලස්සනයි..ඉතිං කෝ ආච්චි නර්මදා ...ගෙදර නැද්ද .."
"ඉන්නව..මේ හැම තැනකම ඉන්නවා..මගෙ දුව මැරිල නෑ.."
ඇය හැඬුවාය..මට මේ කිසිවක් තේරුණේ නැත..
"ඇයි ආච්චි නර්මදා කෝ දැන් .."
"නර්මදා සුරේෂ් කියල කොල්ලෙක් එක්ක පෙම් පලහිලව්වක් පටලන් හිටිය..අන්තිමට ඒ කොල්ලා කෙල්ලව අනාථ කරල වෙන කෙල්ලෙක්ව බැඳගත්ත..මගෙ එකීට යන එන මං නැතිවුණා..ඒකිට දරාගන්න බැරුව මුහුදට පැන්න..කෙල්ලගෙ මිනිය වෙරළට ගොඩ ගහල තිබ්බෙ උදේ..."
මම එක තැන භ්‍රමණය වන්නාක් මෙන් දැණිනි.
"අනේ මගෙ නර්මදා..මං මෙච්චර තේරුම් කරල දීලත් මේ වගෙ දෙයක් කරග්ත්තනෙ.."
මට හැඬිණි..
"ඒක තමා සතියක් විතර එයා නෑවිදින් හිටියෙ.. අනේ මන් දන්නෙවත් නෑ.. කවද්ද ආච්චි ඕක වුණේ.."
මං ඒ සොඳුරු පියකරු මුහුණ දෙස බලාගෙනම ඇසුවෙමි..
"දැන් අවුරුදු විස්සක් වෙනව කෙල්ල නැතිවෙලා.. හරියටම අවුරුදු 20 යි කෙල්ල මැරෙනකොට.. අනේ මගෙ අහිංසකී..."
මගෙ අතින් ඒ ජායාරූපය ගිලිහී බිම වැටිණි.. හෘද ස්ඵන්දනය වැඩිවෙත්ම මට ක්ලාන්ත ගතියක් දැනිනි..
"නර්මදා ගල් වැටිය උඩ ඉඳගෙන මුහුද දිහා බලන් ඉන්නවා මිනිස්සු දැකල බයවෙලා තියෙනවලු.. අනේ මගෙ එකී අහිංසකයි..ඒකි හොල්මන් කරන්නෑ ළමයෝ.."
ආච්චි කියන දේවල් මට ඇසුණේ පියවි ලොවෙන්මදැයි මට දැණුනේ නැත..මට දැන් ඇති එකම ප්‍රශ්නය මෙයයි..
මා අර ගල් වැටිය පසු කරගෙන ගෙදර යන්නේ කෙසේද ...
බිම වැටුණු ඇගේ ජායාරූපය මා දෙස බලා හිනැහෙන්නාක් මෙන් මට දැණිනි...

දෝණි ළඟ නවතින්නද ? 👭


Image result for ghost kid

"අඩෝ නිර්මාලයා මේ ආරංචිය ලැබුණු ගමන් ආවේ..අන්න යොහාන්ලත් මග එනවා කිව්ව...මොකෝ බං අප්සට් ගහල හිනාවෙලා ඉදපන්කො තාත්තා කෙනෙක් වෙන්න යද්දි.."

"මට බයයි බං රවියො..අනේ මගේ දරු පැටියයි අකිලායි දෙන්නම හොදින් ඉදීවි නේද...?"

"අවුල් නොගහ හිටපන් බන් ඒ දෙන්නම හොදින් ඉදීවි බන් දෙයියන්ගෙ පිහිටෙන්..දැන්වත් හිනාවෙලා හිටපන්.."

යොහාන් සහ ගිවන්ත එන විටත් නිර්මාල්ගේ හැසිරීමේ වෙනසක් වෙලා තිබුණෙ නෑ.ලේබර් රූම් එකේ දොර අල්ලගෙන ඉන්නවා..එහාට යනවා..මෙහාට යනවා.. යොහාන් සහ ගිවන්ත මොකුත් නොකියාම අසල වූ දිග පුටුවේ වාඩි වුණේ නිර්මාල්ගේ දැහැනට බාධා නොකර.

"පව් බං ඔහොම තමා මතකනෙ උඹත් සෙනායාට නේතූ දුව හම්බෙන්න යද්දි..."

යොහාන් ගිවන්තට පැවසුවෙ ගිවන්තගෙ අතීතය අවුරුදු දෙකක් ආපස්සට සිහිගන්වමින්.හෝරා බාගයකට ආසන්න කාලයක් ගෙවී යන්නට ඇත.ලේබර් රූම් එකේ දොර ඇරගෙන එළියට පැමිණියේ dr. ඩී.ඒ.දහනායකය...

"ඩොක්ටර්..ඩොක්ටර් මගේ දරුවයි වයිෆ් දෙන්නම සනීපෙන් නේද..?නේද..? ඩොක්ටර් කියන්නකො.."

නළල රැලි ගසාගත් dr.දහනායක නිර්මාල්ගෙ උරහිසට තට්ටුවක් දමා

"im very sorry mr.nirmal... අපටි ඔයාගෙ දරුවව බේරගන්න පුළුවන් වුණා.ඒත් ඔයාගෙ වයිෆ්ට ජීවත් වෙන්න වාසනාව තිබුණෙ නෑ...."

රෝහල දෙවනත් වන්නට විලාප තැබු නිර්මාල් ලේබර් රූම් එකේ දොරටද පයින් ගසා ඇතුළට දිව ගියේ පිස්සෙකු වගේ...ඔහු නතර උනේ වසා ඇති අකිලාගේ නිසල දේහය ළඟ..ළපටි මුදු මොළකැටි සිගිති දෝණි අත දරා හිදිනුයේ හෙදියකි.. වසා ඇති සුදු රෙද්ද මෑත් කොට අකිලා දෙස සදාදරණීය සැමියකුගේ බැලම යොමුකළ නිර්මාල්ට දහදිය වැගිරී ගිය සුදුමැලිව හුන් ඇගේ මුහුණෙන් ඇය ජීවිතයත් මරණයත් අතර කළ සටනේ ස්වභාවය වටහා ගැනීම මහත් වේදනාවක් විණ.

හෝරාවකට ආසන්න කාලයක් අකිලාගේ නිසල දේහය බදාගෙන හැඩූ නිර්මාල්ව එතැනින් ඉවත් කරගත්තේ මිතුරන් තිදෙනා විසිනි.තම සිගිති දියණිය දෑතට ගත් නිර්මාල්ගේ දෑස් පීතෲ ස්නේහයෙන් උතුරා යනු දුටු කාගේත් දෙනෙතට කදුලක් ඉනින.දෛවයේ මහා වේදනාවකට හිමිකම්.කියූ නිර්මාල් අකිලාගෙ අවසන් කටයුතු සිදුකලේ කදුලැලි පෙරටු කරගෙනයි.තම සිගිති දියණිය රැක බලා ගැනීමට ඇයගෙ පාළුව තනිකම මැකීමට මවකගේ අවශ්‍යතාව නිසාම නිර්මාල් චායාව විවාහ කරගත්තේය.

දින සති මාස් ගනන් ගෙවී චූටි දුව අවුරුදු හතරක සුරතල් දැරියක් වුණේ නිර්මාල්ගේ හදවතේ වේදනාවන් තුනී කරමිනි.චායාගේ හා නිර්මාල්ගේ දැඩි සෙනෙහස හා රැකවරණය මැද චූටි දුව සතුටින් කල් ගත කළාය.චායා සැබැවින්ම චූටි දුවට මවක් වූවාය.බහ තෝරන වියේ පසු වූ චූටි දුවගෙ හැසිරීම තරමක් ගුප්ත ස්වභාවයක් ගත්තාය.දිනක් මිදුලෙ වැලි බත් උයමින් සිටි දුව "අම්මේ අම්මෙ මෙහාට එන්නකො අර අර මගේ ඇත්ත අම්ම ඔයා දැක්කද? අර ඉන්නෙ" කියා චායාට අත දිගුකර පෙන්වූයේ නිවස ඉදිරිපිට වූ පැද්දෙමින් තිබූ ඔන්චිල්ලාවයි.හුලගක් හෝ නැතිව පැද්දෙන ඔන්චිල්ලාව දෙස බලා හිදි චායා චූටි දුවත් රැගෙන නිවස ඇතුලට ගියේ පොඩි දරුවො ඔහොම තමා කියා එය අමතක කොට දමාය..

එහෙත් දින කිහිපයක් ගෙවී යන විට චූටි දුව තවත් ගුප්ත හැසිරීම් දක්වන බව චායාට පෙනී ගියාය විටෙක චූටි දුව මිදුලේ තනිවම වාඩි වී යමෙකු සමග සුරතල් වදන් කියමින් සිනාසෙන්නට වූවාය.රාත්‍රියේ නිදා සිටිනවිට හිටිවනම ඇහැරී "අම්මේ ආවද මං බලන් ඉදියෙ ඔයා එනකම් මෙච්චර වෙලා" කියා පවසන්නේ බිත්තියක් දෙස බලාගෙනයි.යම්කිසි දරුණු තත්වයක් දරුවාට උදාවන බව වැටහී ගිය චායා නිර්මාල්ට මේ පිළිබදව තදින් පවසා සිටියාය..

නිර්මාල්ගේ පිළිතුර වූයේ "තවම පුංචි දරුවොනෙ ඔහොම තමයි විහිළු කරනවා...දඩබ්බර වෙන්න ගත්තොත් චූටි දුවට පොඩ්ඩක් තරවටු කරලා හදාගමු චායා......." මෙසේ දින ගනනාවක් ගත විය.චූටි දුව පත්ව හිදින තත්වයත් එක්කම තවත් විපතක සේයාවක් පවුලට ආවේ මේ වන විටයි.කිසිදා නොවූ ලෙස නිර්මාල් මහ රෑ දෙගොඩහ යාමයේ හීනෙන් බියවී කෑගසන්නට වූවේ "අනෙ එපා එපා මාව මරන්න එපා...මගේ චූටි දූ බෑ..බෑ.." කියාය.. නිර්මාල් සිහිනෙන් බිය වීමද දිනපතාම වූයේය.සුවිශේෂී කාරණාව වූයේ රාත්‍රී එක පසුවී 14වන මිනිත්තුවේදී නිර්මාල් සිහිනෙන් බියවී කෑ ගැසීමත් , චූටි දුව තනිවම කියවීමත් සිදුවීමයි.තම පවුලට මහත් ව්‍යසනයක් උදාවී ඇති බව චායාට වැටහී ගියාය.මේ කිසිවක් හමුවේ තම සැමියා හා චූටි දුවව අත් නොහැර දිරිමත්ව කටයුතු කිරීමට චායා වග බලා ගත්තාය...

එදා ඉරිදා දිනයකි.නිර්මාල්ද නිවසේ සිටින නිසා චූටි දුවව නිර්මාල් ළඟ තබා චායා වෙළදපොළට ගියේ අත්‍යාවශ්‍ය බඩු මුට්ටු රැගෙන ඒමටයි.පැය කිහිපයක් ඇවිද කලමනා මිලදීගෙන යලි නිවසට එන චායාට දැකගත හැකි වූයේ....

චූටි දුව නිතර ආසා කළ රතු පැහැති පාවහන් ජෝඩුව මිදුලෙහි ඇත.ගේ දොර ජනෙල් හාස් කටට ඇර දමා ඇත.

"නිර්මාල්..නිර්මාල්......නිර්මාල්...සයනී චූටි දූ ඔයා කොහේද..?"

මිනිත්තු කීපයක් කෑ ගැසුවද කිසිදු ප්‍රතිචාරයක් නැත.කිසිවකින් කලබලයට පත් නොවී හිදි චායා අතින් බඩු මල්ලද ගිලිහී ගියාය.වහාම සාලය වෙත දිව ගිය චායාගේ හුස්ම පවා මොහොතකට සිරව ගියේ පුටු සෙටිය මත හා බිම වූ ලේ පැල්ලම් දැකීමෙනි.

මහත් විපතක් සිදුව ඇතැයි බියට පත්වූ චායා මහ හඩින් මොරදෙමින් තම සැමියා හා චූටි දුවව සොයන්නට විය.කුස්සිය අසලින් දිව ගිය චායාට කුස්සියේ බිම යමක් තිබු බව ඇස් කොනට හසු විය.ඇය නැවත ආපිට හැරී බලන විට බිම වැටී හිදිනුයේ නිර්මාල්‍ ය.ඔහු සිහිසුන්වය.ඔහුගේ දකුණු අතෙහි ලේ තැවරුණු පිහියක් තිබිණ.නිර්මාල් අසලට කිට්ටු වූ චායා වතුර වීදුරුවක් ගෙන නිර්මාල්ගේ මුහුණට ඉස ඔහිට සිහිය එළඹෙත්ම අසා සිටියේ...

"කෝ කෝ නිර්මාල් චූටි දුව..? මොකද දෙයියනේ වුනේ"

දෑතින්ම ඔළුව බදාගත් නිර්මාල්ට කිසිවක් පැවසීමට තරම් ශරීර ශක්තියක් නොවීමෙන් ඔහු හීන් කෙදිරියක් සමග බිම අනෙක් අතට ඇලවුණේය.නිරමාලට එසේම ඉන්නට හැර චායා කෑ ගසමින් චූටි දුවව සොයා පිස්සියක මෙන් ගේ පුරා වත්ත පුරා දිව යන්නට විය.

"අනේ චූටි දුව ඔයා ඔයා....ඕඔ..."

චායාට , ගේ පිළිකන්නෙ බිත්තියකට හේන්තු වී හිදිනා චූටි දුව දැකගත හැකි විය.චූටි දුවගේ කටපුරා ලේ වැගිරෙමින් තිබිණ.ඇයගේ වමතෙහි රුධිරය වෑහෙන මිනිස් හස්තයකි.මහත් කෑදරකමින් එම මිනිස් හස්තයෙ මස් කඩා කමින් හිදි චූටි දුවගෙ ඇස් වල තිබුණේ වියරු ස්වභාවයකි.මෙම පිළිකුල් දර්ශනය දුටු චායාට වමනය ආවාය.ඊටත් වඩා මෙම සිද්දි දාමය නිසා වියවුලට පත්ව හිදි ඇයට තවත් පියවි සිහියේ හිදීමට නොහැකිව ක්ලාන්ත විය.

"චායා චායා.....චායා.......මොකද වුණේ..?"

"නිර්මාල්ල්ල්.......ඔයයයා..කෝ චූටි දුව..."

"අම්මි අම්මි........ඇයි අම්මි..."

"එතකොට...එතකොට මේං දැක්කෙ...."

"එන්න චායා ගෙට යමු මේ ගිනි දවල් කුඩයක්වත් ඉහලන් යන්නෙ නැතුව ඇවිත් මහන්සියටම කලන්තෙ වෙලා ඉදියෙ ඔයා...චූටි දුව තමා දැකලා ඇවිත් මට කිවුවෙ..."

චායාට කිසිවක් වටහා ගත නොහැකි විය.කිසිවක් නොපවසා නිර්මාල්ගේ වාරුවෙන් ගෙතුළට ගියාය.සැබැවින්ම එය සිහිනයක්ම වේවායි ප්‍රාර්ථනා කල චායා කිසිවක් නිර්මාල්ට හෝ නොකීවේ පවුලේ සතුට රැකගත යුතු නිසාය.

දින තුනක් හතරක් ගත විය.චූටි දුවගේ හැසිරීමත් නිර්මාල් සිහිනයෙන් බිය වීමත් අඩුවක් නොවී පැවතුණේය.දිනක නිර්මාල් වැඩට ගොසිනි.චූටි දුවද පෙර පාසල් ගොසිනි.දහවල ආහාරය සකසමින් හිදි චායා පිහි රදවනය දෙසට අත ගෙන ගියේ සැමන් ටින් එක කැඩීමට ටින් කටරය ගැනීමටයි... ලිපෙහි වූ පරිප්පු හොද්ද හැදි ගාමින්ම අනික් අත කටරය වෙත යොමු කල චායාගෙ අත යමක ඇලුණු බවක් දැණින....

හොද්ද හැදි ගාන එක පසෙකට දමා ඒ දෙස උවමනාවෙන් බැලූ චායගෙ දෙපා සිට ඉස් මුදුන දක්වා සීතල වී ගියේ පිහි රදවනෙයේ වූයේ එදා නිර්මාල් අතෙහි වූ පිහියයි....තවමත් හොදටම වියළී නොගිය අර්ධ ඝන ලේ තට්ටුවක් තවමත් ඒ පිහිය මත විය........

මේ සිදුවන අත්භූත සිදුවීම් මාලාව නිසා චායාද තැතිගත් සිතින් කල්ගත කලේ කාටවත් එය නොඅගවමිනි.විටෙක වේදනාවක්ද විටෙක කලකිරීමක්ද ඇගේ සිතෙහි වූවාය.කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී තමා ශක්තිමත්ව හිදීම ඉතා වැදගත් බව තේරුම් ගත් චායා රුධිරය සහිත පිහිය ගෙන හොදින් සෝදා පිරිසිදු කර නැවත පිහි රදවනයෙහිම තැබුවාය.

චූටි දුව එන්නට වේලාවද හරිය.තවමත් ප්‍රමාද ඇයිදැයි බලා හිදි චායා දොරත් වසා දමා එලියට බැස්සේ දුව එන මගට යාමටය.තැබීමට හැකි වූයේ පියවර කිහිපයක් පමනි.යමෙකු වේගයෙන් තමන්ව තල්ලු කල වගක් චායාට දැණින.පසෙකට විසිවී ගිය චායාගේ හිස අසල තිබූ ඇන්තූරියම් මල් පෝච්චියේ වැදී ලේ ගලන්නට විය.දෑතින්ම හිස බදාගත් චායා ඔළුව උස්සා බැලුවේ කවුරුන් හෝ සිටීද කියාය කිසිවෙකු පෙනෙන්නට නැත.චරාස් හඩ නංවමින් ගේට්ටුව විවෘත විය.තමා දෙසට දිව ආවේ චූටි දුවයි.

"අම්මි අම්මි.....මේ මෙ ඔයාගෙ ඔලුවෙ ලේ ...."

"නෑ නෑ පැටියො අම්මිගෙ ඔලුව හීරුනනේ ලිස්සල වැටිල යමු අපි ගේ ඇතුලට බඩගිනිත් ඇතිනේ මගෙ දෝණිට..."

තරමක් හිස වේදනා ගෙන දුන්නත් එය නොසලකා පුලුන් කැබැල්ලකට බෙතාඩින් ටිකක් දමා තියාගත් චායා දුවට ඇදුම් මාරු කරගන්නට කියා කුස්සියට ගියේ චූටි දුවට කැවීමට බත් බෙදාගෙන ඒමටයි.උයා තිබූ පිලිවෙලට බත් බෙදාගත් චායා ව්‍යංජන කිහිපය බෙදා පිසූ සැමන් ව්‍යංජනය තිබූ බදුනේ පියන විවෘත කලාය.පුදුමයකි පිස හෝරාවක් වත් නොවූ එය පිළුනු වී ඇත.ඒ මදිවාට පණුවන්ද ඒ මේ අත දගලනු පෙනිණ.කුණු දමන භාජනයට එය හලා භාජනය සෝදා තබා බත් පිගානද රැගෙන චායා සාලෙට ගියේ දුවට බත් කැවීමටයි.

"අනේ දරුවො දගලන්නෙ නැතුව එන්න මගෙ රත්තරං මෙහෙ එන්නකො පුතෙ ආ..ආ... කියන්න"

චූටි දුවට බත් කැවීම තරම් අමාරු කාර්‍යයක් තවත් නැතැයි චායාට සිතිණ.වදෙන් පොරෙන් බත් කටක් දෙකක් කවා ගත්තා පමණි.චූටි දුව එක පිම්මේම දිව ගියේ ඔන්චිල්ලාව බැද තිබූ අඹ ගස දෙසටයි.ගස දෙස මොහොතක් බලා හිදි දූ වැටී තිබූ පොලු කැබැල්ලක් ගෙන අඹ ගසෙහි යන ලේනෙකුට දමා ගැසුවේ චායා පුදුමයට පත් කරමිනි.පොලු පහර කෑ ලේනා ගහෙන් බිම වැටෙනවාත් සමගම ඌ අතට ගත් චූටි දුව එක්වරම ලෙනාගෙ ගෙල සපා කෑවේ කිසිදු ආයාසයකින් තොරවය.

"දරුවො මොකක්ද ඔය කරන පාහර වැඩේ...? ආ "

චායා කෝපයට පත්ව බත් පිගාන පසෙක තබා අතුල් පහරවල් දෙකක් චූටි දූටදී කට සෝදවා හැර ඇදගෙන ගියේ ගේ තුලටයි.කාමරයට දමා දොර අගුළු දැමීය.චායා කල්පනා කලේ මේ දරුවාට මොනවා වෙලාද කියාය; මේක මොන කරුමයක්ද මේ පඩිසන් දෙන්නෙ.. හෝරා කිහිපයක් කල්පනා කරමින් හිදි චායාට කල්පනාව පිටම පුටුව මත නින්ද ගියාය.චායාට එක්වරම ඇහැරුණේ චූටි දුව කාමරයේ හිද යමෙකු සමග කතා කරන බව ඇසීම නිසාවෙනි.වහාදොර විවෘත කළ බැලූ චායා දුටු දර්ශනය හමුවේ මුලු ගතම සලිත වී ගියාය.

සුදු පාට චායාවක් වන් දුමාරයක් චූටි දුවගේ ඇද අසල ඇත.චූටි දුව ඇද මත හිදගෙන කතා කරනුයේ එම චායාව සමගයි.චායා වහාම බිත්තියෙහි වූ ඔරලෝසුව දෙස බැලුවාය.සවස 6.10 වූවා පමණි.නිර්මාල් වැඩ ඇරී එන්නටද තවත් හෝරාවක් පමණ තිබේ.වහා චූටි දුව අසලට කිට්ටුවූ චායා "දුවේ මෙහාට එන්න මෙහාට එන්න..." යැයි කතා කලාය.ඒ සමගම චූටි දුවගේ අත චායා දෙසට එල්ල විය.සුදු පාටින් දිස්වූ ඒ චායාව චයා දෙසට ඇදී ආවේය.ළඟටම ආ විට එය තව දුරටත් චායාවක් නොවී සුදුමැලිව ගිය විරූපී ගෑනු මුහුණක් බවට පත් විය.

චායාගේ හුස්ම ටිකෙක් ටික සිරවන්නට වූයේ තමා ඉදිරියේ හිදින අත්භූත රුව තම ගෙල සිරකරන්නට වූයෙනි.දඩු අඩුවකට හසු වූවාක් මෙන් වූ චායා බිම ඇද වැටී දගලන්නට විය.ක්‍රමයෙන් චායාගෙන් ප්‍රාණය නිරුද්ධව යන්නාක් සේ ඇයගේ දෑස් විශාල විය.. හීන් විලාප හඩක් ඇයගේ මුවින් නිදහස් විය..ඒ සමගම ඇදෙන් නැගී හිදි චූටි දුව වියරු වැටී මෙන් එකවරම ඇද අසල තිබූ මැටි මල් පෝච්චිය ඔසවා චායාගේ උරහිසට පහරක් එල්ල කළාය.වැඩ ඇරී නිවසට ළං වෙමින් හිදි නිර්මාල්ට ඇසුනේ චායාගේ විලාප හඩයි.ගේට්ටුව හැර දමා වේගයෙන් නිවස තුළට දිව ගිය නිර්මාල්ට විලාප හඩ ඇසුණු කාමරයේ දොර විවෘත වන්නේ නැත.දොර ඇතුළතින් අගුළු ලා තිබුණි.

"චායා චායා........චූටි දූ......" නිර්මාල්ට පිළිතුරු ලෙස ලැබුනේ චායාගේ විලාප හඩ පමණි.දොරට පයින් ගැසුවද දොර ඇරෙන්නේ නැත.වහා.පිළිකන්නට දිව ගිය නිර්මාල් අලවංගුව ගෙන දොරට වැරෙන් පහර කිහිපයක් එල්ල කල තැන දොර විවෘත විය.හිසෙන් ලේ ගලමින් බිම ඇද වැටී සිටි චායා කරට ගත් නිර්මාල් චූටි දුවද අතින් අල්ලාගෙන පිම්මේ ඇවිද ගියේ චම්මි ඇන්ටිලාගේ නිවසටයි.චම්මි ඇන්ටිගේ එකම පුතා වූ තිමිර මල්ලීගේ ත්‍රීවීල් එකෙන් රෝහල වෙත ගිය නිර්මාල් චායව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර චූටි දුව සමග දොර අභියස හිටගෙන හිදියේ භීතියෙන් හා වේදනාවෙන් වෙව්ලමිනි.දෙවියන්ට පින් සිදුවන්නට චායාට එතරම් බරපතල තත්වයක් නොවිණ.

‍යම් අමනුෂ්‍ය බලපෑමක් හමුවේ මේ විපත්ති සිදුවන බව සුව අතට පත්වූ චායට හා නිර්මාල්ට අවබෝධ විය.රට වටාම වූ ඇදුරන් සොයා ගියේ මේ විපතින් ගැලවුමක් සොයාය.නොයෙකුත් පූජා බලි තොවිල් ආදිය පැවැත්වුවත් කරදර එන්න එන්නටම වැඩි වූවා මිස අඩුවක්නම වූයේ නැත.හොදටම සිත් තැවුලට පත් නිර්මාල් යුවල අසල්වැසියෙකුගේ උපදෙස් හමුවේ "මොරහේන" නම් ප්‍රදේශයේ රොමානිස් ගුරුන්නාසේ සොයා ගියෝය.සියල්ල පවසා සිටි කල රොමානිස් ගුරුන්නාසේ පැවසුවේ

"මහත්තයලා හිතාගන්න මේ ඔක්කොම විපත්ති අහවරයි කියලා.."

එය නිර්මාල් යුවලට මහත් අස්වැසිල්ලක් විය.සියලු කලමනා සූදානම් විය.තොවිලය ආරම්භ වූයේ දේව කන්නලවුවත් සමගය.ආතූරයා වූ චූටි දුව සුදු රෙද්දක් පොරවා පැදුරක් මත හිදෙව්වේය.දැල්වෙන විලක්කු හා දුම් කුඩු දුමාරයෙන් පලාතම වැසී ගියේය....රොමානිස් ගුරුන්නාසේගේ මන්තර හමුවේ චූටි දුව පරල විය.

"කියපං උඹ කවුද? ඇයි මේ ඇත්තොන්ට කරදර කරන්නෙ..?"

"මං මේ කෙලීගෙ අම්මා මට බෑ මගේ දුව දාලා යන්න.."

නිර්මාල් හා වටේ හිදි සෙස්සෝගේද කටවල් විවෘත විය.... දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....

"මේ අහපිය මං කියන දේ අහල මේ දරුවගෙ ශරීරෙ අත් ඇරලා පලයන් දැන්ම.."

"මට බෑ මං යන්නෙ නෑ බොල..."

"තෝ යන්නෙ නෑනෙ එහෙනම් හිටපිය..."කියා රොමානිස් ගුරුන්නාසේ මන්තර කිහිපයක් උස් හඩින් මතුරා දුම් කුඩු , විල්ක්කුවෙන් දවා දුමාරය චූටි දුව වෙත එල්ල කොට නැවත මතුරන්නට විය.

"හරි හරි මං යන්නම් මට තොපෙන් මොනවත් ඕන නෑ... මට අවශ්‍ය වෙලාවට මං බිල්ලක් ගන්නම්"

චූටි දුව ක්ලාන්ත විය.

"ඕන් මහත්තයලගෙ කරදර ඔක්කොම අහවරයි.ගේ හතර කොනත් ආරක්සා කොරලයි තියෙන්නෙ.කෙලීගෙ ආරක්සාවට මේන් මේ සුරේ ගැටගැහුවනන්....මාසයක් හමාරක් යනකම් ගේ අහලකටවත් පුළුටු ජාති නොගෙනාවනම් හොදා....."

ඉතා විශාල වියදමක් දරා කල මේ තොවිලයෙන් පසු නිර්මාල්ගේ පවුල යළි සතුටින් පිරී ගියේය..සිදුවූ විපත්ති කාලයත් සමග සියල්ලන්ගේම සිත්වලින් පහව ගියේය..දින සති මාස ගනන් ගෙවී ගියේය.එක් දිනක් හදිසියේම චායා අසනීප වූවෙන් වෛද්‍යවරයකු හමුවට ගිය නිර්මාල්ට දැනගන්නට ලැබුනේ ප්‍රීතිමත් පනිවුඩයකි...චායා ගැබ්ගෙන ඇත.මෙයින් පවුලේ සතුට දෙගුන තෙගුන විය...වෙනදාට වඩා කෑමෙන් බීමෙන් ගමනින් ප්‍රවේසම් වීමට චායා සිතාගත්තාය.නිර්මාල් නම් පසු වූයේ හැමෝටම වඩා සතුටෙනි.ඒ නැවත් තමන් පියෙක් වන්නට යන නිසාය..

කෙමෙන් මාස ගත විය.චායාට දරුවා ලැබෙන්නට දින ළං විණ.චායාට විළිරුදාව ඇතිවූ වහාම නිර්මාල් චූටි දුවත් ගෙන යොහාන්ගෙ කාරයෙන් රෝහල බලා පියඹුවේය... ඒ ගමන අතරතුර චූටි දුවගේ කරේ සුරේ නැති බව නිර්මාල්ට පෙනී ගියේය.

"කෝ චූටි දූ ඔයාගෙ බෙල්ලෙ තිබ්බ සුරේ...?"

"තාත්ති ඒක ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්දා තාත්ති..."

මේ අවස්ථාවේ සුර ගැන හොය හොයා ඉන්නට උවමනා නැති නිසා රෝහලට ගොස් චායාව ලේබර් රූම් එක වෙත ඇතුළත් කළේය....අවුරුදු ගනණාවක පෙර අතීතය සිහි කරමින් නිර්මාලුත් චූටි දුවත් ලේබර් රූම් එකෙ දොර අසල සිටියාය..

"චූටි දූ ඔයා ආස අම්මි ඔයාට නංගියෙක් ගේනවටද? මල්ලියෙක් ගේනවටද කියන්නකො පුතේ....."

කෝපයෙන් මෙන් නිර්මාල් දෙස බැලූ චූටි දුව "මට ඔය කවුරුවත් ඕනේ නෑ.." කියා බිම බලාගත්තාය...

හෝරාවකට ආසන්න කාලයක් ගතවිය.නිර්මාල්ගේ හෘද ස්පන්දනයද වැඩි විය..මෙතෙක් වේලා නොඉවසිල්ලෙන් බලා හිදි නිර්මාල්ට වෛද්‍යවරයාගෙන් අසන්නට ලැබුණේ සුභ පනිවුඩයක්නම් නොව දරු ප්‍රසූතියේදී චායා හා දරුවා දෙදෙනාම මෙලොව හැර ගිය බවයි.....

විලාප දෙමින් හඩන්නට වූ නිර්මාල් අසල බිත්තියේ ඔලුව ගසාගනිමින් දෛවයට සාප කරන්නට විය.....නිර්මාල්ට සිය දිවි නසා නොගෙන හිදීමට වූ එකම කාරණය තමාට ජාතක වූ චූටි දෝණි පමණයි..

ඇත්තෙන්ම දෛවය මෙතරම් කෲරද? චූටි දුවගේ අම්මා වූ අකිලාගේ වියරු වැටුණු ආත්මය වසර ගනණක් ගෙවී හෝ තම ආත්මය වෛරයෙන් තෘප්තිමත් කරගත්තාය..............

"නහී වේරේන වේරානි........"

සමාප්තයි..!

අද්භූත හමුවීම (සත්‍ය කතාවක් ඇසුරෙනි )


Image may contain: text

"හා කොහොමද මල්ලි "
සූරිය බණ්ඩාර තිලකසිරිගේ ගෙට ගොඩ වැදුණේ සුපුරුදු ලෙන්ගතු සිනාවෙන්මය..
"සූරිය අයිය ..වරෙං වරෙං.."
තිලකසිරිද ඔහුට කතා කළේ වෙනදා මෙන්ම මධු විත ටිකක් තොල ගෑමටයි..
දෙදෙනා ඉතා ගජ යාලුවෝ වූ අතර හැමදාම සවසට මෙසේ දෙදෙනා එකතු වී සතුටු සාමිචියේ යෙදී සිටීමට පුරුදු වූහ..
තිලකසිරි වැඩ කළේ ගමෙන් ඈතය..ඔහු කළේ මේසන් වැඩ නිසා විටින් විට දුර පළාත්වලද තම කාර්‍යයන් සඳහා පිටව ගියේය..සූරිය බණ්ඩාර කළේ ගොවිතැන්ය..එබැවින් ඔහුට ගමෙන් පිට වීමට අවශ්‍යතාවයක් නොවිය..
ඒ...1975 පෙබරවාරි මස එක්තරා දවසකි.. තිලකසිරි අලුත් වැඩක් බාර ගත්තේ ගමට කිලෝමීටර විස්සක් පමණ දුරින් තිබූ නිවසකය.. වැඩට යාම සඳහා ඔහු පා පැදිය ගෙන එහි සීට් එක පිස දැමුවේ පුරුද්දට ය..
"තිලකෙ මල්ලි..වැඩට යන්නද.."
සූරිය බණ්ඩාර පැමිණියේ වෙලට වතුර හරවන්නට ගොස් ආපසු ඔහුගේ ගේ ළඟින් යමින් සිටියදිය..
"ඔව් අයිය..අද අලුත් වැඩක් හම්බ වුණානෙ.."
"කොහෙද.."
"විජිතපුර පැත්තෙ.."
"හොඳයි හොඳයි..උඹ දැන් එහෙ නතර වෙනවද.."
"නෑ...හවසට ගෙදර එනව..නැවතිල කරන්න ගියොත් එපා වෙනව..වැඩි දුරක් නෑනේ..පැය දෙකයි.."
"හොඳයි හොඳයි..එහෙම නම් පලයං..මාත් යන්නම්..හවස තෙල් ගහන්නත් තියෙනව.."
තිලකසිරි බයිසිකලයේ නැඟ පිටව ගියේය...

########

හවස හතර පමණ වනතුරු වැඩ කළ ඔහුට මහා විඩාබර ගතියක් දැණිනි..
"ඉක්මනින් ගෙදර යන්න ඕන.."
සිතූ ඔහු ආපසු නිවස බලා පැමිණියේ ඇඳිරී වැටීමත් සමඟය..ඒ දවස්වල ගමට දුරකථන පහසුකම් විදුලිය කිසිවක් නොවීය.වතුර සපයා ගත්තේද ළිං වලිනි..
වැසි බර කාලගුණයක්ද තිබූ හෙයින් තිලකසිරි බයිසිකලය පැදවූයේ මඳ අඳුරේ සීතලේමය..ගම කිට්ටු වත්ම තමන් රැගෙන ගිය ටෝච් එක පත්තු කොට බයිසිකලයේ ඉස්සරහ ගසා ගත් ඔහු නැවත ගමන ඇරඹීය..
ගම තුලවූ අතුරු පාරකට බයිසිකලය හැරවූ ඔහු තම නිවස දෙසට හරවන තුං මං හන්දිය අසලට පැමිණෙද්දි හවස හය හමාර වී තිබුණි.. බයිසිකලයේ රෝදවලද හුලං අඩු වී ගිය බවක් දැනී ගියත් ඔහු නිවස ළඟ බව සිතා සතුටු විය..
"තිලකෙ මල්ලි ..තිලකෙ මල්ලී.."
එක්වරම අතුරු පාර දෙසින් මතුවූ සූරිය බණ්ඩාර කෑ ගැසීය..
"අයිය...."
ඔහු එක කකුලක් බිමට තබා බයිසිකලය නතර කරගෙන සිටියේය..
"දැන්ද එන්නෙ මල්ලි "
"ඔව් අයිය..හොඳටම රෑ වුණා..කොහෙ ගිය ගමන්ද "
තිලකසිරි පැවසුවේ විඩාබර මුහුණෙනි..
"මං මේ එහෙ යන ගමන්..අපි ගිහින් පොඩි අඩියක් එහෙම ගහමු එහෙනං "
කියූ සූරිය බණ්ඩාර බයිසිකලයට ගොඩ වූයේ තිලකසිරි මුකුත් කියන්නටත් ප්‍රථමය.
විශාල බරක් පිටුපසින් දැණුනු හෙයින් ඔහුට බයිසිකලය පැදවීමටද අපහසු බවක් දැණිනි..
"සූරිය අයිය බහිනවද...මට පදින්නත් බෑ වගේ..අනික රෝදවල හුලනුත් අඩුයි.."
නැත..ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත..
"අයිය බැහැල යමුද..පදින්න අමාරුයි "
එන්න එන්නම බයිසිකලයේ බර වැඩිවූ නිසා තිලකසිරිට බයිසිකලය පාලනය කරගත නොහැකිව අසල තිබූ බුදුගේ දෙසට බයිසිකලය කැපී ගියෙය..
"ද...ඩා.....ං"
හඬින් බයිසිකලය පෙරළී තිලකසිරිද පැත්තකට වීසි විණි.. ඔහු අනිත් පස විපරම් කළේ සූරිය බණ්ඩාර කොහේදැයි සිතමිනි..ඔහු ඒ අසලකවත් නොසිටියේය..අතුරු පාරවල් ඒ මේ අතට විහිදී තිබූ හෙයින් ඔහු කොහේ හෝ පැන යන්ට ඇතැයි තිලකසිරිට සිතුණි..
"බනියි කියල දුවන්න ඇති..ටිකකින් ගෙදර එන්නැතෑ.."
මඳ සිනාවකින්ම යලිත් බයිසිකලයට ගොඩවූ ඔහු ඉක්මනින් නිවසට හැරවූවේය.. ඒත් සමඟම ඔහුගේ බිරිඳ චන්ද්‍රා කඩුල්ලෙන් පැන ආවේ හති දමමිනි..
"මොකද චන්ද්‍ර..මොකද බය වෙලා.."
"දැන්ද ආවේ තිලක්..මඟදි ආරංචි වුණේ නැදද.."
"නෑ...කවුරුවත් හම්බ වුණෙත් නෑ..මං පන්සල ළඟ පාරෙන් දාල ආවේ..ආ..මෙතන තුංමං හන්දිය ළඟ නම් මට සූරිය අයිය හම්බවුණා..මුකුත් කීවෙ නම් නෑ..ඇයි මොකද වෙලා තියෙන්නෙ "
"සූරිය අයිය..??"
අගේ දැස් විශාල වූයේ තිලකසිරි බලා හිඳිද්දිමය..
"ඔව්..මිනිහ මං එපා කියද්දිම බයිසිකලයට නැග්ගා..මෙකෙ හුලනුත් නෑ..බයිසිකලය කැපිල ගිහින් බුදු මැදුර ළඟට වැටුණා...පිටිපස්ස හැරිල බලද්දි මිනිහ නෑ..කොහෙට හරි පැන ගන්න ඇති මං බනියි කියල "
තිලකසිරි බයිසිකලයේ පැටලය තම නිවසේ මැටි පිල මත රඳවමින් පැවසුවේ ය..
"මොකක්...??"
චන්ද්‍රට හුස්මවත් නොවැටුණේය..
"මොකද බං උඹ ඔය තුෂ්ණික්භූත වෙලා ඉන්නෙ.. කොහෙද උඹ ගියේ..මොකද මේ වෙලා තියෙන්නෙ.."
"නෑ..මේ...සූරිය අයිය..."
"ඉතිං.."
"සූරිය අයියට හිටි ගමන් පපුවෙ අමාරුවක් හැදිල ගේ ඇතුලෙම මැරිල වැටිල..කට්ටිය දුවද්දියි මාත් දිව්වෙ.."
"ම්..ම්..මොනවද කියන්නෙ....‍? යකෝ මේ දැන් සූරිය අයිය මට හම්බ වුණානෙ..මේ ටිකට මොනව වුණාද"
තිලකසිරි පැවසුවේ වේදනාවක් මුසුවූ කුතුහලයෙනි.
"වෙන්න බෑ තිලක්..සූරිය අයිය මැරුණෙ හයට විතර..මං මේ එද්දියි මිනිය මල් ශාලාවට අරන් ගියේ..."
තිලකසිරිට හීන් දාඩිය දැම්මේය.
"හ..ය..ට..විතර..?? මං එතනින් ආවේ හය හමාරට විතරනෙ..එත්..තකොට..ඒ..."

බයිසිකලය බර වැඩි වූ එක...
තමන් බිම ඇදගෙන වැටුණු එක..
සූරිය බණ්ඩාර නොපෙණුනු එක
සිතුවම් පෙලක් මෙන් එක දිගට ඔහුගේ ඇස් මානයේ දර්ශනය විය..

තවත් මොහොතකින් ඔහු සිහිසුන්ව බිම ඇද වැටුණි..

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

🌻🌻🌻🌻🌻🌻සමාප්තයි🌻🌻🌻🌻🌻🌻

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැ...