Friday, September 22, 2017

ආත්ම ව්යරුව.... 17කොටස...

සිතාරයි යසවති ජීවත් වුනෙ බංගලාවේ පොල්වත්තේ පුන්චි මැටි ගෙදරකයි.....බංගලාවට වඩා ටිකක් දුරින් තිබුනු ඒ පොල්වත්තේ...එහා කෙලවරේ පමනක් තව එක් නිවසක් වූවාය...අක්කර ගානකට තිබුනු පොල්වත්තේ...පුන්චි ගේ ඇතුලේ ..ඔවුන්.. අග හිග කම් මැද අසරණ ජීව්තයක් ගත කලාය.... ඔවුන්ට යාමට ඒමටවත් නෑයෙක් වත් නොව්ය...දිනක් සිතාරා ඇසු එක් ප්‍රශ්නයකින් යසවති තිගැස්සි ගියාය..

"අම්මේ...ඉස්කොලෙ..මගෙ යාලුවෝ හැමොටම තාත්තා ඉන්නවා මගෙ තාත්තා කෝ අම්මේ.."

යසවතිගේ දෑසින් කදුලු ගලා වැටුනේ ඇයටත් නොදැනීමයි..ආයාසයෙන් කදුලු හන්ගගත් යසවති සිතාරා ලගට ගොසින් ඇයව තම ඔඩොක්කුවට ගත්තාය..

"මයෙ මැණික..මොකො මෙ එක පාරටම තාත්තා මතක් වෙලා තියෙන්නෙ ..ඇයි අම්මා ඉන්නෙ මදිද.."

"නැ මට තාත්තත් ඕන..එයා කොහෙද ඉන්නෙ .."

"දන්නවද තාත්තා මගෙ දුවට ගොඩාක් ආදරෙයි ..තාත්තා ඉක්මනින් ඒවී එතකන් මගෙ දුව හොද ලමයා වගෙ අම්මා එක්ක ඉන්න ඕනී.."

සුරතල් ලෙස ඔලුව වැනූ සිතාරා යවසවතිගෙ ඔඩොක්කුවෙන් පැන නැවත මිදුලට දිව්වෙ සෙල්ලමටයි..නමුත් යසවති දෑසින් නැගුනු කදුලැලි පිසදා සුසුමක් හෙලා සිතාරා දෙස බලා සිටියෙ තනියම කතා කරමින්..

"තාත්තා ගැන කියන්නෙ කොහොමද මගෙ දුවේ ..උඹ පුංචි වැඩ් දවසක ලොකු වුනාම කියන්නම් මම."

යසවති තමන්ටම කියා නැවත සුසුමක් හෙලා සිතාරා..දෙස බැලුවාය....

දින සති මාස අවුරුදු ගෙවුනේ ඔවුන්ට නොදැනෙන්නයි....දිනක් යසවතිට සිතාරාගෙ පාසලෙන් ඉක්මනින් පැමිනෙන ලෙස පනිව්ඩයක් ආවේය..කලබල වු යසවති බංගලාවේ වැඩද අතරමග දමා පාසලට දිව්වේය....

"කලබල වෙන්න ඕන නෑ සිතාරලා අම්මේ...මේ සිතාරා වැඩිවියට පත්වෙලා ..."

"සිතාරාගෙ ගුරුවරිය කියුබ්දෙයින් යසවතිගෙ දෙනෙත් තෙමි ගියාය ..ඇය දියණිය වෙත ගොස් ඇයව ආදරයෙන් තුරුලු කර ගෙන නිවසට රැගෙන ආවාය....

"කෙල්ලගෙ කටයුතු කොහොමද කරන්නෙ යසවතියො. "

ඒ සිතාරාගෙ ගෙට ටිකක් දුරින් ගෙයක් හදාන උන්නු..සුමනාවති....ඇය සිතාරලාගෙ දුක සැප නිතර හොයා බලන්නට මෙන්ම ඔවුන්ට ලෙන්ගතුව උන්නු එකම නෑයා සුමනවතී...

"අනේ සුමනා අක්කෙ ..මහා ලොකුවට වියදම් කරන්න සල්ලි නෑ නොවැ..කෙල්ලට අරුන්ගල් දෙකක්වත් දාන්න මන් ලග සල්ලි නෑ..මන් බංගලාවට ගොහින් පනිව්ඩෙ කියලා කීයක් හරි ඉල්ලන් එනකන් කෙල්ල ලග ටිකක් ඉදින්කො අක්කෙ."

"ඉක්මනින් වරෙන් නංගියේ.."

යසවති අඩියට දෙකට බංගලාවට දිව්වෙ..හති දමමින් ඈතින් පාර දෙස බලා උන්නු මැනිකෙ යසවති දැක මිදුලට ආවේය...

"මොකද යසවති මේ දාඩ්ය පෙරාන..ඉස්කොලෙට නෙද ගියෙ මොකද අරකි නාඩ ගමක් වත් නටලද.."

මැණිකෙ සමච්චලෙට සිනා සෙමින් කිවේය...ඒ වචන ටිකට යසවතිට තරහා ගියත් අසරණ කම නිසා ඇය ඉවසා සිටියේය..

"අනේ මගෙ කෙලී එහෙම නෑ ලොකු මැනිකෙ.."

"එහෙනම් මක්කටද එන්න කිවෙ ඉස්කොලෙට මේ හදිස්සියෙ..උබ බංගලාවේ වැඩත් දමලා දිව්වේ.."

"කෙලි ගෙට වෙලා ලොකු මැණිකේ.."

"ආ...ඒකද...එහෙනම් වෙලාවක් බලලා නාවලා ගනින්.."

"මැණිකෙ මට මේ මාසෙ පඩිය..දුන්නම් කලින්....අනෙ මැනිකෙ කියක් හරි වැඩිපුර තරහා නැතිව ලැබුනොත් කෙල්ලට අරුන්ගල් දෙකක්වත් අරන් දාන්න පුලුවන් මට...ටික ටික කපාගන්නකො මැනිකෙ ගවුමක් වත් අරන් දෙන්න එපැයි..."

යසවති ඉතා බයාදු ලෙස මැණිකෙට දෙකට නැවී බිම බලා කිවෙය..එය ඇසු මැණිකෙ...තරහින් පුපුරන්නට පටන් ගත්තෙය ඇය කෙන්තියෙන් යසවතිගෙ ඇගට කඩා පැන්නෙ යකින්නියක් මෙන්.

"අනෙ යසවතියො ගෙට වුනානම් නාවලා ගනින්...ඇරත් හිගන්නුන්ට කවද්ද බොල රත්තරන් දැම්මේ...හොද ගවුම් අන්දලා ඕකිගෙ ඔලුව ඉදිමෙයි..."

"අනේ..මයෙ මැනිකෙ..එහෙම කියන්නෙපා.."

"කටවහපන් යසවති..උබ කට ගහන් එන්නෙපා මට...එක සතයක් දෙන්නෑ..මන් උබට ගවුමකුයි පරන අරුන්ගල් දෙකකුයි දෙන්නම් දැන් ගිහින් වැඩ ටික ඉවර කරාපන් පලයන්.."

"පරණ ඒවා ඒත්..මැ..නි..කෙ.."

"තොපි හිගන්නු බොල කන්නෙ අපෙ ඉදුල්...ඒ වුනාට උබලා හිතන්නෙ මහ ඉහලින් නොවැ පල ගිහින් වැඩ ඉවර කරාපන්..ආවා මෙතන රත්තන් පුංචි නෝනට පලදන්න..."

මැණිකෙ ගස්සමින් බංගලාව තුලට ගියෙය..යසවති..හඩමින්..කුස්සිය පැත්තට ගිහින්.ඉක්මනින් උයන්නට පටන් ගත්තෙ හිත සිතාරා ලග තියලයි...ඇය සිතින් බොහො සෙ දුක් වුවේ..මේ වෙලාවෙදිවත් එකම දියණියට කිසිම දෙයක් අරන් දිමට නොහැකි ලෙස ඇය අසරණ වූ නිසයි.. දෑසින් වැටුනු කදුලැලි චීත්තයෙන් දෙකට නැව් පිසදාගත් යසවති මැනිකෙගෙ හඩින් ගැස්සි ගියාය...

"මෙන් යසවති මේ ගවුම අන්දවපන් නාවලා .

මැණිකෙ පරන ගවුමක් යසවති අතට විසි කරාය.ගවුම දෙස බැලු යසවති නැවත මැනිකෙ දෙස බැලුවේ දුකකින්.. ඇය බිම බලා මැනිකෙට වචන දෙකතුනක් කිවේය.

"මැණිකෙ මෙ පරන ගවුමක් නොවැ හොදටම පරනයි.."

"ඇයි යකො ඕකට මක් වෙලාද..ඔය හොදට තියෙන්නෙ..මේන් මේ ඉමිටෙෂන් කරාබු දෙක දාපන් ඉදා.."

මැනිකෙ පුපුරමින්..ගියෙ අඩියක් පොලවෙ ගසමින්.. ගවුම පරෙස්සම්න් ඔතාගෙන...කරාබු දෙක ඉනෙ ගසාගෙන...ගෙදර යන්නට ගියේය..

සරුංගලේ


Image result for ghost child

" මචං පට්ට හුලගක් එනව නූල් දීපන් .... තව තව.."

" මං නම් කියන්නෙ බං සැර වැඩී... කෝකටත් චුට්ටක් පහලට ගනින්..."

" පිස්සුද බං... එහෙම කැඩෙනවද මේවා... බලපන් හයිය...!

" නොදකින් කාලකණ්ණිය තොගෙ කට... කැඩුන යකෝ.."

" මල කෙලියයි කැලේ පැත්තට බෑවෙ ශුවර් එකට ගහක රැදෙයි..."

අනපේක්ෂිත ලෙස නුල කැඩී ගසාගෙන ගිය සරුංගලය ඇදුනේ පිට්ටනිය කොනේ තිබූ කුඩා කැලෑවක් දෙසටයි ... විශාල අතු විහිදුනු ගස් තිබූ නිසා සරුංගලය බිම පතිත වන්නේ නැති බව දැන දැනම සරුංගලය සෙවීමට ආරම්භ කලේ එයට අත්වූ ඉරණම දැන ගත යුතු නිසාය

" මේ කැලේ ඕක හොයන්න බෑ බං යමන් යන්න... හෙට වෙන එකක් හදමු බන්..."

" අනෙ පල පල.... උබ සරුංගල් ම හදයි.. උබ කොහෙද බන් ඕව දන්නෙ... මේක හැදුවෙ ලකියා... සව් කොල මගෙ. "

" හදනවා තමයි යකෝ...."

" කට වහන් හොයපන් බැරි නම් ගෙදර පලයන්..."

" හරි එහෙනම් හොයා ගත්ත එකාට සරුංගලේ අයිති හොදේ...."

සරුංගලය සෙවීමට ඇති උනන්දුව වැඩි කිරීමට මම එසේ කීවත් අපගේ වෑයම නිශ්ඵල බව තේරුම් ගන්නට සිදු වූයේ සැබෑ අදුරට වඩා වේගයෙන් කැලය ඇතුලත අදුරු වන්නට පටන් ගත් නිසාවෙනි...

" වැඩක් නෑ බන් අපි යමු... මට නම් බෑ ...."
එකෙක් කීවත් එයට අනික් උනුත් එකග විය.

" උබල යමල්ල මං තව ටිකක් බලල යනව... "

" අඩෝ... මේ කැලේ හොල්මන් ඉන්නව හොදේ... උබව කලු කුමාරයට සෙට් උනොත් මතක් කරන්න කිවුව කියහන්.."

තවත් සරුංගලයක් සෑදීමට වඩා මෙය සොයා ගත්තොත් අගනා බව මම සිතිමි..
නමුත් මිතුරන් හැර ගිය පසු කැලය මහත් පාලු විය.. කටු පදුරුත් මදුරුවනුත් පාලු මැකුවත් එය ඉමහත් කරදරයක් වූ බව නම් නිසැකය...

සෝදිසි මෙහෙයුම අවසන් කර යාමට සැරසෙත්ම මට ගහක් උඩ වර්ණවත් යමක් දක්නට ලැබිනි.. ඔහො... මගේ වාසනාව සරුංගලයක්... නමුත් ඒ මගෙ සරුංගලය නම් නොවීය.. පෙනෙන තෙක්මානයක කවුරුත් නැත.. එසේ නම් ඒ සරුංගලය මගෙ වීම කවුරුන් නවතන්නද..

ගස මග හැරේවි යැයි යන බයට උඩ බලාගෙනම සිමින් ඉදිරියට යද්දී මා දුටුවෙ බලාපොරොත්තු සුන් වන දර්ශනය කි..
උඩුකය නිරුවත්ව කොට කලිසමක් හැද ගත් පුංචි කොලු ගැටයෙක් ගස පාමුල සිට උඩ බලා සිටිනු මම දුටිමි.. රාත්‍රිය තරම් නිවුනත් ඇස් රැවටෙන තරම් අදුරක් මේ වන විටත් පරිසරයම වෙලා ගෙන අවසන් නිසා මුහුණ හදුනා ගැනීමට මා අසමත් විය.

එක් වරම මා පසු පස බැලුවේ... " ටටස් "
ගාමින් කෝටුවක් බිදි යන ශබ්දයක් ඇසුනු නිසාය.... එපමණක් නොව බස්සෙක් ද උලමෙක් ද මොකෙක් ද යන්න අදුනා ගත නොහැකි ශබ්දයන්ද ඇසෙන්නට විය.. හොල්මන් පිලිබඳ හැගීම කුමක් වුවත් ගොම්මන් අදුරත් සමග ඇග කිලිපොළා යන ශබ්ධ ඇසිමත් සමග හදවත සලිත වීම නම් අස්වාභාවික යැයි මම නොසිතමි... ලබ් ඩබ්.. ලබ් ඩබ්.... ගැහෙන හදවතත් හිර කර මා වටපිට බැලුවෙමි ...

" බුදු අම්මො....." තප්පර ගනනකට මගේ හද ගැස්ම නතර විය...

" හ හා හා..... හෙ හේ.... අපෝ මොකෙක්ද බං උබ.. බලහන්කො මූ බය වුන හැටි.... ඉකේ....."

කිසිවක් නැත.... මගේ මිතුරන්ගේ නොමනා විහිලුවකි... කෙතරම් සැගවීමට උත්සහ කලත් සැබවින්ම මා බිය විය

" පලයන් කාලකණ්ණි බල්ලො යන්න... බය වුනේ නෑ ගැස්සුනා විතරයි ...."
ඔවුන් ගේ සිනහව මගෙ කෝපයට හේතු විය..
" මේ මං නොකිවුවයි කියන්න එපා... ඉල්ලන්නත් එපා... අර සරුංගලේ මගෙ... හොයා ගත්තෙත් මම...අරන් යන්නෙත් මම "
සරුංගලයට ත් වඩා මට මුන් ගේ උසුලු විසුලු මග හැරීමට අවශ්‍ය වූ නිසා මා සොයා ගත් සරුංගලය පෙන්වා කීවෙමි..

ගසට නැග සරුංගලය බා ගත්තත් ගස ලග සිටි ළමයා කොහේ ගියාදෝ යන්න මා ඒ මොහොතේ වැඩි සැලකිල්ලක් නොවීය...

.........................................................................

පුදුමාකාර සටනකින් පසුව යහලුවන්ගෙන් බේරි සරුංගලය රැගෙන පලා ආවේ ඉතාමත් අපහසුවෙනි.. ඒ එන්නට සිදු වූයේද අමතර කිලෝමීටර් 2ක් පමණ දුර වෙනත් පරකිනි... වේලාව 7.30 හෝ 8 ට ආසන්නව ඇති යැයි අදුර දැක ගනනය කරන්නට උත්සහ කලෙමි...

සුපුරුදු පරිදි පාරේ සිටින බල්ලන්ට ගල් ගසමින් නිවසට එමින් සිටියෙමි.. වෙනදා එන පාර නොවන නිසා තරමක් නුහුරු බවක් දැනුනත් එය කමකට නොගෙන මගේ ගමන් ගියෙමි.. මග දෙපස නිවෙස් වල විදුලි පහන් එලිය නොවන්න මුලු පාරම අදුරු වනවා නිසැකය.. ඒ අදුරේ මා එක් වරම දුටු දෙයින් මා පුදුම විය...

නිවසකට ඇතුල් වන මාවතක් අසල ප්‍රධාන පාර මැද්දට වන්න සිටගෙන සිටියේ පුංචි කොල්ලෙකි.. ඌ සිටියේ පෙර පරිදිම කොට කලිසමක් පමණක් හැදගෙනය. ඔහු එක එල්ලේම මා දෙස බලා ඉන්න බව මට දැනුනේ ඇයිදැයි මා නොදනිමි

" මේ අර ගහ යට හිටිය කොල්ලා නෙද.. එහෙනම් මේක වෙන්න ඇති ගෙදර.."
මම තනිවම කල්පනා කලෙමි..

නමුත් එක්වරම ඔහු පිටුපසින් විහිදුනේ ඇස් නිලංකාර කරන තියුනු එලියකි.. ඒ එලියට මා ඇස් වසා ගත්තා නොව ඉබේටම ඇස් වැසී ගියාය. හ්ම්ම්ම්ම් ඒ එක්කම ඇසුන මෝටර් සයිකලය ක හඩත් සමග මා දෑස් හැරියෙමි..

" කොහෙද බොල උගුඩුවො යන්නේ.... බලන් ඉදල අම්ම එවුව උබව හොයන්න... මේ පාරෙ කොහෙද වෙනද එන්නෙ දෙනිය පැත්තෙන් නෙ"
ඒ මගේ වැඩිමල් සොහොයුරාය.

" නෑ මේ යාලුවො ටික එක්ක මේ පැත්තෙන් ආවා..."
කියා මා බයිසිකලයට නැග වටපිට බැලුවේ අර කොල්ලා සිටිදැයි බැලීමටය..
සමහරවිට ඌ ගෙදර යන්න ඇති යැයි මම සිතුවෙමි

පියා නිවසේ නොසිටි නිසා මවගේ බැනුම් වලින් පිරිමසා ගන්නට හැකි විය... නිතරම එය එසේ වන නිසා එය බැනුමකටත් වඩා විහිලුවක් වී හමාරය... ඒ නිසා පියා නිවසට ඒමට පෙර නින්දට වැටීමට තීරනය කලේ ඇදුම් රාක්කයේ සරුංගලය ප්‍රවේසමෙන් එල්ලනවාත් සමගය..

එදින තරමක් උණුසුම් දවසක් වූ නිසා එක් ජනේලයක් හැර තබාම නිදා ගත්තේ වෙන මගක යන හුලගක්වත් වැරදිලා හෝ මේ පැත්‍තට ඒවි යන බලාපොරොත්තුව ඇතිවය...
ඇදට පැන හරි බරි ගැසී නිදා ගැනීමට සැරසී දුරකතනය අතට ගෙන මුහුණු පොතේ එබුනේ අවශ්‍යතාව ට වඩා පුරුද්දක් ලෙසිනි... එයත් සමග කාලය ගත වනවා දැනුනේම නැත.. නින්දට එරෙහිව සිටීමට දෑස් උත්සහ කලත් අවසානයේ නින්දට වැටීමට මමම තීරණය කලෙමි.

" හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......."

අන්ධකාරයෙ ඇස් දුර්වල කල දුරකථන එලියෙන් නිලංකාර වු මගේ ඇස් වලින් දුටු දෙයින් මා ගැස්සී ගියෙමි.. මා දුටුවේ බිත්තිය අසල අත් පණ නැතිව වැනෙන කොට මිනිසෙකි..

හැර දමා තිබූ කවුලුව හරහා නිවසේ ඉස්තෝප්පුවේ විදුලි පහනෙන් එන ආලෝකය සමග මිත්‍ර වූ ඇදුම් රාක්කයේ ඇදුම් හා සරුංගලය බිත්තිය මත මැවුවේ කොට මිනිස් රූපයකි.. එය සෙවනැල්ලක් පමණක් වුවත් මා සිත නොමග යවා බියක් ඇති කිරීමට ප්‍රමාණවත් විය.. හිතට දිරි ගෙන ගොස් ජනේලය වසා දම ක්ෂණිකව නැවත ඇදට පැන වට පිට නොබලාම ඇස් පියා ගතිමි.

" පුතා... නැගිටින්න.... මේ යලුවෙක් ද කොහෙද ඇවිත්..."

මා අවදි වන විට හොටම එලිය වැටී තිබුනි ... කබ කඩ කඩ එලියට ගියේ වසවර්ති යාලුවෙක් බලාපොරොත්තුවෙනි.. නමුත් කවුරුත් නොවීය..

" අම්මේ.. කෝ කවුද ආවේ.... ?"

" ඇයි ඔය හිටියේ..."

" කෝ නෑ නේ කවුද.... අපෙ එකෙක්ද, අවන්තයද, සමීරයද.." අසමින් මම කුස්සියට ගියේ ආවේ කවුද දැන ගැනීම්ටය.

" නෑ නෑ... කොන්ඩෙ බොකුටු පොඩි කොලු පැටියෙක්.. "

"මොකක් ඌ මොකද මෙහේ.. " මම මටම කියා ගතිමි..
" ඌ ඇහුවද මං ඉන්නවද කියලා..."

" නෑ ඇහුවෙ නම් නෑ ඔය ඉස්සරහ කොට්ටං ගහ යට ඉදන් මෙහෙ බලන් හිටියා මං හිතුව ඔයා එන්න කියන්න ඇති කියලා.."

මට කිසිවක් හිතා ගත නොහැකි විය... අම්මා මේ කියන්නේ මම දැකපු කොල්ලා ගැනමද අනෙ මන්දා...හ්ම්ම් සියල්ල සිතින් අත් හැර සරුංගලය ද රැගෙන පිට්ටනියට යන්න සූදානම් වුනෙමි...

............................................................................

" රංග යෝ... රංගෝ.... වරෙන් යන්න අපි ආවෝ.."
යහලුවන් පැමිණ ඇත..

" අම්මෙ මම යනව දවල්ට එන් නෑ හොදේ අරුන් ගෙ ගෙදරින් කනවා...."

" යන තැනක පරිස්සමෙන් ... අ මේ අද රෑ වෙන්නේ එහෙම නෑ මම අයියා එක්ක මල ගෙදරක යනවා.. තාත්තා කෙලින්ම එහෙට එයි... රෑට කන්න මොනා හරි අරන් එන්නම් දොරවල් වහන් ඉන්න ගෙට වෙලා..."

" කාගෙද මල ගේ "..

" දන්නෙ නෑ... මරණාදාර සමිතියෙන් එන්න කිවුවෙ..."

ඇය මට නීති දමන්නේ නැත.. ගෙදරින් එලියට බැසගත් විට මා එන්නේ රෑ බෝවී බව ඈ හොදින්ම දනී..

එදින හොදින් හිරු පෑයූ දීප්තිමත් දිනයක් විය...සයිකල් වලින් පිට්ටනිය බලා ගිය අපි පලමුව ක්‍රිකට් ගසා හවස් වන විට සරුංගල් යැවීමට තීරණය කලෙමු..

සෙල්ලම් කරන විට කාලය කොතරම් වේගයෙන් ඉගිල යන්නේද සිතේ...පාසල් නිවාඩු කාලයෙන්ද බාගයක්ම ගෙවි ඇත... කෙමෙන් කෙමෙන් සවස් යාමය උදා වත්ම සරුංගල් සැනකෙලිය ආරම්භ කලෙමු .. නමුත් උදෑසන පරිසරයෙ තිබූ දීප්තිමත් බව වෙනුවට මුලු අහසම අදුරු වන්නේ දැයි මට සිතිනි

" අඩෝ උබද මේක හැදුවේ... "
සරුංගලය සොයා ගත් එකක් බව නොදන්නා එකෙක් ඇසුවත් මා බොරු කීමට තිරනේ කලේ සරුංගලය උගෙ ද නොදන්නා බැවිනි..

" ඔව් මං තමයි ඇයි අවුල් ද..?

" අපො මොන අවුලක් ද පට්ට... මේකෙ ලේ ගෑවිලා තියන හින්ද බං මං ඇහුවෙ"

එය ඇසූ විට මමද තුශ්නිම්භූත විය... සැබවින්ම එහි ලේ පැල්ලමක් විය.. ලේ වලින් රැලි කිහිපයක් එකිනෙක ඇලී ඇත... හොදින් බැලූ විට පෙනුනේ ඇගිලි පාරවල් 2ක් ලෙසය මා එය සොයා ගන්නා විට එසේ තිබූ බවක් මතකයක් නැත.

" හ්ම්ම්ම්ම්ම්" කියා මා නිහඩ වූයේ මට කීමට දෙයක් නොමැති නිසාවෙනි..

කෙසේ නමුත් එදින හවස මට එයින් පසුව සෙල්ලම එපා විය.. කුමක්ද මේ වන්නේ කියා නිතරම සිතට වද දෙන්නට විය. ඒ නිසා කල් ඇතිව ගෙදර යාමට පිටත් වීමි..

සවස 6 වන විට මා නිවසට පැමින සගවා ඇති යතුරකින් දොර විවෘත කර කාමරයට ගොස් සරුංගලය එල්ලා තබා ඇගපත සෝදා ගන්නට ගියෙමි.. සියලු වැඩ නිමා කර අයියාගේ කාමරයට ගියේ කාලයකින් පරිගණක ක්‍රීඩාවක් කිරීමට අවස්තාවක් නොලැබෙනු නිසාය... හැකි උපරිම ශබ්දය වැඩි කර උපරිම නිදහසේ කොතරම් වේලා ක්‍රීඩාව කලාදැයි කල්පනාවක් නැති තරම් ය

හදිස්සියෙ එය නතර වූයේ මහා හඩින් දොරක් වැසී යනු ඇසීමත් සමගය..

" අම්මල ඇවිත් වගේ " සිතමින් මා කාමරයෙන් ඉවතට ආවෙමි.. මහදොර තවමත් වසා දමා ඇත

"අම්මේ....."
ම්ම්හ්ම්ම් කිසිම ශබ්දයක් නැත.. නිවස වටේම ගොස් බැලුවත් දොරවල් සියල්ල අගුල් දමා වසා ඇත.. වැරදීමකින් වගේ වෙලාව බැලුවෙමි ..
" දෙයියනේ 9 ටත් කිට්ටුයි මෙයාලා තාම නැත්තේ මොකද..."

මා නැවත අයියාගේ කාමරයට ගියේ ඔවුනට දුරකතන ඇමතුමක් ලබා දී බැලීමටය..

" අයියෝ ශික්.... මේ මගුලෙත් බැටරි නෑනේ..." අවාසනාවට දුරකථන යේ බැටරි බැසීමට ආසන්නය... එය නැවත් ආරෝපණය කිරීමට අවශ්‍ය චාජර ය ගැනීමට මා මගේ කාමරයට ගියෙමි...

" අයියෝ ..."
සරුංගලය ඇද ලග බිම වැටී තිබුනි... ජනේලය ඇර තිබූ නිසා සුලගට එය වැටෙන්නට ඇතැයි සිතා නැවත එය එල්ලා ජනේලය ද වසා දුරකථන ය චාජරයට ගසා කාමරයෙන් එලියට යද්දීම
" ක්‍රී.....ස් " හඩ නංවමින් ජනේලය නැවත විවෘත විය.. අවට තදින් සුලං තිබූ නිසා හිත හදා ගත්තත් එයින් මගේ සිත චංචල වූ බව නම් සත්‍ය කි.. නැවත ජනේලය තදින් වසා අගුලු දමා අයියාගේ කාමරයට ගියෙමි.

නැවත පරිගණකය අසල හිද ගත්තත් මා පිටුපස කවුරුන් හෝ සිටීදැයි මගේ සිත කියන්නට වූ නිසා කී වරක් මා පසු පස හැරී බැලුවාද මතක නැත

අද පරිසරයේ සුලග තදින් හමන බව දැනුනි.. නිවස ඉදිරියේ තිබූ කොට්ටම් ගසේත් අඹ ගසේ ත් අතු එකිනෙක ඇතිල්ලෙමින් මහා මූසල හඩක් නැංවීය... මේ සුලං කාලය නිසා එය වැඩි ගනනකට නොගත්තත් හදිස්සියෙ ම විදුලි ආලෝකය අඩු වැඩි වන්නට වූයේ විදුලි බල ඇනහිටීමක් ලග ලගම බව අනතුරු අගවමිනි..

එක්වරම මට සිහියට ආවේ චාජරයට ගසා ඇති දුරකතනයයි. වහාම මා කාමරයට දිව යත්ම විදුලිය විසන්ධි විය. අදුරේම මා ඇද අසලට ගියේ පුරුද්ද ට මෙනි

" අනෙ අම්මේ...."

මම යටි ගිරියෙන් කෑ ගසමින් කාමරයේ දොර ලග ඇද වැටුනෙමි.. ඒ පිම්මටම බඩගාමින් මා කාමරයෙන් එලියට ඇදුනෙමි .. දෙවියනේ ... මා ඒ දුටු දේ සත්‍ය ක් ද... මගෙ ඇද අසල බිම එරමිණියා ගොතාගෙන වාඩි වී ඇදුම් රාක්කයේ එල්ලා තිබූ සරුංගලය දෙස බලා සිටියේ අර පොඩි කොල්ලාය ... ඔහු සෙමින් හිස හරවා මා දෙසද බැලීය...

සිදු වන්නේ කුමක්ද මට කිසි තේරුමක් නැත.. මේ කවුද ඇයි මගේ පස්සෙන් එන්නේ . දොරවල් වසා දමා තිබියදී ඇතුලට ආවේ කෙසේද .. සිතට දිරි ගෙන නැවත කාමරයට ගොස් දුරකතනය ගෙන නිවසෙන් එලියටම දිවුවෙමි..

ආරොපණය වී ඇති බැටරි ප්‍රමාණයෙන් මා අම්මාට ඇමතුමක් ලබා දුනිමි..

" අම්මේ කොහෙද ඉන්නේ ... තව රෑ වෙනවද..."

" තාම තාත්තා ආවේ නෑ ආවම එන්නම්... මං කෝල් ගත්ත ඔයාට වැඩ කලේ නෑ"

" අම්මේ අම්මේ ඔය මලගේ කොහෙද තියෙන්නේ..."

" ඉස්කෝලේ පාරේ මොකද මේ ඉන්න ඉක්කමනින් එනවා නිදා ගන්න එපා..."

දෙවරක් නොසිතාම සයිකලයට නැග මලගෙදර යන්නට තීරණය කලෙමි.. නිවසේ තනි වනවාට වඩා එය නුවණක්කාර බව මම සිතිමි . බයිසිකලයක ගියහොත් එතනට ඇත්තේ පැය බාගයක පමණ දුරකි..
මා දුටු දේ සිතෙන් ඉවත් කර ගැනීමට ඉතා අපහසු විය.. ඒ කොල්ලා මා දෙස බැලූ හැටි මට මැවි මැවි පෙනෙන්නට විය

තදින් හමන සුලග මරණයේ සුලග දැයි දැනෙන තරමටම මා බිය විය.. ඉස්කෝලේ ලග තුන්මංසල අසල සිටම සුදු කොඩි සහ බැනර දමා තිබින.. ඒවා මග සලකුණු කර ගනිමින් ඒ දෙසට ගමන් කලෙමි...සුලං සැරට ලෙලදෙන සුදු කොඩි වල හඩ සරුංගලේ රැලි වලින් නැගෙන හඩටම සමාන වූයේ ධෛවයේ සරදමකට මෙනි..යමකට බියවී ඒ බියටම මල ගෙදරක යන එකම එකා මම වන්නට ඇතැයි මම සිතමි..

" චූටි පුතා ... මොකෝ මෙහෙ.. ඇයි මේ.. "
මලගෙදරට ඇතුල් වූ විගස මා දුටු අම්මා ඇසීය .. නමුත් මට එයට පිලිතුරු දීමට තරම් සිහියක් නැත... මගේ ඇස් යොමුවී ඇත්තේ අදහා ගත නොහැකි දෙයක් දෙසටය..

වර්ණවත් බැනරයක සිනහමුසු මුහුණින් මා දෙස බලා සිටියේ බොකුටු කෙස් සහිත එ මා දුටු කොලු ගැටයාය.. මව මොන මොනවදෝ අසනු දුටුවත් එය මගෙ මොලයට ගියේ නැත..

සෙමින් සෙමින් මා ඇදුනේ නිවස තුලටය.. තබන තබන පියවරක් පාසාම මා ප්‍රාර්ථනා කලේ මෙය මා සිතන දර්ශනය නොවේවා කියාය.. බියටත් මහන්සියට ත් ගලා ආ දහඩිය සිරුර පුරා ගලා යන බවත් මුලු ශරීරය ම හදවතේ රිද්මයට ගැහෙන බව ත් තදින්ම මට දැනෙන්නට විය...
සාලය මැද තබා තිබූ අලංකාර කුඩා මිනි පෙට්ටියක සුදුමැලි මුහුණින් පාසල් නිල ඇදුමින් සැරසී වැතිර සිටියේ ඊයේ සිටම මා ලිහුබැද ආ ඒ උඩුකය නිරුවත් කොල්ලාය..

තත්පර කිහිපයක් එක එල්ලේ ඔහු දෙස බලා සිටියත් ඔහු මා දෙස බලාවි යැයි මා බිය විය...ඇතිවූ ක්ලාන්ත ගතිය නිසා මා එතැනම දණ ගසා ගත් විට මා ලගට පැමිණි පිරිමි කෙනෙක් මොනවදෝ කියවන්නට විය.. ඔහු සිතන්නට ඇත්තේ මා ඒ කොල්ලාගේ මිතුරකු කියාය.. නමුත් මට ඇසුනේ මෙපමණකි...

" අනේ පුතේ මගෙ කොල්ලව මම මරා ගත්තා... ඊයේ හවස මගෙම අතින් හදල දුන්න සරුංගලේ යව යව ඉද්දි උඩ ස්ලැබ් එකෙන් බිමට වැටිල මගෙ දරුවා අපිව දාලා යන්න ගියා පුතේ...."

නිමි....

ගබ්සාව

Image result for ghost pregnant woman revenge
" මට මොනවාද ? ගෙනාවේ .....???
කුඩා දරුවෙක් මෙන් සුරතල් වෙමින් ඈ කී වදන් මට කියා පෑවේ අද කුමක් හෝ විශේෂ දවසක් බවයි.. ලද ඇසිල්ලෙන් ක්ෂණිකව සිහිපත් කලේ කුමක්ද මට අමතක වූයේ කියාය..
" අයියෝ මැට්ටො මොනාද කල්පනා කරන්නෙ.. බය වෙන්න එපා මුකුත් අමතක වෙලා නෑ... එන්නකො කියන්න.."
"" ම්ම්ම් කියන්නකො මොකක්ද....?"
" " අපිට අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න යන්නේ..." කියා ඇය මගේ පපුවට තුරුල් වුවාය..
මාගේ හද ගැස්මේ වේගය ඇයට දැනෙන්නට ඇත.. නමුත් ඒ සතුටකට නොවන බව ඇය කිසිසේත් සිතන්නටවත් නැත..
පිලිතුරක් නොලද නිසා ඈ මා දෑස් දෙස බැලුවේ " ඇයි " කියා අසන්නට මෙනි.. නමුත් මා නැවත ඇය පපුවේ හොවා ගත්තේ මා දෑස් තුල සිරවී තිබු දෙයක් ඈ දකිතැයි බිය වීම නිසාවෙනි..
දිනෙන් දින කාලය ගත වි දෙමසක් පිරී ඇත.. ඈ හට කිසිදු වෙනසක් නොපෙන්වීමට මා හැකි සෑම උත්සහයක්ම දැරුවෙමි..
..........................................................
" නැ.. නැ.. එපා.." යැයි කෑ ගසමින් මා නින්දෙන් අව්දි වූයෙ ඒ දුටු මූසල සිහිනය නිසාවෙනි ..
අදුනා ගත නොහැකි වුවත් කාන්තාවක හැඩරුව ඇති කෙනෙක් මා ප්‍රිය බිරියගේ කුස පිරිමදිමින් සිටි නමුත් ඒ කාන්තා රුව එක් වරම වියරුවෙන් වගේ ඇගේ උල් නිය වලින් කුස සීරුවේ කුස බල්ලෙක් පොලොව පහුරු ගානවා මෙනි... අවදි වූ මා බිරිය දෙස බැලුවත් ඈ සුව නින්දේ පසු විය..
" ඒයි මේ එන්නකෝ... මේ මගෙ බඩ ටිකක් අල්ලල බලන්නකෝ...මෙයා දගලනවද කොහෙද..??
ඈ ගැබ් ගත් දින සිට ඈ වෙත ලං වීමට ම අසාධාරණ බියක් දැක්වීමි..
" පිස්සුද අනේ දැන්ම කොහෙ දගලන්නද??? ...
කියා ඈ මග හැරීමට උත්සහ කලෙමි..
" රෑට හොරෙන් අතගාන්න හොදයි.. දැන් තමා බැරි.."
ඈ එ පැවසූ දෙය මා හදවත පසාරු කර ගියේ එය මා නොකල නිසාත් පෙර දින දුටු සිහිනිය සිහිපත් වීමත් නිසාය...
ඇයට මාගේ වෙනස පෙනෙන්නට ඇත..
" ඇයි අනේ මේ... ඒක නෙමෙයි අපි කැලණි පන්සල් යමුද...?? මේ ටිකෙම ම්ං හීනෙන් ගෑනියෙක් දැකල බය වෙනවා ... අම්මො ඒක මතක් වෙද්දිත් බයයි ... එ ගෑනි වැරහැලි ඇදන් ඉන්නෙ ලේ වලින් නෑවිලා ඒ මදිවට බාගෙට එල්ලෙන පෙකනි වැලත් එක්ක පොඩි දරුවෙකුත් වඩාගෙන ඉන්නෙ.. මගෙ බඩ දිහා බලන් ඉන්නව ඇස් පිය නොගහ.. අනෙ අපි බාරයක් වෙමු... හා ද"?..
" හා ඒක හොදයි " මා පැවසූවත් මගෙ හිත තවමත් මා දුටු සිහිනය පසු පස එලවා යයි..
සිත සංසුන් කර ගැනීමටත් උපකාර වෙයි සිතා කැලණි පන්සල් බලා පිටත් වීමු.. සුදුසු තැනක් බලා මෝටර් රතය නතර කර පාවහන් ඉවත් කිරීමට පහතට නැමී නැවත හිද ගත්තා පමණි මා "අම්මෝ" කියා පස්සට විසි වූයේ වීදුරුව ට අත තබගෙන සිටි මලයාලම් අහිකුණ්ඨික කාන්තාව දැකීමෙනි ... ඇගේ කාල වර්ණ මුහුණට තබා තිබූ රත් පැහැ තිලකයත්.. විට කෑමෙන් රතු වූ අතරින් පතර දත් ඇති සිනහවත් මගෙ සිහියට ගෙන ආවේ දේවාල වල විරිත්තාගෙන සිටින යක්ෂණියකගේ මුහුනය..
" සාත්තරයක් ආමුද මාත්තියා.. නෝනා".. කිය්මින් පිංසෙන්ඩු වන ඔවුන් මා දුටුවේ " සොම්බීන්" නැතිනම් මල පිල්ලි ඇවිදින්නාක් විලසිනි..
"විකාර" කියමින් මා රථයෙන් බැස ඇයවද ප්‍රවේශමෙන් බැසවුවෙමි..
" නෝනා අරි ශිරියාවයි තමයි.. එත් නෝනා කරදරේක තමා වැටෙනවා.."..
" අනේ අපි අහමුද විහිලුවට වගෙ.."
" නෑ නෑ ඔන නෑ බොරු මනස්ගාත " කියා මා ඈ ඇදගෙන ගියේ මා සගවා සිටින යමක් එලි වේවි යැයි බිය වූ නිසාය..
" නෝනා පරිශ්ශම් වෙන්න නෝනා... අමනුශ්ශයෙක් තමා ගෙදර ඉන්නවා.. මාත්තියා බොරු තමා කරනව නොනා"".. ඈ පස්සෙන් පන්නමින් දිගින් දිගටම කීවාය ... කෝපාවිෂ්ඨ වු මා අසැබි වචනයක් කියා ඈ පන්නා දැමුවේ දුර දිග නොසිතාමය.. දැඩි කෝපයක් පෙන්වූ ඇය සපමින් සිටි බුලත් විට හොදින් ශබ්දය නැගෙන සේ කාරා "තුහ්" කියා බිමට ගසා දරුණු බැල්මක් මා වෙත හෙලමින් මොනවදෝ මතුරන්නට විය.. මා බිරිද කැටුව බොහෝ ඈතට ගොස් හැරී බලන විටත් සාස්තර කාරිය එක එල්ලෙ මා දෙසම බලා සිටිනු දුටුවෙමි.. ඈ කී වදන් මගේ හිසට දඩි පහරක් එල්ල කලාක් මෙන් දැනුනි.. මා සිත යට කැකෑරෙමින් තිබූ බ්‍ය තවත් දරුණු විය... නිශා ද දැඩි කල්පනාවක පසුවීමෙන් මට හැගී ගියේ ඇයගේ හිතට මේ සිදුවීම තදින් වැදී ඇති බවකි..
මේ සිදුවීම් සමග අප අතර විරසක වීම් ආරම්භ විය.. ඈ සෑම විටම මා සගවන්නෙ කුමක්දැයි අසමින් ඇවිටිලි කලාය..
" මට අද රෑට ඌරු බොකු කන්නට ඕනෙ" .. මට අදහා ගත නොහැකි වීය.
ඇය කිසි දිනෙක සූකර මස් තබා මාලු කැබැල්ලක් වත් කෑ අයෙකු නොවීය.. දිනෙන් දින ඈ වෙනස් වන්නට විය ඇගේ රූපයද කෙමෙන් වැහැරිණ.. දරුවෙක් ලබෙන්න ඉන්න විට ඒවා සාමන්‍ය ඇතැයි සිතා සිටියත් ඇගේ හැසිරීම් පවා මේ ඇය නොවේදෝ සිතෙන තරමට වෙනස් විය.. නිතර කේන්ති ගැනීමටත් එම අවේගයෙන් තම ශරීරයම සූරා ගන්නටත් විය.. නමුත් විටෙක ඈ කුඩා දරුවෙකු මෙන් අහින්සක වූවාය ...
මේ වන විට අපට ලැබෙන්නට සිටියේ පිරිමි දරුවකු බව දැනගත් බැවින් ඔහු සදහා අලංකාර කරන ලද කාමරයක් සැකසුවෙමු.. 8 මසක් පමණ් සම්පුර්ණ වී ඇත..
"මරපිය.. මරපිය.. මරපිය..යන හඩත් නිවස තුල දරුවෙක් හඩන හඩත් දරු ගැබට සය මස සම්පුර්ණ වූ දින සිට රෑ නින්ද නැති කර මා උන්මත්තකයෙක් කිරීමට ආසන්නය
" ටොක් ටොක් ටොක් " හඩින් කරාමයකින් වතුර බිංදු වැටෙන ශබ්දයකටයක් ඇසේ... ඇදෙන් බැස ගොස් එම කරාමය හොදින් වසා එන්නට සූදානම් වන විට මුලු ගතම සීතල කරමින් තවත් හඩක් ඇසිනි...
" දොයි දොයි දොයි ..... ම්ම්ම්ම් ම්ම්ම් "
ඒ දරු නැලවිලි ගීයකි.. ඉතාම සෙමින් එය ඇසෙන්නෙ මගෙ ඔලු කට්ට ඇතුලත බව මට දැනුනත් සැබැවින් ම එය ඇසෙන්නෙ දරුවා වෙනුවෙන් වෙන් කල කාමරය තුලින් ය.. හිමින් සීරුවේ අප කාමරයට එබී බැලුවෙමි.. නිශා සුව නින්දකය.. එසේනම් කවුද මේ... දරුවා ගේ කාමරයට ලං වන විට දරුවකු හඩන හඩ ඇසෙන්නට විය... මගේ මනස හොදටම විකෘති වී ඇත.. සලිත වූ හදින් හෙමින් දොර හැරියෙමි.. එහි කිසිවෙක් නොවීය.. නමුත් තාලයකට තොටිල්ල පැද්දෙමින් පවතී .. එය අසලටම ගියෙමි නමුත් එහි කිසිවක් නැත... සිදු වන්නෙ කුමක්දැයි කියා වටහා ගත නොහැකිව මා ආ පසු හැරුනෙමි
" ආහ්හ්...." ඉහල ට ගත් හුස්ම පහලට දමා ගැනීමට නොහැකිව තොටිල්ලද පෙරලා ගෙන වැටුනෙමි.. මා අසල සිටගෙන සිටියේ අන් කවුරුත් නොව මාගේ බිරිද යි.. "නිශා ඇ.. ඇ.. ඇයි මේ..." කිසිදු ප්‍රතිචාරයක් නැත..
ඇය සිටියේ පිහියක් අතින් දරාගෙනය... ඇගේ රූපය පුදුමාකාර විදියට විකෘති වි ඇත.. මල මිනියක් මෙන් දෙපා අදිමින් ඇය මා අසලට එනු දුටිමි... ඇගේ තොල් පෙති නොසෙලුනත්.. " මරණවා.. මරණවා ... යන හඩ කාමරය පුරා දෝංකාර දුන්නේ මගෙ මරණ බය තීව්‍ර කරමින්.. ඈ පිහිය එසවීය. මට කල හැක්කක් නැත අතට අසුවූ යම් බර දෙයකින් වැරෙන් පහරක් එල්ල කලෙමි.. " ටං.." යන හඩකින් ඇගේ හිස් කබල පුපුරා ලේ ගලමින් කපා හෙලූ ගසක් මෙන් කාමරයේ වූ බඩු මුට්ටු පෙරලාගෙන බිම පතිත විය..
" නිශා නිශා..." මා බෙරිහන් දුන්නෙමි..
" ආ..... අම්මෝ .." කෑ ගසමින් ඈ අවදි වී කුස අල්ලා ගත්තාය... මට වැටහිනි ඇයට විලි රුදාව ඇති වී ඇත..
හැකි අයුරින් ඈ වත්තම් කරගෙන වාහනයට නග්ගවා පුලුවන් උපරිම වේගයෙන් රිය පැදවුයෙමි..
ලෙයින් නැහැවි ඇති ඇගේ මුහුන මා මෙතෙක් සගවා සිටි බියකරු සිදුවීම වූ රාත්‍රිය ට මා සිත රැගෙන ගියාය..
..............................................................
එදා අදුරු වැසිබර රාත්‍රිය කි.. මිතුරකුගේ සාදයකට සහභාගි වි වෙරි මතින්ම රිය පැදවුයෙ කිසිවෙකුත් කී දේ මායිම් නොකරමින.. රතයේ වේගය මා නොදනී.. ඝණ කැලෑවක් මැදින් වූ පැහැදිලි මාර්ගයේ නිදහසේ පැදවුයෙමි. හදිස්සියෙ ඇතිවූ පිපාසය නිවා ගැනීමට පසුපස අසුනේ වු වතුර බෝතලය ගෙන නැවත ඉදිරියට හැරුනා පමනි...
" කිරීඊඊඊ.......ස්...." හැකි සියලුම වෙර යොදා තිරිංග තද කලෙමි... පලක් වුයේ නැත.. එ වුයේ බඩදරු මවකි.. අධික වේගයෙන් වාහනයේ වැදී ඈ ඈතට විසි වූවාය.. සිදුවූ දේ අපැහැදිලි ව මා කොතරම් වෙලා වාහනය තුල සිටියා ද නොදනිමි..
" අනේහ්.... අම්මෙහ්.." මා පියවි සිහියට අවේ එවිටය.. ක්ෂණිකව වාහනයෙන් බැස ඈ වෙත දිවුවෙමි..
" අනේ දෙවියනේ ... " මට කියවුනේ.. දැනුනු බය පිලිකුල දරා ගැනීමට නොහැකිවය..
ඇය පණ් අදිමින් සිටි ... රථයේ වැදුනු වෙගයට ඇගේ දරුවා මහ මග පිලිසිදි ඇත.. පෙකනි වැල කැඩී පාරට විසි වී සිටි ඒ පිරිමි දරුවා ගේ රුව මට කිසිදා අමතක නොවන්නෙ ඔහුගේ පපුවේ වූ අසාමන්‍ය රත් පැහැ උපන් ලපය නිසාවෙනි..
කල යුත්තෙ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිය.. බිම්තින් සිටි නිසා මා වැරදිකරු වනවා නිසැකය... ඒ සිතුවිල්ල සමග මා මෙතෙක් ජීවිතයේ ගෙන ඇති කාලකණ්ණි ම තීරණය ගත්තෙමි.. රථය පනගන්වා ගත් මා ඔවුන් අත් හැර පිටත් වීමි.. නීතියෙන් ගැලවුව් ලැබුවත් මා ආත්මයට නම් සැනසීමක් නොවීය..
.........................................................
අඩ සිහියෙන් ම මා මගේ බිරිද රෝහලට ඇතුල් කලෙමි ... ඉවසුම් නැතිව එ මෙ අත ඇවිදිමින් සිටියෙමි
" ඩොක්ටර්... අනේ ..."
" im very sorry mister .... අපිට ඔයාගෙ wife බේර ගන්න බැරි උනා ඒත් ඔයාගේ බබා සනීපෙන් ඉන්නවා... "
" අනේ මං වගේ පවු කාරයෙක් "...
ඔවුන් මා අතට දරු පැටියා ගෙනත් දුන්නොය..
" නෑ නෑ වෙන්න බෑ... " දරුවාත් සමග මා බිම හිද ගතිමි... මා ඇස් අදහා ගත නොහැකිය .... මොහුගේ පපුවේ ‍රත් පැහැ උපන් ලපයක් පිහිටා ඇත.. මෙය අහඹුවක් ද??? නැතිනම්...
............. ...............................

ඇරඹුම ම කදුලක් වෙලා... ( එක් කෙටි ආදර කතාවක් )

Image result for romantic
ට්‍රීඊඊඊඊං.......

සුපුරුදු පරිදි එකම වෙලාවට නාද වෙන එලාම් නාදය වෙනදාට නම් මල බෙරයක් ගසන මෙන් ඇසුනත්.. අද නම් එය මංගල සීනු නාදයක් මෙන් සුන්දර විය.. උපතින්ම කම්මැලිකම කම නලලෙ කොටාගෙන ආ මට අද අමුතු පණක් ලැබී ඇති සේ දැනේ.. කලින් දින වලට වඩා වේලසන අවදි උනත් හැඩ වැඩ වී සූදානම් වන විට නම් වෙනදාට වඩා වේලාව ගත වී ඇත..
" ම්ම්ම්ම්ම් අද නම් මගෙ සිහින කුමාරි කොහොම හරි හොයා ගන්නවා ...." අවසාන වතාවටත් කැඩපත ඉදිරියේ මටම කියා ගතිමි ...

මා මිතුරන් "හුටු හුටුව" ලෙස හැදින්වූ මගෙ ස්කූටර් රාජයා වෙත පැන ගමන ආරම්භ කලේ අද අපේ ටෙක් එකට අලුතින් සිසුන් බදවා ගන්නා බැවිනි .. එවකට ශිෂ්‍යය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ධූරය නිකන් නෙමෙ ගරු සභාපති ධූරය දැරුවේ මා නිසා අද සම්මුඛ පරීක්ෂණයේ සැලකිය යුතු රාජකාරි මටද පැවරී තිබුනි..

පිරිසිදු කිරීම් කටයුතු දැනට පලමු වසරේ සිසුන් ට පවරා සියල්ල සූදානම් කලෙමි... නවක සාමාජිකයක් පිලිගැනීමට සියල්ල සූදානම්..

" ඊලග..." කියමින් පැමිනි අයදුම් කරුවන් ගේ ලිපි ගොනු නිසි පරිදි සකස් කර interview bord 1 වෙත ඔවුන් යැවීම මට පැවරී තිබුනු කාර්‍යයයි.. ලස්සන තරුනියක් පැමිනි විට ඇයගේ නම ගම වයස කියවීම හිතා මතා කල දෙයක් නොව ඉබේම සිදුවිය...
" අපො වයස වැඩි ....." "අම්මො දුර වැඩි.." මටම කිය ගනිමින් එ අයදුම් පත් සැකසීම මා මිතුරන් ට නම් හාස්‍ය උපදවන්නක් විය..

පලක් නැත මා හිස තුල පෙම් ගී මුමුණන ... හිස වටේ කුරුලු හඩ නැගෙන.. හදවතේ මංගල සීනු ඇසෙන මා සිත් ගත් කුමරිය අද පැමිණ නැත...
" ප්‍රගීත් .... තව කට්ටිය ඉන්නවද...?"
"තව එක්කෙනෙක් විතරයි සර්.." මා මැලවුණු සිවරයෙන් කියා දැමුවෙමි..

මා ජනේලයෙන් එලිය බැලුවේ " අනේ ප්ලීස් එන්නකෝ...." කියන්නට මෙනි.. ඉදිරිපස වූ බස් නැවතුම්පොළ දෙවනත් කරමින් කාන්තාවක් කටකාර ලීලවෙන් බසයේ රියදුරුට ත් කොන්දස්තර මහතා ටත් දෙස් දෙවොල් තබනු මට ඇසිනි... ඒ අවනඩුව දෙස සිනාසෙමින් බලා සිටින අතර...
"

" excuse me... අනෙ මට බස් එක පරක්කු උනා... interview ඉවරද..."

ඈ තව මොන මොනවදෝ කීවාය නමුත් මට ඇසුනේ නැත.. ඒ වෙනුවට ඇසුනේ පෙම් ගී හඩත්.. කුරුලු ගී හඩත්.. මංගල සීනු හඩත් ය.... ඇස් නටවමින් කතා කල ඈ කතා කරන බෝනික්කකු වගේ... රූප සුන්දරියක් නොවුවත් මගේ ඇස් ඉවතට ගත් නොහැකි සුන්දරත්වයක් ඈ තුල ඇත.. මා වශී වූයේ ලොකු කර බලන ඇස් දෙක ටත් ඉවරයක් නැතිව කියවන සිහින් තොල් පෙති වලටත් ය... මේ ආත්මයේ නොව පෙර ආත්ම වලත් මතු ආත්ම වලත් මැය මගෙයි මගේම පමණයි .. කියා සිතමින් මා කොතෙක් වෙලා ඇ දෙස බලා සිටියාද නොදනිමි...
" excuse me....."
ඈ පෙරට වඩා හඩ නගා කීවාය..

" අයියෝ මොකො පරක්කු පරක්කු වෙලා interview යනවද.. කො දෙන්න ඉක්මනට file 1... මං දන් නෑ ඔන්න ගනිද කියල මං මෙක දීල බලන්නම්.. " ඇගේ මුහුණ මැලවී ගියාය නමුත් මා බොරුවක් කී බව මා දන්න නිසා ඈ රවටා අහිංසක ආදරනීය සතුටක් ලැබුවෙමි..
" 071....647.." නැවත නැවත ඈ ලියා තිබු අංකය මා සිතින් ජප කලේ ඈ ඉදිරියේ ම ලියා ගැනීම නොහොබිනා ක්‍රියා වක් නිසාය.

දවස අවසාන විය
" පස්සෙ දැනුම් දෙන්නම් කිවුව අයියේ .. " කියා ඈ සමුගත්තාය.. ඈතින් ඈතට යන තෙක් ඈ දෙස බලා සිටි මා නිවෙස බලා යාමට පිටත් විය...

වෙනදා මගෙ ස්කූටරය උඩ පනිමින් දෙදරමින් යන අලි නාවන වලවල් සහිත පාර අද මට තොටිල්ලක ගමන් කරනවාක් මෙනි.. තාප්ප වලින් කුනු ගොඩවල් වලින් ගහන වූ මග දෙපස අද මල් යායක් මැදින් ගමන් කරනවාක් මෙනි.. ගෙට ගොඩ වූ විගස යහනට වැටුනු මා හට හදවතක් ඇති බව කියා දෙන්නට මෙන් ගැසේ.. කුස ගින්නක්.. නින්දක් අහලකවත් නැත... කුමක් හෝ වෙනසක් විශාල වෙනසක්..

සතියක් ගත විය.. අද වන විට සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් විය යුතුය.. උදෙන්ම කඩිමුඩියේ සූදානම් ව ආයතනය වෙත ගියෙමි...
" කෙල්ල කොස්ස ටිකක් දෙනවකො මං අතු ගාන්නම්"
" මොකො මේ .. නැ නැ අද අතුගාන්න තියෙන්නෙ මටනෙ මං අතු ගාන්නම්.. "

"දෙනවකො පණ්ඩිත නොවි.අතුගාමින් සිටි සිසුවියගෙන් කොස්ස උදුරා ගෙන office කාමරය වෙත දිවුවෙමි.. කොහෙන්දො පැමිනි ධෛර්යය කින් file ටික ඇද්දෙමි.. කො කො මේ මගුල කෝ.. නැවත නැවත පරීක්ෂා කලෙමි.. එය තිබුනේ නැත.
"" rejected applications" එහි තව කිහිපයක් විය... ඇගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත...
මා සිතින් හඩමින් ඉවතට ආවෙමි මගේ ප්‍ර්ම කතාව පටන් ගන්නත් පෙර අවසන් වේවිද.. බෑ ඒක වෙන්න බෑ.. බොරු ලෙඩක් කියා පාමින් මා නැවත ගෙදර අවෙමි..

" මේක මෙහෙම අත අරින්න බෑ..." දුරකථනය අතට ගතිමි.. කට පාඩම් කර ගත් අංකය සටහන් කර ඒ දෙස බලමින් කිහිප විටක් ම කල්පනා කලෙමි.. ඇස් වසාගෙන දුරකථන ය කනේ තබා ගතිමි.
" සුරංගනවී මගෙ සදක් වගේ පායලා...." මා ප්‍රිය කරන ගීත නාදය ඇගේ දුරකථන යෙන් මට ඇසේ...
" හෙලෝ...."
මා මෙතෙක් අසා ඇති සුන්දර ම හඩින් ඈ ඇමතුවාය.. මා එය රසවිඳින විට....
"හෙලෝ..."
නැවත ඇය ඇමතීය
" hello... දැහැමි මිස්... අපි මෙ කතා කරන්නෙ xxxxxxx ටෙක් එකෙන්.."

" ආ ඔව් කියන්න සර්..."

" සමාවෙන්න මිස් ඔයාගෙ application 1 approve වෙලා නෑ..."

" හා සර්.. කමක් නෑ සර් , thank u sir..."
" නංගී ම්ං සර් නෙමෙයි... එදා ඔයව ඇතුලට යවපු අයිය..."

" හා සොරි අයියේ .. ම්ං තියන්නම්.. "

" එපා එපා නංගී.. " යැයි මා ඈ කතාවට අල්ල ගතීමි..

දින දින ගත විය ඈ මිතුරියක් කර ගැනීමට මට හැකි විය... නමුත් ඈ කී එක් දෙයකින් මා සිත මහත් සසල විය..

" අයියේ ම්ං මේ කෝස් 1 ෂුවර් කරන් මෙහෙ ආවෙ... දැන් මං ඉන්නෙ පුංචි ලාගෙ ගෙදර ... මේක හරි යන් නැති නිසා මං ආයෙ ගමේ යනවා... තව සතියයි මං මෙහෙ ඉන්නෙ.."

ඈ පිටත්ව යාමට පෙර ඇය මාගේ පෙම්වතිය කර ගත යුතුමය.. මා ඇයට ආදරය කරන බව ඈ දැනටමත් දන්නවා ඇති... නමුත් එය ඇයගෙන්ම දැන ගත යුතුය..
" නංගී මට කියන්න දෙයක් තියනවා.. මට ඔයා මීට් වෙන්න පුලුවන් ද..."

මටත් ගොඩාක් දේවල් කියන්න තියනව අයියේ ඒත්.. මට බයයි ..."

" බය වෙන්න එපා... මෙ සෙනසුරාදා උදේ 9 වෙද්දි p&s 1 ට එන්න. ඔයා ඉරිදා නෙ යන්නෙ.."

" හ්ම්ම් අනේ මංදා ... හාකො එහෙනම්..."

මට සතුට ඉහ වහා ගියේය.. දුරකථන යේ තිබූ සියලුම විරහ ගීත ඉවත් කර ජයග්‍රාහී ආදර ගීත පමනක් තබා ගතිමි.. කොටින්ම කියතොත්.. අපෙ මංගල දිනයත් සැලසුම් කලෙමි...

බලා සිටින නිසාදෝ මංදා දින ගත වන්නෙද ඉතා සෙමින් කියා සිතේ... කෙසේ හෝ දිනය උදා විය..

"ලෙංගතු කම නෙතග තියා බලනා විට ඔබ...
සගවා ගෙන ඉන්නට බෑ මගේ ආදර හිත...
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග...
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ හැම දින..."

ගීතය මගෙ මුවගින් ඉවත්ව ගියේම නැත එය කී වාරයක් කීවාදැයි මම නොදනිමි..

" ඩෝං... " කන් බිහිරි කරවන හඩින් අකුණක් ගසා මහා වැස්සක් ආරම්භ විය..
" අයියෝ අද නම් එපා..."

දවසම මූසල කරමින් ඇද හැලෙන වැස්සට අපගේ කුලුදුල් ආදරය සේදී යාමට ඉඩ දිය නොහැක..
එවෙලෙහිම මාගේ දුරකථන ය නාද විය..
" කියන්න දැහැමි.."

" හෙලෝ.."
මොකක් මට ඇසෙන්නෙ පිරිමි කට හඩකි.. එය මට ඇසුනේ මාරයගේ කට හඩ මෙනි..
" හෙලො හෙලො කවුද මේ කෝ දැහැමි ... "

" මල්ලි මේ... කලබල වෙන්න එපා..."

" කලබල නොවි කොහොමද අයිසේ.. "

" මල්ලි මේ ගෑනු ලමයෙක් බස් කාරයෙක් හප්පගෙන ගියා.. මේකට තමා අන්තිමට අරන් තිබ්බෙ ඒකයි මල්ලිට ගත්තෙ.. හංදියේ p&s එක ලග පාර පනිද්දි.. ඉක්මනට එන්න.."

මේ දකින්නේ හීනයක්ද... දෙවියනේ මේක නපුරු හීනයක් ම වෙන්න... මා ගේ ගමන නැවැත්වීමට වැස්සට නොහැකි විය ... මා කොතරම් වේගයෙන් කොහොම ගියාද නොදනිමි ... ඒ කෙසේ ගියත් පැය බාගයකින් මම එතනට ගියෙමි...

තවමත් වැස්සට සේදෙමින් ලේ ගලා යයි.. මහ මගම දණ ගසා ගත් මා හැඩුවේ වැස්සටත් සගවන්නට නොහැකි වන ලෙසයි..
" මල්ලි..."
හැඩි දැඩි නමුත් කරුණාවන්ත මුහුණක් ඇති මැදි වියේ කෙනෙක් මා උරහිසෙන් අල්ලා කතා කලේය..

" මල්ලි ඔයාට ද මං කෝල් කලේ.. එන්න ඇතුලට ඒ ලමයගෙ බෑග් මං ලග ඒක අරන් හොස්පිටල් එකට යන්න.. ඒත් අනෙ මංදා .. මෙතනින් යද්දිම එයා...."

මල කදක් මෙන් නැගිට ඔහු සමග ගමන් කලෙමි...
ඇයගේ දුරකථන ය අතට ගත් මා හට ඇති වූ වෙදනාව සතුරෙකු ටවත්
ප්‍රාර්ථනා නොකරමි...
ඈ මා නම save කර තිබුනේ " මගේ පණ" කියාය..

මා කෑ ගසා හැඩුවෙමි.. ඇය මට ආදරෙයි මා දැන සිටියා.. ඇ මට ආදරෙයි.. නමුත් දැන් ඇති පලය කුමක් ද... ඇය ගිහින්.. යන්නම ගිහින්..
හිමි වෙන්නත් කලින් ඇ මට අහිමි වෙලා... ඇරඹුම ම කදුලක්..

මනාලියක් ලෙස ඈ දුටු මා ඇයව මේ අයුරින් කෙසේ දකින්නද.. හිත තරමක් ශක්තිමත් වන තෙක් මා p&s තුල වාඩිවී .. හිස තබාගෙන අඩමින් සිටයෙමි..

" අයියෙ.. මොකො මේ ඔයත් නාලා...! හික්ස් මේ මාත් නාලා..."
ඈ නැති වියෝවෙන් මා දවල් සිහින දකිමිද...
!" මොකො අනේ මේ හොල්මන් දැකල වගේ"

දෙවියනේ ඔබට පිං අයිති වේවා මේ ඇයම තමයි..
" බලන්නකො මං ATM එකට ගිය වෙලෙ කෙල්ලෙක් මගෙ බෑග් 1 අරන් දිවුව නෙ... ඔයා එන්න වෙලා තියන නිසා මං පොලිසිය ට ත් ගිහින් ආවෙ"
එතනින් එහා මට කිසිවක් ඇසීමට උවමනා නොවීය ඇයව ලගට ගෙන තුරුල් කර ගෙන හැඩුවෙමි ...

" ඒයි මොකො මෙ ලැජ්ජා වෙ බෑ මිනිස්සු ඉන්නව.. අනික මං තාම උත්තරයක් දුන්නෙත් නෑනෙ"

" මට උත්තර ලැබුන රත්‍තරං..." කියා මා සාක්කුවෙන් ඇද ඇගේ දුරකථන ය පෙන්වීමි... ඈ ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය...

...........................................

මියැදුනු සිහින

Image result for romantic ghost
"අම්මේ මං යනෝ..."

"අද එනවනේ...."

"ඔව් ඔව් මල්කි එක්ක වෙඩින් කේක් එක බලලා confirm කරලා ස්ටුඩියො එකට සල්ලි බැදලා එන්නම්..."

අමතර හෙල්මට් එක යතුරුපැදියේ පසුපස එල්ලන ගමන් සමිත පැවසුවේ සැලසුම් ගනනාවක් සිතේ පෙල ගස්වා ගනිමිනි.. අද කාලයේ විවාහ මංගල උත්සවයක් යනු අනවශ්‍ය රැල්ලක් බව සමිත ගේ අදහස වුවත් මල්කි ගේ සතුට වෙනුවෙන් ඔහු තමන්ගේ සියලු ප්‍රතිපත්ති කැප කලේ ඇයට ඇති ආදරය නිසාවෙනි ....

" ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර...."

ටියුෂන් පංතියේ දී පටන් ගත් සුන්දර ප්‍රේම කතාව වසර ගනනාවක් විවිධ බාධක ජය ගනිමින් විවාහය දක්වාම ගලා ආ හැටි ඔහු සිහිපත් කලේ ඉතාම සැනසුම් සිතිනි...

" චුක්කි... මං මග එන ගමන් ඔය රෙඩි වෙලා ඉන්න ෂරියා...” පිටත් වන මොහොතේම මල්කිට දුරකථන පණිවිඩයක් ලබා දුන්නේ ඈ සුදානම් වීමට බොහෝ කාලයක් ගන්න බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනි.

" එහෙමයි මහ රජ..."

උපතින්ම සුරතලියක් වූ මල්කි සමිත ට නම් ඇනයක් වන තරමට ම පොඩි එකියක් වගේ හැසිරුනාය.. නමුත් සමිත වැඩියෙන්ම ආදරේ කලෙත් ඒ අහින්සක හුරතල් ගතියට වීම නිසා මේ ආදර කතාව 200% සම්පූර්ණ විය. ඔවුන් විටෙක ප්‍රේමවන්තයින් ද විටෙක සහෝදරයින් ද විටෙක යහළුවන්ද විය... එක අදර කතාවක් මෙතරම් පරිපුර්ණ වීම ලෝකයේ කොහෙවත් සිදු වන්නට ඇතිදැයි ඔවුන්වත් දන්නේ නැත.

" හෝව් හෝව් කොල්ලා... අඩෝ .. මොකක්ද ඔයා ඇදගෙන ඉන්නෙ... අපි එක වගේ අදින්න ඕනේ දැන් ඉතින් අපි husband and wife වගේනේ..."

" සරමයි... මේස් බැනියමයි.. ඔයා රෙද්දකුයි හැට්ටේකුයි අදින්න එහෙනම්.."

"මෝඩයා.... මැට්ටා... කියනවකො..."

"නිල් කොටු කොටු ශර්ට් 1ක්..."

"උඩට විතරද යටට මුකුත් නෑ..."

"තියනවා අමුඩයක්.. ගුටි නොකා තියනවා ෆෝන් 1 මං මේ බයික් එකෙ ඉන්නෙ "

"හරකා.. බූරුවා.. මොඩයා.. කබරයා.. කී පරක් කියලා තියනවද බයික් පදිද්දී කෝල් එපා කියල .. තියනවා මං තරහයි..."

“මමද ඔයානේ කතාවට අල්ල ගන්නේ ...හික්ස් මෝඩ කෙල්ල..”

දුරකථන ය විසංදි කල පසු ඔහු යතුරු පැදියේ වේගය වැඩි කලේ වැහි බීරමක ලකුණු ලග ලගම තිබුණු නිසාවෙනි .. පාසල් කාලයේ සිටම යතුරුපැදි ඇසුරු කල සමිතට වේගය අලුත් දෙයක් නම් වුයේ නැත.

"කීඊඊඊක්.... ඇන්ටි... මලකි ලෑස්තිදෝ ...”

"දුව... මෙන්න පුතා ඇවිත්.. . කුඩේ ගත්තද... මතක් කරලා ඔක්කම වැඩ කර ගන්න පුතා දන්නවනෙ මේ කෙල්ලට මෙලෝ සිහියක් නෑ... "

"හා .. අම්මටත් පුතා තමයි දැන් ලොකු... ඔහොම යමුකෝ.... මට ඔක්කොම මතකයි.. යන ගමන් ලොකු ice cream 1i.... ඊට පස්සෙ ජූස් බාර් එකෙන් රසම රස ෆලූඩා එකයි.. තව මොනාද.. "

"ඔය කිවුවේ .... කෑම කෑම කෑම.. පුතා බලාගෙන.... කෑම පෙන්නලා මේ කෙල්ලව වෙන කවුරු හරි උස්සන් යයි..."

"අපො ලොකු දෙයක්... අපි යන්නම් ඇන්ටි ...."

"ඇන්ටි... අම්ම අම්ම අම්ම... කො කියනව අම්ම කියලා"
ඈ සමිතගේ බඩ කොනිත්තන ගමන් ඇවිටිලි කලාය..

"ආව් ආව් මෝඩි... යන්නම් අම්මෙ..."

"අන්න එහෙම... අපි ගිහින් එන්නම් අම්මෙ.. බායි.. සී යූ.. ලව් යූ... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා "
හැකි සෑම විටම එකිනෙකාට ඇනුම්පද කියමින් සිනහසිම දෙදෙනාගේම සතුට විය. අනෙකාගේ සිනහව තමන්ගේ සතුට වීම තරම් ආදරයක් තවත් කොයින්ද..
සමිත ගේ ඇදුමටම ගැලපෙන පාටකින් සැරසි සිටි මලකි තවමත් සුදු ගවුම ඇද පාසල් ගිය ඒ පුංචි කෙල්ලම නොවේදැයි සමිතට සිතුනු වාර අනන්තය.

" කො හෙල්මට් එකෙ පටිය දාල නෑ.... මැට්ටි හැමදාමත් කියන්න බෑ අනිනව හිල් වෙන්න ටොක්කක්....”
“ අම්මෝ හරි හරි දා ගන්නම්... මග යද්දී දාගන්න හිටියේ...”
“ මං කියල තියනවනේ හෙල්මට් එක හරියට නොදා බයික් එකට නගින්නවත් එපා කියලා...”

ආදරය කරන කෙනෙක් වරදක් කරන විට තරහ එන්නේ වෛරයකට නොව ඔහුගේ හෝ ඇයගේම යහපත වෙනුවෙන් බව මල්කි දනසිටියාය . අනෙක ගමනක් යන සැම විටම හෙල්මට් එක හෝ එහි පටිය දමා ගැනීමට අමතක වීම නිසා සමිතාගේ බැනුම් ඇයට පුදුමයක් නොවන්නට ඇත.

............................................................................................................................................................

සැලසුම් කර ගත් පරිදිම සියලු වැඩ අවසන් කර ස්ටුඩියොවෙන් එලියට එන විටත් බලාපොරොත්තුවෙන් සිටි මහා වැස්ස පටන් ගෙන ඇත.. කුඩයකින් යා නොහැකි තරම් ඇද හැලුණු අනෝරා වැස්ස පෙම් යුවලකට කෙතරම් මිහිරි අත්දැකීමක් දැයි නොදන්න ප්‍රේමවන්තයින් සිටිතැයි මා විස්වාස නොකරමි

සිටි සිටි දඩෝං....

මහා හඩින් පුපුරා ගිය හෙණ හඩින් බය වූ මල්කි සමිතගේ පපුවට ගුලි වී දෑතින් කන් වසා ගත්තාය..

"චුක්කි ..... බය වුනාද... "

"පිස්සුද මං බය නෑ... "

"චුටි මැණික... මේ වැස්සෙ බයික් එකේ නම් යන්න බෑ අපි කොහෙ හරි යමුද..."

"මේ වැස්සේ... කොහෙ යන්නද..."

"අතනට.. "

පාරෙන් එපිට වූ සුන්දර නවාතැන ට ඔහු අත දිගු කලේ සීතලෙන් වෙවුලමිනි..

"ඒත්..."
ලොකු කර ගත් දෑස් වලින් ඔහු දෙස බලමින් ඇය පැවසුවේ මේ තරම් සීතලක ඔහු තුරුලේ ගුලි වී මුලු ලෝකයෙන්ම වෙන්වී ඔහුගේ ලෝකයේ තනිවෙන්නට තිබූ ආශාව එක එල්ලේ ඔහුට කීමට තිබූ ලැජ්ජාව සගවා ගැනීමටය

වසර 6ක් ආශ්‍රය කල ඔහුට ඇය තේරුම් ගැනීම අරුමයක් නොවීය..

කිසිවක් නොකියා ඈ අතින් අල්ලාගෙන නවාතැන දෙසට දුවද්දී මල්කි ඔහු පසුපස ආවේ හීලෑ කරගත් බලු පැටවෙක් මෙනි..

සුව පහසු කාමරයක් වෙන් කර ගත් ඔවුහු කිසිම දිනක අත්විද නොමැති සුන්දර හැගීම් ගොඩක තනි විය... උපතින්ම දගකාර වු ඇය මේ මොහොතේ මෙතරම් බොලද වූයේ කෙසේදැයි ඇයටම විශ්මයක් විය.. ඇගේ මුළු ගතම ගැහෙන්නේ සිතලටද බයටද අයටවත් වටහුනේ නැත.

"අයියේ ..... "

"ම්ම්ම්ම්ම්ම්ම්ම්..."

"මට බයයි...."

"මොකටද රත්තරං ...ලබන මාසෙ මේ වෙද්දි ඔයා මගෙනේ..."
ඔහු ඇගේ නලල සිප ගත්තේ නිම්හිම් නැති සෙනෙහසිනි

ඇයට දැනුනේ එය ඇය ලද ප්‍රථම හාදුව ලෙසයි. ඔහු කෙතරම් ආදරණියදැයි ඇය සිතීය .
තොල් පෙති එකිනෙක පැටලී සලු පිලි එකිනෙක උනා වැටෙද්දී දෙදෙනාගෙම මනසේ රැදුනේ මේ මාගේ බිරිද මේ මාගේ සැමියා යන උතුම් හැගීම මිස අන් කිසිවක් නොවේ.. තව සති 3ක් ඉක්මවන්නට පෙරෙ එක් වහලක් යට පවුලක් ගෙවන්නට සියල්ල සූදානම් වී තිබුනේ නම් කිසිවෙක් මේ මොහොත මග හරිවී යයි මා විස්වාස කරන්නේ නැත... ඔවුන්ගේ හැගීම් කුල්මත් කරමින් ඇදහැලෙන වැස්ස තව තවත් වැඩි විය. මහා හඩින් පුපුරන හෙණ විදුලි එලිය ඔවුනට දැනුනේ එකිනෙකාගේ ස්පර්ශයෙන් මතුවන පහස නිසා හදවතේ නැගෙන වේගවත් කමපනයක් ලෙසය .. ලෝකයෙන් තනිවූ ඔවුන් එකිනෙකාගේ මුළු ලෝකයම විය...

සියල්ල සිදුවී අවසානය...වසර 6ක් පෙම් බැද ඇගේ ප්‍රථම ප්‍රේමයට ඇගේ සියල්ල පුද කලාය.... ඔවුන් වෙනම ලෝකයක තනි කල වැස්ස හෙමි හෙමින් ඔවුන් පියවි ලෝකයට මුසු කරමින් පහවී ගියේ අවුව ට අත වනන්නට ඉඩ දෙමිනි.

" චුක්කි.. වැස්ස පායලා... අපි යමුද.. "

" අනේ බෑ... මෙහෙම ඉමුකෝ... "

" තව මාසෙකින් හැමදාම මෙහෙම තමයි වස්තුව ...."
ඒ තුරුලෙන් මිදීමට උවමනාවක් දෙදෙනාටම නොවුන නමුත් මේ මොහොතේ එය කල යුතුමය.

" හ්ම්ම්ම්ම්ම් එහෙනම් ... යන ගමන් මට කන්න මොන හරි අරන් දෙනවා නම් මං එනවා..."
නැවතත් සුරතල් මුහුණ මවාගත් මල්කි ඔහුට ගුලි වෙමින් කීවාය

" අපෝ ඕක මහ දෙයක් ද.. මොනාද ඕනෙ.."

" ම්ම්ම්ම් දැනට නම් බුරියානි බඩගින්නක් තමයි එන්නෙ... ඉතුරු ඒවා යන ගමන් බලමු.."

" පෙරේති.. හා හා ලෑස්ති වෙන්න යමු...."

ගැහැණියක් විවාහ වන්නට පෙර හෝ පසු ඇයගේ ආශාවන් නිදහස කිසි සේත්ම බාධා නොකල යුතු බව සමිත තදින් විස්වාස කලේය.. ඒ නිසා ඇගේ කෑම බීමට ඔහු කවදාවත් වැට බැන්දේ නැත..

සිහින් අවුව මැද තෙත මාවතේ තරමක් වේගයෙන් ගමන් ගත්තේ තවත් වැස්සක් අත ලග බව වලාකුළු වලින් අනාවැකි පල කල නිසාවෙනි .... නමුත් ඒ වැහි අදුර පෙර අදුරට වඩා හාත්පසින් වෙනස්ය . දෙදෙනාට දෙදෙනා කිසිදු වචනයක් නොකියා සිහින ලොකයක මෙන් පාවී යද්දී.... සමිත නිහැඩියාව බින්දේය.

" චුක්කි... ගොඩාක් ආදරෙයි හැමදාමත්.... "

" මමත් මගෙ අයියේ ....." ඇයටත් නොදැනීම ඇගේ ඇසින් කදුළු කැටයක් වැටෙද්දී
ඇය තවත් ඔහුව බදා ගත්තාය..

පැති කන්නාඩියෙන් සමිත අ දෙස බැලුවේ ඇගේ උණුහුම තදින්ම දැනුනු නිසාය...

“ ඔන්න ගුටි කන්න යන්නේ හොදේ... කෝ අදත් දල නෑනේ හෙල්මට් එකේ පටිය...”

“අයියෝ සොරි සොරි මහා රජ.... අනේ සමිත බලාගෙන....”

මල්කි ගේ කෑගැසීමෙන් සමිතට ඉදිරිය බැලීමටවත් මොහොතක් ලැබුනේ නැත.
කොහෙදෝ සිට පැමිණි ටිපර් රථයක් ඔවුන්ගේ මග ඇහිරුවේය.. වැසි දියෙන් තෙත් වූ තාර පාර මත යතුරුපැදිය නතර කර ගැනීමට සමිත ඔහුට හැකි සෑම උත්සහයක්ම දැරීය.. පලක් වූයේ නැත.. යතුරුපැදිය පෙරලී බිම දිගේ ඇදී ගියේ මල්කි බිම දිගේ වට 6ක් 7ක් කරකවමිනි... සමිත නතර වූයේ ටිපර් රිය යටයි... යතුරුපැදියේ කැබලිත් ඔවුන්ගේ ගමන් මලු වල තිබූ බඩුත් සීසීකඩ විසිවී ගොස් ඇත..

මුලු පරිසරයම තප්පර ගනනකට නිහඩ වී එක්වරම මහා කාලගෝට්ටියක් බවට පත් විය.. ටිපර් රිය යට සිට බඩ ගමින් එලියට ඇදුනු සමිතට සියල්ල සිහිනයක් මෙන් අපැහැදිලි විය.. සිසිකඩ විසිරුණු බදු මලු වලට අඩි ගණනක් එපිට මල්කිගේ ගැලවී විය හෙල්මටය දක්නට ලැබුණි.. ඊට මදක් මෙපිට මුනින් තලා වැටි සිටි මල්කි දෙසට ඉතා අපහසුවෙන් පියමන් කල ඔහු සිහිසුන්ව සිටි මල්කි තුරුල් කරගෙන හැඩුවේ මුළු පරිසරයම කම්පා කරවමිනි.

ගිලන් රථය මහා වේගයෙන් පැමිණ නතර කර ඔවුන් දෙදෙනාවම සීරුවෙන් තබා ගෙන පිටත් විය... මල්කිගේ සිරුරට සම්බන්ධ කර තිබූ තිරයේ ඇගේ හද ගැස්මේ රේඛාව ටිකෙන් ටික අඩාල වන බව දුටු සමිත ට තප්පර ගනනක් අතුලත ඔහුන්ගේ මුලු ආදර කතාවම සිහිවිය... ඔහුට සිහි තිබුනේ ඒ දර්ශන පෙල අවසාන වන තෙක් පමනි....

..............................................................................

" පුතේ නැගිටින්න දරුවෝ... අපි යන්න ඔනේ.. අවසන් කටයුතු වලට තව ටික වෙලාවයි..."

" මට බෑ අම්මේ..... මට බෑ.... මගෙ පන මැරුනේ නෑ... බොරු බොරු මේ ඔක්කම බොරු.."

" අනේ කියන දේ අහල යමු වස්තුවේ..."

අවසන් කටයුතු ඉතා අලංකාර ලෙස සකසා තිබිණ ...

" සිත වාවන්නෙම නෑ... ඔබ ආයෙත් එන්නෙ නෑ... අපි තාම දන්නෙ ඔබ අපේ කියා...."

" අනිච්ඡාවත සංඛාරා"

විවිද දැන්වීම් පසු කර රථය සෙමින් ඉදිරියට ඇදුනේ මේ ලෝකයේ අපට පාලනය කල හැකි කිසිවක් නොමැති බව සිහි ගන්වමිනි.

" ආයුබෝවන් " පිරිමි කෙනෙක් ඔවුන් ඇතුලට පිල්ගත්තේය...

" අනේ සමිත.... ඔයා කොහොමද රත්තරං මාව දාලා යන්නෙ.... " මෙතෙක් වෙලා මල කදක් ලෙස ඉබි ගමනින් ආ මල්කි සමිතගේ නිසල දේහය ලගට දිව ගොස් ඔහු බදා ගනිමින් අඩන්නට විය..

" එක ගෙදරක ජීවත් වෙන්න අපි කොච්චර පෙරුම් පිරුවද මගෙ දෙයියෝ... කොහොමද මට මෙහෙම කරන්නෙ... මාවත් අරන් ගියෙ නැත්තෙ ඇයි.... ඔයා පොරොන්දු උනා මාව තනි කරන් නෑ කියලා ... බොරුකාරයා මාව දාල ගියා... "

ඇගේ ඉකි බිදුම් මුලු පරිසරයම සාංකාවෙන් අංධකාර කරවීය.. සියල්ල නිමා විය. බාහිර තුවාල නැතත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වීම නිසා සියල්ලන් හැර දමා සමිත අවසන් සුසුම් හෙළ ඇත...

.........................................................................

මසක් ගත විය..

" මහත්තයා ... දුව වමනෙ දානවා අපි dr කෙනෙක් ලගට එක්ක යමුද..." සමිතගේ වියෝවෙන් පසු මල්කිගේ තනියට ඉතිරි වුයේ ඇගේ දෙමව්පියන් පමණි.

" ඕක ඉතින් මට කිය කිය ඉන්නෙ.. ඇයි ඔහේ එක්ක ගියෙ නැත්තෙ..."

තම ආදරවන්තයා නැතිව ජීවත්වීමෙන් කුමන පලක් ද යයි ඇයට සිතුන නිසා ඇගේ සෞඛ්‍ය ගැන ඈ කිසිම තැකීමක් කලේ නැත. නමුත් අකමැත්තෙන් මෙන් මල්කි වෛද්‍යවරයකු මුනගැසෙන්නේ මවගේ බල කිරීමටයි

"Congratulations mrs malki.. ඔයා pregnant ... best wishes "

මල්කිට හා ඇගේ මවට හිස තුල හෙනයක් පුපුරා යන්නාක් මෙන් දැනුනි.. හඩන්නටද සිනාසෙන්නටද ඇයට වැටහුනේ නැත... ලජ්ජාවත් බයත් ආදරයත් මතකයත් එකවිටම ඇගේ හදවත සිදුරු කරවීය . හිස කරකිල්ලත් කලන්තයත් නතර කර ගත්තේ දැඩි උත්සයකින් පසුවය..

කාලය ගතවත්ම කොතරම් සැගවීමට උත්සහ කලත් මේ සිදුවීම ලැවු ගින්නක් මෙන් ගම පුරා පැතිරෙන්නට විය..

" ඕකිගෙ දාංගලේ හැටියට මම හිතුවා ඕක කර ගනී කියලා ..."

" අර කොල්ල මැරිල ගිය එකමයි හොද.. හිටියා නම් පපුව පැලිලා මැරෙන්නෙ..."

" ඕක තමයි දෙන්න හිටි හැටියෙ බදින්න ගියේ. කලින්ම වැඩ වරද්දගෙන ලොකේට පේන්න මගුල් කන්න හැදුවේ නොදකින්.."

ඇසෙන නොඇසෙන කට කතා ගම පුරා රැව් පිලි රැව් දුනි.. පලමු පිවිතුරු එක්වීමෙන් ම සමිත ගෙන් ගැබ් ගත් ඇගේ කතාව නොදැන සියල්ලොම ඇය හංවඩු ගැසීය.. දරුවා මරා දමන්නයි බොහෝ දෙනාගේ අදහස විය . නමුත් අවංක ආදරයේ අතුරුඵල ය ලෙස ඈ දරු ගැබක් සමග මෙලොව තනි විය... කිසිදා නොමියෙන සමිතගේ ආදරය ඉතුරු කර ගිය එකම තිළිණය වූ ඇගේ දරුවා රැකගැනීම සමිතගේ ආත්මයට ඇති එකම සැනසීම බව ඈ හොදින්ම දන සිටියාය.

මේ අදට ඇගේ කතාවයි... නමුත් හෙට.....???

බෝනික්කී...

Image result for ghost doll" සර්.... බහින්න... සර් බහින තැන මේක නේද... අයියෝ.... ශික් මේ යකා ...."

කල්පනාවත් නැති වෙන තරමට බීමතින් සිටි ඔහු රථයෙන් බස්සවා ගැනීම ඉතාමත් අපහසු විය... ටයි කෝට් පැලද සිටියත් බීමත්කම ඔහු බල්ලෙක් මෙන් පහලට ඇද දමා ඇත.. නිවස ඉදිරියේ අපගේ දෙබස ඇසී එලියට ආවේ ඔහුගේ බිරිද විය යුතුය...

" මැඩම් මහත්තයා බහින් නෑනේ...."

" ඒයි... ඒයී.... බහින්න මේ මනුස්සය යන්න ඕනා...."

ඇයගේ හඩට ඇගමැලි කඩමින් හරි බරි ගැහෙමින් මොන මොනවදෝ කෙදිරි ගාමින් ඔහු එලියට ඇදුනි..

" මැඩම් .... ටැක්සි ෆී එක 1200 යි...."
ඔහුවත් වත්තම් කරගෙන යාමට සැරසුනු ඇයට මා මතක් කලෙමි...

" ආ ඉන්න..."
ඔහුගේ සාක්කුවෙන්ම 1500ක් ඇද ඇය මා අත තැබුවා ය.
" මල්ලි කොයි පැත්තටද යන්නේ... "

මා ඉතිරි මුදල් දෙන අතර ඇය ඇසීය.

" කොලඹ පැත්තට මැඩම්.."

" ආ එහෙනම් මෙහෙ වටයක් යන්න ඕන නෑ.. තව ටිකක් ඉස්සරහට ගියාම ලොකු වංගුවක් එක්ක වමට පාරක් තියෙයි එකෙ යන්න මේන් රෝඩ් එකට ගොඩක් ලගයි .. "

" හා මැඩම්.. තැන්ක් යූ... මං ගිහින් එන්නම් මැඩම්.."

මා ඇගෙන් සමු ගත්තෙමි... රථයට නැග සිතියම ( google map) නැවත කොලඹ දෙසට සකසා ගත්තත් ඇය කී පාර පෙන්වුයේ අතුරු පාරක් ලෙසයි.. නමුත් එය කෙටි පාරක් බව සැකයක් නැත.. වේලාව රාත්‍රි 10.50 යි... විනාඩි 10ක් හෝ කලින් ගෙදර යාමට ඇත්නම් කොච්චර දෙයක් ද සිතු මා දෙවරක් නොසිතා කෙටි පාරෙන් යන්නට තීරණය කලෙමි...

එවිටම මාගේ ජංගම දුරකථන ය නාද විය...

" හෙලෝ ....."

" ඇයි පරක්කු...."

" අනේ දුර හයර් එකක් ආව මං දැන් එන ගමන් .... ඔයා නිදා ගන්න.. බබා නිදිද..."

" ඔව් බලන් ඉදල නින්ද ගිහින්...හා පරිස්සමෙන් එන්න හොදෙ...."

නිවසට යාමට ප්‍රමාද වන්නේ කලාතුරකින් නිසා බිරිද ද බිය වී ඇත...

..........................................................................

එය මාරක වංගුවකි.... කුඩා වුවත් කඩතොලු රහිත පාරක් නිසා අපහසුවක් නැතිව ගමන් කලෙමි... දෙපස රබර් ගස් ද තේක්ක ගස්ද හදුනා ගත නොහැක නමුත් වගා යායක් බව පැහැදිලිය...

ගතේ මහන්සියට ද මන්දා නුහුරු හැගීමක් සිතට ඇති විය.... එය පාලුවක් ද බියක් ද දෙගිඩියාව ක් ද යැයි නොතේරෙයි.. රේඩියොවෙන් නොකඩවා ඇහෙන වේග රිද්ම සංගීතය ට එය යටපත් කිරීමට නොහැකි විය... තැනින් තැන විදුලි එලිය මතු වූවේ ලග ලගම වැස්සක්ද එන බවට පේන කියමිනි... එය සැබෑය නමුත් ඇද හැලුනේ වැලි කැට මෙන් සියුමැලි පොද වැස්සකි...

රේඩියෝවේ හඩත්... වීදුරුව මත ඇතිල්ලෙන වයිපරයේ හඩත් .. පොලොවට එරෙහිව යන ටයර් හඩත් සමග එකතු වූ රථයේ ඉදිරිපස අලවා තිබූ හිස නටවන බල්ලා හිස වනමින් මගෙ හිතේ ඇති වූ පාලු හැගීමට කොලොප්පන් කරන්නට විය...

ගස් පෙල අවසානයි... විශාල වෙල් යායක් මැදට ඇතුල් වත්ම මැඩියන්ද පෙර ශබ්දයන්ට එකතු විය... විදුලි එලිය අහස පුරා පැහැදිලි ව රටා මැවුවත් මා ඇස් යොමු වූයේ අහස දෙසට නම් නොවේ.... රථයේ ලාම්පු එලියටත් ඈතින් දිස්වූ චලනය වන දෙයක් දෙසට මගෙ දෑස් යොමු විය..

එක් වරම ඒ කුමක්ද පැහැදිලි නොවුනත් රථය ඉදිරියට ඇදෙද්දී ඒ මිනිස් රුවක් එපමණක් නොව කාන්තාවක් බවම පැහැදිලි විය..
මේ රෑ මේ කැලේ මේ වැස්සේ ගැහැනියක තනියම පාරේ කුමක් කරනවාද යන පැනය ආවේ සිතෙහි බිය යන සිතුවිල්ලට අත්තිවාරම් දමමිනි.
වේගයෙන් ඈ පසු කර යනවාද නැතිනම් ඇයගේ හදිස්සිය අසනවාද සිත පොරබදයි ..

වාහනයෙ එලියට ඒ දෙසට හැරුනු ඇය අත දමා නවත්තන ලෙස සංඥා කලේ කරදරයකට උදවු ඉල්ලන්නට මෙනි... රෙදි වලින් එතූ යමක් ඇගේ ළැමට තුරුල් කරන් සිටින බව දුටුවේ දැන්‍ ය. හ්ම්ම්ම්ම් ඇය මග හැර යාමට තීරණය කලත් ඇය ඇත්තටම කරදරේක නම්.... මට සිතිනි...

රථයේ වේගය වැඩි කර ඇය අසලින්ම වේගයෙන් ගියෙමි... රේඩියෝවේ හඩ පරදවමින් " මගෙ දරුවා...." යැයි ඈ කෑ ගසන හඩ පමණක් මට ඇසිනි ... ඈ පසු කර ගොස් පැති කණ්ණාඩියෙන් බැලුවේ හිතෙ චකිතය දුරු කර ගැනීමටයි... වෙනසක් නැත ඇය තවමත් දරුවෙක් යැයි සිතිය හැකි යමක් තුරුල් කරගෙන අඩමින් ඉදිරියට ම දුවයි...

මා තිරිංග තද කල ක්ෂණයට වේගයෙන් ආ රථය ක්‍රී.....ස් හඩ නංවමින් මදක් ඉදිරියට ඇදී නතරවිය... රාත්‍රියේ අතරමං වූ කෙනෙක් දමා යන්නේ කෙසේ දැයි යන පවුකාර වරදකාරි හැගීම මගේ නතරවීමට හේතුව විය... ඕනෑම දෙයක් සිදු වන්නට මා රථය නැවත පසු පසට පැදවූයෙමි ...

" මොකද ප්‍රශ්නේ... කොහෙද මේ රෑ දුවන්නේ...."
රථයේ සිටම පැති වීදුරුව පහත් කර මා ඇසුවෙමි..

" අනේ මගෙ දරුවට සනීප නෑ... ඉක්මනට හොස්පිටල් එකට ගිහින් දානවාද....."

කලු වී වල ගැසූ ඇස් ගුලු කියා පෑවේ ඈ සති ගණනක් නිදි වර්ජිත බවයි... අවුල් වූ කැරලි කෙස් ඉබාගාතේ විසිරී ඇත... පසු පසින් එලවා එන යමකට බයෙන් මෙන් ඇය නිතර පසුපස බලමින් කතා කලාය.. සැබවින්ම උදවුවක් අවශ්‍ය කෙනෙක් බවට සැක කිරීමට හේතුවක් මට නොවීය...

" හරි නගින්නකො...."
නැවතත් පසුපස බැලූ ඈ වහාම රථයේ පිටිපසට ගොඩ විය..

කාරයේ සිතියම ආශ්‍රයෙන් ලගම රෝහලට ගමනාන්තය සැකසූ මම ඒ දෙසට ගමන් කලෙමි.. රාත්‍රියේ නිසා මටත් නොදැනීම සෑහෙන වේගයෙන් ගමන් කල බව මතකය.. තරමක් දුර ආවත් ඈ කිසිවක් නොකී නිසා පසුපස බලන කණ්ණාඩිය ඇය දෙසට හරවා විටින් විට ඈ දෙසද බැලුවෙමි.. ඇ තුරුල් කරගෙන සිටි දරුවා අඩන්නේවත් දගලන්නේ වත් නැත..

" බබා ට මොකද...."

" එයාට සනීප නෑ... එයා නිදි..."

මට සගවන්නට මෙන් දරුවා ළයට හොවා ගත් ඇය නොරිස්සුම් ලෙස කණ්ණාඩියෙන් මා දෙස බලමින් කිවුවාය...
මමද නැවත් කිසිවක් අසන්නට නොගියේ මට එය අදාල නොවන නිසාය.

සිතියමට අනුව පාලු අතුරු පාර ඉවර වෙන්නට ඇත්තේ තව ටික දුරකි.. නමුත් සිදුවූ අනපේක්ෂිත සිදුවීම නිසා මට උන් හිටි තැන් අමතක විය...

" ටට් ටට් ටට් ටට් ටට්....."
තේරුම් ගැනීමට නොහැකි ශබ්දයක් ඇසුන හෙයින් රතයේ වේගය බාල කර රෝද වලටත් එන්ජිම දෙසටත් හොදින් කන් යොමා ගමන් කලෙමි... කිසිවක් නැත..

" ටට් ටට් ටට් ටට් ටට්....."
පෙරටත් වඩා එය පැහැදිලිව ඇසෙත්ම රතය ගැස්සෙන්නට විය.... එක් වරම ඇස් යොමු වූයේ කණ්ණාඩිය දෙසටයි... දෙවියනේ.... කෝ මේ ගෑණී....

පාර මැදම රථය නතර කලේ සිතාමතාම නොවේ... මා පසුපස බැලුවෙමි...

" අනේ දෙයියනේ මේ මොකද මේ....."

පසු පස අසුනේ දිගා වී සිටින ඈ වතුරෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් ගැසෙයි... උඩ ගිය ඇස් වල පෙනෙන්නට ඇත්තේ සුදු ඉංගිරියාව පමණි... මරණාසන්නව මෙන් හුස්ම ගනි.. ටට් ටට් ටට් ගාමින් පිටතට ඇසෙන තරමටම ඈ දත්මිටි කයි.. ඇයට කුමක් වීද... ඈ හැසිරුනේ යක්ශයෙකු ආවේශ වූවෙකු මෙනි
මට කල හැකි කිසිවක් නැත... ‍රථය පණ ගන්වා වේගයෙන් ඇදුනෙමි

" පොඩ්ඩක් ඉන්න.... තව ටිකයි... තව ටිකයි...."
ඇයට නෑසෙන බව දැන දැනත් එලෙස කීවේ ඈ සැනසිමටද මට සැනසීමටද මා නොදනී.... එය රෝගයක් ද වෙනත් දෙයක් ද මට දැනීමක් නැත... ඇය මැරෙයි ද යන බයෙන් මගෙ සිරිගඩු පිපී ඇත. නොනවත්වා කියවන දෙබස් පේලිය පැහැදිලි නොවුනත් " මරන්න දෙන් නෑ" වැනි වචන කිහිපයක් තේරුම් ගැනීමට හැකි විය..

ආ වේගයෙන් ම වාහනය රෝහලට ඇතුල් කරන විටත් ඇය අඩ සිහියෙන් මෙන් දොඩවයි... කාරණය දැනුම් දුන් විට ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් වහාම ඈ ඇතුලට ගෙන ගියේ තොරතුරු සටහන් කර ගැනිමට මා නතර කර ගනිමිනි .

.........................................................................

" ඇයි මෙච්චර රෑ වුනේ..."

නිදි කඩමින් දොර විවර කල මගේ බිරිද ඇසුවේ මින් පෙර එසෙ වී නැති නිසායි

" අපෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ.. හරි මහන්සි.. එපා වුනා අද නම්..."

ඇදුම් උනා දමා ඇග පත සෝදා ආවේ ඉතිරි පැය කිහිපයවත් සුව නින්දක් බලාපොරොත්තුවෙනි . ඇදට වැටීමට පෙර පුංචි දුවගේ සුව දුක් බැලීමටද අමතක නොකලෙමි. සුරංගනාවියක් සුරංගනා ලෝකයේ කොහේ හෝ අතරමං වී සුන්දර සිහිනයක් දක්නා මෙන් ඇගේ සුන්දර මුහුණ බැබලෙමින් තිබිණ .. නින්ද නොකඩා සියුම් හාදුවක් ලබා දී මම ඇදට ආවෙමි

" මාව හෙට උදේම ඇහැරන්න හොදද.. "

නිදා ගැනීමට රෑ වූ නිසා හෙට උදේ ඇහැරීම අපහසු බව හොදින් දන්නා හෙයින් මම මගේ බිරිද චාමි ට කීවෙමි.

" කීං කීං කීං...."
කොට්ටයට හිස තිබ්බා පමණි

"" ඒ මොකක්ද ඒයි... වාහනේ නේද...."

රථයේ ආරක්ෂක එලාමය හිටිහැටියේ නාද වන්නේ ඇයි ......
සාලයේත් ඉස්තෝප්පුවේ ත් විදුලි පහන් දැල්වූ මා යතුර ගෙන එලාමය ක්‍රියා විරහිත කලෙමි. දොර විවර කර වටපිට බැලුවද කිසිවක් සිදුවූ බවට සලකුණක්වත් නැත. සියල්ල ඉතාමත් නිශ්ශබ්ද ය.. කෝකටත් කියා රථයේ දොරවල් නැවත් පරීක්ෂා කලේ සිතේ සැක නැති කර ගැනීමටයි.

රථයේ පිටුපස දොර විවර කර වසත්ම අසුන යට යමක් තිබෙනු දුටුවේ අහම්බෙනි ... සුදු රෙද්දකින් ඔතා තිබූ එය මගෙ මතකයට ආවේ ප්‍රමාදවය..

" දෙයියනේ.... අර දරුවා ....."
වහාම පැන ඔහු අතට ගතිමි ... මෙතරම් වේලාවක් එය සිහි නොවූයේ කෙසේදැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි..

" මේ මොන විකාරයක් ද...."

එහි දරුවෙක් නැත.. ඒ ගැහැනිය දරුවා කියා ඇත්තේ බෝනික්කකු ට ය... හ්ම්ම් ඇයට පිස්සුද ... මා බෝනික්කා ඔතා තිබූ රෙදි කඩ ඉවත් කලෙමි.. නිල් ඇස් සහිත ජීවමාන දරුවෙකුගේ ප්‍රමාණය ට සමාන රෙදි බෝනික්කාට අන්දවා තිබුනේ සුදු පැහැ ලෝගුවක් මෙන් දිගු ගවුමකි.. බෝනික්කා අන්දවා ඇත්තේ ගැහැණු දරුවෙකු මෙනි. උගේ දිගටි කෙස් ඇත්තම කෙස් වලට සමානය...

" ඒ මොකක්ද....."
මා නැවත නිවසට ඇතුල් වන විට දොරකඩ සිටගෙන සිටි චාමි ඇසීය.

" අද පිස්සු ගෑනියෙක් නැග්ගා.. ඒ ගෑනිගේ බෝනික්කා දාලා ගිහින්..."
කෙටියෙන් විස්තර කරන ගමන් බෝනික්කිය සාලයේ පුටුව උඩට විසි කර දැම්මේ නිදි මත ඉවසීමට නොහැකි නිසාය.

ඇදට වැටුනු මා හට තත්පර ගණනකින් නින්ද යන්නට ඇත...

.......................................................................

" ම්ම්ම්ම් හික් .... හික්.. ඉහි.. ඉහි.."
ඉකි බිදුම් හඩක්... නින්ද කැඩුනේ ඒ හඩිනි.. චූටි දූ නැගිටලා වත් ද.. මා චාමි දෙස බැලුවත් ඈ සුව නින්දේ පසු විය.. කාමරයේම වෙනම පිහිටි ඇදක සිටි දුව ද අවදි වී ඇති බවක් දක්නට නැත...හ්ම්ම් මටම බැලීමට සිදුවේ..

විදුලි පහන් නොදල්වා ම හෙමින් හෙමින් ගමන් කලේ කවුරුන් හෝ ඇහැරෙතැයි සිතාය. පරිසරය කෙතරම් නිහඩද කියතොත් ඔරලෝසුවේ කටු වදින හඩ පවා ඇසේ...ඉකි බිදීම කොහෙන් ඇසේදැයි පැහැදිලි නැත.. අද දවසම මහා අත්භූත දිනයක් බව මට හැගුනි.. කුස්සියත් අනෙක් කාමරයත් සෝදිසි කල මා සාලයට ඇතුල් වී අදුරේම අතපත ගෑවේ විදුලි පහන් දැල්වීමට ස්විචය සොයමිනි. අදුරට හුරු වූ ඇස් වලින් දුටු අපැහැදිලි දර්ශන වලින් සිත මහත් සේ කම්පනය විය...

සාලයේ දිග සැටිය මත ගැහැණු දරුවෙක් මා දෙස බලා අඩන සැටි මට පෙනුනි .... ඒ දෙස බලාගෙනම විදුලි පහන දැල්වුවෙමි ....පහන් දැල් වු විගස සියල්ල නිහඩ විය...

" අහ්හ්හ්හ්හ්හ්..." තදින් හිත ගැස්සුනේ පුටුව මත මමම තැබූ බෝනික්කි එක එල්ලේ මා දෙස බලා සිටිනු දැකීමෙනි.... හ්ම්ම්ම්ම් විකාර.. මටම කියා ගත් මා නැවත කාමරයට විත් නිදා ගත්තෙමි..

..........................................................................

" ට්‍රීං .... ට්‍රීං...."

" ශික් මොකාද මේ උදේ පාන්දර කෝල් කරන්නේ.... හෙලෝ..."

" හෙලෝ... මං මේ කතා කරන්නේ ඊයේ ඔයා හොස්පිටල් දාපු ගෑනු කෙනාගෙ හස්බන්ඩ්..."

" ආ කියන්න...."

" මට ඔබ තුමා මුණගැහෙන්න පුලුවන් ද... මගේ wife ගේ බෝනික්කි ඔබතුමා ලගද..."

" අනේ ඔව් එයා දාලා ගිහිල්ලනේ... මං ඔය පැත්තේ එද්දි ගෙනත් දෙන්නම්..."

" තැන කිවුවොත් මං ඇවිත් ගන්නම්... ඔබ තුමා අද මේ පැත්තේ එන්නේ නෑනේ නේද.."

" අද නම් එන් නෑ මං ගෙනත් දෙන්නම්.. බයවෙන්න එපා...කෝකටත් මට ඇඩ්‍රස් එක දෙන්නකෝ ඔය පැත්තේ ආවොත් දීගෙන යන්නම්..."
ලිපිනය ගෙන මම දුරකථන ය විසංදි කලේ ඔහු කුමන අරමුණෙන් මා සිටින ස්ථානය අසන්නේදැයි නොදන්නා නිසාවෙනි.. අනෙක මේ කැහැටු බෝනික්කා මෙතරම් වටින්නේ ඇයි ද මට සිතිනි..

හරි හැටි නින්දකුත් නොලද නිසා අදි මදි කරමින් රැකියාවට යාමට සූදානම් වුනෙමි.. නිවසෙන් බහින්නට සුදානම් වෙද්දී රථයෙ යතුර කාමරයේ බව මතක් විය. කාමරයට ඇතුල් වී යතුරත් ගෙන අවසාන වතාවට කණ්ණාඩියෙන් බැලුවෙමි....

" මොනවා....."
මා කණ්ණාඩියෙන් දුටුවේ චූටි දූගේ ඇද මත සුදු පාට නිදන ඇදුමක් හැදගත් තවත් කෙල්ලක් නිදා ගෙන ඉන්නවා ලෙසය .. ඒ තැති ගැන්ම කෝපයක් කර ගත් මා

" චාමී.....මෙහෙ එන්න..."

" අම්මෝ ඇයි අනෙ කෑ ගහන්නේ...."

" පිස්සුද ඔයාට අර ජරා බෝනික්කා චූටි දූ ලගින් තිබ්බේ...."

" පිස්සුද අනේ මම තිබ්බේ නෑ උදේ එලියට ගියාම දැනුයි කාමරේට ආවෙත්... ළමයම ගන්න ඇති එයා දන් නෑනෙ ඔයා එයාට ගෙනාව කියලා හිතන්න ඇති..."

" හා හා දැන් ඕකව අරන් ළමයට ගන්න බැරි තැනකින් තියන්නකෝ හෙට ගිහින් දෙනකන්.."

සිදු වූ දේ මට සිතා ගත නොහැකි විය.. " දෙයියනේ මම කණ්ණාඩියෙන් දැක්කේ ඇත්ත ගැහැණු ළමයෙක් වගේමනේ " චූටි දූ ඇදෙන් බැහැල එනව මම දැකේවත් නෑනේ" මට සිතිනි

තනිව කල්පනා කරමින් නිවසින් පිටත් වූයේ සිත සන්සුන් බවකින් නම් නොවේ. කෙමෙන් කෙමෙන් දිනය ගත වුනත් සිත තිබුනේ නිවස තුලය...

" ට්‍රීං ...... ට්‍රීං...."
දිගින් දිගටම මා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන්නේ පිස්සු ගැහැණිය ගේ සැමියාය.. නමුත් මා ඔහු මග හැරියේ හිතාමතාම ය...

" කරුණාකර හැකි ඉක්මනින් මට බෝනික්කා ලැබෙන්නට සලස්වන්න...." කිහිප වරක්ම නාද කිරීමෙන් පසු ඔහු කෙටි පණිවිඩයක් එවා තිබුනේ ඉතාමත් හදිස්සියෙන් මෙනි.. නමුත් මේ මොහොතේ මට කිරීමට කිසිම දෙයක් නැත....

පෙර දිනත් ඉතා තදින් වෙහෙස වූ නිසා මා අද තරමක් කලින් ගෙදර යාමට තීරණය කලෙමි..

.......................................................................

රාත්‍රිය උදා විය.... මුලු නිවසම අනවශ්‍ය ලෙස සන්සුන් බව මට සිතිනි... ඒ නිහඩ සන්සුන් බවම මට වදයක් විය... සියල්ලොම වෙනත් ලෝකයක සිටින මෙන් නිහඩය.. වෙනදා ගේ පුරාම දුව පැන නටන චූටි දූ අද එකම තැන බලා ගත් අත බලා සිටී...

" ඇයි මේ දූට සනීප නැද්ද .... ඇයි ඔක්කොම ගල් ගිලල වගේ කිසි සද්දයක් නැත්තේ..."

" මුකුත් නෑ... "
කියා චාමි දරුවාද රැගෙන කාමරයට ගියාය...
කිසිවක් වටහා ගත නොහැකි වූ මාද කෑම පිගාන පැත්තට දමා අත් සෝදා කාමරයට ආවෙමි.. එක්වරම ඈතින් ඇසුනු බල්ලෙකුගේ උඩු බිරුම කියන්නට තැනුවේ අද නම් මහා මූසල දවසක් බවය... අප නිවසේ අප හැර තවත් කෙනෙකු සිටිදො මට දැනෙන්නට විය.නිදි යහනේ සිට කල්පනා සයුර ක ගිලී සිටියේ උත්තර සොයන්නට වත් ගැටලුව නොදන්නා නිසාවෙනි ...

එක්වරම තිගැස්සී ඇහැරුනේ චූටි දූගේ මර ලතෝනි හඩ නිසාය...

" චාමී.... චාමි දෙයියනේ මොකද මේ...."

චාමි චූටි දූට අමානුශික ලෙස පහර දෙමින් සිටින්නේ යකෙක් ආවේස වූ අයෙකු මෙනි ... කෙස් වැටිය කඩා දමා දත් මිටි කමින් පුදුමාකාර ආවේගයකින් පහර දෙමින් සිටි ඇයට තිබුනේ පුදුම ශක්තියකි.. ඇයව ඇද බිමට දමා තද කර ගත්තේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසාය.. උඩ ගිය ඇස් , ටට් ටට් ටට් හඩින් එකට වදින දත්.. මට සිහි කලේ පෙරදින රෝහල් ගත කල ගැහැණිය ය. මින් පෙර කිසි දිනක චාමිට මෙසේ වී නැත...

ඇයව යටපත් කිරිමට මට ඇයට පහර දීමටද සිදු විය... ඇගේ විදුරු මස් වලින් ලේ ගලා යයි... ඇය මන්තරයක් වගේ කෙදිරුවේ " මගෙ දරුවා... මගෙ දරුවා... " යන්න පමනකි . විනාඩි 10ක් පමණ ඈ සමග පොර බදන විට ඇය කෙමෙන් සිහිසුන් විය...

" චාමී... චාමී... හරි හරි දැන් හරි.. "
මා ඇයව තුරුල් කර ගතිමි...

සිදු වූයේ කුමක්ද කියා මමවත් දන්නේ නැත.. මනස්ගාත විස්වාස නොකලත් මෙය නම් අමනුෂ්‍ය බලවේගයක් ද යැයි මටද සිතුනි..සන්සුන් වූ චාමි ඇදෙන් තබා හඩමින් සිටි චූටි දූ වඩා ගත්තේ ඇයවද සැනසීමටය... එලිය වැටීමටද තව බොහෝ වේලා ඇත.. තවමත් වේලාව පාන්දර 1.15 ට ආසන්නය... ඇයවත් ඇගේ යහන මත තබා නිම්ද යන තෙක් සිටි මා කුස්සියට ගියේ පොර බදා ඇතිවු මහන්සියට වතුර උගුරක් බීමටයි...

ශීතකරණය ඇර එහි තිබූ බියර් කෑන් 3 කුත් ඇපල් ගෙඩියක් හා පිහියත් රැගෙන සාලයට ගොස් වාඩි වූයේ මෙයින්වත් සහනයක් ලැබේ යැයි සිතාය... සැටිය මත වාඩිවී බියර් බොමින් ඇපල් පෙති කපමින් කෑවෙමි.. බියර් කෑන් 3 අවසාන වන්නට ආසන්න වත්ම නින්දද මා ලගටම පැමිණ ඇත... නමුත් සැටියේම ඇලවූයේ නිදා ගැනිමට නම් නොවේ..

වෙරි මතටද මන්දා සියල්ල කැරකෙනවා මෙන් පෙනුනි... අදුරේ ම කවුරුන් හෝ අඩමින් සාලය පුරා දුවන හඩ ඇසුනි. නැගිට ගොස් ඒ කුමක්ද කියා බැලීමට උවමනා වුවත් ගතට කිසිදු පණක් නොවීය. මේ හීනයක්ද ඇත්තක්ද තේරුම් ගත නොහැකි තරමට දෙලොවක අතරමං වී ඇති සේය.

අපහසුවෙන් කෙසේ හෝ පුටුවේ වාඩි වුනෙමි..

" කවුද මේ... මොනාද ඕනේ.... "
මා ඇසුවේ මා ඉදිරියේ සිටගෙන සිටි නාදුනන දැරියගෙනි... ඇය අර බෝනික්කාද අතෙහි දරා සිටියාය...

කිසිවක් නොකී ඇය සෙමින් සෙමින් මා ලගට ඇදෙයි... ඇගේ කට සෙලවෙන බව පෙනුනත් ඈ කියන දේ මට ඇසෙන්නේ නැත..

" එපා... එපා ලගට එන්න එපා... මොනාද උබට ඕනේ.... අපිට පාඩුවේ ඉන්න දීපන්...."
මම කෑ ගැසුවෙමි.. නමුත් ඈ නතර වූයේ නැත.

ඇගේ හුස්ම දැනෙන තෙක් මා ලගටම ආ ඇය අත දිගු කර මගේ කම්මුලට අත තැබීය.. බියෙන් භ්‍රාන්ත වූ මා වහා ක්‍රියාත්මක වී අත තිබු පිහිය ඇගේ ගෙල හරලා යවත්ම

" තාත්ති......."
කියා කෑ ගැසීය.. ඇයට කීමට හැකි වූයේ එපමණකි... පිහි පහරින් විසි වූ ලේ මගෙ මුහුණ පුරා ඉසිරවිය ... සියල්ල සිහිනයක රූප රාමු මෙනි....

" ට්‍රීං.... ට්‍රීං...ට්‍රීඊඊඊඊං ....." මා පියවි සිහියට ආවේ දුරකතනයේ නොනවතින නාදයටයි....

" අනේ..... එපා.... මගෙ දුවේ... මගෙ චූටි දුවේ.... නෑ නෑ අනේ ....."

මගෙ පිහි පහරින් උගුරු දණ්ඩ වෙන්වු ඇය මා අසලම වැටී සිටී.. ඇගේ ලේ වලින් ඈ අත තිබූ බෝනික්කිය පෙගී ගොස් ය.. බෝනික්කියත් චූටි දුවත් මා දෙසම බලා සිටී... අනෙ දෙවියනේ මං වගේ පවු කාරයෙක්.... ඇය තුරුලට ගෙන මා ඉකි ගසමින් හැඩුවෙමි... බස් වැටුනු බෝනික්කි මා දෙස බලා සිටියේ සිනාසෙමින් යැයි මට සිත්නි...

" ට්‍රීඊඊඊඊං .... ට්‍රීඊඊඊඊං ......' දුරකථන ට ඉස්පාසුවක් නැත... කතා කිරීමට නොහැකි වුවත් එය ක්‍රියාත්මක කර පැත්තකින් තැබුවෙමි..

" හෙලෝ... හෙලෝ.. කතා කරපන් මිනිහෝ.... " පැත්තකින් තැබූ දුරකතනයේ මට ඇසේ..

" හෙලෝ... මට දැන් ඔය බෝනික්කා එපා... ඔය බෝනික්කා තමයි මගෙ ගෑනිගේ දරුවා.. ඒක හොය හොය පිස්සුවෙන් වගේ හිටපු ඒ ගෑනි ඊයෙ රෑ හොස්පිටල් එකේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා.... උබ තමා මගෙ ගෑනිව මරා ගත්තේ...දැන් මට ඕකෙන් වැඩක් නෑ... ඒත් මතක තියා ගන්නවා.. ඔය බෝනික්කි පුරවලා තියෙන්නේ මගෙ මැරිච්ච දරුවගේ මිනී අලු වලින්.... උබට සාප වෙනවා මේ කරපු දේට...."

සියල්ල නිලංකාර විය... මෙතෙක් කල් මා නිවසේ තබාගෙන සිටියේ මලගිය කෙනෙක්ගේ මිනී අලු ද...දෙවියනේ මොකක්ද මම මේ කලේ.. මේ සියල්ල මේ බෝනික්කාගේ සාපයද..... මගෙ බිරිද ට ආවේශ උනේ අර ගෑනිද...

............................................................................

වසර 5 කට පසු..

බිරිදට අමානුශික ලෙස පහර දීමත්... පහර දී ගෙල කපා තම දරුවා ඝාතනය කිරීමේ වරදටත් වැරදි කරු වූ මා බන්ධනාගාර ගත වීමෙන් වසර 5කට පසු යහපත් හැසිරීම මත ලැබුනු ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට හැකි විය...

නිවසට යන විටත් දැන ගන්නට ලැබුනේ චාමි අයහපත් මානසික තත්වය නිසා මානසික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන බව යි..

මා කෙලින්ම ගමන් කලේ රෝහල වෙතයි... ඇයව රැගෙන එන තෙක් මද වේලාවක් රැදී සිටියෙමි... ඇය දුටු මා එක්වරම නැගිටවිය

" දෙවියනේ චාමි ඔයා......"

දෙතුන් වරක් හිස ඇල කරමින් මා දෙස බැලූ ඈ යන්නට ගියාය... මේ ඇයමද වෙනත් අයෙක් ද යැයි අදුනා ගැනීමටද අපහසුය.. ඇගේ කෙස් අවුල් වී ඇස් යට ගොස් ඇස් වටේ කලු වී ඇත... නමුත් ඇගේ අතේ දරා සිටි බෝනික්කිය වසර ගනනාවක් ගියත් මට අමතක වන්නේ නැත....

අහෝ දෙවියනේ... තවමත් සියල්ල නිමා වී නැත්ද....

නිමි..

තනි වෙන්න එපා . .

Image result for ghost love
" ආ පුලුවන් නම් කියන්න කවුද කියලා ....."
වැව් කණ්ඩිය මත වාඩි වී සමු ගන්නට මාන බලමින් සිටින හිරු දෙස බලමින් සිටි මගේ දෑස් වසමින් ඇය තාලයට ඇසීය. ඇගේ උනුසුම් හුස්ම මගේ කන් පෙති හා කම්මුල් හරහා ගලා ගියේ මගෙ සියොලඟම රෝම ඩැහැගනිමින් .

" ම්ම්ම්ම් මෝහිනී...."

" මෝඩයා......" ඇය මගෙ කන මිරිකමින් මා අසල වාඩි විය..

" මල්ලකුත් එල්ලගෙන කොහෙ යන්නද..."

" ටවුමට ගිහින් එන ගමන් ඔයා දැකලා නතර උනේ.... කො ඉතින් අපි බලන්න ආවොත් මිසක් අපිව බලන්න එන්නෙ නෑනේ..."

" අවුරුදු ගානකට පස්සෙ කොලඹ ඉදලා ආවේ ඊයේ රෑ .... මහ රෑම එහෙ එන්න කියලද කියන්නෙ..මං ඔහේලා ගෙ ගෙදර ගිහින් ආවේ කෝ හිටියේ නෑ නෙ"

" කො ඉතින් මට මොනාද ගෙනාවේ..."

" ම්ම් ඇස් වහගෙන ඉන්න....."

මා ඇයටම ගෙනා පා සලඹ ඇගේ සුදු මුදු පාදයෙ පැලදවීය

" අනේ හරිම ලස්සනයි .... මේ සද්දෙකුත් එනවා...."
එයින් නැගෙන සියුම් " සිලිං සිලිං " නාදය පෙන්වීමට ඈ වුවමනාවෙන්ම පා ගසමින් මා වටා ඇවිද්දාය

සරසවි වරම් ලැබූ මා නැවත ගමට ආවේ සියලු අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවය.. සේපාලි මගේ පෙම්වතිය නොවුනත් අප දෙදෙනාට ම නොහැගෙන බැදීමකින් අපි වෙලී සිටුයෙමු

" සමන්ත අයියා.... අනෙ මාව අර ඔරුවෙ රවුමක් අරන් යන්නකො..."

" මොලෙ කොලොප්පන් ද... ගොම්මන වැටෙන්නත් ලගයි...."

" අනෙ අනෙ අනෙ....."
ඈ ඇවිටිලි කලාය

" හැබැයි පොඩ්ඩ දුරයි ....."

එය ඇසූ සැනින් මටත් පෙරම ඈ තෙප්පම වෙත දිව ගියේ පොඩි එකියක මෙනි... අත තිබූ මල්ල අසල තිබූ කුඹුක් අත්තක එල්ලා තෙප්පම ට ගොඩවූ ඇය හබලද අතට ගෙන මා දෙස බලා සිනාසුනේ ගොඩ සිටම ඔරු පදින්නට මෙන් සූදානමකිනි.. බැස යන ගිනියම් හිරුට පිටුපා සිටි ඇය චිත්‍රයක් මත ජීවත් වන සුරංගනාවියක් තරම් සුන්දර ය..

" වාසනවට අද කවුරුත් නෑ... නැත්තම් ඉතින් කැලෑ පත්තර තමයි... කො ඔය ගවුම උඩට ගන්න තෙමීගෙන ගෙදර ගිහින් මාවත් පෝරකේට යවන්නද හදන්නෙ..."

තෙප්පම වැවට තල්ලු කරන ගමන් මම කීවෙමි . ඒ ගමන්ම එයට ගොඩ වූ මා හබල ද අතට ගෙන ටිකක් දුරට පැද ගියෙමි....

" ඔය මදී ... ආ..න්න අතනට.... යමු..."

" හ්ම්ම්ම්"
මා ඈ කී තැනට පැද ගියෙමි... නමුත් ඈ කුමක්දෝ කියන්නට මෙන් මා දෙස බලා සිටියාය..

" මොකෝ මගෙ මූනෙ පෙරෙහැරක් යනවාද..."
මම ඇසුවෙමි

" සමන්ත අයියා.. මට කාරණාවක් කියන්න තියෙ.."

" කියන්න ඉතිං ..."

" ඔයා කොලඹ ගිහින් ටික කාලෙක ඉදන් වසන්ත අයියා මගෙ පස්සේ කැරකෙනවා... මම කොච්චර කිවුවත් මනාප නෑ කියල එයා අහන්නෙම නෑ... ඒත් මට වසන්ත අයියගේ හිත රිද්දන්නත් බෑ...."

" ඒ මොකො....??"

" නෑ.... එක දවසක් ජෝන් මාමගෙ කසිප්පු වාඩියෙ කොල්ලො දෙන්නෙක් මට හිරිහැර කරන්න ඇවිත් වසන්ත අයියා තමයි මාව බේර ගත්තේ...."

මා සිතේ පුදුමාකාර තරහක් නැගෙත්ම ඒ ආවේගයටම සමාන කොහෙන්දෝ ආ සැර රැල්ලක් ඔරුවෙ හැපී තදින් පැද්දෙන්නට විය....

" මොකක්... මං බලා ගන්නම්කො ඕකුන් ගැන ..."
නමුත් ඈ මට සවන් දුන්නේ නැත... ඈ වැව් පතුල බලා සිටී..

" අයියා ..... මෙ මෙතන යට මොකක්දො තියනවා...."

සේපාලි පහලට නැවී ජලයට අත දමමින් කීවාය...

" කෙල්ලේ.... බලාගෙන ඔරුව පැද්දෙනවා.... වැටෙයී බලාගෙන..."

මට ඒ වචන ටික අවසාන කිරීමට නොහැකි විය... තෙප්පම පුරාත් මගෙ ඇග පුරාත් ජලය ඉසිරුවමින් ඈ වැවට වැටුනි...

" සේපාලි ....සේපාලි ..."

විනාඩියක පමණ කාලයක් කිසිදු චලනයක් නොවන ලෙස ඈ අතුරුදහන් විය... නැවත ඈ මතු වූයේ යාර 20ක් පමණ දුරින්‍ ය... දිවි ගලවා ගැනීමට අත පය ගැසුවත් පලක් නොවීය ... මාද ජලයට පැන්නෙමි.. ඈ සිටි දෙසට පිහිනා යද්දී නැවත ඈ අතුරුදහන් විය.. මා නැවතී බලා සිටියෙමි.. වැවේ බොහොම ගැබුරු තැනකින් ඈ නැවත මතු විය... නමුත් ඒ වැඩි වේලාවකට නොවේ... එතරම් දුර පිහිනීමට මා සමතෙක් නොවෙමි..

නැවත තෙප්පම දෙසට පිහිනා ගිය මා ජලයේ සිටියදීම තෙප්පම අල්ලා සිටි මා සිදු වූවේ කුමක්ද යැයි තෙරුම් ගත නොහැකිව හා කල යුත්තේ කුමක්ද යැයි තේරුම් ගත නොහැකි ව හඩමින් ඒ දෙස බලා සිටියෙමි...

සියල්ල නිසොල්මන් ය.. සූර්ය යා වැව් ජලයේ ඈත කිමිදෙමින් ගොම්මන ගෙන ආවේ මා මිනිමරුවෙක් යන හැගීම දෙගුන තෙගුන කරවමිනි..

වහාම ඔරුවට නැගගත් මා ලහි ලහියේ ගොඩට පැදවුයෙ කිසිදු අරමුණක් නැතිවය..
. තොටුපලේ කිසිවෙක් නොසිටි නිසා වහාම ඔරුව ස්තානගත කර ගොඩට දිවුවෙමි.. සේපාලි ගේ මල්ලත් වැවට විසි කල මා දෙවරක් නොසිතා තෙත පිටින්ම කැලෑ පාරකින් ගෙදර දිවුවේ මේ වරද මගෙ නොවේ යැයි සිත සනසවා ගනිමිනි... කවුරුන් හෝ මා පසු පස ලුහුබැඳ එතැයි හදවත වේගයෙන් ගැහෙන්නට විය.. තෙත් වූ සිරුරට දහඩියද රුකුල් දුන්නේ ය

මවට හොරෙන් ගෙට රින්ගා තෙත ඇදුම් උනා දමා වෙන ඇදුමක් හැද ඇදට වැටුනේ උපාසකයෙක් මෙනි... නමුත් මගේ හෘද සාක්ශියෙන් ගැලවීමට මට නොහැකි විය.. ඈ ජලයේ කිමිදෙමින් දැගලූ සැටි මට පුන පුනා පෙනෙන්නට විය...

" ආ... උඹ ආවද... කොහෙද ගියෙ මේ රෑ වෙනකන් .. වරෙන් මොනා හරි කාල හිටින්ට.."

මවගේ හඩින් මා උඩ විසිවී ගියෙමි...

" පන්සලේ හිටියේ ... කන්න බෑ අම්ම කාලා නිදා ගන්න. "

ඉවත බලාගෙනම මා කියා දැම්මෙ මගේ මුහුණේ තිබූ නොසන්සුන් බව ඇයට පෙනේ යැයි සිතාය ... නින්දක් පෙනෙන තෙක්මානයක නැත..
" බේරගන්න ..." යැයි කෑ ගසන ඇගේ හඩ මගෙ දෙසවන් තුල දෝංකාර දෙයි.. අහෝ දෙවියනේ මොකක්ද මම මේ කලෙ....

ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිත සනසා ගන්නට උත්සහ කලෙමි.. මගේ වරදක් නැත... මා ඈ බේරා ගැනිමට උපරිම උත්සහ කලෙමි.. සිතමින් මගේ සිත සන්සුන් කර ගතිමි.. කෙසේ හෝ කීයට හො මට මද නින්දක් ලැබෙන්නට ඇත...

" සමන්ත... අඩෝ සමන්තයා...."

මා බයෙන් භ්‍රාන්ත වී ඇහැරුනේ වසන්ත මා උරයෙන් සොලවා මා අවදි කල විටය.. මා කොතරම් ගැස්සී ද කියතොත් විසි වූ අත පය උගෙ ඇගේ වදින්නට ඇති බව නොඅනුමානය ...

" මොකො සමන්තයා මේ බය වෙලා..."

" මුකුත් නෑ බන්... මං හීනයක් දැක දැක හිටියේ.... උබ මොකද මේ පාන්දර යකෙක් දැකලා වගේ "
මම කීවෙමි

" කිය කිය ඉන්න බෑ ඉක්මනට වරෙන් ගමනක් යන්න..."

ඔහු මා කැටුව යන්නට හදන්නෙ කොහෙද කියා මා හොදින්ම දනිමි .. නමුත් එය තවකෙක්ට ඇගවීම නුවණට හුරු නොවේ..

" කොහෙ යන්නද බන් මේ පාන්දර... මට නම් බෑ උඹ පලයන්..."

" සමන්තයා ....සේපාලි ..."

" සේපාලි .. ඉතින් මක් වෙලාද..."
කිසිවක් නොදන්න එකෙකු මෙන් මා ඇසීමි.

" හොද එකා වගේ වරෙන්කො යන්න..."

තවත් රගපෑමෙන් රහස් එලිවිය හැකි බැවින් මා ඔහු සමග ගියෙම්..
ඒ වන විටත් වැව් තොටුපලේ මැජික් සංදර්ශනයක් මෙන් සෙනග වට වී ඇත.. මා වසන්තගේ සයිකලයෙන් බැස ඒ දෙසට දිවුවෙමි ... කලබලයෙන් සෙනග ඈත් කල මා දුටුවේ මා මෙතෙක් දැක ඇති සංවේදී ම දර්ශනය යි...

" අනේ සේපාලී .... ඔයාට මොකද මේ උනේ...."

මිනිසුන් රැවටීමට සිතා මම මවාපෑවෙමි තවමත් පණ ඇති යැයි සිතෙන තරමටම පියකරු ඇගේ දේහය තුරුලට ගෙන මම ඇඩුවෙමි... අනෙක් සියල්ල බොරු වුවත් මගෙ කදුලුත් සිතේ උපන් වේදනාවත් සත්‍යයක් ම විය..

තවමත් තෙත බරිතව මගේ උරතලයේ උන් ඇගේ හුස්ම මගේ කන් පෙති හා කම්මුල් හරහා තාලයට වදින බව මගේ සිත රැවටීමක් යැයි නොහැගෙන පරිදිම මට දැනුනි ... එයින් හිත ගැස්සී ගිය මා ඈ බිම තබා පසු පසට උනෙමි...මා බලා සිටියේ ඇගේ ළැම උස් පහත් වි දෑස් හරින තෙක් ය නමුත් එය මුලාවක් පමණකි .. ඇය සදහටම සමුගෙන අවසානයි..

...........................................................................

සේපාලි ගෙ අකල් අභිරහස් මරණය පිලිබඳ සියල්ලන් ගේ ශෝකය අතර සතියක් ගතවිය... සතිය පුරාම සේපාලි ගෙ නිවසේ පාලු මැකීමට මා අමතක නොකල නමුත් කිසිම විටෙක ඇගේ නිසල දේහය බැලීමට තරම් මට ශක්තියක් නොවීය.. සියල්ල ආරම්භ වූයේ ඇගේ හත් දවසෙ දානය දින රාත්‍රියේ ය...

" අනෙ අම්මෝ.... බේරගනියෝ.... අනේ අනෙ.."

ගැහැණියක් හා පොඩි කෙල්ලක් මිදුල මත වැටුනේ සියල්ලන් භීරාන්ත කරමිනි..

" මොකෝ බන් මේ..... මොන යකා වැහිලද උබලට..."

" අනෙ අක්කෙ... සේපා...සේපාලි.... "
ඈ ක්ලාන්ත ගතියක් දැක්වීය..

" උඹලා තත්බීරි වෙලා බලන් ඉන්නෙ වතුර ටිකක් ගෙනෙල්ලකෝ... අනේ කෙලී උබවත් කියපන්කො මොකද වුනේ..."

" අනේ නැන්දේ.. සේපාලි අක්කා .... තොටුපළ ලග කුඹුක් ගහ යට ඔරුවක වාඩි වෙලා උන්නා...."

" දෙයියනේ මගේ කෙලීට මුන් කියන කතා.... "
" බොරු නෙමෙයි නැන්දේ... අම්මයි මමයි දෙන්නම දැක්කා..."

මට කිසිවක් අදහා ගත නොහැකි විය... ඇය අවතාරයක් වන්නේ කෙසේද.... සිතට කොහෙන් ආ දිරියක් ද නොදනිමි මට එය මගේ ඇස් වලින්ම බලන්නට අවශ්‍ය විය... දානෙ ගෙදර නවතා තිබූ ෆුට් සයිකලය ක් ගෙන වේගයෙන් තොටුපළ දෙසට පැද්දෙමි...

" අනේ දෙවියනේ.... ඒක ඇත්ත..."

වැව් කණ්ඩියේ සිට තොටුපළ දෙස බැලූ මට දක්නට ලැබුනේ සුදු ගවුමක් හැදගත් ඇය ඔරුවක් මත වාඩිවී සිටින අයුරුයි .... තරමක් දුරින් සිටි නිසා ත් අදුර නිසාත් ඇගේ මුහුණ පෙනුනේ නැත...මා ගල් ගැසී ඒ දෙස බලා සිටියෙමි විනාඩියක් පමණ ගත් වන්නට ඇත. ඔරුවෙන් නැගිට ගත් ඇය ශාන්ත ලෙස ලන්ද තුලට ඇතුල් වීම නිසා නොපෙනී ගියාය.

සයිකලය එතැන පෙරලා දමා හඩ නොනැගෙන සේ මා ද ඒ දෙසට ගියෙමි.. සීතල රාත්‍රියේ මා දහඩියෙන් නැහැවී ඇත... වතුරෙන් ගොඩ ගත් මාලුවෙක් මෙන් ගැහුනත් මට එය පාලනය කර ගත නොහැකිය.. මට යාමට හැකි වූයේ ටික දුරකි... මගේ උරපත්ත මත කවුරුන් හො අත තැබීය...

" ආ......"

මහ හඩින් බෙරිහන් දුන් මා බිම වැටුනේ බියටම කකුල් පණ නැතිවය...

" සමන්ත මොකො බන් මේ...."
එසේ ඇසුවෙව් වසන්තය...

" අහ් අහ් ව ව වසන්ත උබ මොකද මෙතන... සේපාලි සේ සේපා.."
වචන ගලපා ගත නොහැකියව මා දෙඩෙවුවෙමි

" දානෙ ගෙදර යන ගමන් බිම දාල තිබ්බ සයිකලයක් දැකල මං මේ ආවේ.. විකාර නැතුව වරෙන් යන්න"...

නැවතත් වටපිට බැලුවේ ඇගේ හෝඩුවාවක් සෙවීමටය... ඒ ඇයමද.... නැතිනම් මට පිස්සුද මට ම තේරෙන්නේ නැත...

.....................................................................

එදින තදින් වැස්ස ඇති දිනයක් බව අඩ නින්දේ මෙන් මතකයක් ඇත... තදින් සීතල දිනයක් වුවත් උණුසුම් සුලගක් මා තොල්පෙති හා ගෙල අසල දැනුනු අතරම නලල මතත් කම්මුල් මතත් වතුර බිංදු කිහිපයක් වැටුනු නිසා නිදි මතේම එය පිසදා දැමීය .
. තදින් දෑස් වසා සිටියෙමි... එය නතර විය . නමුත් නැවත වතුර බිංදු මුහුණට වැටීම නිසා දෑස් හැරියේ වතුර එන්නෙ කොහෙන්දැයි බැලීමටයි..

"අනේ අම්මෝ......"

මා යටිගිරියෙන් කෑ ගැසුවෙමි ... එහි වූයේ සේපාලී ය... තෙත කොණ්ඩය මතින් වැටෙන වතුර බිදු මගෙ මුහුණ දිගේ ගලා යන පරිදි ඈ මගේ මුහුණ ට එබී සිටියාය...
කෑ ගැසු හඩට මව එතනට පැමිණි විට මා හැර වෙන කිසිවෙක් කාමරයේ නොවීය...

" මොකද මයෙ පුතේ... උඹ හීනෙකින්වත් බය උනාද... "
කියූ මව බුදුසරණ කියමින් මා හිස අත ගාන්නට විය.. නමුත් ඒ දුටු දෙය කෙසේ අමතක කරන්න දැයි මා නොදනිමි.... කෙතරම් කාලයක් ගියත් මගේම සිත මට නිදහස් වීමට දෙන සලකුනක්වත් නැත...

" සමන්ත... සමන්ත... ඉක්මනට වරෙන්...."

හොදටම එලි වී ඇත... අම්මාද මා අසල නැත..

" මොකො බන් කෑ ගහන්නේ... " මා එලියට එන අතරම ඇසුවෙමි.. එතැන වසන්තත් තව දෙදෙනකු ත් සිටියෝය.

" වරෙන් ගමනක් යන්න... අනම් මනම් අහන්න ලෑස්ති වෙන්න එපා ඉක්මනට කමිසයක් දාගෙන වරෙන්..."

කාරණාව බරපතල බව තේරුනු නිසා ඔවුන්ගේ අණට කීකරු වී හනිකව ඔවුන්ට එක් වුනෙමි.. විනාඩියක් දියන් ලිදට දුවලා එන්නම්..

මුහුණ කට සේදීමේ අරමුණෙන් ලිං ගැට්ටේ නවා තිබූ බාල්දිය ලිදට දැම්මේ අරුන් මාව කොහෙ එක්ක යන්න ආවේදැයි කල්පනා කරමිනි.. ඒ සිහියෙන්ම ලග දිබූ බත්තලන්ද පුරවා තව බාල්දියක් ඇදීමට ලිදට දැමීමි.. නමුත් බාල්දිය ගොඩ ආවේනැත එය ඉතාමත් බර විය ලිදට එබී බැලුවේ කුමක් පැටලී ඇත්දැයි බැලීමටයි..

" එපා එපා එපා සේපාලී ....."
මුලා වූ මගෙ සිත පිස්සු වැටී ඇත බාල්දි කොක්කේ කෙස්වැටිය පැටලී ජලයෙන් උඩට මතුවූ ඇගේ හිස විවර කර ගත් දෑසින් මා දෙස බලා සිටියාය..
බාල්දිය ද අත් හැර ලිං ගැට්ට මත හිස් තබා හැඩුවේ තවත් එය දරා ගත නොහැකි හෙයිනි..

මුහුණ සේදීම පසෙක දමා අරුන්ට එකතු වූයේ තනි වීම බියක්ම වූ නිසාය. මාවත් දමාගෙන හති හලමින් සයිකලය පෑගුවත් ඔවුන් කිසිවක් නොකියා සිටියේ මා මෙන්ම ඔවුනුත් බියකින් පසුවූ සේය.. කෙසේ හෝ මා රැගෙන යන්නේ ඔරු තොටුපළ දෙසට බව නම් සැකයක් නැත... නමුත් මේ හදිස්සියේ ඒ අයි....?

තොටුපළ ලග කුඹුක් ගහ වටේ මහා සෙනගක් රැස්ව සිටි බව පෙනුනත් ඒ ඇයි දැයි සිතා ගැනීමට නොහැකි විය.. හදවත වේගයෙන් ගැහෙන්නට වූයේ සේපාලි ගේ දේහය තිබු තැනම වූ නිසාය..

" ඇයි බන් මේ සෙනග... "

ඔවුන් වචනයක්වත් නොකී නිසා මමම ගොස් බැලුවෙමි..

" මොනවා......" කුඹුක් ගසේ අත්තක ගෙල වැලලා සිටියේ නිරුවත් පිරිමි සිරුරකි... මුහුණ හැර මුලු සිරුර ම නිය වලින් සූරා දැමුවාක් මෙන් කැපී ඇත..ඔහු ගෙල වැලලා සිටියේ ගවුම් පොටකින් බව පැහැදිලව දක්නට ලැබුනි

" මෙ ජෝන් කාරයගෙ කසිප්පු පොලේ එකෙක්...."
අසල සිටි එකෙක් එසේ කියූ සැනින් මා සිත සලිත වූයේ ඔරුවේදී සේපාලි කියූ වචන පෙල සිහි වීමෙනි..

මේ සිදුවීමත් සමග සේපාලි ගේ අවතාරය සත්‍ය බව කට කතා සියල්ලන් විස්වාස කරන්නට විය.

සතියක් පමණ කිසිවක් නොවී ගත වුවත්
දිනපතාම රාත්‍රියේ සේපාලි මා අසල සිටින සිහිනය දැකීම නිසා සැහැල්ලු නින්දක් ලැබූ කාලයක් මතක නැත... නින්දට වැටුනු විගසම කවුරුන් හෝ මා මුව අසලම හුස්ම ගන්න හඩත් උනුසුම් සුලගත් තදින්ම දැනුනි.. " තනි වෙන්න එපා.... තනි වෙන්න එපා....." යැයි මගේ කනට කොදුරනු ඇසී ක්ෂණිකව නැගිට බැලුවත් මා අසල කිසිවෙක් නොවීය... එවිට උදෑසන වී ඇත

" පුතේ පුතේ.... නැගිටහන් කොලුවෝ.... "

" ඇයි අම්මෙ මේ බය වෙලා..."

" කුඹුක් ගහ යට තව එකෙක් මරා දාලලු පුතේ... අනෙ මන්ද මේ ගමට මොන වින්නැහියක් වෙන්න යනවද..."

" මොකක් අම්ම කොහොමද දන්නේ... "

" මං ඉදිආප්ප දාන්න හන්දියේ කඩේට යනකොට සෙනග උන්න මං තකහනියක් දුවගෙන ආවෙ උබට කියන්න... අනෙ මයෙ පුතේ ආයෙ රෑ ජාමෙ එහෙ මෙහෙ තනියම යන්න එපා.. "

" විකාර මට මොනා වෙන්නද..." කියූ මම ඇදෙන් පැන කමිසයක් දමා ගෙන කට සෝදා පාරට බැස්සෙමි .

මව කියූ දේ සැබෑය සේපාලි ගෙ මරණය සමග ගමට මහා සාපයක් වැදි ඇති සේය.. කොහේදො සිටි උලමෙක් හඩ තැලුවේ මට සිතුනු දෙය සත්‍ය යැයි අගවන්නට මෙනි..

" තොටුපළ ට ද යන්නෙ නැගහන් නැගහන් "

පිටුපසින් පැමිණි බේකරියේ මල්ලි සයිකලය නවතා මට හඩගැසීය.. තපරයක්වත් ප්‍රමාද නොවූ මා එයට ගොඩ වූයෙ සිදුවීම බලා ගැනීමට ඇති හදිස්සිය නිසාය.. වෙනදා මෙන්ම අපට පෙර බොහෝ පිරිසක් ද පොලීසිය ද එහි පැමිණ ඇත...

පසුපසට වී සිටි මට වසන්ත සංඥා කලේ වටයෙන් ඔහු ලගට එන ලෙසයි...

" මේ පාර මොකාද.... අපොයි දෙයියනේ.... "

මා වමනය නවතා ගත්තේ දැඩි ප්‍රයත්නයකිනි...මලමිනියේ හිස තිබුනේ නැත.. ඔරු කද හරහට දමා තිබූ හිස නැති බෙල්ලෙන් වෑස්සෙන රුධිරය නිසා තෙත් වූ මඩ පිලි ගදින් යුක්ත විය...

" සමන්තය ඕක නෙමෙයි අරහෙ බලපන්... "
ඔහු අත දිගු කර කුඹුක් ගස පෙන්වීය....

" අනෙ අම්මො....."

මට කියවිනි...
කුඹුක් අත්තක අමුනා තිබුනේ හිසකි... එහි ඇස් උගුල්ලා තිබූ නිසා හිස් කුහර තුලින් මොලය පෙනේ යැයි සිතෙන තරමටම එය අප්‍රසන්න ය...
මෙය යකශණියකගේ පලිගැනීමක් බවත් මුලු ගමටම සාපයක් වැදි ඇති බවත් ගමටම ශාන්ති කර්මයක් කල යුතු බවත් එතන සිටි උන් කසු කුසු ගාන්නට විය.

" මේ ජෝන ගෙ කසිප්පු වාඩියෙ අනිත් ගෝලයා.."
කියමින් වසන්ත එතනින් ඉවත්ව ගියේ ඒ සිද්දිය මා දන්නෙ නැතැයි සිතා විය හැක.

සේපාලි අවතාරයක් වී ඇයට කරදර කල අයගෙන් පලි ගන්නවා යැයි දැන් සැකයක් නැත... අනෙ දෙවියනේ ඇගේ මරණය ට ඈ මගෙන් පලි ගන්නවා නිසැකය.... දැන් මා කුමක් කරම්ද..

ම සිතට පහල වූ එකම අදහස ගමෙන් පිට විය යුතුය යන්න විතරයි...

" මල්ලි.. මල්ලි .."
වැව් කන්ඩිය මත නගිමින් සිටි බේකරියෙ මල්ලි මා නවතා ගතිමි..

" දුමියා... මං හෙට පාන්දර ගමෙන් යන්න කියල බැලුවෙ.. අපෙ ගෙදර ඉදන් ආවොත් පාන්දර බස් එක අල්ල ගන්න බෑ... මං අද රෑ උබලගේ ගෙදර එනවා.."

"මොකො බං හදිස්සියෙ... "

" කොලඹ ජීව්තේ දාහෙන් සම්පතක් බං මේ වෙන ඒව එක්ක බලද්දි.."

" හ්ම් හ්ම් ඕන මගුලක් වරෙන්කො වරෙන්කො..."

...........................................................................

හතෙ කණිසම ට ආසන්නය.. වෙනදාට වඩා කලින්ම අද අදුර රජ කර ඇත.. දහසක් බොරු ගොතා මව සනසා ගෙදරින් බැස්සේ මගෙ ජීවිතයේ අවසානය මේ ගමේ හිදීම බව දැනුන නිසාය. දැන් ගම්මුන් සවස 6න් පසු එලියට බහින්නටත් බයය... පාර දෙපස රජ කලේ ගෙම්බන් හා රැහැයියන් පමණි...එහෙයින් මුලු ගමම පාලුවට ගොස් ඇත..

වැඩ නිමවා කූඩු බලා යන කපුටන් හා කොකුන්ගේ නොනවතින හඩත්.. හිසේ ගෑවී නොගෑවී යන වවුලන්ගේ අත් තටු වදින හඩත්. ගොම්ම්න් අහසේ ඈතින් තැනින් තැන විහිදී යන විදුලි එලියත් මට කියාපෑවේ මරණයේ ධූතිකාව මා අසලම ගැවසෙන බවයි..

දුමින්දගේ ගෙදරට යාමට වැව පසු කල යුතුමය.. සිතට ශක්තිය ගෙන තොටුපළ දෙස නොබලා ගමන් කල යුතු යැයි සිතුනත් ඇස් කොණෙන් දුටු චායව ක් නිසා එය නිශ්ඵල විය. . කවුරුන් හෝ මා ලුහුබදින හඩ ඇසී මා නතර වුනෙමි .. පසුපස බැලීමට වුවමනා වුවත් ඇති වූ බිය නිසාම ගල් ගැසී ඇස් වසා ගතිමි..

වැව් කන්ඩියේ බොරලු පොඩි කරන " කරස් කරස්" හඩ නංවමින් ඒ අඩි ශබ්දය මා වෙතට ඇදෙයි... දහඩියෙන් නැහැවී ඇති මාගේ දෙපා පන නැතිව වැටෙන්නට ආසන්නය... පසු පස හැරී බැලීම හැර වෙන කල හැක්කක් නැත.. මා හිස හැරෙව්වා පමණි

" එපා.... එපා... අනෙ එපා ....." කීමට ලැබුනේ එපමණකි ..... හිස හරහා යමක් වැදී බිම පතිත විය.

...........................................................

" අඩෝ නැගිටපන් ......"

මුහුණ ට වැදුනු වේගවත් ජල පහර නිසා ගැස්සී ඇහැරුනෙමි... ඒ ඇසුනේ පිරිමි කට හඩකි.. හිසට වැදුනු පහර නිසාත් අදුර නිසාත් සියල්ල බොදවී තිබුනි... සිටින තැන නිශ්චය කරගත නොහැකි වුවත් පාලු මඩුවක් බව පැහැදිලිය...

" වසන්ත උඹ....."
මා ඉදිරියට විත් සිටගත් වසන්ත දැක පුදුමයෙන් මා ඇසීමි.

" ඔව් මම තමයි.... හිතුවද මං උඹට ලේසියෙන් යන්න දෙයි කියලා ... උඹ හිතුවද මං මුකුත් දන් නෑ කියලා ... අරුන් දෙන්න යැව්ව ගමන අද උබවත් යවනවා.. "

" ඒත් ඒත් සේපාලී....."

" හ හා හා හා...."
ඔහු වියරු ලෙස සිනාසීය..
" සේපාලී ඉතිං මොකද.... උබ අවුරුදු ගානක් කොලඹ ඉදලත් විශ්ව විද්‍යාල ගිහිල්ලත් ඔය මනස්ගාත විස්වාස කරනවාද යකො... හ හා හා ."

" එ එ එතකොට අරුන් මැරුවෙ... අර තොටුපළ ලග හිටපු කෙල්ල.."

" මේ ගමේ ඔක්කම වගේ උබත් මෝඩ වුනා... උබ එදා සේපාලි එක්ක ඔරු පදින්න ගිහින් උබ කරපු දේ මං බලන් හිටියේ.. උබ ගියාට පස්සෙ මමයි ඔරුවක ගිහින් ඒකිගෙ මිනිය ගෙනත් ඉවුරේ තිබ්බෙ... ඒකි මට කැමති වෙන්න ඔන්න මෙන්න ඉද්දි උබ ඒ ඔක්කම විනාස කලා... මට වඩා උබව ඒකිට ලොකු උනා එදා නොමලත් මං කොහොමත් ඕකිව මරණවා( මගේ කොපුල් තදින් මිරිකමින් ඔහු ගිගිරුවේය )

ඒත් මං කලබල උනේ නෑ ඒකිගෙ මල්ලෙ අලුත් ගවුමක් තිබ්බ.. මගෙ තරහ කාරයො ඔක්කගෙන්ම පලි ගන්න මේක හොදම අවස්තාව කියල මට තෙරුනා ...
ගමේ උන්ට පේන්න මං මෙ ගවුම ඇගේ දාගෙන සේපාලි හොල්මන් කරන බව ඇගෙවුවා.. තව පොඩ්ඩෙන් උබට ඒක එදා අහු වෙනවා..

ඒකි ට කරදර කරපු උන් දෙන්නව මරල දැම්මෙ ඒකිගෙ අවතාරෙ පලි ගන්න ඇවිත් කියලා ඔප්පු කරන්න.. උබත් ගමේ උනුත් ලේසියෙන් ඒ ලණුව ගිල්ලා..මට පලි ගන්න තව උන් හිටිය ඒත් කරුමෙට උබ ගම දාලා පැනල යන්න ගිහින් ඒක ඉක්මන් කර ගත්තා... "

කියා ඔහු අතට ගත්තේ පොරවකි... ඔහු මට එල්ල කල දරුණු පා පහර නිසා මා විසි වී ගොස් මඩුවේ තිබූ පරාලයක හිස පිටුපස තදින් වැදුනි.. වැදුනු පහරට ඇස් කදුලින් පිරී දෙකන් අගුලු වැටී සියල්ල හීනයක් මෙන් අපැහැදිලි විය... දර්ශන සියල්ල සෙමින් ගමන් කලේය ඇසුනේ " කී..... ං" යන දෝංකාරය පමණි.

" අනේ වසන්ත එපා එපා.. මට යන්න දීපන්..."
කෑ ගසමින් මං දෑත් වලින් ඇස් වසා ගතිමි..
ඒත් සමගම ආ තද සුලගකින් දොරක් වැසී යන හැඩ ඇසී වසන්ත ඒ දෙස බැලීය ...

සුලු මොහොතකට දැඩි නිහැඩියාවක් පැතිරිනි... සිහියත් අවසිහියත් අතර සිටි මාගේ දහඩියෙන් තෙත් වූ මුහුණට අපහසුවෙන් හුස්ම ගන්නා තාලයට උණුසුම් සුලං වදින්නට විය... මගෙ කන් පෙති වලට ඉතාමත් ලගින් උගුරේ යමක් හිරවී ඇති කෙනෙක් හුස්ම ගන්නා.. " හර්ර්ර්ර්ර්.... ගර්ර්ර්ර් ....." වැනි හඩක් පැහැදිලිව ඇසිනි..

ඇස් ගෙඩි 2 එලියට පැනීමට තරම් බයෙන් වසන්ත මා දෙස බලා සිටියේ ඔහුට පාලනය කල නොහැකි තරම් වෙවුලමිනි .... නැවත සියල්ල නිහඩ විය...

නිහැඩියාව බින්දේ මඩුවට එපිටින් ඇසෙන " සිලිං සිලිං " හඩකි.... අසාමන්‍ය අත්භූත බලවේගයක් අප වටා කැරකෙන බව වසන්තටද වැටහුන බව ඔහුගේ මුහුණෙන් මනා ව දිස් විය... පොරොව ද අතැතිව වසන්ත මඩුවෙන් එලියට බැස්සේ ඒ කුමක්දැයි බැලීමට විය හැකිය..

" එපා..... එපා..... මට ඉන්න දීපං..... එපා....."
වසන්ත කෑ ගැසීය...

" ආ..... ...."
ඒ ඇසුනේ යටි ගිරියෙන් මර හඩ දුන් ගැහැණු හඩකි...

" චරස්..." පොරෝ තලය යමක් හරහා යන හඩ ඇසුනි...

නැවත සියල්ල නිහඩ ය... කුමක් වුනේද යැයි මා තනිව කල්පනා කලෙමි...
" ලබ් ඩබ්.... සිලිං.... ලබ්ඩබ් .. සිලිං.... ලබ්ඩබ්...."
බියෙන් මිරිකමින් ගැහෙන මගේ හදවතේ තාලයටම නැගෙන ඒ පා හඩ මා දැසට ඇදෙයි.....

කල හැක්කක් නොමැත පණ බේරා දිවීම හැර... අපහසුවෙන් නැගිට ගත් මා ඒ මේ අත වැදෙමින් හැපෙමින් දිවුවෙමි .. අපහසුවෙන් කටු පදුරු වලින් බේරෙමින් හැකි වේගයෙන් දිවුවෙමි.. මා මතු වූයේ වැව් බැම්ම ට වැටෙන ගුරු පාරකිනි.. වැව් කණ්ඩිය දියේ හන්දිය දෙසට දිවුවේ මිනිස් වාසයක් බලාපොරොත්තු විය හැකි එකම දිසාව එය නිසයි..

එලි වෙන ජාමය ආසන්න නිසා නගරයට යන ලංගම බසය එතැන නවතා තිබිණ ...

"ආ කොලුවෝ ..මොකො හති දාගෙන දුවල . තව වෙලා තියනවා නැගල ඉන්ට...."

රියදුරු එඩ්වින් මාම කියත්ම එයට ගොඩවී පසු පස අසුනේ වකුටු වී ගුලි ගැසුනේ පලා යෑම හැර වෙන විකල්පයක් නොමැති නිසාය.. අසුනේ කිසිවෙක් නොමැති නිසා ඩිගටි අසුනේ ඇල වුනෙමි..

" ම්ම්ම් හ්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්...."
තාලයට ඉහල පහල ගන්නා දිගටි උණුසුම් හුස්ම නැවතත් මගෙ කම්මුල් හරහා ගලා ගියෙන් මා ගැස්සී ඇහැරුනෙමි... යාන්තමින් එලිය වැටෙන්න පටන් ගෙන ඇත බසයට තව පිරිමි කිහිප දෙනෙක් ගොඩ වී ඇත..

ජනේලයෙන් ඉවත බැලූ මට පෙනුනේ ඈත සිට වේගයෙන් දිව එන කොලු ගැටයෙකි...

" එඩ්වින් මාමේ... එඩ්වින් මාමේ... "

" මොකෝ බොල මේ..."

" කු කු කුඹුක් ගහ තොටුපළ ලග වස් වසන්තය මරා දාලා...."

" හත් දෙයියනේ ....."
කියූ එඩ්වින් බසයෙන් පැන දුවත්ම අනෙක් සියල්ලෝම ඔහු අනුගමනය කලෝය..

වසන්ත තොටුපළ ලග... කිසිසේත්ම විය නොහැකිය.... මාද ඔවුන් සමග දිවුවෙමි ... බසයෙන් බැස ආ පිරිසට අමතරව තව කිහිපයක් එතැන රැස්වී සිටියහ..

ඔහු ගේ සිරුර තිබුනේ කුඹුක් ගසේ අත්තක් මතය.. සාමන්‍ය මනුස්සයෙකුට කල නොහැකි තරම් අස්වාභාවික ලෙස උගේ සිරුර කොන්දෙන් දෙකට කැඩී පිට පැත්තට දුන්නක් ලෙස නැවී අත්ත මත රැදි තිබුනේ හිස දෙපලු වන පරිදි වැදුණු පොරෝ පහරක් සමගිනි.. අහෝ දෙවියනේ එය බැලීමට නොහැකි තරම් ඛේදනීය ය..

නමුත් මෙය සිදු වූයේ කෙසේද... අරන් මැරුවේ වසන්ත නම් වසන්තව මැරුවේ කවුද.... ඒ සලඹ හඩ රැවටීමක් ද නැතිනම් ඒ සේපාලිද... සේපාලිගේ ඊලග ගොදුර මමද.... ප්‍රශ්නාවලියක මා අතරමං වී ඇත...

............................................................................

" සිලිං .... සිලිං... සිලිං... සිලිං ..."
මා තිගැස්සී ඇහැරුනෙමි ....

අදුරේම මේසය අත ගා බැලුවේ මගේ නිදි පෙති බෝතලය සොයා ගැනීමටයි.. 1970 මුල භාගයේ වසන්තගේ මරණයෙන් පසු කොලඹ පදිංචියට විත් වසර 10 කටත් වඩා ගත වී ඇත. අවාසනාවත අනතුරකින් මගේ බිරිද මියගොස් මාස 3ක්වත් නැත... නිදි පෙති 2ක් ගිල නැවත නින්දට වැටුනේ සැප නින්දක් සොයමිනි..

"ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්..... තනි වෙන්න එපා...." මගෙ දකුණු කන අසල කෙදිරීමක් ඇසේ... මා ඒ දෙස හැරුනෙමි

"නෑ..... මොනවා.... සේපාලි......"

නිමි....

ග්‍රැන්විල් බංගලාව

Image result for ghost house
හම්මෝ පට්ට හීතලයි බන් ඉවසන්න බෑ ...ඔය A / C පොඩ්ඩකට නිවාගෙන යමන් සජියා ....යමින් ගමන් මග නතර කරපන් සිගරට් එකක්වත් ගහල යමු. කාරයේ වායු සමීකරණයේ ශීතල ඉවසා ගත නොහැකි තැන ජනිත් දෙඅත්ල පිරිමදිමින් කන්කෙදිරි ගෑවේය.
ඕක Off කරලා බැහැ බන් බලපන් තාම වැස්ස ..Windscreen එකේ බැඳෙනවා ...ටිකක් ඉදින් තව ඉස්සරහින් තේ කඩයක් තිබ්බ වගේ මතකයි. දුමක් ඇදලම යමු .....
මගේ පරණ වන්ඩිය දෙයියන්ගේ පිහිටෙන් ශීතල කාගෙන වරුසාවත් අතරින් හෙමින් සීරුවේ මධ්යම කඳුකරය නගින්නේ වාහනය හැදු ජපනාගේ හත්මුතු පරම්පාරාවටම පින් දෙමිනි.....ඇත්තටම බන් උබ ආයේ මේ පැත්තට එන්නේ අවුරුදු කීයකට පස්සෙද බන් ජනිත් ගේ පැනය විනාඩි ගණනක නිහඬ තාවය බින්දේය....ම්ම් මන් හිතන්නේ බන් අවුරුදු 17කට විතර පස්සේ
හෑ ...අවුරුදු 17ක් මගේ අම්මෝ...ජනිත් විස්මය පල කළේය .....
ඔව් බන් එදා Accident එකෙන් අම්ම එකතැන් උනාට පස්සේ තාත්ත උනත් වත්තේ පඩි නඩි බේරන්න රාජේන්ද්ර හරි මුත්තු හරි එවනවා ඇරෙන්න අත්යවශ්යම කාරණයකදී විතරයි එයත් මේ පැත්තේ ආවේ.මන් හිතන්නේ වෙච්ච දේ මිනිහට සැහෙන්න Shock එකක් උණා...
ඇත්තටම මොකෝ සජිය එදා උනේ.
මට නම් තාමත් හිතාගන්න බැහැ බන් මටත් වැඩි වයසක් නෑනේ මන් සැහෙන්න රෑ වෙලා සීතලයි මහන්සියි නිසා පිටිපස්සේ නිදි කිර කිරා හිටියේ...කවුද ගෑනු කෙනෙක් පාරට පැනල මොකද්දෝ කිවා, තාත්තා ආපු ස්පීඩ් එකෙන්ම බ්රේක් ගැහුවා වාහනේ ලිස්සල ගියා අපි දෙන්නට නම් ලොකු ඩැමේජ් එකක් නැහැ , Passenger සීට් එක පැත්තම තම කරුමෙට ගිහින් ගල් කන්දේ හැප්පුනේ...ඒ වැදුන පාර තමා ඉතින් අම්මගේ කකුල් පන නැති උනේ.
එතකොට කවුද බන් පාරට පැන්නේ ....
අපි යන්තම් සිහිය එලවාගෙන බලද්දී මොකෙක්වත් හිට්යේ නැහැ බන් .....මට අතීත මතකය විය...එදින් දාහත් වසරක් වුවද අපි ඒ ගැන කතා කලේ අල්ප වශයෙනි. ඒ අදුරු මතකය අපි සිත් තුල පතුලටම තල්ලු කර දමා ජීවත් වීමට වෙර දැරීමු. ඒ මාරක වංගුව වසරකට වරක් කුමක් හෝ බිල්ලක් ගන්න බවට මතයක් මේ පාලු ගම්මානයේ ජීවත්වුවන් අතර පැවතුනද නාගරික ව්යාපාරිකයෙකු වූ මගේ පියා සල්ලි හම්බකරන දහදිය මහන්සියේ ශාස්ත්රය හැර වෙනත් යමක් ඔහුගේ ඇසට නොපෙනේ නම් කනට නොඇසේ නම් පිලි නොගත්තේය. තාත්තා මිත්යා දෘෂ්ඨිකයෙකු වූවානම් එදා ඒ ගමන තවත් පරෙස්සමෙන් අවනම් ....
මොනාද බන් කල්පනා කරන්නේ පාර බලාගෙන යමන් කෝ ......
මා උඩ විසිවී ගොස් නිමග්නව සිටි කල්පනා ලෝකයෙන් බිමට වැටුනේ ජනියා ගේ කටහඬ ඇසීමෙනි....
තවමත් පොද වැස්ස අද වටේ....හාත්පස වෙලාගෙන කළුවර අප කරාද ලාගාවනු පෙනේ. කලයුත්තේ හැකි ඉක්මනින් ඉතිරි දුරත් ගෙවා මා පියාට අයත් වතු යායේ බංගලාවට යාමය.
මම තිරිංග තද කලෙමි...එවර ගැස්සී ගියේ ජනියාය....
තොට මදනයා ගහලද හු.......
මටත් හිනා ගියේය....
බැහැපන් බැහැපන් ..දුමක් දාල යමු කිවනේ ...ඔන්න තේ කඩයක් තියෙනවා....
මගේ පණ්ඩිත කම මටම සාපයක් වූ අරුම ......අම්මාගේ කීම පසෙක ලා සීතලට අදින්න ගත ජර්සි දෙකම බැගයට ඔබා ගත්තෙමි ...දැන් ඉතින් පණ්ඩිතය ගැහි ගැහි හිටොං සීතලේ .මටම බන ගත්තෙමි.
පරිසය පාළුය .කිව නොහැකි තරමේ අමුතුම මුස්පේන්තු ගතියක් ඇත. අපි වාහනය නවත්වා කඩයට ගොඩ වීමු ...
මුදලාලි Dunhill Switch දෙකක් දෙන්න...හොඳට කහට දාල Plain Tea දෙකකුත් දාන්න ....ජනිත් කට ඇරියේය.
විනාඩි දෙකෙන් සියල්ල සුදානම්ය.....
මාතියාලා කොළඹින් වෙන්ටැති ...
හ්ම් ...දුම් උගුරක් පිට කරමින් මම එය අනුමත කලෙමි.....
මේ පළාත නොදන්නා මිනිස්සුන්ට අවේලාවේ එන්න එච්චරා හොඳ නැහැ මහත්තයෝ .... තුක් තුක් ...මුදලාලි කටේ වූ බුලත් හපය ඉවතට කෙල ගැසුවේය.
අර මොකෝ මුදලාලි ජනිත් ඇසුවේය.
මොකෝ කියන්නේ මහත්තයෝ ...දැන් හවස 6ත් පහුවෙලා මයේ හිතේ ....තව සුවල්ප වෙලාවකින් තවත් වැස්ස තද වෙනවා ....සීතලයි මීදුමයි වැඩිවෙනවා ...මේ යකඩ යන්තර මොන කාරියක් හරි වෙලා මග හිටියොත් බල්ලෙක් වත් නැහැ උදවුවට වත් කතා කොරන්න .....
ඒක නම් එහෙම තමයි ..අපි මුදලාලි මේ ග්රැන්විල් බංගලාවට යන ගමන් මොන පාරෙන් ගියොත් ද යන්න ලේසිම....මම ඇසුවෙමි
ග්රැන්විල් බංගලාවට ...කඩ හිමියාගේ දෑසෙන් පිලිබිබු වුයේ උන්මත්තකයෙකු දෙස බලන අයෙකුගේ මුහුනේ පිලිබිබු වන හැගීමකි. හ්ම් බංගලාවට නේ...... කඩ හිමිය යමක් මුමුනමින් හිස් වීදුරු දෙක අතින් ගෙන කඩය තුලට පිය මැන්නේය.
ඈ සජිය ....මූට වයර්ද බන් .. ජනිත් කනට කර මගෙන් ඇසුවේය.
ඔය මාතියාලා ආපු පාර දිගේම ආපස්සට යන්න එතකොට හම්බෙනවා මුරුගා කෝවිල .කෝවිල පාස් කරලා වමට හැරෙන්න තියෙන පාරෙන් කෙලින්ම ගියාම තෝරගමුව ටවුම හම්බෙනවා...මතියල අද රෑ නැවතිලා හෙට පාන්දරින්ම තම එන එක ඇඟට ගුණ මාතියා
දැන් ආපහු යන්න වෙලාවක් කොහෙද මුදලාලි.. සජිය වරෙන් බන් ඔන්න ඔහේ යන්න ආපු ගමන දන්නා පාර දිගේ යමන් .... නුරුස්නා ස්වරයෙන් කිවූ ජනිත් මුදල් නෝට්ටු දෙකක් කඩේ මේසයක් මත තබා එලියට බැස්සේය.
ෂල්ලි නෙවී මාතියා ....මාතියලා මගේ දරුවෝ වගේ මේක බෝම පරෙසම් වෙන්න ඕනා පළාත තමා මාතියා
මම කඩයෙන් එලියට බැස්සෙමි ...මුදලාලි ගේ කැඩිච්ච සිංහල අවවාදයට සවන් දෙන මෙන් හොඳ සිහිය පවසා සිටියද යටිහිතේ වූ ගමනේ අරමුණ ඊට බලවත්ව නැගී එමින් මා ඉන් ගලවන්නට උත්සාහ දරයි. යමු .... මන් වාහනය පනගන්වා ගතිමි ....අග කිළිපොලන සීතල කාගෙන ඝණ මීදුම් පටා අතරින් මම රථය පදවීමි....නුගේ වංගුව .....පයින් ගස් වත්ත පසු කරමින් මම ඉදිරියට ඇදෙමි .....
ජනිය කීයද බන් වෙලාව ....
දැන් 9ට කිට්ටුයි බන් . පොඩ්ඩක් පාගල යමන් බඩගිනි දැන්නම් හොඳටම....
මේ පාරේ හයියෙන් යන්න ගිහින් තමා බන් එදා අපේ ..... මට කිව හරි වුයේ එපමණකි ...
අනේ කවුරුත් නැද්දෝ .....යටිගිරියෙන් කෑ ගසමින් පාරට පැන්නේ වයස අවුරුදු 28 - 30 පමණ වූ තරුණ කාන්තාවකි .....මම තිරින්ගය පෑගුවා නොව ඒ මත හිටගත්තා කිවොත් නිවැරදිය...
අනේ please මට උදවු කරන්නකෝ...මායි මගේ මහත්තයයි ආපු කර එක ගහා වැදිලා පෙරලුන අනේ මට එයාව බේරගන්න උදවු කරන්නකෝ ..... ඇය නොනවත්වා කියාගෙන ගියේ වාහනේ පැති වීදුරුවක එල්ලීගෙනය
හරි හරි මිස් පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ ... කී ජනිත් වහනයෙන් එලියට බැස්සේය......
කෝ කෝ කොහෙද හැප්පුනේ කෝ මිස් කාර් එක ....මම අසීමි අනේ අනේ පොදක් එන්න මාත් එක්ක කියූ ඇය ආපස්සට දිව ගියාය
කල හැකි දෙයක් නොවූ තැන ජනිත් සහ මම වාහනය එතනම තිබියදී ඇය පසු පසින් මීටර විස්සක් පමණ දිව ගියෙමු ....
අන්ධකාරය අපිව බොහෝ සෙයින් අසරණ කල සෙයකි ....පාරේ වූ විදි ලාම්පුවකින් විහිදුනේ කණා මැදිරි එළියටත් වැඩ අඩු ආලෝකයකි ..... කෝ මිස් මේ හරියේද වාහනේ හැප්පුනේ .... මම ඇසුවෙමි
ඔව් ඔව් අනේ මෙතන මේ මේ ....ඇය අපට යමක් පැවසීමට උත්සාහ කරන නමුත් ඇය වචන ගලපා ගැනීමට වෑයමක් දරන සෙයක් පෙනෙන්නට තිබුණි.
අනේ ...මේ මේ මෙතනදී තමයි වාහනේ පෙරලුනේ ...මන් මන් එලියට අවා එත් මගේ මහත්තය නැහැ ...අනේ මිස්ටර් අපි පොඩ්ඩක් පාරෙන් පිටට ගිහින් හොයල බලමු එයාව හෙලට පෙරලුනාද දන්නෙත් නැහැ ...
එකනම් මේ වෙලාවේ කරන්න බැරි වැඩක් මිස් ...එච්චර අවධානමක් ගන්න බැහැ මේ කරුවලේ ..අපේ අතේ ටෝච් එකක්වත් නැහැ ජනිත් කිවේ සත්යකි.... අනික මිස් මේ හරියේ වාහනයක් පෙරලුනා තියා නවත්තල තිබ්බ කියන්නවත් ලකුණක් වත් නැහැනේ අනික අපි මේ පාරෙන් නේ අවෙත් ....මම කියාගෙන ගියෙමි...
හොඳම දේ මිස් අපි පොලිසියට යමු ....ජනිත් යෝජනා කළේය...මිස් කවුද කොහේ යන ගමන්ද.
මම නිර්මලී කළුපහන , මගේ මහත්තය ග්රැන්විල් කළුපහන ....අපි කසාද බැඳලා අදට හරියටම අවුරුද්දයි ....අපි Anniversary එක Celebrate කරන්න එයාගේ estate Bungalow එකට යන ගමන් තම මේක උනේ.....අනේ මට හිතාගන්න බැහැ මේ මොකද උනේ කියල ...
ග් ග් ග්ර ..ග්රැන්විල් කළුපහන ජනිත් වචන පටලමින් ඒ නම උච්චාරණය කලේ මට පමණක් ඇසෙන ලෙසටය.....මම ජනිත් ගේ කකුල පාගුවෙමි එය නිහඬව සිටීමට කල ඉල්ලීමකි
මිස් අපි යන්නෙත් ඒ පැත්තට තමා ....මිස් ව ග්රැන්විල් බංගලාවෙන් බස්සගෙන යන්නම් අපි හෙට උදේම පොලිසියට යමු ....සමහරවිට මිස්ටර් කළුපහන ගෙදරට ගියාද දන්නෙත් නැහැනේ.... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මීහරක් කතාවක් වුවද මම එසේ කීවෙමි....
ජනිත් වචනයකුදු නොකීවේ ආරුඪ කරගත් නිර්භීත බව නිසාද නැතහොත් කිවයුතු දේ කිමටවත් කට ඇරීමට තිබු බිය නිසාද යන්න මට අදටත් සිතාගත නොහැකිය.
කෑලි කැපිය හැකි අන්ධකාරය අතරින් අපි පැයක පමණ ගමනකින් පසු කදු පන්ති අතර දැවැන්තයෙකු මෙන් නැගී සිටි ග්රැන්විල් බංගලාවට ලගාවීමු.......
මේ මේ කොහෙද මේ ..ඇයගේ මුහුණ පිලිබිබු කලේ විමතියක සේයාවයි ..
ඇයි මිස් මේ තමා ග්රැන්විල් බංගලාව ....මුකුත් ප්රශ්නයක්ද ....මම අසමි
එත් මේක මෙචර ඉක්මනට මෙහෙම වෙනස් උනේ කොහොමද ...අපේ Bungalow එක සැහෙන්න අලුත් එකක්... මේක අඩුම අවුරුදු 25ක් -30ක් වත් පරණ ඇති ....
ඇයට සියල්ල වැටහෙන්නේ නැත .....අයගේ දැනීමේ හැටියට ය දකින්නට බලාපොරොත්තු වූ ග්රැන්විල් බංගලාව අලුත්ම පන්නයේ උදාරම් ලීලාවෙන් නැගී සිටි බන්ගලාවකි...කළුපහන පරපුරේ තේජස් භාවයේ සංකේතයක් බඳු වූ නවීණ බංගලාව වෙනුවට පැරණි බංගලාවක් දකින්නට ලැබීම ඇයගේ බලාපොරොත්තු සුන් කරන්නට හේතු විය.
එලබුනේ මගේ වාරයයි...ඇයට සියල්ල පහදා දීමට මට වාරය උදා වී ඇත...මට අනිත් ගැන අනුකම්පා සිතේ අදින් මතු ඔහු මට වයිර බදින්නටද ඉඩ ඇත.
තවමත් කුතුහලයෙන් දෙනෙත් අයා සිටින ජනිත් දෙස මම බැලුවෙමි .....නැවත ඇය ඇමතීමි....
හරියටම හරි මිසිස් කළුපහන මේ බංගලාවේ වැඩ ඉවර කරේ දැනට අවුරුදු 35කට විතර කලින්....මේක හැදුවේ කළුපහන පරම්පරාවේ අන්තිම පුතා මිසිස් ගේ මහත්තය ග්රැන්විල් කළුපහන....මේක හදල මිස්ට Anniversary gift එකක් විදිහට දෙන්න තමයි මිස්ගේ මහත්තය plan කරේ. එත් accident එකෙන් ඒ හැමදේම වෙනස් උනා මිසිස් කළු පහන I am terribly sorry.
ඒ කිවේ ....ඔබතුමා කවුද ...මගේ මහත්තයට මොකද උනේ Accident එකේදී එයාට මොකුත් උනාද ...කෝ මගේ මහත්තය අයි මට මේ මොකුත් තේරෙන්නේ නැත්තේ.
මිස්ටර කළුපහන ජීවතුන් අතර ඉන්නවා මිස්. නමුත් ලංකාවේ නෙවේ ....ඕස්ට්රේලියාවේ ....මේ බංගලාව එය විකුණුව මගේ තාත්තට දැනට අවුරුදු 20කට විතර කලින්... එදා Accident එකේදී නැති උනේ මිස්ටර් කළුපහන නෙවෙයි.... එයාගේ ජීවිතේ බේරුනා. නමුත් මිසිස් කළුපහන තාමත් එයාව හොයනවා...
ඒ කියන්නේ මම ...
ඔව් මිසිස් කළුපහන ...ඔය ඉන්නේ ඔය ඉන්න ඕනේ ලෝකේ නෙවයි ....මහත්තය හොඳින් ජීවත් වෙනවා ...මිසිස් කළුපහන එය ලග නැති උනාට එයාගේ අතකයේ මිසිස් කළුපහන හැමදාමත් ඉඳීවි....
මට කිව හැකි වුයේ එපමණකි ....ඇසි පිය හෙලු නිමේෂයෙන් බංගලාව ඉදිරිපස හිටගෙන සිටියේ මාත් ජනියාත් පමණි...
ආ මේ මහත්තරුනේ ....මන් එත් බැලුව මොකෝ පරක්කු කියල ...හීතලේ එළියේ ඉන්නෙපා ඇතුලට ආවනම් ....බංගලාව බලා කියා ගන්නා අප්පු ගේ කටහඬ මට ඇසිනි.

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළ...