Tuesday, November 28, 2017

මුල්ලේරියා සංග්‍රාමය


ශ්‍රී ලාංකික ඉතිහාසයේ ජනතාව තොලග රැව්දුන් කවියකි. එහි එක් පදයකින් කියවුණේ ‘මුල්ලේරියා වේලේ වතුර ලෙයට හැරවුණා‘ යනුවෙනි. මේ 1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුගීසි හමුදා සහ ටිකිරි කුමාරයා (රාසිං දෙවියන්) හෙවත් මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදාව අතරය. පෘතුගීසි හමුදාව මෙසේ සීතාවක නම් උප රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණියේ කෝට්ටේ හෙවත් ප්‍රධාන රාජධානියේ එවක නීත්‍යනුකූල රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජතුමාගේ නියමය පරිදි එසේ කරන්නේය යැයි ප්‍රකාශ කරමිනි මෙම ඓතිහාසික සංග්‍රාමයේදී ටිකිරි කුමරුගේ හමුදා අතින් පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

1562 වර්ෂය වන විට පරංගි නොහොත් පෘතිගීසි ජාතිකයන් කොලොම්තොට එනම් කොළඹ කොටුව ආශ්‍රිතව බලකොටු බැඳගෙන මහත් තර්ජනයක්ව තිබුණි. මේ වන විට ජයවර්ධනපුර කෝට්ටේ රාජධාරීයේ රාජ්‍ය හෙබවූ බුවනෙකබාහුගේ රජුගේ මුණුබුරු දොන් ජුවන් ධර්මපාල නොහොත් කොනප්පු බණ්ඩාර වූ අතර ඔහුගේ ‍දෙමව්පියන් වූයේ වීදිය බණ්ඩාර හා සමුදදේවී ය. මෙකල සීතාවක රාජ්‍යත්වය දැරූයේ බුවනෙකබාහු රජුගේ මළණුවන් වූ මායාදුන්නේ රජතුමා වූ අතර සුප්‍රසිද්ධ ටිකිරි කුමාරයා යනු ඔහුගේ පුතණුවන් ය. කෙසේ වෙතත් කාලයක් තිස්සේ කොට්ටේ රාජ්‍ය හා සීතාවක රාජ්‍ය අතර යුධ ගැටුම් ඇතිවිය. මේ අතර සීතාවක රාජධානිය මෙකල ප්‍රභලතම රාජධාණිය වූ අතර එයට මූලිකම සාධකය වූයේ 12 වැනි වියේ සිටම යුද බිමේ මහා දස්කම් පෑ ටිකිරි කුමරුය. අති දක්ෂ අශ්වාරෝහකයෙකුවූ ටිකිරි කුමරු කුඩා කල සිටම අංගම් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස ප්‍රකට ය.

මුල්ලේරියා සටනේ මූලාරම්භය

අතිශය ප්‍රභල ටිකිරි කුමරු ප්‍රමුඛ සීතාවක රාජධානිය කොට්ටේ ධර්මපාල රජුට මෙන්ම පතිකාල් (පෘතුගීසි) හමුදාවටද බරපතල තර්ජනයක්ව පැවති මෙම යුගයේ කෝට්ටේ ධර්මපාල රජු හා ප්‍රතිකාල් හමුදා නායකයෝ සීතාවකට එරෙහිව යුධ පිඹුරුපත් සකසන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෝට්ටේ හමුදාව හා පරංගි හමුදාව එක්ව 1562 වර්ෂයේදී සීතාව රාජධානිය ආක්‍රමණය කිරීමට සේනාව මෙහෙයවූ අතර පළමුව මුල්ලේරියාවේ අඹතලේ කඳවුරට පහර දෙන අදහසින් හේවාගත වෙල කඳවුරු ලා ගත් හ. මෙම ස්ථානය වර්තමාන අඹතලේ මංසන්ධියේ සි පරණ පාරේ රණබිම මාවත ආසන්නයේ පැවත් බව සැලකේ. එම නිසාවෙන්ම මෙම භූමිය හේවාගත වෙල නමින් ප්‍රකට වී ඇත. දක්ෂ අශ්වාරෝහකයෙකු මෙන්ම අංගම් සටනේ ප්‍රවීණයෙකු වූ ඒකනායක මුදලි මෙකල සීතාවක රාජකීය හමුදාවේ ප්‍රධානියා විය. ඉහත ආකාරයට හේවාගත වෙලට එක්රොක් වූ ප්‍රතිකාල් හමුදාවෝ විනාශ කරන්නට සැලසුම් සකස් කළේ ඒකනායක සෙන්පතිය. මේ අතර පියරජුගේ උපදෙස් මත ටිකිරි කුමරු දහදාහක සේනාවක් සමඟ හේවාගම් කෝරළයේ කඳවුරුලාගෙන සිටි අතර ටිකිරි කුමරුගේ ඉල්ලීම පරිදි කොරතොට ආරච්චිවරු ප්‍රමුඛ අංගම් සටන් ශිල්පීන් සමූහයක් මුල්ලේරියාවට පැමිණ සිටියේ ය. මේ බව රාජාවලියේ දැක්වෙන්නේ මෙසේ ය. “වික‍්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ ප‍්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ.“

අගෝස්තු 23 වන දිනය

1562 අගෝස්තු 23 වැනි දිනට පහන් වෙන්නට හෝරා තුනක් තිබියදී තම අංගම් ශූරයින් පිරිවරාගත් ටිකිරි කුමරු ප්‍රමුඛ කොරතොට කුරුපුපු ආරච්චි මුල්කොටගත් හමුදාව හේවාගත වෙළේ පෘතුගීසී කඳවුරේ පසු බාගය බලා රහසින් ගමන් කළ අතර කඳවුරු බැඳගෙන සිටි පෘතුගීසීන් වෙත නිර්දය ලෙස කඩා පැන ඔවුන්ට තම තුවක්කුවලට උණ්ඩ දමා ගැනීමටවත් අවසරයක් නොදී පහර දෙන්නට විය. මෙවිට ක්ෂණිකව කඩා වැදුණු රාජසිංහ කුමරු හා සේනාධිපති ඒකනායක මුදලි ස්වකීය සේනා මෙහෙයවා බිහිසුණු සටනක යෙදුණ අතර පෘතුගීසීන්ට අඩියක් හෝ පස්සට ගන්නට නොදී සීතාවක සේනාව අභීතව සටන් කලෝ ය. මේ සටනින් පරංගි හමුදාව 1600ක් දෙනා මිය ගිය පව සඳහන් වන අතර දොන් ජුවන් ධර්මපාලගේ ස්වදේශ හමුදාව පළා ගිය බව කියවේ. මෙම සටන්දී පරංගි සෙන්පති බැල්තරාර් ගෙඩිස්ද මරණයට පත්වූ අතර පරංගි හමුදාවේ ලෙයින් මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණ බව කියවේ. මේ බව රාජාවලියේ දැක්වෙන්නේ මෙසේ ය. “පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන් ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප‍්‍රතිකාලූන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප‍්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප‍්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප‍්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ.[1]“ මෙම මුල්ලේරියා සටන පිළිබඳව පෝල් ඊ පීරිස් මහතා ලියු පෘතුගීසි යුගය නම් ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි’ "මේ අවස්ථාවේදී රාජසිංහ පෞද්ගලිකවම අණදීම භාරගත්තේ ය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන් කරුවෝද ඇත් අස හමුදාවලින් ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන් ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ලකර අතර කොරතොට හා ‍හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය.[2]

සටන් අවසන් වූ පසු විජයග්‍රහණය සැමරීමට මුල්ලේරියාව ආසන්නයේ පෘතුග්‍රීසින් කඳවුරුලා සිටි තැනක සීතාවක හමුදාවෝ පැමිණ කොඩි සිටුවූහ. මෙම ස්ථානයට එබැවින් "කොඩිගහවත්ත" යනුවෙන් හැදින්විය. අද මුල්ලේරියාව නගරයට කිලෝ මීටරයක් ආසන්නයෙන් කොටිකාවත්ත යනුවෙන් ඇත්තේ එම නගරයයි.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලය..

කඩුවෙල සිට අවිස්සාවේල්ල දෙසට වන්නට අදටත් පිහිටා ඇති රන් කඩු පත්තිනි දේවාලය මෙම යුධ සංග්‍රාමයේ එක් සංධිස්ථානයකි. එකල කඩුවෙල කඩවත නමින් පරසිද්ධ බලකොටුව වූ මෙම දේවාල භූමියේ සිට සේනාව මෙහෙය වු රාජසිංහයන් පෘතුගීසින්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග‍්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වු එම භාරය ඔප්පු කරනු වස් එහි තැනවු පත්තිනි දේවාලය අදටත් ”රන්කඩු දෙවොල” ලෙස හැඳින්වේ

කොරතොට අංගංකරුවන්..

කොරතොට සම්ප්‍රදායේ වත්මන් අංගම්පොර සටන්කරුවන් පිරිසක්
උක්ත මුල්ලේරියා මහා සංග්‍රාමයට වගකිවයුතු පාර්ශවයක් ලෙස අදටත් නොනැසී පවතින සටන් පරම්පරාවක් ලෙස කොරතොට ආරච්චිවරුන් හඳුනාගත හැකිය. කඩුවෙල සිට මද දුරත් අතුරුගිරිය මාර්ගයේදී හමුවන කොරතොට ග්‍රාමය ආශ්‍රිතව අදටත් නොනැසී තම සටන් හරඹයන් පවත්වාගෙන එන මොවුන් සම්බන්ධව පෘතුගීසි යුගය ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේ ය. ”කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප‍්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වු පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගිසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වුහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප‍්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය.” ඔවුන් ගැන කියැවෙන තවත් ජනකවියක් මෙසේ ය.

රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට
ඉලංගමට හේවාකම් දුන් කලට
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට

ලොවක් දිනා බෞද්ධ භික්ෂුවක් හමුවේ පැරදුණු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා.

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

ඇලෙක්‌සැන්ඩර්ගේ ආපසු හැරීම ගැන පාසල් අධ්‍යාපනය තුළදී ඉගැන්වූ කරුණ වූයේ අවුරුදු ගණනක්‌ තම ගම්බිම්වලින් දරු මල්ලන්ගෙන් ඉවත්ව යුද්ධ කරමින් සිටි හමුදාවට යුද්ධය හොඳටම ඇතිවී ඉන් හෙම්බත්වී සිටි බවත්, අවසන් වරට පරාජය කළ පෝරස්‌ රජු ද (පංජාබයේ) දරුණු සටනක්‌ කිරීම හා ඔහුගේ අභීත, එඩිතර ගතිගුණ ඇලෙක්‌සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත්වූ බවත්ය.

නමුත් තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියෑවෙන්නේ වෙනත් දෙයකි. පෝරස්‌ රජු පිළිබඳ සාධකය හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම පිළිබඳ විස්‌තරද එහි ඇතුළත් වුවත්, තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමකි. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසිනි. මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කෙසේද යනුවෙන් භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර විය. ඔහුට එය අවබෝධ වූයේ එවිටය.

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය.

තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.

භික්‌ෂුව – මහා අධිරාජය ෘ මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් – එසේය. නිදිමත ඇති වේ.

භික්‌ෂුව – එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?

ඇලෙක්‌සැන්ඩර් – නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.

භික්‌ෂුව – මහා අධිරාජය ඔබට බඩගිනි ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් – එසේය. බඩගිනි ඇති වේ.

භික්‌ෂුව – එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?

ඇලෙක්‌සැන්ඩර් – නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.

භික්‌ෂුව – මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් – එසේය. පිපාසය ඇති වේ.

භික්‌ෂුව – එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?

ඇලෙක්‌සැන්ඩර් – නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.

භික්‌ෂුව – එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?

මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.

එදින රාත්‍රියේ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කියූ දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදය වරුවේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත. එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.

යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි විසීමට භික්‌ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට ඉහත කී නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුවය.

මේ කිසිවක්‌ ඉටු කිරීමට ප්‍රථම, එනම් තම රට බලා ආපසු යැමටද ප්‍රථම අතරමඟ බැබිලෝනියාවේදී (වත්මන් ඉරාකය) ඇලෙක්‌සැන්ඩර් හදිසියේ මියගියේය. එම නිසා ඔහුගේ බලාපොරොත්තු හා සැලසුම් සියල්ල ඉන් අවසන් විය.

Sunday, November 26, 2017

දැන් මම කියන ගාථාවේ අන්තිම පදය ඉවර වෙනකොටම.. එක පාරින්.. මගේ හිස කඳින් වෙන් වෙන්නම කොටාපන්.

එදාත් අද වගේ දවසක්..
නොවැම්බර් 26 වෙනිදා දවසක්..
එදාත් වෙනදා වගේ ඉර පෑව්වත් අපේ රටට මහා අන්ධකාර දවසක්..
නුවර බෝගම්බර වධක පිට්ටනියේ
ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියෝ රැස් වෙලා..
වධක පිට්ටනිය මැද දන්ගෙඩිය.. ඒ ලග වධකයෝ..
කඩු අතින් අරන්..
ටික වෙලාවකින් බෝගම්බර පිට්ටනියට තවත් දෙන්නෙක් එක්කරගෙන ආවා..
ඒ අපේ සිංහල වීරයෝ දෙන්නෙක්..
අපේ රට ඉංග්‍රීසින්ගෙන් බේර ගන්න හටන් කරපු වීර සෙන්පතියෝ දෙන්නෙක්..
එක්කෙනෙක් මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා..
අනිත් කෙනා මඩුගල්ලේ නිලමේ තුමා..
එදා ඒ බෝගම්බර පිට්ටනියේදී ඒ දෙන්නගේ හිස් ගසා දාන දවස..
ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්දව කැරලි ගහපු වැරැද්දට..
ඉංග්‍රීසි නිලධාරින් බලා හිටියේ
මේ දෙන්නා මරණ බයෙන් වැලපෙන හැටි දකින්න..
ජීවිත දානය දෙන්න කියලා ආයාචනා කරන හැටි බලන්න..
කැප්පෙටිපොල නිලමේ දෝත් මුදුන් දීලා වැඳලා පන්සිල් ගත්තා..
ඊට පස්සේ ඒ වෙනකොට උඩුකය වැහෙන්න ඇදගෙන හිටපු සළුව ගැලෙව්වා..
බෝගම්බර පිට්ටනියේ ඉදන් දළදා මාලිගාව පැත්තට හැරිලා නමස්කාර කළා..
"දැනට මම සතු එකම වස්තුව මේක විතරයි.. මේක දළදා හාමුදුරුවන්ට පුජා වේවා.." කියලා සළුව දළදා හාමුදුරුවන්ට පුජා කළා.
ඊට පස්සේ..
කැප්පෙටිපොල නිලමේ තුමා වධකයා ලගට ගියා..
රැස් වෙලා උන්නු හැමෝම බලා උන්නේ පුදුම වෙලා..
"දැන් මම කියන ගාථාවේ අන්තිම පදය ඉවර වෙනකොටම.. එක පාරින්.. මගේ හිස කඳින් වෙන් වෙන්නම කොටාපන්.."
කැප්පෙටිපොල නිලමේතුමා වධකයාට කිව්වා.
මඩුගල්ලේ නිලමේ නම් උන්නේ ටිකක් බය වෙලා..
"මොකටද බය වෙන්නේ මඩුගල්ලේ.. අපි රට වෙනුවෙන් මෙච්චර දෙයක් කලාට පස්සේ.. මෝඩයෙක් වගේ නෙවෙයි වීරයෙක් වගේ මරණයට මුණ දීපන්.." කැප්පෙටිපොල නිලමේතුමා මඩුගල්ලේ නිලමේ තුමාට කිව්වා.
ඊට පස්සේ දන්ගෙඩියට බෙල්ල තිබ්බා..
ධම්ම පදයේ ගාථාවක් මහා හයියෙන් සජ්ජායනා කළා..
ගාථාව ඉවර වෙනකොටම වධකයා කැප්පෙටිපොල නිලමේතුමාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා..
මේ වීරයා මරණයටවත් බය නැති හැටි දැකලා වධකයාගේත් අත් වෙවුලන්න ඇති..
ඒ කඩු පාරින් කැප්පෙටිපොල නිලමේ තුමාගේ බෙල්ල කැපිලා වෙන් උනේ නෑ..
බාගේටයි කැපුනේ..
බාගෙට කැපුණු බෙල්ලෙන් දෙවුර දිගේ ගලන ලේ දහරා එක්කම
කැප්පෙටිපොල නිලමේ තුමා ආයෙත් ඔලුව ඉස්සුවා..
"වධකය" නිලමේ තුමා වධකයාට කතා කළා.. ඒ කටහඩේ කෙන්තියක්වත්, බයක්වත් වේදනාවක්වත් නෑ.
"බෙල්ලේ මෙන්න මෙතනට කොටාපන්.."
මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමා තමන්ගේම අතින් තමන්ගේ බෙල්ල කපන්න ඕනේ තැන පෙන්නලා කියා දුන්නා..
බෝගම්බර පිට්ටනියේ වට වෙලා බලා උන්නු සුද්දන්ට හුස්ම ගන්නත් අමතක වෙන්න ඇති..
වධකයා දෙවෙනි පාර ගහපු කඩු පාරින් කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස කඳින් වෙන් උනා.
මෙහෙමත් නිර්භීත කමක්..!
ඉංග්‍රීසි නිලධාරීන්ට හිතා ගන්න බැරි උනා..
ඒ නිසා..
කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස් කබල අරන් මතක සටහනක් විදිහට සංරක්ෂණය කළා..
මේ තියෙන්නේ ඒ හිස් කබල..
මම මේ පොස්ටුවට හිස් කබලේ පින්තුරේ දැම්මේ
හොල්මන් කතාවක් ආදර කතාවක් කියවන තරම් උනන්දුවක්
අපේ ඇත්තන්ට අපේ අභිමානයක් ගැන කියවන්න ඇත්තේ නැති නිසා..

Monday, November 13, 2017

~ කොසොල් රජුට ඇසුණ අපායේ හඬ ~

එකල ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත්නුවර ඡේතවනාරාමයේ ය. උන්වහන්සේ තම ජීවිතයෙන් වැඩි කාලයක්‌ ගත කරන්න යෙදුනේ මේ පිංබිමේය. ඡේතවනාරාම පුන්‍ය භූමියේදී නිවන් පසක්‌ කර ගත්තෝ නම් බොහෝ ය. එය ගණනින් නම් කිව නොහැකිම ය. අද මා ඔබට කියාදීමට බලාපොරොත්තු වන්නේ ඡේතවන පිං බිමේදී බුදුපියාණන් වහන්සේ ඔබ අප කාටත් දේශනා කළ උතුම් ධර්ම කාරණාවක්‌ පිළිබඳවයි. එනම් අනුවණයා බොහො අකුසල් කොට සසර දිග්ගසා ගන්නා ආකාරයයි. මේ ධර්ම කාරණය ඔබ අප කාටත් සසරේ තරම තේරුම් ගැනීමට මොනවට උපකාරී වේ. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොසොල් මහ රජතුමා උදෙසාය. එතුමා කම් සැපයට ගිජු පුද්ගලයකු බව අප සියල්ලෝම දන්නා කාරණයකි.

කොසොල් මහ රජතුමා යනු එවකට එනම් බුදුරජාණන් වහන්සේ මෙලොවට පහළ වු කාලයේ භාරතයේ සිටි ඉතා ප්‍රබල රජවරුන් සිව්දෙනාගෙන් එක්‌ අයෙකි. බිම්බිසාර රජු, වත්ස රජු, චන්ඩපඡ්ජෝත රජු අනෙක්‌ බලසම්පන්න රජවරුන් තිදෙනාය. කොසොල් රජු ඉතා බලසම්පන්න රජෙකි. නමුත් එතුමා කම් සැපයට දැකුවුයේ මහ පුදුමාකාර ලොල් බවකි. එතුමා නිතරම උත්සාහ කළේ රූමත් කාන්තාවන්ගෙන් තම අන්තඃපුරය පුරවා ගැනීමටය.

භාරතීය රජවරුන්ගේ පෙර සිට පැවති සිරිතක්‌ විය. එනම් සියලු ආභරණයෙන් සැරසී පිරිවර ජනයා සමඟ තම නුවර සංචාරය කිරීමයි. රජු නුවර පැදකුණු කිරීමට පෙර ඒ බව අණබෙරයක්‌ මගින් රට වැසියන්ට දැනුම් දෙයි. රට වැසියා ඉතා ප්‍රීතියෙන් තම රජුට ආචාර කිරීමට නුවර සරසති. මග දෙපස සිට රාජශ්‍රීය බලමින් සතුටු වෙති.

කොසොල් මහ රජතුමන් ද මෙම චාරිත්‍රය අකුරටම ඉටු කළ රජෙකි. එතුමා නුවර පැදකුණු කරන්නේ විශේෂයෙන්ම එතුමාගේ නෙත රූමක්‌ කාන්තාවන් කෙරෙහි යොමු වූයේ රජුටත් නොදැනීමය. රූමත් කාන්තාවන්ගේ බැල්මෙන් වශී වන රජු ඊළඟට කරන්නේ එම කාන්තාවන් විවාහකද අවිවාහක ද කියා සොයා බැලීමයි. මේ සඳහාම විශේෂිත වූ ඇමැතිවරුන් සේම රාජ පුරුෂයන් ද රජුට විය. රූමත් යුවතියෝ අවිවාහක නම් රජ අණින් ඇය අන්තඃපුරයට කැඳවයි. රූමත් යුවතිය විවාහක නම් රජු කරන්නේ කුමන හෝ චෝදනාවකින් ඇගේ ස්‌වාමියා සිරගත කොට මරා දමා ඇය අන්තඃපුරයට කැඳවා ගැනීමයි. මේ දිනපතා බුදු බණ ඇසීමට දෙව්රමට ගිය රජුගේ අභ්‍යන්තර ජීවිතයේ ස්‌වභාවයයි.

කාලයක්‌ ගත විය. දිනක්‌ කොසොල් මහ රජු සිව් සැට අබරණින් සැරසී නුවර පැදකුණු කරයි. එවේලේ එක්‌තරා තැනක උඩුමහලේ රූමත් යුවතියක්‌ රජුගේ නෙත ගැටුනි. සිත චංචල විය. රජු රාගයෙන් රත්විය.රජු බලාගත් අතම ඇය දෙස බලාගෙන සිටියි. දැන් ඇය මාලිගයට කැඳවා ගන්නා තුරු මහ රජුට නිවනක්‌ නම් නැත. මේ කාරණය දත් ඇමැතිවරුන් පළමුව කළේ මේ යුවතිය පිළිබඳ සොයා බැලීමයි. එය ඉතා රහසේම සිදුවිය. සියලු තොරතුරු දත් චරපුරුෂයන් පැවසුවේ මේ යුවතිය විවාහක ගුණවත් කාන්තාවක්‌ බවත් ඇගේ සැමියා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවත් ඔහු නිරතුරු බුදුරදුන් දක්‌නට යන බවත් ය.

නමුත් රජුගේ සිත වෙනස්‌ කළ නොහැකිමය. රාග ෙච්තනාව ගිනි ජාලාවක්‌ සේ දිවා රෑ රජු දවයි. දැන් රජු හා සල්ලාල ඇමැතිවරුන් සැලසුම් කරන්නේ මේ යුවතියගේ ස්‌වාමියා කුමන හෝ චෝදනාවකට වැරදිකරු කරන්නේ කෙසේද කියා ය. මේ අනුව රජු හා ඇමැතිවරුන් අපූරු සැලසුමක්‌ දියත් කළෝය. ඒ අනුව රූමත් යුවතියගේ ස්‌වාමියාට රජ වාසලට එන ලෙස අණ ලැබිණි. බියට පත් මේ අසරණ මිනිසා එවේලේම රජ වාසලට පැමිණියේය. රජ ඔහුට පසුදින සවස රජු නහන වේලාවට පෙර කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන එන ලෙස අණ කළේය. කඩුපුල් මල් හා අරුණවන් මැටි ඇත්තේ මේ ලෝකයේ නොව නාග ලොවෙහි ය. රජු මේ සැරසෙන්නේ කෙසේ හෝ මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ අයිති කර ගැනීමටයි. නිවසට ගිය මේ අසරණ මිනිසා මේ සියලු පුවත් තම බිරිඳට සැළකොට පසුදින බත් මුලක්‌ ද ගෙන කඩුපුල් මල් හා අරුණවන් මැටි ගෙන ඒම සඳහා පිටත් විය. ඔහු නුවරින් පිටව ගිය පසු රජු අණ කළේ වාසල් දොරටුව වේලාසනින් වසා දමන ලෙසයි.

මේ අසරණ මිනිසා මේ සොයා යන්නේ මෙලොව ඇති දෙයක්‌ නොවේ. රාජ උදහසට පත්ව මිය යැමට සිදුවන බව ඔහු හො¹කාරව දනියි. කරන්නේ කුමක්‌ද? බොහෝ දුකට පත් මේ මිනිසා අතරමඟදී තම බත්මුලෙන් කොටසක්‌ මගියකුට දන් දෙන ලදී. ගං ඉවුරට ගිය මොහු ඉතිරි කොටස අනුභව කොට ගඟ මසුන්ට බත් දෙන ලදී.

ඉන් පසු මොහු මෙසේ ප්‍රාර්ථනාවක්‌ කළේය. "මේ ගඟ ඇසුරුව වසන දෙවියනි, නයිනි, මා අතරමඟදී මඟියෙකුට බත් දුනිමි. දැන් ගඟ මසුන්ට බත් දුනිමි. මේ පින මම ඔබට අනුමෝදන් කරමි. මා හට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබා දී මා ආරක්‍ෂා කරනු මැනවි." පිංවත්නි මේ ප්‍රාර්ථනාව ඇසුණු ඒ ගඟ නා රජු කරුණාවෙන් යුක්‌ත වූයේ මහලු මිනිසකුගේ වේෂයෙන් පැමිණ මේ මිනිසාට කඩුපුල් මල් හා අරුණවන් මැටි ලබාදුනි. සතුටින් පිනා ගිය මොහු නුවරට යන්නේ වාසල් දොර වසා ඇති බැවින් කඩුපුල් මල් හා අරුණවන් මැටි තාප්පයමත තබා දෙව්රම් වෙහෙරට ගොස්‌ රැය පහන් කළේය.

රජු එදා නින්දට ගියේ ඉමහත් සතුටිනි. හෙට උදැසන රූමත් යුවතියගේ ස්‌වාමියා මරා දමා ඇය මාලිගාවට ගෙන ආ හැක. ඇයගේ පහස විඳ සැනසිය හැක. ඇයගේ ආදරය විඳ ප්‍රීති ප්‍රමෝදයට පත්විය හැක. දැන් රජු උදැසන වනතුරු බලා සිටින්නේ නො ඉවසිල්ලෙනි. රාගය කොතෙක්‌ ද යත් රජුට නින්ද අමතක විය. රජු දැන් නොනිදා රැය පහන් කරයි. මාලිගාවේ අනෙක්‌ සියල්ලෝම නිදිය. දැන් මැදියම් රැය උදාවිය.

දැන් සිදුවන්නේ කුමක්‌ද? එක්‌වරම මහ හඬක්‌ නැගුණි. මාලිගාව දෙදරා ගියේය. ඒ හඬ කන් බිහිරි කරවන තරම් විය. ඒ ශබ්දයෙන් කියවුණේ දු- ස- න - සෝ යන ශබ්දයයි. දු-ස-න-සෝ යන ශබ්දයෙහි තේරුම කුමක්‌ද? රජු මහත් සේ බියට පත්විය. ගත දහඩියෙන් තෙත් විය. වෙව්ලන්නට විය. කිසිත් කර කියා ගත හැක්‌කක්‌ නොවීය. රජු ගල් පිළිමයක්‌ සේ දැස්‌ දල්වා රැය පහන් කළේය. උදැසන අවදි වූ රජු සැනකින් දෙව්රමට දිව ගියේය. ලොව්තුරු බුදුරදුන් හමුවට ගිය මහ රජු රාත්‍රි කාලයේ තමාට ඇසුණු බියකරු හඬවල් හතර පිළිබඳ දැන්වීය. මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ රජුට මෙසේ පැවැසීය.

"මහරජ මේ හඬවල් සතර නිසා ඔබට වන හානියක්‌ නැත. මේ පෙර ආත්මයක කාමයේ වරදවා හැසිරුණු සිටු කුමාරවරුන් සිව්දෙනෙක්‌ ලෝකුඹු නරකයේ දුක්‌ විඳින ආකාරයයි. ඔබට ඇසුණේ ඔවුන්ගේ දුක පැවසීමට උත්සාහ ගන්නා ගාථාවන්ගේ පළමු අක්‍ෂර හතරයි. ඉතිරි කොටස කියා පෑමට සූදානම් වන විටම ඔවුන් ලෝ දිය සැලියෙහි ගිලී යයි" මෙසේ පැවසූ මාගේ බුදුපියාණන් වහන්සේ අකුසල කර්ම කොට නිරයේ දුක්‌ විඳින කුමාරවරුන්ගේ දුක කියා පෑමට උත්සාහ ගන්නා ගාථාවන් මෙසේ වදාළහ.

දුඡ්ජිවිතං අජීවිම්හ යේ සන්තෙන දදම්හසේ - විඡ්ජමානේසු හොගෙසු දීපං නා කම්ම අත්තනො (අපි දන් නුදුන්නෙමු, දුසිරිතෙහි හැසිරී පවිටු ජීවිතයක්‌ ගත කළෙමු.)

සට්‌ඨදීං වස්‌ස සහස්‌සානි පරිපුණ්‌ණානි සබ්බසෝ - නිරයේ පච්ච මානානං කදා අන්තෝ භවිස්‌සති (අපි සැට දහසක්‌ නිරයේ දුක්‌ විඳින්නෙමු. මෙහි කෙළවර නම් කවදා ද?)

නත්ථි අන්තෝ කුතෝ අන්තෝන අන්තෝ පති දිස්‌සති - තදා හි පකතං පාපං මම තුය්හං මාරිස (කරන ලද අකුසල් බොහෝ හෙයින් දුකෙහි කෙළවරක්‌ නොමැත.)

සෝහි නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්දාන මානුසිං - වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං (මම මේ නිරයෙන් නික්‌මුණහොත් සිල්වත් වෙමි. බොහෝ කුසල් කරමි. කුසලයේ අනුහස්‌ කියමි.)

මහරජ ඔබට මේ ඇසුනේ මෙම ගාථාවන්ගේ පළමු අකුරු හතරයි. මේ පුවත ඇසූ කොසොල් මහ රජු මහත් සේ බියට පත් විය. තමන් කරන්නට ගිය අකුසල කර්මයේ තරම ඉතා හොඳින්ම රජුට තේරුම් ගියේය. රජු මේ පිළිබඳව කම්පාවට පත් විය. කිසි දිනෙක කාමයෙහි වරදවා නො හැසිරීමට රජු අදිටන් කර ගත්හ. ඉන් පසු රජු කිසි දිනෙක රූමත් යුවතියන් පසුපස ගියේ නැත.

මේ සිදුවීම අලලා මාගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාළේ "දීඝ ජාගරතෝ රත්තී - නිදි වරන්නාට රැය දිග බව ද, දීඝං සන්තස්‌ස යෝජනං - ගමන් වෙහෙස ඇත්තාට යොදුන දුර බවද, දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝ - සද්ධර්මය පිළිනොපදින්නා වූ අනුවණයාට සසර දිග බවයි. බලන්න මේ ධර්ම දේශනාව මොන තරම් නම් වැදගත්ද කියා.

මේ ධර්ම දේශනාව තුළින් අප අපගේ ජීවිතයේ ඇති අඩුපාඩු හොඳින් හඳුනාගෙන ඒවා නිවැරැදි කර ගැනීමට මහන්සි විය යුතු අතර උතුම් බුදු බණ අපගේ ජීවිතයට සම්බන්ධ කොට ගෙන ජීවත් වීමට නිතරම උත්සාහවන්ත විය යුතුය. සසර ඉතා කටුකය. භයංකරය. එය අප නොපෙනෙන ඈතකට ගෙන යන මහත් සැඩ පහරකි. ඉතින් අප මේ සසරෙන් ගොඩ ආ යුතුය. බුදුරජාණන් වහන්සේ ඊට මඟ පෙන්වා ඇත. මාවත ඉතා පැහැදිලිය. අප නිවනින් සැනසීමට ඉක්‌මන් වෙමු. සැබැවින් ම ඔබටත් මටත් එය කළ හැක.

ඔබ සැමට තෙරුවන් සරණයි..
දිවයින බුදුමඟ අන්තර්ජාල කලාපය-ඕලුගම ඉන්දරතන හිමි

ලොවට අහිමි කළ ලෝක උරුමය බාමියන් බුදු පිළිම


ඇෆ්ගනිස්ථානය හසරජාත් පළාතේ බාමියන් නිමිනයේ ඇති පර්වත මුදුනේ ඉදි කළ බුදු පිළිම බාමියන් පුදු පිළිම ලෙස හැදින්වෙි. බාමියන් නිමිනය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට කි මි 230ක් වයඹ දෙසින් මුහුදු මටිටමෙි සිට මීටර 2500ක් උසිනි බාමියන් බුදු පිළිම ඉදි කරනු ලැබුයේ 6 වැනි සියවසේදීය. මෙම බුදු පිළිම ඉන්දු ගීක මූර්ති ශිල්ප අනුව කළ උසස් නිර්මාණ ලෙස සැලකේ. මෙම පිලිම වල විශේ්ෂ කොටස් පර්වතයේ ඇති වැලි ගලින් නෙළා සියුමි කොටස් පිදුරු හා මැටි එකතු කළ බදාමයකින් නිර්මාණය කර තිබෙි. මුහුණු අත් හා සිරැරැ කොටස් විවිධ වර්ණවලින් හැඩගන්වා තිබෙන්නට ඇතැයි සැලකේ. පිළිමවල අත්වල පහළ කොටස් මැටි සහ පිදුරු සමග එකතු කොට බදාමවලින් නිමවා ලී ආරැක්කු යොදා සවි කර තිබෙන්නට ඇත. මුහුණුවල ඉහළ කොටස් දැව ආවරණවලින් හෝ වාත්තු කළ ඒවා මගින් නිමවා තිබු බවට විශ්වාස කරේ. දැනට පිළිමවල ඡායාරූපවල තැනින් තැන දක්නට ලැබෙන සිදුරු ආරුක්කුවලට යොදාගත් දැව සවි කර තිබෙි.
බාමයන් නිමිනය පිහිටා ඇත්තේ ඉපැරණි සේද මාවතේය බටහිර ආසියාවත් චීනයත් අතර වෙළද කටයුතු සිදුවුයේ මෙම සේද මාවත ඔස්සේය. එකළ චීන නිෂ්පාදන අතර කැපි පෙනෙනු සේද රෙදි යුරෝපයේ රටවල වෙළද පොළවලට ගෙන ගියේ මෙම මාර්ගය නිසා මෙය සේද මාවත යනුවෙන් නමි කරනු ලැබීය. කි ව 11 වන සියවස තෙක් මෙම බාමියන් පෙදෙස අයත් වූයේ ගන්ධාර රාජධානියටය එහි බෞද්ධ ආරාම ගණනාවක් තිබු අතර ගාන්ධාර බෞද්ධ දර්ශනය හා බුද්ධාගමට මෙන්ම ඉන්දු ගීක කලා නිර්මාණවල කේන්දස්ථානයක් විය. දෙවනි සියවස සිට නව වැනි සියවසේ ඉස්ලාමික ආකමණය තෙක් එහි බෞද්ධ ආගමික පසුබිමක් පැවතියේය.
බාමියන් පිළිම 2001 දී මුල්ලා මොහොමඩි ඔමාර්ගේ නියෝගය මත තලේබාන්වරුන් විසින් ඩයිනමයිඩි දමා පුපුරැවා ඇත. මෙයට හේතුව වූයේ තලේබාන් රජය විසින් මෙම පිළිම මුස්ලිමි ෂාරියා නීතිය යටතේ තහනමි කිරීම.


බාමියන් නිමිනයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකා යුනෙස්කෝ සංවිධානය මගින් නමි කළ යුනෙස්කෝ ලෝක උරුමයන් අතරට මෙම බුදු පිළිම අයත් විය. මෙම පිළිම ගීක සමිපදායෙන් ආභාශය ලැබූ ඒවාය. මහ ඇලෙක් සැන්ඩර් අ්ධිරාජයා මින් වසර 10ට පමණ පෙර මධයම ආසියාව අල්ලා ගැනිමෙන් පසු එහි ආභාසය ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Sunday, November 12, 2017

හිට්ලර් ගේ අවුස්විට්ස් වධකාගාරය

 වර්ෂ 1940 අප්‍රේල් මස, එස්. එස්. හමුදා ප්‍රධානී හෙන්රිච් හිම්ලර්ගේ නියෝගයකට අනුව ජර්මනියේ විශාලතම වධකාගාරය වූ අවුස්විට්ස් වධකාගාරය ඉදිකරන ලදි. දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් පෝලන්තයෙන් ඈඳාගත් කොටසක් වන දකුණු පෝලන්තයේ ප්‍රදේශයක් (Oświęcim) තුළ ඉදි කෙරුණු මෙය, යුදෙව්වන්ගේ මරණයේ පියස්ස බවට පත් විය. ප්‍රධාන කඳවුරු තුනෙන් පළමු කඳවුර සිරකරුවන් රඳවා තබා ගැනීමට භාවිත කළ අතර දෙවන කඳවුර යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා ද තෙවන කඳවුර සිරකරුවන්ගෙන් බලහත්කාර ශ්‍රමය ලබා ගැනීමට ද යොදා ගන්නා ලදී.

අවුස්විට්ස් I සහ II යන වධකාගාරයන් වටා විදුලිය කවන ලද මීටර් හතරක් උසැති කටු කම්බි වැටක් ඉදි කර තිබුණි. ඒ වටා නිරන්තරයෙන් මැෂින් තුවක්කු සහ රයිෆල් අතැතිව මුරට සිටින ජර්මානු එස්. එස්. හමුදා නිලධාරීන් දැක ගත හැකි විය. කඳවුරු ද්විත්වය පිහිටා තිබුණේ මුර වැටට සැතපුම් තුනෙන් දෙකක් පමණ ඔබ්බෙනි. එකී දුර ප්‍රමාණය තුළ මුර කපොලු මාලාවක් පිහිටා තිබුණේ වධකාගාරයෙන් මැස්සෙකුට හෝ රිංගා යාමට නොහැකි බව තවදුරටත් තහවුරු කරමිනි. මේ තරම් දැඩි මුරකාවල් මධ්‍යයේ පිහිටා තිබුණු අවුස්විට්ස් වධකාගාරයට වර්ෂ 1942 මාර්තු මස වන විට, වරකට යුදෙව්වන් දහසකට අධික ප්‍රමාණයක් එකගොඩට ගාල් කරන ලද මරණයේ දුම්රිය වාර කිහිපයක්, දිනපතා වාර්තා කරන ලදී.

වර්ෂ 1942 වර්ෂය පුරාම පෝලන්තය, ස්ලෝවැකියාව, නෙදර්ලන්තය, බෙල්ජියම, සහ යුගෝස්ලෝවියාව වැනි රාජ්‍යයන් වෙතින් එසේ යුදෙව්වන් මරණයේ දොරටුව කරා ප්‍රවාහනය කරන ලදී.දුම්රියෙන් ගොඩ බැස් වූ විගස වැඩ කළ හැකි පුද්ගලයන් එක ගොඩකටත්, වැඩ කළ නොහැකි තැනැත්තන් වන කුඩා දරුවන්, මව්වරුන්, රෝගී පුද්ගලයන් සහ මහලු පුද්ගලයන් තවත් ගොඩකටත් වෙන් කරන ලදී.
මින් පළමු කාණ්ඩයේ සිරකරුවන්ගේ හිස් මුඩු කර, ඔවුනට බන්ධනාගාර ඇඳුම් අන්දා, වම් අතෙහි ලියාපදිංචි අංකයක් හංවඩු ගසා ඉන් අනතුරුව මොනොවිට්ස් ප්‍රදේශයේ පිහිටා තිබූ අවුස්විට්ස් III වධකාගාරය තුළ හෝ අවුස්විට්ස් I වධකාගාරය තුළ ගාල් කර ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගන්නා ලදී.
වැඩ කළ නොහැකි මට්ටමේ පුද්ගලයන්ගේ අවසන් සුසුම් අනුකම්පා විරහිතව ගෑස් කුටීර තුළ පැතිරි විෂ වාතලයට මුසු කෙරිණි. කොටසක් මෙසේ මරා දමන කල්හි තවත් කොටසක් කඳවුර තුළ වූ අධික තදබදය හේතුවෙන් හටගත් සාගතයත්, ලෙඩ රෝගත් හේතුවෙන් මරණයට පත් විය.

අවුස්විට්ස් වධකාගාරය II හෙවත් බර්කීනු (Birkenau) වධකාගාරය තුළ ගෑස් කාමර සහ ආදාහනාගාර ඉදි කර තිබූ අතර දිනකට විසි දහසකට අධික ප්‍රමාණයක් යුදෙව්වන් මේවා තුළ දී නාසීන් අතින් ඝාතනයට ලක් විය. විනාඩි පහළොවක් හෝ විස්සක් තුළ තම හුස්ම පොද නාසීන් විසින් ඩැහැ ගන්නා බව දනිමින්ද නොදනිමින් ද, ඇඳ සිටි ඇඳුම් උනා දමා ගෑස් කාමර තුළට පෝළිමට ගමන් කිරීමට මරණයේ නිහැඬියාව විසින් අසරණ යුදෙව්වන්ට බල කරන ලදී. පහසුකම් සහිත කඳවුරු තුළ ඔවුන්ව ගාල් කරන බවත්, ඊට ප්‍රථම නහා පිරිසිඳු වන ලෙසත් රැවටීමට ලක් කොට මුලදී ඔවුන්ව මෙසේ ගෑස් කාමර තුළට යවන ලදැයි පැවසේ.
බලහත්කාර ශ්‍රමය ලබා ගැනීම සඳහා රඳවා ගත් සිරකරුවන්ගේ කඳවුරු චර්යාව තුළ ඔවුනට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරී තිබුණි. පාන්දර අවදි වීම, පිරිසිඳු කිරීම් සිදු කිරීම, උදෑසන රෝල කියවීම, වැඩ කිරීම සඳහා කැඳවාගෙන යාම, පැය ගණන් අධිකව වැඩ ගැනීම, ඉතා කුඩා ආහාර වේලක් සඳහා පැය ගණන් පෙළ ගැසී බලා සිටීමට සිදු වීම, නැවත කඳවුරට පැමිණීම, මැදිරි පරීක්ෂාව සහ සවස රෝල කියවීම දෛනික කාලසටහනක් අනුව සිදු විය. සිරකරුවන්ට ලබා දී තිබුණේ කටුක කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු නොදෙන අන්දමේ ඉතා තුනී ඇඳුම් විය. රෝල කියවීම සිදු කරන කාලය අතරතුර පැය ගණන් නොසෙල් වී, සිය අවසාන ජීවය දක්වා සටන් කිරීමට රැඳවියන්ට සිදු වූ අතර යම් හෙයකින් රැඳවියෙක් බිම වැටුණහොත් හෝ යම් පැකිලීමක් පෙන්නුම් කළහොත් එම අවස්ථාවේදීම අදාළ රැඳවියාව මරා දමන ලදී.

Thursday, November 9, 2017

පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය.

මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.
මුල් මැණිකේ කොර වූ දියණියක උරුම කර මෙලොව හැර ගිය පසු තමන්වත් ඒ දියණියත් බලාගත්තේ කලවානේ මැණිකේ බව ඔහුගේ හෘදයසාක්ෂිය හොඳින් දනී. එහෙත් දේපළ සම්බන්ධව තීරණයේදී තමන්ගේ ආබාධිත දියණිය මෙන්ම බිරිය මේ මහා නින්දගමේ උරුමයෙන් ඉවත් කිරීමට දිසාවේ ගත් තීරණය ඔහුගේ සිතට වද දෙයි.
මඩුවන්වෙල පෙළපත් නාමය ගත්තද ඒ නමට තමන්ගේ සැබෑ හිමිකමක් නොතිබුණු බවද ඔහුගේ සිත කකියන්නට හේතුවකි. සිය තරුණ මව හා විවාහ වී සිටි මඩුවන්වල නමැත්තා තමන් පිළිසිඳ ගන්නටත් පෙර මිය ගිය බව ඔහු දනී. එනිසා මඩුවන්වෙල පරපුර අවසන් වූයේ තමා බිහි වන්නටත් පෙර බව ඔහුට සිහි වෙයි. තමන්ගේ සැබෑ පියා වූ මවගේ දෙවැනි කසාදයේ මොලමුරේ ලේ උරුමයට මඩුවන්වෙල දිසාවේ සිය දේපළ පවරන්නේ සැක සංකා දෙකක් පෙරදැරිවය. එකක් නම්, තම මව කළා මෙන්ම කලවානේ මැණිකේද තමන්ගෙන් පසු තනි නොතනියට නොගැළපෙන බින්නයක් කරගත හොත් නුසුදුස්සකුට නින්දගම් උරුමය පැවරෙන්නේය.

දෙවැන්න තම ආබාධිත දියණිය – කොර මැණිකේගේ දුර්වලකමින් සල්ලාලයකු ප්‍රයෝජන ගත හොත් ඒ නොහොබිනාකමේ ප්‍රතිඵලය තමන් භුක්තිවිඳි දේපළ සියල්ලට වග කියනු ඇත. මේ දෙකරුණම රදළ දේපළ සම්මතයට විරුද්ධය. එහෙත් කලවානේ මැණිකේගේ මෙන්ම කෙර මැණිකේගේ හදවතේ වේදනාව මඩුවන්වෙල නමට මෙන්ම මොලමුරේ පරපුරට ශාප කරනු ඇත්දැයි ඔහුට සැකයක්ද මතු වෙයි. ඔහුගේ තේජස ගතේ වේදනාවෙන් මැකිය නොහැකි වුවත් හදවතේ වේදනාවෙන් මැකී ගොස් ඇද්දැයි කලවානේ මැණිකේටද සිතේ.
දිසාවේගේ හොඳම ගෝලයා වූ ජුවානිස් අමතන මැණිකේ පන්සල වෙත සේවකයකු යවා නායක ස්වාමීන් වහන්සේට තොරතුරු දන්වා වඩම්මන්නැයි උපදෙස් දෙයි. වෙනෙකකු ගියහොත් පමා වේයැයි සිතා ජුවානිස්ම නාහිමියන් සොයා දිව යයි. හාමුදුරුවන් වෙත වැඳ නමස්කාර කොට සිය ‘හාන්දුරුවන්ගේ’ තත්ත්වය පැහැදිලි කරන ඔහු සමඟ නාහිමියන් වලව්වට වඩින්නේ තවත් දෙනමක් කැටුව පිරිත් දේශනා කීරීමටය. අභිමානවත් සිංහල බෞද්ධයකු වූ මඩුවන්වෙල දිසාවේ වෙව්ලන දෑත් එක් කොට සංඝයා වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ දරයි.

ඔහුගේ මුවින් නිකුත් වූ අවසන් අණ වූයේ නාහිමියන්ට පූජා කිරීමට වලව්වේ භාණ්ඩ කීපයක් ගෙන එන ලෙස සිහින් හඬින් සේවකයන්ට කළ දැන්වීමයි. පිරිත් සජ්ඣායනය අවසන් වීමට පෙරම තෙවරක් සාධුකාර දෙන දිසාවේ සිය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේය. අක්කර හතළිස් දහසක් පමණ වූ නින්දගම පුරා මේ පණිවිඩය පැතිරීමට මිනිත්තු හතළිහක් වත් ගත නොවන්නට ඇත.
වලව්වේ මෙතෙක් පැවැති උත්සවවලදී මෙන්ම දිසාවේගේ අවසන් කටයුතුවලදීද සැරසිලිවලින් අඩුවක් නොවීමටත්, උඩරට චාරිත්‍රානුකූලව දේහය රැඳි චිතකය ගිනි දැල්වීමටත් පිරිස විසින් කටයුතු යොදන ලදි. මඩුවන්වල මුදලින්දාරාමාධිපති කෑල්ලේ සාරානන්ද හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පාංශුකූලය දුන්හ. කොතරම් හොඳ-නොහොඳ තිබුණද අවසන් හුස්ම හෙළූ අයකුගේ අගුණක් කීම සිංහලයේ පුරුද්දක් නොවේ. එසේම මඩුවන්වෙල දිසාවේ වැන්නකු වෙනුවෙන් එය කෙසේ වත් සිදු වන්නේ නැත. එනිසා නැඟී සිටින්නේ රක්වානේ රණසිංහ කිවිඳුය:

පාදෙස් දෙස පෙරවර කිතුරැස් විහිදා
ලෝ උස් කුල නාගත ලෙළ දුන් වොරඳා
ජේමිස් විලියම් මඩුවන්වෙල මැතිඳා
සේ රැස් ගනරන් කොත බිඳ ගිය මෙසඳා
හිඟ මග අයට සහ නෑ මිතුරනට ළැදී
මහ රන් මසු කුඹුරු වතු පිටි පුදකරදී
කළ අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී
අගරජතුමා ඔබවද ඔටුනු නොපැලඳී

ඔටුනු නොපලන් රජකු ලෙස ආධිපත්‍ය පතුරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සුදු කුමාරයන්ට අභියෝග කරන්නට හැකි කළු කුමාරයකු ලෙස මඩුවන්වෙල දිසාවේට සිය තේජස පෙන්වන්නට හැකි වූයේ පරම්පරා ගණනක් පුරා අඛණ්ඩව වර්ධනය කරගත් ධනය, බලය, කීර්තිය නිසාය. ඒ ඉතිහාසයේ සොඳුරු අඳුරු තැන් ක්‍රිස්තු වර්ෂ 1521 දක්වා ගමන් කරන බව මඩුවන්වෙල ඉතිහාසය සොයන බොහෝ දෙනාගේ මතයයි. ඒ කතා මෙන්ම කාල තිරය සඟවන මඩුවන්වෙල කතා සොයා අපි ගියෙමු.
ඇඹිලිපිටියෙන් කොලොන්න බුළුතොට පාරේ සැතපුම් පහළොවක් පමණ මඟ ගෙවා කඳුවළල්ලකින් වට වූ නිම්නයක පිහිටි වලව් භූමිය ආසන්නයට මමත් සුදතුත් සමඟ ආචාර්ය අකිල විජය රාජපක්ෂ සහ උදය ඇමතියගොඩ බස්නායක නිලමේ රැගෙන පරිස්සමින් ළඟා වූයේ රියැදුරු චමින්දය. එහෙත් රජ මැඳුරක මෙන් පවුරු තුනකින් වට වූ වලව් භූමියේ පිටක පවුරේ ඇති ගල් උළුවස්සෙන් ඇතුළු වීම තහනම්ය. මෙරට සිංහල පුරට අධිපති මැති උතුමන්ගේ විමන ගැනා
පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ වැඩ කරනා
වෙහෙරට රන් කොත සේ කලස් පිට මොනරුන් දිලිසෙමිනා
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා
මඩුවන්වෙල පිළිබඳ වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ ‘මඩුවන්වෙලට පියමං’ පර්යේෂණාත්මක කෘතියේ ඇති කවියක් මට මතක් විය.
අපි අනෙක් දොරටුවෙන් ඇතුළු වීමු. දෙවැනි පවුරේ ගල් දොරටුවෙන් ඇතුළු වන අප පිළිගත්තේ විමලසිරි මහතාය.

“ඔය දොරටුවත් හදලා තියෙන්නේ සුද්දට හිස නමාගෙන එන්නලු. ඔතනින් අශ්වයා පිටේ ඔළුව කෙළින් තියන් එන්න පුළුවන් දිසාවේට විතරයි. අනෙක් හැමෝම අශ්වයාගෙන් බහින්න හරි හොඳටම නැවෙන්න හරි ඕනෑ. වලව්වට එන සුද්දන් මෙල්ල කරන්න තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ.”
අක්කර දහස් ගණන ක්‍රමයෙන් හීන වී දැන් ඉතිරිව ඇත්තේ හාත් පස රූස්ස ගස්වලින් පිරුණු අක්කර හයක පමණ බිමකි. ඒ මැද අතීත ශ්‍රී විභූතියක සාක්ෂි පමණක් දරා සිටින වලව්ව පිහිටියේ පහන් කවුළු තාප්පයෙන් ආරක්ෂාව ලබමිනි. වලව්වක් ලෙස මෙය ගොඩ නැඟෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1700දී රාජ මුද්‍රාව සහිත තඹ උළුකැටයක් රජුගෙන් ලැබීමත් සමඟය.

එතෙක් පැවතුණේ පොල් අතු හෙවිල්ලූ තරමක නිවෙසක් ලෙසිනි. තඹ උළුකැටය ලැබෙන්නේ අපූරු ආකාරයකටය. මඩුවන්වෙල පරපුර පිළිබඳ පැරැණිම ලිඛිත සාක්ෂිය ලෙස සැලකෙන්නේ 1619දී ලියන ලද සපරගමු ලේකම් මිටියයි. දෙවැනි ලිඛිත සාක්ෂිය වන්නේ මේ තඹ උළුකැටයේ කතාවයි. එනිසා ඇතැමුන් සිතන්නේ මඩුවන්වෙල පරපුරේ මූලාරම්භය දාහත්වන සියවසින් ඇරඹෙන බවය. එහෙත් ‘මඩුවන්වෙලට පියමං’ පොතේ සටහන් වන අයුරින් මෙන්ම කුඩා කතරගම බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ගෙනෙන සාධක අනුව මඩුවන්වෙල පෙළපත ඇරැඹෙන්නේ ‘විජයබා කොල්ලය’ සමයේය.

“හයවැනි විජයබාහු රජ්ජුරුවන්ට පළමු බිසවගෙන් පුත්තු තුන්දෙනෙක් හිටියා. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නෙ කියලා. ඒත් තමන්ගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන්න යන්නේ දෙවැනි බිරියගේ කලින් විවාහයේ පුතා දේවරාජ. මේ කුමාරයා වයසිනුත් බාලයි. අනෙක මේක බිසවයි කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි කියන ප්‍රධාන ඇමැතිවරු දෙන්නෙකුයි කළ කුමන්ත්‍රණයක්. මේ ගැන ආරංචි වන කුමාරවරු උඩරට පාලනය කරන ජයවීර බණ්ඩාරත් උදවු කරගෙන පියරජතුමාට එරෙහිව සේනාව සංවිධානය කරනවා. වයසක රජතුමා බය වෙලා සාමසාකච්ඡා මඟින් විසඳුමකට එමු කියලා පණිවිඩ යවනවා. ඒකත් කුමන්ත්‍රණයේ කොටසක් කුමාරයන් අල්ලගන්න.

ඒ වුණත් කුමාරයන් කියන්නේ ඇමැතිවරු දෙන්නා දෙනවා නම් විතරක් සාකච්ඡාවට එකඟයි කියලයි. බැරිතැන ඇමැතිවරු දෙන්නා කුමාරවරුන් කඳවුරු බැඳලා තිබුණ කැලණියට එවලා වෙන උපායකින් පුතුන් තිදෙනාව අල්ලාගන්න රජ්ජුරුවෝ සැලසුම් කරනවා. ඒත් කැලණි යන අතරමඟදි ඒකනායක මුදලි පැනගන්නවා. කඳුරේ බණ්ඩාර කුමරවරුන්ගෙන් මැරුම්කනවා. පැනගත් ඒකනායක මුදලි සපරගමුවේ සාමාන්‍ය ගැමියෙක් වගේ හැංගිලා ඉන්නවා.” ඇමතියගොඩ නිලමේ විස්තර කළේය. ඉතිරිය විමලසිරි මහතා සම්පූර්ණ කරයි.

“විජයබා කොල්ලයෙන් කුමාරවරු දිනපු බව දැනගත්තාම කොලොන්න පැත්තට පැනගන්න මුදලි මේ පාළු පෙනුම තිබෙන ස්වාභාවික කඳු වළල්ලෙන් වට වුණු ප්‍රදේශයේ තල්ගහ කොරටුවේ පුංචි ගෙයක් හදාගෙන අත්වල කරගැට එනකල් වගා වැඩ කරලා ඒකනායක නම හංගාගෙන හිටියා. හැබැයි ගම්මුන්ට උදවුපදවු කරලා ජනප්‍රසාදයටත් පත් වුණා. අද දෙදරන්ගමුව වෙහෙර කියන දෙබරන්ගමුව විහාරය එහෙම කළාට පස්සේ ඒකනායක ගම්මුන්ගේ ගෞරවනීය චරිතයක් වුණා. ගමේ හොඳ පවුලකින් පෙළවහකුත් කරගත්තා.
ඒ අයට ලැබුණා පුතෙක්. ඒකනායක මුදලි මේ පුතාට තමන්ගේ රහස කීවා ඒ වගේම දන්න හැම දේම ඉගැන්නුවා. තරුණ පුතා යනවා හේන් කොටන්න බල්ලන්දෑවට. එතැනදි තමයි අර හාවාට නරියා පැරදෙනවා දකින්නේ. හාවා කන් දෙක උස්සලා කකුල්දෙකෙන් හිටගෙන බැලුවලු නරියා දිහා නරියා බය වෙලා පැනලම දිව්වලු. ඒ තැන තමයි මේ වලව්වේ මුල් ගේ හදන්නේ. මේ තියෙන්නේ ඒ තැන.” කාමර කොටස් 131ක් සහ මැද මිදුල් 42ක් තිබූ වලව්වේ එක මැද මිදුලක් අලංකාරවත් අයුරින් වට කර තනා තිබේ.

ඒ හරියටම හාවාට නරියා බිය වූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. ‘මඩුවන්වෙලට පියමං’ පොතෙන් වෛද්‍ය ශාන්ත දුනුකාර තර්ක කරන්නේ ගම්පොළ රාජධානි සමයේ ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමණය මෙල්ල කිරීමට බලකොටුවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියදී තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග්‍ර පුරෝහිත නිශ්ශංක අලගක්කෝනාරට දියවන්නා ඔය අසල නයකුට මුගටියකු පරාද වූ බව දැනගන්නට ලැබී එතැන ජය බිමක් බව දැන කොටුව ඉදි කළේලු.
එවැනි දෑ දන්නේ රාජසභාවල උන් අය පමණි. එනිසා එවැනි දැනුමක් පුතුට එන්නේ ඒකනායක මුදලිඳුගේ පැරණි ඉගැන්වීම්වලින් විය යුතු බවයි. එනිසා මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය 1521 දක්වා ගමන් කළ යුතු නිසාය.

මේ පිළිබඳ තර්ක-විතර්ක කරමින් සිටින අපට දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. ඒ අවසන් වශයෙන් මේ වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරයේදී කරලිනා හාමි නමින් සිටි සේවිකාවක දකින්නට ඇතැමුන්ට හැකි වන බවයි.

කලුදිය පොකුණ පත්ලේ රාවණයන් සෑදූ සිර කුටි තිබුනාද ??


Image may contain: mountain, sky, outdoor, nature and water

මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතැම් ජනප්‍රවාද කරුණු අතර කියැවෙන්නේ මෙහි ගැඹුර අඩි එකසිය හැත්තෑවක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වන බවය.ඇතැම් තොරතුරු අතර සදහන් වන්නේ මෙහි පතුල කේතුවක කනපිට ගැසූ හැඩයක් ඇති බවය .නමුත් මෙතෙක් කාලයකට මෙහි කිමිදී ගැඹුර මැන බැලූ කිසිවකු ගැන නම් සදහනක් නොමැත.තවත් කියැවෙන දෙයක් නම් ලංකාව තුල පවතින වායැයි සදහන් බලකේණ්ද්‍ර අතරින් මෙයද එක් බලකේණ්ද්‍රයක් බවය.අතීතයේ රාවණා මහ රජුන් සක්වලත් සමග සම්බන්ධ වීමට මෙම ස්ථානය යොදාගත් බවත් බොහෝ ප්‍රවාද අතර සදහන් කරුණකි.බොහෝ අවස්ථාවල රාවණයන් වෙනත් සක්වල හා සිදුකල යුද්ධ වලදී පැරදුනු සේනාවන් අතරින් ජීවග්‍රහයෙන් අල්වා ගත් සතුරන් මෙහි ගෙනැවිත් මෙම කලුදිය පොකුණ පතුලේ ස්ථාපිත කර තිබූ සිර කුටි වල ඔවුන් රදවා තැබූ බවටත් තවත් ඇතැම් කතාවල සදහන් වනවා.මේවා තාර්කිකව හෝ මොනයම් ආකාරයෙන් ඔප්පුකල නොහැකි හෝ පිලිගත හෝ නැති ප්‍රවණතාවයක් ඇතත් අදද ජීවත් වන වැඩිමහලු ගැමියන් මේ හා සමාන මත පල කරයි.එමෙන්ම මෙම පොකුණ සිව්කොන පතුලේ විශාල රන් ඇතුන් සතර දෙනෙකුගේ පිළිම රදවා ඇති බවටත් ගැමි ප්‍රවාද අතර සදහන් වනවා.ඒහා සම්බන්ධ වන අනෙක් මතය නම් මෙම පොකුණ පතුලෙ ඇති උමගක් මාතලේ දක්වා සම්බන්ධව තිබූ බවයි ඒ සම්බන්ධ අනෙක් මාතලේ අනෙක් කෙලවර ස්ථානයේද සක්වල දොරටුවක් පිහිටා ඇතිබව කියැවේ..එසේම කලුදිය පොකුණ නරඹන ඕනෑම කෙනෙකුට දැකගත හැකි දෙයක් නම් පොකුණ වටේට පිහිටුවා ඇති ආසන මේවා භාවනායෝගී වැඩවසන ස්වාමීන්වහන්සේලා සදහා සකසා ඇත එයිනුත් එක් තැනක පිහිටුවා ඇති එක් ආසනයක් කාළබුද්ධ රක්ඛිත තෙරුණ් වහන්සේ භාවනා යෝගීව සිටීමට යොදාගත් බවත් එහිදී උන්වහන්සේත් මෙම ස්ථානයේදී සිට සක්වලයන් හා සම්බන්ධ වී ඇති බවත් ප්‍රවාද අතර සදහන්..උන්වහන්සේ එකල රාජගිරි ලෙනේ වැඩවසන අතර භාවනා කටයුතු සදහා මෙහි පැමිණි බව සදහන්..තවත් සදහන් කරුණක් වන්නේ අදද මෙකී ඉහත සදහන් කල ආසනය කිසිවකුට වාඩිවී භාවනායෝගීව සිටින්නට ඉඩ ලබා නොදෙන ඇතැම් බලවේගයක් මෙහි පවතින බවයි.එමෙන්ම මෙම භූමිභාගයට අයත් කොටසක් වන" සක්මන " කොටසේත් නොයෙකුත් ප්‍රශ්ණාර්ථ ගත සිදුවීම් කලකට පෙර සිදුව ඇති බවට ඇතම් තොරතුරු පල වනවා.මෙහි ඇති ඇතම් ස්ථාන අසල චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම් පවා ඇතිකරවන බව සදහන් අද වනවිටත් විදෙස් පරීක්ෂකයන් මේ අවට කැලෑ ප්‍රදේශ තුල යම් යම් පර්‍යේෂණ කටයුතු වල නියැලෙන බව සදහන් වනවා.බොහෝ විට ලංකා බිමේ සක්වල දොරටු හා කතා කරන විට නිතැතින්ම සදහන් වන සීගිරිය හා රන්මසු උයන යන නම් අතරට මෙම කලුදිය පොකුණ ස්ථානයද සදහන් කිරීමට පුලුවන්..විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි බොහෝ නොවිසදුනු අභිරහස් අතර හෙළ ඉතිහාසයේ සිට අද වනතුරුත් රහස් ගිලගෙන නිසලව බලා සිටින තවත් මේ බිමේ බලකේණ්ද්‍රයක් වන කලුදිය පොකුණ හෙටත් ඒ රහස් ගිල ගෙන නිසොල්මනේ සිටින බවට සැකයක් නැත..

Wednesday, November 8, 2017

ලෝකේ තිබුණා කියන, තාමත් තියෙනවා කියන රහස් සංවිධාන 7 ක් ගැන..

1. The Black Hand: අධිරාජ්‍ය විරෝධී හස්තය

විසිවෙනි ශතවර්ෂයේ මුලදී ආරම්භ වුණු සර්බියානු රහස් සංවිධානයක් වුණු ‘කළු හස්තය’ ඇත්තටම පිහි‍ටුවනු ලැබුවේ සර්බියාවෙන් එපිට ජීවත් වුණු සර්බියානුවන්ව හැබ්ස්බර්ග් නැතිනම් ඔටෝමන් පාලනයෙන් මුදාගන්න කියලා තමයි. හරියටම කියනවා නං 1911 දී කර්නල් Dragutin Dimitrijević විසින් ආරම්භ කරපු මේ රහස් සංවිධානය මූලිකවම සමන්විත වුනේ හමුදා නිලධාරීන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන්. මේ කට්ටිය හරියට සංවිධානය වෙලා හිටියා විතරක් නෙවෙයි හොඳට අවි ආයුධ එහෙමත් ‍රැස් කරගෙන හිටියා. එතකොට ඝාතන එහෙමත් සිදු කලා. විශේෂයෙන්ම මේ අය විසින් ඔස්ට්‍රියාවේ ආච් ඩියුක්වරයා වුණු ෆ්‍රාන්ස් ෆෙර්ඩිනැන්ඩ්ව ඝාතනය කිරීමත් පළමු ලෝක යුද්ධයට මග පාදපු හේතුවක් වුනා කියලා තමයි ඉතිහාසය කියන්නේ!

2. The Illuminati: ඥාණවන්තයින්ගේ සංවිධානය

ඔබත් චිත්‍රපටි, ටීවී සීරීස් බලන, පොත් කියවන හාදයෙක් නං ඉලුමිනාටි සංවිධානය ගැන නොදැන ඉන්න බෑ. ඒ තරමට ඉලුමිනාටි ලෝකයේ චිර ප්‍රසිද්ධ රහස් සංවිධානයක්. විශේෂයෙන්ම මේ කථා, ඕපාදූප වලින් ඉලුමිනාටි ගැන මවලා තියෙන ගුප්ත ස්වභාවය නිසාම ඕන කෙනෙක්ට ඒ ගැන හොයන්න හිතෙනවා. විශේෂයෙන්ම ඔය කන්ස්පිරසි තියරීස් ගැන ලියන අයට නං ඉලුමිනාටි කියන්නේ රන් ආකරයක්. මේ කට්ටිය ලෝකයේම බලය අල්ලන්න ක්‍රියාත්මක වෙනවා කියලා හිතන කට්ටිය තවමත් ලෝකේ ඉන්නවා. මේ වෙනකොට ඇත්ත සහ මිත්‍යා කතා අතර තියෙන මේ සංවිධානය ඇත්තටම ආරම්භ වුනේ 1700 දී ජර්මනියේ. මේකේ සාමාජිකයෝ තමන්ව හඳුන්වා ගත්තේ ආලෝකයට ලඟා වුණු නිදහස් චින්තකයින් පිරිසක් විදියට. කොහොම වුනත් ඉක්මනින්ම අනෙක් සම්මත සංස්ථාවන්ගෙන් එල්ල වුණු විරෝධයත් එක්ක ඉලුමිනාටි සංවිධානයට රහසිගතව තමන්ගේ කටයුතු කරගෙන යන්නට සිද්ධ වෙනවා. ඉතින් එදා ඉඳන් අද වෙනකල් ඉලුමිනාටි සංවිධානය සම්බන්ධයෙන් නිර්මාණය වුණු කථාන්තර කෙළවරකුත් නැහැ.
No automatic alt text available.
.3. The Freemasons: නිදහස් තැනුම්කරුවෝ

මේ තියෙන්නේ ලෝකේ කන්ස්පිරසි තියරි කාරයින්ගේ ජනප්‍රියම මාතෘකාවක් වුණු අනෙක් සංවිධානය. හැබැයි අද වෙනකොටත් මේ සංවිධානය පවතිනවා විතරක් නෙවෙයි, ඉස්සර තරම් රහසිගත භාවයකුත් නැහැ කියන්න පුලුවන්. ලංකාවේ වුනත් ‍ෆ්‍රීමේසන්වරු ඉන්නවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.

නිල වශයෙන් ‍ෆ්‍රීමේසන්ස් පිහිටවුනේ 1717 වර්ෂයේදී වුනත් මේක 1300 වසර තරම් ඈත කාලයකත් පැවතුනා කියන්න වාර්තාගත සාක්ෂි තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒ වගේම පහු වෙනකොට මිලියන පහක විතර සාමාජිකයින් පිරිසක් වාර්තා කරගන්නත් සමත් වුණු මේ සංවිධානයට වින්ස්ටන් චර්චිල්, මාක් ට්වේන්, හෙන්රි ෆෝඩ් වගේ ජනප්‍රිය චරිතත් ඇතුළත් කියන එක කියවෙනවා.

සුපිරි බලයක් පිළිබඳ විශ්වාසය ඇතුළු විවිධ දාර්ශනික මත කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක වෙන ‍ෆ්‍රීමේසන්ස් සංවිධානයටත් විවේචන එල්ල වෙනවා. ඒ දුෂ්ට සහ ගුප්ත ප්‍රගුණ කිරීම් ගැන වගේම ලෝකයේ බලය අල්ලන්න බලාගෙන ඉන්නවාය, ඒ වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වෙනවාය වගේ චෝදනාවන් මත,
No automatic alt text available.
4. The Thule Society: ආර්ය වර්ගයක් වෙනුවෙන්

ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණු රහස් සංවිධාන බොහෝමයකට චෝදනා එල්ල වුණේ ඒවා තමන්ගේ පැවැත්ම යට දුෂ්ට, සැඟවුණු අරමුණු ඇතුව තියෙන බවට තමයි. හැබැයි ඒ චෝදනා ගොඩක් පදනම් වෙලා තියෙන්නේ දූසමාන තොරතුරු මත. ඒත් මේ තූලෙ සමාජය මේ වගේ නපුරු, සැඟවුණු අරමුණු එක්ක තමයි පිහිටවලා තියෙන්නේ කියන එක ෂුවර් ඇත්තක්. මේකත් පිහිටවනු ලැබුවේ ජර්මනියේ. ඒ පළමුවන ලෝක යුද්ධයේ අවසානෙදි වගේ. ජර්මානු උරුමයන් රකින සංගමයක් වගේ පෙන්නගෙන පටන් ගත්තට ඉක්මනින්ට තූලෙ සංවිධානය රූපාන්තරණය වුනේ පිරිසිදු ආර්ය ගෝත්‍රයක් ගැන විශ්වාස කරන නට්සි මතවාදයට. ඇත්තටම කියනවා නං නට්සි මතවාදය එන්නේ තූලෙ සංවිධානයට පස්සේ. එතකොට හිතාගන්න පුලුවන් නේ මේකේ අඬු පඬු කොයි කොයි තැන් දක්වා විහිදිලා තියෙන්න ඇතිද කියලා. බලවත් ජාතීවාදී සංවිධානයක් වුණු තූලෙ සංවිධානය යුදෙව්වන්ට සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ප්‍රසිද්ධියේම කතා කලා. ඒ වගේම දහස් ගණන් සාමාජිකයොත් මේකට එකතු වුනා. රුඩොල්ෆ් හෙස්, ආතර් රොසෙන්බර්ග් වගේ අයත් මේකේ සාමාජිකයෝ. එතකොට හිට්ලරුත් මේකේ හිටියා කියලා දූසමාන ආරංචි තියෙනවා.
No automatic alt text available.
5. The Knights of the Golden Circle: කොළනි සහ වහලුන්

පැරණි ඇමරිකාවේ බිහිවුණු තවත් රහස් සංවිධානයක් වුණු මේ ස්වර්ණමය කවයේ නයිට්වරු කියන්නේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලේ හැදුණු කණ්ඩායමක්. මුලින්ම මේ කට්ටිය සටන් කලේ පිරිහී යන වහල් වෙළඳාම නඟා සි‍ටුවන්න. ඒකට මෙක්සිකෝව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආක්‍රමණය කළ යුතුය යන තැනට පවා මේ කට්ටිය ආවා. කොහොම වුනත් සිවිල් යුද්ධය ආරම්භ වුනාට පස්සේ මේ කට්ටිය ඉක්මනින්ම අභිනව ඒකාබද්ධ රාජ්‍යයට සහයෝගය දක්වන්න පටන් ගත්තා. ඉක්මනින්ම දහස් ගණන් අනුගාමිකයින්ව ‍රැස් කරගත්තු මේ ස්වර්ණමය කවයේ නයිට්වරුන්ගේ සංවිධානයට ලින්කන්ව ඝාතනය කරපු ජෝන් විල්කින්ස් බූත්, ජෙසී ජේම්ස්, ෆ්‍රෑන්ක්ලින් පියර්ස් පවා ඇතුළත් වුනාය කියලා කටකතා තියෙනවා.

කොහොම වුනත් මේ සංවිධානය අනික් රහස් සංවිධාන වගේ රහසේ සැලසුම් හද හදා ඉන්නෙ නැතුව වැඩට බහිනවා. ඉක්මනටම රජයට ද්‍රෝහී වූවන්ගෙන් හැදුණු සන්නද්ධ හමුදාවක් පවා ගොඩනඟා ගන්න මේ සංවිධානය බලයෙන් තමන්ගේ න්‍යාය පත්‍රය දියත් කරන්න තීරණය කරනවා. මේ කට්ටිය 1860 දී මෙක්සිකෝව ආක්‍රමණය කරන්න අසාර්ථක ප්‍රයත්නයක් පවා දියත් කරනවා. මේ යුද්ධය අස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝ වරාය අල්ලාගන්න, අශ්ව කරත්ත සෑහෙන ගණනක් කොල්ල කන්න පවා සමර්ථ වෙන මේ කැරලිකාර කණ්ඩායම කෙටි කාලයකට නව මෙක්සිකෝවේ බලය අල්ලාගන්න පවා සමත් වෙනවා.
No automatic alt text available.
6. Hashshashin: කිරිච්චියේ හා උපායශීලීත්වයේ එකමුතුව

ඇසසින්ස් ක්‍රීඩ් වගේ වීඩියෝ ක්‍රීඩා වලට වහ වැටිලා ඉන්න අපේ කට්ටියට නං මේ සංවිධානය ආගන්තුක නෑ. ඇත්තටම ඇසැසින්ස් කියන නම හැදෙන්නෙත් මේ හෂාෂින්ස් කියන නමෙන්ම තමයි. මේ කට්ටිය නිසාරි යනුවෙනුත් හැඳින්වුනා. ඇත්තටම නං 13 වෙනි ශතවර්ෂයේදී අරාබිකරයේ බිහිවුණු මුස්ලිම් ඝාතකයින් කණ්ඩායමක් වුණු මේ අය නිකම් ජොලියට මිනීමැරුවේ නැහැ. ඇත්තටම මේ කට්ටියට ඇසැසින්ස් කියනවා මිසක් ඝාතකයින් කියන එක හරියන්නේ නෑ.

ඕමාර් ඛය්යාම්ගේ සමකාලීනයෙක් වුණු හසන් බින් සබාගේ නායකත්වයෙන් යුතුව අලාමුත් කන්දේ සිය බලකො‍ටුව පිහි‍ටුවාගත් මේ හෂාෂින්ස්ලාට ඝාතනය කරන්න ඉලක්ක ලබාදුන්නේ හසන් බින් සබා. මේ ඉලක්ක ඇත්තටම උපක්‍රමශීලීව රාජ්‍ය තන්ත්‍රයන්ට බලපෑම් කරන්න මර්මස්ථාන වල හිටි පුද්ගලයින්. ඝාතනයට අමතරව අලාමුත් කන්දේ සම්භාෂණ වලට ගෙන්නලා කංසා බොන්න දීලා, රති කෙලියට ගැහැණුන් ලබාදීලා ආණ්ඩු පෙරළන්න පවා මේ හෂාෂින්ස්ලා කටයුතු කරනවා. පස්සෙන් පහුවෙනකොට මේ හෂාෂින්ස්ලා ගැනත් නොයෙකුත් කටකතා, මිත්‍යා විශ්වාස ලෝකේ පුරා පැතිරුනා විතරක් නෙවෙයි, නොයෙකුත් නිර්මාණ වලටත් පදනම් වෙනවා.
Image may contain: 9 people, hat
7. Ashoka’s Nine Unknown Men: අශෝක රජුගේ රහස් සංවිධානය

ඉන්දියාවේ වාර්තාගත වී තිබෙනා එකම, සමහරවිට පැරණිතම සංවිධානය වෙන්නේ ‘අශෝකගේ නොදන්නා නව දෙනාගේ’ සංවිධානය කියන්න පුලුවන්. සමහර විට මේක ලෝකේ තිබුණු ප්‍රබලම සංවිධානය කියන්නත් පුලුවන්, ඒකේ හිටියේ නිශ්චිත අරමුණක සිටි ප්‍රබල පුද්ගලයෝ නව දෙනෙක් විතරක් වීම නිසාම. කොහොම වුනත් චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක වීම ගැන කතන්දරේ අපි ඔක්කොම දන්නවනේ. ඉන් පස්සේ තමයි මේ රහසිගත සංවිධානය් ගැන අහන්නට ලැබෙන්නේ. කථාවේ හැටියට ක්‍රිස්තු පූර්ව 270 කාලයේදී මෞර්ය වංශික අශෝක රජතුමා කාලිංගය ජය අරන් අපි දන්න කතන්දරේ සිද්ධ වුනාට පස්සේ ආධිපත්‍යය ගැන තියෙන අදහස වෙනස් වෙනවා. රජතුමා ලෝකේ හැම දේකටම යතුර අතේ තියාගෙන ඉන්න; ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍ර වල නව දෙනෙක් එක්ක මේ රහස් සංවිධානය පිහි‍ටුවනවා. මේ කට්ටියට පැවරෙන වගකීම වෙන්නේ ලෝකේ වෙනත් මිනිස්සු වැරදියට පාවිච්චි කරන්න පුලුවන් තොරතුරු ‍රැක ගන්න එක සහ සංවර්ධනය කරන එක. මේ කතන්දරේට පොත් නවයකුත් ඇතුලත් වෙනවා පුරාවෘත්තයේ හැටියට. මේ කතාව ලෝකය හමුවට එන්නේ 1923 වසරේ ටැල්බට් මුන්ඩිගේ නවකතාවක් විදියට.

Tuesday, November 7, 2017

අපායට පිවිසෙන එක් දොරටුවක්.


Image may contain: sky and outdoor

ඉතාලියේ රෝම නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට බඳුන් වූ පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස කොලෝසියම හැඳින්විය හැකිය. මෙය නූතන ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙසද නම් කර ඇති අතර එය ෆ්ලේවියන් රංග පීඨය ලෙසද හඳුන්වනු ලැබේ. ක්‍රිස්තු වර්ෂ 72 දී ෆ්ලේවියන් අධිරාජ්‍යයේ ආරම්භක 
අධිරාජ්‍යයා වූ වෙස්පාසියන් අධිරාජ්‍යයා විසින් ඉදිකිරීම ආරම්භ කරන ලද මෙම සුවිසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වූයේ ක්‍රිස්තු වර්ෂ 80 දී වෙස්පාසියන් අධිරාජ්‍යයාගේ මරණින් වසරකට පසුවය.Image may contain: outdoor
වෙස්පාසියන් අධිරාජ්‍යයාට අවශ්‍ය වූයේ මෙම රංග පීඨය රෝමයේ පමණක් නොව ලොව අංක එකේ වනසත්ව ප්‍රරදර්ශන සටන් සිදු කරන ස්ථානයක් බවට පත් කිරීමය. ඔහුගේ මරණයත් සමග ඔහුගේ පුතු ටයිටස් කුමරු විසින් මෙම ස්ථානය පවත්වාගෙන යාමේ කටයුතු භාරගෙන තිබිණි. ඒ අනුව රෝමයේ අතිදක්ෂ ග්ලැඩියේටර්වරුන්ගේ සටන් සහ සිංහයන් ඇතුළු දරුණු වනසතුන්ගේ සටන් මෙහිදී රෝම වැසියන්ට දැක බලා ගන්නට හැකියාව ලැබිණි.
රෝම ඉතිහාසය පවසන අන්දමට වන සත්ව සටන් පැවැත්වීමට දින නියම කරගන්නා මොහොතේ සිට සති ගණන් හෝ මාස ගණන් මෙම ස්ථානයේ රඳවා ඇති වන සතුන්ට ආහාර ලබා දීම සීමා කෙරේ. දිනකට කිලෝ 100ක් පමණ බරැති ගවයෙකු ආහාරයට ගත හැකි සිංහයන් වෙත ලැබෙන්නේ කිලෝ 15ක පමණ මස් කුට්ටි පමණි. එවැනි ක්‍රම මගින් ඔවුන්ගේ කුසගින්නත්, වියරුවත් උග්‍රකර අවසානයේ සටන් බිමට එවනු ලබති. සමහර අවස්ථාවල මෙවැනි සිංහයන් සහ ග්ලැඩියේටර්වරුන් අතර පවා සටන් පැවැත්වේ. එවැනි සටන්වලදී දරුණු සිංහයන් පරදවා ග්ලැඩියේටර්වරයා සටනින් ජය ගතහොත් ඉතා ඉහළ මිලකට එම ග්ලැඩියේටර්වරයා වෙන්දේසි කිරීමට කටයුතු කරනු ලැබේ.
ලෝකයේ බොහොමයක් රටවල් මෙම ගොඩනැගිල්ල හඳුන්වනු ලැබ ඇත්තේ අපායට පිවිසෙන දොරටු හතෙන් එක්
දොරටුවක් ලෙසිනි. එයට හේතුව සටන් කිරීම සඳහා මෙම ස්ථානයට ඇතුළුවන ඕනෑම පුද්ගලයෙකුට, විශේෂයෙන්ම ග්ලැඩියේටර්වරයෙකුට ඉන් පිටවීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින් වන බැවිනි. බොහෝවිට සිදු වන්නේ ඔවුන්ට ජීවත් වන්නට අවස්ථාවක් නොලැබ එය තුළදීම වන සත්වයෙකුගේ හෝ වෙනත් සටන්කරුවෙකුගේ මරු පහරින් මිය යන්නටය. රෝම ඉතිහාසයේ සඳහන් වන පරිදි කොලෝසියම තුළ දී සටන් කරනු ලැබ මිය ගිය ග්ලැඩියේටර්වරුන් ගණන ලක්ෂය ඉක්මවා තිබේ. වන සතුන් ගණන තිස් දහසක් පමණවේ. ඊට අමතරව විවිධ වැරදිවලට හසු වූ රෝම වැසියන් පනස් දහසකට අධික පිරිසක් කොලෝසියම තුළදී විවිධ වද හිංසාවලට ලක්ව මරණයට පත් කර තිබේ. ඒ නිසා එය වධකාගාරයක් ලෙස ද හැඳින්විය හැකිය. එනම් අධික කුස ගින්නේ පසුවන වන සතුන්ගේ ආහාර ලෙස ඔවුන්ගේ කූඩු තුළට දැමීමෙන් සහ පණ පිටින් ගිනි තැබීමෙන් ඔවුන් මරණයට පත් කර තිබෙන්නේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද බවද වාර්තා වේ.
කොලෝසියම නම් වූ මෙම ගොඩනැගිල්ලේ උස මීටර් 48කි. එවකට රෝම අධිරාජ්‍යවරුන්ගේ මන්දිර පවා එතරම් උසින් යුක්තව ඉදිකෙරුණේ නැත. කොලෝසියම මෙතරම් උසින් වැඩි වන පරිදි ඉදිකර තිබෙන්නේ එය තුළ සිදුවන අමානුෂික සහ කෲර සිදුවීම් ලෝකයෙන් ස`ගවන්නට විය යුතු බව ඉතිහාසඥයන්ගේ අදහසයි. කොලෝසියම පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන දෛවඥයන්ට අනුව අතීතයේ සිට විසි වන සියවසේ මුල භාගය වන තුරු කොලෝසියම තුළ දරුණු භූතාත්ම සැරිසරා තිබේ. ඔවුන් ‘බ්ලැක් මැජික්’ නමින් හඳුන්වන මරණයේ ක්‍රීඩාව කරමින් කොලෝසියම තුළ සැරිසැරූ බවද රාත‍්‍රී කාලයේ කොලෝසියම තුළට ඇතුළු වන ආරක්ෂකයන් බිය වද්දමින් මරණයට පත් කර ඇති බවද පැවැසේ.
නමුත් 1990 වසරින් පසු රෝම රජය විසින් කොලෝසියම සංරක්ෂණය කර එය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමෙන් පසු ඉහත කී භූතාත්ම සහ නපුරු ආත්ම එම ස්ථානය අතහැර නැවතත් අපාය වෙතම ගොස් ඇති බවත්, යම් යම් කාලවලදී ඔවුන් නැවතත් කොලෝසියම තුළට පැමිණ සංචාරකයන් බියවද්දන බවත් දෛවඥයන්ගේ අදහසයි. එපමණක් නොව, රෝම නගරය අද දක්වාත් ලෝකයේ නම් දැරූ නගරයක්ව පවතින්නට හේතුව කොලෝසියම තුළ සැරිසරන යහපත් ආත්ම බවටත්, යම් දිනක කොලෝසියම විනාශ වුවහොත් එම යහපත් ආත්මයන් විසින් රෝම නගරයද විනාශයට ඇද දමන බවටත් මතයක් තිබේ. මේ නිසා සදාකාලිකවම කොලෝසියම විනාශ වන්නට ඉඩ නොදී ආරක්ෂා කළ යුතුය යන්න ඔවුන්ගේ අදහසය.

දළඳා හිමි සඟවා තැබූ මාලිගාතැන්න.

මාලිගාතැන්න යන නම සහිත ස්ථාන අපේ රටේ බොහෝ ප්‍රදේශ වලින් හමුවනවා. ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මාලිගාතැන්න ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. මාලිගාතැන්න යනුවෙන් පැවසීමේ දී මාලිගාවක් ඇති බව හැඟුණත් එනමින් බොහෝ විට විස්තර වන්නේ එවන් ස්ථාන වල පැරණි රජ කෙනෙකුගේ තාවකාලික වාසස්ථානයක් තිබූ බවයි. පැරණි රජ වරුන් සහපිරිවරින් දුර ගමන් යන අවස්ථාවලදී විවේක ගන්නා ස්ථාන වල ඉදිකරනු ලබන තාවකාලික නිවහන් හැඳින්වූයේ 'ගමන් මාලිගාව' යනුවෙන්. නමුත් මේ මාලිගාතැන්නේපිහිටීම අනුව අතීතයේ රජදරුවන් කිහිප දෙනෙකුම ස්ථිරව හෝ තාවකාලිකව මෙහි වාසය කළ බව ඕනෑම කෙනෙකුට ඒත්තු යනවා. ඒ අතරින් වළගම්බා රජු මෙහි වාසය කළ බව සාධාරණ ලෙස ඒත්තු යනුයේ ඒ අවට ඇති පිළිකුත්තුව සහ වාරණ යන ලෙන් විහාර ආශ්‍රිතව බ්‍රාක්මීය අකුරින් ලියැවුණු ලෙන් ලිපි හමුවන නිසයි.

මේ මාලිගාතැන්න සම්බන්ධ තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙහි දළඳා වහන්සේ තාවකාලිකව වඩා හිඳවූ බවට පත්නා විශ්වාසය නිසයි. කෝට්ටේ යුගයේ සිටි හිරිපිටියේ රාළ නම් ඒකනායක පරපුරේ දියවඩන නිලමේවරයෙකුට 'කොට්ටේ කලාලේ දත මැදගන් රාළේ' යනුවෙන් සිහිනයෙන් ලැබුණු පණිවුඩයක් මත පෘතුගීසීන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස සීතාවක රජ කළ මායාදුන්නේ රජුට බාර දුන් බව ප්‍රකට කරුණක්.

කෝට්ටේ රාජධානියෙන් දළඳාව සීතාවක රාජ්‍යයට අයත් කුරුවිට දෙල්ගමුව රජමහාවිහාරයට වැඩම වන තුරු මෙම මාලිගාතැන්නේ වඩාහිඳවූ බවත් එහිදී නිරතුවම දළඳා වහන්සේට පිඳුම් දුන් බවත් ඉන් පසුවද දළඳා වහන්සේ වඩාහිඳුවා තිබූ එම පර්වත මස්ථකයට පුෂ්පෝපහාර පැවැත්වූ බවත් ජනශ්‍රැතියෙහි සඳහන් වෙනවා. එසේ පුෂ්පෝපහාර පැවැත්වීම සඳහා මල් වැවූ ප්‍රදේශය හිරිපිටියේ රාළගේ නම ද එක්කොට 'මල්වතු හිරිපිටිය' යනුවෙන් නම් කළ බවත් එම ප්‍රදේශය අද ද එනමින්ම හැඳින්වෙන බවත් ප්‍රකට කරුණක්.කොළඹ නුවර ‍ප්‍රධාන මාර්ගයේ ගම්පහ, මිරිස්වත්ත හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් පහක් පමණ ගිය විට ගම්පහ දිසාවේ සුවිසල්ම වන ගහනයක් සහිත පිළිකුත්තුව රජ මහ විහාරය හමුවෙනවා. පැරණි බ්‍රාහ්මීය සෙල්ලිපි සහිත මෙම පුදබිමේ සිට තවත් මීටර් 500 ක් පමණ ගිය විට මෙම මාලිගාතැන්නට පිවිසිය හැකියි. සුවිසල් ගල් පර්වතයක පිහිටා ඇති මෙම මාලිගා තැන්නෙහි පහළ කොටස දැන් 1924 වසරේ සිට ආරන්‍ය සේනාසනයක් ලෙස ප්‍රකට වී තිබෙනවා. එම සේනාසනය පසුකොට දුර්ග මාර්ගයක් ඔස්සේ කඳු මුදුනට පිවිසෙන ඔබට ඉතා රමණීය වටපිටාවක් දැක ගන්නට පුළුවන්. මෙම දුර්ග මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී සුවිශේෂ පිහිටීමක් වන ගල් දෙබොක්කාවක් මැද්දෙන්ද ඔබට ගමන් කිරීමට සිදුවෙනවා. අතීතයේ එක්තරා අවස්ථාවක මෙම ගල් දෙබොක්කාව මැදින් ගමන් කළ ඇතෙකු එහි සිරවී මිය ගිය පුවතක් එම ප්‍රදේශයේ පැරැන්නන් අතර අදත් ප්‍රචලිතව පවතිනවා.පියසේන නිශ්ශංක ශූරීන් ලියූ පසුව සිනමාවට ද නැගූ 'වදුල' නවකතාවට පසුබිම් වී ඇත්තේ මෙම මාලිගාතැන්න කඳු ආශ්‍රිත ගැමි පරිසරයයි.

පහතට රට තෙත් කලාපයට ආවේණික ස්වභාවික වෘක්ෂලතාදියෙන් බහුල මෙම මා හැඟි පරිසර පද්ධතිය වන සංහාරකයන්ගේ හා පුරාවස්තු සංහාරකයන්ගේ ගොදුරු බිමක් බවට පත්වීම කණගාටුවට කරුණක්.

ඒ කෙසේ හෝ කෑමට යමක් සහ බීමට ජලය රැගෙන පැය කිහිපයක විවේකය අත්විඳීමට කැමති ඔබට මේ මාලිගාතැන්න කදිම එක් දින චාරිකා ගමනාන්තයක් වනවාට සැක නැහැ. නමුත් මෙහිදී පොලිතින් ප්ලාස්ටික් ආදී පරිසරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් මෙහි නොහෙලා යාම ඔබ සතු යුතුකමක් සහ වගකීමක් බවද කිවයුතුමයි.

Monday, November 6, 2017

නිවැරදිව බුදු පහන දල්වා ජීවිතය ආලෝකවත් කරගන්න

නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද?

උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවස එළිය වෙන්නට ඇති.

නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක්‌ නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර අනන්තවත් ඇත.


එහි වරද ඔබගේම ය.

පවුලේ සතුට – සමගිය – දියුණුව දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව ඇතිකර මාරක බාධක අනතුරු දුරු කරගෙන යහපත් ජීවිත ගතකිරීමට එයින් හැකිවේවි. දරුණු නවග්‍රහ අපල, ඒරාෂ්ඨක අපල වලින් පවා ඔබව ගලවා ගන්නේ බුදු පහනේ ආලෝකයයි. එයින් සතුටට පත්වන විශ්වයේ බලයයි. සම්‍යක්‌දෘෂ්ඨික දේව සමූහයායි. බුදුගුණ බලය තව අවුරුදු 2500 ක කාලයකට ඉදිරියට ඇත. බුදුගුණ බලය අනන්තයි, අප්‍රමාණයි.

නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න.

* ඔබ තබන පහන පිරිසිදු විය යුතුයි. මාළු හෝ මස්‌ වැනි දේ හෝ වෙනත් පිළී වර්ගයක්‌ අතගා බුදු පහන අල්ලන්නට එපා.

* හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක්‌ නැත.

* මුහුණ ඇඟ පිරිසිදු වගේම හිත ද පිරිසිදු කර ගන්න.

* බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසිදුව තබා ගන්න. වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පිරිසිදු භාජනයක්‌ පැන් පෙරා තබා ගන්න.

* සුදු කහ මල් තබන්න

* බුද්ධ පූජාවට වෙන් කළ යමක්‌ තිබේ නම් බත්, පාන් හෝ ඉඳිආප්ප ආදී කෑම වර්ගයක්‌ තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසිදුම තෙල් දමා ගන්න.

* මේ පහන තව භාජනයක්‌ මත තබා ගන්න. එහි විශේෂ බව මේ ලිපිය කියවා අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

* බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක්‌ තබන්නට එපා. පලතුරක්‌ අතුරුපසට යමක්‌ තබා ගන්න.

මෙය අමාරු දෙයක්‌ නොවේ.

ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන් කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක්‌ සිතුණේ නැහැ නේද?

ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක්‌ වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස්‌ ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න ඔබ සතුටින්ම මෙය කරන්න.

මොකට තබනවාද විසි කරනවානේ අපරාදේ කියා සිතන්නට එපා.

මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරුපස වෙන් කරන බව සිතන්න.

නිවසට ගෙනෙන පැණි රස කැවිලි, තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක්‌ නම් පොඩි කොටසක්‌ සිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරුපස වෙන් වූ හැටි. අමතර වියදමක්‌ ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක්‌ බව සිතුනේ නැහැ නේද?

ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකිs අයුරු කරන්න. බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන.

මේ විශ්වයේ එකම එක විශේෂ බලයක්‌ පවතිනවා, එකම බලය සත්‍යයේ බලයයි.

විශ්වයේ කොපමණ බලයක්‌ තිබෙනවාද ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක්‌ කළහ. එය අධිෂ්ඨානයක්‌ වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වළඳා පාත්‍රය උඩු ගම් බලා යේවායි අධිෂ්ඨාන කළේ ය. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය, ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.

මේ ලෙස පත්තිනි දේවියත් තම ස්‌වාමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළාය. ඒ තම පති භක්‌තියේ සත්‍ය බව ඔප්පු කරමිනි.

* බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක්‌ කියන්න.

* සබ්බ පාපස්‌ස ගාථාව 7 වරක්‌ කියන්න.

ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා.

සබ්බ පාපස්‌ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.

මේ ලෙස කාලයක්‌ම කරන විට දින සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවී යහපත උදා වන බව තමාටම අත්දැක ගන්න ලැබේවි.

කුසලය සත්‍ය නැතිව තබන බුදු පහනෙන් බලයක්‌ පිහිටන්නේ නැහැ. නමුත් පින පවතිනවා. සත්‍යයේ බලයක්‌ නැහැ.

තවත් විශේෂ දෙයක්‌ තිබෙනවා.

අභිනව පහන් තැබීමට සුදුසුම වේලාව

නිවසේ අලුතින් බුදු පහන තබන අයට හා බුදු පහන සත්‍යයේ පිහිටා තබන්නට සිත හා අධිෂ්ඨාන කරන අයට සුබ හෝරාවක පහන තබන්න. අභිජිත් කියන බොහෝ ගුණ දෙන ප්‍රබල මුහුර්ථය උදාවන වේලාව ඉර උදාව අනුව ශුද්ධ කර ගන්න. එය අභිනව පහන් තැබීමට සුදුසුම වේලාවයි.

ඉර උදාව උදේ 6 ලෙස සලකාගෙන ඔබට පහසු දින 2ක්‌ මේ සමඟ සඳහන් කරන්නම්.

* ඉරිදා උදේ 11.00 ට බ්‍රහස්‌පති හෝරාව උදාවේ. සෙනසුරුගේ පංචම හෝරාවේ මෙම අභිsජිත් මුහුර්ථය උදාවෙයි. (ඉර උදාව අනුව වේලාව සකසා ගන්න.)

දින 7 තුළ අභිජිත් මුහුර්ථය යෙදෙන වේලාවන් ඇති නමුත් සඳුදා දිනය උදේ 6 ඉර උදාව සේ ගත්විට උදේ 10 ට රවි ග්‍රහයාගේ හෝරාවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මෙම අභිsජිත් කියන ශුභ මුහුර්ථය උදාවේ.

මේ මුහුර්ථ කාලයේ දී බොහෝ ශුභ කටයුතු කරන අතර බුදු පහන අලුතින් තැබීම ආරම්භ කිරීමට ද ශුභ වෙයි.

තමාට ශුභ දිනයකට යෙදෙන අභිsජිත් මුහුර්ථය ඔබට ඔබගේ ජ්‍යෙdතිෂවේදීන් ලවා සාදවා ගෙන කටයුතු කළ හැකියි.

මේ මගින් නිවසේ පවතින වාස්‌තු දෝෂ පවා මඟහැරී යනු ඇත. අණවින කොඩිවින පවා ඉගිලී යනු ඇත. උතුම් බුදුගුණ හා තුණුරුවන්ගේ බලය අසීමිතයි.

දුව පුතාගේ විභාග ආදියට යන විට අධිෂ්ඨාන කරන්න. මාගේ සත්‍යයේ බලයෙන් දරුවන්ට ජය වේවායි පතන්න. ප්‍රබල ශුභ දශාවක්‌ ලබා නම් ගුණ අධිකව ලැබේ.

* පහනේ තෙල් නළලත තිලක තබන්න. මා කියූ පරිදි පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල් වල බලයක්‌ මතු වෙනවා එම තෙල් බිඳක්‌ හිස ගල් වන්න. රෝග පවා සුව වෙයි.

බොන බෙහෙත්වල ගුණ ලැබෙයි. ලෙඩක්‌ හැදුණත් එක බෙහෙතෙන් සුවය ලබයි. පවුලේ සතුට සමඟිය ඇතිවේ. ධනය ගෞරවය ලැබේ. මේ සත්‍ය ක්‍රියාව අත්හදා බලන්න.

තෙරුවන් සරණයි

පණ්‌ඩුකාභය රජ කතාවේ නොදන්නා කතාව

පඬුවස්‌දෙව් රජුට දාව භද්දකච්චායනා ශාක්‍ය කුමරිය පුතුන් දහදෙනකු හා එක්‌ දියණියක්‌ ලබයි. පුතුන් දහදෙනාගේ වැඩිමල් කුමරු අභයයි. බාලම දියණිය අතිශය රූමත් විය. දුටු දුටුවන් ඇගේ රූපයෙන් උමතු වූ බැවින් ඇය 'උන්මාද චිත්‍රා' නම් වූවාය. අනාගතය දකින බමුණෝ චිත්‍රාට දරුවෙක්‌ ඉපදුණහොත් ඔහු මයිලණුවන් මරා දමන බව කියති. සහෝදර කුමාරවරුන් ඒ අසා චිත්‍රා මැරීමට සැරසෙති. වැඩිමල් අභය කුමරු ඒ වළක්‌වයි. කිසිවෙකුටත් ළඟාවිය නොහැකි උස්‌ එක්‌ටැම්ගෙයක සේවක රැකවල් මැද චිත්‍රා කුමරිය නවත්වයි. ඒ එක්‌ටැම්ගේ දොර කිසිවෙකුට ඇතුළු විය නොහැකි පරිදි රජුගේ යහන් ගබඩාව අසල විය.

පඬුවස්‌දෙව් රජු කල භද්දකච්චානා කුමරියගේ සහෝදරවරු හයදෙනෙක්‌ ලංකාවට පැමිණ ඔවුන්ගේ නම්වලින් කුඩා නගර පිහිටුවා තැනින් තැන පදිංචි වෙත.s ඉන් දීඝ කුමරු පිහිටු වූ නුවර "දීඝායු ගම" නම් විය. මෙම දීඝ කුමරුට "දීඝ ගාමිණී'' නම් පුතෙකු= වෙයි. දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා ගැන ඇගේ රූපය ගැන අසා දැකීමට ආශා ඇතිව උපතිස්‌ස ගමට ගොස්‌ රජු බැහැ දකියි. මේ වන විට පඬුවස්‌දෙව් රජු මියගොස්‌ කුමාරවරුන් දහදෙනොගේ වැඩිමලා වූ අභය උපතිස්‌ස නුවර රජකම් කරයි. අභය රජු තරුණ දීඝගාමිණී කුමරුට උප රාජ පදවිය හා රජුට උවටැන් කිරීම පවරයි. රජ මැඳුර අසල මුරකාවල් මැද එක්‌ටැම්ගෙයි සිරකර සිටින උන්මාද චිත්‍රා කුමරිය දීඝගාමිණී කුමරු දකියි. චිත්‍රා කුමරියගේ සිත කුමරු වෙත ඇදී යයි. ඒ කුමරු කුමරියගේ මාමාගේ පුතා බව දාසිය කියයි. දීඝගාමිණී කුමරු කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී රාත්‍රි කාලයේ යන්ත්‍රයක ආධාරයෙක්‌ එක්‌ටැම්ගෙයට නැඟ කුමරිය සමඟ කල් ගෙවා අලුයම බැස යයි. දෙදෙනාගේ ආශ්‍රය දැඩි රහසක්‌ වෙයි. කුමරු නිසා චිත්‍රා ගැබිණියක වෙයි. දාසිය දැන් මෙම රහස මව්බිසවට දන්වයි. ඇය එය රජුට දන්වයි. ඉන්පසු කුමාරවරු රජු හා එක්‌ව චිත්‍රා දීඝගාමිණී කුමරුටම පවරා දෙයි. චිත්‍රාට පුතකු ඉපදුණොත් මරා දැමීමට තීරණය කරති. රජ කුමාරවරු චිත්‍රා කුමරියට රැකවල් සැපයූ චිත්‍ර හා කාලවේල යන දාසයන් දෙදෙනා මරා දමති. ඒ දෙදෙනා යක්‍ෂයන් ව ඉපිද චිත්‍රා කුමරියට රැකවල් දෙයි. දරුවා ලැබෙන කාලය වන විට චිත්‍රා කුමරිය අත් උදව්වට තවත් ගැහැනියක්‌ නවත්වා ගනියි. ඇය ද ගැබිනියකි. චිත්‍රා කුමරිය පුතෙකු ලබයි. ගැහැනිය දුවක්‌ ලබයි. චිත්‍රා තම පුතා ගැහැනියට දී ඇගේ දූ කුමරිය ලබා ගනී. කුමරිය තම පුතා මාරු කළේ ආරක්‍ෂාව පිණිසය. චිත්‍රා කුමරිය දුවෙකු ලැබූ බව අසා සහෝදර කුමාරවරු සතුටු වෙති. අලුත උපන් කුමරුගේ ආරක්‍ෂාව පතා ළදරු කුමරු කරඬුවක බහා දාසියක්‌ විසින් දොරමඩලා ගමට ගෙන යයි. රජ කුමාරවරු කැලෑවේ මුව දඩයමට ගොස්‌ සිටියදී කරඬුව ගෙන යන දාසිය දකියි. තොප කවුද? යන්නේ කොහිද? විමසති. දොරමඩලාවට යමි. මගේ දියණියට ගෙන යන කැවුම් මෙහි ඇත. දාසිය කියයි. කරඬුව බිම තැබීමට කුමාරවරු කියති.

යක්‍ෂයන්ව ඉපිද සිටින චිත්‍ර - කාලවේල යක්‍ෂයන් ඌරු වෙස්‌ මවාගෙන කුමාරවරු ඉදිරියේ දිව යැමට වූහ. කුමාරවරු ඌරා ලුහුබැඳ යති. දාසිය දොරමඩලාව ගමට ගොස්‌ ගමේ ප්‍රධානියාට ළදරු පණ්‌ඩුකාභය කුමරු භාර දී කුමරුගේ වියදමට මසුරන් දහසක්‌ දෙයි. එදාම ගම් ප්‍රධානියාගේ බිරිඳ ද දරුවකු ලබයි. ඇය දරුවන් දෙදෙනෙකු ලැබූ බව පවසා පණ්‌ඩුකාභය කුමරු රහසේ දොරමඬලාගම ගම් ප්‍රධානියා ළඟÊඇති දැඩි වෙයි. දැන් කුමරුට වසය හතකි. චිත්‍රා පුතකු ලබා ඔහු රහසේ ඇති දැඩි වන බව කුමරුගේ මාමලා දැන ගනිති. දිනක්‌ ඔවුහු දොරමඩලාගම වට කරති. කුමරු එදා ගමේ දරුවන් සමඟ විලක දිය ක්‍රීඩා කරයි. කුමරුන්ගේ උදව්කරුවෝ විල වට කොට ළමුන් මරා දමති. ජලයට යට වී තිබූ විශාල රුක්‌ සිදුරක කුමරු සැඟ වී දිවි බේරා ගනියි. විල අද්දර තිබූ රෙදිකඩ ගණන් කර සියලු දරුවන් මැරූ බව ඔවුහු කියති. රහසේ වැඩෙන කුමරුට දැන් වයස දොළසකි. දොරමඩලාගම වැඩිදෙනා ගොපල්ලන් ය. එදා මේ ගොපල්ලෝ සතෙකු මරා මස්‌ පුළුස්‌සා ගැනීමට ගින්දර ගෙන ඒමට කුමරු ගමට යවයි. මාමලාගේ උදව්කරුවෝ එදා දෙවැනි වරට ගම වටලති. එක්‌රැස්‌ වී සිටි සියලු ගොපල්ලෝ මැරුම් කති. ගිනි ගෙන ඒමට ගමට ගිය කුමරු බේරෙයි. දැන් කු=මරු දහසයවැනි වියට එළඹෙයි. මව කුමරුට මසු දහසක්‌ එවයි. පණ්‌ඩුකාභය කුමරු ශිල්ප ඉගෙනුම හා ආරක්‍ෂාව පිණිස දකුණු දිග, පණ්‌ඩුල නමැති වේදය මනාව දත් බමුණා වෙත යවයි. තම නක්‍ෂත්‍ර දැනුමෙන් කුමරුගේ අනාගතය ඉතා වාසනාවන්ත බව දුටු පණ්‌ඩුල බමුණා කුමරුට ශිල්ප දෙයි. පණ්‌ඩුලගේ පුතා වූ චJද්‍ර කුමරු සමඟ ඉගෙනුම ලබයි. ඉගෙනුම නිමා කළ කුමරුට බමුණා සේනාව රැස්‌කර ගැනීමට මසුරන් ලක්‍ෂයක්‌ හා තම පුත් චJද්‍ර ද භාර දෙයි.

පණ්‌ඩුකාභය කුමරු ප්‍රසිද්ධියේ තම නම හෙළිකොට මාමලාට විරුද්ධව කැරැලි ගැසීම අරඹයි. කසාගල ගමට යන විට හත්සියයක්‌ ඔහුට එක්‌වෙයි. ඉන්පසු ගිරිකඩපව් වෙත යන විට ඔහුගේ සේනාව 1200 වෙයි. ගිරිකඩ ප්‍රදේශය පාලනය කළේ පණ්‌ඩුකාභය කුමරුගේ මාමා වූ ගිරිකණ්‌ඩශිව කුමරුය. එදා කුමරු යන විට කිරියසියයක කුඹුරු යායේ ගොයම් කැපෙයි. තම පියාට හා සේවකයන්ට කෑම රැගෙන ගිරිකණ්‌ඩශිවගේ දුව වූ රූමත් පාලි යානාවක නැඟී පිරිවර සමඟ යයි. කුමරුට ඇය නෑකමින් මාමාගේ දුවය. කුමරු තම පිරිවර ලවා ඇය වටකර තොරතුරු විමසයි. කුමරිය ගෙන යන බත් කුමරුගේ පිරිවරට බෙදා දීමට සැරසෙයි. නුග ගසක්‌ මුලදී පිරිවරට බත් දීමට ඇය නුග කොළ කඩයි. ඇගේ පිනෙන් ඒ නුග කොළ රන්බඳුන් වෙයි. ඇය අත ගැසූ නුග පත් රන් බඳුන් වූ නිසා ඇය 'ස්‌වර්ණපාලි' නම් වෙයි. මුළු පිරිවරට බත් දුන්නත් ඒ අඩු නොවෙයි. පණ්‌ඩුකාභය කුමරු ස්‌වර්ණපාලි කුමරිය රැගෙන පලා යයි. ඇගේ පියා යෑවූ සෙනඟ කුමරු ලුහුබඳියි. ඒ ගැටුම වූ ස්‌ථානය කලහ නගර නම් වෙයි. කුමරු සමඟ සටනට ස්‌වර්ණපාලිගේ සහෝදරවරු පස්‌දෙනෙක්‌ වෙයි. චJද්‍ර බමුණා ඔවුන් මරා දමයි. ඒ ලේ වැටුණු බිම ලේවාකඩ නම් වෙයි.

පණ්‌ඩුකාභය කුමරු දොළුගලට ගොස්‌ සේනාව රැස්‌ කරමින් අවුරුදු හතරක්‌ කල් ගෙවයි. කුමරුගේ මාමලා සටනට එති කුමරු සමඟ සටනට ඔවුහු දුම්රග්ගල කඳවුරු බඳති. කුමරු තම මාමලා මහවැලි ගඟෙන් එගොඩට පන්නයි. මේ අතර උපතිස්‌ස නුවර අභය රජු මහවැලි ගඟෙන් එතෙර පාලනය ගෙන යන ලෙස රහසේ කුමරුට දන්වයි. ඒ අසා සහෝදරවරු නවදෙනා වැඩිමල් අභය රජුට දැඩි ලෙස විරුද්ධ වෙති. අභය රජකමෙන් ඉවත් වෙයි. උපතිස්‌ස නුවර අවුරුදු විස්‌සක්‌ රජ කළ අභයට පසු සහෝදරවරු නවදෙනාගෙන් තිස්‌ස රජකමට පත්කර ගනී.

දුම්රක්‌ගල ෙච්තියා යකින්න වෙලඹ වෙස්‌ ගෙන තිබිරියංගනවිලේ ඇවිදියි. කුමරු ඇය ලුහුබඳියි. විල වටා වෙළඹ හත්වටයක්‌ දිව යයි. මහවැලි ගඟෙන් එතෙරව නැවත දුම්රක්‌ගල වටා හත්වටයක්‌ දුවයි. එක දිගට ඇය ලුහුබැඳි කුමරු වෙළඹගේ වල්ගයේ එල්ලෙයි. කුමරු වෙළඹ වෙස්‌ ගත් ෙච්තියා යකින්න මැරීමට කඩුව අදියි. රජකම ලබා දීමට උදව් වන බව කියා ඇය තමාට අභය ඉල්ලයි. වෙළඹ පිට නැඟී දුම්රක්‌ගලට ගොස්‌ අවුරුදු හතරක්‌ පිරිවර රැස්‌ කොට රිටිගල හත් අවුරුද්දක්‌ ද කුමරු කල් ගෙවයි. අභය හා ගිරිකණ්‌ඩශිව හැර ඉතිරි මාමලා අට දෙනා රිටිගල කඳවුරු බඳිති. ෙච්තියා වෙළඹ වෙස්‌ ගත් ෙච්තියා යකින්න පිට නැගී කුමරු සේනාව පිරිවරා සටනට එයි. මාමලා එවූ යුද සෙනෙවියා පලා ගොස්‌ සැඟවුණු ස්‌ථානය සේනාපති ගුම්බක නම් වෙයි. මාමලා අටදෙනාම සමඟ ඔවුන්ගේ සේනාව මැරුම් කති. ඔවුන්ගේ සියලු හිස්‌ කපා ගොඩ කරන ලදුව එය ලබුගෙඩි රැසක්‌ විය. ඒ නිසා එය ලබුගම නම් වෙයි. සටනින් දිනූ පණ්‌ඩුකාභය කුමරු තම මුත්තා වූ අනුරාධ වෙත යයි. නිමිතිකරුවන් ලවා සුබ නැකත් ගෙන වාස්‌තු විද්‍යා දත් අය ලවා අනුරාධපුර නගරය පිහිටුවයි. මැරුම් කෑ මාමලාගේ සේසත් පෙන්වා විලකින් සෝදා අභිෂේක ලබයි. ස්‌වර්ණපාලි අගබිසව වෙයි. පණ්‌ඩුලගේ පුත් චJද්‍ර කුමරු පුරෝහිත වෙයි. තමාට හිතවත් වූ අභය රජුට රජකම භාරදෙයි. තම ස්‌වර්ණපාලිගේ පියා වූ ගිරිකණ්‌ඩශිවට ගල්කඩ රටම දෙයි. අනුරාධපුර නගරය පිහිටුවා අවුරුදු හැත්තෑවක්‌ රජ කරයි.

පතුල නැති නිලාවරෙයි ලිද ....


යාපනයේ පොළොව ගුප්ත එකක්. එක් තැනක් සම්පූර්ණයෙන් සිප්පි කටුවෙන්හුණු වැරැටිවලින් සමන්විතයි. තවත් තැනක් සාර වූ ඉතාම පෝෂණීය පසක් ඇති භූමියක්.මේ නිසා යාපනය ලංකාවේ අනිත් තැන් වලට වැඩිය වෙනස්.
යාපනයේ බලන්න තියෙන දේවල් අතර විශේෂ දේ බොහොමයක් තියෙනවා.එකක් තමයි පතුළ නැති ළිඳ. මේකට කියන්නේ නිලාවරෙයි කියලා. යාපනයේ ඉඳලා කිලෝමීටර් 17ක දුරින් කිලිනොච්චිය ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ.
ඒ පැත්තේ අය කියන්නේ මේ ළිඳේ ජලකඳ යාපනය පොළොව කුහරය යටින් ගමන් කර ඉන්දියානු මහ සයුර දක්වා ගමන් කරනවා කියලා.
“එදා සටන් විරාම කාලේ මේ ළිඳට මනුස්සයෙක් වැටුණා. ළිඳ ගැඹුරු නිසා මිනිය හොයාගන්න කවුරුවත් ළිඳට බැස්සේ නෑ. වැටුණු මිනිහාගේ මිනිය පස්සෙදි හමුවුණේ කන්කසන්තුරෙයි මුහුදෙන්.”


*මුල්ම කාලේ තරුණ ජෝඩු මෙතැනට ඇවිත් සියදිවි නසාගන්නත් සූදානම් වුණා. සමහරු පැනලා ඒ විදියටම මිනී හමුවුණේ නෑ. දැන් මෙතැන ආරක්ෂාව තියෙනවා. අනෙක ළිඳ පතුල සොයාගන්න බැරි නිසාම එක්තරා සීමාවකට යටින් දැල් ගහලා අද තියෙන්නෙ.” මෙවැනි අපූරු කතා රැසක් එගම්වැසියෝ කියනවා.
*කොහොම වුනත් ජාතික ජල සම්පාදන මණ්ඩලය අච්චුවේලි ප්‍රදේශයට වතුර දෙන්නේ නීලාවරෙයි පතුල නොපෙනෙන ළිඳෙන්.
*කොයිතරම් වතුර ගත්තත් නොසිඳෙන මේ ළිඳෙන් දවසකට ගැලුම් දස දහස් ගණනක් පොම්ප කරනවා. එහෙත් එය මොනතරම් නියඟයකදී වුව නොසිඳෙන ළිඳක් වීම පුදුමයක් තමයි.
භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායකයන් කරුණු විස්තර කැර ඇත්තේ මෙහෙමයි.
“ළිඳක් වුණාම පතුළක් තිබිය යුතුයි. එහෙත් යාපනයේ භූ විද්‍යාත්මක සාධකවලට අනුව නීලාවරෙයි ළිඳේ තියෙන්නේ වෙනස් තත්ත්වයක්. යාපනය පොළොවේ යට තියෙන්නේ හුණුගල්.මේවා ලෙහෙසියෙන්ම කැබැලි වෙනවා. ඒ අතර කුස්තර හැදෙනවා. මේ කුස්තර අතරින් පහසුවෙන් ජලය ගලා යනවා. මේ විදියට කිලෝමීටර ගණනාවක් වුණත් ජලය ගලාගෙන යන්ඩත් පුළුවන්. නමුත් පොළොව ගිලා බැසීම් හා කඩා වැටීම් සිද්ධ වීමේ අවදානම වැඩියි.”

“සාමාන්‍යයෙන් හුණුගල් කුස්තුර තියෙන නිසාම ජල මාර්ග එකිනෙක සම්බන්ධ වෙලා පද්ධතියක් ලෙස පොළොව යටින් ගලා යාම පහසු කරවන්නක්. එවැනි භූගත ජල මාර්ග මුහුද දක්වාම පැතිරි තිබෙන්නටත් පුළුවන්. මේ සාධක අනුව අපට නිගමනය කළ හැක්කේ නීලාවරෙයි ළිඳේ පතුල නොපෙනෙන්නේ එහි ඇති හුණුගල් කුස්තර නිසයි.
මේ සම්බන්ධ පැරැන්ණෝ අතර ඇති තවත් කතාවක් නම් දුටුගැමුණු රජතුමා අනුරාධපුර ඉදලා සෙබළුන් අරන් උමග දිගෙන් ඇවිත් ඔතන තියෙන කතරගම දෙවියන්ගේ දෙවාලය වන්දනාමාන කරලා තියෙනවා කියන එක..? ඔය උමග කතරගම දෙවියන්ගේ දෙව බලයෙන් මවලා දුටුගැමුණු රජතුමාට සේනාව පොලව යට්න් යාපනය ට ගෙන්වීමට කටයුතු කරලා තියෙනවා කියලත් ඇතැම් පැරැන්ණෝ අතර ඇති කටකතාවකි ....එය කෙසේ කොහොම වෙතත් මෑත වකවාණුවේ රුසියාවේ සිට පැමිණි ගවේශකයින් කිහිප දෙනෙකු මෙහි පතුල සොයාගත් බවට පුවත් පල වී තිබුනා..

Thursday, November 2, 2017

අරාබි කුමරිය

එදා සිකුරාදා දවසක්..
සවුදි අරාබියෙ ගොඩක් අය හැන්දෑ වරුවෙ උන්නෙ පල්ලි වල..
ඒ වගේ එක පල්ලියක් ඇතුලෙ මිනිස්සු යාඥා කරමින් හිටියා..
සුඛෝපභෝගී වාහන පේලියක්ම ගිනිගහන කාන්තාර පාර දිගේ ඇවිත් පල්ලිය ඉස්සරහ වාහන අංගනයෙ නැවැත්තුවා..
“මොකක්ද මේ වෙන්න යන්නෙ..?“ පල්ලියෙ උන්නු මිනිස්සු පල්ලියෙන් එලියට ආවා..
ඒ වාහන පේලියෙ ආපු එක ට්‍රක් එකක වැලි පුරවලා තිබුණා..
ඒ ට්‍රක් එකේ තිබුණ වැලි අර වාහන අංගනයෙ කෙළවරක හලලා තුනී කළා..
ඊට පස්සෙ.. තවත් සුඛෝපභෝගී වාහනයකින් කීප දෙනෙක් බැස්සා..
ඒ අය ඒ වාහනයෙම හිටපු තවත් කෙනෙක්ව වාහනයෙන් එලියට ගත්තා..
හිසේ ඉදන් දෙපතුල වෙනකල්
කලු පාට අබායාවකින් වහගත්තු ගැහැණු කෙනෙක්..
ඒ කලු ලෝගුව ඇදපු කෙනාව
වාහන අංගනයෙ කෙළවරේ හදපු වැලි ගොඩ ලගට එක්කගෙන ගියා..
මිනිස්සු වාහන අංගනය වටේට වට වුණා..
මොකක්ද මේ වෙන්න යන්නෙ..? හැමෝම කුතුහලයෙන් බලාගෙන හිටියා..
සුදු දිග ලෝගු ඇදගත්ත පිරිමි උදවිය
අර කලු ඇදගත්තු ගෑනු කෙනාව එක්කරගෙන ගිහින් වැලි ගොඩ උඩ දණ ගැස්සුවා..
ඊට පස්සෙ...
සුදු ඇදගත්තු පිරිමි කෙනෙක්
ඒ කලුපාට ලෝගුවෙන් වැහුණු ගෑනු කෙනාගෙ ඔලුවට පිස්තෝලයක් තිබ්බ..
වට වෙලා උන්නු සෙනග ඉහලට ගත්ත හුස්ම පහලට නොදා බලාගෙන හිටියා..
පිස්තෝලයෙ කොකා ගැස්සුනා.. එක පාරක් නෙවෙයි.. කීප වතාවක්ම..
..........................................
“ආදරය වෙනුවෙන් රජ කුමරිය දිවි පුදයි“
පහුවදා පත්තර වල පොල් ගෙඩි අකුරෙන් සිරස්තල පල වුණා..

කවුද ඒ රජ කුමරිය..?
ඇයි රජ කුමරිය මැරුවෙ..?
කොහොමද එයා දිවි පිදුවෙ..? ආදරේ වෙනුවෙන්..?
ඔව්.. ඒක තමයි මේ කියන්න යන්නෙ..

මිෂාල් බින්ට් ෆාහ්ඩ් බින් මොහොමඩ්...
එයා තමයි ඒ රජකුමරිය..
අරාබි රජුගෙ මිනිපිරී..
මිෂාල් කුමරිය සවුදි අරාබියෙ කාලිඩ් බින් අබ්දුල් අසීස් රජතුමාගෙ සහෝදරයාගෙ මිනිපිරී..
ඒත් රජ පවුලේම සුරතලිය වුණේ මිෂාල් කුමරිය..
මිෂාල් කුමරිය ලස්සනයි.. හැම තිස්සෙම හිනා වෙලා ඉන්න.. සින්දු කියන.. අහිංසක මිෂාල් කුමරිය තමයි සවුදි රජ පවුලේ කාගෙත් ආදරය දිනාගෙන හිටියෙ..
සවුදි රජතුමාගෙ ප්‍රියතම මිණිපිරියත් මිෂාල් කුමරිය..
මිෂාල් කුමරිය ගෙව්වෙ හැබෑවටම රාජකීය ජීවිතයක්..
මිෂාල් කුමරියට උවමනා වුණු හැම දෙයක්ම එයාගෙ දෙමාපියො විතරක් නෙවෙයි සවුදි රජතුමාත් ඉල්ලන පරක්කුවටම අරන් දුන්නා..
ලෝකෙ රටවල් ගාණකම සංචාරය කරන්න, හිතේ හැටියට වියදම් කරන්න, විනෝද වෙන්න මිෂාල් කුමරියට රජ පවුලෙන් අවසර තිබුණා..
කැමති හැම දේම කරන්න අවසර තිබුණත්
කැමති විදිහට විවාහ වෙන්න සවුදි කුමරියකට වුණත් අවසර නැහැනෙ..
ඉතින්..
කුමරියට වයස අවුරුදු දා හත වෙනකොටම
සවුදි රජ පවුලෙන් මිෂාල් කුමරියට විවාහයක් සූදානම් කළා..
සවුදි රජ පවුලේම ඥාති කුමාරයෙක්..
ඒක විවාහයකට වැඩිය ගණු දෙනුවක් වගේ..
පවුල් දෙක අතර හිතවත්කම වෙනුවෙන් මිෂාල් කුමරිය තෑග්ගක් විදිහට දෙන ගනුදෙනුවක් වගේ..
ලෝකෙ පුරාම ඇවිදලා
නිදහසේ ජීවත්වෙන ගැහැණුන්ව නිදහසේ ඉගෙන ගන්න ගැහැණුන්ව දැකලා තිබුණු මිෂාල් කුමරිය
අවුරුදු දා හතේදි තමන්ගෙ ජීවිතේට විලංගු දාගන්න කැමති වුණේ නෑ..
“කසාද බදින්න කලින් මට ඉගෙන ගන්න ඕන“
මිෂාල් කුමරිය රජ පවුලේ අයට කිව්වා..
“විවාහය තීන්දු කරමු.. ඊට පස්සෙ ඉගෙන ගන්න..“ රජ පවුලෙන් මිෂාල් කුමරියට අවසර ලැබුණා..
ඉතින් මිෂාල් කුමරියගෙ විවාහය තීන්දු වුණා..
ඊට පස්සෙ...
මිෂාල් කුමරිය බීරුට් වල විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න තීරණය කළා..
කුමරියගෙ තීරණයට රජ පවුලේ කැමැත්ත ලැබිලා තිබුණ නිසා ඒකට විරුද්ධ වෙන්න කුමරියගෙ අනාගත ස්වාමි පුරුෂයට බැරි වුණා..
මිෂාල් කුමරිය...
රාජකීය විවාහය තීන්දු වුණාට පස්සෙ..
ලෙබනන් වල බිරුට් කියන නගරයේ තියෙන විශ්ව විද්‍යාලයකට ඉගෙන ගන්න ගියා..
ඉගෙන ගන්න එකට වඩා මිෂාල් කුමරියට ඕන වෙලා තිබුණෙ
තව ටික කාලයක් නිදහසේ ජීවිතේ විදින්න විතරයි..
බිරුට් විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න අතරෙදි
මිෂාල් කුමරියට තමන්ගෙ ඉරණම් කාරය මුණගැහුණා..
ඒ කාලිඩ් අල් ෂායර් කියන කඩවසම් තරුණයා..
කාලිඩ් කියන්නෙ ලෙබනනයෙ ඉන්න සවුදි තානාපතිගෙ ඥාති පුත්‍රයෙක්..
ආදරය අන්ධයිලුනෙ.. ඒ හින්ද
මිෂාල් කියන රජ කුමරියගෙත්, කාලිඩ් කියන සාමාන්‍ය තරුණයගෙත් අතරෙ නොගැලපීමක් ඒ දෙන්නටම පේන්න නැතිව ඇති...
මිෂාල් කුමරියත් කාලිඩ් ෂායර් කියන තරුණයත් ආදරයෙන් බැදුණා..
තමන් රජ පවුලක කුමරියක් කියලවත්,
සවුදි රජතුමා තමන්ගේ සීයා කියලවත්,
තමන්ගෙ විවාහයත් තීන්දු වෙලා කියලවත් මිෂාල් කුමරියට අමතක වුණා..
මිෂාල් කුමරිය කාලිඩ්ට උමතුවෙන් වගේ ආදරය කළා..
අවුරුදු දෙකක් පුරාවටම
විශ්ව විද්‍යාල ජීවිතේ ඉවර වෙනකල්ම
මේ දෙන්නගෙ ආදර කතාව නිදහසේ ගලාගෙන ගියා..
ඒත් ඉගෙන ගන්න එක ඉවර වෙලා ආයෙත් තමන්ගෙ රටට යන්න කාලය ආවා...
දෙන්නටම ආයෙමත් සවුදි අරාබියට යන්න සිද්ධ වුණා..
දැන් ඉතින් වෙනදා වගේ නිදහසේ දෙන්නට හම්බ වෙන්න බෑ.. ආදරය කරන්න බෑ..
සවුදියෙ රජ කුමරියකට කොහෙන්ද ඒ හැටි නිදහසක්..
ඒ මදිවට කුමරියගෙ විවාහ මංගල්ලයත් ලං වෙනවා..
සවුදි නීතියෙ හැටියට විවාහ ගිවිස ගත්ත කියන්නෙත් විවාහ වුණා වගේම තමයි..
ඒ කියන්නෙ මිෂාල් කුමරිය විවාහක කාන්තාවක්..
විවාහක කාන්තාවක් වෙනත් පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධකම් තියා ගන්න එක
සවුදි නීතියෙ හැටියට හිස් ගැසුම් කන්න සිද්ද වෙන වැරැද්දක්..
ඒ හින්දා මේ දෙන්නා තීරණය කළා
සවුදි අරාබියෙන් වෙන රටකට පැනලා යන්න..
මිෂාල් - කාලිඩ් දෙන්නා සවුදියෙන් පැනලා යන්න කීප වතාවක්ම උත්සාහ කළත් ඒක හරිගියේ නෑ..
අන්තිමේදි මිෂාල් කුමරිය කාලිඩ් එක්ක එකතු වෙලා මේකට සැලසුමක් හැදුවා..
“මම සියදිවි නසා ගන්නවා. මාව හොයන්න එපා.“ කියලා ලියුමක් ලියලා තියලා, කුමරියගෙ පාවහන් දෙකත් ජලාශයක් ලග තියලා කුමරිය අතුරුදහන් වුණා..
මුලු රජ පවුලම හොදටෝම කලබල වුණා..
හැමෝම හිතුවේ මේ තීන්දු වෙච්ච විවාහයට අකමැති නිසා
මිෂාල් කුමරිය ජලාශයට පැනලා සිය දිවි නසාගෙන කියලා..
මිෂාල් කුමරියගෙ සිරුර හොයන්න හමුදා කණ්ඩායම් පවා යෙදෙව්වා..
ඒත් දවස් තුනක් යනතුරුම කිසිම හෝඩුවාවක් හොයා ගන්න ඒ කාටවත් බැරි වුණා..
ඒත් මිෂාල් කුමරිය එක වැරැද්දක් කරලා තිබුණා..
කුමරිය තමන්ගේ එක සේවිකාවක් අතට ලියුමක් දීලා තිබුණා..
“කිසිම හේතුවක් නිසා සතියක් යනකල් මේ ලියුම කාටවත් දෙන්න එපා.. සතියකට පස්සෙ මේ ලියුම අම්මට දෙන්න.. මම කිසි කරදරයක් නැතිව පරිස්සමින් ඉන්නවා කියලා අම්මට කියන්න..“ කියලා මිෂාල් කුමරිය සේවිකාවට කියලා තිබුණා..
මුලු රජ මාලිගාවම එකම අවුල් ජාලාවක් වෙද්දි..
මිෂාල් කුමරිය නැති දුකෙන් රජ පවුලෙ අය ශෝක වෙද්දි..
මේ රහස තවත් හංගගෙන හිටියොත් තමන්ටත් දඩුවම් විදින්න සිද්ද වෙයි කියලා සේවිකාව බය වුණා..
ඒ නිසා සේවිකාව අර ලියුම මිෂාල් කුමරියගෙ අම්මට දුන්නා..
ලියුම කියවපු ගමන්ම පවුලේ අයට හොදටම කේන්ති ගියා..
“එයා කොහෙ හරි ඇති.. වෙස් වලාගෙන ඉන්නවා ඇති.. සමහර විට වෙස් වලාගෙන රටින් පිට වෙන්න හදනවත් ඇති“ කියලා
සවුදි අරාබියෙන් පිටවෙන හැම මාර්ගයකම ගුවන් තොටුපලකම රැකවල් තර කළා..
හිතුවා වගේම..
මිෂාල් කුමරිය පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන..
පිරිමි ඇදුම් ඇදගෙන, බොරු රැවුලකුත් දාගෙන..
කාලිඩ් එක්ක රටින් පිට වෙන්න හිතාගෙන ගුවන් තොටුපොලට ඇවිත් තිබුණා..
ඒ හතරවෙනි දවසෙ..
ඒ වෙනකොට ගුවන්තොටුපොලේ හැම කෙනෙක්වම දැඩි පරික්ෂාවකට ලක් කරන්න
සවුදි රජ පවුලෙන් උපදෙස් ලැබිලා තිබුණා..
ඒ හින්දා ගුවන්තොටුපොල ආරක්ෂක භටයෝ පවා හැමෝම දිහා බැලුවේ සැකෙන්..
වෙස් වලාගෙන හිටිය මිෂාල් කුමරිය ගැනත් ඒ ගොල්ලො සැක කළා..
“ලස්සන ඇස් දෙකකුයි.. සියුමැලි පෙනුමකුයි තියෙන මේ රැවුල් කාරයා කවුද..?“
ආරක්ෂක භටයෝ වෙස් වලාගෙන උන්නු මිෂාල් කුමරියව අල්ල ගත්තා..
මිෂාල් කුමරියව ප්‍රශ්න කරන්න එක්කගෙන යන්න හදනකොට එයත් එක්ක හිටපු කාලිඩ් කලබල වුණා..
“එයාව එක්කගෙන යන්න දෙන්න බෑ..“ කාලිඩ් විරුද්ධ වුණා..
ආරක්ෂක භටයින්ගෙ සැකය තවත් වැඩි වුණා..
ආරක්ෂක භටයො කීප දෙනෙක් එකතු වෙලා කාලිඩ්ව අල්ල ගත්තා.. තවත් කීප දෙනෙක් මිෂාල් කුමරියව කාලිඩ්ගෙන් ඈතට එක්කගෙන ගියා..
මිෂාල් කුමරිය කාලිඩ් දිහා බැලුවෙත් ඇස් දෙකේ කදුලු පුරවගෙන..
කාලිඩ් එක්ක රටින් පැනල යන්න ගිය මිෂාල් කුමරිය
ගුවන්තොටුපොලේදි ආරක්ෂක නිලධාරීන්ට අහු වුණා..
අපේ රටේ වගේ නෙවෙයිනෙ.. රජ කුමරියක් වුණත් නීතිය අකුරටම..
ඒ නිසා රජතුමාගෙ මිණිපිරී වුණත්
මිෂාල් කුමරියටත් චෝදනා එල්ල වුණා..
“අනාචාරයේ හැසිරීම“ කියන චෝදනාව යටතේ නඩු පැවරුණා..
කුමරියගෙ විවාහය සම්පූර්ණ වෙලා නොතිබුණත්
විවාහ ගිවිස ගැනීම සිද්ද වෙලානෙ..
ඒ නිසා ඒ රටේ නීතියේ හැටියට කුමරිය වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වපු එක “අනාචාරයේ හැසිරීමක්“ තමයි..
“අනාචාරයේ හැසිරීම“ කියන වරදට
සවුදියෙදි ලැබෙන්නෙ මරණ දඩුවම..
හැබැයි වරද ඔප්පු කරන්න ඕන..
සවුදියේ ක්‍රියාත්මක වෙන නීතියේ හැටියට
ඒ වරද ඔප්පු කරන්න නං
මේ දෙන්නා අනාචාරයේ හැසිරුණ බවට
වැඩිහිටි පිරිමි හතර දෙනෙකුගෙ ඇසින් දුටු සාක්ෂි තියෙන්න ඕන..
එහෙම නැතිනම් හොද චරිතවත් වැඩිහිටි කාන්තාවන් අට දෙනෙකුගෙ ඇසින් දුටු සාක්ෂි තියෙන්න ඕන..
එහෙමත් නැත්තං
“මම අනාචාරයේ හැසිරුණා“ කියලා අනාචාරයේ හැසිරුණ කෙනා තුන් වරක් පාපොච්චාරණය කරන්න ඕන...
මිෂාල් කුමරියගෙත් කාලිඩ්ගෙත් අතරෙ සම්බන්ධකම
ඇසින් දුටු කිසිම කෙනෙක් හිටියෙ නෑ..
ඒ නිසා මේ දෙන්නා අනාචාරයේ හැසිරුණ බවට සාක්ෂි දෙන්න කවුරුවත්ම හිටියෙත් නෑ..
ඒ නිසා රජ පවුලේ අය සතුටු වුණා තමන්ගේ මිෂාල් කුමරිය මරණ දඩුවමින් බේරේවි කියලා..
“අපි ඔයාව බේරගන්නම්.. ඔයා පාපොච්චාරණය කරන්න එපා..“ කියලා රජ පවුලේ අය මිෂාල් කුමරියට උපදෙස් දුන්නා.
මිෂාල් කුමරියවත් කාලිඩ්වත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා..
මිෂාල් කුමරියට එරෙහි නඩුව ඇහෙන්න පටන් ගත්තා..
මේ අධිකරණයෙ විනිසුරුවා විදිහට තීන්දු දෙන්නෙ
මිෂාල් කුමරියගෙ ආදරණීය සීයා, සවුදි රජතුමා...
මිෂාල් කුමරිය විත්ති කූඩුවෙ..
සාක්ෂි දෙන්න කවුරුවත් නෑ..
ඒත් එක පාරටම කවුරුවත් නොහිතපු දෙයක් සිද්ධ වුණා..
විත්ති කූඩුවෙ හිටපු මිෂාල් කුමරිය
“මම අනාචාරයේ හැසිරුණා“ කියලා අධිකරණයට ප්‍රකාශ කලා..
මෙහෙම තුන් වරක් ප්‍රකාශ කළොත් මිෂාල් කුමරිය වැරදිකාරි කියලා තීන්දු වෙනවා..
සවුදි රජතුමා තමන්ගෙ මිණිපිරීට හරි ආදරෙයිනෙ..
මිණිපිරීගෙ මේ ප්‍රකාශය එක පාරක් අහපු ගමන්ම සවුදි රජතුමා උසාවියෙ කටයුතු තාවකාලිකව අත්හිටෙව්වා.
ඊට පස්සෙ රජතුමා මිෂාල් කුමරියව පෞද්ගලික කාමරයකට කැදෙව්වා.
“දුවේ මං ඔයාට සමාව දෙන්නම්.. හැබැයි එක පොරොන්දුවක් පිට...“ සවුදි රජතුමා ඒ කාමරයෙදි මිෂාල් කුමරියට කිව්වා..
මිෂාල් කුමරිය නිහඩවම හිටියා.
“ඔව්.. ඔයා ආයෙමත් කවදාවත් කාලිඩ්ව මුණ ගැහෙන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න ඕන.. මම ඔයාව බේරගන්නවා..“
මිෂාල් කුමරිය සීයාට උත්තරයක් නොදීම ඒ කාමරයෙන් පිට වුණා..
ආයෙමත් අධිකරණය ඇතුලට ආවා..
ආයෙමත් අධිකරණයේ වැඩ පටන් ගත්ත ගමන්ම
මිෂාල් කුමරිය එක හුස්මටම
“මම අනාචාරයේ හැසිරුණා“
“මම අනාචාරයේ හැසිරුණා“
“මම අනාචාරයේ හැසිරුණා“ කියලා තුන් වරක් පාපොච්චාරණය කළා..
තමන් පණටත් වැඩිය ආදරය කරපු කාලිඩ්ව සදහටම අමතක කරනවට වැඩිය මරණය තෝරගන්න එක හොදයි කියලා මිෂාල් කුමරියට හිතෙන්න ඇති..
ඉතින්..
රජතුමාටවත් රජ පවුලටවත් කරන්න දෙයක් තිබුණේ නෑ..
මිෂාල් කුමරියට මරණ දඩුවම තීන්දු කරන්න සිද්ද වුණා..
සවුදි රජතුමාම තමන්ගෙ මිණිපිරී මිෂාල් කුමරියව වෙඩි තියලා මරලා දාන්නත්, මිෂාල් කුමරියගෙ ආදරණීය කාලිඩ්ගෙ හිස ගසා දමන්නත් තීන්දුවක් දුන්නා.
මිෂාල් කුමරියටත් කාලිඩ්ටත් මරණ දඩුවම තීන්දු වුණා..
ඒ 1977 ජූලි 15 වෙනිදා..
හැබැයි මේ මරණ දඩුවම ටිකක් වෙනස්..
වෙන අයට නම් මරණ දඩුවම දෙන්නෙ ජෙඩා වල තියෙන නගර චතුරශ්‍රයෙ..
ඒත් මිෂාල් කුමරියවයි කාලිඩ්වයි ගෙනාවෙ
ජෙඩා රජ මාලිගයෙ වාහන අංගනයකට...
ගෙනත්..
මිෂාල් කුමරියගෙ ඇස් දෙක බැදලා දණ ගස්සවලා
හිසට වෙඩි තියලා මරා දැම්මා..
කාලිඩ්ගෙ ඇස් දෙක ඉස්සරහම...
මිෂාල් කුමරිය මැරෙන හැටි ඇස් දෙකෙන්ම බලා ගන්න කාලිඩ්ට ඉඩ සැලැස්සුවට පස්සෙ
කාලිඩ්වත් එතනට ගෙනත් හිස ගසා දැම්මා..
විනාඩි ගාණකදි හැම දේම ඉවරයි..
ඒත්..
මේ මරණ දඩුවමෙන් පස්සෙ
සවුදියෙ ආගමික පොලිසිය ගැහැණු අයට තියෙන නීති තවත් තද කළා..
ගැහැණු අයටත් පිරිමි අයටත් මුණ ගැහෙන්න තියෙන හැම තැනකටම තහංචි පැනවුණා..
මොනම හේතුවකටවත් මොනම වෙලාවකවත් ගැහැණු පිරිමි අය මුණ ගැහෙන්න බැරි නීති ආවා..
මේ හැම දේම සිද්ද වෙලා ඉවර වුණාට පස්සෙ..
මේ කතාව ගැන දැනගත්ත
ඇන්තනි තෝමස් කියන බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂක වරයා සවුදි අරාබියට ආවා මේ ගැන චිත්‍රපටියක් කරන්න..
ඇන්තනි තෝමස් මේ ගැන කරුණු හොයනකොට
සවුදි අරාබියෙ මේ අමානුෂික දඩුවම් ක්‍රමය ගැන ගොඩක් අයගෙන් තොරතුරු ලැබුණා..
ඒ සේරමත් එකතු කරලා ඇන්තනි තෝමස් වාර්තා චිත්‍රපටියක් හැදුවා..
“කුමරියකගේ මරණය“ Death of a Princess. කියලා..
මේ චිත්‍රපටිය පෙන්නන්න දින යෙදිලා තිබ්බෙ
1980 අප්‍රේල් නව වෙනිදා.. ඇමරිකාවෙත් බ්‍රිතාන්‍යෙයත් රූපවාහිනි නාලිකා දෙකක..
මේ චිත්‍රපටිය පෙන්නනවට විශාල විරෝධයක් ඒ රූපවාහිනි නාලිකා වලට සවුදි රජ පවුලෙන් එල්ල වුණා..
මේ චිත්‍රපටිය නොපෙන්වා ඉන්න
ඩොලර් මිලියන එකොලහ ගානෙ මේ රූපවාහිනී නාලිකා වලට අල්ලස් දෙන්න සවුදි රජු සූදානම් වුණා කියලා කියනවා..
හදිසියේවත් මේ චිත්‍රපටිය පෙන්නුවොත් සවුදිය බ්‍රිතාන්‍යයත් ඇමරිකාවත් එක්ක සියලු සම්බන්ධකම් අත් හරිනවා කියලා තර්ජනය කරනවා..
මේ චිත්‍රපටිය තහනම් කරගන්න සවුදි රජ පවුලට බැරි වෙනවා..
ඒ තරහට සවුදි රජ පවුල සවුදියෙ බ්‍රිතාන්‍ය තානාපතිව පන්නලා දානවා..
කොහොම වුණත්..
මේ සිදුවීම රහසක් විදිහට රැක ගන්න නම් සවුදි රජ පවුලට බැරි වුණා..
මේ චිත්‍රපටියත්, මේ ගැන මාධ්‍ය වල පලවුණු වාර්තාත් එක්ක මුලු ලෝකයම මිෂාල් කුමරියගෙ කතාව දැන ගන්නවා..
සවුදි අරාබියෙ අදටත් සිද්ධ වෙන මේ අමානුෂික දඩුවම් හැම එකක් එක්කම
කාටත් තාමත් මිෂාල් කුමරිය මතක් වෙනවා.

ඔහුව එල්ලා මැරූ හඩ මට අමතක නොවේ.

සොහේයිල් යාෆාත් නිරපරාදේ මිනීමැරුම් චෝදනාවකට ලක්‌ වූයේ 2001 වසරේදීය. තමාට එල්ලවුණු චෝදනා වලින් නිදොස්‌ වී නිදහස්‌ වෙන්නට කලියෙන් අවුරුදු දහයක සිර දඬුවමක්‌ විඳින්නට සොහෙයිල්ට සිදුවිය.

සොහෙයිල් විසින් විස්‌තර කළ මේ අත්දැකීම් වාර්තාවකට ගොනු කළේ මාධ්‍යවේදී රිමෙල් මොහිදීන් විසිනි. මේ වාර්තාව ඔක්‌තෝබර් 10 වැනි දිනට යෙදෙන "ජගත් මරණීය දණ්‌ඩන විරෝධී දිනය" වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දකි.
.......................................................................
හිරකාරයකුට මරණීය දණ්‌ඩන නිවේදනය දෙන හැම වතාවකදීම මුළු බන්ධනාගාරෙම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙනවා.

පාකිස්‌ථානයෙ අනිත් හැම බන්ධනාගාරයක්‌ වගේම සාහිවාල් මධ්‍යම බන්ධනාගාරයත් එහෙම පිටින්ම පිරිලා. කොයි තරම් පිරිලද කිව්වොත් මේ ගොඩනැඟිලි වල පුරවන්න පුළුවන් ගානට වැඩිය දෙගුණයක්‌ හිරකාරයෝ දැනටමත් මේ සිර මැදිරි වල පුරවලා..

හිරකාරයෝ දහස්‌ ගාණක්‌ සිර මැදිරිවලට දාපු තැනක ඝෝෂාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ බන්ධනාගාරෙ හිරකාරයෙක්‌ විදිහට මං ගෙවපු අවුරුදු දහයක කාලෙන් එක

රැයක්‌වත් මං හරියට නිදා ගත්තද කියල මට මතක නෑ..

මිනිස්‌සු නින්දෙන් ගොරවන, අඬන, සමහර විට හීනෙන් බය වෙලා කෑ ගහන සද්ද නිසා එක දිගට නින්දක්‌ නැතිව ගෙවුණ රෑ කාලවල් කොයි තරම්ද.

මේ කන්දොස්‌කිරියාව තියෙන රාත්‍රීන් හැමදාමත් එක වගේ. වෙනසක්‌ වෙන්නෙ අපේ අතරින් කෙනෙක්‌ පෝරකයට යන දාකට විතරයි. එදාට මුළු බන්ධනාගාරයම නිහඬයි. හැබැයි ඒ නිශ්ශබ්දතාවය මැද්දෙ කාටවත් නින්දක්‌ නම් යන්නෙ නෑ.

මරණ වරෙන්තුව තියෙන හිරකාරයාව බන්ධනාගාරයේ අනිත් හිරකාරයන්ගෙන් වෙන් කරනවා. එතකොට අපි දන්නවා එයාට යන්න වෙලාව ඇවිත් කියලා.

මරණ දඬුවමට නියම වුණේ නැති සාමාන්‍ය හිරකාරයො පවා ඉන්නෙ නොසන්සුන් හිත් වලින්. උගුලකට අහුවෙලා ඉන්න සත්තු වගේ අපි හැමෝම කරන එකම දෙයක්‌ තියෙනවා. ඒ තමයි යාඥා කරන එක.. සමහර විට.. පොළවෙ ඉන්න බලවත් අය අපේ කන්නලව්වට ඇහුම්කන් දුන්නෙ නැති නිසා ඊටත් ඉහළින් ඉන්න බලවත්ම කෙනාට අර අසරණයා ගැන අභියාචනාවක්‌ ඉදිරිපත් කරනවා වගේ.. මරණයට කැපවෙලා ඉන්න අසරණයා වෙනුවෙන් හාස්‌කමක්‌වත් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා වගේ.. හරි අරමුණක්‌ නැතිව අපි යාඥා කරනවා.

උදේ පාන්දරට හිරකාරයෝ ගණන් කරන ඡේලර්ලා එන්න පරක්‌කු වෙනකොට අපිට ඒ අසුභ සංඥාව ලැබෙනවා. සාමාන්‍ය දවසකට හිරකාරයෝ ගණන් කරන්න ඡේලර්ලා එන්නේ උදේ 5.30 ට. ඒත් මරණ දඬුවමක්‌ ක්‍රියාත්මක කරන දවසකට ඒ අය එන්නෙ උදේ අටට. ඒ දවසට කවුරුවත් වචනයක්‌වත් කතා කරන්නෙ නැති තරම්. වෙනදට තොරතෝංචියක්‌ නැතිව ගෝසා කරන රේඩියෝව, රූපවාහිනිය එහෙමත් නිශ්ශබ්ද වෙලා.

පාකිස්‌ථානයෙ බන්ධනාගාර නිතරම පිරිසිදුවට තියෙනවා. බන්ධනාගාර පිරිසිදුවට තියාගන්න වගකීම පැවරිලා තියෙන්නෙ බන්ධනාගාර

රැඳවියන්ටමනෙ. මේ හිරකාරයන්ට කාලය ගෙවා ගන්න වෙන කරන්න දේකුත් නැහැනෙ. ඒ නිසා ඒ ගොල්ලො පිරිසිදු කිරීම උනන්දුවෙන් කරනවා. සමහර වෙලාවට මරණීය දණ්‌ඩනය තීන්දු වෙච්ච කෙනෙක්‌ එල්ලා මරණ එකේ වැඩ රාජකාරිවලට උදව් වෙන්නත් ඒ අයට සිද්ධ වෙනවා.

මරණ දණ්‌ඩනයෙ කටයුතුවලට උදව්වට යොදා ගන්න රැඳවියන් තමයි එල්ලා මරණ සිරකරුවාගේ මළසිරුර අයින් කරන්නෙ. එල්ලා මරපු සිරකරුවාගේ මිනිය විනාඩි තිහක්‌ එතනම නිශ්චලව තියෙන්න ඉඩ අරිනවා. ඒක පාකිස්‌ථානු බන්ධනාගාර අත්පොත් වල තියෙන නියමයක්‌. ඊට පස්‌සෙ ඒ ගොල්ලො මෘත ශරීරය පිරිසිදු කරලා, "චාර්පායි" ඇඳුම් කට්‌ටලයකුත් එක්‌ක ඒ මළ සිරුර බන්ධනාගාරයෙන් පිටත බලාගෙන ඉන්න මියගිය සිරකරුවාගේ පවුලේ අයට ලබා දෙනවා. මෘත ශරීරය ගෙනියන්න ගිලන් රථයක්‌ හොයා ගන්න වෙන්නෙ මැරුණු සිරකරුවාගේ පවුලේ අයගෙ වියදමින්මයි.

ඒ විදිහට ඥාතීන් ඇවිත් භාරගත්තෙ නැති, කාත් කවුරුවත් නැති අයගෙ මළ සිරුරු වල දමන්න බන්ධනාගාරයෙම සොහොන් බිමක්‌ තියෙනවා. ඒ වගේ සොහොන් බිමක වුණත් වළ දැමෙන අය හරි අඩුයි. බොහොමයක්‌ සිරකරුවන්ට තමන්ගෙ පවුලෙ අය ඉන්නවා. බාහිර ලෝකයෙන් අපිව කොන් කරලා තිබුණත්, තාමත් අපිව අපරාධකාරයො විදිහට නැතිව මිනිස්‌සු විදිහට දකින සමීපතමයන් අපිටත් ඉන්නවනෙ..

මාත් එක්‌ක එකට හිරමැදිරියෙ උන්නු රැඳවියකුගෙ මරණ දඬුවම දැකගන්න මට 2006 අවුරුද්දෙදි අවස්‌ථාවක්‌ ලැබුණා.

මාමි පාබල් හොඳ උස මහත මනුස්‌සයෙක්‌. අඩි හයක්‌වත් උස ඇති. ගැඹුරු කටහඬකුත් තිබුණා. එයා සාහිවාල් හිරගෙදරට ආවෙ අවුරුදු ගාණකට කලින්. බන්ධනාගාරෙ ඇතුලෙදි හැමෝම එක්‌ක හරි සුහදව හිටියා. වෙන එකක්‌ තියා බන්ධනාගාර නිලධාරීන් පවා පාබෙල්ගෙ ආශ්‍රයට ප්‍රිය වුණා.

එයාගෙ ගතිගුණ ගැන හිතල බලනකොට එයා මිනීමැරුමක්‌ කරපු මනුස්‌සයෙක්‌ කියන එක අමතක කරන්න අමාරු වුණේ නෑ. එයා නිතරම විහිලු තහලු කළා.

"හිරේට දාන්න ඕන විදිහෙ අපරාධ මං ඇති පදම් කරල තියෙනව. ඒත් මේ මිනීමැරුම ඒ අතරින් එකක්‌ නම් නෙවෙයි.." කියලා හිනා වෙන්න එයාට පුළුවන්කම තිබුණා.

ඒත් මරණ දඬුවමේ දවස ලං වෙනකොට එයා පුංචි දරුවෙක්‌ වගේ වැලපුණා.

එයාව පෝරකයට එක්‌කගෙන ගියේ බාගෙට උස්‌සගෙන කියල කිව්වොත් වැරැදිත් නෑ.

වෛද්‍ය නිලධාරියෙක්‌, මහේස්‌ත්‍රාත්වරයක්‌, බන්ධනාගාර පරීක්‌ෂකවරයෙක්‌, කම්මල්කාරයෙක්‌, එක්‌ක මාමි පාබෙල් අතින් මැරුණු කෙනාගෙ පවුලෙ අය දෙන්නෙකුත් එතන හිටියා. මාමි පාබෙල්ට සමාව දෙන්න අවසාන මොහොතෙදිවත් තීරණය කරන්න පුළුවන්ද කියලා බන්ධනාගාර කාර්ය මණ්‌ඩලයෙ අය මැරුණු කෙනාගෙ පවුලෙ අයත් එක්‌ක සාකච්ඡා කළා.

අන්තිම වතාවට ආගම සිහි කරන්න ඕන කියලා බන්ධනාගාර පරීක්‌ෂකවරයා මාමි පාබෙල්ට මතක්‌ කළා. එත් මාමි පාබෙල්ට ඒක ඇහෙන්න නැතිව ඇති. එයා පොඩි දරුවෙක්‌ වගේ දිගින් දිගටම අඬා වැලපුණා. අඬ අඬාම එයා කිව්වෙ තමන් මිනීමැරුමක්‌ කළේ නැති බවයි, තමන්ට මරණ දඩුවම දෙන එක මිනීමැරීමක්‌ මිසක යුක්‌තිය ඉටුකිරීමක්‌ නොවෙන බවයි තමයි..

මරණ දඬුවමට සූදානම් කරලා මාමි පාබෙල්ගෙ ඔලුව වහලා ආවරණයක්‌ දැම්මට පස්‌සෙත් තමන්ට ජීවිත දානය දෙන්න කිය කියා මාමි පාබෙල් ආයාචනා කළා.

ලෝකෙන්ම මරණ දඬුවම ලබන සංඛ්‍යාව වැඩිම රට වෙලාත් පාකිස්‌ථානයෙ රජයෙන් පත් කරපු අලුගෝසුවන් ඇත්තෙම නැති තරමයි. එදා දවසට අලුගෝසුවෙක්‌ හිටියෙ නෑ. ඒ නිසා එල්ලුම් ගහේ ලීවරය ඇද්දෙ බන්ධනාගාර නිලධාරියෙක්‌මයි.

"මට වෙන කරන්න දෙයක්‌ නෑ මාමි. මේක මගේ රාජකාරිය.. පුළුවන්නම් මට සමාව දෙන්න.." ලීවරය අදින්න කලින් ඒ නිලධාරියා මාමි පාබෙල්ට ඔලුව නවලා ආචාර කරලා කිව්වා.

පෝරකයට පහලින් තියෙන වලට මිනිය වැටෙන සද්දෙ..

ඒක කවදාවත් කෙනකුට අමතක කරන්න බැරි සද්දයක්‌.

එල්ලපු කෙනාගෙ සුෂුම්නාව බිඳෙන සද්දෙ, බෙල්ල හිරවෙනකොට කටින් එන හීන් කැස්‌ස.. එල්ලුම් ගහේ කණුවේ කිරි කිරි සද්දෙ පසාරු කරගෙන මගේ පපුවෙ කවදාවත් සුව නොවෙන තුවාලයක්‌ හැදුවා.

ඔලුවට දාන වැස්‌ම නිසා එයා අන්තිම හුස්‌ම පොද ගන්න කරන අරගලයවත්, එයාගෙ දිව එලියට පනින දර්ශනයවත් පෙනුණෙ නම් නෑ. එයාට දීලා තිබුණ එකම ගෞරවය ඒක විතරයි.

මරණ දණ්‌ඩනය නියම වුණ සිරකරුවකුගෙ බෙල්ලට තොණ්‌ඩුව දමන නිලධාරියෙක්‌ වුණත් ඒ රාජකාරිය ඉෂ්ඨ කළාට පස්‌සෙ ලොකු කම්පනයක්‌ අත් විඳිනවා ඇති. ඒ වගේ දවසකට පස්‌සෙ ඒ නිලධාරීනුත් හිරකාරයන්ට වෙනදාට වඩා කාරුණිකව සලකන්නෙ ඒ හින්දා වෙන්නත් ඇති. අවුරුදු ගාණක්‌ තිස්‌සෙ මේ හිර මැදිරිවලට යන එනකොට, උදේ හවස දැකපු දන්න කෙනෙකුව තමන්ගෙ අතින් එල්ලලා මරන්න සිද්ධ වෙන එක කෙනෙකුට කොහෙත්ම සැහැල්ලු අත්දැකීමක්‌ වෙන්නෙ නැහැනෙ. ඒ තරම් මනුස්‌සයෙකුගෙ හිතට වද දෙන රාජකාරියක්‌ මේ ලෝකෙ තවත් ඇති කියලා මට හිතෙන්නෙ නෑ.

බැතිමතුන් එක් කරවන කතරගම පුදබිම හා බැඳී ඉතිහාසය


කතරගම කියන්නේ ජාති භේදයකින් තොරව රටක් එකතු වන ස්ථානයකි. හැම ජාතියකටම ආගමකටම කතරගම පොදු පින් බිමකි. මේ ආකාරයට වන්දනාමාන කරන කතරගම හා බැඳී පවතින ඓතිහාසිකමය පසුබිම ගැන දැනුවත් වීමට මෙම ලිපිය මඟින් හැකියාවක් ලැබෙනවා. කතරගම ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතිනවා.

කතරගම ප්‍රාදේශීය බෞද්ධ රාජ්‍යය වීම

කතරගම හා බැඳුණු ඉතිහාසය පිරික්සීමේදී එය ක්‍රි. පූ. හයවන සියවස දක්වා දිවෙන බව සඳහන් වෙනවා. අතීතයේ ලංකාවේ පාලනය සිදු වුයේ ප්‍රාදේශීය රාජ්‍යන් මඟිනුයි. ඒ අනුව රෝහණ නැතිනම් රුහුණු රාජධානියේ කේන්ද්‍රස්ථානය විදිහට සැලකුණේ කතරගමයි. ඒ වගේම මෙම කතරගම සිට රුහුණේ පාලනය සිදු කරනු ලැබුවේ මහාඝෝෂ හෙවත් මහාසේන නමැති පාලකයා විසිනුයි.

බුදුන්ගේ තෙවන වර වැඩම කිරීම

බුදුන් වහන්සේ ලක්දිවට තෙවන වරට වැඩම කළ අවස්ථාවේ කතරගම කිහිරි වනයට වැඩි බවටත්, එහිදී රුහුණේ පාලකයා වූ මහාසේන රජුට බුදුන් වහන්සේ විසින් දහම් දෙසා තිබෙන බවටත්, කතරගම ආරක්ෂාව ඔහුට පැවරූ බවටත් ධාතුවංශයේ සඳහන් වන බව දැක්වෙනවා. බුදුන් වහන්සේගේ කේශ ධාතු මහාසේන රජු විසින් ඉල්ලා ගත් බවටද දැක්වෙනවා. මේ අනුව බුදුන් වහන්සේ වැඩ සිටියාවූ කිහිරි වනයේ පසුකාලීනව මහසෙන් රජු විසින් කිරිවෙහෙර ඉදි කළ බවටත් ජනප්‍රවාදයේ එන බව වාර්තා වනවා. ඒ වගේම කිරි වෙහෙර ඉදිරිපිට තිබෙන රාජ ප්‍රතිමාව මහසෙන් රජුගේ පිළිරුව යැයි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් පවසන බවද සඳහන් වෙනවා.

ජය ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවය

කතරගම පුද බිම ගැන වාර්තා වන තවත් අවස්ථාවක් ලෙස අනුරාධපුර මහමෙව්නාවේ ජය ශ්‍රී මහා බෝධි රෝපණ අවස්ථාව දැක්විය හැකියි. ඒ අනුව මෙම රෝපණ උත්සවයට කතරගම වාසය කළ ක්ෂතී‍්‍රයන්ටද ඇරයුම් කළ බවට මහාවංශයේ දැක්වෙන බව සඳහන් වනවා. මේ වකවානුවේදී කතරගම පාලනය සිදු කර තිබෙන්නේ ක්ෂතී‍්‍රයන් නම් වූ ඈපා පිරිසක් විසින්ය. ඒ වගේම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණා වූ බෝ අංකුර අටෙන් එකක් කතරගම ක්ෂතී‍්‍රයන්ට දී තිබෙනවා. ඒ දේවානම් පිය තිස්ස රජු විසින්ය. මෙසේ දේවානම් පිය තිස්ස රජු විසින් දෙනු ලැබූ බෝ අංකුරය කතරගම මහ දේවාලය අසලින් අද වන විට දැක බලා ගත හැකි වනවා.

දුටුගැමුණු රජු හා කතරගම අතර සම්බන්ධතාවය

දුටුගැමුණු රජු හා කතරගම පුද බිම අතරද තිබෙන්නේ මනා සබඳතාවයකි. ගැමුණු රජුගේ එකම අභිප්‍රාය වුණේ ලංකාව එක්සේසත් කිරීමයි. ඒ සඳහා රජතුමා විසින් කතරගම දෙවියන්ට භාර වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වනවා. අනතුරුව යුද්ධය ජයග්‍රහණය කළ රජතුමා විසින් මහල් තුනකින්, කාමර හතකින් යුත් මාලිගාවක් වැනි දේවාලයක් ඉදි කර දී තිබෙනවා. නමුත් පසුකාලීනව ඇති වූ විදේශීය ආක්‍රමණ වලින් එම මහ දේවාලයත් එහි තිබුණාවූ කෞතුක වස්තුත් විනාශ වී ගොස් තිබෙනවා. ඒ වගේම මෙම දුටු ගැමුණු රජුගේ වකවානුවේදී රජුගේ බෑණා කෙනෙකු කතරගම මහ දේවාලයේ බස්නායක ධූරයට පත් කර තිබෙනවා. ඒ වගේම දේවාලයේ කපු තනතුර සඳහා දුටු ගැමුණු රජතුමාගේ යෝධයෙකු වූ නන්දිමිත‍්‍ර පත් කළ බවත් සඳහන් වෙනවා.

හින්දූන්ගේ පූජනීය පුරවරය

වර්ෂ 1873 වන විට කතරගම හඳුන්වා තිබෙන්නේ හින්දූන්ගේ පූජනීය පුරවරය ලෙස බවට ඉංගී‍්‍රසි ජාතික හර්බට් වයිට්ගේ වාර්තාවක දැක්වෙන බව සඳහන් වෙනවා. ලංකාව පුරා හින්දු සංස්කෘතිය ප්‍රචලිත වීම මහනුවර යුගයේදී සිදු වුණා. ඉන්දීය වතු කම්කරුවන් ලංකාවට ගෙන්වීමද මෙසේ ප්‍රචලිත වීමට හේතුවක් වනවා. ඒ වගේම කතරගම මහ දේවාලයේ පළමු පුජකවරයා ලෙස වාර්තා වන්නේ කලණනාථ යන තැනැත්තෙකුයි.

මතවාද

හයින්ස් වෙචර්ට් සහ පෝල් යන්ගර්ට පවසන්නේ කතරගම දෙවියන් උදෙසා පවතින මේ භක්තිය ස්වදේශීය වැදි ජනතාවගේ පුජා විධි වලින් පැවත එන බවයි. ඒ වගේම කතරගම පිහිටා තිබෙන වැඩිහිටි කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය විදිහට වැදි ජනතාව විශ්වාස කරනවා. ඒ අනුව දෙවියන් මෙරටට පැමිණීමෙන් පසු දේශීය වැදි නායකයාගේ දියණිය ලෙස හඳුන්වන වල්ලි නම් කාන්තාව සමඟ විවාහ වී තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් එම ස්ථානයේ ලැගුම් ගන්නා ලද බවටත් මොවුන් විශ්වාස කරනවා.

මුල් ඉතිහාසයේ සඳහන් වන්නේ දෙමළ කතිරකම්ම නම් වූ කතරගම ස්කන්ධ මුරුකන් උදෙසා පැවති පූජනීය ස්ථානයක් ලෙසයි. ඒ වගේම මේ බව අරුණගිරිනාතර් විසින් රචනා කරන ලද ඇදහිලි පිළිබඳ කවියක සඳහන් වන බව දැක්වෙනවා.

මුස්ලිම් පුරාවෘතය

මුස්ලිම් වරුන්ට අනුව කතරගම අල් කදීර්ට හෝ අල් කදීර්ගේ බිමට සම්බන්ධ ස්ථානයක් ලෙස සඳහන් වනවා. ඒ වගේම මුස්ලිම් පල්ලියක් හා මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයක්ද පවතින බව සඳහන් වෙනවා.වල්ලි අම්මා දේවාලයට යාබදව මුස්ලිම් දේවස්ථානය පිහිටා තිබෙනවා. ඒ වගේම මෙම දේවස්ථානය ඉදි කිරීම සිදු කර ඇත්තේ ක්‍රි. ව. 1873 දී පකීර්වරුන් යනුවෙන් සැලකෙන ඉන්දියාවෙන් පැමිණි මුස්ලිම් පිරිසක් බව සඳහන් වනවා.

යටත් විජිතයක් බවට පත් වීමට පෙරාතුව අවසාන ස්වදේශීය රාජධානිය වූ උඩරට රාජධානියේ රජවරුන්ගෙන් අනුග්‍රහය මේ සඳහා ලැබී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධස්ථානයේ ප්‍රසිද්ධිය වැඩි වී තිබෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවෙන් රැගෙන ආ යටත් වාසින්ද මෙම සිද්ධස්ථානයේ වන්දනා මාන කටයුතු කර තිබෙනවා. සිද්ධස්ථානය සෑම පුද්ගලයෙක් අතරම ප්‍රසිද්ධ වීම මෙමඟින් සිදු වුණා.

ඒ වගේම පුජ්‍ය ස්ථාන කීපයක එකතුවක් වන අතර කතරගම දෙවියන් නමින් හඳුන්වන ස්කන්ද මුරුකන් උදෙසා පවත්වනු ලබන පුද පුජා ඉතාමත් වැදගත් වනවා. ශ්‍රී ලාංකීය බෞද්ධයන් මෙම දෙවියන් දේශීය දෙවියෙකු මෙන් අදහනු ලබනවා. මේ සමාන ස්ථානයක් මුරුකන්ට දෙමළ ජනතාව අතරද හිමි වන බව සඳහන් වනවා. කතරගම ගැන සම්බන්ධයෙන් වන විස්තර ලිපියකට සීමා කිරීම අපහසු දෙයක් වනවා. කොහොම වුනත් කතරගම පුද බිම මෙන්ම, කතරගම පෙරහැර තුළින්ද ජාතියේ සමගිය පෙන්නුම් කරනවා.

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළ...