Wednesday, June 5, 2019

යෝනි සුන්නතට එරෙහිව සටන්වදින සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාව.

ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්.
තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු කාන්තාවන් පරම්පරා ගණනාවක් එම වේදනාවට මුහුණ දුන් බවයි යස්මින් අහමඩ් පවසන්නේ.
වර්තමානයේ ඇය කාන්තා යෝනි සුන්නත් කිරීමට එරෙහිව හඬ නගන ක්‍රියාධාරිනියක්.
සිය මව සහ මිත්තණියට මුහුණ දීමට සිදු වූ වේදනාබර අත්දැකීම ඔස්සේ, යස්මින් මේ ලොවට හඬ නගා කියන්නේ සෝමාලියාවේත්, තවත් අප්‍රිකානු රටවල් ගණනාවකත් කාන්තාවන් විසි එක් වන සියවසේ පවා මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳ කතාවයි.
"එතකොට මට වයස අවුරුදු හතයි. මාව යෝනි ඡේදනයට ලක් කරපු දවසට කලින් දවසෙත් මම සෙල්ලම් කරමින් හිටියේ. මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ," යස්මින්ගේ මව අයීෂා මුහම්මද් සිය දිවියේ මුහුණ දුන් ඒ වේදනාබර දිනය මතකයට නැගුවේ එලෙසින්.
'වේදනාබර මතකය'
"මම කවදාවත් දැකල නැති ගැහැණු තුන් දෙනෙක් එකපාරටම මාව අල්ල ගත්තා. ඒ අය අතේ රේසර් බ්ලේඩ් තියෙනවා මම දැක්ක. මම තිගැස්සුණා. ඊට පස්සේ ඒ අය මට කරන්න යන දේ කිව්වා. එක් ගැහැනියක් මගේ වම් අත අල්ල ගත්තා. තව කෙනෙක් අනිත් අත. අමු අමුවේ මගේ ශරීරයේ කොටසක් කැපෙනව මට දැනුණා; මට ඇහුනා," යස්මින්ගේ මව පවසන්නීය.
මවත් දියණියත් ඒ සංවාදයේ යෙදුනේ යස්මින් ගේ මිත්තණිය හබීබා ඔස්මාන් ඉදිරිපිටදී.
සිය මිනිබිරිය මෙන්ම ඇයත් අද වන විට යෝනි සුන්නත් කිරීමේ චාරිත්‍රයට එරෙහි වුවත්, එදා ඊට එකඟ වනු හැර තමන්ට විකල්පයක් නොතිබූ බවයි මිත්තණිය පවසන්නේ.
"තමන්ගේ දරුවා යෝනි සුන්නත් කිරීමට ලක් කළේ නැතිනම්, මිනිස්සු දොස් කිව්වේ මව්වරුන්ට. 'දැක්කද, අර කෙල්ලගේ කපල නෑ; ඒකි නරක කෙල්ලෙක්' කිය, කිය අනිත් කෙල්ලෝ කොල්ලෝ ඒ දරුවට වද දෙනවා. ඉතින් දරුවෝ අපේ ළඟට අඬා ගෙන එනවා. එතකොට අපිට ඒ දරුවාව සුන්නත් කරන්න සිද්ධ වෙනවා."
'වයස හතයි'
යෝනි සුන්නත් කිරීමට වැරදිකරු බවට තීරණය කෙරුණහොත් බ්‍රිතාන්‍යයේදී එයට වසර 14 ක් දක්වා වූ සිරදඬුවමක් නියම කළ හැකියි. එවැනි නීතියක් පවතින නමුත් බ්‍රිතාන්‍යය තුළ පවා මේ අමානුෂික චාරිත්‍රය තවමත් ක්‍රියාත්මක වේ.
"ඒක අපේ සංස්කෘතියට බද්ධ වෙලා තිබුණ දෙයක්. ගෑණු දරුවෙකුගේ සුන්නත් නොකළොත් 'අන්න අරයගේ සුන්නත් කරලා නෑ' කියා කියා අනිත් අය එයාට අපහාස කරනවා. සුන්නත් කරපු කෙල්ලෝ අනිත් කෙල්ලන්ට සමච්චල් කරනවා."
එහි අදහස එදා තමා ජීවත් වූ සමාජයේ දැරියන් සහ කාන්තාවන් ඇතුළු සියලු දෙනා මොළ සේදීමකට ලක් කෙරී තිබුණාද යන්න දැයි යස්මින් විමසූ විට මිත්තණියගේ පිළිතුර වූයේ 'ඔව් මොළ සෝදලා තිබුණා' යන්නයි.
"ඔයාගේ අම්මව සුන්නත් කරන කොට එයාට වයස අවුරුදු හතයි. අනිත් අයට තරම් එයාට අමාරු වුනේ නෑ. මම එයාට කටු පාවිච්චි කළේ නෑ. අම්මගේ අක්කට ඊට වඩා ගොඩක් අමාරු වුනා."
'අමානුෂික චාරිත්‍රය'
සුන්නත් කිරීමෙන් අනතුරුව තමාට දින ගණනාවක් කැසිකිලි යාමට පවා නොහැකි වූ බව පවසන යස්මින් ගේ මව අයිෂා මුහම්මද්, වේදනාව හේතුවෙන් තමන් මුත්‍රා කිරීමෙන් වැලකී සිටි බව සඳහන් කළාය.
යම්කිසි දිනෙක තමාට දාව උපන් දියණියක සුන්නත් කිරීමට ලක් කළ යුතු යයි තමා විසින් ඉල්ලා සිටියහොත් ඒ සඳහා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි යස්මින් සිය මවගෙන් විමසා සිටියාය.
ඊට එරෙහි වී එය වළකාලන බව තරයේ කියා සිටින යස්මින්ගේ මව සිය උත්සාහය අසාර්ථක වුවහොත් ඒ පිළිබඳ බලධාරීන්ට පැමිණිලි කිරීමට පවා නොපැකිලෙන බවයි පවසන්නේ.
සිය උත්සාහය දඬුවම් ලබා දීම නොව මෙම අමානුෂික චාරිත්‍රයට නැවතීමේ තිත තැබීම බවත් අයිෂා මුහම්මද් අවධාරණය කරන්නීය.
('බීබීසී ලෝක සේවයේ සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂාංගයේ තුන්වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් ලියැවුණු යෝනි සුන්නත් කිරීමට ලක් කෙරුණු කාන්තාවන් දෙදෙනකුගේ සහ ඊට එරෙහිව සටන් වදින යස්මින්ගේ කතාවයි ඒ

ඔබ කැමතිද මරණ දඩුවම හිමිවන වරදක් කරන්න..

මම එහෙම කිව්වොත් බොහෝ දෙනාගේ හිතට එන්නේ බරපතල වරදක් විය යුතුය.. එහෙත් ඔබ දන්නවාද ඉස්ලාම් ආගම අතහැර පලායෑමට දඩුවම මරණ දඩුවම බව.. මරණ දඩුවම හිමිවන බව දැන පලායාමට මොන තරම් කටුක ජීවිතයක් එසේ පලායන පුද්ගලයන්ට ලැබෙනවා ඇත්ද? :-/

මේ කතාවේ කතානායිකාව රහෆ් මොහොමඩ් සෟදි ජාතික නව යොවුන් තරුණියයි. සෞදි අරාබියේ සිට තායිලන්තයට පලායන ඇය ගුවන්තොට ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලට ලක්වෙනවා . නැවත සෞදි අරාබියට පිටුවහල් කිරීමට සුදානම්ව සිටියදි ඇයට සහය වෙනවා Human Rights Watch සංවිධානයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධක්ෂක පිල් රොබට්ස් මහත්මා.. "ඇයි මා රහෆ්ට උදව් කලේ?" යනුවෙන් නම්කල ලිපියකින් පිල් රොබට්ස් මහත්මා මෙසේ සදහන් කර තිබෙනවා. රහෆ් හා මා සම්බන්ධ වන්නේ දුරකතන ඇමතුමකින්. එම ඉරිදා දිනයේ මා හට දුරකතන ඇමතුම සම්බන්ධ කල වේලාව සාමන්‍යෙයෙන් Human Rights Watch සංවිධානයේ කිසිවෙකුත් කතානොකරන වේලාවක්.. මා හිතුවා ලොව කොතනක හෝ කිසියම් පුද්ගලයෙකුට ලොකු අකරතැබ්බයක් වෙන්නැති කියල මේ වෙලාවේ දුරකතන ඇමතුමක් එන්නේ කියල.. දුරකතන ඇමතුම සම්බන්ධ කල පාර්ශවය කියා සිටියා "මහත්මයා තායි නිලධාරින් සෞදි අරාබියානු තරුණියක් රදවා තබාගෙන සිටිනවා. ඔබ කැමතිද ඇය හා කතා කරන්න" යනුවෙන් පැවසුවා. මගේ කැමැත්ත මත රහෆ් මා සමග සම්බන්ධ වෙනවා. එතැන් පටන් දිග හැරුනේ ලොව වාසය කරන සියලු රහෆ්ලා ට වැදගත් වන කතාවක්.. ඒ සෞදි අරාබියානු ආගමික පිඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ කතාවයි. "කරුණාකර මට උදව් කරන්න, මගේ ජීවිතය අනතුරේ" රහෆ් අනෙක් අන්තයෙන් හඩ අවධි කලා. ඉන්පසු මා ඇයට ප්‍රශ්න කීපයක් යොමු කරමින් ඇගේ තත්වය වටහාගැනීමට උත්සහ කලා. එහිදි ඇය පවසා සිටියා ඇයට ඇගේ පවුලේ සමාජිකයන්ගෙන් විදින්නට සිදුවූ අඩන්තේට්ටම්.. කොණ්ඩය කැපු වරදට මාස හයක් ඇයව ඇගේ කාමරයේ හිරකර තබා තිබෙනවා.හිජාබය ඇදිම යාඥා කිරීම ප්‍රතික්ෂේප කල නිසා නිරතුරුව පහරකෑම් වලට ලක්ව තිබෙනවා. "මට බයයි පිල්.. ඔවුන් මා ගෙන්වා ගතහොත් මා මරා දමාවී" යනුවෙන් ඇය අවසානයේ ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ක්‍රියාත්මක වෙමින් මා තායි නිලධාරීන්ට කතා කර ඇයගේ කතාව පිලිබද විශ්වාසයක් ඔවුන් තුල ගොඩ නගන්නට උත්සහ කලා. මේවන විටත් ඇය ට්විටර් හරහා ඇයගේ තත්වය ප්‍රකාශ කර සිටියත් මාද්‍යවේදීන් මෙම සිද්ධිය ආවරණය කරනවාද නැද්ද යන දෙගිඩියාවෙන් පසු උනා.. මා මාධ්‍ය ආයතන වලට කතා කළා, ඔවුනට අවශ්‍ය විස්තර පුරවා දුන්නා. ඒ සමගම ඔවුන්ගේ ජාත්‍යන්තර වාර්තාකරුවන් තායිලන්තය බලා පිටත්ව යෑම ඇරඹුවා. තායිලන්තයට ලගා වු ඔස්ට්‍රේලියා ගුවන්විදුලියේ Sophie McNeil කුමන බාදාවන් පැමැණියත් සිද්ධිය වාර්තා කිරීමේ අදිටනින් පසුඋනා. මෙහි ලගා වු වැදගත්ම කණ්ඩායම වූයේ එක්සත් ජාතීන්ගේ සරණාගත එජන්සියයි. මේ වන විට රහෆ් ටුවිටර් හරහා ලබා දුන් ප්‍රසිද්ධිය නිසා ආගම හැරයාමේ වරදට නියත මරණ දඩුවම හිමි⁣විමේ අවධානමේ පසුවුනා. තායි නිලධාරීන්ගේ ඉතිහාසය බැලු විට තත්වය වඩා දරුණු බව පෙනීගියා.. හේතුව මෙවැනි අනවසර සංක්‍රමණිකයන්ට ඔවුන් ක්‍රියාත්මක කරන දැඩි ස්ථාවරයි, ඒ අතරේ රහෆ් නැවත සෞදි අරාබියට එවන්නැයි සෞදි අරාබියානු එම්බසිය බලපෑම් කරමින් තිබුණා. ක්ෂණිකව ක්‍රියතේමක වූ මා UNHCR හි තායිලන්ත නියෝජිතයා සම්බන්ධ කරගනිමින් රහෆ් සිටිනා අවධානම් සහගත තත්වය පැහැදිලි කර දුන්නා. වාසනාවකට ඔහු මා තේරුම්ගත්තා. නමුත් සරණාගත තත්වය මැයට ලබාදීමට තායි රජයේ අවසරය අවශ්‍ය බව ඔහු කියා සිටියා. මේ වන විට රහෆ්ට ඉතිරිව තිබු කාලය වේගයෙන් ගෙවි යමින් තිබුණා. තායි රජයේ තිරණය එනතෙක් බලා සිටිය නොහැකියි.


පසුදින සවස පහට රහෆ් සිරවී සිටි හෝටලයේ සිට නැවත මා සමග සම්බන්ධ උනා. පොලීසිය ඇවිත්, මට කතාකරනවා දොර අරින්න කියල, මම දොර අරින්නද? ඇය පැවසුවා. මා ඇයට පැවසුවා ඔබ කුමන දේ කලත් දුරකතනය නැති කරගන්න එපා.. ඔබලේ ජීවිතය රැදී තිබෙන්නේ ඒ මත කියල.. පැය කීපයක් යන තුරු ඇය සමග තිබු සමබධතාවය බිද වැටුනා. මා හිතුවා ගුවන්තොට සිරමැදිරියකට ඇයව රැාගන ගියාවත්ද කියල. එය එසේ නම් අපට හැකියාවක් නැති වෙනවා ඇයව බේරගන්න. වාසනාවකට මෙන් ඇය නැවත හෝටලයට පැමිණ ට්විටර් මගින් දන්වා තිබුණා පසුදිනයේ ප.ව 11:15 ඇයව පිටුවහල් කරන බවට.. දැන් අපට කාලරාමුවක් තිබෙනවා 11:15ට පෙර සියල්ල අවසන් කල යුතුයි.

නමුත් UNHCR ආයතනයක මේ වන විටත් ප්‍රගමනයක් ලබා තිබුනේ නෑ කැනෙඩියානු, ජර්මානු, නේදරලන්ත එම්බසි වලින් තායි නිලධාරීන් හා සම්බන්ධ වුවද ඔවුනටද යහපත් ප්‍රතිචාර ලැබී තිබුනේ නෑ. පසුව රහෆ් මට පණිවිඩයක් එව⁣ෙ තිබුනා.. මට බයයි පිල් මට තව ටික වේලාවයි තියෙන්නේ කියල.. මම ඇයට කිව්වා ඔස්ට්‍රෙලියානු වාර්තාකාරීනි Ms. Sophie එනවා මේ ගැන ලෝකයටම කියන්න. මතක තියගෙන්න ඔයා හිතනවට වඩා යාලුවො ගොඩක් ඔයාට ඉන්නවා කියල.. ඒ අතරවාරයේ Ms. Sophie ආරක්ෂක නිලධාරීන්ට හසු නොවන පරිදි රහෆ් සිටි කාමරයට පැමිණ තිබෙනවා. ඇය රහෆ් පිලිබද විඩියෝ සහිත සමපුර්ණ විස්තරයක් පලකරන්නේ UNHCR ආයතනාය් නිලධාරීන් පැමිණෙන තුර දොර නොහරින බවට ප්‍රකාශයක්ද සමගයි.ඉන්පසු එලෙඹි මිනිත්තු 90ක කාලය මේ දෙපලට ඉතා අපහසු කාල සිමාවක් උනා. තායි නිලධාරීන් බල කර සිටියා දොර අරිනලෙස.. ඔවුන් දිගින්ලදිගටම පවසා සිටියා UN එක පැමිණෙන තුර දොර නොහරින බව... මේ අතරේ BBC,CNN,Reuters වාර්තාකරුවන් හොටලයේ ලොබිය ආක්‍රමණය කර තිබුනා.. සියලු දෙනාගේ අභිප්‍රාය වුයේ රහෆ් යෑමට නියමිතව තිබු ගුවන් යානය රහෆ් නොමැතිව පියාසර කරවීමටයි. මේ ප්‍රයත්නය සාර්ථක වි අදාල ගුවන් යානය පිටත් කර හැරීමට තායි බලධාරීන්ට සිදුවුනා. මේ වන විට ලොව වටින්ම තායි බලධාරීන්ට දුරකතන ඇමතුම් එමින් තිබුනා. මේ අස්වැසිල්ලේ තායි නිලධාරීන්ට අවකාශ ලැබුනා තත්වය ගැන අවබෝධයකට එන්න.. පසුව තායි ආගමන විගමන කොමසාරිස් Surachate මහතා ප්‍රකාශයක් නිකුත් කලා මෙය පවුල් ප්‍රශනයක් නොවේ. ඒ නිසා අප රහෆ්ව මව් රටට ආපසු යවන්නේ නෑ. තායිලන්තය සිනහසෙන මිනිසුන්ගේ දේශය රහෆ්ව නපුර තියන තැනට යවන්නෑ කියල..

මේ අතරේ කැනේඩියානු රජය ඉදිරිපත් වුනා රහෆ්ව කැනඩාවට ගෙන්වාගෙන නව නවාතැනක් සකසා දෙන්න. මානසික සේම ශාරීරික අඩන්තේට්ටම් වලට ලක්වූ රහෆ්ට සැබැ නිදහස හිමි වන බව මා දුටුවේ ඇය ටොරන්ටෝ ගුවන්තොටුපලට පැමිණි ඡායාරූප දුටුවායින් පසුවයි. රහෆ් නිර්භිත යුවතියක්. ඒ නිර්භිත කමනිසයි ඇයට නිදහස ලැබුනේ යනුවෙන් පිල් රොබට්ස් මහත්මා පවසා තිබුනා.

Monday, May 20, 2019

මිනිස් ජීවිත බේරූ මරාගෙන මැරෙන බෝම්බකාරිය

අයිෂා නිහඬවම ටික දුරක් ඉදිරියට ඇවිදගෙන ගියාය. ඇයට මිනිසුන් මරා දමන්නට උවමනාවක් නැත. එහෙත් ඇය අසරණය. කරන්නට දෙයක් නැත.

බඳ වටා බැඳ තිබුණු බෝම්බයේ බර නිසා ඇවිද ගන්නටවත් බැරි තරම්ය. ඩෙටනේටරය දෙසට ඇඟිලි තුඩු යවමින් ඇය සිතුවේ එක දෙයක් ගැන පමණය.


“මේකෙන් ගැලවෙන්නේ කොහොමද..?”

තම කුඩා බඳ වටා බැඳ ඇති මේ පටිය ගලවා ගන්නා ක්‍රමයක් ඇය දන්නේ නැත. ගලවා ගන්නට උත්සාහ කරන්නටත් බයය. කොහොමත් ඇයට මරණය නියතය.

“කමක් නෑ. මං කොහොමත් මැරෙනවනෙ.. අනිත් අයවවත් බේරන්න ඕන.. මං කිසිම කෙනෙක් නැති තැනකට ගිහින් මේක පුපුරව ගන්නවා..”

ආයිෂා සිතා ගත්තාය.

ආයිෂා දොළොස් හැවිරිදි දැරියකි. වයඹ දිග නයිජීරියාවේ ඈත ගම්මානයක උපන් ආයිෂාට ජීවිතය එතරම් සුවපහසු එකක් වූයේ නැත. ඒ ගම්වල හැම කෙනකුටම වාගේම ආයිෂාගේ ජීවිතයද දුප්පත් කමින් පීඩිත වී තිබිණි.

එහෙත් දුප්පත් කමටත් වඩා අයිෂාලාගේ ජීවිත පීඩනයට පත් කළේ යුද්ධයයි. බොකෝහරාම් ඉස්ලාමික ත්‍රස්ත කණ්ඩායම නිසා දැන් වසර අටක් තිස්සේම නයිජීරියාව යුද පිටියකි.

ඒ යුද්ධයෙන් වැඩියෙන්ම බැට කන්නේ නයිජීරියාවේ අහිංසක සිවිල් මිනිසුන්ය. කුඩා දැරියක වීමම නයිජීරියාවේදී මරණයට අත වැනීමක් විය. බොකෝහරාම් ත්‍රස්තයින් බොහෝ විට තමන්ගේ මරාගෙන මැරෙන බෝම්බකාරියන් බවට පත් කරගත්තේ බලහත්කාරයෙන් ගම්වලින් අල්ලා ගන්නා ලද කුඩා දැරියන්වය.

මේ ලෙසින් පැහැරගන්නා දැරියන් බොහෝ විට වයස අවුරුදු පහළොවටත් අඩු දැරියන්ය. ඉන්පසු බලහත්කාරයෙන්ම ඔවුන්ගේ සිරුරට බෝම්බ ගැට ගසන ත්‍රස්තයෝ, ඔවුන්ගේ සිරුරු වැසෙන සේ දිගු කළු ලෝගුව අන්දවා සෙනග ගැවසෙන තැන්වලට ඒ දැරියන්ව යවන්නේ බෝම්බය පුපුරුවාගන්නැයි තර්ජනය කරමිනි. පසුගිය වසර ගණනාවක් තිස්සේ නයිජීරියාව පුරා තැන් තැන්වල සිය ගණනක් බෝම්බ ප්‍රහාරයන් බොකෝහරාම් ත්‍රස්තයින් විසින් එල්ල කරන ලද්දේ මේ ආකාරයටය.

ඒ අවාසනාවන්ත ඉරණම ආයිෂාවද සොයාගෙන පැමිණි දිනයක් විය.

ඒ දිනයේදී ආයිෂාලාගේ ගම්මානයටද බොකෝ හරාම් ත්‍රස්තයින් කඩා වැදුණහ. මුළු ගම්මානයම වෙඩි හඬින් භීතියට පත් කළ ත්‍රස්තයෝ, පණ බේරාගන්නට ඒ මේ අත දුව යන මිනිසුන්ව අල්ලා කපා කොටා මරා දැමූහ. මේ ප්‍රහාරයෙන් ආයිෂාගේ අම්මාද මිය ගියාය.

එහෙත් ගමෙන් පලාගොස් දිවි ගලවා ගන්නට ආයිෂාටත්, ඇගේ මල්ලීටත්, තාත්තාටත් හැකි විය.

එහෙත් ඔවුන්ටත් ඒ හැටි වාසනාවක් ඉතිරිව තිබුණේ නැත. පලා යමින් උන් මේ තිදෙනාව මගදීම බොකෝහරාම් ත්‍රස්තයින් විසින් අල්ලා ගනු ලැබිණ.

ආයිෂාගේ තාත්තාව ඔවුහු එතැනදීම මරා දැමූහ. තාත්තාව මරා දැමූ ත්‍රස්තයෝ දරු දෙදෙනා පැහැරගෙන අසල වනාන්තරයේ වූ බොකෝහරාම් කඳවුර වෙත ගෙන ගියහ.

පහුවදාම “මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු” බවට පත් වෙන්නට ආයිෂාගේ හත්හැවිරිදි පුංචි මල්ලීට සිදුවිය.

“ඔයා මේ යන්ඩ හදන්නෙ ලෝකෙ තියෙන හොඳම තැනට..”

ආයිෂාගේ මල්ලීගේ සිරුර වටා බෝම්බය ගැට ගසමින් ත්‍රස්තයා කීවේය.

“ඒ කියන්නෙ අපිව ආපහු ගෙදර එක්කගෙන යනවද..?” “බෝම්බය” හෝ “මරාගෙන මැරෙන ප්‍රහාරය” යන වචන ගැනවත් අවබෝධයක් නොතිබුණු ඒ පුංචි දරුවා ඇසුවේය.

“නෑ.. ගෙදරටත් වැඩිය හොඳ තැනකට.. ස්වර්ගයට.. නරක මිනිස්සුන්ව මරලා දැම්මම ඔයා ස්වර්ගයට යනවා..”

ඔවුහු එසේ කීහ. ස්වර්ගයට යාම කෙසේ වෙතත් ඒ බෝම්බයෙන් මල්ලීගේ පුංචි සිරුර කැබලි කැබලිවලට කැඩී යන බව ආයිෂා නම් දැනගෙන උන්නාය. එහෙත් ඇය අසරණය. ඇයට කරන්නට හැකිවූයේ නොනවත්වා වැලපීම පමණකි. එයින් පසුව මල්ලී ගැන ආරංචියක් ලැබුණේ නැත. ආයිෂාව කඳවුරේ උන් එක් ත්‍රස්තයකු වෙත ගෙන යනු ලැබිණ.

“කෙල්ල නියමයි…”

කුඩා ආයිෂාගේ හිසේ සිට දෙපතුලට කෑදර බැල්මක් හෙළූ ඒ ත්‍රස්තයා කීවේය.

“අද උඹ මාව කසාද බඳිනවා. මං කියන විදිහට වැඩ කරන්ඩ ඕන..”

ත්‍රස්තයා රලු ලෙසින් ආයිෂාට කීවේය.

ආයිෂා දැන උන් විදිහට නම් “කසාද බඳිනවා” යනු ඉස්කෝලේ ගමන ඉවර වීමය. ඇයට එහෙම කරන්නට කැමැත්තක් නැත. ඇය පාසැල් යන්නට හරිම කැමතිය.

“බෑ.. මට බෑ.. මට කසාද බඳින්න බෑ..”

ඇය දිගින් දිගටම හැඬුවාය. ත්‍රස්තයාට කේන්ති ගියේය.

“උඹට මේකට වන්දි ගෙවන්ඩ වෙයි..”

ඔහු ආයිෂාට තර්ජනය කළේය.

“හෙටම මේකිව “මිෂන්” එකකට යවනවා..!”

ඔහු එතැන උන් සාමාන්‍ය බොකෝහරාම් ත්‍රස්ත සෙබළාට අණ දුන්නේය.

ඉතින් පහුවදාම ආයිෂාට ඇවිදින බෝම්බයක් බවට පත් වීමට සිදු විය.

දැන් ඇය මේ ඉදිරියට ඇවිදගෙන යන්නේ ඒ බෝම්බයත් සිරුරේ බැඳගෙනය. මේ හරියේ මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් ගැවසෙති. හමුදා කඳවුර ඇත්තේ ඊට ඔබ්බෙනි.

කාත් කවුරුවත් නැති පාළු හරියකට යන්නට නම් හමුදා කඳවුරත් පසු කොට තවත් දුර යා යුතුය.

අඩිය ඉක්මන් කර ඉදිරියට ඇදෙන ආයිෂාට ඇඬුම නවත්වා ගන්නට බැරිය. තවත් විනාඩි කිහිපයකින් හෝ පැයකින් දෙකකින් තමාගේ ජීවිතය අහිමි වන බව ඇයට හොඳටම විශ්වාසය. ඉතින් ඇය ඇඬුම් නවතා ගන්නේ කොහොමද..? ඇයට අම්මා මතක් වී ඇඬුම් එයි. ඊළඟට තාත්තා මැරුණු හැටි මතක් වෙයි. බෝම්බය පිපිරී කෑලි කැඩී විසිරෙන මල්ලීගේ මොලකැටි සිරුර මතක් වෙයි.. තවත් සුළු මොහොතකින් තමාටද ඒ ඉරණමම අත් වෙන බව බව මතක් වෙයි.. මේ සියල්ලම නිසා ආයිෂා එක දිගටම ඇඬුවාය. අඬමින්ම වේගයෙන් ඉදිරියට ගියාය.

“ඇයි දරුවෝ ඔයා මේ අඬන්නෙ..?”

ඇය අඩමින් යනු දුටු එක් වැඩිහිටියෙක් ඇයගෙන් අසන්නට නැවතුණේය. ඇය කළේ පිළිතුරක් නොදී ඉදිරියට දිවීම පමණකි.

හැකි තරම් දුර දිවූ ඇය වෙහෙස නිසාම නතර වන විට පේන මානයේ වූයේ හමුදා කඳවුරය. ත්‍රස්තයින් තමාව එව්වේ මේ කඳවුර පුපුරුවා හරින්නටය. ඇයට තවත් තදින් ඇඩේන්නට විය.

කඳවුර අසල මුරකාවලෙහි උන් සෙබළු මේ අඬන දැරියව දුටුවහ. ඔවුහු දැරිය දෙසට එන්නට වූහ.

තමන් දෙසට එන හමුදා සෙබළුන් දුටු ආයිෂා බියපත් වූවාය. ඇය ඈත තියාම කෑ ගසා කතා කළාය.
“අනේ මගේ ළඟට එන්න එපා.. උන් මගේ ඇගේ බෝම්බයක් බැඳලා තියෙන්නෙ.. ඒත් මට ඕගොල්ලන්ව මරන්න ඕන නෑ.. මං අර ඈතින් තියෙන කැලේට ගිහින් මේක පුපුරවා ගන්නම්.. අනේ මගේ ළඟට එන්න එපා..”

ආයිෂා හමුදා සෙබළුන්ට ඇහෙන්නට කෑ ගැසුවාය.

මුහුණට මුහුණ බලාගත් හමුදා සෙබළු මදකට නැවතුණහ. දැන් ඔවුන් තමන්ට වෙඩි තබනු ඇතැයි සිතූ ආයිෂා තදින් ඇස් දෙක පියා ගත්තාය. වෙඩි හඬක් ඇසෙන තුරු බලා උන්නාය. එහෙත් එවැන්නක් ඇසුණේ නැත.

එහෙත් කටහඬක් ඇසුණි. ඒ හඩ කාරුණිකය.

“බය වෙන්න එපා දරුවෝ.. අපි ඔයාව බේරගන්නම්..”

ඒ හමුදා සෙබළෙකි.

“ඔහොම ම බිම දිග ඇදෙන්න.. මූණ බිම අතට..”

ඔවුහු ඇයට කරන්නට අවශ්‍ය දේ ගැන උපදෙස් දුන්හ. ඇය කීකරුව ඔවුන් කී දේ කළාය. සෑහෙන පරිශ්‍රමයකින් පසු බෝම්බය ඇගේ සිරුරින් ඉවත් කොට නිශ්ක්‍රිය කොට දැමිණ.

ආයිෂාව බේරාගත් හමුදා සෙබළුන් විසින් ඇයව අවතැන් වූවන්ගේ කඳවුරක රැකවරණයට භාර කරන ලදී. අද ඇය ඒ අවතැන් කඳවුරේ කල් ගෙවන්නීය.

ආයිෂා.. ඒ දොළොස් හැවිරිදි පුංචි දැරිය, ස්වර්ගය ගැන නොසිතා මිනිසුන්ගේ ජීවිත ගැන සිතුවාය. ස්වර්ගය සැබවින්ම අයිති එවැන්නන්ටය.

"සර්, අද අපි කොහෙද බලන්නෙ ?"

ඒ ඊයෙ පෙරේදා ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ යම් කිසි කඳවුරක නිලධාරියෙකුට ලැබුණ දුරකථන ඇමතුමකි.

"සර් පර්මිෂන් තියනවනං අපිට පුළුවන් අපායෙන් හරි බඩු ටික එළියට ඇදල ගන්න."
නොතේරෙන වයසකදී ජීවනෝපාය ලෙස හමුදාව තෝරාගත්තත් මේ වන විට රට රැකීම ජීවිතයම කරගෙන සිටින නිලධාරියාට කොල්ලන්ගෙ මේ උද්‍යෝගය හිතට බරකි.


"ඇයි බං ඒ?"
මගේ ඒ සුපුරුදු ප්‍රෂ්නය ඔහුව පීඩාවට පත් කරන බව දැන දැනම මම ඇසුවෙමි.

"උඹ දන්නෑ බං අපේ කොල්ලො ඔය ආයුද හොයන්න බහින ජරා ගොඩවල්. ඒවායෙ බැහැල ඇවිල්ල ආයෙ වේලක් දෙකක්වත් යනකන් කෑමක් කන්න බෑ. ඒ තරං ජරාව. උන් කන කට්ට දැක්කහම ඉන්ෆොමේෂන් තිබ්බත් දෙන්න හිතෙන්නෑ බං."

"උඹ මාර මනුස්සයෙක්නෙ. එහෙම කලොත් රස්සාවත් ගහල යනව. අනික රටේ මිනිස්සු නිස්කාරණේ මැරිල යනවනෙ බං."

"රස්සාවනං වැඩක් නෑ බං. මේක අපි කරන්නෙ රස්සාවට නෙවෙයි. අනික අපේ කොල්ලො මුංව අල්ලන් එනවා, ඇතුළට දානවා, ඒ දාල කොල්ලො ටික කෑම්ප් එකට යන්නත් කලිං උන්ට ඇප හම්බ වෙලා එළියට එනවා. කොහෙන් ගියත් උන් දිණුම්. ඉතිං කොහොමද බං වැඩක් නැති බව දැන දැන අපේ එවුන්ව ජරා ගොඩවල් වලට දාන්නෙ?"

කලකට පසුව දුරකථන සංවාදයකදී මම මොහොතකට පරාජය භාරගතිමි.

"උඹ දන්නවද සුහාරා මේවයෙ තියන ජරාව? අපි යන්නෙත් නහයවල් වහගෙන. එහෙම ඒවට පැනල ඒ දහ ජරාව නාගෙන මුං එළියට එද්දි මහ පුදුම හැඟීමක් දැනෙනවා මචං."

ඒ හැඟීම මාද දන්නා බව ඔහු දනීයි. මගේ ලිවිල්ල ගැන දන්නා ඔහු ඔහුගේ රැකියාව කිසි දාක මා හා සාකච්ඡා නොකරයි. එවන් ප්‍රතිපත්තියක සිටි මගේ මිත්‍රයාට මේ සිදු වූ දෙය මටද පුදුමයකි. හෙණ පිට හෙණ ගැහුවත් කට කොණකට හිනහවක් නගාගෙන තමන්ගේ වැඩේ කරගන්නා ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගල්කාඩයෙකි. ඒ කාෂ්ඨකයා මේ තරම් හැඟීම්බර වෙනවා ගෙවුනු වසර ගණනාවටම මා දුටු පළමු වතාවයි මේ.

"අපි කියල නෙවෙයි බං, උන් බලෙන් කතාකරල ඉන්ෆොමේෂන් ඉල්ලගෙන යන්නෙ. උන්ට අමතර සල්ලි දෙන්නෑ මේ කුණු දහ ජරාවල් වල හුස්ම අල්ලං පැය ගණන් ලගින්න. සල්ලි ඕන්නෑ බං අගය කිරීමක්වත් නෑනෙ."

ඔහුගේ කතාව ආවේගශීලීය. ඒවා මැවි මැවී පෙනෙද්දී මගේ රුධිරයද උණුසුම් වීගෙන යනවා මට දැණුනි. මළපහ පවා පාවෙන සමහර ඇල මාර්ග වල වතුරට සාපේක්ෂව 50-50 තිබෙන්නේ මළ මුත්‍රා ය. ඒවාටම හැරවෙන නොදියුණු වැසිකිළි මාර්ග ඇහැට පෙනි පෙනීම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒවායේ ගිලෙන්නේ පඩියට හෝ ප්‍රසිද්ධියට නොවේ. ඔවුන් මළපහ නාගෙන ආයුධ සිය ගණනක් සමග එළියට ආවද අත්පොලසන් දෙමින් ඔවුන්ව පිළිගන්නට එකෙක් නැත. ඉන්නේ ඔවුන් මෙන්ම මළමුත්‍ර නාගෙන කිමිදුණ අනෙක් සහෝදර හමුදා භටයක් කිහිප දෙනා පමණි.

රසායනික ද්‍රව්‍ය, මළ මුත්‍රා මෙන්ම අනෙකුත් අපද්‍රව්‍යද රැඳි එම වතුර වලට නිරාවරණය වීමෙන් ඔවුන්ට වැළඳිය හැකි ලෙඩ රෝග කොපමණදැයි ගණන් කල නොහැක. සෞඛ්‍යය පසෙකින් තබන්න. එවන් විසබීජ සමග කාලයක් තිස්සේ ගැවසීමෙන් ඔවුන්ගේ ආයුෂ ද අඩු වෙයි. නමුත් රට රකිනා ආශීර්වාදයෙන් අදටත් මේ ජරාවේ කිමිදී ත්‍රස්ථවාදීන් විසින් සැඟවූ අවි ආයුධ ගොඩට ගෙන එන්නට ඔවුන්ට ශක්තිය ඇත.

මිනීමරු ත්‍රස්ථවාදි සැකකරුවන් ජීප් වල දමාගෙන ගොස් පොලීසියටත් තග දමා ඇපත් ඉල්ලා දී මිනිස්සුන්ගේ බදු මුදලින් ගත් ජීප් එකේම ත්‍රස්ථවාදීන්ව ආරක්ෂිතව ප්‍රවාහනය කරන දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම් වැනි නපුංසකයන් බලයේ ඉන්නා විට මෙවන් නිලධාරීන්ට වචනයක් හෝ කියන්නට අපට අයිතියක් නැත. මාස දෙක තුනකට වරක් නිවාඩු යමින්, අලුත විවාහ වූ බිරින්දෑවන් ගෙදර තනිකර දමමින්, අසනීප දෙමව්පියන් මෙන්ම තම දරුවන්ගේද සැප දුක නොදකිමින් මෙවන් නිලධාරීන් කැලෑවල් මෙන්ම ගංගා වැව් පොකුණු ළිං අස්සේත් ඔවුන්ගේ රාජකාරි කරයි. නමුත් රටේ නීතිය කඩ කරමින්, තමන්ට ඡන්දය දෙන ඡන්ද දායකයන්ගේ ජීවිත උකස්ගන්නා ඇමතිවරුන්ට ඒවා ගාණක් නැත.

ප්‍රහාරයක් වන බව දැන දැන මිනිසුන්ව දැණුවත් නොකල හරීන් ප්‍රනාන්දුට මෙන්ම ඔහුගේ පියාටද, ඒවා දැන දැනත් කිසිදු පියවරක් නොගත් ජනාධිපති, අගමැති ඇතුළු සියළුම කාලකණ්නි දේශපාඥයන්ටත් මිය ගිය සිය ගණනක් දෙනාගේ ලේ වලට කෙදිනක හෝ වන්දි ගෙවන්නට සිදුවනවාට සැක නැත.

තිබෙන නීතියත් නමාගෙන ජෝගි දාන ආණ්ඩුවේ ඊළඟ පිම්ම යෝජිත ප්‍රති ත්‍රස්ථ පනත් කෙටුම්පතයි.

දැනට ඇති නීතියට අනූව ත්‍රස්ථවාදී සැකකරුවෙකු අත්තඩංගුවට ගත් පසු පැය 72ක් යන තෙක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකර ප්‍රෂ්න කිරීමට පොලීසියට අවසර ඇත. නමුත් අගමැති රනිල් විසින් ගෙන එන ප්‍රති ත්‍රස්ථ හුචක්කුවට අනූව ඕනෑම ත්‍රස්ථවාදී සැකකරුවෙකු අත්තඩංගුවට ගත් පසු පැය 24ක් ඇතුළත ඔහුව අධිකරණයට ඉදිරිපත් කල යුතු ය. එමෙන්ම අත්තඩංගුවට ගැනීමෙන් පැය 24ක් ඇතුළත ඒ බව මානව හිමිකම් කාර්‍යාලයට දැනුම් දිය යුතු ය. ඔවුන් පැමිණෙද්දී සැකකරුවන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබිය යුතු අතර කුමන හේතුවක් නිසා හෝ සැකකරුවෙකුට හීරීමක් හෝ සිදුව තිබුණ හොත් අත්තඩංගුවට ගත් නිලධාරියාට අපරාධ නීතිය යටතේ නඩුවක් ෆයිල් කිරීම අනිවාර්‍ය වේ. එමෙන්ම ත්‍රස්ථවාදියා රඳවාගෙන සිටින තැනට මානව හිමිකම් හෙන්චයියන්ට ඕනෑම වෙලාවක යාමේ බලය හිමි වේ.

ඕනෑම ඇප නියමකිරීමක් දැනට පවතින නීතියට අනූව කල හැක්කේ නීතිපතිට හෝ අධිකරණයට පමණි. නමුත් රනිල්ගේ ප්‍රති ත්‍රස්ථ පනතින් ඕනෑම ත්‍රස්ථ සැකකරුවෙකුට ඇප නියම කිරීම පොලිස් ස්ථානාධිපතිට කල හැක. ශ්‍රී ලංකා පොලීසියේ සියළු ස්ථානාධිපතිවරුන්ට නීතිවේදී උපාධිය ඇතැයි මා නොසිතමි. එමෙන්ම පගාව නොගන්නා ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම්ද අනිවාර්‍ය බව මා දනිමි. ඒ නිසා ම පනතින් පසුව ඇපල් බාගන්නා ත්‍රස්ථ මාමිලා ඊළඟට අමුඩයක් ගසාගෙන ගොවිතැන්බත් කරමින් ජීවත් වෙතැයි මම බලාපොරොත්තු වෙමි.

රනිල් ගේන්න දඟලන යෝජිත ප්‍රති ත්‍රස්ථ පනත මෙය ලියන මොහොතේ මගේම මේසය උඩ ඉඳගෙන මට නියවයි. එහි ඇති දේශප්‍රේමී ල් කෝප කරවන තවත් වගන්තියක් මට මතකයට ආවේ ඒ සමගය.

අලුත් පනතට අනූව අත්තඩංගුවට ගත් ත්‍රස්ථවාදියා අතින් කටින් බෝම්බ එල්ලාගෙන ආවද ඔහු විදෙස් ජාතිකයෙක්නං ඔහුට විරුද්ධව මෙරට නඩු පැවරීමට ඔහුගේ මව් රටෙන් ශ්‍රී ලංකාව අවසර ගත යුතුය. එම රටෙන් අවසර නොදුනහොත් අර කිලෝ ගාණක බෝම්බයක් බැඳගෙන ආ ත්‍රස්ථවාදියාට ටටා බායි කියා ඔහුව නිදහස් කල යුතුය. වෙනත් විදිහකට නම් ශ්‍රී ලංකාව ආරක්ෂා කරන ආරක්ෂකයන් අපිව මරාගෙන මැරෙන්නට එන ත්‍රස්ථවාදීන්ට සැළකිය යුත්තේ මහත්වරුන්ට මෙන් ය. සරලවම කීවොත් රනිල්ට අනූව ත්‍රස්ථවාදීන්ගේ ඉදිරි සැලසුම් ගැන දැනගන්නට නම් පොලීසියේ මහත්තුරු ඔවුන්ගේ තනේ ත්‍රස්ථවාදියාගේ කටේ ගසා කිරි පෙවිය යුතු ය.

මෙ තරම් තදට නීතිය ඇති වෙලේද යහපාලන අනුහසින් අත්තඩංගුවට ගන්නවාටත් වඩා වේගයෙන් ත්‍රස්ථවාදීන් නිදහස් වෙන විදිහ බලද්දී නීතිය තවත් විකෘති වූ විට කුමක් සිදු වේ දැයි ඔබට සිතාගත හැකිද?

ඉතිං රනිල්... ඔබ නපුරු ය... ඔබ හුඟක් නපුරු ය. සැප දෙනවා කියා දෙන්නේම දුක ය. ත්‍රස්ථවාදීන් සොයා යන අපේ කොල්ලන් විඳවන දුක් ඔබට ගාණක් නැත. බෝම්බ පිපිරුවද රකින්නට දරුවෙක් නැති ඔබට සුටුස් ගා පිට රටකට පැන ගත හැක. එමෙන්ම බෙට්ට හැලෙන සැණෙකින් ලෙව කා ඔබේ පසුපස පිරිසිඳු කරන යූඑන්පී වහල්ලුන්ට පිං සිදුවන්නට දේශපාලනයේ ඔබේ ස්ථාවරය නියත ය.

නමුත් ඔබ විසින් විනාශ කරන මගේ රටේ ස්ථාවරය ?

උපුටා ගැනීමකි.

Thursday, May 16, 2019

කව්ද මේ අයිඑස් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩී ?

ජොර්දාන ජාතික අබු මුසාබ් අල් ෂර්කාවි විසින් 1999 බිහි කළ ජමාට් අල් තව්හිඞ් වල් ජිහාඞ් නම් සංවිධානය වර්තමානයේ අයිඑස් නමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් ත්‍රස්ත සංවිධානය බිහිවීමට මුලපුරන ලදී. පසුව ලොව පුරා විසිරී සිටි සෞදි අරාබිය කේන්ද්‍රකොටගෙන දියත් වූ වහාබ්වාදී සුන්නි ගෝත්‍රවලට අයත් ත්‍රස්ත සංවිධාන එක්ව ‘මුජහිදීන් සුරා කවුන්සලය’ බිහිකර ගත්හ.එහිදී මුලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ අබු මුසාබ් අල් ෂර්කාවි විසිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ඇමෙරිකන් විරෝධී දැඩිමතධාරීයෙකු විය. ඉරාන ඉරාක යුද්ධයේදී පවා ඔහු ඇමරිකන් ඉත්තෙක් බවට පෙරලා ගැනීමට සිඅයිඒ සංවිධානය පවා අසමත් විය. මෙම සිදුවීම් පාධක කොටගෙන ඊශ්‍රායෙල් මොසාඩ් සංවිධානය හා සීඅයිඒ සංවිධානය අතර ඇතිවූ එකඟතාවයකින් මෙම ත්‍රස්ත සංවිධානය වනසා තමන්ට නම්‍යශීලී නායකත්වයක් එහි රික්තයක පිරවීමට සොයමින් සිටියේය. ඇමෙරිකානු අපේක්ෂාවන් මුදුන් පත් කරමින් 2006 ජුනි 7 වැනි දින අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් අබු මුසාබ් අල් ෂර්කාවි ඝාතනය විය.

ඉන් අනතුරුව 2006 ඔක්තෝබර් 12 වැනි දින මුජහිදීන් සුරා කවුන්සලය විසින් තම ත්‍රස්ත ක්‍රියා අඩපන වීම වලකාලීමට සුන්නි මුස්ලිම් ගෝත‍්‍ර සයක් සමඟ නමින් ‘මුතයිබීන් සන්ධානය’ නමින් නව සන්ධානයක් ගොඩ නැඟීීය. එම කවුන්සිලය වෙත සම්බන්ධ වූ සුවිශේෂි පුද්ගලයකු විය. ඉරාන ඉරාක යුද්ධය තුල ඉරානයේ ෂියා රජයට එරෙහිව සදාම් හුසේන් ගේ හමුදාවේ ප්‍රබල සටන්කාමියෙකු ලෙස කැපී පෙනුණු අබු ඔමාර් අල් බග්ඩාඩි කවුන්සිලයේ එමීර් වරයා බවට පත් විය. ISIS නමින් ප්‍රසිද්ධියට පත් පසු කලෙක ලොව ධනවත්ම හා කෘරතම ත්‍රස්ත සංවිධානයේ උපත සිදු වුයේ එසේය. ලොව පුරා ත්‍රස්ත මෙහෙයුම් දියත් කිරීමේ අරමුණෙන් තව තවත් ප්‍රහාරකයින් තම සංවිධානයට අනුයුක්ත කරගනු ලැබිය. එහි වගකීම ඉටුකරන ලද්දේ සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කල අබුු අයුබ් අල් මස්රි විසිනි. ඔහු විසින් තවත් ඉරාක ඉරාන යුද්ධයේදී හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කල අබු බකර් අල් බැග්ඩෑගී නම් තරුණ සටන්කරුවා සංවිධානයේ ඉහල නායකත්වයට අනුයුක්ත කරන ලදී. 2010 අපේ‍්‍රල් 18 වැනිදා ඉරාක සහ ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අබුු අයුබ් අල් මස්රි සහ අබු ඔමාර් අල් බග්ඩාඩි ඇතුළු 40 දෙනෙකු පමණ අනපේක්ෂිත ප්‍රහාරයකින් මරා දැමුණි. එහෙත් අබු බකර් අල් බැග්ඩෑගී නම් තරුණ සටන්කරුවාඑම ස්ථානයේ නොසිටියේය. තම සංවිධානයේ ජෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටි අබු බකර් අල් බැග්ඩෑඩී,එනම් වර්තමානය දක්වාම IS නායකත්වය ලොව අංක එකේ ත්‍රස්ත නායකයා බවට තෝරාපත් කර ගත්තේය.

මොසාඩ් හා ඇමෙරිකානු ශුක්ෂම සැලසුමක ප්‍රතිපලයක් ලෙස ලොව දරුණුතම ත්‍රස්ත සංවිදානයේ නායකත්වයට තම හිතෛෂී පුද්ගලයෙකු ඇතුලත් කරනු ලැබුවේ අබු බකර් අල් බැග්ඩෑඩී ලෙසින් පෙනී සිටි යුදෙව් සම්භවයක් ඇති Elliot Shimon නම් නාට්‍යශිල්පියාය. ඊශ්‍රායෙල් මොසාඩ් රහස් ඔත්තු සේවය විසින් ඉතා විධිමත් තාක්ෂණික පුහුණුවක් ලබා දීමෙන් පසුව චරපුරුෂ සේවයට අනුයුක්ත කල අතර, මනෝවිද්‍යාත්මක යුධඋපක්‍රම පිළිබඳව හසල දැනුමක් ලබාගත්තේය. ඉන් පසුව ඉරාන ඉරාක යුද්ධය තුලදී ඉරාක හමුදාවේ භාතිස්ට් හමුදා බලඇණියට අනුයුක්තව කටයුතු කල අතර, යුද්ධයෙන් පසු සමයේදී සදාම් හුසේන් ගේ හමුදා හැරගිය ඉහල පෙලේ හමුදා නිලධාරීන් හරහා ගල්ෆ් කලාපයේ ඉස්ලාම් අන්තවාදී කල්ලි පුහුණු කිරීම් කටයුතු වල පවා රහසිගතව ඇතුලත් කර ඇත. බැග්ඩෑග් නගරයේ පිහිටි ඉස්ලාම් ධර්මය මුලිකකොටගත් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලැබූ ඔහු ඉස්ලාම් ධර්මය පිළිබඳව උපාධියක්ද හිමිකරගෙන ඇත. ගල්ෆ් කලාපයේ වහාබ් ත්‍රස්ත කල්ලි සමග ඇතිකරගත් විශ්වාසනීයත්වය ‘මුතයිබීන් සන්ධානයේ ඉහල නායකත්වයට පැමිණීමට මග විවර විය. යුදෙව් ජාතික Elliot Shimon පසු කලෙක IS ත්‍රස්ත සංවිධානයේ වර්තමාන නායකයා ලෙස පිළිගැනෙන අබු බකර් අල් බැග්ඩෑඩී බව පළමු වරට ලොවට අනාවරණය කරන ලද්දේ ඇමෙරිකානු බුද්ධි තොරතුරු මාධ්‍යට හෙලිකල දැනට රුසියාවේ පිටුවහල් ජීවිතයක් ගත කරන Edward Snowden විසිනි.

‘මුතයිබීන් සන්ධානයේ ප්‍රඥාප්තියට අනුව අල්ලා දෙවියන් ඉදිරියේ සපථ කරමින් කියා සිටියේ තම විරුද්ධවාදීන් වන ෂියා මුස්ලිම්වරුන් විනාශ කරන බවකි. එනම් ඉරානය ප්‍රමුඛ ෂියා නිකායයි. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙම සංවිධානය දෙස ඇසගසා සිටි ඉරාන බුද්ධි අංශ විසින් Emir Daash නම් යුදෙව්වෙකු පිළිබඳව ඉව වැටී දිගින් දිගටම රහසිගත විමර්ශනයක නිරත විය. අබු බකර් අල් බැග්ඩෑඩී පිළිබඳව ඇති දෙවෙනි අනාවරණය සිදුවන්නේ එතැන් සිටය. Emir Daash යනු දීර්ඝ කාලයක් තිස්සේ අරාබි ලෝකයේ ත්‍රස්ත සංවිධාන හා ගනුදෙනු කල මොසාඩ් ඉහල පෙලේ ඔත්තුකරුවෙකි. පසු කලෙක Ibrahim ibn Awad ibn Ibrahim ලෙසද තවත් යුගයකදී Al Badri Arradoui Hoseini.ලෙසද ගල්ෆ් කලාපයේ පෙනී සිටි බව අනාවරණය කරගෙන ඇත. ඊශ්‍රායෙල් සියොන්වාදීන්ගේ ඒකායන පාර්තනය වන මැදපෙරදිග කලාපය තුල සියොන්වාදී රාජ්‍ය ඇති විශාල භුමි ප්‍රමාණයක් දක්වා විහිදවීමයි.ඒ වෙනුවෙන් ඉස්මතුවන ප්‍රධාන බාධාවන් වන්නේ ඉස්ලාම් රැඩිකල් සන්නද්ධ ව්‍යාපාර වල නැගී සිටීමයි. මොසාඩ් ඔත්තු සේවාව විසින් එකී ක්‍රියාකාරකම් අඩපන කර , ඒවා විනාශ කර දැමීම පිණිස චරපුරුෂ සේවය ඉතා දියුණු තාක්ෂනික හා මනෝ විද්‍යාත්මක ක්‍රමයන් තුලින් විවිධ පුද්ගලයින් නිර්මාණය කළේය. එය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාවට නැගු අතර, මේ වන විට මැදපෙරදිග කලාපයේ දියත් වුනු අල්කයිඩා ,හිස්බුල්ලා වැනි සංවිධානය සමතලා කර දැමීමට සමත් වුයේ යුද්ධයෙන්ම පමණක් නොවේ. ඒ සියල්ලේම ශාරය එක් අක්ෂයක් තුලට ගෙන ඒමට ඇමරිකාව හා ඊශ්‍රායෙලයේ රහස් ඔත්තු සේවා සමත් විය. ඉස්ලාම් රාජ්‍යයේ කලිෆාවක් වෙනුවෙන් පෙනී සිටින IS නම් සංවිධානය අබු බකර් අල් බැග්ඩෑඩී ගේ නායකත්වයෙන් බිහි වන්නේ සීඅයිඒ - මොසාඩ් ඒකාබද්ධ ප්‍රයත්නයක ප්‍රතිපලයක් වශයෙනි . තෙල් වෙනුවෙන් ගෙනය ඇමෙරිකානු යුද්ධයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කරනු ලබන්නේ IS ත්‍රස්ත සංවිධානය විසිනි. ඉරාකය, ලිබියාව , සිරියාවපොදිපට්ටම් කර දමා යලි කිසි දිනක නැගී සිටීමට නොහැකි දුර්වල රාජ්‍යයන බවට පෙරලා දැමීමට IS සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී ඇමෙරිකාව ප්‍රමුඛ කඳවුරට මහත් පිටුවහලක් විය. පසුගිය සමයේදී ඉරාකයෙන් ඇමෙරිකන් හමුදා ඉවත් වීමත් සමගම අබු බකර් අල් බැග්ඩෑඩී මිය ගිය බවට පෙන්ටගනය ප්‍රකාශයක් කලද, පසුගිය මස 25 වෙනි දින මිනිත්තු 55 ක් පුරා දිව යන හඬ පටය මගින් සිය අනුගාමිකයින් අමතා කතා කළේය. එතෙක් කලක් ඔහු සිටි ස්ථානය පිළිබඳව සීඅයිඒ සංවිධානය හා මොසාඩ් සංවිධානය හැර දන්නේ කවුරුන්ද ?

ඉරාකයේ හා සිරියාවේ ඇමෙරිකානු මෙහෙයුම් අවසන් වීමත් සමගම IS සංවිධානයද" පරාජයට " පත් වී ඇත. මෙම සංවිධානය තම සාමාජිකයින් සටනට කැඳවීම සිදු කරන්නේ අන්තර්ජාලය ඔස්සේය. ලොව පුරා විවිධ රටවල ස්ථානගතව සිටින ඔවුන් කිසිවෙකු තම නායකත්වය සැකයට බඳුන් නොවන සේ බුද්ධි විරේකයක් ලබාදී ඇත. අබු බකර් අල් බැග්ඩෑඩී ගේ නියමයෙන් ලොව ඕනෑම ස්ථානයක සටන් කිරීම වෙනුවෙන් ඔවුන් දිවුරා ඇත. පාස්කු 21 වෙනි දින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ සහරාන් නම් මිලේච්ච ත්‍රස්තවාදියා සමග සිටි තවත් අට දෙනෙකු දිවුරා සපථ වන්නේද එකී පොරොන්දුවයි. ලොව කොතනක හෝ තවත් ඇමෙරිකානුවන් ගේ බලය හා ධනය වෙනුවෙන් කෙරෙන යුධමය වාතාවරණයක් නිර්මාණය කරන ප්‍රමුඛයා වන්නේ IS ත්‍රස්ත කල්ලියයි. යුධමය වාතාවරණයක් නිර්මාණය කිරීමට අවැසි යටිතල පහසුකම්න් වශයෙන් කලාපිය වශයෙන් හෝ රටවල් වශයෙන් වහාබ්වාදයෙන් පෝෂණය වූ තෞහිත් ජමාත් වැනි කුඩා කන්ඩායම් පෝෂණය කරනු ලබයි. ලොවටම පිලිලියක් වූ අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සැබෑ මුහුණුවර ඉස්ලාම් දහම විකෘති කරගනිමින් මනෝරාජික ලෝකවල අතරමන් වී ඇති වයස 15 සිට 30 දක්වා සිටින තරුණ තරුණියන් මෙතෙක් වටහා නොගැනීම ලොවට මහත් ශාපයක් ගෙන දී ඇත.

හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් මැකේන් සමග 2013 දී සිරියාවේදී කල සාකච්චාවකදී හෙළි වූ චායාරුප පෙලක්ද Radio ajyal.com වෙබ් අඩවිය විසින් නිකුත් කර තිබුණි. කවයකින් සටහන් කර ඇත්තේ එයය



Monday, May 13, 2019

IS ත්‍රස්තවාදියෙකුට සුළුදිය පහවන අන්දමේ භීතියක් ඇතිකරවන "කාන්තා ආරක්ෂණ අංශ" (YPJ)


ලොව ම්ලේච්ඡම ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS (ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය) නැතහොත් IS (ඉස්ලාමික රාජ්‍යය) හි සටන්කාමියෙකුට සිය ත්‍රස්තවාදී ජීවිතයේදී මුහුණ දීමට සිදුවිය හැකි බියකරුම දේවලින් එකක් වන්නේ හුදෙක් මියයාම නොව, ගැහැණියක අතින් මියයාමට සිදුවීමයි. IS ත්‍රස්තවාදියෙකුට සුළුදිය පහවන අන්දමේ භීතියක් ඇතිකරවන ස්ත්‍රීන් මෙළොව ජීවත් වේ නම් ඒ කුර්දි ගෝත්‍රික සටන්කාමී කාන්තාවෝ වෙති. නිරය සහ ස්වර්ගය යනු සත්‍යයකි යන ඇදහීම මත, ගැහැණියක අතින් මියයෑම යනු නින්දාවට හේතුවක් පමණක් නොව, ඔවුන් සෘජුව නිරයට ගෙන යෑමක් බව IS සාමාජිකයින්ගේ විශ්වාසය වෙයි. ස්වර්ගයේදී ලැබෙන කන්‍යාවන් 72 ක් අහිමි වීම ඔවුන්ගේ භීතියට මුලික හේතුව වෙයි.


කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත්, "කාන්තා ආරක්ෂණ අංශ" (YPJ) යන නමින් හැඳින්වෙන මෙම ක්‍රියාකාරී කාන්තා සෙබළියෝ මුලික වශයෙන් උතුරු සිරියාවේ ක්‍රියාන්විතයේ නියැළී සිටිති. කාන්තාවන් 7,000 සිට 10,000 දක්වා සංඛ්‍යාවකින් YPJ සමන්විත වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 18 සිට 25 දක්වා වේ.

පැහැදිළිවම පෙනෙන ආකාරයට, කුර්දි ගෝත්‍රික කාන්තා සෙබළියන් සමග සටනට පිවිසීම IS සටන්කාමීන්ගේ ඉමහත් භීතියට හේතු වෙයි. IS ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවන කාන්තාවකට අත්වන ඉරණම කුර්දි කාන්තා සෙබළියෝ හොඳින්ම දනිති. ඔවුන්ගේ යටත්වීමක් කිසිවිටෙක සිදු නොවේ. එබැවින් කුර්දි කාන්තා සෙබළියෝ සටන්බිමේදී පිරිමි සෙබළුන්ට වඩා ඉතා කාර්‍යක්ෂමශීලී වන අතර බිහිසුණු ඉදිරිපෙළ සටන්කාමීන් බවට පත්වෙති. මේ දක්වා ඔවුන්ගේ යුධමය සහභාගීත්වය කිසිදු අපකීර්තියකට භාජනය වී නොමැත. කාන්තා සෙබළියන් තුල තම පවුල, හිතමිතුරන්, සහ නිජබිම කෙරෙහි ඇති දැඩි ඇල්ම ද මීට දායක වෙයි.

සඳහන් කළයුතු විශේෂ කරුණ වන්නේ ඔවුන්ගේ ආගම ඉස්ලාමය වුවද අන්තගාමී විශ්වාස මුළුමනින්ම බැහැර කිරීමයි. සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ දකින්නට නොලැබෙන කාන්තා විමුක්තිය, තීරණ ගැනීමේ හැකියාව, වගකීම සහ සමානාත්මතාවය ඔවුන් අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙයි.

YPJ යනු ප්‍රධාන බලකායන් දෙකින් එකක් වන අතර, අනෙක් බලකාය, "මහජන ආරක්ෂක අංශ" (YPG) නමින් හැඳින්වේ. YPG සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි සටන්කාමීන් ද අයත් වෙයි. පොදුවේ ගත්කල මෙම බලකායන් දෙකම කුර්දි ගෝත්‍රිකයින්ගෙන් සමන්විත වන අතර අනෙකුත් සුළුතර ජනවාර්ගික කණ්ඩායම්ද ඇතුලත් වෙයි.

කුර්දි ගෝත්‍රික ජනතාව නිශ්චිත රාජ්‍යයකට හිමිකම් නොකියන ලොව විශාලතම ඩයස්පෝරාවන් ගෙන් එකක් වෙයි. තුර්කිය, ඉරානය, ඉරාකය, සිරියාව සහ ආර්මේනියාව යන රටවලට කඳුකර ප්‍රදේශවල මිලියන 35 ක් පමණ කුර්දි වැසියන් ජීවත් වේ.



රුසියානු බිස්ලන් පාසලේ ප්‍රාණ ඇපකරැවන් මුදා ගැනීමේ මෙහෙයුම...

එදා 2004 සැප්තැම්බර් මස පළමුවන දිනය විය.දිගු නිවාඩුවකින් පසු රැසියාවේ උතුරැ ඕසෙටියා කලාපයේ බිස්ලන් පාසලේ අවසාන වාරය පටන් ගැනීමේ මුල් දිනයයි.සාමාන්‍යයෙන් වෙනත් දිනවල පාසලේ ගුරැවරැන් සහ සිසුන් 800 ක් පමණ සිටියද එදින සාම්ප්‍රදායික ආරම්භක දැනුම දිනය වු හෙයින් එහි දෙමව්පියන් ඇතුලුව 1100 ක පිරිසක් වුහ.

උදෑසන 9.11 ට ට්‍රක් රථයකින් සහ ජීප් රථයකින් රැසියානු හමුදා ඇදුමින් සැරසි පැමිණි අතිශයින් සන්නද්ධ රියාද් අස් සලිහීන් සංවිධානයේ ඉස්ලාමීය ජාතික ත්‍රස්තවාදීන් 34 දෙනෙකු විසින් පාසලට වෙඩි තබමින් ඇතුලු වී සියල්ලන්ම පාසල් ගොඩනැගිල්ල තුල සිර කර ප්‍රාණ ඇපයට ගන්නා ලදී.

ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම් වුයේ චෙච්නියා භූමියෙන් රැසියන් හමුදා ඉවත් වීම,චෙච්නියාව නිදහස් රාජ්‍යක් ලෙස එක්සත් ජාතීන් පිලිගැනීම සහ රැසියානු හමුදා අත් අඩංගුවේ සිටින ඉස්ලාමීය ත්‍රස්තවාදීන් නිදහස් කිරිමයි.

දින දෙකකට අධික කාලයක් පුරා ත්‍රස්තවාදීන් හා ක්‍රෙම්ලීනය අතර පැවති අසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් පසු එවකට රැසියානු ජනාධිපති වැලද්මීර් පුටින් රැසියානු හමුදා විශේෂ ඒකකයට නියම කලේ ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කොට පිරිස මුදා ගන්නා ලෙසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුලු ත්‍රස්තවාදීන් විස්මයට පත් කරමින් රැසියානු හමුදා විශේෂ බළකාය විසින් බලාපොරොත්තු නොවු ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් පැය 2 ක මෙහෙයුමක් මගින් සිසුන් ඇතුලු පිරිස මුදා ගනු ලබනවා.මෙම මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් සියල්ල මරා දැමුවද ළමයින් 186 ක් ඇතුලු 334 දෙනෙකුගේ ජිවිතද ඔවුනට අහිමි වෙනවා.

පසු දින තුවාල ලැබුවන් බැලීමට රෝහල වෙත යන පුටින් ඔවුන් සමග රැදෙමින් ඔවුන් ධෛර්යමත් කරන අතර මියගිය සිසුන්ගේ සහ පුද්ගලයින්ගේ ඥාතීන් ජනාධිපති මැදුරට කැදවා ඔවුනට ශපථ වන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා සොයා විනාශ කර දමන බවයි.

ප්‍රහාරයෙන් සතියකට පසු ප්‍රහාරයට නන් අයුරින් උපකාර කළ රැසියාව තුළ රැදී සිටින ඉස්ලාමීය ජාතිකයින් 27 දෙනෙකුගේ අති රහසිගත ලැයිස්තුවක් ජනාධිපති පුටින් වෙත රැසියානු බුද්ධි අංශ මගින් ලබා දෙනවා.ප්‍රහාරයෙන් සති 3 ක් ඉක්ම යද්දී මෙම ලැයිස්තුවේ සිටි පුද්ගලයින් සියල්ලම අභිරහස් ලෙස මිය ගොස් හෝ අතුරැදහන් වෙනවා.මේ අතර ප්‍රහාර වලට පෙර හදුනා ගන්නා ත්‍රස්තවාදීන් සොයා ගොස් විනාශ කිරීමට බුද්ධි අංශවලට හැකි වන ලෙස අණ පණත් පාර්ලිමේන්තුවේ සම්මත කර බුද්ධි අංශ ශක්තිමත් කිරීමටද පුටින් පියවර ගන්නවා.

මෙම සිද්ධියත් සමග රට පුරා ජනතාව අතර පුටින් ජනතාව ආරක්ෂා කරන බවට විශ්වාශයක් ගොඩ නැගෙනවා.ඔහුගේ ජනප්‍රියත්වයද සීඝ්‍රයෙන් ඉහළ යනවා.කෙසේ නමුත් සුපුරුදු පරිදි ජාත්‍යන්තර ප්‍රජාව මෙම සිද්ධියට ජනාධිපති පුටින් වෙත ඇගිල්ල දික් කරනවා.පුටින් ජාතිය අමතමින් ජාත්‍යන්තරයට මෙසේ උත්තර දෙනවා.

"මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයේදී මිය ගිය මාගේ රට වැසියන් වෙත මාගේ ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර මාගේ මව්බිම ත්‍රස්තවාදීන්ගෙන් තොර ආරක්ෂාකාරී බිමක් බවට පත් කරන බවද ඔබට දිවුරමි.කෙසේ නමුත් මාගේ දේශයට පැමිණ මගේ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කේවල් කිරීමට සැරසෙන ත්‍රස්තවාදීන් කුමන වේශයක් ගෙන පැමිණියද ත්‍රස්තවාදීන් හෝ ඔවුන්ගේ සහයකයින් හොදින් සිහි තබා ගත යුත්තේ ත්‍රස්තවාදීන් සමග මට කිසිදු සාම කථාවක් නොමැති බවයි. ත්‍රස්තවාදීන් සමග ක්‍රියා කළ යුතු ආකාරය ගැන අනෙකුත් රාජ්‍යන්ගේ උපදෙස් අපට නුවුමනා අතර ඒ සදහා අපට අපගේම ක්‍රමවේදයක් ඇති බවද ඔවුනට මතක් කිරීමට කැමැත්තෙමු."


යෝනි සුන්නතට එරෙහිව සටන්වදින සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාව.

ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්. තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු ...