Wednesday, May 23, 2018

පේරු රටේ පැහෙන ජලය ඇති ගංගාව

සියවස් ගණනාවක් පුරා, දකුණු අමෙරිකාවේ වෙසෙන පේරු වැසියන් ඇමේසන් වනාන්තරයේ ඉතා උණුසුම් ජලය ඇති මාරක ගංගාවක් ගැන කථා කරති. පුරාවෘත්තයට අනුව, ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් රත්රන් සෙවීම සඳහා වැසි වනාන්තරය තුලට අවදානම් ගමනක් ගියද, ආපසු පැමිණි ස්වල්ප දෙනා විෂ සහිත වතුර, මනුශ්‍යයන් ගිලින සර්පයන් හා පහළ සිට ඉහළට පැහෙන ජලය සහිත ගංගාවක් ගැන පැවසූහ.

පේරු හි භූ විද්‍යාඥයෙකු වන අන්ඩ්‍රේස් රූසෝ (Andrés Ruzo) ට, එම මිත්‍යා කතාව ඔහුගේ ළමා කාලයේ සිටම සිත් ගත්තේය. නමුත් පේරුරටේ භූ විද්‍යාත්මක බලශක්ති විභවයන් පිලිබඳව වූ ඔහුගේ PhD ව්‍යාපෘතිය සම්පූර්ණ කරන තුරු ඔහුට පුරාවෘත්තයේ සඳහන් වන ගඟ ඇත්තටම සැබෑවක් විය හැකි දැයි විමසා බැලීමට නොහැකි විය. කරුණු විමසූ සෑම අවස්ථාවකම විද්වතුන්ගේ සුපුරුදු පිළිතුර වූයේ "නැත" යන්නයි. උණුසුම් ජලය සහිත ගංගා ලොව විරල නොවූවද, ඒ සෑම උණුසුම් ගංගාවක්ම ගිණි කන්දක් ආශ්‍රිතව පිහිටා තිබේ. නමුත් ඇමේසන් වැසි වනාන්තරයේ ගිණි කඳු නැත.


ඉන්පසු ඔහු එක්සත් ජනපදයේ ටෙක්සස් හි දකුණු මෙතෝදිස්ත සරසවියේ අධයයන අවධියේදී පේරූහි තාප සිතියමක් නිර්මාණය කරමින් සිටියදී, මහාද්වීපයේ දැකිය හැකි වැඩිම උණුසුම් කළාප අතළොස්සෙන් එකක් අසාමාන්‍ය ලෙස ඇමේසන් වැසි වනාන්තරය තුළින් සොයාගත්තේය.

2011 දී රූසෝ ඔහුගේ නැන්දා සමග ඇමේසන් වැසි වනාන්තරයට ගමන්කළ අතර, පුරාවෘත වල සඳහන් වූ කීර්තිමත් ගංගාව ඔහුගේම ඇස්වලින් දුටුවේය.

ඔහුට විශ්වාස කළ නොහැකි පරිදි ගංගා ජලය බොහෝ උණුසුම් විය. ඔහු මුලින්ම කළේ සිය උෂ්ණත්වමානය මගින් ගංගා ජලයේ උණුසුම මැනීමයි. ගංගාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 86 ක් විය. එය නටන ජලයේ උෂ්ණත්වය නොවූවත් අනිවාර්යයෙන්ම ඊට ආසන්නය ගංගාව තවදුරටත් පුරාවෘතයක් නොවේ. වඩාත්ම ප්‍රහේළිකාව වූයේ එහි විශාලත්වයයි. උණු දිය උල්පත් අසාමාන්‍ය දෙයක් නොවේ. ඒවා ලෝකයේ අනෙක් ප්‍රදේශ වලද මෙම උෂ්ණත්වයට සමාන විය හැකි වුවද, ගඟේ ප්‍රමාණයට ආසන්න කිසිවක් නැත. ගඟ මීටර් 25 ක් දක්වා පළලකින් සහ මීටර් 6 ක් ගැඹුර වෙයි. කිලෝමීටර් 6.24 ක් දිගය.

ගංඟාව ආසන්නතම ගිනිකඳු පද්ධතියෙන් කිලෝ මීටර් 700 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එහි උෂ්ණත්වය කිසිසේත්ම පැහැදිළි කල නොහැකිය. සැබවින්ම එය ලොව එවැනි එකම ගංගාව වේ. ගඟට පුදසත්කාර කරන දේශීය ජනතාවගේ අවසරය ඇතිව, රූසෝ පසුගිය වසර පහක කාලය තිස්සේ ගංගාව, අවට පරිසර පද්ධතිය සහ විද්‍යාගාර ජල පරීක්ෂණ අධයයනය කර ඇත.

පැහැදිලිවම, රූසෝ ගඟ සොයා ගත් පළමුවැන්නා නොවන අතර, එහි ස්වදේශීය නාමය වන Shanay-timpishka යන්නෙහි අදහස වන්නේ "හිරු රශ්මියෙන් තම්බන ලද" යන්නයි. එමෙන්ම ගඟේ උෂ්ණත්වය පිළිබඳව විමතියට පත් පළමුවැන්නා ද ඔහු නොවේ.
https://youtu.be/yRNwHoc7bq0






No comments:

Post a Comment

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැ...